ඔය Degreeය ඉවරකරන්නෙ කවදද, ? කසාදයක් බදින්නෙ නැද්ද, ? තාම ලමයි නැද්ද, ?

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අමාරුවෙන් ලැබෙන දෙය හැම විටම ශ්‍රේෂ්ඨයි…"මගේ කාලය පැමිණේ. එය පොළොවේ මතුපිටට වැදුණු විට මිනිසුන් ප්‍රශංසා කරනු ඇත."

ඔන්න එකෝමත් එක රටක ඇතින්නියක් සහ බැල්ලියෙකු එකවර ගැබ් ගත්තේය. මාස තුනකට පසු බැල්ලි බලු පැටවුන් හය දෙනෙකු බිහි කළේය. මාස හයකට පසු, බැල්ලි නැවත ගැබ්ගෙන ඇති අතර, මාස නවයකදී ඇය තවත් බලු පැටවුන් දුසිමක් බිහි කළේය. මේ රටාව මෙලෙස දිගටම පැවතුනි.

දහ අටවන මාසයේ බැල්ලි ඇතින්නිය ළඟට ගොස්, ඔබ ගැබ්ගෙන ඇති බව ඔබට ඉදුරාම විශ්වාසද? අපි එකම දිනයක ගැබ් ගත්තා. මම බලු පැටවුන් දුසිමකට තුන් වතාවක් දරු ප්‍රසූතියක් කල අතර ඔවුන් දැන් විශාල බල්ලන් බවට පත්ව ඇත. නමුත් ඔබ තවමත් දරු ගැබ දරාගෙන දරුවකු බිහිකරනවායයි පවසමින් බලාපොරොත්තු දෙමින් සිටී. ඇත්තටම ඔබ ගැබ් ගෙනද ? කුමක් සිදුවේද ?

බැල්ලියගේ මෙම ප්‍රශ්න කිරීම් සහ උසුළු විසුළු කිරීම් කිහිප විටක්ම නෑසුනා සේ තමන්ගේ වැඩේ කරමින් තේජාන්විතව හැසිරුණු ඇතින්නිය එක් දිනක් බැල්ලිය දෙසට හැරී මෙසේ පිළිතුරු දෙන්නට විය, “මම ඔබට මෙය එක වරක් තේරුම් කළ දෙමි. හොදින් තේරුම් ගන්න.

” මා රැගෙන යන්නේ බලු පැටියෙකු නොව මේ පොළව මත යම් දිනක තේජාන්විතව ගමන් ගන්නා ඇත් පැටවෙකි. මම බිහි කරන්නේ අවුරුදු දෙකකට එක පැටියෙක් පමණි. මගේ දරුවා ප්‍රතම වතාවට මාගේ ගැබින් පිටටවිත් පොළොවට පතිත වන විට එය මේ මහ පොලවට තදින් බරට දැනේ. මා දැනුදු මේ දරු ගැබ දරාගෙන තේජාන්විත ව පාර තරණය කරන විට මිනිසුන් මා දෙස බියෙන්, ආදරයෙන් හා ගෞරවයයෙන් බලා සිටි. මා රැගෙන යන දරු ගැබ ගැන අවධානය යොමු කරයි. එබැවින් මා රැගෙන යන දෙය බලවත් හා ශ්‍රේෂ්ඨය. එයට මුලු ලෝකයේම අවදානය හිමි වේ. වෙදැදුරෝ පැමිණ නිතර මා පරීක්ෂා කරයි. මාහට නියමිත කලට ආහාර, බෙහෙත් වර්ග නියම කර ඒසදහා ඔවුන් වගාකීම් ගනී.

“මගේ කාලය හෙමින්, නමුත් නිශ්චිතවම පැමිනෙයි. එය සියලුදෙනා ඉතා උනන්දුවෙන් හා උවමනාවෙන් දින ගැන ගැන බලාසීටි පැමිනීමකි. එය පොළොවේ මතුපිටට වැදුණු විට සියලු සතුන් සහ මිනිසුන් ප්‍රශංසා කරනු ඇත.” මා මෙන්ම මාගේ දරුවාද බැලීමට වැල නොකැඩී එනු ඇත. මාහට එතා පෝශ්‍යදායී ආහාර කවා පොවා නාවා මා බලාගනු ඇත.

ඔබ ඔය උපාධිය ගන්නේ නැද්ද ? ඔබට කවදා රැකියාවක් ලැබෙයිද? ඔබ කසාද බඳින්නේ කවදාද? තාම හොද කෙනෙක් හම්බුනේම නැද්ද ? ඔබ දරුවෙකු වදන්නෙ නැද්ද? ඔබේ අහවල් මිතුරානම් මෙසේය.

මෙලෙස අප වටා සිටින දෙමාපියන්, සහෝදර සහෝදරියන්, නෑදෑ හිතමිතුරන් සියලුදෙනා අපව සංසන්දනය කරන වාර අනන්තයි අප්‍රමාණයි .

අපි ගන්නෙ එසේ මෙසේ උපාධියක් නොවන බවත්, එයද එක්තරා අරගලයක් බවත්, අපට තවම නිදහසේ තරුණ විය ගත කළ යුතු බවත්, අපි තෝරාගත් රැකියාව මත අප නොයැපෙන බවත්, එසේ නැතිනම් අපි මේ තෝරාගත් රැකියාව අපි ඉතාම ආසාවෙන් උනන්දුවෙන් සිදු කරන මගේම ව්‍යාපාරයක් බවත්, සුදුසු කල සුදුසු ලෙස සියල්ල සිදුවනු තබා අපට මව්වරු පියවරු වීමට හදිස්සියක්වත්, ලෝකයට අවශ්‍ය මිනුම් දඩු වලින් ලෝකයා සතුටු කිරීමට අපට ජීවත්වීමට කිසිසේත්ම අනවශ්‍ය බවත් පහදන්නට ඇත්තටම අවශ්‍ය නැත.

ගතවන හැම තත්පරයක්ම අපි අලුත් අත්දැකීම් සමඟ මුසුවෙමින් ජිවත්වන බවනම් ඔබට වටහා දෙන්නට මට තවත් උපමා අවශ්‍ය නැත.

එබැවින් ඔබගේ ගමන වෙනත් කිසිවෙකු සමඟ සංසන්දනය නොකරන්න.

ජිවිතය වනාහි මෙසේය. එය අප හැමෝටම එකම දේ එකවර ලබා නොදෙන්නේ ය. එය විටින් විට විවිධ අවස්ථා දී ඔබව මැන බලන්නේය.
සුදුස්සාට සුදුසු දෙය දෙන්නට බොහෝ සේ දෛවය විසින් අපව පරික්ෂා කරන්නේය. බුද්ධත්වය වුවද ලබාගන්නේ කල්ප ගණනක් පුරා පාරමී දම් වැඩීමෙන් පසුවය. අද ඔබ ජීවත්වන තත්ත්වය වෙන කිසිවෙකු හා කිසිවක් සමඟ කිසිවිටක, කවෘ කෙසේ කීවත් සංසන්දනය නොකරන්න. පැහැදිළි අහසක දක්ෂ ගුවන් නියමුවකු බිහිවන්නේ නැති සේම, රළු නොවන මංමාවතක දක්ෂ රියදුරෙක්ද, නිසල සයුරක දක්ෂ නැවියෙකුද කිසිදා බිහිවන්නේ නැත.

හංසි විජේකෝන් ගෙන් උපුටාගෙන අපේ අදහස්ද යොදා නැවත පලකිරීමකි. මුල් නිර්මාන කාරිනියට අගතියක් සිදු නොවූවායැයි ඉදුරාම පතමි. මෙය කියවා සියලු තරුණ තරුණියන් ආදර්ශයක් ගෙන යහළුවන් අතර share කරනු ඇතැයි පතමි.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!