සෑම ගැහැණු ළමයෙක්ම දැනගත යුතු ප්‍රොෆෙශනල් මේකප් ටිප්ස් 11 ක් (ජිවන රටා, විලාසිතා හා ඇගලුම්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

රූපලාවණ්‍යය කියන්නෙත් එක්තරා කලාවක්. මොකද මේකප් එකක් හරියට කලේ නැත්නම්, මුහුණේ තියන ලස්සනත් නැති වෙනවා. හරියටම මේකප් එකක් කරනකොට දැමගෙන ඉන්න ඕන දේවල් ගොඩක් තියනවා. ඒවා මගින් ඔයාගෙ සල්ලි, කාලය ඉතුරු කරනවා. ඒ විතරක් නෙවෙයි, ඔයාගෙ මුහුණට වඩාත් ස්වභාවික පෙනුමක් හා ආකර්ෂණීය බවකුත් ලබා දෙනවා.

හරියටම මේකප් එකක් කරගන්න වෘත්තීය මේකප් ශිල්පීන් පාවිච්චි කරන රූපලාවණ්‍ය රහස් 11 ක් ගැන අපි දැන් ඉගෙන ගනිමු.

01. ස්පොන්ජ් එකට නිෂ්පාදනයක් යොදන්න කලින් ඒවා සෝදන්න.

ස්පොන්ජ් භාවිතා කරන්න කලින් නිතරම ඒවා සෝදලා වියළා ගන්න. ස්පොන්ජ් එකට ආලේපන ටිකක් අරගෙන මුහුණට ආලේප කරගන්න. එතකොට ආලේපන ගොඩක් නාස්ති වෙන්නෙ නෑ. ඒ වගේම මේකප් එකට වඩාත් ස්වාභාවික පෙනුමක් ලබාගන්නත් පුලුවන්.

02. රූපලාවණ්‍ය නිෂ්පාදන නාන කාමරයේ තියන්න එපා.

නානකාමරයේ තියන උණුසුම් හා තෙත පරිසරය නිසා බැක්ටීරියා වේගයෙන් වැඩෙනවා. ඒ වගේම නාන කාමරයේ තියන වාතයේ තෙතමනය වැඩි නිසාත්, අධික උෂ්ණත්වය නිසාත් ආලේපනවල ගුණාත්මක බව නැති වෙනවා. සාමන්‍යයෙන් වෘත්තීය මේකප් ශිල්පීන් එයාලගෙ රූපලාවණ්‍ය නිෂ්පාදන තියන බෑග් ඇතුළට තොතමනය උරාගන්න විශේෂ අවශෝෂක වර්ග දාන්නෙත් ඒ නිසයි.

03. ඇහි බැමට ස්වාභාවික පෙනුමක් ලබා දෙන්න.

මුලින්ම අයි බ්‍රෝ පැන්සලෙන් ඔයාගෙ අතේ ඉරක් ඇඳලා ඇහිබැමට ගාන්න ඕන පාට තෝරගන්න. පැතලි බ්‍රෂ් එකක් මගින් අතේ ගෑවුණු කුඩු ටික ඇහිබැම මත ආලේප කරගන්න. පිරිමින් උඩු රැවුලට පාවිච්චි කරන වැක්ස් යොදාගෙන ඇහිබැම හදාගන්නත් පුලුවන්. එමගින් ඇහිබැමට වඩාත් ස්වභාවික පෙනුමක් ලැබෙනවා.

04. ඇස් වටා තියන කුඩා රැළි සඟවන්න.

ඔයාගෙ ඇස් වටා සමේ පොඩි පොඩි රැළි තියනවා නම්, අයි ෂැඩෝ එකට මැට් වර්ණයක් භාවිතා කරන්න. ඇහි පියනට තව දිලිසෙන පෙනුමක් ලබා ගැනීමට, මැට් වර්ණය උඩින් තවත් පාටක අයි ෂැඩෝ ටිකක් ආලේප කරගන්න. මේ දෙවනි වර්ණය ඇහි පියනේ මැදට විතරක් යොදන්න.

05. පැලට් එකක් භාවිතා කරන්න.

ගොඩක් වෙලාවට මේකප් ශිල්පීන් එයාලට අවශ්‍ය පාට ලබාගන්ම විවිධ නිෂ්පාදන මිශ්‍ර කරනවා. ඒකට තමයි එයාලා විශේෂ ලෝහ පැලට් භාවිතා කරන්නෙ. ඒ වෙනුවට ඔයාට කැඩපතක් හෝ ප්ලාස්ටික් ක්‍රීම් පියනක් යොදාගන්න පුලුවන්. අත්ල මත ආලේප කරලා පාට මිශ්‍ර කරනවට වඩා, කණ්ණාඩියක් හෝ ප්ලාස්ටික් මතුපිටක් මත මිශ්‍ර කිරීමෙන් ආලේපනයේ උණුසුම වෙනස් වෙන්නෙ නෑ. ඒ වගේම ආලේපනය මතුපිටට උරාගන්නෙත් නෑ. මේ වගේ මතුපිටක් මත ඔයාට ලිප්ස්ටික්, ෆවුන්ඩේෂන්, ෂැඩෝ වගේ ඕනම දෙයක් මිශ්‍ර කරගන්න පුලුවන්.

06. හැම බ්ලෂ් වර්ණයකටම අයිති තැනක් තියනවා.

කම්මුල් වලට රෝස සහ රතු පාට බ්ලෂ් යොදන්න. කම්මුල් වලට ඉහළින් පීච් පාට යොදන්න. ලෝකඩ පාට කම්මුල් යටට ආලේප කරන්න ඕන. ෆවුන්ඩේෂන් එක යොදන්න කලින් බ්ලෂ් වර්ණ ගැලපෙන තැන්වලට ආලේප කලොත් ඔයාට වඩාත් ලස්සන ස්වභාවික මේකප් එකක් ලබාගන්න පුලුවන්.

07. ආලේපන වල වර්ණය පරිස්සමෙන් තෝරා ගන්න.

අළුත් ලිප්ස්ටික් එකක් අපේ තොල්වලට ගෑවම පේන්නෙ කොහොමද කියලා අපි ගොඩක් වද වෙනවා. මොකද අපි මේකප් බඩු කඩෙන් ගන්නකොට ලිප්ස්ටික් එක ගාලා බලන්නෙ අපේ අතේ නිසා. අතට ගෑවම ලස්සන වුණාට තොලේ ගෑවම ලස්සන නැත්තෙ ඇයි? මේකට හේතුව තමයි, අපේ ඇඟේ විවිධ කොටස්වල සමේ පාට වෙනස් වීම. තොල්වල සම අත්වල සමට වඩා දීප්තිමත්. ඒ නිසා, සාප්පුවකදි පාට තෝරනකොට, තොල්වල පාට ගොඩක්ම සමාන වෙන්නෙ ඔයාගෙ ඇඟිලිවලට නිසා ඇඟිලි තුඩේ ආලේප කරලා බලන්න.

ෆවුන්ඩේෂන් එකක් තෝරගන්නකොට, මුහුණේ පාටට වඩා තද පාට සමක් තියන තැනක ඒක පරීක්ෂා කරන්න එපා. ෆවුන්ඩේෂන් ක්‍රීම් ටිකක් නළලේ ඇතුළත හෝ බෙල්ල මුල ගාලා බලන්න.

08. ඇහිපිල්ලම්වල ඇතුලත දාරය ගැන අමතක කරන්න එපා.

ඇස්වලට මේකප් කරනකොට, පහළ ඇහිපිල්ලමේ ඇතුළත දාරය ගැන අමතක කරන්න එපා. සාමාන්‍යයෙන් ඔයාගෙ මුහුණට මහන්සි පෙනුමක් ලබා දෙන්නෙ මෙතනින්. තද පාට පැන්සලක් මගින් ඇස් වලට වඩාත් ප්‍රකාශිත පෙනුමක් ලබා දෙනවා. ලා පාට පැන්සලකින් ඔයාගෙ පෙනුම වඩාත් විශාල හා විවෘත කරනවා.

09. අමතර මුදල් වියදම් නොකර මේකප් ඉවත් කරන්න.

හොලිවුඩ් වේශ නිරූපණ ශිල්පිනියක වන මේකප් ඉවත් කරන්න හොඳම දෙයක් තමයි බේබි ෂැම්පු කියන්නෙ. එමගින් සම වියළෙන එකෙනුත් ආරක්ෂා වෙනවා. ඒ වගේම ඔයාට මේකප් බ්‍රෂ් පිරිසිදු කරන්නත් බේබි ෂැම්පු යොදාගන්න පුලුවන්.

10. කන්සීලර් එකේ පාට වෙනස් කරන්න.

සමේ තියන අඩුපාඩු සැඟවීමට, විවිධ වර්ණවල කන්සීලර් භාවිතා කරනවා. ඔයාගෙ ඇස් වටා අඳුරු ලප තියනවනම් රෝස පාටක කන්සීලර් එකක් යොදන්න පුලුවන්. කම්මුලේ රතු පාටක් තියනවනම්, කොළ පාටක් යොදන්න. මේ පාට එකති වුණාම ලේසියෙන්ම උදාසීන අළු පාටක් හැදෙනවා. එමගින් ඇස් වටා ලප හෝ, රතු පාට සඟවන්න පුලුවන්. ඒ වගේම කුරුලෑ සැඟවීමට රතු ලිප්ස්ටික් භාවිතා කරන්න. සාමාන්‍ය කන්සීලර් එක සමඟ ඒවා මිශ්‍ර කරන්න.

11. හරියට කන්සීලර් ආලේප කරන්න.

රවුම් චලිතයකින් ඇස් වටා කන්සීලර් ආලේප කරන්න එපා. ඒ වෙනුවට, ආලේපනයෙන් ඇස් වටා ත්‍රිකෝණයක් ඇඳගෙන බ්‍රෂ් එකකින් එය පතුරවන්න. මෙමගින් ඇස්වටා අඳුරු ලප ස්වභාවිකවම සඟවන්න පුලුවන්.

 

උපුටා ගැනීම: Adobae

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!