කවුරුත් දන්න High Heels වල නොදන්න කතාව (ජිවන රටා, විලාසිතා හා ඇගලුම්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ඇත්තටම පිරිමි පාර්ෂවය තමයි මුලින්ම High Heels පැළැඳලා තියෙන්නේ. එයාලා ඒවා පළඳින්න පටන් අරන් තියෙන්නේ ගැහැණු අය ඒවා පාවිච්චි කරන පටන්න ගන්න කලින් ලොකු කාලෙක ඉඳන් තමයි. ඔන්න දැන් කට්ටිය කල්පනා කරයි මේ මොනවද මේ කියන්නේ කියලා. ඒ අපූරු කාරණය ගැනයි මේ දිගහැරුම.

10වන සියවසේ දී පර්සියානු සොල්දාදුවෝ තමයි මුලින්ම High Heels පැළැඳලා තියෙන්නේ. හැබැයි ඒ නිකන් ඇවිදින්න නම් නෙමෙයි. අශ්වයෝ පදින වෙලාවට තමයි එයාල ඒවා දාලා තියෙන්නෙ. අශ්වයා පදින ගමන් නැගිටලා දුනු ඊතල වලින් විදින්න, සටන් කරන්න පුළුවන් වෙන විදියට කකුල හොඳ ස්ථාවරයකින් සුරක්ෂිතව රඳවා ගන්න මේ High Heels නිසා එයාලට පුළුවන් වෙලා තියෙනවා. එදා ඉඳන් පටන් ගත්ත පිරිමින්ගේ මේ Heels පැළැඳීම, පස්සේ කාලෙක ඒ පුද්ගලයා ඉහළ පැලැන්තියේ කෙනෙක් බව, යුධ බලය සහිත බව වගේම ඒ ඒ විලාසිතාමය රසයන් සංකේතවත් කරවලා තියෙනවා. පර්සියාවෙන් (දැන් ඉරානය) තමයි මේ විලාසිතාව බටහිර යුරෝපයට පැතිරිලා ගියේ.  High Heels දැම්මාම එන උස නිසා හොඳට පිරිමිකම පේනවා, බලය, ශක්තිය පෙන්වෙනවා වගේ දේවල් විශ්වාස කරපු යුරෝපයේ වංශාධිපතින් මේ විලාසිතාව ඉතා සතුටින් වැළඳ ගත්තා.

මේ  High Heels පැළැඳීම සමාජයේ පහළ පැලැන්තිවල පිරිමි අයත් කරන්න පටන් ගත්තාම, ඉහළ පැලැන්තියේ පිරිමි අය තමන් පළඳින High Heels වල උස තවත් වැඩි කළා. කොහොමත් ඒකාලේ ඉහළ පැලැන්තියේ අය තමන්ගේ ධනවත් කම පෙන්වන්න ඇඳගෙන ඉන්න අපහසු, සුඛෝපභෝගී ඇදුම් පැළඳුම් තමයි පාවිච්චි කරලා තිබුනේ. කොහොමත් එයාලා වැඩ බිම් වල මහන්සිවෙලා වැඩ කරන්න, වැඩිය එහෙ මෙහෙ ඇවිදින්න සිද්ද වුන අය නොවුන නිසා ඒ දේවල් ප්‍රශ්න නොවෙන්න ඇති.

XIV වන ලුවී කියන්නේ High Heels පැළඳීමේ රජු විදියට ප්‍රසිද්ධ වුන කෙනෙක්. එයාගේ පාලන කාලෙ දී රතු පාට, උසින් වැඩි Heels පැළඳීමෙන් සංකේතවත් වුනේ බලවත් කමින් ඉහළයි කියන එකයි. 1670 දී ලුවී රජු විසින් වංශවත් අය විතරයි Heels පළඳින්න ඕනේ කියල නීතියක් පවා සම්මත කරනවා. ඉතින් මේ රජතුමයි එයාගෙ සභාවේ හිටපු වශාධිපතීන් ඔක්කොමයි ඒ විදියට රතු පාට Heels පැළඳුවා.

17 වෙනි ශතවර්ෂය වෙන කොට පිරිමි අය ගොඩක් දීප්තිමත් පාට තිබුන ඇඳුම්, ස්වර්ණාභරණ වගේ විච්චූරණ දේවල් අතහරින්න පටන් ගත්තා. ඒවගේම වංශාධිපතියන් තමන් කරන වැඩ හා ගැලපෙන අඳුරු පැහැති, සන්සුන්, සරල ඇඳුම් අඳින්න පටන් ගත්තා. එයලා තමන් කරන විලාසිතා ගැන වඩාත් දාර්ශණිකව, ප්‍රායෝගිකව හිතන්න පටන් ගත්තා. ඒ අතරේ ගැහැණු අය පිරිමි අය කලින් කරපු විලාසිතා අනුගමනය කරන්න පටන් ගත්තා. මොකද ඒ කාලේ ගැහැණු අයව සැලකුවේ දාර්ශණිකව, ප්‍රායෝගිකව හිතන්න බැරි, හැඟීම්බර නූගත් අය විදියටයි. ඉතින් එයලා අර අපහසු, ප්‍රායෝගික නැති විලාසිතා කරන්න පටන් ගත්තා. අන්න ඒ විදියට ගැහැණු අය High Heels පැළඳින්න පටන් ගන්නවා. ඉතින් ඒ විදියට High Heels මෝඩ, ගැහැණුන් විසින් පළඳින දෙයක් බවට පත් වුනා. පිරිමි අය පළඳින්න පහසු ශක්තිමත්, චතුරස්‍රාකාර උසින් අඩු Heels පළඳින්න පටන් ගන්න කොට හගැහැණූ අය උසින් වැඩි. හීනි, වක්‍රාකාර වුන Heels පළඳින්න පටන් ගත්තා. 1740 වෙන කොට පිරිමි අය නම් මේ High Heels පැළඳීම සම්පූර්ණයෙන්ම වාගේ නවත්තලා දැම්මා. ඒ විදියට පිරිමින් High Heels පැළඳීමේ යුගය අවසන් වුනා.

ඔන්න ඔහොමයි මුලින්ම පිරිමි දාපු High Heels පස්සේ ගැහැණු අයගේ කකුල් වලට ගිහිල්ලා අද මේ තියෙන තැනට ඇවිත් තියෙන්නේ.

 

උපුටා ගැනීම:  ලෝකයම සින්හලෙන්

Kaushi Silva

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!