රැවුලයි, තොප්පියයි, ගැඹුරු කට හඬයි…

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
80 දශකය වන විට ඇසි දිසි ගායනයක් නැතහොත් ප්‍රසාංගික ගායනයක් ලංකාවේ ඉදිරිපත් කලේ කණ්ඩායම් දෙකක් පමණි.

80 දශකය වන විට ඇසි දිසි ගායනයක් නැතහොත් ප්‍රසාංගික ගායනයක් ලංකාවේ ඉදිරිපත් කලේ කණ්ඩායම් දෙකක් පමණි. ඒ ‘මාමයි බෑනයි’ හා ජිප්සීස්ලා පමණි. ඔවුන්ගේ ගීතවල ඇසීමට පමණක් නොව බැලීමට ද දෑ විය.

මා කුඩා කළ කටහඬ වෙනස් කරමින් ‘කුරුමිට්ටෝ’ ගීතය ගායනා කිරීමට උත්සහ කිරීම , එකල මට මහත් විනෝදයක් විය. රත්මලාන පසුවන විට ග්ලූකෝරස සමගම සමගම ඇති නියොන් එලියෙන් විසිතුරු වූ ‘Gypsies’ යනුවෙන් ලියැවුණු දැවැන්ත ගිටාරය කුඩා මා ප්‍රිය කල දසුනක් විය.

නව අදහස් වල දි ජිප්සීස් ඉදිරියෙන්ම විය. නොනවතින ගීත (non-stop) , ගීත හතරේ කැසට පට, ‘ප්‍රභුද්ධ‍යන්ට අහිත කර විය හැක.) වැකිය යොදා සිගරට් පැකට්ටුවක හැඩය ඇති කවර ආදිය ඉන් කිහිපයකි.

උපහාසාත්මකව තම අදහස රසිකයාට දැන්වීම අතින් සුනිල් මහතා ඉදිරියෙන්ම විය. “පහසුවටත් වාසියටත්’, ‘ලිඳ ලඟ සංගමය’, ‘සිඤඤෝරේ’ වැනි ගී අරුතින් මෙන්ම නාදයෙන් ද රසවත් විය.

ලොවේ සැමා ගීතය වැනි ගීයක් නිර්මාණය හා එය සැබෑවක් කිරීම ලේසි පහසු කටයුත්තක් නම් නොවේ.

තොප්පිය හා රැවුල තමාගේ ආවේනික බවේ සංකේතයන් විය. දැන්වීම් කලාවේදි සුනිල් මහතාගේ හඬ ද ඔහුටම ආවේනික විය.

‘ලුණුදෙහි’, ‘ඔජායේ’ , ‘ඔබ දුටු ඒ මුල් දිනේ’…ඇතුළු ඒ ගීත සමූහය ඔබ නික්ම ගියත් අපගේ දෙසවන් පිනවනු ඇත.

ලාංකේය ගීත කලාවේ අමුතුම රිකිල්ලක් වූ, සුනිල් පෙරේරා මහතානෙනි , ඔබට සුභ ගමන්!!!

-සම්පත් නලින්ද ගුණ්සේකර –
2021 සැප්තැම්බර් 06

රූපය 1990 දෙසැම්බර් මස ‘කල්පනා’ සඟරාවෙනි

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!