කාබනික වගාව (කෘෂිකර්මය හා ගෙවතු වගාව)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කාබනික වගාව (organic agriculture) යනු පාංශු සාරවත් බව පවත්වා ගැනීමට ස්වභාවික යෙදවුම් භාවිතයෙන් කෙරෙනා පරිපූර්ණ කෘෂිකාර්මික පද්ධතියකි (දේශපාලන සටහනක් නොවේ නමුත් කාබනික වගාවේ වර්ථමාණය අපටද සපීපව ජීවත්වේ දැනුම ලබාගමු )
වර්ථමාණ ශ්රී ලංකාවද (2021) භූතානය අනුගමනය කරමින් කාබනික වගාව වෙත යොමු වෙමින් සිටී. මෙය නොයෙක් විවේචන විරෝධතා හමුවේ ආරම්භවු ඉතා දුෂ්කර ක්රියාදාමයකි.කාබනික කෘෂිකර්මාන්තය (organic agriculture) අද දියුණු දේශයන්හි පවා ප්රචලිතව වර්ධනය වෙන වඩාත් තිරසාර කෘෂිකර්මාන්තයක් කිරීම සඳහා වූ උපාය මාර්ගයක් ලෙසින් සළකනු ලබයි.ලෝකයේ පළමු 100% කාබනික රටක් බවට පත්වීමේ අභිලාෂිත ඉලක්කය භූතානය විසින් පිළිගෙන ඇත. භූතානයේ මෑත කාලීන ගොවිපල දත්ත විශ්ලේෂණය කිරීමෙන්, කාබනික බෝග අස්වැන්න සාම්ප්රදායික අස්වැන්නට වඩා 24% අඩු බව ඔවුන් හඳුනා ගන්නා ලදී.මෙම අස්වැන්න පරතරයන් මත පදනම්ව, කෘෂි විද්යාත්මක කලාප, බෝග පෝෂක සහ ක්ෂේත්ර මෙහෙයුම් ඇතුළත් භූතානයේ කෘෂිකාර්මික අංශයේ සවිස්තරාත්මක නිරූපණයක් සහිත ආර්ථිකය පුරා ගණනය කළ හැකි පොදු සමතුලිතතා (cge) (computable general equilibrium ආකෘතියක් යොදා ගනිමින් 100% කාබනික පරිවර්තන ප්රතිපත්තියේ බලපෑම ඔවුහු තක්සේරු කර තිබේ.. මේ තුල භූතානයේ දළ දේශීය නිෂ්පාදිතයේ සැලකිය යුතු අඩුවීමක්, විශේෂයෙන් කෘෂිකාර්මික නොවන කර්මාණ්තකරුවන්ට සැලකිය යුතු සුභසාධන පාඩු සහ ආහාර සුරක්ෂිතතාවයට අහිතකර බලපෑම් ඇතිවු බවට හඳුනා ගන්නා ලදී.මෙම දත්ත සටහන් වනුයේ 2018 ජුනි මස පුවතකයි.
ශ්රී ලංකාවේ රසායනික පොහොර ආනයනය තහනම් කිරීමෙන් භූතානය මෙන් පලදාව පහල යන කෘෂි බෝග කළමණාකරනය කීරීමේ පිලිගත් පරිපාළනයක් රජයේ බලධාරීන් සතු වේද ? කාබනික වගා ආරම්භක වකවානුවේ දේශීය කෘෂිකාර්මික නිෂ්පාදනයේ ප්රබල අඩුවීමක් සඳහා ප්රධාන සාධකය වන්නේ අස්වැන්න පරතරයයි.එය බොහෝ දුරට ආහාර ආනයනයේ වර්ධනය භූතාන් රජය මගින් ආවරණය කර දෙනු ලබන අතර එහි ප්රති විපාකයක් ලෙස ධාන්ය ස්වයංපෝෂිතතාවය සෑහෙන මට්ටමකට දුර්වල වෙන බවද භූතාන් බලධාරීන් පිලි ගනී. භූතානය කාබනික වගාව 100% ක්ම දක්වා පරිවර්ථනය කිරීමට අදහස් කරගෙන වෙනසක් කරා ගමන් කරන අතර නමුත් ඔවුන් ජාහ්යාන්තර කාබනික වගා සම්මේලනයේ (IFOM ) (The International Federation of Organic Agriculture) ප්රමිතීන් සපුරාලීමට අසමත් බවයි පුවත් වල සඳහන් වන්නේ. මෙම අණුකරණ ක්රියාවලියේදී බෝග සඳහා නයිට්රජන් (nitrogen ) ලබා ගැනීමේ ප්රබල අඩුවීම මෙයින් පිළිබිඹු වන අතර කාබනික වගාවෙහි ( OA )අස්වැන්න වර්ධනය කරගැනීමේ හැකියාවක් පෙන්නුම් කරයි. කාබනික වගාවේ යෙදීමේදී සත්ව ගොවිපල වර්ධනයද වඩා වැදගත් වන අතර ඒ තුල සත්ව පොහොර සැපයීම මගින් කාබනික නිෂ්පාදන සඳහා මිල වාරිකයක් සහිත වෙළඳපල වෙත ප්රවේශ වීම මහා පරිමාණ අධික මූල්ය වියදම් මත පදනම්වු පරිවර්තනයේ ආර්ථික පිරිවැය අඩු කිරීමට උපකාරී වේ.මෙවැනි බොහෝ ඵලදායි වැදගත් කරුනු ශ්රී ලංකා රජ්ය බලධාරීන්ද විමර්ෂනය කර ඇතැයි අප අපේක්ෂා කරන්නෙමු. කාබනික වගාවෙන් නිරෝගී පුරවැසි සමාජයක් බිහි කිරීමේ ලක්ෂණ විද්යාඥ්ඥයින් පෙන්වා දෙන අතර එය ජය ගන්නේ නම් දුක් විඳිනා වර්ථමාණ තරුණයින්ට වඩා උපදින අලුත් දු දරුවන්ට මහඟු දායාදයකි.
උපුටා ගැනීම: Ernest Harold

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!