කොට්ට සහ කෙල්ල පැටලිල්ල (වැල් වටාරම්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
රුසියන් භාෂාවෙන් කෙල්ලට කියන්නේ දේවුෂ්කා, කොට්ටයට කියන්නේ පදුෂ්කා. අපිට රුසියාවට ගිය අලුතම ඉතින් ඔය වචන පැටලෙනවා.
අපිට සතියකට සැරයක් අලුත් ඇඳ රෙදි, කොට්ට උර සහ තුවා දෙනවා හොස්ටල් එකේ මේට්රන්. දවසක් මම ඒවා ගන්න යනකොට අපේ කොල්ලෙක් මේට්රන් එක්ක උනුසුම් කතාවක්, ඉතින් මම ලංවෙලා අහගෙන හිටියා.
මිනිහට අර වචනෙ දෙක පැටලිලා. මිනිහට එක කොට්ටයයි දීල තියෙන්නේ ඉතින් තව එකක් ඕන වෙලා ඒක ඉල්ලනවා. හැබැයි ඉල්ලන්නෙ කෙල්ලො. ඉතින් මේට්රන්ට තරහ ගිහිල්ලා, මිනිහටත් දැන් ටික ටික තරහ යනවා හේතුවක් නැතිව ඒ ගෑනිට තරහ ගිය එකට.
මෙන්නෙ දෙබස
‘මට එක දේවුෂ්කයි දුන්නේ. දෙකක් නැත්නම් මට නින්ද යන්නෙ නැහැ. ඔලුවත් කැක්කුමයි’
‘දේවුෂ්කා කෙනෙක් ඕන නම් ගිහිල්ලා හොයා ගන්නවකෝ පාරෙන්’
‘මම් කවදාවත් දේවුෂ්කා පාරෙන් හොයල නැහැ. අම්ම මට හැමදාම දෙකක් දුන්නා’
‘මාර අම්මා කෙනෙක් නේ. අපේ සමාජයේ ඕව අහලත් නැහැ’
‘ඇත්තට? ඒ විතරක් නෙවෙයි ඒ දේවුෂ්කලා පරන උනාම ඒව අයින් කරලා අලුත් දෙකක් දුන්නා. මට බැහැ මෙහෙම ජීවත් වෙන්න’
‘එහෙම ජීවත් වෙන්න ඕන නම් ආපහු යන්න ඔයාලගෙ රටට’
මේක බලං ඉන්න බැරි කමට කිව්වා, මෙයාට පොඩ්ඩක් වැරදිලා, මෙයා ඉල්ලන්නේ පදුෂ්කා (කොට්ට) කියලා මේට්රන්ට කියලා,
මිනිහට කිව්වා
‘උඹ අර ගෑනිගෙන් ඉල්ලුවෙ කෙල්ලො නේ’
කිව්වම තමයි ඌට ඒක තේරුනේ.
මිනිහ වැඳ වැඳ කිව්වා කාටවත් මේ ගැන කියන්න එපා කියලා. ඔයාලට විතරයි ඔන්න කිව්වේ.
උපුටා ගැනීම: Devapriya Siriwardena

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!