ලෝකය පුරාම ජනප්‍රිය වුණු විවිධ රටවල්වල රසම රස වීදි ආහාර 11ක් (කටට රසට අහාර රටා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

සංචාරයේ හොඳම කොටස්වලින් එකක් තමයි විදේශ රටවල විවිධ ආහාර වර්ග රස බැලීම. හැම රටකටම ආවේණික වූ සුවිශේෂී ආහාර වර්ග තියනවා. වීදි ආහාර කියන්නෙ ඕනම කෙනෙක්ට දැරිය හැකි මිලකට තියන රසවත් කෑම වර්ගවලටයි. ඉතින් මිල අධික අවන්හල්වලට යන්නම ඕනෙ නෑ.

අපේ ලෝකය කොයිතරම් වර්ණවත්ද කියලා පෙන්වන්න අපි අද ඔයාට අරගෙන ආවේ ලෝකය පුරා ජනප්‍රිය, හොඳම වීදි ආහාර වර්ග 11 ක්.

11. ඉන්දියාවේ මසාලා දෝස

ඉන්දියානු කෑම කොතරම් රසවත්ද කියලා ලෝකෙ ඉන්න හැම කෙනෙක්ම දන්නවනේ. මේ විශේෂිත ආහාරය ජනප්‍රිය වුණේ ඉන්දියාවේ දකුණු ප්‍රාන්තවල විතරයි. ඒත් දැන් ඒක රට පුරාම විතරක් නෙවෙයි, විදේශ රටවලත් ගොඩක් ප්‍රසිද්ධයි. සහල්, ලුණු, එළවළු තෙල්, කළුදුරු, අමු මිරිස්, කරපිංචා, අබ ඇට, මහදුරු ඇට, අර්තාපල්, ළූණු හා කහ එකතු කිරීමෙනුයි සාමාන්‍ය මසාලා දෝස හදන්නෙ.

10. තුර්කියේ ඩොනර් කෙබාබ්

1970 දී බර්ලිනයේ තුර්කි සංක්‍රමණිකයන් විසින් ප්‍රථම වරට ඉදිරිපත් කරපු ආහාරයක් තම්‍යි මේ කෙබාබ් කියන්නෙ. එදා ඉඳන් ඒක ජර්මනියේ හා යුරෝපයේ ගොඩක් ජනප්‍රිය වීදි ආහාර වලින් එකක් බවට පත්වුණා. පෙති කපන ලද බැටළු මස්, හරක් මස් හෝ කුකුල් මස් වලින් තමයි කෙබාබ් හදන්නේ.

09. ජර්මනියේ කරිවර්ස්ට්

ජර්මනියේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගෙන් ලබාගත් කෙචප් හා ව්‍යංජන කුඩු මිශ්‍ර කරලා තමයි මේ ආහාරය හදලා තියෙන්නෙ. මුලින්ම මේ ආහාරය හොයා ගත්තෙ 1949 දී බර්ලිනයේදී හර්ටා හියුවර් විසින්. ඇය අඹරන ලද ඌරු මස් සොසේජස් මත කුළුබඩු මිශ්‍රණය ආලේප කරලා පාරේ විකුණන්න පටන් ගත්තා. විනාශ වූ නගරය නැවත ගොඩනඟන ඉදිකිරීම් කම්කරුවන් අතර මේ ලාභදායී පිරවුම් ආහාරය ගොඩක් ජනප්‍රිය වුණා. අද වෙනකොට හැම ජර්මානු නගරයකම මේ ආහාරය දකින්න ලැබෙනවා.

08. තායිලන්තයේ පෑඩ් තායි

2011 දී සීඑන්එන් ගෝ විසින් සම්පාදනය කරන ලද “ලෝකයේ වඩාත්ම රසවත් ආහාර 50” ලැයිස්තුවේ 5 වන ස්ථානය දිනාගන්නට පෑඩ් තායි සමත් වුණා. එය මූලික වශයෙන් ටෝෆු, බිත්තර, මාළු සෝස්, වියළි ඉස්සන්, සුදුළූණු, සියඹලා, පාම් සීනි සමඟ සකස් කරන ලද සහල් නූඩ්ල්ස් හා මිරිස්, ගම්මිරිස්, යොදා හදන ආහාරයක්. දෙහි කුඩු හා බැදපු රටකජු කැබලිත් මේකට එකතු කරනවා. සමහරවිට මේ අමුද්‍රව්‍ය වෙනස් වෙන්නත් පුලුවන්. පෑඩ් තායි හොයාගත්තේ දෙවන ලෝක යුද්ධ කාලයේදියි. ඒ කාලෙ තායිලන්තය, යුද්ධය හා ගංවතුර නිසා සහල් හිඟයකට මුහුණ දුන්නා. සහල් පරිභෝජනය අඩු කිරීම සඳහා තායි අගමැතිවරයා මිනිසුන්ට බත් වෙනුවට නූඩ්ල්ස් කෑමට උනන්දු කලා. දැන් එය තායිලන්තයේ ප්‍රධාන වීදි ආහාරයක් බවට පත් වෙලා තියනවා.

07. ජපානයේ සෂිමි

මේ රසවත් ජපන් ආහාරය ජපානයෙන් පිටත පවා ගොඩක් ප්‍රසිද්ධයි. කොහොම වුණත්, එහි හොඳම අත්දැකීම ලබා ගන්න ලැබෙන්නෙ ජපානයෙන් විතරයි. හිතන්නකෝ, සූපවේදියෙක් ඔයාගෙ ඇස් ඉස්සරහදිම ලොකු මාලුවෙක් කපලා ඔයාට එහෙමම පිළිගන්වනවා කියලා. ජපානයේ වීදි ආහාරවල පෙනුම මේකයි. සෂිමි කියන්න් අමු මාළු තුනී කැබලිවලට කපලා දෙන එකටයි. එහි පෙනුම ඉස්මතු කිරීමට විවිධ මාළු විවිධ ගණකමට කපනවා. සෂිමි හි වඩාත් ජනප්‍රිය අමුද්‍රව්‍ය තමයි සැමන්, ටූනා, පෆර් මාළු (ෆුගු), දැල්ලන් හා ඉස්සන්.

06. ඉතාලියේ අරන්චිනි

මේ ඉතාලි කෑම වර්ගයට දොඩම් එක්ක කිසිම සම්බන්ධයක් නෑ. මේකෙ නම හැදිලා තියෙන්නෙ එහි හැඩය හා වර්ණයෙන්. මේවා මූලික වශයෙන් බදින ලද බත් බෝල වර්ගයක්. ඒවා සාමාන්‍යයෙන් තක්කාලි සෝස්, මොසරෙල්ලා වලින් පුරවලා තියනවා. අරන්චිනි හොයාගත්තෙ 10 වන සියවසේදී සිසිලියේදීයි. අද වෙනකොට, සිසිලියේ පලර්මෝ, සිරකූසා සහ ට්‍රපානි යන නගරවල සැන්ටා ලුසියා මංගල්‍යය සඳහා සාම්ප්‍රදායික ආහාරයක් ලෙස මෙය භාවිතා කරනවා. ඒ කාලය තුළ ඔවුන් පාන් හෝ පැස්ටා අනුභව කරන්නෙ නෑ. දරුණු සාගතයක් නිමා කරමින් 1646 දී සැන්ටා ලුසියා දිනයේ ධාන්‍ය සපයන නෞකාවක් පැමිණීම සිහිපත් කිරීමට තමයි ඔවුන් මෙහෙම කරන්නෙ. ඉතාලියේ වීදි ආහාරවල ප්‍රධානම තැනක් ගන්නත් මෙය සමත් වෙලා තියනවා.

05. කැනඩාවේ පූටින්

මේක කැනේඩියානු කෑමක්. එය ආරම්භ වෙලා තියෙන්නෙ ක්විබෙක් පළාතෙන්. එය ප්‍රංශ ෆ්‍රයිස් හා චීස්වලින් සාදා ඇති අතර උඩින් දුඹුරු පාටයි. පූටින් සොයාගෙන තියෙන්නෙ 1950 දශකයේ අග භාගයේදී සෙන්ටර්-ඩු-ක්විබෙක් ප්‍රදේශයෙන්. දැන් එය සමස්ත කැනඩාවේම පාහේ සංස්කෘතික හා ප්‍රියජනක ක්ෂණික ආහාරයක් බවට පත්වෙලා තියනවා.

04. රුසියාවේ පිරොෂ්කි

Pirozhki කියන්නෙ “Pie” සඳහා රුසියානු වචනයයි. මේ වචනය පැරණි රුසියානු “පිරි” (“මංගල්‍යය”) මගින් පැවත එන්නක්. මෙයින් පෙන්නුම් කරන්නේ ඕනෑම මංගල්‍යයක් හා සැමරුමක් සඳහා පිරොෂ්කි ආහාරයට ගන්න ඕන කියලයි. මේ කුඩා ආහාරය දැන් රටේ හැම තැනකම විකුණන්න තියනවා. සාමාන්‍යයෙන් කුඩා ආපනශාලා සහ සාප්පු වලත් තියනවා. මස්, මාළු සහ බිත්තර සිට එළවළු සහ පලතුරු දක්වා මෙහි අඩංගු වෙනවා.

03. චීනයේ Jī zhuǎ (කුකුල් ඇඟිලි හා නියපොතු)

චීනයේ මිනිසුන් කුකුළු මස් කන එක ටිකක් අමුතු දෙයක් වගේ පේන්න පුලුවන්. ඒත් ඒක එයාලගෙ සෞඛ්‍යයට ගොඩක් හොව බව එයාලා විශ්වාස කරනවා. චිකන් කියන්නෙ සාමාන්‍ය චීන වීදි ආහාරයක්. ගොඩක් වෙලාවට මේක වෙනත් රටවලින් හොයාගන්න අමාරුයි. සාමාන්‍යයෙන් අච්චාරු දමන ලද මිරිස් හෝ බාබකියු සෝස් වලට රසකාරක එකතු කරනවා. එය ලුණු දැමූ හෝ බැදපු ආහාරයක් වුණත් එයට හැම විටම කුළුබඩු එකතු කරලා තියනවා. චීනයේ හැම තැනකම මේ කෑම වර්ගය ගොඩක් ජනප්‍රියයි.

02. පෘතුගාලයේ පැස්ටල් ඩි නටා

පැස්ටල් ඩි නටා කියන්නෙ 18 වන සියවසේ කතෝලික ආගමිකයින් විසින් නිර්මාණය කල ආහාරයක්. ඒ කාලයේ ආරාමවල බිත්තර සුදුමද විශාල ප්‍රමාණයක් කෑම භාවිතා කලා. ඔවුන් කේක් හා පේස්ට්‍රි සෑදීමට ඉතිරි බිත්තර කහ මදය භාවිතා කලා. එහෙමයි මේ ආහාරය බිහිවුණේ. සීනි සහ බටර් සහිත බිත්තර ටාට් දැන් පෘතුගාලයේ ප්‍රසිද්ධ වීදි ආහාරයක් බවට පත් වෙලා තියනවා.

01. පේරු හි සෙවිච්

පේරු හි “ජාතික උරුමයේ” කොටසක් ලෙස ප්‍රකාශයට පත් කළ එකම ආහාරය වන සෙවිච් තමයි අපේ ලැයිස්තුවේ අංක එක බවට පත්වෙන්නේ. එහි ගෞරවය වෙනුවෙන් නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරලත් තියනවා. මෙහි සාම්ප්‍රදායික වට්ටෝරුවට නැවුම් මිරිකාගත් දෙහි හෝ ඇඹුල් දොඩම් යුෂ, පෙති කපන ලද ළූණු, මිරිස් ගම්මිරිස්, ලුණු හා ගම්මිරිස් එකතු කරලා හදපු අමු මාළු කැබලි ඇතුළත් වෙනවා.

ඔයාගෙ ප්‍රියතම වීදි ආහාර මොනවාද? මේ ආහාර වර්ග ඔයත් රසවිඳලා තියනවද? ඔයාගෙ අදහස් අපට කියන්න.

 

උපුටා ගැනීම:   Ceylon journal

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!