මුළු ලෝකයෙන්ම සඟවා නිර්මාණය කර ඇති, අරුම පුදුම නිවාස 10ක් (ශිල්ප හා විනෝදාංශ)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

නිවාස කියන්නේ මිනිස් ශිෂ්ටාචාරයේ ප්‍රගමනයත් සමගම ඉදිරියට ආ මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් බව ඔබ දන්නවා. කෙසේ වෙතත් ඈත පුරාණ කාලයේදී නිවාස සෑදීම සදහා එවකට මිනිසුන් ලොකු ප්‍රවණතාවයක් නොදුන්නත් ගල් ගුහාවක් හෝ ගස් බෙනයක් පවා තම නිවස විදියට භාවිතා කරල තියෙනවා. නමුත් වර්තමාන ලෝකය වන විට නිවසක් කියන එක එහෙම ආවට ගියාට හදන එකක් නෙමෙයි. සමහර අයගේ මුළු ජීවිත කාලයෙන් වැඩි හරියක්ම වැය වෙන්නේ තමන්ටම කියලා නිවසක් හදාගන්න.

නිවසක් සාදාගෙන ඒ තුළ පදිංචි වීම මගින් මිනිසුන්ට තමාගේම ලෝකයක් තුළ තනිවෙන්න පුලුවන් අවස්ථාවක් ලැබෙනවා. අද අපි කියන්න යන්නේ ඒ වගේ ලෝකයෙන් ඇත්තෙන්ම තනිවෙන්න පුලුවන්, ලෝකයට සඟවා නිර්මාණය කර ඇති නිවාස 10ක් පිලිබඳවයි. ඇත්තටම මේ නිවාස නිර්මාණය කරලා තියෙන සැලසුම් හා ස්ථාන වලට අනුව එම ස්ථානයේ නිවසක් තියෙනවද කියලා කාටවත් එක පාරටම හිතාගන්න බැහැ.

01. ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි භූගත නිවාසය

මෙම නිවස අඩි 6.5ක් පොළව තුළට බස්සවා නිර්මාණය කොට ඇත. පිටතින් බැලූ විට ඉතා කුඩා බිංගෙයක් මෙන් පෙනුනත් ඇතුලතින් මෙය ඉතා සුඛෝපභෝගී ආකාරයෙන් නිමවා ඇත. මෙහි ගෙවත්තක් හා පිහිනුම් තටාකයක් ද ඇතුලත් වෙයි.

02. කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියාහි පිහිටා ඇති පයින් ගස් යට ඇති නිවාසය

මෙම නිවාසයේ සැලසුම හා වහලය මත ඇති පාසි නිසා මෙය පරිසරයෙන් වෙන්කොට හඳුනා ගැනීම ඉතා අපහසුය.

03. චීනයේ හුනාන් හි සාප්පු සංකීර්ණයක වහලය මත පිහිටා ඇති නිවාස

චීනයේ මිලියන 4ක පමණ ජනගහනයක් ජීවත්වන මෙම නගරයේ සාප්පු සංකීර්ණයක් මත මේ ආකාරයේ නිවාස ගොඩනගා ඇත්තේ මෙම අධික ජනගනත්වයට විසඳුමක් ලෙසය.

04. ඇමරිකා එක්සත් ජනපදයේ උටාහ් හී කැන්‍යොන් මාලිඟාව

නිදහසේ සාමකාමී පරිසරයක ජීවත් වීමට කැමති විවාහක යුවළක් විසින් මෙම නිවස 1986 නිර්මාණය කොට ඇත.

05. ස්විට්සර්ලන්තයේ වෑල්ස් හි විලා වෑල්ස්

මෙය සාදා ඇත්තේ භුගතවය. ඒ සඳහා විශේෂ හේතුවක් ඇත. එම පලාතේ නීතියට අනුව, භූ දර්ශන විනාශ වන නිසා උස් ගොඩනැගිලි සෑදීම තහනම් ය. එම නිසා මෙම ග්‍රහ නිර්මාණ ශිල්පියා විසින් මෙය පොළව යට ඇති ගුහාවක ආකාරයෙන් නිමවා ඇත.

06. චිලී, කොකිම්බෝ හී පිහිටා ඇති ක්ලිෆ් හවුස්

සබ්මැරීනයක ආකාරයෙන් නිමවා ඇති මෙම නිවස තට්ටු දෙකකින් සමන්විතය. මෙහි පහළ තට්ටුව ඇත්තේ පොළව යටය.

07. නෝර්වේ හෝර්ඩලැන්ඩ් හී ලේක් ෂැලේ

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්කය වූයේ භූ දර්ශනය සමඟ පූර්ණ ලෙස ඒකාබද්ධ වීමයි. ගෘහ නිර්මාණ ශිල්පීන් එය සාක්ෂාත් කර ගැනීම සඳහා උපරිම උත්සාහයක් ගෙන තිබේ.

08. ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා හී ඔවේසස් කාන්තර නිවාසය

දුරක සිට බැලූ විට මිය ගිය කොළ ගොඩකට සමානව පෙනෙන මෙම අමුතු නිවස පිහිටා ඇත්තේ කැලිෆෝනියානු කාන්තාරයක ය. කොන්ක්‍රීට්, වානේ, තඹ සහ වීදුරු වලින් මෙය නිමවා ඇත.

09. ස්විට්සර්ලන්තයේ ලැප්ලන්ඩ් හි මිරර් කියුබ් හෝටලය

මෙම ගොඩනැගිල්ලේ පිටත බිත්ති වීදුරුවලට මුහුණ ලා අධෝරක්ත පටල තට්ටුවකින් ආලේප කර ඇති අතර එමඟින් කුරුල්ලන්ට බාධාවක් ද ඇති කරයි.

10. ලෙබනන් හි බෙරූට් වල පර්වත නිවහන

මුලින්ම කවුරුත් මේ නිවස හදන්න පුලුවන් වෙයි කියලා විශ්වාස කළේ නැහැ. නමුත් එහි පරිගණක ත්‍රිමාන නිර්මාණය එළි දැක්වූවාට පසුව විශාල ආයෝජකයන් ප්‍රමාණයක් මේ සඳහා උනන්දු වුණා. කෙසේ වෙතත් මෙම නිර්මාණය සඳහා අවසානයේ ආයෝජනය කරනු ලැබුවේ ලෙබනනයේම ඉඩම් ඒජන්සියක් මගිනුයි.

බෝනස් එකක්

ඔබේ උපකල්පන හැකියාව ඔඅබට මොනව කිව්වත් මේක නම් VisualizingArchitecture.com හි ඇලෙක්ස් හොග්ෆ්‍රෙ විසින් ෆොටෝෂොප් කරපු ඡායාරූපයක්. විශේෂයෙන් වෙරළේ රළ බිඳෙන ආකාරය සහ මීදුම නිර්මාණය කිරීමට මූලිකත්වය දෙමින් මෙම නිර්මානය සිදු කළ හැටි ඔහු පියවර 9කින් ඉදිරිපත් කර තිබෙනවා.

 

 

උපුටා ගැනීම:  Ceylon journal

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!