වර්තමාන අවධානයෙන් ගිලිහුණ නලල් බටු / physalis minima , wild gooseberry / Nottu

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ගුණ , රස හා ශාක පිලිබඳව අනවබෝධය නිසා ගලවා විනාශ කරන වටිනා ඖෂධීය ශාකයක් නලල් බටු , නොට්ටු කියන්නේ. නලල්බටු කුඹුරු , වැට මායිම් ඒ වගේම ගෙවත්ත ආශ්‍රිත ව ඉබේ වැවෙන ශාකයක් .

භෝග හිටවන්න හදන පොළෙවෙ නිතර දකින්න ලැබෙන ශාකයකි. කුඩා ප්‍රමාණයේ කහා පාට මලක් හට ගන්නා අතර කේතු හැඩති කුඩා මලු ආකාරයට මණිපත්‍ර ඇත. එ තුල තිබ්බොටු ගෙඩි ප්‍රමාණයට ගෙඩි දැකිය හැකිය. අමු ගෙඩි තිත්ත රසක් වන අතර හොදින් ඉදිණු පසු ගෙඩි රසැති පලතුරක් වෙයි. විටමින් C , කැල්සියම් බහුල පලතුරකි.

කොළ තිත්ත රසයක් තිබුනත් ගැමියන් කොළ දෙක තුනක් කලවම් මැල්ලුමට එකතු කර ගන්න අමතක නොකලේ ගුණ වත් කම දන්න නිසාය.මෙම පත්‍ර වල ඇමයිනෝ අමිල 18 අඩංගු අතර ශරීරයට අවශ්‍ය සියලු ඇමයිනෝ අම්ලය කොළ වල අඩංගු වේ. ශාක පත්‍ර පණු රෝග සදහා වඩාත් ගුණ දායක වන අතර ප්‍රතිශක්තිකරණ වැඩි කිරීම සිදු වේ.

වේදනා නාශක ගුණ මෙන්ම සැරව ගෙඩි , උණ , කැස්ස උගුරේ තුවාල , ආර්ථව රෝග , සන්ධි ආමාරැ හා හෘදයේ නිරොගිතාවය සදහා උපකාරී වේ.

ශරීරයේ රුධිර ගත සීනි ප්‍රමාණය පාලනය කරන නිසා දියවැඩියා රෝගීන් ට ආහාරමය ඖෂධයක් විදියට ගැනීමට සුදුසු වන අතර
මොළයේ සෛල වර්ධනය කිරීමේ හැකියාවත් බුද්ධි වර්ධන හැකියාවත් මේ ගෙඩි වල අන්තර්ගතයි. පිලිකාවට ගුණදායක ඔසු අන්තර්ගත ශාකයක්ද වෙයි. නොට්ටු ගෙඩි කෑමට ගැනීම නිසා පිලිකා සෛල විනාශ කිරීමට හා පාලනයට සුදුසු බව සදහන් වෙයි. කොලොස්ටරෝල් නම් රෝගයටද වටිනා ඖෂධීය ශාකයක් සේ නලල් බටු කියවෙයි. විටමින් C බහුල ආහාරයක් නිසා රුධිරය පිරිසිදු කරමින් සම පැහැපත් කරනවා.

කුඩා ගෙඩි තුළ අක්ෂි රෝග පාලනය කිරිමේ ගුණයන් ඇතුලත් වන අතර ඇසේ සුද පවතිනවා නම් මේ ගෙඩි ආහාරයට ගැනීමෙන් රෝගය වර්ධනය ඉවත් කරමින් ඇස නීරෝගී කිරීමට සමත් වෙනවා. මෙම ගෙඩි කෑමෙන් ශරීරයට ප්‍රතිඔක්සිකාරකයන් ලැබෙන අතර ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට ලොකු දායකත්වයක් ලබා දෙයි. ගෙඩිවල තන්තු බහුල නිසා මල බද්ධයට ඉතාමත් ගුණදායකයි…

රෝග රැසකට මොට්ටු ගස බොහො ඖෂධීයන් ලබා දෙන ගසකි. එහෙත් මේ ශාකය පිලිබඳව මිනිසුන් තුල ඇත්තේ අල්පමාත්‍ර දැනුමක් බව කිවයුත්තේ ගස හදුනන්නො හා ගෙඩි කෑමට ගන්නවා කියන කරුණුවත් නොදන්නා මිනිසුන් මහා රාශියක් ඉන්නා බව පෙනෙන නිසාවෙනි …

නලල් බටු , නොට්ටු , මොට්ටු , ගොඩ තක්කාලි ආදී වශයෙන් නාමයන් කිහිපයක් pysalis minima ශාකය සදහා භාවිතා වන අතර pysalis කුලයේ ශාක ලෝකය පුරාම රාශියක් හමුවෙයි. මෙම pysalis කුලයේ ශාක මිල අධික පලතුරක් සේ වාණිජ වශයෙන් ලොව පුරාම විකුණන ලබන්නේද ඉතා ඉහල මිලකටය. අප රටේ හමුවන pysalis minima / නලල් බටු , මොට්ටු , නොට්ටු නම් ශාකය ආහාරමය වශයෙන් මෙන්ම ඖෂධීය වශයෙන්ද අප්‍රකට වූ ශාකයක් බව සදහන් කල යුතුමයි.

නලල් බටු හොදින් කහ පැහැයෙන් ඉදුනු ගෙඩි රසවත් ගුණවත් පලතුරක් සේ සදහන් වෙයි. කොල , දලු කලවම් පලා මැල්ලුම් සදහා ගසේ ගුණය දන්නා උදවිය එක් කර ගනියි. ප්‍රාදේශීය වශයෙන් පරිප්පු සමගත් නලල් බටු ශාකය යොදා කෑමට පිසගන්නා අතර කැඳ සදහා ද මේ ශාකය යොදාගන්නා ප්‍රදේශ නූතනයේ පවා දක්නට ලැබෙයි …

උපුටා ගැනීමකි

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!