ඔබව වෙනස්ම ලෝකයකට රැගෙන යන නූතන ගෘහ නිර්මාණ 14ක් (ශිල්ප හා විනෝදාංශ)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ගෘහ නිර්මාණ ශිල්පය කිඔයන්නේ අනිත් කලාවන් රාශියක් එකට එකතු කරන කලාවක්. චිත්‍ර කලාව, මූර්ති කලාව, සංගීතය වගේ කලා මාධ්‍යන් වල තියෙන විවිධාකාර අංග ගෘහනිර්මාණ ශිල්පය එක්ක එකට බද්ධ වෙලා තියෙනවා. ලෝකේ පුරාම ඉතාම ශ්‍රේෂ්ට ශිෂ්ටාචාරයන් වල විශිෂ්ටත්වය පෙන්වන දෙයක් තමයි ඔවුන්ගේ ගෘහනිර්මාණ ශිල්පය. ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරය, ඊජිප්තු ශිෂ්ටාචාරය වගේමලංකාවේ වැව් බැඳි ශිෂ්ටාචාරවල විශිෂ්ටත්වය අදටත් කියැවෙන්නේ ඒවායේ ගෘහ නිමාමාණශිල්පය මගින්.

ඒ වගේ අපි ජීවත් වෙන සහශ්‍රය ගැන අනාගත ලෝකය පවා කතා කරාවි කියලා හිතන නිර්මාණ කිහිපයක් තමයි අද අපි ඔබට අරගෙන එන්නේ.

‌01. චීනයේ වූජින් වල නෙළුම් ගොඩනැගිල්ල

මෙම ගොඩනැගිල්ල පිහිටලා තියෙන්නේ චීනයේ වූජින් වල තිබෙන කෘතිම විලක් මතුපිටයි. මෙම ගොඩනැගිල්ලට එම නම ලැබී ඇත්තේ එහි පිපෙන නෙළුම් මලක් වැනි හැඩය නිසායි. මෙම ගොඩනැගිල්ල සියලුම ඍතුවල සහ කාලගුණයන් වල එකම වගේ ලස්සනට තියෙන විදියටයි මෙම ගොඩනැගිල්ල හදලා තියෙන්නේ.

02. ඇල්ප්ස් කඳුකරයෙ ඇති අයස්කාන්ත ගොඩනැගිල්ල

මේ ගොඩනැගිල්ල නම් තාම හදල නෑ. නමුත් මේක මේ වෙනකොප්ට ප්ලෑන් කරලයි තියෙන්නේ. මෙහි නිර්මාණකරුවා ඇන්ඩ්‍රි රොස්කෝ.ඔහු ඇල්ප්ස් කඳු වැටියේ රමණීය පෙනුම දැකලා එයින් ලැබූ ආස්වාදය අනුව තමයි මේ ගොඩනැගිල්ල නිර්මාණය කරන්න සැළසුම හදලා තියෙන්නේ.

03. ඉන්දියාවේ බාහාපූර්හි නෙළුම් පන්සල

‌මෙම ගොඩනැගිල්ල තමයි බහායි ආගමේ මූලිකම සිද්ධස්ථානය, මේකත් නෙළුම් මලක හැඩයට තමයි හදලා තියෙන්නේ. මෙම ගොඩනැගිල්ලේ දොරවල් සියලුම ආගමිකයන්ට විවෘතයි. මෙහි ඇති ප්‍රධාන දොරවල් 9න් ඇතුල් ගර්බයට ඇතුල් වෙන්න පුලුවන්. එහි සියලු ආගම් වල හරය සංකේතවත් කරනවා.

04. නෙදර්ලන්තයේ රොට්‍රඩ්‍රෑම් වල කියුබ් හැඩයේ ගොඩනැගිල්ල

‌රොට්‍රඩෑම් වල වීදියක තිබෙන මෙම නිවාස 40 දැක්ක ගමන් හිතෙන්නේ ලෝකෙම උඩු යටිකුරු වෙලා වගේ දැනෙනවා. මෙම නිර්මාණය කරලා තියෙන්නේ පියෙට් බ්ලොම්. මේ සියලුම ගෙවල් වල බිත්ති අංශක 45 ආනතවයි ඉදි කරල තියෙන්නේ. ඒවගේම මේවා ඇතලේ පෞද්ගලික නිවාසත් තියෙනවා.

05. බෙල්ජියමේ බෘසල්හි අණුක ආකෘතික ගොඩනැගිල්ල

පිටතින් බැලුවාම පේන්නේ මේක විශාල මූර්තියක් වගේ. නමුත් මේක ඇතුලේ සියලුම පහසුකම් තියෙන ගොඩනැගිල්ලක් තියෙනවා. මේ ටියුබ් දිගේ වැටුණු මාවත ඔස්සේ කෙනෙක්ට විද්‍යාව පිළිබඳ කෞතුගාර වලට හෝ ආපශාලා වලට ඇතුල් වෙන්න හැකියාව තියෙනවා. මෙහි යකඩ වලින් තැනූ ගෝලාකාර අණුක හැඩ නවයක් තිබෙනවා.

06. ස්පාඥ්ඥයේ වෙලෙන්සියාහි කලාගාර සංකීර්ණය

‌මේක නූතන ගෘහ නිර්මාණශිල්පයට කදිම නිදසුනක්. මෙය ඉතාම අනාගතවාදී නිර්මාණයක්, මෙය හරියට අමුතු අත්භූත සතෙකුගේ ඇටසැකිළ්ළක් ආකාරයට‍යි සාදා තිබෙන්නේ. මෙය ප්‍රධාන කොටස් පහකින් සමන්විතයි, කලාගාරයක්, චිත්‍රපටශාලාවක්, විද්‍යා කෞතුකාගාරයක්, වෙළඳ සංකීර්ණයක් සහ සාගර විද්‍යා කෞතුකාගාරයක්.

07. අසර්බයිජානයේ බාකු හි හෙයිඩාර් අලියෙව් මධ්‍යස්ථානය

මෙය අසර්බයිජානයේ ඇති ඉතාම වැදගත්ම සහ, කුතුහලය උපදවන ගොඩනැගිල්ල ලෙස සැළකෙනවා. මෙය සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පිනියක් වන සහ හදීද්ගේ නිර්මාණ්‍යක්. මෙහි කාර්‍යාල සහ කලාගාර කිහිපයක් තියෙනවා.

08. ස්වීඩන් හි මැල්මෝ වල ඇති එම්පෝරියා සාප්පු සංකීර්ණය

මෙය ස්කැන්ඩිනේවියානු රටවල ඇති විශාලම දෙපසට නැමී ඇති ජ්‍යාමිතික හැඩයන් සහිත සමමිතික වීදුරු නිසා පෙනෙන්නේ හරියට ගොඩනැගිල්ල කඩා වැටෙන්න ලං වෙලා වගේ. මෙහි ඉතා අලංකාර විදුලි සෝපාන, ඉඳගන්න බංකු වෙනුවට ස්ථාපිත ඔන්චිල්ලා මෙන්ම එල්ලේන උද්‍යාන ද තිබෙනවා.

09. ස්පාඥ්ඥයේ කැල්ප් හි ල මුරෙල්ලා ‍රොජා

ඕනැම කෙනෙක් ජීවත් වෙන්න කැමති වෙන වර්ගයේ නිවාස සංකීර්ණයක් තමයි මේ දකුණු ස්පාඥ්ඥයේ ල මුරෙල්ලා රොජා කියන්නේ. මෙහි නමේ අර්ථය වන්නේ රතු බිත්ති යන්නයි. මෙය අරාබි මධ්‍යධරණී ගෘහ නිර්මාණ ශිල්පයට විශාල නෑකමක් දක්වනවා. මෙම ගොඩනැගිල්ල අහ්‍යන්තරය දම් සහ නිල් පැහැතියි.

10. සිංගප්පූරුවේ කලා සහ විද්‍යා කෞතුකාගාරය

මෙය සිංගප්පූරුවේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයක්. මෙහි හැඩය අතක් හෝ නෙළුම් මලක් සිහිගන්වනවා. මෙයට පසු පසුපසින් ඇත්තේ සුප්‍රකට මරීනා බේ සෑන්ඩ් හෝටලයයි.

11. එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ අබුඩාබිහි කැපිටල් ගේට් ගොඩනැගිල්ල
© GekaSkr/depositphotos© FritzDaCat/wikipedia

මෙය අඩි 520ක් උසැති තට්ටු 35ක ගොඩනැගිල්ලක්. මෙය ගිනැස් වාර්තා වලට ඇතුලත් වෙලා තිබෙන්නේ මිනිසා විසින් සෑදු ලොව විශාලම ඇලවෙන ගොඩනැගිල්ල ලෙසයි. මෙය අංශක 18ක් ආනතයි, පීසාහි ඇලවෙන කුළුන ආනත වෙන්නෙ අංශක 4ක් පමණයි.

මෙය අබුඩාබිහි ඇලවෙන කුළුන ලෙසත් හඳුන්වනවා.

12. නෙදර්ලන්තයේ රොට්‍රඩෑම් හි මාර්ක්තාල්

මෙය ලෝකයේ ලස්සනම ශාලාව ලෙස හැඳින්වූවත් වරදක් නැහැ. නෙදර්ලන්තයේ රැජිණිය පවා මෙහි විවෘත කිරීමේ උත්සවයට පැමිණියා. මෙම ආරුක්කු හැඩය සහිත ගොඩනැගිල්ලේ ආරුක්කුව තුල නිවාස සංකීර්ණයක් තිබෙනවා. ආරුක්කු හැඩය මැද වෙළඳ සංකීර්ණයක් තිබෙනවා. මෙහි මැද කොටසේ ඇති කලාකෘතිය ආරොන් කොනෙන් නම් කලාකරුවාගේ නිර්මාණයක්. එහි මල්, පළතුර්, මාළු ආදිය ඇඳ තිබෙනවා. එම නිසා සමහරු මෙය හඳුන්වන්නේ රොට්‍රඩෑම් හි සිස්ටයින් පල්ලිය කියලා.

13. ස්පාඥ්ඥයේ බිල්බාඕ හි ගගෙන්හෙයිම් කෞතුකාගාරය

විසංයෝජනවාදය අනුව අනුව ගොඩනැගූ ලොව විශාලම ගොඩනැගිල්ල මෙයයි. පිලිප් ජෙන්සන් නම් ගෘහ නිර්මාණ ශිල්පියා මෙය හැඳින්වුයේ අපේ කාලයේ ශ්‍රේෂ්ටතම ගෘහ නිර්මාණ ආකෘතිය ලෙසයි. මෙහි ස්ථිර සහ තාවකාලික ගොඩනැගිලි දෙවර්ගයම තිබෙනවා. ස්ථිර කලාකෘති 20වන සියවසේ කලා නිර්මාණයි. මෙය නිව්‍යෝක් නගරයේ ඇති ගගන්හෙයිම් කෞතුකාගාරය එක්ක පටලවා ගන්න එපා.

14. ඔස්ට්‍රියාවේ ග්‍රාස් හි කුන්ස්තුආස් ග්‍රාස්

මෙම නූතන කලාගාරය හඳුන්වන්නේ ‘හිතමිතුරු පිටසක්වලයා’ කියලයි. සමහරු මෙහි හැඩය තල්මසෙකුගේ වගේ කියලත්, තවත් සමහරු හදවතක හැඩයක් කියලත් කියනවා. මෙය බ්ලොබ් ගෘහනිර්මාණ ශිල්පය ලෙස හඳුන්වන, වඩා කාබනික හැඩැති ගෘහ නිර්මාණ ආකෘති ප්‍රවණතාවය අනුව සෑදුවක්. මෙහි වඩාත්ම සුන්දර දේ වන්නේ මෙම විශාල ජීවියා රාත්‍රියට දිලිසීමට පටන් ගැනීමයි.

බෝනස් එකක්

අමුතුම ඇලයකට තිබෙන ගෘහ නිර්මාණ

වික්ටර් එන්රිච් කියන බාසිලෝනාහි මාධ්‍ය කලාකරුවා තිබෙන ගෘහ නිර්මාණ විසංයෝජනය්සහ ප්‍රතිසංයෝජනය කරමින් නව නිර්මාණ කරනවා. නමුත් මේවා සැබෑ ඒවා නෙවෙයි. ඒවා පරිඝනක ග්‍රැෆික් නිර්මාණයි.

 

‌උපුටා ගැනීම:  Ceylon journal

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!