බ්‍රිතාන්‍ය පාලන සමයේ පටන් අද වන තුරු මහනුවර පුරවරය දීප්තිමත් කළ හිල්වුඩ් විද්‍යාලය

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“ඔබගේ පුතෙකු අධ්‍යාපනය ලැබුවහොත්, ඔහු පුද්ගලයකු දැනුවත් කරයි, නමුත් ඔබගේ දියණියක අධ්‍යාපනය ලැබුවහොත්, ඇය මුළු පවුලක්ම දැනුවත් කරයි.”

ශ්‍රී ලංකාව පිරිමි ළමුන් විසින් ආධිපත්‍යය දැරූ සහ දියණියන් අධ්‍යාපනය සඳහා යැවීම පිළිබඳ අගතියෙන් පෙළෙමින් සිටි යුගයක බෙලර්බි මහත්මිය මෙසේ පැවසුවාය.

වර්ෂ 1888 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිත පාලනයට නතුව පැවති විට ඇන්ග්ලිකන් මිෂනාරිවරුන් පොහොසත් උරුමයක් සහිත කීර්තිමත් පාසලක් නිර්මාණය කිරීමට තීරණය කරන ලදී.

වර්ෂ 1872 දී සෙංකඩගල අධිපතීන්ගේ පුතුන් දැනුමින් පෝෂණය කිරීම සඳහා ආරම්භ කරන ලද පිරිමි පාසල වන ත්‍රිත්ව විද්‍යාලය හා සමානවම අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසන නුවර පුරවරයේ උඩරට ගැහැණු ළමයින් සඳහා පාසලක් ආරම්භ කිරීමට එංගලන්ත පල්ලියෙන් අවසර පතන ලදී. අයර්ලන්ත ජෝන්ස් පියතුමා සහ ගරෙට් පියතුමා විසින් එංගලන්ත පල්ලියේ සෙනානා මිෂනාරි සංගමයට (CEZMS) කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස සෙංකඩගල පුරවරයේ ගැහැණු ළමයින් සඳහා පාසලක් විවෘත කරන ලෙස ඉල්ලා සිටියේය. එකී ඉල්ලීම ඉටු කිරීම සඳහා බෙලර්බි සහ එතෙල් ජෝන්ස් වර්ෂ 1889 දී ශ්‍රී ලංකාවට පැමිණියහ.

මාස දෙකක මුහුදු ගමනකින් පසු වයස අවුරුදු 23 ක් වූ එලිසබෙත් බෙලර්බි කොළඹ වරායෙන් පිටතට පැමිණ, ගොන් කරත්තයක නැගී සති දෙකක ගමනකින් අනතුරුව මහනුවර වෙත ළගාවිය. මහනුවර වැවට ඉහළින් පිහිටි ලස්සන කඳු මුදුනක දේපලක් මිලදී ගෙන, බුදුරජාණන් වහන්සේගේ පූජනීය ධන්ත ධාතූන් වහන්සේ තැන්පත් කොට ඇති තේජාන්විත දළදා මාළිඟාව පෙනෙනා තෙක්මානයේ කාන්තා පාසලක් ඉදිකිරීමට ඇය මූලික විය.

වර්ෂ 1890 මැයි 15 වන දින වැදගත් දිනයක් විය. පාසල විවෘත කිරීම සඳහා පරිපාලනය විසින් මැයි 15 දිනය නියම කළේය. නමුත් පෙර වර්ෂයේ පාසල ජුනි සිට අගෝස්තු දක්වා විවෘත වූ අතර දිනය නිර්නාමික ය. ඔවුන් පාසල පවත්වා ගෙන ගියේ “ක්ලැරන්ස් අනුස්මරණ පාසල” යන නමිනි. ආරම්භයේ දී පාසලේ සිටියේ ගැහැණු ළමයින් හත් දෙනෙකු පමණි. එම වාසනාවන්ත හත් දෙනා වනුයේ, එඩිත් ෆ්ලෝරන්ස් ඊරියගම, වයිරොඩි මැණිකේ ජේන් ගිරිහගම, ජූලියා පරණවම, ජුනි එලිසබෙත් වීරසිංහ, ලොරෙන්ෂියා එමිලි වීරසිංහ, හෙලන් කැරොලයින් ඉලංගන්තිලක, ලොකු මැණිකේ රඹුක්වැල්ල යන අයවලුන්ය.

කාලයත් සමඟ කන්ද උඩරට රාජ්‍යයේ සිතීමේ රටාව වෙනස් වීමට පටන් ගත්තේය. දෙමව්පියන් විශ්වාස කළේ තරුණ ගැහැණු ළමයින් මුළුතැන්ගෙයි වැඩවලට රාමු නොකළ යුතු බවය. උගත් පිරිමි ළමයින් සුන්දරත්වය පමණක් නොව කාන්තාවන්ගේ අධ්‍යාපනයද සොයා බැලූහ. මීට අමතරව රදල පැලන්තිය නියෝජනය කරන මිෂනාරී අධ්‍යාපනය යටතේ පැවතුණු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ පිරිමි ළමුන් සඳහා ගැටීමට කුල කාන්තාවන් අවශ‍ය විමද ප්‍රධාන සාදකයක්ව තිබූ බව බොහෝ දෙනාගේ මතය වේ. මේ සමඟ එය හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වූ අතර දෙමව්පියන් තරුණ ගැහැණු ළමයින් පාසලට යැවීමට පටන් ගත්හ.

මෙම කාර්යයේ පුරෝගාමියා වූයේ මිස් බෙලර්බි ය. ඇය පෞද්ගලිකව ගෙවල්වලට ගොස් අධ්‍යාපනයේ වැදගත්කම පැහැදිලි කළාය. තරුණ ගැහැණු ළමයින් දැන සිටියේ ගෙදර දොර කටයුතු, ඉවුම් පිහුම් සහ පිරිසිදු කරන්නේ කෙසේද යන්න ගැන පමණි. නමුත් බෙලර්බි මෙනවිය ඔවුන්ගේ ජීවිතයට අමතර වටිනාකමක් එක් කළේ එම්බ්‍රොයිඩර්, ගෘහ පාලනය සහ ගණිතය ඉගැන්වීමෙනි. ඇය ගැහැණු ළමයින්ට කියවීමට හා ලිවීමට උගන්වන ලදී. සංගීතය හා පින්තාරු කිරීම ඉගැන්වීමෙන් ඔවුන්ගේ නිර්මාණශීලි කුසලතා ඔපවත් කර ඇත. ඇය සැමවිටම විශ්වාස කළ අතර උගත් ගැහැණු ළමයෙකුට සාර්ථක පවුලක් ඇති කළ හැකි බව පැවසුවාය. අවසානයේදී දෙමව්පියන් ඇය සමඟ එකඟ විය. හිල්වුඩ් විද්‍යාලයේ කීර්තිය මහනුවර කඳුකරයට තුළට පමණක් සීමා නොවීය. එය බිබිල, මහියංගනය, රත්නපුර සහ අනුරාධපුර පවා ව්‍යාප්ත විය. පසුකාලීනව ජනතාවගේ හදවත් තුළ හිල්වුඩ් විද්‍යාලය ස්ථානගත වූ දා සිට නම මහනුවර හිල්වුඩ් විද්‍යාලය ලෙස වෙනස් කිරීමට තීරණය කරන ලදී.

බෙලර්බි මෙනවිය අවසානයේදී ස්වදේශික සම්ප්‍රදාය හා සිරිත් විරිත් ඉගෙන ගත්තේ තරුණ උඩරට සිසුන්ට වඩාත් නවීන අධ්‍යාපනයක් ලබා දීම සඳහා ය. ගුරුවරුන් බ්‍රිතාන්‍ය කාන්තාවන් වුවද, ඔවුන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දුන්නේ ශ්‍රී ලාංකික සම්ප්‍රදායන්ට හා උරුමයට හානියක් නොවන අයුරිනි.

මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ පළමු විදුහල්පතිවරයා වූ එලිසබෙත් බෙලර්බි වර්ෂ 1889 සිට 1911 දක්වා විදුහල්පති ලෙස සේවය කළේය. යාච්ඤා පොතක් අතේ තබාගෙන දිගු සුදු ඇඳුමින් සැරසුණු කුඩා කාන්තාව අවුරුදු සියයකට වඩා වැඩි කාලයක් පාසලක් පිහිටුවනු ඇතැයි කිසිවෙකු සිහිනෙන්වත් නොසිතන්නට ඇත. විද්‍යාලය ආරම්භ කිරීමෙන් පසු බෙලර්බි ආරම්භක විදුහල්පති ලෙස වසර 21 කට ආසන්න කාලයක් සේවය කළාය. ඉන් පසුව ලීනා චැප්මන් මහත්මිය ද (1911-1931) පුදුමාකාර පෞරුෂයකින් හෙබි මේරි ඩොරති රිග් (1931-1944) ගේ අකල් මරණයෙන් පසු, එලේනර් ෆොස් (1944-1946) කෙටි කාලයක් සඳහා විදුහල්පති ධුරයට පත්වූයේය. සෝමා කුමාරි සමරසිංහ (1947-1964), පළමුවන කන්ද උඩරට සිංහල ක්‍රිස්තියානි විදුහල්පති ධුරය භාර ගත්තාය. පාසල් ඉතිහාසය කියැවෙන පරිදි සෝමා කුමාරි සමරසිංහ මහත්මිය හිල්වුඩ් විද්‍යාලය රාජ්‍ය ආධාර නොමැතිව තනි සහ පෞද්ගලික ගාස්තු අය කරන පාසලක් ලෙස තබා ගැනීමට තීරණය කළ අතර එය අදටත් පවතී.

හිල්වුඩ් කාන්තා විද්‍යාලයේ කනිෂ්ඨ සිසුවියන් අර්ධ සාරිය පැළඳ සිටි අතර ජ්‍යෙෂ්ඨ සිසුවියන් සම්පූර්ණ සාරිය පැළඳ සිටියහ. මෙය අවුරුදු හැත්තෑපහකට වැඩි කාලයක් මුළුල්ලේ නිල ඇඳුම විය. මෙම නිල ඇඳුම කිසි විටෙකත් නෙට්බෝල්, සහ ටෙනිස් ක්‍රීඩා කිරීමට බාධාවක් නොවීය. ඔවුන් වඩාත් පහසු බටහිර නිල ඇඳුම් ඇඳගත් කොළඹ පාසල් දැරියන් පරාජය කරමින් බොහෝ තරඟ ජයග්‍රහණය කළහ.

ඇත්ත වශයෙන්ම, අභාවප්‍රාප්ත අමාත්‍ය ගාමිනි දිසානායක සහ අභාවප්‍රාප්ත මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෙකඩුව ඔවුන්ගේ ප්‍රාථමික අධ්‍යාපනය හිල්වුඩ්හිදී ලබා ගත්හ. හිල්වුඩ් කාන්තාවන්ගේ ආදර්ශ පාඨය වන ‘The utmost for the highest’ යන තේමාව පසුගිය වසර 130 පුරා අනුගමනය කර ඇත. මේ වැදගත් කාලය තුළ හිල්වුඩ් මවගේ දියණියන් කිසි විටෙකත් ඔවුන්ගේ මවිතයට පත් කර ඇති ශක්තියෙන් හා කුසලතාවන්ගෙන් ලෝකය විස්මයට පත් කිරීම නතර කර නැත. මෙම ශාස්ත්‍රාලය ජාතිය වෙනුවෙන් කැපවූ සේවාවන් ඉටු කළ බොහෝ හිල්වුඩියන්වරුන් බිහි කර තිබේ. #IamThilanka

©️ සෙංකණ්ඩ පුර – තිලංක රත්නායක

ThilankaRathnayake #BookSenkanda #Ceylon #OldIsGold #OldCeylon #HillwoodCollegeKandy #Kandy #SriLanka

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!