2012 ගිණුම්කරණය බහුවරණ ප්‍රශ්න

0%
0

Past Papers | Accounting

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2012 - ගිණුම්කරණය

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 2 යි)

01 සිට 30 තෙක් එක් එක් ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින් ඉතාමත් ගැළපෙන උත්තරය තෝරන්න.

1 / 30

Category: Accounting 2012

01. ගිණුම්කරණයේ මූලික අරමූණ වන්නේ,
(1) ආයතනයක සියලු ම ගනුදෙනු ගිණුම් පොත්වල සටහන් කිරීම ය.
(2) ආයතනයක ගනුදෙනු සටහන් කිරීම, වර්ගකිරීම සහ සාරාංශ කිරීම ය.
(3) ආයතනයක මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කරඇති තොරතුරු විශ්ලේෂණය කිරීම ය.
(4) ආයතනයක ගනුදෙනුවල සවිස්තරාත්මක විශ්ලේෂණයක් එහි කළමනාකරුවන්ට සැපයීම ය.
(5) ආයතනයක් පිළිබඳ තොරතුරු, එහි තොරතුරු භාවිතා කරන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා සැපයීම ය.

2 / 30

Category: Accounting 2012

02. පහත දැක්වෙන කුමන ගනුදෙනුව ආයතනයක ගැනුම් ජර්නලයෙහි සටහන් කරනු ලබයි ද?
(1) ණයට මිල දී ගන්නා ලද සියලු ම වත්කම්
(2) විකිණීමේ පරමාර්ථයෙන් කරන ලද සියලු ම ගැනුම්
(3) විකිණීමේ පරමාර්ථයෙන් කරන ලද සියලු ණයට ගැනුම්
(4) ණයට විකිණිමේ පරමාර්ථයෙන් කරන ලද සියලු ම ගැනුම්
(5) ණයට මිල දී ගන්නා ලද සියලු ම දේපල, පිරිතය සහ උපකරණ

3 / 30

Category: Accounting 2012

03. ව්‍යාපාරයක් රු. 500 000ක් වටිනා භාණ්ඩ ණයට විකිණීය. පිරිවිතරවලට එකඟ නොවන්නේයැයි දක්වා ගනුදෙනුකරුවෝ මෙයින් රු. 50 000ක් වටිනා භාණ්ඩ හරවා එවුහ. පසුව ගනුදෙනුකරුවෝ මුදල් ගෙවා ඉතිරි ශේෂය පියවූහ. මෙම ගනුදෙනු සටහන් කිරීමට භාවිතා කරන මූලාශ්‍ර ලියවිලිවල අනුපිළිවෙළ වන්නේ,
(1) ඉන්වොයිසිය, හරපත සහ ගෙවීම් වවුචරය
(2) ඉන්වොයිසිය, බැරපත සහ ගෙවීම් වවුචරය
(3) ඉන්වොයිසිය, ජර්නල් වවුචරය සහ ලදුපත
(4) ඉන්වොයිසිය, හරපත සහ ලදුපත
(5) ඉන්වොයිසිය, බැරපත හා ලදුපත

4 / 30

Category: Accounting 2012

04. ගිණුම්කරණ ක්‍රියාවලිය තුළ පහත කාර්යවල නිවැරදි අනුපිළිවෙළ කුමක් ද?
A – මූලික පොත්වල සටහන් තැබීම.
B – මූලාශ ලියවිලි පිළියෙල කිරීම.
C – ව්‍යාපාර ගනුදෙනු සිදුවීම.
D – ශේෂ පිරික්සුම පිළියෙල කිරීම.
E - ලෙජරයට ගනුදෙනු පිටපත් කිරීම.
(1) B, D, C, A, E
(2) C, B, A, E, D
(3) C, B, A, D, E
(4) C, A, B, E, D
(5) D, B, C, A, E

5 / 30

Category: Accounting 2012

05. මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේ සහ ඉදිරිපත් කිරීමේ ආකෘතිමය රාමුවට අනුව මූල්‍ය ප්‍රකාශනවලට පදනම් වන උපකල්පන දෙක කුමක් ද?
(1) ඒකක සහ උපවිත
(2) ඒකක සහ අඛණ්ඩ පැවැත්ම
(3) ඒකක සහ කාලවිජේද
(4) උපවිත සහ අඛණ්ඩ පැවැත්ම
(5) කාලවිජේද සහ මූල්‍ය මිනුම්

6 / 30

Category: Accounting 2012

06. විකුණු භාණ්ඩවල පිරිවැය, වියදමක් ලෙස ද වර්ෂය අග තොග, වත්කමක් ලෙස ද හඳුනාගැනීම් වඩාත් හොඳින් විස්තර කරනුයේ පහත දැක්වෙන කුමන ගිණුම්කරණ සංකල්පය ද?
(1) අඛණ්ඩ පැවැත්ම
(2) ඵෙතිහාසික පිරිවැය
(3) ගැළපුම
(4) ආරක්ෂණ
(5) උපලබ්ධි

7 / 30

Category: Accounting 2012

07. සමාගමක් විසින් අවුරුදු 10කට පෙර ඉඩමක් මිල දී ගත් අතර දැනට එහි සාධාරණ අගය ගැනුම් මිල මෙන් 5 ගුණයක් වේ. මෙම ඉඩම එහි සාධාරණ අගයට ප්‍රත්‍යාගණනය කළේ නම්, පහත සඳහන් ගිණුම්කරණ තොරතුරුවල කුමන ගුණාත්මක ගති ලක්ෂණය එයින් නිරූපණය කෙරේ ද?
(1) සැසඳිය හැකි බව
(2) අදාළ බව
(3) විශ්වසනීය බව
(4) යථාරූපි බව
(5) තේරුම් ගත හැකි බව

8 / 30

Category: Accounting 2012

08. ආයතනයක් විසින් යන්ත්‍රයක් නඩත්තු කිරීම සඳහා රු. 8 000 ක් ගෙවන ලදී. මෙම ගනුදෙනුවෙහි බලපෑම ගිණුම්කරණ සමිකරණයෙහි පෙන්වන්නේ,
(1) රු . 8 000කින් වත්කම් අඩුවීම සහ රු . 8 000කින් වගකීම් අඩුවීම ලෙස ය.
(2) රු . 8 000කින් වත්කම් අඩුවීම සහ රු . 8 000කින් වගකීම් වැඩිවීම ලෙස ය.
(3) රු . 8 000කින් වත්කම් අඩුවීම සහ රු . 8 000කින් හිමිකම් අඩුවීම ලෙස ය.
(4) රු . 8 000කින් වත්කම් අඩුවීම සහ රු . 8 000කින් හිමිකම වැඩිවීම ලෙස ය.
(5) රු . 8 000කින් වත්කම් අඩුවීම සහ රු . 8 000කින් වත්කම් වැඩිවීම ලෙස ය.

9 / 30

Category: Accounting 2012

09. වර්ෂයක් තුළ දී තනි ව්‍යාපාරිකයෙකුගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය රු . 500 000 කින් වැඩි විය. පහත සඳහන් කුමන ගනුදෙනුව මෙම වැඩිවීම පෙන්නුම් නොකෙරේ ද?
(1) ව්‍යාපාරය රු. 500 000 ක ලාභයක් ඉපැයීම.
(2) අයිතිකරු රු. 500 000ක් නව ප්‍රාග්ධනය ලෙස හඳුන්වා දීම.
(3) ව්‍යාපාරයේ භාවිතය සඳහා අයිතිකරු ඔහුගේ රු. 500 000 ක් වටිනා මෝටර් වාහනයක් ගෙන ඒම.
(4) අයිතිකරු ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් ඔහුගේ පෞද්ගලික ණයක් වන රු. 500 000 ක් ගෙවීම.
(5) ව්‍යාපාරයේ සැපයුම්කරුවකුට ගෙවිය යුතු රු. 500 000 ක් අයිතිකරුයේ පෞද්ගලික බැංකු ගිණුමෙන් ගෙවීම.

10 / 30

Category: Accounting 2012

10. ආයතනයක් එහි සියලු ම මුදල් ගනුදෙනු බැංකු ගිණුමක් ආශ්‍රයෙන් පවත්වාගෙන යයි. 2012.01.31 දිනට එහි මාසික බැංකු ප්‍රකාශයෙහි රු . 270 000ක බැර ශේෂයක් පෙන්නුම් කරන ලදී. මෙදිනට බැංකුවෙයි තැන්පත් කළමුත් උපලබ්ධි නොවු චෙක්පත් සහ නිකුත් කළමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත් අනුපිළිවෙළින් රු .85 000ක් සහ රු . 45 000ක් විය. 2012.01.31 දිනට ආයතනයේ පොත්වල බැංකු ශේෂය (හර)
(1) රු . 225 000
(2) රු . 230 000
(3) රු . 270 000
(4) රු . 310 000
(5) රු . 355 000

11 / 30

Category: Accounting 2012

11. ව්‍යාපාර ආයතනයක කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කිරීමෙන් පසු පහත දැක්වෙන වැරදි අනාවරණය විය.
(i) ණයගැතියෙකුගෙන් ලද රු . 18 500 ක මුදලක් 15 800 ක් ලෙස ණයගැති ගිණුමෙහි සටහන් වී ඇත.
(ii) ණයට විකුණුම් රු. 25 000 ක් රු. 2 500 ක් ලෙස විකුණූම් ගිණුමට බැර කර ඇත.
(iii) ආපසු එවුම් රු. 3 000ක් විකුණුම් ගිණුමට හර කර ඇත.
මෙම වැරදි නිසා ආයතනයේ ලාභය අවතක්සේරු වී ඇත්තේ,
(1) රු . 18 500 කින් ය.
(2) රු . 22 500 කින් ය.
(3) රු . 25 200 කින් ය.
(4) රු . 25 500 කින් ය.
(5) රු . 28 200 කින් ය.

12 / 30

Category: Accounting 2012

12. තොග අයිතම තුනක් සඳහා 2012.03.31 දිනට පහත සඳහන් තොරතුරු සමාගමක් විසින් සපයා ඇත.
අයිතම      නිෂ්පාදන පිරිවැය (රු.)       අපේක්ෂිත විකුණුම් ආදායම (රු.)      අපේක්ෂිත   විකුණුම් වියදම (රු.)
A                      13 000                                         15 000                                                   5 000
B                      10 000                                         16 000                                                   4 000
C                      17 000                                         19 000                                                   7 000
අයිතම ක්‍රමය අනුව 2012.03.31 දිනට තොගයේ වටිනාකම කුමක් ද?
(1) රු . 32 000
(2) රු . 34 000
(3) රු . 40 000
(4) රු . 42 000
(5) රු . 50 000

13 / 30

Category: Accounting 2012

♦ ප්‍රශ්න අංක 13 සහ 14 ට පිළිතුරු සැපයීම සඳහා ව්‍යාපාර ආයතනයකට අදාළ පහත සඳහන් තොරතුරු භාවිතා කරන්න.
(i) වැටුප්:                                                                                                    රු.

2012.03.31 දිනෙන් අවසන් වර්ෂයේ දි ගෙවන ලද                                44 000
ගෙවිය යුතු       -2011.03.31 දිනට                                                           4 000
                        - 2012.03.31 දිනට                                                       24 000
(ii) කුලී ආදායම්:
2011.10.01 දින කුලියට දුන් ගොඩනැගිල්ලක් සඳහා 2012.06.30 දිනෙන් අවසන් මාස 9 සඳහා රු . 90 000 ක කුලියක් ලැබුණි.
13. 2012.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනයෙහි වාර්තා කළ යුතු වැටුප් සහ කුලී ආදායම කොපමණ ද
    වැටුප් (රු.)                                              කුලී ආදායම් (රු.)
(1) 24 000                                                          30 000
(2) 28 000                                                          30 000
(3) 44 000                                                          60 000
(4) 64 000                                                          60 000
(5) 64 000                                                           90 000

14 / 30

Category: Accounting 2012

♦ ප්‍රශ්න අංක 13 සහ 14 ට පිළිතුරු සැපයීම සඳහා ව්‍යාපාර ආයතනයකට අදාළ පහත සඳහන් තොරතුරු භාවිතා කරන්න.
(i) වැටුප්:                                                                                                    රු.

2012.03.31 දිනෙන් අවසන් වර්ෂයේ දි ගෙවන ලද                                 44 000
ගෙවිය යුතු        -2011.03.31 දිනට                                                           4 000
                        - 2012.03.31 දිනට                                                       24 000
(ii) කුලී ආදායම්:
2011.10.01 දින කුලියට දුන් ගොඩනැගිල්ලක් සඳහා 2012.06.30 දිනෙන් අවසන් මාස 9 සඳහා රු . 90 000 ක කුලියක් ලැබුණි.
14. 2012.03.31 දිනට ශේෂ පත්‍රයෙහි ඉහත ගනුදෙනුවට අදාළ හඳුනාගත යුතු මුළු වගකීම් කොපමණ ද?
(1) රු . 20 000
(2) රු . 24 000
(3) රු . 30 000
(4) රු . 54 000
(5) රු . 60 000

15 / 30

Category: Accounting 2012

♦ ප්‍රශ්න අංක 15 සහ 16 ට පිළිතුරැ සැපයීමට පහත සඳහන් තොරතුරු භාවිතා කරන්න.
2011.04.01 දින අමිල සහ කපිල හවුල් ව්‍යාපාරයකට එළඹුන අතර පහත සඳහන් එකඟතා ඇතිකර ගත්හ.
(අ) එක් හවුල්කරුවෙකුට රු. 100 000 ක වාර්ෂික වේතනයක් හිමිවීම
(ආ) 10% ක වාර්ෂික පොළියක් හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ශේෂය මත හිමිවීම
(ඉ) පිළිවෙළින් 3:2 අනුපාතයට ලාභඅලාභ බෙදා ගැනීම
ප්‍රාග්ධනය ලෙස අමිල සහ කපිල විසින් පිළිවෙළින් මුදලින් රු . 400 000 ක් සහ රු .200 000 ක් බැගින් යොදාවන ලදී.
2012.03.31 දිනෙන් අවසන් වර්ෂයේ දී හවුල් ව්‍යාපාරය රු . 360 000 ක ශුද්ධ ලාභයක් ඉපැයීය.
15. 2012.03.31 දිනට අමිල සහ කපිලගේ ජංගම ගිණුම් ශේෂයන් කොපමණ ද?
       අමිල (රු.)                                                           කපිල (රු.)
(1) 140 000                                                                 120 000
(2) 160 000                                                                 140 000
(3) 200 000                                                                 160 000
(4) 216 000                                                                  144 000
(5) 600 000                                                                 360 000

16 / 30

Category: Accounting 2012

♦ ප්‍රශ්න අංක 15 සහ 16 ට පිළිතුරැ සැපයීමට පහත සඳහන් තොරතුරු භාවිතා කරන්න.
2011.04.01 දින අමිල සහ කපිල හවුල් ව්‍යාපාරයකට එළඹුන අතර පහත සඳහන් එකඟතා ඇතිකර ගත්හ.
(අ) එක් හවුල්කරුවෙකුට රු. 100 000 ක වාර්ෂික වේතනයක් හිමිවීම
(ආ) 10% ක වාර්ෂික පොළියක් හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ශේෂය මත හිමිවීම
(ඉ) පිළිවෙළින් 3:2 අනුපාතයට ලාභඅලාභ බෙදා ගැනීම
ප්‍රාග්ධනය ලෙස අමිල සහ කපිල විසින් පිළිවෙළින් මුදලින් රු . 400 000 ක් සහ රු .200 000 ක් බැගින් යොදාවන ලදී.
2012.03.31 දිනෙන් අවසන් වර්ෂයේ දී හවුල් ව්‍යාපාරය රු . 360 000 ක ශුද්ධ ලාභයක් ඉපැයීය.
16. අමිල සහ කපිල රු. 50 000 බැගින් වර්ෂය තුළ ගැනිලි ලෙස ද ලබා ගත්තේ නම්, 2012.03.31 දිනට හවුල් ව්‍යාපාරයේ හිමිකම කොපමණ ද?
(1) රු. 260 000
(2) රු. 500 000
(3) රු. 600 000
(4) රු. 660 000
(5) රු . 860 000

17 / 30

Category: Accounting 2012

17. ලාබඅලාභ 2:2:1අනුපාතයට බෙදාගනිමින් අමල්, බිමල්, වමල් විසින් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ලදී. 2012.03.31 දින වමල් හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගත් අතර අමල් සහ බිමල් ලාභඅලාභ 3:2 අනුපාතයට බෙදා ගනිමින් හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යෑමට එකඟ වූහ. මෙදිනට, හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය රු. 400 000 ක් ලෙස ඇස්තමේන්තු කරන ලද අතර එය හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් තුළින් ගළපන ලදී. 2012.03.31 දිනට අමල් සහ බිමල්ගේ ප්‍රාග්ධන ගිණුම් ශේෂයන්ට මෙම කීර්තිනාම ගැළපීම කරනු ලබන ශුද්ධ බලපෑම කුමක් ද?
                 අමල්                                                                 බිමල්
(1) බලපෑමක් නොමැත.                                    බලපෑමක් නොමැත.
(2) රු. 80 000කින් අඩු වේ.                               බලපෑමක් නොමැත.
(3) බලපෑමක් නොමැත.                                    රු. 80 000කින් අඩු වේ.
(4) රු. 160 000 කින් වැඩි වේ.                           රු. 160 000කින් වැඩි වේ.
(5) රු . 240 000 කින් අඩු වේ.                           රු. 160 000කින් අඩු වේ.

18 / 30

Category: Accounting 2012

18. 2011.04.01 දිනට සීමිත අතර පොඳු සමාගමේ නිකුත් කළ සාමාන්‍ය කොටස් 500 000 ක් ද, ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුමේ ශේෂය රු. 10 000 000 ක්ද, විය. 2011.07.01 දින තිබු සෑම කොටස් 5 කට 1 බැගින් එක් කොටසක් රු. 20ක මිලට කොටස් නිකුත් කරමින් සමාගම රඳවාගත් ඉපැයුම් ප්‍රාග්ධනිත කරන ලදි. තවද 2012.01.01 දින, එදිනට පැවැති සෑම කොටස් 6 කට 1 බැගින් කොටසක මිල රු .15 ක් වු හිමිකම් නිකුතුවක් සිදුකරන ලදී. කොටස්කරුවන් විසින් සියලු ම හිමිකම් ලබා ගන්නා ලදී. මෙම ගනුදෙනුව නිසා 2012.03.31 දිනට සමාගමේ හිමිකමෙහි වැඩිවීම හෝ අඩුවීම කොපමණ ද?
(1) රු. 2 000 000කින් අඩු වේ.
(2) රු. 500 000කින් අඩු වේ.
(3) රු. 1 500 000කින් වැඩි වේ.
(4) රු. 2 000 000කින් වැඩි වේ.
(5) රු. 3 500 000කින් වැඩි වේ.

19 / 30

Category: Accounting 2012

19. පහත සඳහන් කුමන අනුපාත පිළිවෙළින් ආයතනයක මූල්‍ය ස්ථාවරත්ව සහ දුවශිලතාව මනිනු ලබයි ද?
(1) ණය-හිමිකම් අනුපාතය සහ ජංගම අනුපාතය
(2) ක්ෂණීය අනුපාතය සහ ණයගැති පිරිවැටුම් අනුපාතය
(3) පොලී ආවරණ අනුපාතය සහ මුළු වත්කම් පිරිවැටුම් අනුපාතය
(4) මුළු වත්කම් ප්‍රතිලාභ අනුපාතය සහ ජංගම අනුපාතය
(5) ණය අනුපාත සහ මුළු වත්කම් පිරිවැටුම් අනුපාතය

20 / 30

Category: Accounting 2012

20. ණයගැතියෙකු විසින් ශේෂය පියවු විට සමාගමක ජංගම අනුපාතයට සහ ක්ෂණික අනුපාතයට ඇති බලපෑම කුමක් ද?
ජංගම අනුපාතය                                ක්ෂණික අනුපාතය
(1) අඩු වේ.                                                      අඩු වේ.
(2) වැඩි වේ.                                                    වැඩි වේ.
(3) වැඩි වේ.                                                    අඩු වේ.
(4) අඩු වේ.                                                      වැඩි වේ.
(5) වෙනස් නොවේ.                                      වෙනස් නොවේ.

21 / 30

Category: Accounting 2012

21. 2012.03.31 දිනෙන් අවසන් වර්ෂය සදහා සමාගමක් සම්බන්ධයෙන් පහත තොරතුරු දී ඇත.
                                                                                  රු .
ණයට විකුණුම්                                                780 000
ණයගැතියන්ට දුන් වට්ටම්                             65 000
බොල් ණය කපා හැරීම්                                   20 000
ආපසු එවුම්                                                        35 000
වර්ෂය තුළ දී ණයගැති ශේෂය අඩුවීම       80 000
2012.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ණයගැතියන්ගෙන් ලද මුදල කොපමණ ද?
(1) රු . 580 000
(2) රු . 660 000
(3) රු . 695 000
(4) රු . 715 000
(5) රු . 740 000

22 / 30

Category: Accounting 2012

22. පහත සඳහන් කුමන දෑ ආයතනයක අසම්භාව්‍ය වගකීම් ලෙස හෙළිදරව් කෙරේ ද?
A - මූල්‍ය ආයතනයකින් ලබාගත් ණය මුදල්
B - ආයතනයට එරෙහි නොවිසඳුනු නඩුවක්
C - වෙනත් ආයතනයක් ලබාගත් ණයක් සඳහා ඇපකරුවකු වීමට ඇතිකරගත් එකඟතාවන්
D- බැංකු ගිණුමෙහි දැක්වෙන අයිරා ශේෂයක්
(1) A සහ B පමණි.
(2) A සහ C පමණි.
(3) B සහ C පමණි.
(4) A, B සහ D පමණි.
(5) A, B සහ C පමණි.

23 / 30

Category: Accounting 2012

23. 2012.03.31 දිනෙන් අවසන් වර්ෂය සදහා සීමිත මධුර පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශන එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2012.06.30 දින අනුමත කරන ලදී. 2012.04.01 සහ 2012.06.30 අතර කාලය තුළ දී මෙම සමාගමේ පහත සඳහන් සිද්ධීන් සිදුවිය.
A- අඛණ්ඩව අලාභ ලබන ව්‍යාපාර අංශයක මෙහෙයුම් කටයුතු නතර කිරීමට සැලැස්මක් නිවේදනය කිරීම.
B- ශේෂ පත්‍ර දිනට සැලකිය යුතු මුදලක් ගෙවිය යුතු ණයගැතියෙකු බුන්වත් වීම.
C- වෙළෙඳපොළ අගයන් පහත වැටීම නිසා කෙටිකාලීන ආයෝජනවල අගය අඩුවීම.
D- උසාවි තීන්දුවකට අනුව ශේෂ පත්‍ර දිනට හඳුනාගත යුතු වගකීමක් තිබූ බව තහවුරු වීම.
ඉහත සඳහන් කුමන සිදුවීම් ශේෂ පත්‍ර දිනට ගැළපිය යුතු වේ ද?
(1) A සහ C පමණි.
(2) B සහ D පමණි.
(3) A, B සහ D පමණි.
(4) B, C සහ D පමණි.
(5) A, B, C සහ D යන සියල්ල ම.

24 / 30

Category: Accounting 2012

24. ගොඩනැගිල්ලක අපේක්ෂිත ඵලදායි ජීවකාලය සං‍ශෝධනය කළ විට, මේ මගින් වත්කමෙහි වාර්ෂික ක්ෂයවීම්වල ඇතිවන වෙනස මූල්‍ය ප්‍රකාශනවල වාර්තා කරනුයේ කෙසේ ද?
(1) ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනසක් ලෙස සලකා වර්තමාන සහ අනාගත කාලපරිච්ජේදවල ලාභයට හෝ අලාභයට ගළපයි.
(2) ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනසක් ලෙස සලකා රදවාත් ඉපැයුම්හි ආරම්භක ශේෂය සංශෝධනය කරයි.
(3) වරදක් ලෙස සලකා රදවාගත් ඉපැයුම්හි ශේෂය සංශෝධනය කරයි.
(4) වරදක් ලෙස සලකා වර්තමාන කාලපරිච්ජේදයෙහි ලාභයට හෝ අලාභයට හෝ ගළපයි.
(5) ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනසක් ලෙස සලකා රඳවාගත් ඉපැයුම්හි ආරම්භක
ශේෂය සංශෝධනය කරයි.

25 / 30

Category: Accounting 2012

25. 2010.03.31 දින සමාගමක් රු. 1 300 000ක පිරිවැයකට ඉඩමක් මිල දී ගත්තේ ය.2011.03.31 දින මෙම ඉඩම එහි සාධාරණ අගය වු රු . 1 100 000 කට ප්‍රත්‍යාගණනය කරන ලදි. මෙම ප්‍රත්‍යාගණනය කරන ලදී. මෙම ප්‍රත්‍යාගණනයන් මූල්‍ය ප්‍රකාශනවල වාර්තා කරනු ලබන්නේ කෙසේ ද?

               2011.03.31 දිනට                                            2012.03.31 දිනට
(1) රු. 200 000 අලාභයක් හඳුනා ගනී. රු . 200 000 ලාභයක් හඳුනාගත් අතර ඉතිරි රු. 300 000 ප්‍රත්‍යගණන සංචිතයක් ලෙස සලකනු ලබයි.
(2) රු. 200 000 අලාභයක් හඳුනා ගනී. රු .500 000ක ප්‍රත්‍යගණන සංචිතයක් හඳුනා ගනී.
(3) රු. 200 000 අලාභයක් හඳුනා ගනී. රු .200 000ක ලාභයක් හඳුනා ගනී.
(4) රු. 200 000 අලාභයක් ප්‍රත්‍යාගණනය සංචිතයට කපා හරියි. රු .500 000 ප්‍රත්‍යාගණන සංචිතයක් හඳුනා ගනී.
(5) රු. 200 000 අලාභයක් ප්‍රත්‍යාගණනය සංචිතයට කපා හරියි. රු .200 000 ලාභයක් හඳුනාගන්නා අතර ඉතිරි රු .300 000 ප්‍රත්‍යාගණන සංචිතයක් ලෙස සලකනු ලබයි.

26 / 30

Category: Accounting 2012

26. භාණ්ඩයක නිෂ්පාදන පිරිවැය සමාන වනුයේ,
(1) සෘජු පිරිවැය සහ පොඳු කාර්ය පිරිවැයෙහි එකතුවට ය.
(2) අමුද්‍රව්‍ය පිරිවැය සහ ශ්‍රම පිරිවැයෙහි එකතුවට ය.
(3) ප්‍රාථමික පිරිවැය සහ නිෂ්පාදන පොඳුකාර්ය පිරිවැයෙහි එකතුවට ය.
(4) ) ප්‍රාථමික පිරිවැය සහ නිෂ්පාදන පිරිවැයෙහි එකතුවට ය.
(5) ) ප්‍රාථමික පිරිවැය සහ නිෂ්පාදන නොවන පිරිවැයෙහි එකතුවට ය.

27 / 30

Category: Accounting 2012

27. X නමැති අමුද්‍රව්‍යෙයහි කාර්තුවක ඉල්ලුම් ඒකක 1 250කි. එම ද්‍රව්‍යයෙහි ඒකකයක ගැනුම් මිල රු. 250කි. තොග ඇණවුම් පිරිවැය ඇණවුමකට රු. 25 ක් වන අතර තොඟ රදවා ගැණීමේ පිරිවැය ඒකකයක ගැනුම් මිලෙන් 10% ක් වේ. මෙම අමුද්‍රව්‍යෙයහි ආර්ථික ඇණවුම් ප්‍රමාණය,
(1) ඒකක 50 කි.
(2) ඒකක 100 කි.
(3) ඒකක 1 000කි.
(4) ඒකක 2 500 කි.
(5) ඒකක 5 000 කි.

28 / 30

Category: Accounting 2012

28. සමාගමක් විසින් තනි භාණ්ඩයක් නිපදවා විකුණනු ලබයි. මෙම භාණ්ඩයේ ඒකකයක විකුණුම් මිල රු. 75 ක් වන අතර ඒකකයක විචල්‍ය පිරිවැය රු. 50 කි. ස්ථාවර පිරිවැය රු . 50 000 කි. සමච්ජේද ලක්ෂ්‍ය (ඒකක) සහ විකුණුම් මට්ටම ඒකක 5 000 දී ආරක්ෂිත ආන්තිකය (රු .) පිළිවෙළින්,
(1) ඒකක 2 000 ක් සහ රු . 50 000 ක් වේ.
(2) ඒකක 2 000 ක් සහ රු . 225 000 ක් වේ.
(3) ඒකක 3 000  ක් සහ රු . 75 000ක් වේ.
(4) ඒකක 3 000  ක් සහ රු . 225 000 ක් වේ.
(5) ඒකක 5 000 ක් සහ රු . 375 000 ක් වේ.

29 / 30

Category: Accounting 2012

29. නිෂ්පාදන ව්‍යාපාරයක සමච්ජේද ලක්ෂ්‍යට අදාළ පහත සඳහන් කුමන ප්‍රකාශන නිවැරදි වේ ද?
A – ලාභයක් හෝ අලාභයක් හෝ නොමැති වීම.
B – මුළු දායකය මුළු ස්ථාවර පිරිවැයට සමාන වීම.
C – විකුණුම් ආදායම් මුළු පිරිවැයට සමාන වීම.
D – විකුණුම් ආදායම් මුළු විචල්‍ය පිරිවැයට සමාන වීම.
E – මුළු ස්ථාවර පිරිවැය මුළු විචල්‍ය පිරිවැයට සමාන වීම.
(1) A, B සහ C පමණි.
(2) A, B සහ D පමණි.
(3) A, B, C සහ D පමණි.
(4) A, C, D සහ E පමණි.
(5) A, B, C, D සහ E යන සියල්ල ම.

30 / 30

Category: Accounting 2012

30. සමාගමක නව ව්‍යාපෘතියක මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීමේ දී පහත සඳහන් කුමන අයිතම අඩංගු කෙරේ ද?
A – ව්‍යාපෘතිය සඳහා යන්ත්‍ර අත්පත් කර ගැනීමේ පිරිවැය
B – එම යන්ත්‍ර ක්ෂය
C – මෙම යන්ත්‍රවල අපේක්ෂිත සුන්බුන් අගය
D – නව ව්‍යාපෘතිය නිසා දැරීමට සිදුවන මෙහෙයුම් වියදම්
E - ව්‍යාපෘතිය සම්බන්ධව වෙළඳපොළ සමීක්ෂණයක් කිරීම සඳහා දරන ලද පිරිවැය
(1) A, B සහ D පමණි.
(2) A, C සහ D පමණි.
(3) A, C සහ E පමණි.
(4) A, D සහ E පමණි.
(5) A, B, C, D සහ E යන සියල්ල ම.

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 0%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!