2012 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය නව නිර්දේශය බහුවරණ ප්‍රශ්න

0%
8

Past Papers | Communication & Media Studies

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2012 - සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය නව නිර්දේශය

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 2 යි)

1 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින්‌ නිවැරදි හෝ ඉතාමත්‌ ගැළපෙන පිළිතුර තෝරන්න.

1 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

1. සන්නිවේදන ක්‍රියාවලිය යාන්ත්‍රික පදනමකින්‌ යුක්තව විවරණය කරන ලද්දේ

(1) විල්බර්‌ ශ්‍රාම් විසිනි.
(2) ඩේවිඩ්‌ කේ. බර්ලෝ විසිනි.
(3) ඔස්ගුඩ් හා ශ්‍රාම් විසිනි.
(4) ෂැනන්‌ හා වීවර්‌ විසිනි.
(5) හැරල්ඩ්‌ ඩී. ලැස්වෙල්‌ විසිනි.

2 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

2. මහදැනමුත්තා පිළිබඳ ගොඩනැගී ඇති කතා වඩාත් අගය කළ හැකි වන්නේ

(1) උපමා කතා ලෙස ය.
(2) වීර කතා ලෙස ය.
(3) ගැමි කතා ලෙස ය.
(4) විකට කතා ලෙස ය.
(5) ජන කතා ලෙස ය.

3 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

3. ආකේතිකරය යනු පණිවිඩය

(1) ප්‍රතිග්‍රහණය කරන්නා ය.
(2) සම්ප්‍රේෂණය කරන්නා ය.
(3) අර්ථකථනය කරන්නා ය.
(4) අනුමත කරන්නා ය.
(5) ප්‍රතික්ෂේප කරන්නා ය.

4 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

 4. "ජනමාධ්‍යකරුවන්‌ දේශපාලන ක්‍රියාකාරීන්‌ ලෙස කටයුතු කළ යුතු ය.” යන අදහස අවධාරණය කරනු ලබන සංකල්පය නම්

(1) සමාජ වගකීම්‌ සංකල්පයයි.
(2) සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පයයි.
(3) නිදහස්‌ මතවාදී සංකල්පයයි.
(4) සෝවියට්‌ කොමියුනිස්ට්‌ සංකල්පයයි.
(5) අධිපතිවාදී සංකල්පයයි.

5 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

5. සන්නිවේදනය සඳහා අවශ්‍යම කොන්දේසිය වන්නේ

(1) දෙදෙනකු සිටීම ය.
(2) ප්‍රකාශ කිරීමට අදහස්‌ තිබීම ය.
(3) සංඥා පද්ධතියක්‌ තිබීම ය.
(4) යම්‌ සිදුවීමක්‌ පැවැතීම ය.
(5) තොරතුරු පැවැතීම ය.

6 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

6. පුවත්පත්‌ භාෂා භාවිතයේ දී නොගැළපෙන ලක්ෂණයක්‌ වන්නේ

(1) සරල භාෂා රටාවකින්‌ රචනා වී තිබීම ය.
(2) ගැඹුරු භාෂා රටාවකින්‌ රචනා වී තිබීම ය.
(3) ඉලක්ක කණ්ඩායම්වලට යෝග්‍ය පරීදි රචනා වී තිබීම ය.
(4) සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා වෙනස්වීම ය.
(5) ලේඛනයේ ස්වරූපය අනුව රටාව වෙනස්‌ වීම ය.

7 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

7. “ජාතියක සංවර්ධනය සඳහා සහභාගී වීම එයින්‌ වැලකී සිටිනවාට වඩා යහපත් ය." යන අදහස ප්‍රකාශ කරන ලද්දේ

(1) ඩැනියෙල්‌ ලර්නර්‌ විසිනි.
(2) එවරට්‌ එම්. රොජර්ස්‌ විසිනි.
(3) විල්බර්‌ ශ්‍රාම් විසිනි.
(4) මාර්ෂල්‌ මැක්ලුහන්‌ විසිනි.
(5) ලුෂන්‌ පායි විසිනි.

8 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

8. ලේඛකයා පුවත්පතක කොටස්‌ වශයෙන්‌ පළකිරීමේ අපේක්ෂාවෙන්‌ තම අතීත අත්දැකීම්‌ ගළපමින්‌ නවකතාවක්‌ නිර්මාණය කිරීම තුළ ක්‍රියාත්මක වූ සන්නිවේදන වර්ගය නම්‌ කළ හැක්කේ

(1) අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය ලෙස ය.
(2) ජනසන්නිවේදනය ලෙස ය.
(3) සමූහ සන්නිවේදනය ලෙස ය.
(4) ලිඛිත සන්නිවේදනය ලෙස ය.
(5) අන්තර්‌ පුද්ගල සන්නිවේදනය ලෙස ය.

9 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

9. ඕනෑම සන්නිවේදන අවස්ථාවක දී අවශ්‍යයෙන්‌ ම දක්නට ලැබෙන සාධකයක්‌ වන්නේ

(1) සැලසුම්කරණයයි.
(2) තොරතුරු හුවමාරුවයි.
(3) තොරතුරුවල නිරවද්‍යතාවයි.
(4) ග්‍රාහක ප්‍රතිපෝෂණයයි.
(5) උචිත නාලිකා භාවිතයයි.

10 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

10. තහඬු වහල සහිත ශාලාවක පැවැත්වෙමින්‌ තිබූ දේශනය නවතා දමන්නට දේශකයාට සිදු වූයේ හදිසියේ ඇද හැලුණු වර්ෂාව නිසා වහලයෙන්‌ මතු වූ ඝෝෂාව කටහඬ ඉක්මවා ගිය බැවිනි. මෙය

(1) අර්ථ බාධකයකි.
(2) පරිසර බාධකයකි.
(3) මාධ්‍ය බාධකයකි.
(4) අර්ථ බාධකයක්‌ මෙන්‌ ම මාධ්‍ය බාධකයකි.
(5) පරිසර බාධකයක්‌ මෙන්‌ ම මාධ්‍ය බාධකයකි.

11 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

11. “සමාජයේ සාමාජිකයකු ලෙස මිනිසා විසින්‌ අත්පත්‌ කරගනු ලැබූ දනුම, විශ්වාස, කලාව, සදාචාර, නීතිය, සිරිත්‌ සහ අනෙකුත්‌ හැකියාවන්‌ හා පුරුදු ඇතුළත්‌ වූ සංකීර්ණ සමස්තය සංස්කෘතියයි.” සංස්කෘතිය පිළිබඳ මෙම නිර්වචනය ඉදිරිපත්‌ කොට ඇත්තේ

(1) රැල්ෆ්‌ ලින්ටන්‌ ය.
(2) චාල්ස්‌ ඔස්ගුඩ්‌ ය.
(3) කැස්පර්‌ මැලිනොව්ස්කි ය.
(4) එඩ්වඩ් ටයිලර්‌ ය.
(5) එඩ්වඩ්‌ සැපීර්‌ ය.

12 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

12. ගුවන්විදුලි මාධ්‍ය සතුවිය යුතු සුවිශේෂී ලක්ෂණය ලෙස සැලකිය හැක්කේ

(1) මිනිස්‌ සිත කම්පනය කරන මාධ්‍යයක්‌ වීම ය.
(2) සරල භාෂා රටාවකින්‌ යුක්ත මාධ්‍යයක්‌ වීම ය.
(3) ගෘහස්තව පරිහරණය කරන මාධ්‍යයක්‌ වීම ය.
(4) හුදකලා බව නැති කරන මාධ්‍යයක්‌ වීම ය.
(5) වෙළඳ ප්‍රචාරණ මාධ්‍යයක්‌ වීම ය.

13 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

13. සන්නිවේදනයෙන්‌ සිදු කරනු ලබන වැදගත්‌ ම සමාජ මෙහෙවර නම්‌,

(1) ප්‍රජාව අතර අන්තර්‌ සම්බන්ධතා ගොඩනැගීමයි.
(2) ග්‍රාහක ක්ෂේත්‍රය වෙත බලපෑම්‌ කිරීමයි.
(3) අදහස්‌ පොදු බවට පත්‌ කිරීමේ ක්‍රියාවලියයි.
(4) විනෝදය සහ අධ්‍යාපනය ලබා දිමයි.
(5) පුළුල්‌ ප්‍රජාවක්‌ වෙත තොරතුරු ගෙන යෑමයි.

14 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

14. සඟරා සංස්කාරකවරයකුට ලැබුණු අත්‌ පිටපතක අක්ෂර වින්‍යාසය හා ව්‍යාකරණ දෝෂ සහිත වාක්‍ය කිහිපයක්‌ දක්නට ලැබුණි. එහි සඳහන්‌ ව තිබු නිවැරදි වාක්‍යය කුමක්‌ ද?

(1) මා ඔහු සමග කතා කරමින්‌ වේදිකාවට ගොඩනැගුනෙමි.
(2) ඔහු ද මම ද එම සංවාදයට විරුද්ධ වූයෙමු.
(3) මිනිස්සු විසාල සංක්‍යාවක්‌ එතැනට එක්‌ විය.
(4) බුද්ධිමතුන්‌ කවුරුන්‌ ද යන්න ඔවුන්‌ වටහා ගත්හ.
(5) සන්වාදයේ ප්‍රථිපල සාර්ථක නැත.

15 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

15. ජනමාධ්‍ය තොරතුරුවල දකිය හැකි වඩාත්‌ කැපී පෙනෙන ගුණාංගය වන්නේ

(1) දෛනිකත්වයයි.
(2) ඵෙතිහාසිකත්වයයි.
(3) සංකීර්ණත්වයයි.
(4) විශ්‍රාන්තිකත්වයයි.
(5) විවිධත්වයයි.

16 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

16. ව්‍යාපෘතියකට තොරතුරු ලබාගැනීමේ දී උපයෝගී කරගත හැකි ක්‍රම අතරට අයත්‌ නොවන්නේ

(1) ප්‍රශ්නාවලි ක්‍රමයයි.
(2) සම්මුඛ සාකච්ඡා ක්‍රමයයි.
(3) නිරීක්ෂණ ක්‍රමයයි.
(4) සහභාගීත්ව නිරීක්ෂණ ක්‍රමයයි.
(5) ගවේෂණ ක්‍රමයයි.

17 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

17. ගුරුතුමා විදේශීය භාෂාවකින්‌ දුන්‌ උපදෙස්‌ අවබෝධ කර ගැනීමට ගත්‌ උත්සාහයේ දී ශිෂ්‍යයා තුළ සිදු වන්නේ

(1) ආකේතිකරණයයි.
(2) සන්දේශනයයි.
(3) පරිවර්තනයයි.
(4) විකේතිකරණයයි.
(5) ප්‍රතිනිර්මාණයයි.

18 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

18. වර්තමානයේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රවෘත්ති වාර්තාකරණයෙහි විෂමතා බෙහෙවින්‌ දක්නට ලැබේ. ඒ අනුව ප්‍රවෘත්තියක නිරවද්‍යතාව රැඳී පවතින්නේ

(1) ප්‍රවෘත්ති සංස්කාරක සතු ප්‍රවෘත්ති තෝරාගැනීමේ දක්ෂතාව පදනම්‌ කරගෙන ය.
(2) ප්‍රවෘත්ති සංස්කාරක සතු ඥාන ශක්තිය පදනම්‌ කරගෙන ය.
(3) ප්‍රවෘත්ති සංස්කාරකවරයාගේ සංස්කරණ හැකියාව පදනම්‌ කරගෙන ය.
(4) ප්‍රවෘත්ති වාර්තාකරුවා තෝරාගන්නා මූලාශ්‍ර පදනම්‌ කරගෙන ය.
(5) ප්‍රවෘත්ති වාර්තාකරුවාගේ ලිවීමේ ශක්තිය පදනම්‌ කරගෙන ය.

19 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

19. වී අස්වනු නෙළීම සඳහා නිපදවන ලද නව යන්ත්‍රයක්‌ ගොවි ජනතාව අතර ප්‍රචලිත කිරීම අවශ්‍ය විය. ඒ සඳහා ගොවි සංවිධානයක්‌ විසින්‌ දිවයිනේ වී වගා කරනු ලබන ප්‍රදේශවල නියමු ව්‍යාපෘති ගණනාවක්‌ පවන්වන ලදී. සංවර්ධන සන්නිවේදන දෘෂ්ටිකෝණයෙන්‌ බලන කල මෙම ක්‍රියාව සංකල්පීය ලෙස වඩාත්‌ සමීප වන්නේ

(1) ලුෂන්‌ පායිට ය.
(2) ඩැනියෙල්‌ ලර්නර්ට ය.
(3) ඉතියෙල්‌ ද සෝලා පූල්ට ය.
(4) විල්බර්‌ ශ්‍රාම්‌ට ය.
(5) එවරට්‌ එම්‌. රොජර්ස්ට ය.

20 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

20. කාර්යාලයේ එක්‌ සේවකයෙක්‌ තමා පමණක්‌ ඇසින්‌ දුටු සිදුවීමක්‌ තම හිතවත්‌ ම සගයාට පැවසීය. එහෙත්‌ දින කිහිපයකින්‌ එම සිදුවීම කාර්යාලයේ සියලු දෙනා අතර පැතිරී තිබුණි. මේ තත්ත්වය හා වඩාත්‌ ගැළපෙන සන්නිවේදන ස්වරූප වන්නේ

(1) වාචික හා විධිමත්‌ සන්නිවේදනයයි.
(2) ශ්‍රව්‍ය හා දෘශ්‍ය සන්නිවේදනයයි.
(3) දෘශ්‍ය හා වාචික සන්නිවේදනයයි.
(4) දෘශ්‍ය හා විධිමත්‌ සන්නිවේදනයයි.
(5) වාචික හා අවිධිමත්‌ සන්නිවේදනයයි.

21 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

21. පහත සඳහන්‌ අදහස්වලින්‌ රූපණය සම්බන්ධව නොගැළපෙන අදහස කුමක්‌ ද?

(1) රූපණය පුද්ගලබද්ධ සංසිද්ධියක්‌ වීම
(2) රූපණය ඉබේ හුරු වන්නක්‌ වීම
(3) රූපණය නිසා භාෂාවේ අර්ථ තහවුරු වීම
(4) රූපණය සංස්කෘතික විරෝධාකල්පයක්‌ වීම
(5) රූපණය ඉරියව් හා හැසිරීම්වලින්‌ බිහි වීම

22 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

22. මහජන සම්බන්ධතාව නව සන්නිවේදන විධික්‍රම භාවිත කරයි. එහි දී වඩාත්‌ අවධානය යොමු විය හැක්කේ

(1) රූපවාහිනිය, ගුවන්‌ විදුලිය FACEBOOK හා BLOGS කෙරෙහි ය.
(2) පොස්ටර්‌, වෙබ්‌ අඩවි, බැනර්‌ හා Skype කෙරෙහි ය.
(3) FACEBOOK, වෙබ්‌ අඩවි, BLOGS හා විද්‍යුත්‌ තැපෑල කෙරෙහි ය.
(4) සම්මන්ත්‍රණ, වැඩමුලු, පරිගණක ජාල හා ටෙලි සම්මන්ත්‍රණ කෙරෙහි ය.
(5) මෘදුකාංග, Twitter, බැනර්‌ හා 3G කෙරෙහි ය.

23 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

23. "නිර්මාණාත්මක සන්නිවේදනය පෝෂණය වන්නේ විවිධ සමාජ සාධක පදනම්‌ කරගෙන ය.” එහිදී වඩාත්‌ වැදගත්‌ වන්නේ

(1) අධ්‍යාපනය, ආගම හා සංස්කෘතියයි.
(2) ජනශ්‍රැති, ආගම හා සංස්කෘතියයි.
(3) සදාචාරය, ආර්ථිකය හා පරිසරයයි.
(4) වෘත්තීන්‌, සිරිත්විරිත්‌ හා විශ්වාසයයි.
(5) නිරීක්ෂණය, සමාජ සම්බන්ධතා හා විශ්ලේෂණයයි.

24 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

24. සංස්කෘතික සංවර්ධනයෙහි ලා විද්‍යාත්මක පදනමක්‌ සහිත ව්‍යාපෘති ජාත්‍යන්තරව ක්‍රියාත්මක කරන ආයතනය වන්නේ

(1) ජාත්‍යන්තර ක්ෂමා ආයතනයයි.
(2) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි.
(3) ලෝක බැංකුවයි.
(4) ලෝක සෞඛ්‍ය සංවිධානයයි.
(5) යුනෙස්කෝ සංවිධානයයි.

25 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

25. සාම්ප්‍රදායික සමාජ සංවර්ධනයෙහි ලා සාම්ප්‍රදායික මාධ්‍ය වඩාත්‌ වැදගත්‌ වන්නේ, ඒවා

(1) ප්‍රායෝගික නමුත්‌ සංකීර්ණ නොවන නිසා ය.
(2) හුරු පුරුදු සංඥා සංකේත හා සංදර්භවලින්‌ යුක්ත වන නිසා ය.
(3) සැමවිට ම සරල සුභාවිතයකින්‌ යුක්ත වන නිසා ය.
(4) වඩාත්‌ නිර්මාණශීලී වන නිසා ය.
(5) ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය සහතික කරන නිසා ය.

26 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

 26. ඉතිහාස කතා පුවතක්‌ තේමා කර ගනිමින්‌ නිපදවා තිබූ චිත්‍රපටයක්‌ පිළිබඳ පුවත්පත්‌ විචාර ගණනාවක්‌ ලියැවී තිබුණි. එක්‌ විචාරකයෙක්‌ ප්‍රධාන වශයෙන්‌ මතු කර තිබුණේ එහි පවත්නා සමාජ බලසම්බන්ධතා සහ පොදු සම්මුති, සම්ප්‍රදායයන්‌ හා මානවවාදී ගුණාංගයන්‌ ය. මේ සඳහා ඔහු භාවිත කළ මාධ්‍ය විචාර ප්‍රවේශ වන්නේ

(1) ඵෙතිහාසික හා සෞන්දර්යාත්මක ප්‍රවේශයයි.
(2) ඵෙතිහාසික හා සදාචාරාත්මක ප්‍රවේශයයි.
(3) සදාචාරාත්මක හා සෞන්දර්යාත්මක ප්‍රවේශයයි.
(4) දේශපාලනික හා සදාචාරාත්මක ප්‍රවේශයයි.
(5) සෞන්දර්යාත්මක හා දේශපාලනික ප්‍රවේශයයි.

27 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

27. මහාචාර්ය ජොහාන්‌ ගැල්ටූන්ගේ ගැටුම්‌ පිළිබඳ ත්‍රිකෝණයේ ප්‍රධාන අංග වන්නේ

(1) ව්‍යුහය, ආකල්ප හා චර්යාවයි.
(2) ආකල්ප, විසම්මුතිය හා චර්යාවයි.
(3) දුරවබෝධය, ආකල්ප හා චර්යාවයි.
(4) ව්‍යුහය, පාර්ශවකරුවන්‌ හා ආකල්පයි.
(5) පාර්ශවකරුවන්‌, විසම්මුතිය හා ආකල්පයි.

28 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

28. ආයතනයක අභ්‍යන්තර මහජන සම්බන්ධතාව සාර්ථකව පවත්වාගෙන යෑමේ දී වඩාත්‌ වැදගත්‌ වන්නේ

(1) නිවේදන, පෝස්ටර්‌, දැන්වීම්‌ හා අත්පත්‍රිකා ය.
(2) සුබසාධක සමිති, ක්‍රීඩා සමිති, වෘත්තිය සමිති හා දිරි දීමනා ය.
(3) සාකච්ඡා, සම්මන්ත්‍රණ, සුහද හමු හා වාර්ෂික චාරිකා ය.
(4) නිල ඇඳුම්‌, වැටුප්‌ වර්ධක, සෞඛ්‍ය දීමනා හා ගමන්‌ ගාස්තු ගෙවීම ය.
(5) මාණ්ඩලික රැස්වීම්‌, තාක්ෂණික රැස්වීම්‌, කමිටු රැස්වීම්‌ හා වැඩමුලු ය.

29 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

29. ජනශ්‍රැති අංගෝපාංග අතර ජන කවිය පිළිබඳ ව ඉඳිරිපත්‌ කොට ඇති පහත සඳහන්‌ ප්‍රකාශ අතුරෙන්‌ සාවද්‍ය ප්‍රකාශය වන්නේ, එය

(1) තත්කාලීන සමාජ විවරණයකි.
(2) නිශ්චිත කර්තෘත්වයක්‌ සහිත වූවකි.
(3) සංස්කෘතික සම්ප්‍රේෂණ ක්‍රියාවලියකි.
(4) බුද්ධිමය සමාජ භාවිතයකි.
(5) වර්තමාන ගීත සාහිත්‍යය පෝෂණය කරන්නකි.

30 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

30. ග්‍රාහක ක්ෂේත්‍රය වෙත ප්‍රවේශ වීමේ බලාපොරොත්තුවෙන්‌ ජනමාධ්‍යයේ කාලය හෝ අවකාශය මිලදී ගන්නේ

(1) මාධ්‍ය හිමිකරුවන්‌ ය.
(2) මහජන සම්බන්ධතා ක්‍රියාකාරීන්‌ ය.
(3) ප්‍රතිරූප ගොඩනගන්නන්‌ ය.
(4) අනුග්‍රාහක භවතුන්‌ ය.
(5) වෙළඳ දැන්වීම්කරුවන්‌ ය.

31 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

31. ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ නොගැළපෙන ප්‍රකාශය කුමක්‌ ද?

(1) ව්‍යාපාරික අවශ්‍යතා මත බිහි වේ.
(2) ළමා හා තරුණ පිරිස්‌ ආකර්ශනය කර ගනී.
(3) කාලාන්තරයක්‌ වෙනස්‌ නොවී පවතී.
(4) ජනමාධ්‍ය සමග සමීප සම්බන්ධතාවක්‌ පවන්වයි.
(5) සමාජ චර්යාවලට බලපෑම්‌ එල්ල කරයි.

32 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

32. තොරතුරු බෙදාහැරීමේ බටහිර ආධිපත්‍යය යනුවෙන්‌ අදහස්‌ කරනුයේ

(1) බටහිර රටවල්‌ පවත්වා ගෙන යනු ලබන වෙළඳ ආධිපත්‍යයයි.
(2) සංවර්ධනය වෙමින්‌ පවතින රටවලට සම්බාධක පැනවීමයි.
(3) ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තොරතුරු ව්‍යාප්ත කිරීමයි.
(4) තොරතුරු මාධ්‍යයක්‌ වන අන්තර්ජාලයට සීමා පැනවීමයි.
(5) ඔවුන්ගේ අභිමතය පරිඳි තොරතුරු ප්‍රවාහය හැසිරවීමයි.

33 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

33. ජනමාධ්‍ය ප්‍රවෘත්ති නිෂ්පාදන ක්‍රියාවලියෙහිලා මහජන සම්බන්ධතා ආයතනවල දායකත්වය ඉහළ යමින්‌ පවතී. මෙමප්‍රකාශය මගින්‌ ගම්‍ය වන්නේ

(1) මහජන සම්බන්ධතා ආයතන ප්‍රවෘත්ති මූලාශ්‍ර ලෙස කටයුතු කරන බවයි.
(2) මහජන සම්බන්ධතා ආයතන ප්‍රවෘත්ති වාර්තාකරුවන්‌ පුහුණු කරන බවයි.
(3) ප්‍රවෘත්ති රචනයේ දී මහජන සම්බන්ධතා මූලධර්ම අනුගමනය කරන බවයි.
(4) ජනමාධ්‍ය ප්‍රවෘත්ති අංශ ක්‍රියාකාරීත්වය සීමාවෙමින්‌ පවතින බවයි.
(5) ප්‍රවෘත්ති නිෂ්පාදන ක්‍රියාවලියට දැන්වීම්කරණය දායක වන බවයි.

34 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

34. මාධ්‍ය සාක්ෂරතාව

A. ජනමාධ්‍යකරුවන්‌ සතුවිය යුතු කුසලතාවකි.
B. ජනමාධ්‍ය හැසිරීම පිළිබඳ අවබෝධයක්‌ ලබා දෙන්නකි.
C. පාසල්‌ අධ්‍යාපන ක්‍රියාවලිය හා බද්ධ විය යුත්තකි.

ඉහත ප්‍රකාශ අතුරෙන්‌

(1) A සහ B නිවැරදි වන අතර C වැරදි වේ.
(2) A සහ C නිවැරදි වන අතර B වැරදි වේ.
(3) B සහ C නිවැරදි වන අතර A වැරදි වේ.
(4) A, B සහ C යන සියල්ල නිවැරදි වේ.
(5) A, B සහ C  යන සියල්ල වැරදි වේ.

35 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

35. මාධ්‍ය විචාරකයාගේ ස්වභාවය පිළිබඳ ව මතු වූ අදහස්‌ කිහිපයක්‌ පහත දක්වේ.

රාණි - විචාරකයා අනිවාර්යයෙන්‌ ම වෘත්තිය මාධ්‍යකරුවෙක්‌ විය යුතු ය.
කමලා - විවිධ මාධ්‍ය විචාර න්‍යායයන්‌ හා මතවාද පිළිබඳ අවබෝධයක්‌ තිබිය යුතුයි.
ගීතා - පොදු ග්‍රාහකයන්ට වඩා මාධ්‍ය සාක්ෂරතාවකින්‌ යුත්‌ පුද්ගලයෙක්‌ විය යුතුයි.
නිර්මලා - සෑම විට ම අලෙවි ප්‍රවර්ධනයට දිරි දෙන්නෙක්‌ විය යුතුයි.

ඉහත ප්‍රකාශ අතුරෙන්‌ මාධ්‍ය විචාරකයා හා සම්බන්ධ ගැළපෙන ප්‍රකාශ කරන්නේ

(1) රාණි හා කමලා ය.
(2) කමලා හා ගීතා ය.
(3) ගීතා හා නිර්මලා ය.
(4) කමලා, ගීතා හා නිර්මලා ය.
(5) රාණි, කමලා, ගීතා හා නිර්මලා යන සියල්ලන්‌ ම ය.

36 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

36. පෝල්‌ ලැසාස්ෆෙල්ඩ්‌ ඉදිරිපත්‌ කළ සන්නිවේදනය පිළිබඳ දෙපියවර න්‍යායයේ දී ජනමාධ්‍යවලින්‌ ලබා දෙන තොරතුරු ඉන්‌ අනතුරුව ගලා යන්නේ

(1) ග්‍රාහකයාගේ සිට පෙරළා මාධ්‍ය ආයතනය වෙත ය.
(2) පාලකයාගේ සිට පුරවැසියන්‌ වෙත ය.
(3) ආකේතිකරය හරහා විකේතිකරය වෙත ය.
(4) ජනමත නායකයාගේ සිට අනුගාමිකයින්‌ වෙත ය.
(5) නිලධාරීන්‌ මඟින්‌ පොදු මහජනතාව වෙත ය.

37 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

37. සන්නිවේදන අවස්ථාවකදී වැදගත්‌ විය හැකි සාධක කිහිපයක්‌ පහත දක්වේ.

A. ප්‍රකාශ කරන ලද කරුණු
B. යටපත්‌ කරන ලද කරුණු
C. සන්නිවේදකයාගේ නිර්වාචික හැසිරීම
D. ප්‍රකාශිත කරුණුවල පරස්පරතාව

ඉහත සාධක අතුරෙන්‌ ක්‍රියාකාරී සහ වඩාත්‌ හොඳ සවන්දෙන්නකුගේ අවධානය යොමු විය යුත්තේ

(1) A වෙත ය.
(2) A හා C වෙත ය.
(3) A හා D වෙත ය.
(4) A, C හා D වෙත ය.
(5) A, B, C හා D වෙත ය.

38 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

38. සන්නිවේදන ක්‍රියාවලිය තුළ පොදු සමාජ අරමුණු ආරක්ෂා කිරීමටත්‌ සමාජ පරමාර්ථ සපුරා ගැනීමටත්‌ රජයක්‌ අනුගමනය කළ යුතු අවම වැදගත්කමින්‌ යුත්‌ ක්‍රමවේදය වන්නේ

(1) මාධ්‍ය නියාමන ක්‍රමවේදයක්‌ ඇති කිරීමයි.
(2) මාධ්‍ය වාරණය ක්‍රියාත්මක කිරීමයි.
(3) මාධ්‍ය සංස්කෘතිය ශක්තිමත්‌ කිරීමයි.
(4) මාධ්‍යවේදීන්‌ පුහුණු කිරීමයි.
(5) මාධ්‍ය සාක්ෂරතාව ව්‍යාප්ත කිරීමයි.

39 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

39. මානවයා සතු සංඥා භාවිත කිරීමේ හැකියාව

(1) සමාජ උරුමයකි.
(2) ප්‍රවේණික සාධකයකි.
(3) ස්වාභාවික උරුමයකි.
(4) ජීව විද්‍යාත්මක උරුමයකි.
(5) අධි ස්වාභාවික උරුමයකි.

40 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

• අංක 40 සිට 43 තෙක්‌ ප්‍රශ්නවලට මතු දක්වා ඇති විවිධ සන්නිවේදන අංග ඇසුරෙන්‌ පිළිතුරු සපයන්න.

 

 

 

 

40. ඉහත කොටුවල දක්වා ඇති අංග අතුරෙන්‌ ෂැනන්‌ හා වීවර්ගේ සන්නිවේදනය පිළිබඳ ආකෘතියට අයත්‌ නොවන අංග තුනක්‌ වන්නේ

(1) A, B හා L ය.
(2) B, F හා J ය.
(3) C, I හා K ය.
(4) E, C හා J ය.
(5) G, H හා D ය.

41 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

• අංක 40 සිට 43 තෙක්‌ ප්‍රශ්නවලට මතු දක්වා ඇති විවිධ සන්නිවේදන අංග ඇසුරෙන්‌ පිළිතුරු සපයන්න.

41. ඉහත අංග ඇසුරෙන් හැරල්ඩ් ඩී. ලැස්වෙල්ගේ සන්නිවේදන නිර්වචනයට අනුරූප අංග අනුපිළිවෙළින්

(1) D, H, I, K හා B වේ.
(2) J, D, F, B හා K වේ.
(3) L, G, H, C හා A වේ.
(4) L, I, H, G හා C වේ.
(5) K, G, C, A හා E වේ.

42 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

• අංක 40 සිට 43 තෙක්‌ ප්‍රශ්නවලට මතු දක්වා ඇති විවිධ සන්නිවේදන අංග ඇසුරෙන්‌ පිළිතුරු සපයන්න.

42. මෙකී අංග අතුරෙන්‌ K සිට D දක්වා H ගමන්‌ කළේ ය'යි සිතන්න. මෙය හැඳින්විය යුතු වන්නේ

(1) A ලෙස ය.
(2) B ලෙස ය.
(3)  C ලෙස ය.
(4) E ලෙස ය.
(5) L ලෙස ය.

43 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

• අංක 40 සිට 43 තෙක්‌ ප්‍රශ්නවලට මතු දක්වා ඇති විවිධ සන්නිවේදන අංග ඇසුරෙන්‌ පිළිතුරු සපයන්න.

43. ඉහත සංකේත ඇසුරෙන් ඩේවිඩ් කේ. බර්ලෝගේ සන්නිවේදන ආකෘතිය ඉදිරිපත් කළේ නම්, එය වඩාත් සමීප වන්නේ පහත දැක්වෙන කිනම් වරණයට ද?

 

 

 

 

 

 

44 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

44. පහත ප්‍රකාශවලින්‌ ජනසන්නිවේදනය හා නොගැළපෙන ප්‍රකාශය කුමක්‌ ද?

(1) විශාල පිරිසක්‌ එල්ල කරගත්‌ සන්නිවේදන ක්‍රියාවලියකි.
(2) ඇතැම්‌ අවස්ථාවල දී පමණක්‌ ආයතනගතව පවතී.
(3) පුවත්පත, ගුවන්විදුලිය හා රූපවාහිනිය මෙන්‌ ම නව මාධ්‍යය ද ඊට අයත් ය.
(4) සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර සෘජු සම්බන්ධතාවක්‌ නො පවතී.
(5) තාක්ෂණික ක්‍රියාවලියක්‌ හා බද්ධව පවතී.

45 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

45. ජනමාධ්‍ය තුළ පුරවැසි ජනමාධ්‍යවේදයට ඇති ඉඩකඩ පිළිබඳ පන්ති කාමරය තුළ සාකච්ඡාවක්‌ සිදු විය.

රනිල්‌ - ජනමාධ්‍යකරුවන්ට වඩා පුරවැසි මාධ්‍යකරුවන්ගේ තොරතුරු විශ්වසනීයත්වයෙන්‌ ඉහළයි.
අනිල්‌ - පුරවැසි මාධ්‍යකරුවා ජනමාධ්‍ය මගින්‌ අවධානයට ලක්‌ නොවූ කරුණු ඉස්මතු කරනවා.
කමල්‌ - ඒ වගේම පුරවැසි මාධ්‍යකරුවා ජනමාධ්‍ය පුහුණුවක්‌ ලැබු අයෙක්‌.

ඉහත ප්‍රකාශවලින්‌ පුරවැසි මාධ්‍යකරුවා හා ගැළපෙන ප්‍රකාශ ඉදිරිපත්‌ කරනු ලබන්නේ

(1) රනිල්‌ පමණි.
(2) අනිල්‌ පමණි.
(3) කමල්‌ පමණි.
(4) රනිල්‌ හා අනිල්‌ පමණි.
(5) රනිල්‌, අනිල්‌ හා කමල්‌ යන තිදෙනා ම ය.

46 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

46. ලෝකයේ සංවර්ධනය වෙමින්‌ පවතින රටවල සුබවාදී ප්‍රබල සිදුවීම්‌ ජාත්‍යන්තර ජනමාධ්‍ය වාර්තා කරනුයේ ඊට අඩු අවධානයක්‌ යොමු කරමිනි. මෙවැනි තත්ත්වයක්‌ වඩාත් හොඳින්‌ පැහැදිලි කරගත හැක්කේ

(1) දෙපියවර සංකල්පයෙනි.
(2) සංවර්ධනාත්මක සංකල්පයෙනි.
(3) ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පයෙනි.
(4) දොරටුපාල සංකල්පයෙනි.
(5) ගෝලීයකරණ සංකල්පයෙනි.

47 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

47. “මට ලොකු විශ්වාසයක්‌ තිබුණා මගේ දක්ෂතා ගැන. කවදා නමුත්‌ මේ තරඟ ඉසවීවෙන්‌ ශ්‍රී ලංකා වාර්තාවක්‌ තැබීමට මට පුළුවන්‌ බව මගේ යහළුවන්‌ ද නිතර ප්‍රකාශ කළා. අද ඒ හීනය සැබෑවුණු දවස” රවි පැවසුවේ තරමක ආඩම්බරයෙනි. මෙම ප්‍රකාශයෙන්‌ වඩාත්‌ පිළිබිඹු වන්නේ ඔහුගේ

(1) අත්දකීම්‌ පසුතලයේ ස්වභාවයයි.
(2) සහානුභූති කුසලතාවසි.
(3) ස්ව-සංකල්පය පිළිබඳ වූ හැඟීමයි.
(4) අන්තර්වර්ති පුද්ගල සන්නිවේදන හැකියාවයි.
(5) ස්වදේශිකත්ව සන්නිවේදන අන්තර්ඥානයයි.

48 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

48. පුද්ගල කුසලතා කිහිපයක්‌ පහත දක්වේ.

 A. පරිහරණය කිරීමේ කුසලතාව
B. විශ්ලේෂණය කිරීමේ කුසලතාව
C. ඇගයීමේ කුසලතාව
D. නිර්මාණය කිරීමේ කුසලතාව
E. තුලනාත්මක කුසලතාව

මේවා අතුරෙන්‌ මාධ්‍ය සාක්ෂරතාව හා සම්බන්ධ වන්නේ

(1)A, B, C  හා D ය.
(2) A, B, C හා E ය.
(3) A, B, D හා E ය.
(4) B, C, D හා E ය.
(5) A, B, C, D හා E යන සියල්ල ම ය.

49 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

49. ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ ශිෂ්‍යයන්‌ අතර ඇති වූ සංවාදයකදී ඉදිරිපත්‌ වූ අදහස්‌ කිහිපයක්‌ පහත දක්වේ.

A. වාණිජමය නිෂ්පාදනයක්‌ බව ය.
B. බොහෝවිට තාක්ෂණය හා බැඳී පවතින්නක්‌ බව ය.
C. පහසුවෙන්‌ පරිභෝජනය කළ හැකි බව ය.
D. පූර්ණ කලාත්මක ස්වරූපයකින්‌ යුක්ත බව ය.
E. ගතික ලක්ෂණවලින්‌ සමන්විත බව ය.

ඒ අතුරෙන්‌ ජනප්‍රිය සංස්කෘතිය හා වඩාත්‌ ගැළපෙන්නේ,

(1) A, B, C  හා D ය.
(2) A, B, C හා E ය.
(3) A, B, D හා E ය.
(4) B, C, D හා E ය.
(5) A, B, C, D හා E යන සියල්ල ම ය.

50 / 50

Category: Communication and Media Studies 2012 New Syllabus

50. සන්නිවේදන ක්‍රියාවලියේ දී උද්ගත විය හැකි සීමා ලෙස සිසුවෙක්‌ ඉදිරිපත්‌ කර තිබූ කරුණු පහත දක්වේ.

A. දුර්වල පණිවිඩ සම්ප්‍රේෂණය
B. පූර්ව විනිශ්චය
C. දුර්වල පණිවිඩ ව්‍යුහය
D. අර්ථමය අපැහැදිලිතාව

ඉහත කරුණු අතුරෙන්‌ සන්නිවේදක කේන්ද්‍රීය සීමා (Sender-Oriented Barriers) වන්නේ

(1) A හා  Bපමණි.
(2) A හා C පමණි.
(3) A හා D පමණි.
(4) A, C හා D පමණි.
(5) A, B, C හා D යන සියල්ල වේ.

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 11%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!