2012 ආර්ථික විද්‍යාව බහුවරණ ප්‍රශ්න

0%
8

Past Papers | Economics

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2012 - ආර්ථික විද්‍යාව

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 2 යි)

1 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින්‌ නිවැරදි හෝ ඉතාමත්‌ ගැළපෙන
හෝ පිළිතුර තෝරන්න.

1 / 50

Category: Economics 2012

(1) සම්පත්වල හිඟකම පවත්නා බැවින්,
(1) සෑම සමාජයක්ම මධ්‍යගත සැලසුම්කරනය ක්‍රියාවට නැංවිය යුතුය.
(2) පවත්නා සම්පත් විවිධ භාවිතයන් අතර බෙදා වෙන් කළ යුතු ආකාරය ආණ්ඩුව විසින් තීරණය කළ යුතුය.
(3) සෑම සමාජයකම කිසියම් සාමාජික පිරිසක් දිළින්ඳන් වශයෙන් ජීවත් විය යුතුය.
(4) සෑම සමාජයකම පවත්නා සම්පත් වල විකල්ප භාවිත අතර තේරීමක් කළ යුතුය.
(5) සමාජයේ පවත්නා සම්පත් ප්‍රමාණය, ඒවා යොදා ගත හැකි භාවිතයන්ගේ ප්‍රමාණයට වඩා වැඩි වනු ඇත.

2 / 50

Category: Economics 2012

(2) පහත සඳහන් දෑ අතුරෙන් නිෂ්පාදන හැකියා වක්‍රයක් පිටතට විතැන්වීම කෙරෙහි බලනොපාන කරුණ වනුයේ,
(1) තාක්ෂණය දියුණු වීම ය
(2) වඩාත් විවෘත ප්‍රවේශයකින් ආබාධ වෙළඳාම කරා නැඹුරු වීම
(3) විරැකියාව පහළ වැටීම ය
(4) ජනගහනයේ අධ්‍යාපන මට්ටම් ඉහළ යාම ය
(5) ඵලදායිතාව ඉහළ යාමය

3 / 50

Category: Economics 2012

(3) සියලුම නිශ්පාදන කටයුතු සඳහා යොදාගනු ලබන සම්පත් එකිනෙකට පූර්ණ ආදේශක වුවහොත් පහත සඳහන් කවර ප්‍රකාශයක් නිවැරදි වේ ද?
(1) සියලුම භාණ්ඩවල නිමැවුම් ආවස්තික පිරිවැය කින් තොරව ඉහළ නැංවිය හැකිය.
(2) නිෂ්පාදන හැකියා වක්‍රය සරල රේඛාවක් වනු ඇත.
(3) විශේෂීකරණය සහ අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වාසි ගෙනදෙන වෙළඳාමක් හට ගැනීමට කිසිදු ඉඩක් නොමැත.
(4) කවර හෝ නිෂ්පාදන කටයුත්තක් සම්බන්ධයෙන් කිසිදු රටකට හෝ කිසිදු පුද්ගලයෙකුට හෝ සාපේක්ෂ වාසියතක් ඇති නොවේ.
(5) සම්පත් පිළිබඳ හිඟකම මුළුමනින්ම පහව යනු ඇත.

4 / 50

Category: Economics 2012

(4) පහත සඳහන් ඒවා අතුරෙන් සූක්ෂ්ම ආර්ථික විද්‍යාත්මක මාතෘකාවක් වනුයේ කවරක්ද?
(1) පොලී අනුපාතිකයන් පොදුවේ ඉහළ යාම
(2) උද්ධමන අනුපාතිකය පහළ වැටීම
(3) ඇමරිකා එක්සත් ජනපදයේේ දළ දේශීය නිෂ්පාදනය ඉහළ යාම
(4) ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතිකය පහළ වැටීම
(5) කිරි පිටි මිල ඉහළ යාම

5 / 50

Category: Economics 2012

(5) පහත සඳහන් දෑ අතුරෙන් නොමිල භාණ්ඩයක (A free good) ලක්ෂණයක් වන්නේ කවරක්ද?
(1) එබඳු භාණ්ඩයක් සැපයීමේදී දී ආවස්ථික පිරිවැයක් ඇති නොවීම
(2) එබඳු භාණ්ඩයක පරිභෝජනය සාමාජීය වශයෙන් හිතකර වේ යැයි සලකනු ලබන බැවින්, ඒවා සාමාන්‍යයෙන් රජය විසින් සැපයීම
(3) එබඳු භාණ්ඩයක පරිභෝජනය හෝ නිෂ්පාදනය හෝ බාහිරතා බිහි නො කිරීම
(4) එබඳු භාණ්ඩයක සැපයුම පූර්ණ වශයෙන් අනම්‍ය වීම
(5) එබඳු භාණ්ඩයක නිෂ්පාදනය හීනවන ඵලදා නීතියට යටත් වීම

6 / 50

Category: Economics 2012

(6) නිදහස් වෙළෙඳපොළ ආර්ථික පද්ධතියක මූලික අංගයක් වනුයේ,
(1) ආණ්ඩුවේ මැදිහත්වීම ඉතා ඉහළ මට්ටමක තිබීම ය
(2) සම්පත් පිළිබඳ පොදු හිමිකාරීත්වයයි
(3) පෞද්ගලික දේපොළ ක්‍රමය යි
(4) මධ්‍යගත සැලසුම් අධිකාරින් විසින් වැටුප් සහ මිල තීරණය කිරීමය
(5) අවශ්‍ය කරන කුසලතා සහිත සේවකයන් බඳවා ගැනීමේදී සේව්‍ය පක්ෂය විසින් රාජ්‍ය ආයතනවලින් උපදෙස් ලබා ගැනීමය.

7 / 50

Category: Economics 2012

(7)

X
නමැති භාණ්ඩය සඳහා ඇති වෙළෙඳපොල ඉල්ලුම ඉහත රූප සටහන පෙන්නුම් කරයි. එහි A ලක්ෂ්‍යයේ සිට B ලක්ෂ්‍යය කරා ගමන් කිරීමට බලපෑ ප්‍රධාන සාධකය වනුයේ,
(1) Yනමැති ආදේශක භාණ්ඩයෙහි මිල ඉහල යාමය
(2) පාරිභෝගිකයන්ගේ ආදායමෙහි ඉහළ යාමය
(3) පාරිභෝගිකයන්ගේ ආදායමෙහි පහළ යාම ය
(4) X භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැය අඩු වීම ය
(5) X භාණ්ඩයෙහි සැපයුම අඩු වීමය

8 / 50

Category: Economics 2012

(8) කිසියම් භාණ්ඩයක සැපයුම් වක්‍රය වමට විතැන් කිරීමෙහි ලා බලපානුයේ, පහත සඳහන්  කවර කරුණක් ද?
(1) නිෂ්පාදනය පිරිවැය ඉහළ යාම
(2) නිෂ්පාදන පිරිවැය පහළ යාම
(3) භාණ්ඩයෙහි මිල ඉහළ යාම
(4) භාණ්ඩයෙහි මිල පහළ යාම
(5) ඉල්ලුම අඩුවීම

9 / 50

Category: Economics 2012

(9) අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී සහල් මිල අඩුවූ විට, සහල් සඳහා තමන් විසින් වැය කරනු ලැබූ මුළු වියදම නොවෙනස් ව පැවති බව කිසියම් පාරිභෝගිකයෙක් නිරීක්ෂණය කරයි. මෙම මිල වෙනස් වීම, සම්බන්ධයෙන් එළැඹිය හැකි නිවැරදි නිගමනය වනුයේ කවරක්ද?
(1) මෙම පාරිභෝගිකයා සහල්, බාල භාණ්ඩයක් ලෙස සලකයි
(2) මිල වෙනස්වීමට සංවේදීව සහල් සඳහා පාරිභෝගිකයාගේ ඉල්ලුම වැඩි වූයේය
(3) සහල් සඳහා පාරිභෝගිකයාගේ ඉල්ලුම පූර්ණ මිල නම්‍යතාවක් පෙන්නුම් කරයි
(4) සහල් සඳහා පාරිභෝගිකයාගේ ඉල්ලුම පූර්ණ මිල අනම්‍යතාවක් පෙන්නුම් කරයි
(5) සඳහා සඳහා පාරිභෝගිකයාගේ ඉල්ලුම ඒකීය මිල නම්‍යතාවක් පෙන්නුම් කරයි

10 / 50

Category: Economics 2012

(10) සඵල අවම මිල ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම නිසා
(1) පාරිභෝගික අතිරික්තය සහ නිශ්පාදක අතිරික්තය ඉහළ නගී
(2) පාරිභෝගික අතිරික්තය ඉහළ නගින අතර නිෂ්පාදන අතිරික්තය පහළ බසී
(3) පාරිභෝගික අතිරික්තය හා නිෂ්පාදන අතිරික්තය පහළ බසී
(4) පාරිභෝගික අතිරික්තය පහළ බසින අතර නිශ්පාදක අතිරික්තය ඉහළ නගිී
(5) පාරිභෝගික අතිරික්තයට හා නිෂ්පාදන අතිරික්තයට කිසිදු බලපෑමක් නොවේ

11 / 50

Category: Economics 2012

(11) X භාණ්ඩය සඳහා ආදායම් ඉල්ලුම් නම්‍යතාව සෘණ අගයක් ද, X සහ Y යන භාණ්ඩ අතර හරස් මිල ඉල්ලුම් නම්‍යතාව සෘණ අගයක් ද වේ නම් X භාණ්ඩය පිළිබඳව පහත සඳහන් කවරක් නිවැරදි වේ ද?
(1) X සාමාන්‍ය භාණ්ඩයක් වන අතර එය Y භාණ්ඩය සඳහා ආදේශකයක් ද වේ
(2) X සාමාන්‍ය භාණ්ඩයක් වන අතර එය Y භාණ්ඩය සමඟ අනුපූරක සම්බන්ධයක් පෙන්නුම් කරයි
(3) X බාල භාණ්ඩයක් වන අතර එය Y භාණ්ඩය සඳහා ආදේශකයක් ද වේ
(4) X බාල භාණ්ඩයක් වන අතර එය Y භාණ්ඩය සමග අනුපූරක සම්බන්ධයක් පෙන්නුම් කරයි
(5) X සමාන්‍ය භාණ්ඩයක් වන අතර Y භාණ්ඩය බාල භාණ්ඩයක් වේ

12 / 50

Category: Economics 2012

(12) බෝතල් කරන ලද පානීය ජලය සඳහා ඇති ඉල්ලුම සාපේක්ෂ වශයෙන් මිල නම්‍ය වෙතියි සලකන්න.මෙම තත්වය යටතේ බෝතල් කරන ලද පානීය ජල සැපයුමෙහි වැඩි වීමක් සිදු වුවහොත්, පහත සඳහන් කවර ප්‍රතිවිපාකයක් හටගනු ලැබේ ද?
(1) මුලු අයභාරය ඉහළ නංවමින් මිල පහළ බසී
(2) මුලු අයභාරය පහළ හෙළමිල ඉහළ මිල පහළ බසී
(3) බෝතල් කරන ලද පානීය ජලයෙහි අධි සැපයුමක් හටගනනී
(4) බෝතල් කරන ලද පානීය ජලය සඳහාදි ඉල්ලුමක් හටගනී
(5) මිලෙහි සාපේක්ෂ වශයෙන් සුළු අඩුවීමක් හට ගන්නා නමුදු, සමතුලිත ප්‍රමාණයෙහි වෙනසක් හට නොගනී

13 / 50

Category: Economics 2012

(13)

X භාණ්ඩය සඳහා ඇති වෙළෙඳපොළ ඉහත රූපසටහන නිරූපණය කරයි X භාණ්ඩය මත විශේෂිත බද්දක් පනවනු ලැබුව හොත්, බද්දට පසු පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය සහ අහිමිවුණු සාධනය(deadweight loss) පෙන්නුම් කරනුයේ පහත දැක්වෙන කවර කොටස් වලින්ද?

 පාරිභෝගික අතිරික්තය                      නිෂ්පාදන අතිරික්තය                           අහිමිවුණු සුභසාධනය

(1) A                                                       G+F+E+H                                            D+E
(2) A                                                       H                                                           D+E
(3) A+B                                                 G+F+E                                                  C+D
(4) A+B ÷ C+D                                    G+F+E+H                                            D+E
(5) A+B ÷ C+D                                    H+F+C                                                  E

14 / 50

Category: Economics 2012

(14) කෘෂිකාර්මික භාණ්ඩයක් සඳහා ඇති වෙළඳපොලක් පහත සඳහන් රූප සටහන පෙන්නුම් කරයි.

ආණ්ඩුව මෙම භාණ්ඩය සඳහා OP2 අවම මිලක් හඳුන්වා දෙනු ලබන අතර අවම මිල නිසා වෙළඳපොලේ ඇති විය හැකි අතිරික්ත තොග, මුළුමනින්ම ආණ්ඩුව විසින් මිලදී ගනු ලැබේ යැයි ද සලකන්න. මෙහිදී ගොවීන්ගේ මුළු අයභාරය වනුයේ,
(1) OP2KQකි
(2) OP1ZQකි
(3) OP2XQකි
(4) Q1XYQකි
(5) P1P2ZY  කි

15 / 50

Category: Economics 2012

(15) එක්තරා නිසා නිෂ්පාදන ආයතනයක් x නැමැති භාණ්ඩය නිෂ්පාදනය කිරීම සඳහා ස්ථාවර ප්‍රාග්ධන යෙදවුම් ප්‍රමාණයක් සමග විචල්‍ය ශ්‍රම යෙදවුම් ප්‍රමාණයක් සේවා නියුක්ත කරයි. මෙහිදී ශ්‍රමයට ගෙවනු ලබන දෛනික වැටුප ඉහළ නැගුන හොත් එම වැටුප ඉහළ යාම ආයතනයේ නිෂ්පාදන පිරිවැය මත කෙලෙස බලපානු ලැබේ ද?
මුලු විචල්‍ය පිරිවැය             මුලු ස්ථාවර පිරිවැය                             මුලු පිරිවැය
(1) අඩු වේ                             වෙනස් නොවේ                                     අඩු වේ
(2) අඩු වේ                             අඩු වේ                                                  අඩු වේ
(3) වැඩි වේ                            අඩු වේ                                                 වෙනස් නොවේ
(4) වැඩි වේ                            වෙනස් නොවේ                                    වැඩි වේ
(5) වැඩි වේ                             වැඩි වේ                                               වැඩි වේ

16 / 50

Category: Economics 2012

(16) පූර්ණ තරගකාරී වෙළෙඳපොළක් තුළ කටයුතු කරන නිෂ්පාදන ආයතනයක, ආන්තික අය අයභාරය නිවැරදිව දැක්වෙනුයේ පහත සඳහන් කවර ප්‍රකාශයකින් ද?
(1) එය ස්ථාවර අගයක් ගනී
(2) අලෙවි කළ නිමැවුම් ප්‍රමාණය වැඩිවෙත්ම එය ඉහළ නඟී
(3) අලෙවි කළ නිමැවුම් ප්‍රමාණය වැඩිවෙත්ම එය පහළ බසී
(4) එය මුලදී ඉහළ ගොස් පසුව පහළ බසී
(5) එය මුලදී පහළ බැස පසුව ඉහළ නඟී

17 / 50

Category: Economics 2012

(17) ඒකාධිකාරි තරගය නැමැති වෙළෙඳපොළ ව්‍යුහයෙහි
(1) දක්නට ලැබෙනුයේ එක් නිෂ්පාදන ආයතනයක් පමණි
(2) දක්නට ලැබෙනුයේ ආයතන සුළු ප්‍රමාණයකි
(3) සමජාතිය වූ භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන ආයතන විශාල සංඛ්‍යාවක් ඇත
(4) ප්‍රභේදනය වූ භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන ආයතන විශාල සංඛ්‍යාවක් ඇත
(5) ප්‍රචාරනය සිදු නොවේ

18 / 50

Category: Economics 2012

(18) දළ දේශීය නිෂ්පාදිතය,
(1) දෙන ලද වර්ෂය තුල ගනුදෙනු කරනු ලැබූ මුළු භාණ්ඩ හා සේවා ප්‍රමාණයේ වටිනාකමට සමාන වේ
(2) දෙන ලද වර්ෂය තුළ මිලදී ගනු ලැබූ ව්‍යාපාරික කොටස් අලෙවි කරන ලද බැඳුම්කර හෝ වැනි මූල්‍ය ගනුදෙනු වලින් සමන් සමන්විත වේ
(3) ගණනය කිරීමේදී අතරමැදි නිෂ්පාදන අදියරයන් හි මිලදී ගනු ලැබූ භාණ්ඩ ද ඇතුළත් කෙරේ
(4) දෙන ලද වර්ෂය තුළ දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලැබූ සියලුම අවසාන භාණ්ඩ හා සේවා සඳහා වැය කරන ලද මුළු වියදම් වල එකතුවට සමාන වේ
(5) දෙන ලද වර්ෂය තුළ නිෂ්පාදනය කරන ලද සියලුම භාණ්ඩ හා සේවා වලින් සමන්විත වේ

19 / 50

Category: Economics 2012

(19) ව්‍යාපාර වක්‍රයක ප්‍රසාරණාත්මක අදියරේ දී සිදු වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත්තේ
(1) මූර්ත දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාම සහ සේවා වියුක්තිය අඩු වීමය
(2) මූර්ත දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාම සහ විරැකියාව ඉහළ යාමය
(3) මූර්ත දළ දේශීය නිෂ්පාදිතය පහළ වැටීම සහ උද්ධමනයය ඉහළ යාමය
(4) පොලී අනුපාතික ඉහළ යාම සහ බිඳවැටෙන ව්‍යාපාර සංඛ්‍යාව ඉහළ යාමය
(5) උද්ධමනය ඉහළ යාම සහ සේවා නියුක්තිය පහළ යාමය

20 / 50

Category: Economics 2012

(20) දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේදී පහත සඳහන් දෑ අතරින් එක් අයිතමයක් හැර අනිත් සියල්ලම බැහැර කෙරේ එලෙස බැහැර නොකෙරෙන අයිතමය වනුයේ
(1) අතරමැදි භාණ්ඩ වල වටිනාකම ය
(2) සලකා බලන වර්ෂය තුළ ඉදිකරන ලද සියලුම නිවාස වල වටිනාකම ය
(3) පාවිච්චි කරන ලද භාණ්ඩ වල වටිනාකමය
(4) ශුද්ධ වශයෙන් මූල්‍යමය ස්වරූපයක් ගන්නා ගනුදෙනු ය
(5) ආණ්ඩුවෙන් ලබාදෙන සහනාධාර ය

21 / 50

Category: Economics 2012

(21) එක්තරා ආර්ථිකයක් සඳහා අදාල සාර්ව ආර්ථික දත්ත පෙළක් පහත දැක්වේ (සියලුම සංඛ්‍යා රුපියල් බිලියන වලිනි)
ආණ්ඩුවේ මිලදී ගැනීම්                                                                                       500
වැටුප් හා ශ්‍රමිකයින්ගේ වෙනත් අතිරේක ආදායම්                                            2 000
ක්ෂය වීම්                                                                                                            400
දළ ආයෝජනය                                                                                                  400
පෞද්ගලික පරිභෝජනය                                                                                2 200
ශුද්ධ අපනයන                                                                                                     -50
ශුද්ද වක්‍ර බදු                                                                                                         150
වෙළෙඳපොළ මිල යටතේ ශුද්ධ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම
(1) රුපියල් බිලියන 2 650 කි
(2) රුපියල් බිලියන 3 050 කි
(3) රුපියල් බිලියන 3 150 කි
(4) රුපියල් බිලියන 3 400 කි
(5) රුපියල් බිලියන 4 650 කි

22 / 50

Category: Economics 2012

(22) සමතුලිතතාවේ පවතින ආර්ථිකයක අපනයන රු. මිලියන 400 ක් ද ආනයන රු. මිලියන 500ක් ද, බදු රු. මිලියන 1200 ක් ද, ආණ්ඩුවේ මිලදී ගැනීම් රු. මිලියන 1500 ක් ද, ඉතුරුම් රු. මිලියන 1000ක් ද වේ යැයි සලකන්න.එම ආර්ථිකයේ ආයෝජන මට්ටම
(1) රුපියල් මිලියන 700 කි
(2) රුපියල් මිලියන 800 කි
(3) රුපියල් මිලියන 1 000 කි
(4) රුපියල් මිලියන 1 200 කි
(5) රුපියල් මිලියන 1 300 කි

23 / 50

Category: Economics 2012

(23) සමාහාර ඉල්ලුමෙහි විශාලතම වැඩිවීම හට ගනුයේ පාරහත සඳහන් කවරක් හේතුකොට ගෙන ද?
(1) රුපියල් මිලියන 100කින් බදු ඉහල දැමීම
(2) රුපියල් මිලියන 100කින් බදු පහළ දැමීම
(3) රුපියල් මිලියන 100කින් ආණ්ඩුවේ මිලදී ගැනීම් ඉහල යෑම
(4) රුපියල් මිලියන 100කින් බදු ඉහළ දැමීමත් සමග ආණ්ඩුවේ මිලදී ගැනීම් රු. මිලියන 100කින් වැඩි වීම
(5) රුපියල් මිලියන 100කින් බදු පහළ හෙළීමත් සමඟ ම ආණ්ඩුවේ මිලදී ගැනීම් රුපියල් මිලියන 100කින් වැඩි කිරීම

24 / 50

Category: Economics 2012

(24) එක්තරා ආර්ථිකයක, ස්වායක්ත වියදම් රුපියල් මිලියන 100 කින් ඉහළ යන විට,මූර්ත දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 500 කින් ඉහළ ගියේ නම් එම ආර්ථිකයේ ආන්තික පරිභෝජන නැමියාව විය යුත්තේ,
(1) 0.2 කි
(2) 0.4 කි
(3) 0.5 කි
(4) 0.8 කි
(5) 5.0 කි

25 / 50

Category: Economics 2012

(25) කිසියම් ආර්ථිකයක නාමික දළ ජාතික නිෂ්පාදිතය රුපියල් බිලියන 5000ක් ද මුදල් සැපයුම රුපියල් බිලියන 1 000ක් ද වූයේ නම් එම ආර්ථිකයෙහි සංසරණ ප්‍රවේගය
(1) 0.2 කි
(2) 0.5 කි
(3) 5 කි
(4) 4 000 කි
(5) 6 000 කි

26 / 50

Category: Economics 2012

(26) එක්තරා ආර්ථිකයක විවිධ සමාහාර ඉල්ලුම් මට්ටම් වලට අනුරූප විවිධ සමතුලිත ආදායම් මට්ටම් පහත සදහන් රූප සටහන පෙන්නුම් කරයි

මෙම ආර්ථිකයෙහි පූර්ණ සේවා නියුක්තිය හා ආදායම්  මට්ටම YF  වේ නම් උද්ධමනාත්මක පරතරය නිරූපණය වන්නේ කවර දුර ප්‍රමාණයකින්ද?
(1) SH
(2) RH
(3) LG
(4) YFR
(5) Y2G

27 / 50

Category: Economics 2012

(27) සංචිත අවශ්‍යතාවය 20% ක් සහිත එක්තරා බැංකු පද්ධතියක් තුළ, රුපියල් මිලියන 100ක අදි සංචිත පවතී නම්, එම බැංකු පද්ධතියට මුදල් සැපයුම උපරිම වශයෙන් ප්‍රසාරණය කිරීමට හැකි වනුයේ,
(1) රුපියල් මිලියන 20 කිනි.
(2) රුපියල් මිලියන 100 කිනි.
(3) රුපියල් මිලියන 300 කිනි.
(4) රුපියල් මිලියන 500 කිනි.
(5) රුපියල් මිලියන 750 කිනි.

28 / 50

Category: Economics 2012

(28) ව්‍යවහාර මුදල් ළඟ තබා ගැනීම සඳහා මහජනතාවගේ ඇති කැමැත්ත වැඩි වුවහොත් එය බැංකු පද්ධතිය කෙරෙහි කෙබඳු බලපෑම්ක් ඇති කරයිද?
(1)ද්‍රවශීල වත්කම් ඉහළ නංවා ගැනීම සඳහා බැංකුවලට වැඩි හැකියාවක් ලැබෙනු ඇත
(2)ඉපයීමේ වත්කම් ඉහළ නංවා ගැනීම සඳහා බැංකුවලට ඇති හැකියාව වැඩි වනු ඇත
(3)බැංකු විසින් අයක කරනු ලබන පොලී අනුපාතික පහළ දැමීමට බැංකුවලට ඇති හැකියාව අඩු වනු ඇත
(4)ණය සැපයුම ප්‍රසාරණය කිරීමට බැංකුවලට වැඩි හැකියාවක් ලැබෙනු ඇත
(5)ණය සැපයුම ප්‍රසාරණය කිරීමට බැංකුවලට ඇති හැකියාව අඩු වනු ඇත

29 / 50

Category: Economics 2012

(29) වාණිජ බැංකු පද්ධතිය සතු සංචිත ප්‍රමාණය රුපියල් බිලියන 100ක් ද, තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 800ක් ද මහජනයා සතු ව්‍යවහාර මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 200ක් ද වේ යැයි සලකන්න. මෙම තත්වය යටතේ මුදල් ගුණකය වනුයේ
(1) 0.30 කි
(2) 0.37 කි
(3) 2.70 කි
(4) 2.95 කි
(5) 3.33 කි

30 / 50

Category: Economics 2012

(30) මහා බැංකුව විසින් විවෘත වෙළෙඳ පොළෙහි ආන්ඩුවේ සුරැකුම්පත් මිලදී ගනු ලැබුවහොත්
(1) බැංකුවල සංචිත වැඩිවන අතර පදනම් මුදල් ප්‍රමාණය ද වැඩි වේ
(2) බැංකුවල සංචිත අඩු වන අතර පදනම් මුදල් ප්‍රමාණය ද අඩු වේ
(3) බැංකුවල සංචිත වැඩිවන අතර පදනම් මුදල් ප්‍රමාණය අඩුවේ
(4) බැංකුවල සංචිත අඩු වන අතර පදනම් මුදල් ප්‍රමාණය වැඩි වේ
(5) බැංකුවල සංචිත අඩු වන අතර බැංකු සතු ව අධි සංචිත පවතී නම් මුදල් සැපයුම වැඩිවනු ඇත

31 / 50

Category: Economics 2012

(31) වෙළෙඳපොළ අසාර්ථකත්වයක් නිවැරදි කිරීම සඳහා ආණ්ඩුවේ මැදිහත් වීමට හේතුවක් වනුයේ පහත සඳහන් කවර කරුණක් ද
(1) බාල භාණ්ඩ (Inferior goods) තිබීම
(2) පරිමාණුකූල නොපිරිමැසුම් හටගැනීම
(3) නිෂ්පාදනයේ සහ පරිභෝජනයේ බාහිරතා හට ගැනීම
(4) සමජාතීය භාණ්ඩ තිබීම
(5) ප්‍රචාරණය සිදු වීම

32 / 50

Category: Economics 2012

(32) ගල් අගුරු බලාගාරයක් ඉදිකිරීම් නිසා හට ගන්නා පෞද්ගලික හා බාහිර පිරිවැයත්, පෞද්ගලික හා බාහිර ප්‍රතිලාභන පහත සදහන් වගුව පෙන්නුම් කරයි.

                                                                                                                                                                                                                                                                                                    (සංඛ්‍යා රුපියල් බිලියනවලිනි)
පෞද්ගලික ප්‍රතිලාභය 180
පෞද්ගලික පිරිවැය 190
බාහිර පිරිවැය 110
බාහිර පිරිවැය 140

මෙම දත්තවලට අනුව,සමාජ පිරිවැය හා ප්‍රතිලාභ අතර වෙනස වනුයේ,
(1) රුපියල් බිලියන 120 කි.
(2) රුපියල් බිලියන 50 කි.
(3) රුපියල් බිලියන 40 කි.
(4) රුපියල් බිලියන 30 කි.
(5) රුපියල් බිලියන 10 කි.

33 / 50

Category: Economics 2012

(33) නිදහස් වෙළදාපොළ ආර්ථිකයක්,හිග සම්පත් ප්‍රශස්ත ලෙස බෙදා වෙන් කිරීමේ ලා අසාර්ථක වීමට බලපාන එක් හේතුවක් වනුයේ,
(1) පොදු භාණ්ඩ මිලක් අය නොකොට ඒවා භාවිත කරන අයට ලබා දීමය.
(2) ධන බාහිරතා නිසා  ඇතැම් භාවිත කරන අයට ලබා දීම
(3) ධන බාහිරතා ඇති භාණ්ඩල ඌන නිෂ්පාදනයක් සිදුවීමය.
(4) සෑම පුද්ගලයකුගේම ආදායම හා ධනය එක සමාන නොවීමය.
(5) තරගය පැවැතීමය.

34 / 50

Category: Economics 2012

(34) ශුභ සාධන භණ්ඩයක් සදහා වන වෙළදපොළ ඉල්ලුම් හා සැපයුම් වක්‍ර පහත සදහන් රූප සටහනෙහි දැක් වේ.

මෙම භාණ්ඩයේ පරිභෝජන 0Q1 සිට 0Q2 දක්වා ඉහළ නැංවීම සදහා ආණ්ඩුව
(1) ඒකකයට P3P2  ප්‍රමාණයක් වන ලෙස ල බද්දක් නිෂ්පාදකයන්ගෙන් අය කළ හැකිය
(2) ඒකකයකට P3P1 ප්‍රමාණයක් වන ලෙස,සහනාධාරයක් ලෙස නිෂ්පාදකයන්ට ලබා දිය හැකිය
(3) OP3 ක් වන සේ උපරිම මිලක් නියම කළ හැකිය
(4) OP2 ක් වන සේ සහතික මිලක් ලබා දිය හැකිය
(5) OP1 ක් වන සේ සහතික මිලක් ලබා දිය හැකිය

35 / 50

Category: Economics 2012

(35) උග්‍ර පසුබෑමකට(server recession) මුහුණ පා සිටින ආර්ථිකයක, නිෂ්පාදනය උත්තේජනය කිරීමේ ලා වඩාත් සඵල රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වනුයේ,
(1) ආණ්ඩුවේ වියදම් වැඩි කිරීම ය.
(2) ආණ්ඩුවේ වියදම් අඩු කිරීම ය.
(3) පෞද්ගලික ආදායම් බදු ඉහළ නැංවීම ය.
(4) මහ බැංකුව විසින් විවෘත වෙළඳපොළෙහි සුරැකුම්පත් අලෙවි කිරීම ය.
(5) මහ බැංකුව විසින් විවෘත වෙළෙඳපොළෙහි සුරුකකුම්පත් මිලදී ගැනීමය.

36 / 50

Category: Economics 2012

(36) X හා Y යන රටවල ආහාර ඒකකයක් හා රෙදි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කෙරෙන ශ්‍රම පැය සංඛ්‍යාවන් පහත වගුවේ දැක්වේ.

රට ආහාර රෙදි
X
Y
පැය 20
පැය 10
පැය 50
පැය 20

මෙම තොරතුරුවලට අනුව වඩාත් නිවැරදි ප්‍රකාශය  වනුයේ කවරක්ද?
(1) ආහාර සහ රෙදි යන භාණ්ඩ දෙකම නිපදවීමෙහි ලා සාපේක්ෂ වාසි X රටට තිබේ
(2) ආහාර සහ රෙදි යන භාණ්ඩ දෙකම නිපදවීමෙහි ලා සාපේක්ෂ වාසි Y රටට තිබේ
(3) ආහාර නිෂ්පාදනයෙහි ලා සාපේක්ෂ වාසිය X රටට ඇති අතර, රෙදි නිෂ්පාදනයෙහි ලා සාපේක්ෂ වාසිය Y රටට ඇත
(4) ආහාර නිෂ්පාදනයෙහි ලා සාපෙක්ෂ වාසිය Y රටට ඇති අතර රෙදි නිෂ්පාදනයෙහි ලා සාපේක්ෂ වාසිය X රටට ඇත.
(5) කවර භාණ්ඩයක්වත් නිෂ්පාදනය කිරීමෙහි ලා සාපේක්ෂ වාසියක් කිසිදු රටක නොමැත.

37 / 50

Category: Economics 2012

(37) කිසියම් රටක පහත දැක්වෙන කල්පිත ගෙවුම් ශේෂ දත්ත සැලකිල්ලට ගන්න.

අයිතමය වටිනාකම (රු. බිලියන)
භාණ්ඩ අපනයන
භාණ්ඩ ආනයන
ශුද්ධ සේවා
ශුද්ධ ආදායම්
ශුද්ධ වර්තන සංක්‍රාම
11 000
13 000
200
- 2 000
- 100

ගෙවුම් ශේෂයේ වර්තන ගිණුම පෙන්නුම් කරනුයේ,
(1) රුපියල් බිලියන 4100 හිඟයකි
(2) රුපියල් බිලියන 3900 ක හිඟයකි
(3) රුපියල් බිලියන 120 ක හිඟයකි
(4) රුපියල් බිලියන 2188 ක අතිරික්තයකි
(5) රුපියල් බිලියන 120 ක අතිරික්තයකි

38 / 50

Category: Economics 2012

(38) කිසියම් රටක ගෙවුම් ශේෂ ලේඛනයේ භාණ්ඩ ගිණුමෙහි ධන ශේෂයක් පවතී නම් ඉන් ගම්‍ය වනුයේ,
(1) එම රටෙහි වෙළඳ අනුපාත දර්ශකය ඊට පෙර වර්ෂයට වඩා ඉහළ අගයක් ගෙන ඇති බව ය
(2) එම රට ආනයනය කරනු ලබන භාණ්ඩ ප්‍රමාණයට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් අපනයනයය කරනු ලබන බවය
(3) වර්තන ගිණුමෙහි ප්‍රගතියක් හට ගෙන ඇති බව ය
(4) ආනයන කරනු ලබන භාණ්ඩ වල වටිනාකම අපනයනය කරනු ලබන භාණ්ඩ වල වටිනාකමට වඩා අඩු වී ඇති බව ය
(5) ආනයන මිල ගණනට වඩා අපනයන මිල ගණන් ඉහළ ගොස් ඇති බව ය

39 / 50

Category: Economics 2012

(39) A නමැති රටට සෑම භාණ්ඩයක්ම නිෂ්පාදනය කිරීමෙහිලා නිරපේක්ෂ වාසි පවතී නම්,
(1) A රටට සෑම භාණ්ඩයක්ම පිළිබඳව සාපේක්ෂ වාසි ද පවතින බැවින්, වෙළඳාමක් සිදුවීමට ඉඩක් නොමැත
(2) කිසිම රටකට කිසිදු භාණ්ඩයක් පිළිබඳව සාපේක්ෂ වාසි නොමැති හෙයින් වෙළදාමක් සිදුවීම්ට ඉඩ නොමැත
(3) බොහෝ සෙයින් වෙළදාමක් සිදුවීම්ට ඉඩකඩ පවතින අතර වෙළදාමට සහභාගීවන සියලුම රටවල් එමගින් වාසි ලබා ගනු ඇත
(4) බොහෝ සෙයින් වෙළදාමක් සිදුවීමට ඉඩක් පවතින අතර එම නිසා A රටට වාසියක් ඇති නොවේ
(5) වෙළඳාමක් සිදුවීමට ඉඩක් පවතින අතර වෙළඳාමෙන් වාසි ලැබුණු A රටට පමණි

40 / 50

Category: Economics 2012

(40) ඩොලරය හා රුපියල අතර නාමික විනිමය අනුපාතිකය $1 = රු.110ක සිට $1= රු.135ක් දක්වා වෙනස් වූයේ නම් එවිට
(1) රුපියලේ අගය ඉහළ යන අතර ඩොලරයේ අගය ක්ෂය වේ.
(2) ඇමෙරිකානුවන්ට ශ්‍රී ලංකාවේ භාණ්ඩවල මිල අඩුව වන අතර, ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට ආනයනය කෙරෙන ප්‍රමාණය වැඩි වනු ඇත
(3) ඇමෙරිකානුවන්ට ශ්‍රී ලංකාවේ භාණ්ඩවල මිල අධික වන අතර, ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට ආනයනය කරන ප්‍රමාණය වැඩි වනු ඇත
(4) ඇමරිකානුවන්ට ශ්‍රී ලංකාවේ භාණ්ඩවල මිල අධික වන අතර, ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට ආනයනය කරන ප්‍රමාණය පහළ වැටෙනු ඇත
(5) ඇමරිකානුවන්ට ශ්‍රී ලංකාවේ භාණ්ඩවල මිල අඩුවන අතර, ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට ආනයනය කරන භාණ්ඩ ප්‍රමාණය පහළ වැටෙනු ඇත

41 / 50

Category: Economics 2012

(41) ගෙවුම් ශේෂය හටගන්නා තාවකාලික අසමතුලිතතාවන්ට මුහුණදීම සඳහා නම්‍ය විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ යොදා ගැනෙන ප්‍රාථමික ලක්ෂණය වනුයේ,
(1) දැඩි විනිමය පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමය
(2) අතිරික්ත ඇති රටවල සිට හිඟයක් ඇති රටවලට මුදල් ගලා යාම ය
(3) විනිමය අනුපාතිකය අව ප්‍රමාණය කිරීම හෝ ප්‍රතිප්‍රමාණය කිරීමය
(4) විනිමය අනුපාතිකය ක්ෂය වීමට හෝ අගය ඉහළ යාමට ඉඩ දීමය
(5) දැඩි රාජ්‍ය මූල ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම ය

42 / 50

Category: Economics 2012

(42) A සහ B රටවල් සඳහා වන ලෝරන්ස් වක්‍ර පහත රූප සටහනෙහි දැක්වේ.

මෙම රූප සටහනට අනුව පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය වනුයේ කවරක්ද?
(1) B රටට වඩා A රටෙහි වඩාත් සාධාරණ වූ ආදායම් ව්‍යාප්තියක් පවතී
(2) A රටට වඩා B රටෙහි වඩාත් සාධාරණ වූ ආදායම් ව්‍යාප්තියක් පවතී
(3) A රටෙහි ජිනි සංගුණකය 1 සමාන වේ
(4) B රටෙහි ජිනි සංගුණකය 1 සමාන වේ
(5) B රටෙහි ජිනී සංගුණකය B රටට වඩා ඉහළ අගයක් ගනී.

43 / 50

Category: Economics 2012

(43) නාමික විනිමය අනුපාතිකය යොදා ගනිමින් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් වලින් මනිනු ලබන ප්‍රති ශීර්ෂ දළ ජාතික නිෂ්පාදිතය, ඉහළ ආදායම් රටවල් හා අඩු ආදායම් රටවල් අතර, ජීවන තත්වයන්ගේ පවත්නා සාපේක්ෂ වෙනස්කම් පෙන්නුම් කිරීමේ ලා අසතුටුදායක මිනුමක් වනුයේ,
(1) නාමික විනිමය අනුපාතිකයක් හා ක්‍රයශක්ති සාම්‍ය විනිමය අනුපාතිකයක් අතර පවත්නා වෙනස්කම් නිසාය
(2) ජනගහන වර්ධන අනුපාතයිකයක් අතර පවතිනා වෙනස්කම්කම් නිසාය.
(3) මිල හා වැටුප් උද්ධමන අනුපාතිකයක් අතර පවත්නා වෙනස්කම් නිසාය.
(4) ජාතික ආදායම් හා ආනයන අතර පවතින අනුප් අනුපාතයන්ගේ වෙනස්කම් නිසාය.
(5) නාමික සඵල විනිමය යනු අනුපා‍ර්තිකයන් අතර පවත්නා වෙනස්කම් නිසාය.

44 / 50

Category: Economics 2012

(44) රටක දිගුකාලීන ආර්ථික වෘද්ධිය ප්‍රවර්ධනය වනුයේ පහත සඳහන් සාධකයන්ගේ කවර සංයෝජනයක් හේතුකොට ගෙන ද?
ඉතුරුම් අනුපාතිකය                          ආයෝජනය                                        පොලී අනුපාතික
(1) ඉහළ යාම                                   ඉහළ යාම                                            ඉහළ යාම
(2) ඉහළ යාම                                   ඉහළ යාම                                            පහළ යාම
(3) ඉහළ යාම                                   පහළ යාම                                            පහළ යාම
(4) පහළ යාම                                   පහළ යාම                                            පහළ යාම
(5) ඉහළ යාම                                   පහළ යාම                                            ඉහළ යාම

45 / 50

Category: Economics 2012

45.කිසියම් රටක ප්‍රජා විද්‍යාත්මක දත්ත කිහිපයක් පහත දැක්වේ. (සියලුම දත්ත මිලියන වලිනි)

ජනගහනය                                                         60
වැඩ කළ හකළ හැකි වයසේ ජනගහනය             50
ශ්‍රම හමුදාවේ ප්‍රමාණය                                        30
සේවා නියුක්ත සංඛ්‍යාව                                      28
සේවා වියුක්ත සංඛ්‍යාව                                         2
මෙම දත්ත වලට අනුව ආර්ථිකය ශ්‍රම හමුදා සහ සහභාගීත්වය අනුපාතිකය,
(1) 40%
(2) 56%
(3) 60%
(4) 75%
(5) 93.3%

46 / 50

Category: Economics 2012

(46) ආර්ථික වෘද්ධිය සාමාන්‍යයෙන් මනිනු ලබනුයේ පහත සඳහන් විච්‍යයක වාර්ෂික වෙනස්වීම් ඇසුරෙනි.එම විචල්ය වනුයේ,
(1) පාරිභෝගික මිල දර්ශකය
(2) මූර්ත දළ ජාතික නිෂ්පාදිතය
(3) නිෂ්පාදන කර්මාන්ත අංශයේ නිමැවුම්
(4) පරිභෝජන වියදම
(5) ආයෝජන අනුපාතිකය

47 / 50

Category: Economics 2012

(47) ශ්‍රී ලංකාවේ යැපුම් අනුපාතය නිර්වචනය වනුයේ,
(1) වැඩිහිටි ජනගහනයට සාපේක්ෂව ළමා ජන ජනගහනයේ ප්‍රමාණය වශයෙනි.
(2) සේවා නියුක්ත ජනගහනණයට සාපේක්ෂව සේවා වියුක්ත ජනගහනයේ ප්‍රතිශතය වශයෙනි
(3) වැඩ නොකරන වයසේ ජනගහනය ප්‍රමාණය වැඩ කරන වයසේ ජනගහනයේ ප්‍රතිශතයක් වශයෙනි
(4) වයස අවුරුදු 65ට වඩා වැඩි ජනගහන ප්‍රතිශතය වශයෙනි
(5) අවුරුදු 15ට අඩු හා අවුරුදු 64 ට වැඩි ජනගහන ප්‍රතිශතය වශයෙනි

48 / 50

Category: Economics 2012

(48) මානව සංවර්ධන දර්ශකයෙහි සංරචකයක් වනුයේ,
(1) වසර 12ක ක පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කළ ජනගහන ප්‍රතිශතය යි
(2) දෛනික ප්‍රෝටීන් පරිභෝජනයේ මධ්‍යන අගයයි
(3) උපතේදී ආයු අපේක්ෂාවයි
(4) වැඩිහිටි සාක්ෂරතාව යි
(5) ජනගහනයෙන් 1 000 ට සිටින වෛද්‍යවරු සංඛ්‍යාවයි

49 / 50

Category: Economics 2012

(49).BRICS රටවල් ලෙස ගැනෙනුයේ,
(1) බංග්ලාදේශය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු කොරියාවයි
(2) බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු කොරියාවයි
(3) බංගලාදේශය, රුසියාව, ඉන්දියාව, චීනය සහ සිංගප්පූරුවයි
(4) බ්‍රසීලය රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාවයි
(5) බ්‍රසීලය, රුසියාව, ඉන්දුනීසියාව, චීනය සහ දකුණු කොරියාව

50 / 50

Category: Economics 2012

(50).වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඉහළලම දරිද්‍රතා දර්ශක අගය පෙන්නුම් කරන පළාත වනුයේ
(1) උතුරු පළාත ය
(2) නැගෙනහිර පළාත ය
(3) වයඹ පළාත් ය
(4) ඌව පළාත ය
(5) සබරගමු පළාත ය

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 21%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!