2012 භෞතික විද්‍යාව බහුවරණ ප්‍රශ්න

0%
4

Past Papers | Physics

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2012 - භෞතික විද්‍යාව

මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50 ක්‌, පිටු 12 ක අඩංගු වේ.

 සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1 සිට 50 තෙක්‌ වූ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා දී ඇති (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින්‌ නිවැරදි හෝ
ඉතාමත්‌ ගැළපෙන හෝ පිළිතුර තෝරා ගන්න

ගණක යන්තු භාවිතයට ඉඩ දෙනු නො ලැබේ.

(ගුරුත්වජ ත්වරණය, g = 10 N kg -1 ලෙස සලකන්න.)

1 / 50

Category: physics 2012 New syllabus

1. පහත දක්වෙන කුමක් SI පද්ධතියේ මුලික ඒකකයක්‌ නිරූපණය නොකරයි ද?

(1) m
(2) N
(3) kg
(4) s
(5) K

2 / 50

Category: physics 2012 New syllabus

2. ස්කන්ධ දෙකක්‌ අතර දුර දෙගුණ කළහොත්‌ ඒවා අතර ගුරුත්වාකර්ෂණ බලය අඩු වන සාධකය වන්නේ

(1) 2
(2) 4
(3) 6
(4) 8
(5) 12

3 / 50

Category: physics 2012 New syllabus

3. L හැඩැති ඒකාකාර තුනී ලෝහ තහඩුවක්‌ රූපයේ පෙන්වා ඇත. තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රය පැවතීමට වඩාත්‌ ම ඉඩ ඇති ලක්ෂ්‍යය වනුයේ 

(1) A
(2) B
(3) C
(4) D
(5) E

4 / 50

Category: physics 2012 New syllabus

4. ආරම්භක දිග l0 වූ සැහැල්ලු ප්‍රත්‍යස්ථ තන්තුවක්‌ d පරතරයක්‌ (d > l0) සහිත සමාන්තර බිත්ති දෙකක්‌ අතර T ආතතියක්‌ සහිතව සවි කිරීමට කළ යුතු අවම කාර්ය ප්‍රමාණය වන්නේ,

(1) 1/2T(d-l0)
(2) Td/l0
(3) T(d-l0)
(4) 1/2 ,T/(d-l0)
(5) 1/2,(d-l0)2/T

5 / 50

Category: physics 2012 New syllabus

5. 27 0C හි පවතින පරිපූර්ණ වායුවක්‌ භාජනයක්‌ තුළ අඩංගු වී ඇත. වායුවේ උෂ්ණත්වය 1270C දක්වා වැඩි කළහොත්‌  යන අනුපාතය වනුයේ,

(1) 127/27
(2) 16/9
(3) 4/3
(4) 3/4
(5) 27/127

6 / 50

Category: physics 2012 New syllabus

6.  A  වස්තුවේ ස්කන්ධය B හි එම අගය මෙන්‌ දෙගුණයකි. A හි ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාව B‌ හි එම අගය මෙන්‌ තුන්‌ ගුණයකි. ඒවාට එක සමාන තාප ප්‍රමාණ සපයනු ලැබේ. A වස්තුවේ උෂ්ණත්වය ΔT වෙනසකට බඳුන්‌ වේ නම්‌ B වස්තුව බදුන්වන උෂ්ණත්ව වෙනස  වන්නේ 

(1) ΔT/2
(2) 2/3 Δ T
(3) ΔT
(4) 3/2 ΔT
(5) 6 ΔT

7 / 50

Category: physics 2012 New syllabus

 7. ලේසර්‌ ආලෝකය පිළිබඳව කර ඇති පහත සඳහන්‌ ප්‍රකාශ සලකා බලන්න.
(A) එක්තරා සංඛ්‍යතයක්‌ සහිත ලේසර්‌ කදම්බයක ඇති ෆෝටෝනයක ශක්තිය, සාමාන්‍ය ආලෝක කදම්බයක ඇති, එම සංඛ්‍යතයම සහිත ෆෝටෝනයක ශක්තියට වඩා වැඩි ය.
(B) ලේසර්‌ කදම්බයක්‌ වීදුරු ප්‍රිස්මයක්‌ මගින්‌ වර්තනය කළ නොහැක.
(C) ලේසර්‌ කදම්බයක සියලුම ෆෝටෙනවලට එකම ශක්තිය, එකම කලාව සහ එකම දිශාව ඇත.
ඉහත ප්‍රකාශ අතුරෙන්‌
(1) (B) පමණක්‌ සත්‍ය වේ.
(2) (C) පමණක්‌ සත්‍ය වේ.
(3) (A) සහ (B) පමණක්‌ සත්‍ය වේ.
(4) (B) සහ (C) පමණක්‌ සත්‍ය වේ.
(5) (A), (B) සහ (C) යන සියල්ල ම සත්‍ය වේ.

8 / 50

Category: physics 2012 New syllabus

8. ඝෝෂාකාරී වැඩබිමක ඝෝෂා මට්ටම 90 dB වේ. මෙය එතරම්‌ අපහසු නොවන 70dB මට්ටමක්‌ දක්වා අඩු කරන ලදී.  යන අනුපාතය සමාන වනුයේ 

(1) 0.9
(2) 0.5
(3) 0.1
(4) 0.01
(5) 0.001

9 / 50

Category: physics 2012 New syllabus

9. වීදුරු ප්‍රිස්මයක්‌ මතට ඒකවර්ණ ආලෝක කිරණක්‌ පතිත වී ප්‍රිස්මය තුළින්‌ ගමන්‌ කරන විට අවම අපගමනයට බඳුන්‌ වේ. නිර්ගත කිරණය පසු කර යෑමට වඩාත්‌ ම ඉඩ ඇති ලක්ෂ්‍යය වන්නේ

(1) A
(2) B
(3) C
(4) D
(5) E

10 / 50

Category: physics 2012 New syllabus

10. විද්‍යුත්‌ ක්ෂේත්‍ර රේඛා පිලිබඳව කර ඇති පහත කුමන ප්‍රකාශය අසත්‍ය ද?

(1) විද්‍යුත්‌ ක්ෂේත්‍ර රේඛා සරල රේඛීය හෝ වක්‍රාකාර විය හැක.
(2) විද්‍යුත්‌ ක්ෂේත්‍ර රේඛා එකිනෙකට සමාන්තර විය හැක.
(3) විද්‍යුත්‌ ක්ෂේත්‍ර රේඛා මගින් සංවෘත පුඩු සෑදිය හැක.
(4) විද්‍යුත්‌ ක්ෂේත්‍ර රේඛා ධන ආරෝපණවලින්‌ පටන්ගෙන සෘණ ආරෝපණවලින්‌ අවසන්‌ වේ.
(5) විද්‍යුත්‌ ක්ෂේත්‍ර රේඛා කිසිවිටෙකත්‌ ඵකිනෙකින්‌ කැපී යා නොහැක.

11 / 50

Category: physics 2012 New syllabus

 11. ගෝලීය ගවුස්‌ පෘෂ්ඨයක්‌ q ලක්ෂ්‍යයීය ආරෝපණයක්‌ වටා ඇත. පද්ධතියට පහත සඳහන්‌ වෙනස්කම්‌ කරන ලදී.
(A) ආරෝපණයේ විශාලත්වය තෙගුණ කරන ලදී.
(B) ගෝලීය ගවුස්‌ පෘෂ්ඨයේ අරය දෙගුණ කරන ලදී.
(C) ගෝලීය ගවුස්‌ පෘෂ්ඨය ඝනකයක පෘෂ්ඨයකට වෙනස්‌ කරන ලදී.
(D) ආරෝපණය පෘෂ්ඨය ඇතුළත වෙතත්‌ පිහිටුමකට රැගෙන යන ලදී.

ඉහත සඳහන්‌ වෙනස්කම්‌ අතුරෙන්‌ පෘෂ්ඨය හරහා සළුල විද්‍යුන්‌ ස්‍රාවය වෙනස්‌ වන්නේ

(1) (A) හි පමණි.
(2) (A) සහ (B) හි පමණි.
(3) (C)  සහ (D) හි පමණි.
(4) (A),(B) සහ (D) හි පමණි.
(5) (A), (B), (C) සහ (D) යන සියල්ලෙහි ම ය.

12 / 50

Category: physics 2012 New syllabus

12. ප්‍රාථමික පැත්තේ VP = 12.0 kV ac සහිතව ක්‍රියාත්මක වන පරිපූර්ණ පරිණාමකයක්‌ එය සමීපයේ ඇති නිවෙස්‌ සමූහයකට VP=
240 V, ac
සහිතව විදුලිය සපයයි. පරිණාමකයේ වට අනුපාතය වන්නේ
(1) 0.02
(2) 0.2
(3) 25
(4) 50
(5) 100

13 / 50

Category: physics 2012 New syllabus

13. තඹ කම්බි දෙකක පරිමාව එකම වන නමුත්‌ 2 වන කම්බිය 1 වන කම්බියට වඩා 20% කින්‌ දිග වැඩිය. යන අනුපාතය වන්නේ

(1) 0.83
(2) 0.91
(3) 1.11
(4) 1.20
(5) 1.44

14 / 50

Category: physics 2012 New syllabus

14. රූපයේ පෙන්වා ඇති පරිදි සිලින්ඩරාකාර බෝතලයක පතුළ සහ වීදුරු තහඩුවක් අතර ජල තට්ටුවක්‌ පවතී. බෝතලයේ පතුළේ අරය r වේ. බෝතලය සෙමින්‌ ඉහළට ඔසවන විට, එක්තරා මොහොතකදී ජලය සහ බෝතල්‌ පතුළ අතර ස්පර්ශකෝණය θ වේ. (රූපය බලන්න.) එම මොහොතේදී බෝතලයේ පතුළ මත ජලයේ පෘෂ්ඨික ආතනිය T නිසා ඇතිවන බලයේ විශාලත්වය වන්නේ

(1) 2πrTsinθ
(2) 2πrTcosθ
(3) πr2Tsinθ
(4) πr2Tcosθ
(5) 4πr2Tsinθ

15 / 50

Category: physics 2012 New syllabus

15. වස්තුවක්‌ මගින්‌ විකිරණ ශක්තිය නිකුත්‌ කිරීමේ ශීඝ්‍රතාව පිළිබඳව පහත සඳහන්‌ කුමක්‌ අසත්‍ය වේද?

(1) එය වස්තුවේ පෘෂ්ඨික වර්ගඵලයට සමානුපාතිකය.
(2) එය චස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වයේ 4 වචන බලයට සමානුපාතිකය.
(3) එය වස්තුවේ පෘෂ්ඨයෙහි විමෝචකතාවට සමානුපාතිකය.
(4) එය පරිසර උෂ්ණත්වය මත රඳා පවතී.
(5) එය වස්තුවේ නාප ධාරිතාව මත රඳා නොපවති.

16 / 50

Category: physics 2012 New syllabus

16. පතිත විකිරණයේ සංඛ්‍යාතය (ƒ) සමග ලෝහයකින්‌ විමෝචනය වන ප්‍රකාශ ඉලෙක්ට්‍රෝනවල උපරිම චාලක ශක්තියේ (Kmax) විචලනය ප්‍රස්තාරයේ පෙන්වා ඇත. ලෝහයේ කාර්ය ශ්‍රිතය වන්නේ  

(1) 6.0 eV
(2) 4.0 eV
(3) 2.5 eV
(4) 2.0 eV
(5) 1.0 eV

17 / 50

Category: physics 2012 New syllabus

 17. අයඩින්‌ හි විකිරණශීලී සමස්ථානිකයක්‌ වන බවට ක්ෂය වේ. මෙම ක්ෂයවීමේදී කුමන වර්ගයේ අංශුවක්‌ විමෝචනය වන්නේ ද? 

(1) ∝
(2) β
(3) β+
(4)  p
(5) n

18 / 50

Category: physics 2012 New syllabus

18. මාන විශ්ලේෂණය මගින්‌ ලබාගත හැකි තොරතුරු පිළිබඳව කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න.

(A) භෞතික සමීකරණයක පැවතිය හැකි සමානුපාතික නියතවල සංඛ්‍යාත්මක අගයන්‌ මාන විශ්ලේෂණය මගින්‌ නිර්ණය කළ හැක.
(B) හෞතික සමීකරණයක පැවතිය හැකි සමානුපාතික නියතවල සංඛ්‍යාත්මක ලකුණු මාන විශ්ලේෂණය මගින්‌ නිර්ණයකළ හැක.
(C) භෞතික සමීකරණයක පැවතිය හැකි සමානුපාතික නියතවල ඒකක මාන විශ්ලේෂණය මගින්‌ නිර්ණය කළ හැක.
ඉහත ප්‍රකාශ අතුරෙන්‌
(1) (A) පමණක්‌ සත්‍ය වේ.
(2) (B) පමණක්‌ සත්‍ය වේ.
(3) (C) පමණක්‌ සත්‍ය වේ.
(4) (A) සහ (C) පමණක්‌ සත්‍ය වේ.
(5) (A), (B) සහ (C) යන සියල්ල ම සත්‍ය වේ.

19 / 50

Category: physics 2012 New syllabus

19. ඝනන්වයන්‌ d1,d2 සහ d3 වන ද්‍රව තුනක සමාන ස්කන්ධ ඵකට එකතු කරන ලදී. කිසියම්‌ හෝ ආකාරයක වෙනස්වීමක්‌ සිදුනොවී ද්‍රව මිශ්‍ර වූයේ නම්‌ සංයුක්ත ද්‍රවයේ ඝනන්වය වන්නේ,

(1) d1 + d2 + d3 /3
(2) d1 d2 d3 /3
(3) 3d1 d2 d3 /d1d2+d2d3+d3d1
(4) d1d2+d2d3+d3d1/3
(5) d1 d2 d3 / d1d2+d2d3+d3d1

20 / 50

Category: physics 2012 New syllabus

20. ආරම්භයේදී නිසලතාවයේ පවතින ස්කන්ධය 0.5 kg වන බෝලයකට පිත්තකින්‌ පහරදෙයි. කාලය (t) සමග බෝලය මත බලයේ (F) විචලනය රූපයේ පෙන්වා ඇත. පිත්තෙන් ඉවත්‌ වන විට බෝලයේ වේගය වනුයේ, 

(1) 10 ms-1
(2) 8 ms-1
(3) 6 ms-1
(4) 4 ms-1
(5) 2 ms-1

21 / 50

Category: physics 2012 New syllabus

21. පිළිවෙළින්‌ ස්කන්ධ m සහ 3m වන A සහ B කුඩා පොටි ගෝල දෙකක්‌ එක සමාන ඳිගක්‌ සහිත තන්තු මගින්‌ සිවිලිමක එල්වා ඇත. පෙන්වා ඇති අයුරින්‌ A ගෝලය h උසකට ඔසවා තැබෙන පරිදි පැත්තකට ඇද ඉන්පසු අත හරිනු ලැබේ. නිසලතාවයේ ඇති B ගෝලය සමග A ගෝලය ගැටී ඒවා එකට ඇලේ. සංයුක්ත වස්තුව පැද්දී ඉහළට නැගෙන උපරිම උස වන්නේ, 

(1) 1/16 h
(2) 1/8 h
(3) 1/4 h
(4) 1/3 h
(5) 1/2 h

22 / 50

Category: physics 2012 New syllabus

22. ස්කන්ධය m වූ මෝටර්‌ රථයක්‌ තිරස්‌ සමතලා පාරක පිහිටි වක්‍රතා අරය r වු වෘත්තාකාර වංගුවක්‌ υ වේගයකින්‌ හසුරුවයි. මෝටර්‌ රථය ලිස්සා යයි නම්‌ ( μ යනු පාර සහ ටයරයක්‌ අතර ඝර්ෂණ සංගුණකයයි)

(1) υ > √μrg
(2) υ √< √μrg/4 (3) υ > √μrg/m
(4) υ > √μrmg
(5) υ > √μmg/r

23 / 50

Category: physics 2012 New syllabus

23. කාලය t = 0 දී නිශ්චලතාවයේ සිට නිදහසේ පහළට වැටෙන වස්තුවක ඡායාරූප පළමුවෙන්‌ t = 0 දී සහ 'එයින්‌ පසු ඵක්‌ එක්‌ තත්පරය අවසානයේදී ද කැමරාවක්‌ ආධාරයෙන්‌ ගනු ලැබේ. එක්‌ එක්‌ තත්පරය අවසානයේදී චස්තුවේ පිහිටීම නිවැරදිව දක්වන්නේ පහත දක්වෙන කවර රූපසටහන මගින්ද? රූපසටහන්වල සිරස්‌ අක්ෂය මගින්‌ නිරූපණය වන්නේ වස්තුව ගමන්‌ කළ දුර (d) ය.

24 / 50

Category: physics 2012 New syllabus

24.  (s) චන්ද්‍රිකාවක්‌ (E) පෘථිවිය වටා ඉලිප්සාකාර කක්ෂයක ගමන්‌ කරයි. A ලක්ෂයේදී චන්ද්‍රිකාවේ වේගය υ නම්‌ B ලක්ෂ්‍යයේදී එහි වේගය වනුයේ,
(1) υ /8
(2) υ/4
(3)  υ
(4) 2υ
(5) 4υ

25 / 50

Category: physics 2012 New syllabus

25. රූපයේ පෙන්වා ඇති පරිඳි සැහැල්ලු දුන්නකට සම්බන්ධ කර ඇති, සරල අනුවර්තී චලිතයේ යෙදෙන m ස්කන්ධයක්‌ සහිත අංශුවක්‌ පිළිබඳව කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න.
(A) අංශුවේ ත්වරණය සෑම විටකම චලිතයේ කේන්ද්‍රය වෙතට වේ.
(B) අංශුව මත බලය කේන්ද්‍රයේ සිට ඇති විස්ථාපනයේ වර්ගයට සමානුපාතික වේ.
(C)  දෝලන කාලාවර්තය අංශුවේ ස්කන්ධය මත රදා පවතී.
ඉහත ප්‍රකාශවලින්‌,

(1) (A) පමණක්‌ සත්‍ය වේ.
(2) (C) පමණක්‌ සත්‍ය වේ.
(3) (A) සහ (B)පමණක්‌ සත්‍ය වේ.
(4) (A) සහ (C) පමණක්‌ සත්‍ය වේ.
(5) (A), (B) සහ (C) යන සියල්ල ම සත්‍ය වේ.

26 / 50

Category: physics 2012 New syllabus

26. රූපයේ පෙන්වා ඇති පරිදි තුනී අභිසාරි කාචයක්‌ වෙතට පැමිණෙන කිරණ දෙකක්‌ සලකා බලන්න. කාචය තුළින්‌ ගමන්‌ කළ පසු කිරණ දෙක හමුවීමට වඩාත්‌ ම ඉඩ ඇති ලක්ෂ්‍යය වන්නේ

(1) A
(2) B
(3) C
(4) D
(5) E

27 / 50

Category: physics 2012 New syllabus

27. වාතයේ (A) සිට පාරදෘශ්‍ය මාධ්‍යයකට (T) ලම්බව පතිත වී ඒ හරහා සම්ප්‍රේෂණය වන ඒකවර්ණ ආලෝක කිරණක තරංග ආකාරයට සිදුවූ වෙනස්වීම්‌ රූපයේ පෙන්වා ඇත. පාරදෘශ්‍ය මාධ්‍යයේ වර්තනාංකය වන්නේ,

(1) 1.5
(2) 2.0
(3) 2.5
(4) 3.0
(5) 3.5

28 / 50

Category: physics 2012 New syllabus

28. මිනිසකුගේ ස්වරාලය එක්‌ කෙළවරක්‌ විවෘත නළයක්‌ සේ සැළකිය හැක. මෙම නළයේ දිග 17cm නම්‌, නිපදවෙන පහළම ප්‍රසංවාද දෙකේ සංඛ්‍යාත වන්නේ (වාතයේ ධ්වනි වේගය = 340 ms-1) 

(1) 500 Hz, 1500 Hz
(2) 500 Hz, 1000 Hz
(3) 1000 Hz, 2000 Hz
(4) 1000 Hz, 3000 Hz
(5) 1500 Hz, 2500 Hz

29 / 50

Category: physics 2012 New syllabus

29. සංඛ්‍යාතය ƒ0 වන නලාව දිගටම නාද කරමින්‌ නියත ප්‍රවේගයකින්‌ ගමන්‌ කරන දුම්රියක්‌, වේඳිකාවක්‌ මත සිටගෙන සිටින නිරීක්ෂකයකු දෙසට ගමන්‌ කොට පසුව ඔහුගෙන්‌ ඉවතට ගමන්‌ කරයි. කාලය (t) සමග නිරීක්ෂකයාට ඇසෙන නලාවේ සංඛ්‍යාතය (ƒ) විචලනය වන ආකාරය වඩාත්‌ ම හොඳින්‌ නිරූපණය වන්නේ

 

 

 

 

 

 

 

 

30 / 50

Category: physics 2012 New syllabus

30. y නම්‌ රාශියක්‌, x නම්‌ තවත්‌ රාශියක්‌ සමග වෙනස්වන ආකාරය ප්‍රස්තාරයේ පෙන්වා ඇත. පහත ප්‍රකාශ සලකා බලන්න.
(A) ප්‍රස්තාරයෙන්‌ නිරූපණය වන්නේ ඇඳි තන්තුවක්‌ දිගේ x දිශාවට ගමන්‌ කරන තරංගයක්‌ නම්‌, y යනු දෙන ලද මොහොතකදී, තරංගය ගමන්‌ කරන දිශාවට ලම්බ දිශාවකට තන්තුවේ අංශුවක විස්ථාපනය විය හැක.
(B) ප්‍රස්තාරයෙන්‌ නිරූපණය වන්නේ ජලයේ ගමන්‌ කරන තරංගයක්‌ නම්‌, x යනු කාලය විය හැකි අතර y යනු තරංගය ගමන්‌ කරන දිශාවට ජල අණුචක විස්ථාපනය විය හැක.
(C) ප්‍රස්තාරයෙන්‌ නිරූපණය වන්නේ සරසුලක කම්පනය නම්‌, x යනු කාලය විය හැකි අතර y යනු සරසුලේ එක්‌ දන්තක කෙළවර ප්‍රවේගය විය හැක.
ඉහත ප්‍රකාශ අතුරෙන්‌,
(1) (A) පමණක්‌ සත්‍ය වේ.
(2) (C) පමණක්‌ සත්‍ය වේ.
(3) (A) සහ (C) පමණක්‌ සත්‍ය වේ.
(4) (B) සහ (C) පමණක්‌ සත්‍ය වේ.
(5) (A), (B) සහ (C) යන සියල්ල ම සත්‍ය වේ.

31 / 50

Category: physics 2012 New syllabus

31. උපනෙතේ නාභිය දුර 2 cm හා අවනෙතේ නාහිය දුර 14 m  වන නක්ෂත්‍ර දුරේක්ෂයක්‌ සාමාන්‍ය සීරුමාරුවේ තබා ග්‍රහලෝකයක්‌ නිරීක්ෂණය කරනු ලැබේ. පහත ප්‍රකාශ සලකා බලන්න.
(A) අවනෙන සහ උපනෙන අතර දුර 1402 cm වේ.
(B) ග්‍රහලෝකයේ කෝණික විශාලනය 700 වේ.
(C) ග්‍රහලෝකයේ ප්‍රතිබිම්බය නිරීක්ෂකයාගේ අවිදුර ලක්ෂ්‍යයේ සෑදේ.
ඉහත ප්‍රකාශ අතුරෙන්‌
(1) (A) සහ (B) පමණක්‌ සත්‍ය වේ.
(2) (A) සහ (C) පමණක්‌ සත්‍ය වේ.
(3) (B) සහ (C) පමණක්‌ සත්‍ය වේ.
(4) (B) පමණක්‌ සත්‍ය වේ.
(5) (A), (B) සහ (C) යන සියල්ලම සත්‍ය වේ.

32 / 50

Category: physics 2012 New syllabus

32. බැලූනයකින්‌ ඉක්මනින්‌ වාතය ඉවත්‌ වන ක්‍රියාවලියක්‌ සලකා බලන්න. මෙම ක්‍රියාවලිය සඳහා පහත සඳහන්‌ කුමක්‌ සත්‍ය ද?

         ΔQ       ΔW      ΔU
(1)      +          +          +
(2)      -           -           -
(3)     0           0         0
(4)     0            -          -
(5)     0           +          -

33 / 50

Category: physics 2012 New syllabus

33.  සර්වසම ඝනකමක් සහ පෘෂ්ඨ වර්ගඵලයක්‌ සහිත A, B, C සහ D ද්‍රව්‍ය සතරකින් සැඳි අවුරන ලද සංයුක්ත පුවරුවක්‌ හරහා අනවරත තාප සංක්‍රමණයක්‌ ඇති විට පුවරුවේ මුහුණත්‌ සහ අතුරු මුහුණත්වල උෂ්ණත්වයන්‌ රූපයේ දක්වා ඇත. A, B, C සභ D ද්‍රව්‍යවල තාප සන්නායකතා පිළිවෙළින්‌ KA, KB, KC සහ KD නම්‌

(1) KA > KB > KC  >  KD
(2) KA < KB < KC  <  KD
(3) KB = KD > KA  >  KC
(4) KB = KD < K<  KC
(5) KB = KD = K>  KC

34 / 50

Category: physics 2012 New syllabus

34. උෂ්ණත්ව මිණුමක්‌ සඳහා නිවැරදි අගයක්‌ ලබා දීමට දී ඇති උෂ්ණත්වමානයකට ඇති හැකියාව පිළිබඳව කර ඇති පහත සඳහන්‌ ප්‍රකාශ සලකා බලන්න.
 (A) කාලයත්‌ සමග ශීඝ්‍රලෙස වෙනස්වන උෂ්ණත්වයන්‌ මිනිය යුතු අවස්ථාවල ඒ සඳහා ඳී ඇති උෂ්ණත්වමානය, උෂ්ණත්වය සමග උෂ්ණත්වමිතික ගුණය විශාල ලෙස වෙනස්වන ආකාරයේ එකක්‌ විය යුතු ය.
(B) උෂ්ණන්වය මිනිය යුතු පරිසරයේ තාපධාරිතාව හා සැසඳීමේදී උෂ්ණත්වමානයේ තාප ධාරිතාව නොගිණිය හැකිතරමේ විය යුතු ය.
(C) උෂ්ණත්වමිතික ගුණයට උෂ්ණත්වය සමග රේබීය විචලනයක්‌ තිබිය යුතු ය.

ඉහත ප්‍රකාශ අතුරෙන්‌
(1) (B) පමණක්‌ සත්‍ය වේ.
(2) (A) සහ (B)පමණක්‌ සත්‍ය වේ.
(3) (B) සහ (C) පමණක්‌ සත්‍ය වේ.
(4) (A) සහ (C) පමණක්‌ සත්‍ය වේ.
(5) (A), (B) සහ (C) යන සියල්ලම සත්‍ය වේ.

35 / 50

Category: physics 2012 New syllabus

35. සැහැල්ලු සන්නායක පුඩුවක්‌ නිදහසේ එල්වා ඇනි අතර රූපයේ පෙන්වා ඇති පරිදි පුඩුවේ අර්ධයක්‌ චුම්බක ක්ෂේත්‍රයක්‌ තුළට ඇතුළුකොට ඇත. චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාව ශීඝ්‍රයෙන්‌ වැඩිවීමට පටන්‌ ගත්තේ නම්‌,

(1) පුඩුව චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට ගමන්‌ කිරීමට පටන්‌ ගනී.
(2) පුඩුව චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට විරුද්ධ දිශාවට ගමන්‌ කිරීමට පටන්‌ ගනී.
(3) පුඩුව ක්ෂේත්‍රය තුළට, (වම්‌ අතට) ගමන්‌ කිරීමට පටන්‌ ගනී.
(4) පුඩුව ක්ෂේත්‍රයෙන්‌ පිටතට, (දකුණු අතට) ගමන්‌ කිරීමට පටන්‌ ගනී.
(5) පුඩුවේ කිසිදු වලනයක්‌ ඇති නොවේ.

36 / 50

Category: physics 2012 New syllabus

36. 10 Ω ප්‍රතිරෝධකය හරහා ධාරාව වන්නේ 

(1) 0
(2) 1.5 A
(3) 3.0 A
(4) 5.0 A
(5) 6.0 A

37 / 50

Category: physics 2012 New syllabus

 37. ලෝහ කම්බියකට θ1 සහ θ2 උෂ්ණත්වවලදී පිළිවෙළින්‌ R1 සහ R2 ප්‍රතිරෝධ ඇත. ලෝහයේ ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය දෙනු ලබන්නේ

 

 

 

 

 

 

 

 

38 / 50

Category: physics 2012 New syllabus

38. රූපයේ පෙන්වා ඇති ට්‍රාන්සිස්ටර (Si) පරිපථය පොදු විමෝචක වර්ධකයක්‌ ලෙස ක්‍රියාත්මක කරවීමට පහත සඳහන්‌ කවර සම්බන්ධ කිරීම්‌ කළ යුතු ද? 

(1) XE, YB, AP, BQ, SE
(2) PA, YE, XP, BS, QE
(3) SB, YA, AQ, BQ, SE
(4) XE, YB, AQ, BP, SA
(5) YA, XE, AP, BS, QE 

39 / 50

Category: physics 2012 New syllabus

39. ±10V ජව සැපසුම්‌ වෝල්ටීයතාවෙන්‌ ක්‍රියාත්මක වන 741 කාරකාත්මක වර්ධකයක අපවර්තන ප්‍රදානයට රූපයේ පෙන්වා ඇති පරිඳි කාලය (t) සමග රේඛීයව වැඩිවන වෝල්ටීයතා සංඥාවක්‌ ලබා දී ඇත. පෙන්වා ඇති පරිදි විස්තාරය 5V වු සෘජුකෝණාස්‍රාකාර වෝල්ටීයතා තරංග ආකෘතියක්‌ අපවර්තන නොවන ප්‍රදානයට යොදා ඇත. කාරකාත්මක වර්ධකයේ ප්‍රතිදාන තරංග ආකෘතිය වඩාන්‌ හොඳින්‌ නිරූපණය කරන්නේ 

40 / 50

Category: physics 2012 New syllabus

40. පෙන්වා ඇති තාර්කික පරිපථයන්ගෙන්‌ කවරක්‌ පහත දක්වා ඇති ආකාරයට ක්‍රියා කරයි ද?
S = 0 වූ විට ප්‍රතිදානය F = X (X හි අගය 0 හෝ 1 විය හැක.)
S = 1 වූ විට ප්‍රතිදානය F = 0 (X හි අගය කුමක් වුවත්)

(1) (A) පමණි.
(2) (B) පමණි.
(3) (C) පමණි.
(4) (A) සහ (B)පමණි.
(5) (B) සහ (C)පමණි.

41 / 50

Category: physics 2012 New syllabus

41. රූපයේ පෙන්වා ඇති ආකාරයට නමන ලද විශාල ලෝහ තහඩුවක්‌ කෙළින්‌ සිරස්ව පිහිටන ලෙස භූමිය මත තබා ඇත්තේ භූමියට සවිකරන ලද ඇඳි කඹ හතරක්‌ මගිනි. නිශ්චල වාතයේදී සෑම කඹයකම ආතතින්‌ TA,TB,TC සහ TD එක සමාන ය. XY දිශාවට තහඬුව හරහා සුළං හමා යන විට

(1) TA < TB සහ TD < TC
(2) TA > TB සහ TD > TC
(3) TA = TB සහ TC = TD
(4) TA > TB සහ TC > TD
(5) TA < TB සහ TC < TD

42 / 50

Category: physics 2012 New syllabus

42. කාලය (t) සමග. අංශුවක ප්‍රවේගයේ (υ) විචලනය රූපයේ පෙන්වා ඇත. අනුරූප විස්ථාපන (s) කාල (t) චක්‍රය වඩාත්ම හොඳින්‌ නිරූපණය වන්නේ,

43 / 50

Category: physics 2012 New syllabus

43. වාහනයක රෝදයක, එහි කේන්ද්‍රයේ සිට r දුරකින්‌ වැලි කැටයක්‌ ඇලී ඇත. රෝදයේ අරය R වේ. රෝදය ω කෝණික ප්‍රවේගයකින්‌ භ්‍රමණය වන විට, හදිසියේ වැලි කැටය රෝදයෙන්‌ ගැලවී යයි. වාත ප්‍රතිරෝධය නොසලකා හැරියහොත්, රෝදයෙන්‌ ගැලවුනු වහාම වාහනයට සාපේක්ෂව වැලි කැටයේ ප්‍රවේගයේ තිරස්‌ සංරචකයට තිබිය හැක්කේ,

(1) 0 සහ (R-r)ω අතර අගයකි.
(2) 0 සහ (r+R)ω අතර අගයකි.
(3) 0 සහ rω අතර අගයකි.
(4) -rω සහ rω අතර අගයකි.
(5) (R-r)ω සහ (r+R)ω අතර අගයකි.

44 / 50

Category: physics 2012 New syllabus

44. විශාල පිහිනුම්‌ තටාකයක ජලය තුළ ඇති සෙල්ලම්‌ තුවක්කුවකින්‌ අරය a වූ ඊයම්‌ බෝලයක්‌ රූපයේ පෙන්වා ඇති පරිදි විදිනු ලැබේ. ජලයේ සහ ඊයම්වල ඝනත්ව පිළිවෙළින්‌ PW සහ Ppbන අතර ජලයේ දුස්ස්‍රාවිතාව  වේ. එක්තරා මොහොතකදී බෝලයේ ප්‍රවේගයෙහි x සහ y සංරචකයන්‌ පිළිවෙළින්‌ υx සහ υy වේ තම්‌ එම මොහොතේදී අනුරූප ත්වරණ සංරවකයන්ගේ විශාලත්ව වනුයේ, 

45 / 50

Category: physics 2012 New syllabus

45. ශීත කරන ලද සිසිල්‌ බීම සහිත විදුරු බෝතලයක්‌ වායු ගෝලයේ තැබූ විට එහි පෘෂ්ඨය මත ජලය ඝනීහවනය වන බව පෙනින. එය වායුගෝල උෂ්ණත්වයට පත්වීමට පෙර ඝනීභවනය වන සම්පූර්ණ ජල ප්‍රමාණය රදා නොපවතින්නේ 

(1) ශිත කරන ලද සිසිල්බිම බෝතලයේ ආරම්භක උෂ්ණත්වය මත ය.
(2) සිසිල්‌ බීම සහිත බෝතලයේ තාප ධාරිතාව මත ය.
(3) සිසිල්‌ බීම සහිත ඛෝතලමයේ උෂ්ණ්‍තාවය වැඩිවන ශීශ්‍රතාව මත ය.
(4) චායු ගෝලයේ තුෂාර අංකය මත ය.
(5) වීදුරුවල තාප සන්නායකනාව මත ය.

46 / 50

Category: physics 2012 New syllabus

46. සර්වසම ස්කන්ධ සහිත ජලය සහ අසිස්‌ ස්වල්ප ප්‍රමාණ තාප පරිවාරක බඳුනක්‌ තුළට දමා තාප සමතුලිතතාවයට පත්වීමට ඉඩ හරිනු ලැබේ. කාලය (t) සමඟ ජලයේ සහ අයිස්වල උෂ්ණන්වයන්ගේ (θ) විවල්‍යා සටහන්‌ කර ඒවා එකම ප්‍රස්තාරයක පෙන්වා ඇ දී ඇති ප්‍රස්තාරය ඇසුරෙන්‌ ජලය සහ අයිස්වල හැසිරීම පිළිබඳව නිගමනය කළ හැක්කේ පහත සඳහන්‌ කුමක්‌ ද?

(1) ජලය සියල්ල ම මිදී ඇති අතර කිසිම අසිස්‌ ප්‍රමාණයක්‌ දිය වී නොමැත.
(2) ජලය කොටසක්‌ මිදි ඇති අතර කිසිම අයිස් ප්‍රමාණයක්‌ දිය වී නොමැත.
(3) ජලය කොටසක්‌ මිදී ඇති අතර අයිස්‌ සියල්ල ම දිය වී ඇත.
(4) ජලය සියල්ල මිදී ඇති අතර අසිස්‌ සියල්ල ම දිය වී ඇත.
(5) ජලය සියල්ල මිදී ඇති අතර අයිස්‌ කොටසක්‌ දිය වී ඇත.

47 / 50

Category: physics 2012 New syllabus

47. රූපවල පෙන්වං ඇති පරිදි  A, B සහ C යන සර්වසම කම්බි පුඩු තුනක්‌ ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක තබා ඇත. ක්ෂේත්‍රවල විශාලත්ව එකම ගීසඝ්‍රතාවයකින්‌ එක්කෝ වැඩි වේ, නැත්නම්‌ අඩු වේ. A, B සභ C පුඩුවල ප්‍රේරිත ධාරාවල විශාලත්ව පිළිවෙළින්‌ i1,i2 සහ i3 නම්‌ 

(1) i1 > i2 >  i3
(2) i1 < i2 <  i3
(3) i1 = i2 =  i3
(4) i1 = i2 ; i3 = 0
(5) i1 = i2 =  i3 = 0

48 / 50

Category: physics 2012 New syllabus

48. ටැංකියන ඇති ඉන්ධන මව්ටමේ උස නිර්ණය කර ගැනීම සඳහා ටැංකියක ඇති ඉන්ධන - මානයක්‌ සෘජුකෝණාස්‍රාකාර ලෝභ තහඩු දෙකකින්‌ සැඳි සමාන්තර නහඩු ධාරිත්‍රකයක්‌ භාවිත කරයි. එක්‌ එක්‌ලෝහ තහඩුවට (ABCD හා PQRS)w පළලක්‌ සහ l උසක්‌ ඇත. තහඩු අතර ඇති ඉන්ධන මට්ටමේ උස h වේ. (රූපය බලන්න.) වායු සහ ඉන්ධන ධාරිත්‍රකවල සංයුක්තයේ සඵල ධාරිතාව සුදුසු ඉලෙක්ට්‍රොනිකපරිපථයක්‌ (E)මගින්‌ නිර්ණය කෙරේ. මෙම පද්ධනියේ සඵල ධාරිතාව දෙනු ලබන්නේ (k = ඉන්ධනවල පාරවිද්‍යුත්‌ නියතය)

 

 

 

 

 

 

 

 

49 / 50

Category: physics 2012 New syllabus

49. අරයයන්‌ 2R සහ R වන ඒක කේන්ද්‍රීය අර්ධ වෘත්ත දෙකකින්‌ හා අරීය දිගවල්‌ දෙකකින්‌ සමන්විත ධාරාවක්‌ රැගෙන යන (1) රූපයේ පෙන්වා ඇති කම්බි පුඩුව කඩදාසියේ තලයේ පිහිටා ඇත. කුඩා අර්ධ වෘත්තය ක්‍රමයෙන්‌ තලයෙන්‌ ඉවතට නමන්නේ (2) රූපයේ පෙන්වා ඇති පරිදි පුඩුව උඩු අතට හැරවී නැවත මුළුමනින්‌ ම එම තලයේම පිහිටන තෙක්‌ ය. පුඩුව  θ කෝණයකින්‌ නමා ඇති අතරමැදි අවස්ථාවක්‌ (3) රූපයේ පෙන්වා ඇත. පුඩුවේ කේන්ද්‍රයෙහි (O) චුම්බක ස්‍රාව ඝනන්වයෙහි කඩදාසිය තුළට යොමුවී ඇති සංචරකය (B),θ කෝණය සමග විචලනය වන ආකාරය වඩාත්ම හොඳින්‌ නිරූපණය වන්නේ 

50 / 50

Category: physics 2012 New syllabus

50. පෙන්වා ඇති පරිපථයේ PQ යනු 1000 Ω, වන විචල්‍ය ප්‍රතිරෝධයකි. X අග්‍රය P සිට Q දක්වා චලනය කිරීමේදී P සහ X අතර ප්‍රතිරෝධය රේඛීයව වෙනස්‌ වේ. X අග්‍රය P සිට Q දක්වා චලනය වන විට I ඇමීිටර පාඨාංකය වෙනස්වන ආකාරය වඩාන්‌ හොඳින්‌ නිරූපණය කරන්නේ, 

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 1%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!