2013 සිංහල බහුවරණ ප්‍රශ්න

0%
4

Past Papers | Sinhala

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2013 - සිංහල

1 / 20

Category: Sinhala 2013 New syllabus

1. එක්‌ එක්‌ ප්‍රශ්නයට වඩාත්‌ ම ගැළපෙන පිළිතුර තෝරන්න.

1. ඝෝෂ මහාප්‍රණාක්ෂර සේ සැලකෙන්නේ කවරක්‌ ද?
(1)  ක, ච, ට, ත, ප
(2)  ඩ, ඤ, ණ,  න, ම
(3)  ඝ, ඣ, ඪ, ධ, හ
(4)  ඛ, ඡ, ඨ, ථ, එ
(5)  ය, ර,  ල,  ව

2 / 20

Category: Sinhala 2013 New syllabus

2. නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත පද පේළිය තෝරන්න.

(1) රතුළූණු, මාංශ, අෂ්ඨ, ඥානය
(2) දියලුණු, ප්‍රදානය, ප්‍රශස්ත, ගනඳුර
(3) ප්‍රශ්ණ, ආචාර්ය, නිධාන, ඤාණය
(4) ප්‍රධාන, අත්‍යවශ්‍ය, බ්‍රාහ්මණ, නුගුන
(5) ආශ්වාද, කථිකාවත, ලමයා, දර්ශණ

3 / 20

Category: Sinhala 2013 New syllabus

3. අකාරාදි පිළිවෙළ අනුව නිවැරදි ව ලියා ඇනි පද පේළිය තෝරන්න.

(1) කාව්‍යශේඛරය, ගුත්තිලය, සසදාවත, රුවන්මල
(2) බුත්සරණ, අමාවතුර, ධර්මප්‍රදීපිකාව, පියුම්මල
(3) සභරජවත, මොරතොටවත, දහම්සරණ, තුන්සරණ
(4) අමාවතුර, කව්සිළුමිණ, බුත්සරණ, රාජාවලිය
(5) ජානකීහරණය, මේඝදූත, ඡන්දෝමඤ්ජරි, වෘත්ත රත්නාකර

4 / 20

Category: Sinhala 2013 New syllabus

4. පහත සඳහන්‌ වරණ අතුරෙන්‌ නිවැරදි ප්‍රකාශය තෙරරන්න.

(1) කොම්බු දෙක සිංහලයේ  'ඹෟ' කාරය වෙනුවට ව්‍යඤ්ජනයකට මුලින්‌ පමණක්‌ යෙදෙයි.
(2) කොම්බු දෙක සිංහලයේ ස්වරයක මුලට පමණක්‌ යෙදෙයි.
(3) කොම්බු දෙක සඳහා ගයනුකිත්තද යෙදිය හැකි ය.
(4) කොම්බු දෙක සිංහලයේ 'ඵෙ‘ කාරය නියෝජනය වීම සඳහා ව්‍යඤ්ජනයකට මුලින්‌ පමණක්‌ යෙදෙයි.
(5) කොම්බු දෙක යෙදිය හැක්කේ 'ඵෙ‘ කාරයට මුලින්‌ පමණි.

5 / 20

Category: Sinhala 2013 New syllabus

5. යංශය, රකාරාංශය, රේඵය හා ගයනුකිත්ත සහිත වචන අනුපිළිවෙළින් යෙදී ඇති පද ජේළිය තෝරන්න.

(1) ප්‍රථම, සෞඛ්‍ය, වෛද්‍ය ,කර්‍තෘ
(2) ප්‍රවර, ලෞකික, කාව්‍යාදශීය, අමනුෂ්‍ය
(3) ග්‍රහයා, ප්‍රත්‍යය, ඹෟෂධ, ධම්ය
(4) චක්‍රය, අද්‍යතන, මූලාශ්‍රය, භෞමික
(5) විහක්ත්‍යර්ථ, සම්ප්‍රදාය, වර්‍ගය, පෞරාණික

6 / 20

Category: Sinhala 2013 New syllabus

6. එකිනෙකට අනුරූප වන සේ වචන යුගල යෙදි ඇති වරණය තෝරන්න.

(1) සම්භාව්‍ය සාහිත්‍ය, සොබා ධර්මය, විභක්ති ප්‍රත්‍යය, කම්‌ විභාග
(2) අමාත්‍ය මණ්ඩලය, උවදුරු මර්දනය, සාහිත්‍ය උත්සවය, මාතෘ බාසා
(3) රාජ්‍ය අනුග්‍රහය, වංශ කතා, පූර්ව ස්වර, මිශ්‍ර කිරිය
(4) පුරාවිද්‍යා, දිව්‍ය ලෝකය, මධ්‍ය විද්‍යාලය, සම්ප්‍රදාන විභක්තිය
(5) ධර්ම ද්වීප, සාහිත්‍ය පොත්, ප්‍රවෘත්ති ඇමති, ග්‍රන්ථ සැකැස්ම

7 / 20

Category: Sinhala 2013 New syllabus

7. තත්සම වචන පමණක්‌ අන්තර්ගන වරණය කුමක්‌ ද?

(1) ශීත, චතුර, ගෝචර, තරුණ
(2) ලවණ, හිස, දක්ෂ, වෛද්‍ය
(3) මෘදු, මිශ්‍ර, පුණ්‍ය, රළු
(4) කාන්තා, ධවල, තීක්ෂ්ණ, කිලිටි
(5) ධර්ම, හස්ත, ගඟ, යාත්‍රා

8 / 20

Category: Sinhala 2013 New syllabus

8. මුලින්‌ දක්වෙන පදයට විරුද්ධාර්ථයක්‌ නො දෙන පදයක්‌ ඇතුළත්‌ පද පේළිය තෝරන්න.

(1) වර්ධන - හායන, මර්දන, පරිහානි, ක්ෂය
(2) ආධුනික - නිපුණ, ප්‍රවීණ, ඡේක, දක්ෂ
(3) පුරාණ - නව්‍ය, නවීන, නූතන, අලුත්‌
(4) මහත්‌ -  කුඩා, පොඩි, සුළු, පුංචි
(5) අකුටිල - ඇද, වක්‍ර, කුටිල, අවංක

9 / 20

Category: Sinhala 2013 New syllabus

9. මුලින්‌ දී ඇති පදයට සමානාර්ථ පදයක්‌ ඇතුළත්‌ නො වන වරණය තෝරන්න. 

(1) කෝමල - මුදු, මෘදු, සිනිඳු, සොමි
(2) පෙරදිග -  පැදුන්‌, ප්‍රාචීන, නැගෙනහිර, උදාගිර
(3) මිතුරු - සුහද, මිත්‌, සකි, මිත්‍ර
(4) නිමල - විමල, නිර්මල, පිරිසිදු, මලින
(5) පිපුණ - විකසිත, පුල්‌, පුබුදු, ප්‍රබෝධ

10 / 20

Category: Sinhala 2013 New syllabus

10. විභක්ති, විශේෂණ, දකාරාර්ථ, අව්‍යය යන සමාසවලට අයත්‌ පද පිළිවෙළින්‌ දක්වා ඇති පේළිය තෝරන්න. 

(1) අකුසල්‌, අත්කම්‌, ඇළදොළ, නිලුපුල්‌
(2) අනුබල, නිල්මල්‌, කිරිබත්‌, ගීනැටුම්‌
(3) ගත්කරු, සුදුරෙදි, වතුපිටි, නොමිනිස්‌
(4) මාපිය, නවරස, බුදුගුණ, උපනගර
(5) අසුර, බරනෙත, ඇත්දළ, රත්මල්‌

11 / 20

Category: Sinhala 2013 New syllabus

11. කෘදන්ත පදයක්‌ අන්තර්ගත නො වන වරණය තෝරන්න.

(1) ලියමන්‌, කියමන්‌, වියමන්‌, පිසමන්‌
(2) මැරූ , කියූ, දිවූ, නැහු
(3) යනු, එනු, බලනු, දුවනු
(4) කැවිලි, පෙවිලි, දැපිලි, දැමිලි
(5) වදාළ, විචාළ, අගල, හදාළ

12 / 20

Category: Sinhala 2013 New syllabus

12. පහත සඳහන්‌ වැකිවල ඉරි ඇඳි පද අයත්‌ ක්‍රියා වර්ගය පිළිවෙළින්‌ දක්වා ඇති වරණය තෝරන්න.

* දරුවා හඞමින්‌ ගෙදර යයි.
* වැසි වසිතොත්‌ වැව්‌ පිරෙයි.
* අම්මා දරුවන්‌ දෑක හැඬුවා ය.
* ගොවියෝ දරුවන්‌ ලවා ගොයම්‌ කපවති.

(1) පූර්වක්‍රියා, අසම්භාව්‍යක්‍රියා, මිශ්‍රක්‍රියා, ප්‍රයෝජ්‍යක්‍රියා
(2) මිශ්‍රක්‍රියා, පූර්වක්‍රියා, ප්‍රයෝජ්‍යක්‍රියා, අසම්භාව්‍යක්‍රියා
(3)  මිශ්‍රක්‍රියා, අසම්භාව්‍යක්‍රියා, පූර්වක්‍රියා, ප්‍රයෝජ්‍යක්‍රියා
(4) ප්‍රයෝජ්‍යත්‍රියා, පූර්වක්‍රියා, මිශ්‍රක්‍රියා, අසම්භාව්‍යක්‍රියා
(5) අසම්භාව්‍යක්‍රියා, පුර්වක්‍රියා, ප්‍රයෝජ්‍යක්‍රියා, මිශ්‍රක්‍රියා

13 / 20

Category: Sinhala 2013 New syllabus

13.  අනුක්ත පද දෙකක්‌ හා උක්ත පද දෙකක්‌ ඇති පේළිය තෝරන්න.

(1) හිමියන්‌, කුකුළන්‌, අප, දරුවෝ
(2) මා, දෙවියකු, එළුවකු, ළමයි
(3) හරකකු, සමනල්ලු, මොනරුන්‌, ළමයකු
(4) මිනිස්සු, යකකු, ගැහැනියක, දෙවියෝ
(5) වැසියෝ, ගම්මු, හස්තීහු, මාළුවකු

14 / 20

Category: Sinhala 2013 New syllabus

14. උපසර්ගයක්‌ යෙදි නැති පදයක්‌ සහිත පද පේළිය අයත් වරණය තෝරන්න.

(1) ප්‍රබල, නිකෙලෙස්‌, වියෝග, අබිමන්‌
(2) පිරිසුදු, උපහාර, අනුරූප, අවමන්‌
(3) ප්‍රතිඵල, අවගුණ, ප්‍රත්‍යක්ෂ, අහිධර්ම
(4) සුගන්ධ, සුමති, සූවිසි, සම්මුති
(5) අතිධාවන, උද්ඝෝෂණ, උපසර්ග, ප්‍රයෝග

15 / 20

Category: Sinhala 2013 New syllabus

15. “සූරන් සහ සහසැස්‌ නො කර සිටියේ අහස්කුස්‌ හිස්‌ ” යන්නෙහි වචන යෙදී ඇති පිළිවෙළ අනුව ඉදි ඇඳි පද අයත්‌ වන්නේ මෙයින්‌ කුමන ව්‍යාකරණ අංගවලට ද?

(1) නිපාත, සමාස හා විභක්ති
(2) සමාස, නිපාත හා විභක්ති
(3) විභක්ති, නිපාත හා සමාස
(4) නිපාත, විභක්ති හා සමාස
(5) විභක්ති, සමාස හා නිපාන

16 / 20

Category: Sinhala 2013 New syllabus

16. ව්‍යාකරණානුකූල ව නොගැළපෙන පදයක්‌ ඇති වරණය කුමක්‌ ද?

(1) නටා, බලා, අතුරා, පතුරා
(2) යත, එත, කියත, බලත
(3) මව්පිය, තිසරණ, ලඹසවන්‌, ගම්බිම්‌
(4) යමින්‌, එමින්‌, කමින්‌, දුවමින්‌
(5) උදෙසා, පිණිස, සුදු, හෝ

17 / 20

Category: Sinhala 2013 New syllabus

17. සමාස පදයක්‌ ඇතළත්‌ නො වන වරණය තෝරන්න.

(1) අනදර, අනිටු, අනුබල, සුසිරිත්‌
(2) සිසිල්පැන්‌, තුන්දොර, ඇස්ඉස්මස්‌, ගී නැටුම්‌
(3) ගල්හිත, පසැස්‌, කුශලතා, අසුර
(4) කහබත්‌, අසරණ, දුර්ජන, හාමස්‌
(5) නිල්මල, පාතඹර, තුන්ලෝ, සුරිඳු

18 / 20

Category: Sinhala 2013 New syllabus

 18. එක ම වර්ගයට අයත්‌ සන්ධි පද අන්තර්ගත වරණය තෝරන්න.

(1) සන්නස්‌, දඬුවම්‌, ලිග්ගල, පත්තිරු
(2) අත්‍යවශ්‍ය, ජාත්‍යාලය, පෘථග්ජන, වියවුල්‌
(3) යතීන්දා, මුනීන්දා, ස්වාමීන්දා, කවීන්දා
(4) බුද්ධීන්ද්‍රිය, ගුරූපදේශ, වස්තූපමා, නරේන්ද්‍ර
(5) වීරෝදාර, වක්‍රෝක්ති, අංගෝපාංග, දෝෂාභියෝගය

19 / 20

Category: Sinhala 2013 New syllabus

19. ව්‍යාකරණානුකූල ව නිවැරදි වාක්‍යය තෝරන්න.

(1) සමහරු විනෝදයට නොයෙක්‌ නැටුම්‌ නටති.
(2) සිරිසඟඛෝ රජතුමා දහැමි පාලකයකු විය.
(3) අපි මෙසේ කියතියි කවුරු විශ්වාස කරත්‌ ද?
(4) අප විසින්‌ සමඟිදම්‌ රැකිය යුත්තෙමු.
(5) විනිසුරුතුමා පැමිණිලිකරුගෙන්‌ මෙසේ ප්‍රශ්න කළහ.

20 / 20

Category: Sinhala 2013 New syllabus

20. වඩාත්‌ ම නිවැරදි පද බෙදිම සහිත වාක්‍යය තෝරන්න. 

(1) ස්වර පිළිබඳ ව සිදතේදක්නටනොලැබෙන තවත්‌ ප්‍රභේදයක්‌ සංස්කෘතවියරණ ඇදුරෝ දක්වති.
(2) අධිකවර්ෂාව පැවතුණුහෙයින්‌ කුඹුරුසියල්ල ම වතුරට යටවුණි.
(3) සිංහලජනවහර විද්‍යාක්මකවශයෙන්‌ හැදෑරිය යුතු කාලය දැන් එළඹ තිබේ.
(4) ජාතකපොතෙහි ඇතැම්වර්තමාන වස්තුකෙටිකතාවට ළංවෙන තරම්නව්‍යස්වරූපයක්‌ ගනියි.
(5) වාක්‍යයක නාමපදයක්‌ වෙනුවට යෙදෙන නාමය සර්වනාම යනුවෙන්‌ හැඳින්වේ.

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 59%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!