2014 ජීව විද්‍යාව බහුවරණ ප්‍රශ්න

0%
1

Past Papers | Biology

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2014 - ජීව විද්‍යාව

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 2 යි)

01 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින් ඉතාමත් ගැළපෙන උත්තරය තෝරන්න.

1 / 50

Category: Biology 2014

1. පහත දැක්වෙන ඒවා අතුරෙන් කවරක් ඇල්බියුමින්වල මූලද්‍රව්‍ය සංයුතිය නියෝජනය කරයි ද?

(1) CHO
(2) CHONPS
(3) CHONS
(4) CHONP
(5) CHOP

2 / 50

Category: Biology 2014

2. පහත සඳහන්‌ රසායනික පරීක්ෂා අතුරෙන්‌ කවරක්‌ ද්‍රාවණයක ග්ලුකෝස්‌ අඩංගු බව පෙන්වීම සඳහා උපයෝගී කර ගතහැකි ද?

(1) බයියුරෙට්‌ පරීක්ෂාව
(2) බෙනඩික්ට්‌ පරීක්ෂාව
(3) අයඩීන්‌ පරීක්ෂාව
(4) සුඩාන්‌ පරීක්ෂාව
(5) මෙතිලීන්‌ බ්ලූ පරීක්ෂාව

3 / 50

Category: Biology 2014

3. යීස්ට්‌ තුළ, ග්ලූකෝස්‌ නිර්වායු ස්වසනය වීමේදී පහත සඳහන්‌ කවර අන්තඵල සෑදේ ද?

(1) එතනෝල්‌ සහ ජලය
(2) එතනෝල්‌ සහ CO2
(3) පයිරුචික්‌ අම්ලය සහ CO2
(4) ලැක්ටික්‌ අම්ලය සහ CO2
(5) CO2 සහ ජලය

4 / 50

Category: Biology 2014

4. පහත සඳහන්‌ කවරක්‌ සත්ත්ව ශ්වසනයේදී ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේ අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය වන්නේ ද?

(1) NAD
(2) ඔක්සිජන්‌
(3) සයිටොක්‍රෝම්‌ C
(4) ජලය
(5) NADP

5 / 50

Category: Biology 2014

5. පහත සඳහන්‌ ඒවා අතුරෙන්‌ කවරක්‌ ප්‍රාග්න්‍යෂ්ටික සෛල සම්බන්ධයෙන්‌ වැරදි ද?

(1) සියලුම ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල 70 S වර්ගයේ රයිබොසෝම ඇත.
(2) සියලුම ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල සෛල බිත්තිවල පෙප්ටිඩොග්ලයිකෑන ඇත.
(3) සියලුම ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල සෛල සැකිල්ලක්‌ නැත.
(4) සියලුම ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල පටලවලින්‌ වට වූ ඉන්ද්‍රියිකා නොමැත.
(5) සියලුම ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල සෛල පටලවල ලිපිඩ අඩංගු වේ.

6 / 50

Category: Biology 2014

6. පහත සඳහන්‌ ඒවා අතුරෙන්‌ කවරක්‌ C4 ශාකවල වායුගෝලීය CO2 තිර කිරීමේදී සහභාගි වේ ද?

(1) PEP කාබොක්සිලේස්‌
(2) RUBISCO
(3) RUBP
(4) NAD
(5) සයිටොක්‍රෝම්‌ ඔක්සිඩේස්‌

7 / 50

Category: Biology 2014

7. පහත සඳහන්‌ කවර සෛලීය ක්‍රියාවලියක්‌, ඔක්සිජන්‌ නැතිවිට ග්ලුකෝස්‌ මගින්‌ ATP නිපදවයි ද? 

(1) ක්‍රෙබ්ස්‌ චක්‍රය
(2) ග්ලයිකොලිසිය
(3) ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය
(4) ප්‍රභාපොස්පොරයිලීකරණය
(5) CO2 තිර කිරීම

8 / 50

Category: Biology 2014

8. චූෂකර දරන සතුන්‌ අන්තර්ගත නොවන්නේ පහත සඳහන්‌ කුමන වංශයේ ද? 

(1) ප්ලැටිහෙල්මින්තේස්‌
(2) ඇනලීඩා
(3) නෙමටෝඩා
(4) මොලස්කා
(5) එකයිනොඩර්මේටා

9 / 50

Category: Biology 2014

9. අභ්‍යන්තර සංසේචනය නොදක්වන සතෙකු/සතුන්‌ ඇතුළත්‌ වන්නේ පහත සඳහන්‌ කුමන කාණ්ඩයේ ද?

(1) Planaria, සමනලයා, ගොලුබෙල්ලා
(2) මෝරා, Bipalium , ගෙමැස්සා
(3) කැරපොත්තා, ගල්මාළුවා, අක්මා පැතැල්ලා
(4) Ichthyophis, පටිපණුවා, මදුරුචා
(5) ගිරවා, කූරා, මඩුවා

10 / 50

Category: Biology 2014

10. මොලොස්කාවන් කිහිපදෙනෙක් ඔවුන් දරන ව්‍යුහ කිහිපයක් සහ ඔවුන් ජීවත්වන පරිසර පහත වගුවේ දැක්වේ.

මොළස්කාවන්‌                 ව්‍යුහ                       පරසර
A - මට්ටියා                     a - ඇස්‌                     i -  කරදිය
B - ගොළුබෙල්ලා           b - ග්‍රාහිකා               ii - මිරිදිය
C -  කාවාටියා                 c - රේත්‍රිකාව            iii - භෞම්ක
D -  දැල්ලා                     d - බාහිර කවචය

පහත දැක්වෙන මොලස්කාවා-ව්‍යුහය-පරිසරය” සංකලන අතුරෙන්‌ නිවැරදි වන්නේ කුමන සංකලනය ද? 

(1) C a i
(2) B b iii
(3) A c ii
(4) D d i
(5) C b i

11 / 50

Category: Biology 2014

11.  A, B, C සභ D ලෙස නම්‌ කරන ලද නිදර්ශකවල දක්නට ලැබෙන එක්‌ බාහිර ලක්ෂණයක්‌ බැගින්‌ පහත දී ඇත.
A - පෘෂ්ඨිය වරල්‌ දෙක
B - බඳ ප්‍රදේශයේ ඇති කළු පැහැති අන්වායාම පටි
C -  දේහයේ එක්‌ එක්‌ පැත්තේ ඇති කහ පැහැති පටිය
D - ගුද වරලෙන්‌ වෙන‍් වූ කණ්ටක දෙක
A, B, C සහ D යන නිදර්ශක නිවැරදි අනුපිළිවෙළින්‌

(1) බලයා, පරවා, තෙල්ගොඩයා, සහ මඩුවා වේ.
(2) තෙල්ගොඩයා, බලයා, Ichthyophis සහ පරවා වේ.
(3) පරවා, මෝරා, තෙල්ගොඩයා සහ බලයා වේ.
(4) මෝරා, Ichthyophis , මඩුචා සහ තෙල්ගොඩයා වේ.
(5) පරවා, Ichthyophis , තෙල්ගොඩයා සහ මෝරා වේ.

12 / 50

Category: Biology 2014

12. විටමින පිළිබඳ පහත සඳහන්‌ ප්‍රකාශ අතුරෙන්‌ නිවැරදි වන්නේ කුමක්‌ ද?

(1) මිනිසා තුළ කිසිම විටමිනයක්‌ සංශ්ලේෂණය කළ නොහැකි ය.
(2) ධාන්‍ය, විටමින්‌ A වලින්‌ පොහොසත්‌ ප්‍රභවයකි.
(3) විටමින්‌ D ඌනතාව ළමුන්‌ තුළ ඔස්ටියොමැලේෂියාව ඇති කරයි.
(4) විටමින්‌ E ප්‍රතිඔක්සිකාරකයක්‌ ලෙස ක්‍රියා කරයි.
(5) මිනිසුන්ගේ, විටමින්‌ B6 අවශෝෂණය සඳහා අන්තරස්ථ සාධකයක්‌ අත්‍යවශ්‍ය වේ.

13 / 50

Category: Biology 2014

13. මානව ශ්වසන පද්ධතිය පිළිබඳ පහත සඳහන්‌ ප්‍රකාශ අතුරෙන්‌ වැරදි වන්නේ කුමක්‌ ද?

(1) පෙනහැලිවල ක්‍රියාකාරී ඒකක ගර්ත ය.
(2) පෙනහැල්ලේ ජීව ධාරිතාව 3.5 dm3 වේ.
(3) ශ්වාසනාලිකා පක්ෂ්මධර ව්‍යාජ ස්තම්භික අපිච්ඡද සෛලවලින්‌ ආස්තරණය වේ.
(4) අනුශ්වාසනාලිකාවල කාටිලේජ ඇත.
(5) නාස්කුහරය හා මුඛ කුහරය යන දෙක ම සමඟ ග්‍රසනිකාව සම්බන්ධ වේ.

14 / 50

Category: Biology 2014

14. මානව රුධිරය පිළිබඳ පහත සඳහන්‌ ප්‍රක්‍යශ අතුරෙන්‌ නිවැරදි වන්නේ කුමක්‌ ද?

(1) එය සුළු වශයෙන්‌ ආම්ලික ය.
(2) සුදු රුධිරාණු බහුතරයක්‌ කණිකාමය නොවන සෛල වේ.
(3) හීමොග්ලොබින්‌ කාඛන්‌ මොනොක්සයිඩ්වලට වඩා වැඩි බන්ධුතාවක්‌ ඔක්සිජන්වලට දක්වයි.
(4) එය සමස්ථීතිය පවත්වා ගැනීමට උපකාරී වේ.
(5) O රුධිර ගණය සහිත පුද්ගලයෙකුට A සහ B ඇග්ලුටිනෝජන්‌ දෙවර්ගය ම ඇත.

15 / 50

Category: Biology 2014

15. මානව හෘදය පිළිබඳ පහත සඳහන්‌ ප්‍රකාශ අතුරෙන්‌ නිවැරදි වන්නේ කුමක්‌ ද?

(1) එය දිගු සිලින්ඩරාකාර තන්තුවලින්‌ සමන්විත වේ.
(2) දකුණු හෘත්කර්ණිකකෝෂික කපාටය ද්විතුණ්ඩ වේ.
(3) ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය වීම නිසා හෘත්‌ ස්පන්දන ශීඝ්‍රතාව වැඩි වේ.
(4) හෘත්‌ කර්ණිකා ආකුංචයේ කාල සීමාව තත්පර 0.1 කි.
(5) හෘත්‌ කෝෂික විධ්‍රැවණය, විද්‍යුත්‌ කන්තුක රේඛා සටහනක (ECG) T තරංගයෙන්‌ නිරූපණය වේ.

16 / 50

Category: Biology 2014

 16. සෛල පටල හරහා සිදුවන සක්‍රිය පරිවහනය ඉවහල්‌ නොවන්නේ පහත සඳහන්‌ කුමක්‌ සඳහා ද? 

(1) ඇපොප්ලාස්ටයේ සිට සිම්ප්ලාස්ටයට ඛණිජ අයන පරිවහනය
(2) ප්ලෝයමේ පෙනේරනල ඒකකයට පත්‍ර සෛලවල සිට සීනි පරිවහනය
(3) එක්‌ පෙනේර නල ඒකකයක සිට යාබද පෙනේර නල ඒකකයට සීනි පරිවහනය
(4) පූටිකා චලනයේදී පාලක සෛල මගින්‌ K+ අයන ලබාගැනීම
(5) සනාල පථය තුළට ඛණිජ අයන පරිවහනය

17 / 50

Category: Biology 2014

17. මානව ප්‍රතිග්‍රාහක පිළිබඳ පහත සඳහන්‌ ප්‍රකාශ අතුරෙන්‌ වැරදි වන්නේ කුමක්‌ ද? 

(1) ඒවා එක්‌ ශක්ති ආකාරයක්‌ ස්නායු ආවේග බවට පරිණාමනය කරයි.
(2) සන්තතික ලෙස උත්තේජනය වීම නිසා සමහර ප්‍රතිග්‍රාහකවල ක්‍රියාකාරිත්වය අඩු වේ.
(3) පැසිනි දේහාණු යාන්ත්‍ර ප්‍රතිග්‍රාහක වේ.
(4) කෝටි අවයවය කම්පන ප්‍රතිග්‍රාහක දරයි.
(5) ක්‍රවුස් බලබ ඉහළ උෂ්ණත්වවලට සංවේදී වේ.

18 / 50

Category: Biology 2014

18. මානව මොළය පිළිබඳ පහත සඳහන්‌ ප්‍රකාශ අතුරෙන්‌ වැරදි වන්නේ කුමක්‌ ද? 

(1) තැලමස ව්‍යුත්පන්න වනුයේ කලල පෙර මොළයෙනි.
(2) අනුමස්තිෂ්කයේ පෘෂ්ඨය තැනෙනුයේ ශ්වේත ද්‍රව්‍යයෙනි.
(3) එහි විශාල කුහර හතරක්‌ ඇත.
(4) පිටියුටරියේ අන්තරාසර්ග කෘත්‍ය හයිපොතැලමස මගින්‌ යාමනය වේ.
(5) මස්තිෂ්කයේ සංවේදී ප්‍රදේශයේ වැඩි නියෝජනයක්‌ ඇත්තේ අතට ය.

19 / 50

Category: Biology 2014

19. සමායෝජනය සඳහා අඩුවෙන්‌ ම දායක වනුයේ පහත සඳහන්‌ කුමන පද්ධතිය ද?

(1) සංසරණ පද්ධතිය
(2) පේශි පද්ධතිය
(3) අන්තරාසර්ග පද්ධතිය
(4) ජීරණ පද්ධතිය
(5) ස්නායු පද්ධතිය

20 / 50

Category: Biology 2014

20. ක්‍රියා විභවයක පහත සඳහන්‌ කුමන ගුණාංගය ස්නායු ආවේගයක්‌ පසු පසට සන්නයනය වීම වලක්වයි ද?

(1) උපරිධ්‍රැවණ කලාව
(2) ප්‍රතිධ්‍රැවණ කලාව
(3) අනස්සව කාලය
(4) විධ්‍රැවණ කලාව
(5) කාල සීමාව

21 / 50

Category: Biology 2014

21. බහිස්ස්‍රාවය පිළිබඳ පහත සඳහන්‌ ප්‍රකාශ අතුරෙන්‌ වැරදි වන්නේ කුමක්‌ ද?

(1) බිලිරූබින්‌ බහිස්ස්‍රාවී ඵලයක්‌ ලෙස සැලකේ.
(2) සෑම සතෙකුගේ ම ප්‍රථම නයිට්‍රජනීය බහිස්ස්‍රාවී ඵලය ඇමෝනියා වේ.
(3) දේහයෙන්‌ සිදුවන කාබන්‌ හානිය සැළකූ විට යූරික්‌ අම්ල නිෂ්පාදනය අවාසිදායක වේ.
(4) මිනිසාගේ යූරියා නිපදවන ප්‍රධාන ස්ථානය වෘක්කයයි.
(5) වෘක්කිකා දේහයේ අභ්‍යන්තරයට හා බාහිරයට විවෘත වේ.

22 / 50

Category: Biology 2014

22. මානව ඉහළ ගාත්‍රය මගින්‌ බරක්‌ එසවීමේදී පහත සඳහන්‌ ඒවායින්‌ කවරක්‌ අඩුම වශයෙන්‌ දායක වේද? 

(1) දිගු සහ ශක්තිමත්‌ ප්‍රගන්ඩාස්ථිය
(2) නිකුබ්ජනය
(3) උත්කුබ්ජනය
(4) යථාතථ්‍ය ග්‍රහණය
(5) පළල්‌ අත්ල

23 / 50

Category: Biology 2014

23. මානව සිනිඳු පේශි පිළිබඳ පහත සඳහන්‌ ප්‍රකාශ අතුරෙන්‌ නිවැරදි වන්නේ කුමක්ද?

(1) ඒවා සියල්ල රිද්මාකාර සංකෝචන දක්වයි.
(2) ඒවායේ සංකෝචන ඒකකය සාකොමියරය නොවේ.
(3) ඒවා ඉක්මනින්‌ විඩාවට පත්වේ.
(4) ඒවා දෛහික ස්නායු පද්ධතියෙන්‌ ස්නායුතනය වේ.
(5) ඒවා ප්‍රත්‍යස්ථ නොවේ.

24 / 50

Category: Biology 2014

24. උපත්‌ පාලනය පිළිබඳව පහත සඳහන්‌ ප්‍රකාශ අතුරෙන්‌ වැරදි වන්නේ කුමක්‌ ද? 

(1) ක්ෂීරණයට උපත්‌ පාලන බලපෑමක්‌ ඇති කිරීමට පුළුවන.
(2) ගිලින උපත්‌ පාලන පෙති පිටියුටරියේ FSH හා LH නිදහස්‌ කිරීමට බාධා ඇති කරයි.
(3) ඩෙපො-ප්‍රොවෙරා ගර්භාෂයික අධිරෝපණය වළකයි.
(4) IUD ඩිම්බමෝචනය වළකයි.
(5) වාසෙක්තමි යනු පුරුෂයන්‌ සඳහා ඇති ස්ථිර උපත්‌ පාලන ක්‍රමයකි.

25 / 50

Category: Biology 2014

25. මානව ගර්භණිභාවය පිළිබඳ පහත සඳහන්‌ ප්‍රකාශ අතුරෙන්‌ වැරදි වන්නේ කුමක්ද?

(1) සාමාන්‍යයෙන්‌ එහි කාලසීමාව සංසේචනයෙන්‌ පසු සති 40 ක්‌ පමණ වේ.
(2) ගර්භණි කාලයේදී කලලබන්ධ ප්‍රොජෙස්ටරෝන්‌ මයෝමෙට්‍රියමේ සංකෝචන මැඬ පවත්වයි.
(3) ගර්භණි කාලයේ ප්‍රථම ත්‍රෛමාසිකය අවසානයේදී භ්‍රෑණය රෝම සහිත රැළි වැටුණු හමක්‌ දරයි.
(4) මූත්‍රවල hCG තිබීම ගර්භණිභාවය තහවුරු කරයි.
(5) ගර්භණි කාලයේ අවසාන කාලයේදී ඊස්ට්‍රජන්‌ මගින්‌ මයොමෙට්‍රියමේ ඔක්සිටොසින්‌ ප්‍රතිග්‍රාහක සෑදීම උත්තේජනය කෙරේ.

26 / 50

Category: Biology 2014

26. මානව සංසේචනය පිළිබඳ පහත සඳහන්‌ ප්‍රක්‍යශ අතුරෙන්‌ නිවැරදි වන්නේ කුමක්ද? 

(1) එය සාමාන්‍යයෙන්‌ සිදු වන්නේ ෆැලෝපීය නාලයේ පහළ 1/3 කොටසේ ය.
(2) එය ඩිම්බ මෝචනයෙන්‌ පැය 24ක්‌ තුළ සිදු විය යුතුය.
(3) මෙම ක්‍රියාවලියේදී ඩිම්බ පටලය මගින්‌ ශුක්‍රාණු බහුප්‍රවේශනය වැළැක්‌ වේ.
(4) සංසේචනයේදී ඩිම්බය තුළට මුළු ශුක්‍රාණුව ම ඇතුළු වේ.
(5) කිසිම විටෙක එය ස්ත්‍රී ප්‍රජනක පද්ධතියෙන්‌ පිටත සිදු නොවේ.

27 / 50

Category: Biology 2014

27. ඵලයක්‌ යනු 

(1) පරිණත ඩිම්බ කෝෂයකි.
(2) පරිණත ඩිම්බයකි.
(3) බීජය සහ ඩිම්බාවරණ වේ.
(4) සංයුක්ත අණ්ඩප වේ.
(5) විශාල වූ කලල කෝෂය වේ.

28 / 50

Category: Biology 2014

28. විවෘතබීජක ශාක හා ආවෘතබීජක ශාකවල ජීවන චක්‍රවල පහත දැක්වෙන ලක්‍ෂණ අතුරෙන්‌ කවරක් ඒවා අනිකුත්‌ සනාල ශාකවලින්‌ වෙන්කර හඳුනා ගැනීමට උපකාරී නොවනනේ ද? 

(1) පරම්පරා ප්‍රත්‍යාවර්තනයක්‌ තිබීම
(2) ඩිම්බ තිබීම
(3) ඩිම්බාවරණ තිබීම
(4) පරාග නිපදවීම
(5) ස්වාධීන නොවූ ජන්මාණු ශාකයක්‌ තිබීම

29 / 50

Category: Biology 2014

 29. පහත දැක්වෙන ඒවා අතුරෙන්‌ කවරක්‌ DNA ප්‍රතිවලිත වීම සඳහා සෘජුවම අවශ්‍ය නොවන්නේ ද? 

(1) නියුක්ලියොටයිඩ
(2) DNA අච්චු
(3) පොලිමරේස්‌ එන්සයිම
(4) ලිගේස්‌ එන්සයිම
(5) ATP

30 / 50

Category: Biology 2014

30. මෑ ශාකයක රතු බීජ (R) කහ බීජවලට (r) ප්‍රමුඛ වන අතර දිගූ කරල්‌ (L) කෙටි කරල්වලට (I) ප්‍රමුඛ වේ. රතු බීජ සහ දිගු කරල්‌ ඇති ශාකයක්‌ සමයෝගී නිලීන ශාකයක්‌ සමග මුහුම්‌ කළ විට පහත සඳහන්‌ ප්‍රජනිතයින්‌ ලැබුණි.
රතු බීජ සහ දිගු කරල්‌ සහිත ශාක - 138
රතු බීජ සහ කෙටි කරල්‌ සහිත ශාක - 145
සමයෝගී නිලීන ශාකය සමග මුහුම්‌ කළ රතු බීජ සහ දිගු කරල්‌ සහිත ශාකයෙහි ප්‍රවේණිදර්ශය වනුයේ

(1) RrLL
(2) rrLL
(3) RRLL
(4) RRLI
(5) RrLI

31 / 50

Category: Biology 2014

31. විකෘති පිළිබඳ පහත සඳහන්‌ ප්‍රකාශ අතුරෙන්‌ නිවැරදි වන්නේ කුමක්‌ ද?

(1) බාහිර විකෘති කාරක ස්වයංසිද්ධ විකෘති ඇති කරයි.
(2) හීමොෆීලියාව මාරක ප්‍රමුඛ විකෘතියකට නිදසුනකි.
(3) වර්ණදේහ විකෘති නිසා පිළිකා ඇතිවේ.
(4) බහුඅංගුලිකතාව ඇති වනුයේ ප්‍රමුඛ විකෘතියක්‌ නිසා ය.
(5) ඇළිබව මාරක නිලීන විකෘතියකට නිදසුනකි.

32 / 50

Category: Biology 2014

 32. කෘමි ආක්‍රමණවලට ප්‍රතිරෝධී, ප්‍රවේණකව විකරණය කරන ලද ඉරිඟු ප්‍රභේද නිපදවා ඇත්තේ පහත සඳහන්‌ කුමන ක්ෂුද්‍රජීවියාගේ ජාන භාවිත කිරීමෙන්‌ ද?

(1)  Erwinia sp
(2) Bacillus thuringiensis
(3) Escherichia coli
(4) Agrobacterium tumefaciens
(5) Thiobacillus thioxidans

33 / 50

Category: Biology 2014

33. වර්තමානයේදී, ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයෙහි සාමාන්‍ය ව්‍යවහාරයක්‌ නොවන්නේ,

(1) කුරුබවට ප්‍රතිකාර කිරීමට හෝර්මෝන නිපදවීම
(2) එන්නත්‌ නිපදවීම
(3) වයිරසවලට ප්‍රතිරෝධී ශාක නිපදවීම
(4) මානව ජන්මාණුවලට ප්‍රවේණිකව විකරණය කරන ලද ජාන ඇතුල්‌ කිරීම
(5) වල්පැලෑටිනාශකවලට ප්‍රතිරෝධී බෝග ශාක නිපදවීම

34 / 50

Category: Biology 2014

34. සම්භවය වූ කාලය සැළකූ විට වඩාත්‌ ම පැරණි කාණ්ඩයේ සිට වඩාත්ම නූතන කාණ්ඩය දක්වා වූ ජීවීන්‌ නිවැරදි අනුපිළිවෙළින්‌ දැක්වෙනුයේ පහත සඳහන්‌ කුමකින්‌ ද? 

(1) බැක්ටීරියා, ඒකසෛලීය සුන්‍යෂ්ටිකයින්‌, පාසි, ඇනලීඩාවන්
(2) ඛණ්ඩිකීය වරල්‌ සහිත මත්ස්‍යයින්‌, උභයජීවීන්‌, උරගයින්‌, පර්ණාංග
(3) පෘෂ්ඨවංශීන්‌, භෞමික ශාක, භෞමික සතුන්‌, කේතුධර ශාක
(4) විවෘත බීජක ශාක, කෘමීන්‌, ඛණ්ඩිකීය වරල්‌ සහිත මත්ස්‍යයින්‌, ගස්‌ පර්ණාංග
(5) කේතුධර ශාක, උභයජීවින්‌, කලලබන්ධ ක්ෂීරපායින්‌, සපුෂ්ප ශාක

35 / 50

Category: Biology 2014

35. 2012 මැයි මාසයේදී සාම්පල කිරීමේදී කුඩා කලපුවක P නැමැති විශේෂය ඉතා බහුල විය. 2014 මැයි මාසයේදී සාම්පල කිරීමේදී මෙම විශේෂය එම කලපුවේ නොසිටි අතර 2012 මැයි මාසයේදී නොසිටි Q නැමැති විශේෂය එහි බහුලව දක්නට ලැබුණි. ඉහත නිරීක්ෂණ සඳහා අඩුවෙන්‌ ම පිළිගත හැකි හේතුව වන්නේ පහත සඳහන්‌ ඒවායින්‌ කුමක්‌ ද? 

(1) Q යනු P මත පමණක්‌ යැපෙන පරපෝෂිත විශේෂයකි.
(2) Q ආක්‍රමණික විශේෂයකි.
(3) P මිනිසා විසින්‌ අධිපරිභෝජනය කර ඇත.
(4) කලපුව අධික ලෙස පරිසර දූෂණයට ලක්‌ වී ඇත.
(5) කලපුවේ ලවණතාව වැඩි වී ඇත.

36 / 50

Category: Biology 2014

 36. IUCN රතු දත්ත පොතේ අවම අවධානය යොමු වූ (LC), තර්ජනයට ලක්වීමට ආසන්න (NT) සහ දත්ත ඌන (DD) කාණ්ඩවලට අයත්‌ ජීවින්‌ නිවැරදි අනුපිළිවෙළින්‌ දැක්වනුයේ පහත සඳහන්‌ කුමකින්‌ ද?

(1) Crocodylus palustris, Melanochelus trijuga, Mystus keletius
(2) Caryota urens, Oecophyla smaragdina, Ichthyophis glutinosus
(3) Caretta caretta, Elephas maximus, Chloroxylon swietenia
(4) Melurus ursinus, Loris tardigradus, Garcinia quesita
(5) Dermochielus coreacea, Ophicephalus striatus, Lantana camera

37 / 50

Category: Biology 2014

37. ගල්‌ අඟුරු තාප බලාගාරවල අධික සල්ෆර්‌ ප්‍රමාණයක්‌ සහිත ගල්‌ අඟුරු භාවිත කරන්නේ නම්‌, සිදුවීමට වඩාත්‌ ම ඉඩ ඇත්තේ පහත සඳහන්‌ ඒවායින්‌ කුමක්‌ ද?

(1) බෝගවල අස්වැන්න අඩුවීම
(2) හමේ පිළිකා ඇතිවීම
(3) ගොඩනැගිලි ඛාදනය වීම
(4) දෘෂ්ටිය දුබල වීම
(5) නිදිමත ස්වභාවයක්‌ ඇතිවීම

38 / 50

Category: Biology 2014

38. ප්‍රතිටෙටනස්‌ එන්නත ඇතුල්‌ කිරීම උදාහරණයක්‌ වන්නේ

(1) කෘත්‍රිම පරිචිත අක්‍රිය ප්‍රතිශක්තිය සඳහා ය.
(2) කෘත්‍රිම පරිචිත සක්‍රිය ප්‍රතිශක්තිය සඳහා ය.
(3) ස්වභාවික පරිචිත අක්‍රිය ප්‍රතිශක්තිය සඳහා ය.
(4) ටෙටනස්‌ වැලැක්වීම සඳහා සාමාන්‍යයෙන්‌ සිදු කරන මහජන සෞඛ්‍ය පිළිවෙතක්‌ සඳහා ය.
(5) ස්වභාවික පරිචිත සක්‍රිය ප්‍රතිශක්තිය සඳහා ය.

39 / 50

Category: Biology 2014

39. යකඩ සල්ෆයිඩ්‌ අඩංගු බාල වර්ගයේ ලෝපස්වලින්‌ වාණිජ ලෙස තඹ නිස්සාරණය කිරීම සඳහා පහත සඳහන්‌ කවර බැක්ටීරියා විශේෂයක්‌ භාවිත කරනු ලබයි ද? 

(1) Bacillus subtilis
(2) Bacillus thuringiensis
(3) Thiobacillus ferroxidans
(4) Pseudomonas denitrificans
(5) Bacillus polymyxa

40 / 50

Category: Biology 2014

40.පහත සඳහන්‌ කචර ප්‍රතිජීවකයක්‌ DNA සංශ්ලේෂණය නිශේධනය කිරීම මගින්‌ බැක්ටීරියා වර්ධනය නිශේධනය කරයිද? 

(1) පොලිමික්සින්‌
(2) පෙනිසිලින්‌
(3) එරිත්‍රොමයිසින්‌
(4) සිප්රොෆ්ලොක්සසින්‌
(5) ක්ලොට්‍රිමසෝල්‌

41 / 50

Category: Biology 2014

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දී ඇති ප්‍රතිචාර අතුරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිචාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්වය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි  තෝරන්න.
A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ …………………..................................………… 1
A, C, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ………………………...............................……… 2
A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ……………………..................................……….3
C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ................................................................... 4
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌...................... ...5

උපදෙස් සැකවින්

         1           2          3          4                            5
A, B, C නිවැරදි ය. A, C, D නිවැරදි ය.      A, B නිවැරදි ය.     C, D නිවැරදි ය. වෙනත් කිසියම් ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සංයෝජනයක් හෝ නිවැරදිය.

41. ශාකවල ප්‍රභාශ්වසනය සඳහා ඉවහල්‌ වනුයේ පහත සඳහන්‌ ඉන්ද්‍රියිකාවලින්‌ කුමක්ද /කුමන ඒවා ද?

(A) හරිතලව
(B) මයිටොකොන්ඩ්‍රියා
(C) පෙරොක්සිසෝම
(D) ලයිසොසෝම
(E) ගොල්ගි සංකීර්ණය

42 / 50

Category: Biology 2014

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දී ඇති ප්‍රතිචාර අතුරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිචාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්වය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි තෝරන්න.
A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ …………………..................................………… 1
A, C, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ………………………...............................……… 2
A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ……………………..................................……….3
C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ................................................................... 4
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌...................... ...5

උපදෙස් සැකවින්

          1         2        3         4                           5
A, B, C නිවැරදි ය. A, C, D නිවැරදි ය. A, B නිවැරදි ය. C, D නිවැරදි ය. වෙනත් කිසියම් ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සංයෝජනයක් හෝ නිවැරදිය.

42. මානව අග්න්‍යාශයික යුෂය පිළිබඳ පහත සඳහන්‌ ප්‍රක්‍යශ අතුරෙන්‌ නිවැරදි වන්නේ කුමක්‌ ද/කුමන ඒචා ද? 

(A) එය ආම්ලික ස්‍රාවයකි.
(B) එය මේද තෛලෝදකරණය කරයි.
(C) එය ස්‍රාවය වීම සික්‍රටින්‌ මගින්‌ උත්තේජනය වේ.
(D) ප්‍රෝටියොලිටික එන්සයිමවල අක්‍රිය පූර්වග එහි ඇත.
(E) එය ස්‍රාවය වීම ප්‍රත්‍යනුවේගී උත්තේජන නිසා අඩු වේ.

43 / 50

Category: Biology 2014

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දී ඇති ප්‍රතිචාර අතුරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිචාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්වය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි තෝරන්න.
A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ …………………..................................………… 1
A, C, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ………………………...............................……… 2
A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ……………………..................................……….3
C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ................................................................... 4
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌...................... ...5

උපදෙස් සැකවින්

                      1                   2                 3                   4                              5
 A, B, C නිවැරදි ය. A, C, D නිවැරදි ය.       A, B නිවැරදි ය.      C, D නිවැරදි ය. වෙනත් කිසියම් ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සංයෝජනයක් හෝ නිවැරදිය.

43. ශෛලම හරහා පරිවහනය වනුයේ පහත සඳහන්‌ ශාක වර්ධක ද්‍රව්‍ය අතුරෙන්‌ කුමක්‌ ද/කුමන ඒවා ද?

(A) IAA
(B) ගිබෙරලික්‌ අම්ලය
(C)  සයිටොකයිනින
(D) ඇබ්සියික්‌ අම්ලය
(E) එතිලීන්‌

44 / 50

Category: Biology 2014

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දී ඇති ප්‍රතිචාර අතුරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිචාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්වය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි තෝරන්න.
A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ …………………..................................………… 1
A, C, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ………………………...............................……… 2
A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ……………………..................................……….3
C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ................................................................... 4
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌...................... ...5

උපදෙස් සැකවින්

                   1                    2                        3                  4                                    5
A, B, C නිවැරදි ය. A, C, D නිවැරදි ය.        A, B නිවැරදි ය.        C, D නිවැරදි ය. වෙනත් කිසියම් ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සංයෝජනයක් හෝ නිවැරදිය.

44. වැඩිහිටි සාමාන්‍ය පුරුෂයකුගේ හිස්කබල පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක් ද/කුමන ඒවා ද?

(A) එහි  කපාල ධාරිතාව ලීටර් දෙකක් පමණ වේ.
(B) චූචුකාකාර ප්‍රසරය ඇත්තේ යටි හනුවේ ය.
(C) ඌර්ධ්වහනු අස්ථියේ වාත කෝටරක ඇත.
(D) මුහුණ ප්‍රදේශය අස්ථී 12 කින්‌ තැනී ඇත.
(E) උඩු හනුවේ චාර්වක හයක්‌ ඇත.

45 / 50

Category: Biology 2014

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දී ඇති ප්‍රතිචාර අතුරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිචාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්වය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි තෝරන්න.
A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ …………………..................................………… 1
A, C, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ………………………...............................……… 2
A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ……………………..................................……….3
C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ................................................................... 4
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌...................... ...5

උපදෙස් සැකවින්

                    1                      2                   3                 4                                                            5
A, B, C නිවැරදි ය. A, C, D නිවැරදි ය. A, B නිවැරදි ය. C, D නිවැරදි ය. වෙනත් කිසියම් ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සංයෝජනයක් හෝ නිවැරදිය.

45. මානව හෝර්මෝන පිළිබඳ පහත සඳහන්‌ ප්‍රකාශ අතුරෙන්‌ නිවැරදි වන්නේ කුමක්‌ ද/කුමන ඒවා ද?

(A) එරිත්‍රොපොයිටින්‌ ක්‍රියා කරනුයේ අස්ථි තුළ පමණ.
(B) කිරි නිකුත්‌ කිරීමේදී ප්‍රොලැක්ටින්‌ වැදගත්‌ කාර්යභාරයක්‌ ඉටු කරයි.
(C) ග්ලුකගන්‌ සහ කෝටිසොල්‌ යන දෙවර්ගය ම රුධිර ග්ලුකෝස්‌ මට්ටම වැඩි කරයි.
(D) ADH සහ ඇල්ඩොස්ටෙරෝන්‌ යන දෙවර්ගයට ම වෘක්කාණු තුළදී ජලය ප්‍රතිශෝෂණය වෙනස්‌ කිරීමට පුළුවන.
(E) පැරාතයිරොයිඩ් හෝර්මෝනය රුධිර කැල්සියම්‌ මට්ටම අඩු කරයි.

46 / 50

Category: Biology 2014

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දී ඇති ප්‍රතිචාර අතුරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිචාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්වය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි තෝරන්න.
A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ …………………..................................………… 1
A, C, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ………………………...............................……… 2
A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ……………………..................................……….3
C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ................................................................... 4
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌...................... ...5

උපදෙස් සැකවින්

                     1                       2                  3                   4                                                           5
A, B, C නිවැරදි ය. A, C, D නිවැරදි ය. A, B නිවැරදි ය. C, D නිවැරදි ය. වෙනත් කිසියම් ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සංයෝජනයක් හෝ නිවැරදිය.

46. මිනිස්‌ වෘක්කාණුව පිළිබඳ පහත සඳහන්‌ ප්‍රකාශ අතුරෙන්‌ වැරදි වන්නේ කුමක්‌ ද/කුමන ඒවා ද?

(A) ජලය ප්‍රතිශෝෂණය අවිදුර සංවලිත නාලිකාවේදී, හෙන්ලේ පුඩුවේ ආරෝහණ බාහුවේදී සහ විදුර සංවලිත නාලිකාවේදී සිදුවිය හැකි ය.
(B) අවිදුර සංවලිත නාලිකාවේදී යූරියා සක්‍රිය ලෙස අවශෝෂණය කෙරේ.
(C) ජක්ස්ටමජ්ජා වෘක්කාණුවලට දිග හෙන්ලේ පුඩු ඇත.
(D) Na+ ප්‍රතිශෝෂණය සැමවිටම සක්‍රියව සිදුවේ.
(E) එය රුධිර පරිමාව පවත්වා ගැනීමට උපකාරී වේ.

47 / 50

Category: Biology 2014

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දී ඇති ප්‍රතිචාර අතුරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිචාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්වය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි තෝරන්න.
A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ …………………..................................………… 1
A, C, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ………………………...............................……… 2
A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ……………………..................................……….3
C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ................................................................... 4
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌...................... ...5

උපදෙස් සැකවින්

                    1                       2                   3                  4                                                 5
A, B, C නිවැරදි ය. A, C, D නිවැරදි ය. A, B නිවැරදි ය. C, D නිවැරදි ය. වෙනත් කිසියම් ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සංයෝජනයක් හෝ නිවැරදිය.

47. ශාකවල සන්ධාරක සෛල වන දෘඪස්තර සෛල සාමාන්‍යයෙන්‌ පිහිටා ඇත්තේ ද්වීබීජපත්‍රී ශාකවල පහත සඳහන්‌ කවර ප්‍රදේශයේ ද/ප්‍රදේශවල ද?

(A) ප්‍රාථමික කඳෙහි බාහිකය
(B) පත්‍රවල කලාප කොපු
(C) ශෛලම පටක
(D) ප්ලෝයම පටක
(E) මජ්ජාව

48 / 50

Category: Biology 2014

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දී ඇති ප්‍රතිචාර අතුරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිචාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්වය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි තෝරන්න.
A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ …………………..................................………… 1
A, C, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ………………………...............................……… 2
A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ……………………..................................……….3
C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ................................................................... 4
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌...................... ...5

උපදෙස් සැකවින්

                    1                    2                    3                   4                                                    5
A, B, C නිවැරදි ය. A, C, D නිවැරදි ය.       A, B නිවැරදි ය.       C, D නිවැරදි ය. වෙනත් කිසියම් ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සංයෝජනයක් හෝ නිවැරදිය.

48. මිනිසාගේ ශුකාණුජනනය පිළිබඳ පහත සඳහන්‌ ප්‍රකාශ අතුරෙන්‌ වැරදි වන්නේ කුමක්‌ ද/ කුමන ඒවා ද?

(A) එය ආරම්භ වු පසු සන්තතිකව සිදුවන ක්‍රියාවලියකි.
(B) එහි කාලසීමාව දින 72 ක්‌ පමණ වේ.
(C) එය ප්‍රශස්ත ලෙස සිදුවනුයේ දේහ උෂ්ණත්වයේදී ය.
(D) ශුක්‍රාණුමාතෘ සෛල ප්‍රාථමික ශුක්‍රාණු සෛල බවට පත්වන විට ඌනනය සිදු වේ.
(E) එය FSH මගින්‌ ආරම්භ කරනු ලබයි.

49 / 50

Category: Biology 2014

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දී ඇති ප්‍රතිචාර අතුරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිචාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්වය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි තෝරන්න.
A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ …………………..................................………… 1
A, C, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ………………………...............................……… 2
A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ……………………..................................……….3
C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ................................................................... 4
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌...................... ...5

උපදෙස් සැකවින්

                    1                      2                  3                 4                                                  5
A, B, C නිවැරදි ය. A, C, D නිවැරදි ය. A, B නිවැරදි ය. C, D නිවැරදි ය. වෙනත් කිසියම් ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සංයෝජනයක් හෝ නිවැරදිය.

49. මිනිසාගේ ලිංග වර්ණදේහ සංඛ්‍යාවේ වෙනස්‌ වීමක්‌ නිසා ඇතිවනුයේ පහත සඳහන්‌ කුමන ප්‍රවේණික ආබාධය ද/ආබාධද?

(A) හන්ටින්ඩන්ගේ රෝගය
(B) ඩවුන්ස්‌ සහලක්ෂණය
(C) ටර්නර්‌ සහලක්ෂණය
(D) ක්ලයින්ෆෙල්ටර්‌ සහලක්ෂණය
(E) සිස්ටික්‌ ෆයිබ්‍රෝසිස්‌

50 / 50

Category: Biology 2014

• අංක 41 සිට 50 තෙක්‌ ප්‍රශ්නවල දී ඇති ප්‍රතිචාර අතුරෙන්‌ එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ නිවැරදි ය. කවර ප්‍රතිචාරය/ප්‍රතිචාර නිවැරදි ද යන්න පළමුවෙන්‌ ම විනිශ්වය කර ගන්න. ඉන්‌ පසු නිවැරදි තෝරන්න.
A, B, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ …………………..................................………… 1
A, C, D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ………………………...............................……… 2
A සහ B යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ……………………..................................……….3
C සහ D යන ප්‍රතිචාර පමණක්‌ නිවැරදි නම්‌ ................................................................... 4
වෙනත්‌ කිසියම්‌ ප්‍රතිචාරයක්‌ හෝ ප්‍රතිචාර සංයෝජනයක්‌ හෝ නිවැරදි නම්‌...................... ...5

උපදෙස් සැකවින්

                    1                      2                     3                     4                                                  5
A, B, C නිවැරදි ය. A, C, D නිවැරදි ය.      A, B නිවැරදි ය.     C, D නිවැරදි ය. වෙනත් කිසියම් ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සංයෝජනයක් හෝ නිවැරදිය.

50. පලතුරු යුෂ මගින්‌ විනාකිරි සෑදීමේදී පහත සඳහන්‌ කවර ක්ෂුද්‍රජීවියෙක්‌/ක්ෂුද්‍රජීවින්‌ වැදගත්‌ වේ ද? 

(A) Gluconobacter
(B) Saccharomyces
(C) Lactobacillus
(D) Acetobacter
(E) Streptococcus

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 14%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!