2015 තාක්ෂණවේදය සදහා විද්‍යාව බහුවරණ ප්‍රශ්න

0%
3

Past Papers | Science For Technology

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2015 - තාක්ෂණවේදය සඳහා විද්‍යාව

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 2 යි)

01 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින් ඉතාමත් ගැළපෙන උත්තරය තෝරන්න.

1 / 50

Category: Science For Technology 2015

(1) ක්ෂුද්‍ර ජීවින් සැමවිටම,

(1) සෛල සංවිධාවයක් නොමැති ජීවීන් වේ.
(2) පියවි ඇසට නිරීක්ෂණය කිරීමට නොහැකි ජීවීන් වේ.
(3) සංවිධානයක් වූ න්‍යෂ්ටියක් නොමැති ජීවීන් වේ.
(4) විවිධාකාර පරිසර තත්වයන්ට සාර්ථක ව අනුවර්ථනය වන ජීවීන් වේ.
(5) රසායනික ස්වයංපෝෂී වේ.

2 / 50

Category: Science For Technology 2015

(2) පොල් රා වලින් විනාකිරි නිෂ්පාධනය කිරිමේ දී භාවිතා වන ඇසිටික් අම්ල බැක්ටිරියා අයත් වන ශ්වසන කාණ්ඩය කුමක් ද?

(1) ස්වායු
(2) චෛකල්පිත නිර්වායු
(3) අනිවාර්ය නිර්වායු
(4) ක්ෂුද්‍ර වාතකාමි
(5) චෛකල්පිත ස්වායු

3 / 50

Category: Science For Technology 2015

(3) ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය උපයෝගී කර ගනිමින් පාරජනක ජීවියකු බිහි කල හැකිය.මෙම ක්‍රියාවලියේ දි ප්‍රතිසංයෝජිත DNA නිපදවීම දක්වා ඇති පියවර (A) සිට (E) දක්වා අනුපිළිවෙළින් පහත දැක්වේ.

(A) දායක සෛල වලින් DNA නිස්සාරණය කර ගැනිම.
(B) නිස්සාරණය කර ගත් DNA කැබලිවලට කපා ගැනිම.
(C) ජෙල් විද්‍යුතාගමනයෙන් DNA කැබලි වෙන් කර ගැනීම.
(D) අවශ්‍ය ජාන අඩංගු DNA කැබලි හදුනා ගැනීම.
(E) DNA කැබලි, ප්ලස්මීඩ DNA සමග ප්‍රතිසංයෝජනය කිරිම

ඉහත සදහන් ක්‍රියාවලියේ දී එන්ඩොනියුක්ලියේස් (Endonuclease) සහ ලයිගේස් (Ligase) එන්සයිම භෘවිතා කරන පියවර වන්නේ

(1) (A) සහ (C) පමණි.
(2) (B) සහ (D) පමණි.
(3) (B) සහ (E) පමණි.
(4) (C)  සහ (E) පමණි.
(5) (D) සහ (E) පමණි.

4 / 50

Category: Science For Technology 2015

(04) අපජලය පිරියම් කිරිමේ ක්‍රියාවලියක දී ස්නායු ශ්වසනය සිදු කරන ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය ප්‍රයෝජනයට ගනු ලබන්නේ.

(1) ප්‍රථමික පිරියම් කිරිමේ තටාකයේ දි ය.
(2) ද්වීතීයික   පිරියම් කිරිමේ තටාකයේ දි ය.
(3) අවසාධක තටාකයේ දි ය.
(4) විෂබීජ නාශක ඒකකයේ දී ය.
(5) රොන්බොර ජීරකයේ දී ය.

5 / 50

Category: Science For Technology 2015

(5) එතිලීන් (C2 H4) වායුව 12g දහනය වීමේ දී ජනනය වන තාප ප්‍රමාණය 604kJ විය. C2 H4  හි මෞලික ස්කන්ධය 28g mol-1 වේ. C2 H4  දහනය සදහා තුලිත ප්‍රතික්‍රියාව පහත දැක්වේ.

                              C2 H4 (g) + 3 O2 (g) ---------> 2 CO2 (g) + 2H2O (g)

C2 H4  දහනය සදහා ප්‍රතික්‍රියා තාපය විය හැක්කේ.

(1) – 33 kJ
(2) –  604 kJ
(3) – 1208 kJ
(4) – 1409 kJ
(5) – 7200 kJ

6 / 50

Category: Science For Technology 2015

(6) ප්‍රතික්‍රියාවක වේග නිර්ණ පියවර සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ.

(1) එය බහු පියවර ප්‍රතික්‍රියාවක වේගයෙන් ම සිදුවන පියවර වේ
(2) එය සැමවිටම බහු පියවර ප්‍රතික්‍රියාවක පළමු පියවර වේ
(3) එය සැමවිටම බහු පියවර ප්‍රතික්‍රියාවක අවසාන පියවර වේ.
(4) එයට උත්ප්‍රේරක මගින් බලපෑමක් නැත.
(5) එය බහු පියවර ප්‍රතික්‍රියාවක සෙමෙන් ම සිදු වන පියවර වේ.

7 / 50

Category: Science For Technology 2015

(7) රූපයේ දක්වා ඇති ශක්ති ප්‍රස්තාරයට අනුව ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය වනුයේ.

ප්‍රතික්‍රියාවේ ඉදිරි ගමන

(1) E3 ය.
(2) E3 – E2 ය.
(3) E3 – E1 ය.
(4) E3 – F2 ය.
(5) E3 + E1 ය.

8 / 50

Category: Science For Technology 2015

(8) කෘතිම බහුඅවයවික සැමවිට ම,

(1) තාප සුවිකාර්ය වේ.
(2) ස්ඵටිකරූපි වේ.
(3) ඒක අවයවිකවලින් තැනි ඇත.
(4) ඉහල ප්‍රත්‍යස්ථතාවකින් යුක්ත වේ.
(5) හරස් බන්ධනවලින් සමන්විත වේ.

9 / 50

Category: Science For Technology 2015

(9) පුනර්ජනනය නොවන අමුද්‍රව්‍ය මත පදනම් වූ නිශ්පාධක ක්‍රියාවලිය කුමක් ද?

(1) ශාක තෙල් භාවිතයෙන් මේද අම්ල නිපදවීම.
(2) ශාක තෙල් භාවිතයෙන් සබන් නිපදවීම.
(3) පිෂ්ටය පැසවීම මගින් එතනෝල් නිපදවීම.
(4) කරාබු නැටි මගින් ඉයුජිනෝල් නිස්සාරනය කිරිම.
(5) බොර තැල් මගින් ඩීසල් නිපදවීම.

10 / 50

Category: Science For Technology 2015

(10) ස්තම්භ වර්ණලේණ ශිල්පිය ක්‍රමය මගින් සාම්පලයක් ඇති සංඝටක වෙන් කර ගැනිම සදහා බියුරේට්ටුවක් යොදා ගනිමින් සාදා ගන්නා කුලුනක් රූපයේ දක්වා ඇත.කුලුන සාදා ගැනීමේ දී භාවිතා කල යුතු A , B , C සහ D ද්‍රව්‍ය නිවැරදි අනුපිළිවෙළින් දැක්වෙනුයේ,

(1) සිලිකා ජෙල් , වැලි , කපු පුළුන් , වැලි
(2) වැලි , කපු පුළුන් , සිලිකා ජෙල් , වැලි
(3) වැලි , සිලිකා ජෙල් , වැලි , කපු පුළුන්
(4) කපු පුළුන් , වැලි , සිලිකා ජෙල් , කපු පුළුන්
(5) වැලි , සිලිකා ජෙල් , කපු පුළුන් , වැලි

11 / 50

Category: Science For Technology 2015

(11) පත්‍ර වර්ණලේඛ ශිල්පීය ක්‍රමය මගින් සාම්පලයක් ඇති රසායනික සංරචක හදුනාගැනීමේ පරීක්ෂණයක දි පාලක සාම්පලය (R) සහ සංරචක හදුනාගත යුතු සාම්පලය (S) වර්ණ ලේඛ පත්‍රය මත තැබිය යුතු වඩාත් නිවැරදි ආකාරය දැක්වෙන රූපසටහන වනුයේ කුමක් ද?

12 / 50

Category: Science For Technology 2015

(12) නිපැයුම්කරුවකුගේ නව නිර්මාණයට පිළීගැනීම් සහ ප්‍රතිලාභ ලබා ගැනිමට ඇති අයිතිය තහවුරු කර ගැනීම සදහා ලබා ගත හැක් ලේඛනන වන්නේ කුමක් ද?

(1) SLS ප්‍රමිති සහතිකය
(2) පේටන්ට් බලපත්‍රය
(3) ISO 14000
(4) රජයේ ලියාපංචි බලපත්‍රය
(5)  ISO 9000

13 / 50

Category: Science For Technology 2015

(13) පහත දැක්වෙන කාණ්ඩ අතුරෙන් ද්විතියික පරවෘත්තජ පමණක් අඩංගු වන කාණ්ඩය කුමක් ද?

(1) ප්‍රෝටීන, කාබෝහයිඩ්රේට, පීනෝල
(2) සගන්ධ තෙල්, පොලිපීනෝල, ක්වීනෝන
(3) ප්‍රෝටීන, සගන්ධ තෙල්, කාබෝහයිඩ්රේට
(4) ලැක්ටික් අම්ලය, ප්‍රෝටීන, පොලිපීනෝල
(5) සගන්ධ තෙල්, පීනෝල, කාබෝහයිඩ්රේට

14 / 50

Category: Science For Technology 2015

(14) කැල්සියම් අවශෝෂණය පාලනය කිරීමට සහ රුධිරය කැට ගැසීමට අවශ්‍ය වන විටමින් වනුයේ පිළිවෙළින්,

(1) A සහ C පමණි.
(2) B සහ C පමණි.
(3) B සහ D ය.
(4) D සහ C ය.
(5) D සහ K ය.

15 / 50

Category: Science For Technology 2015

(15) ක්ලෝරොෆ්ලෝරෝකාබන් (CFC) සම්බන්ධව සත්‍ය වගන්තියවන්නේ එය,

(1) ඉතා අස්ථායි වායුවකි.
(2) පාරජම්බූල විකිරණ හමුවේ වියෝජනයට ලක් වේ.
(3) ලෝහ පෑස්සීම සදහා භාවිතා කරන කාර්මික වායුවකි.
(4) හරිතාගාර වායුවක් නොවේ.
(5) පෘථිවියේ ස්භෘවික ව නිපදවන වායුවකි.

16 / 50

Category: Science For Technology 2015

(16) ඕසෝන් වියන සම්බන්ධයෙන් සත්‍ය වගන්තිය වන්නේ කුමක් ද?

(1) එය ඉහල වායුගෝලයේ ඇති ඕසෝන්වලින් පමණක් සමන්විත වූ විශේෂිත ප්‍රදේශයකි.
(2) එහි පැවැත්ම සදහා අධෝරක්ත විකිරණ පමණක් අත්‍යවශ්‍ය වේ.
(3) ඕසෝන් වියන සෑදිමට පරමාණුක ඔක්සිජන් අත්‍යවශ්‍ය වේ.
(4) ක්ලෝරොෆ්ලෝරොකාබන් (CFC) අණු ඕසෝන සමග සෘජුව ම ප්‍රතික්‍රියා කර ඕසෝන් වියන භාජනයට ලක් කරයි
(5) ඕසෝන් වියන මගින් සූර්යයාගෙන් පැමිණෙන අධෝරක්ත විකිරණවලින් පෘථිවිය ආරක්ෂා වේ.

17 / 50

Category: Science For Technology 2015

(17) නැනෝ අංශුවක විශාලත් ව පරාසය මීටර් වලින්.

(1) 1 සිට 10 තෙක්.
(2) 10-1 සිට 10 වේ.
(3) 10-4 සිට 10-2 වේ.
(4) 10-9 සිට 10-7 වේ
(5) 10-15 සිට 10-13 තෙක්.

18 / 50

Category: Science For Technology 2015

(18) කාර්මිකයෙක් විසින් නව නිර්මාණයක් තැනීම සදහා පැත්තක දිග 10cm ක් වන සමචතුරස්‍රාකාර පැතලි තහඩුවක් පහත රූපයේ දක්වා ඇති පරිදි කඩ ඉරි මගින් අංගසම සමචතුරස්‍ර 16කට බෙදා අදුරුකර ඇති කොටස්  ඉවත් කලේය. ඉවත් කල තහඩු කොටාස් වරගඵලය වන්නේ,

(1) 20 cm2 ය.
(2) 25 cm2 ය.
(3) 40 cm2 ය.
(4) 50 cm2 ය.
(5) 75 cm2 ය.

19 / 50

Category: Science For Technology 2015

(19) පැත්තක දිග 1 cm වන ඝනක හතරකින් ඕනෑම ඝනක දෙකක පෘෂ්ඨ දෙකක් සමපාත වන ලෙස තබා පෘෂ්ඨ වර්ගඵලය අවම වන සේ ඝන වස්තුවක් සාදා ගැනීමට අවශ්‍යව ඇත. මෙලෙස සාදා ගත හැකි ඝන වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය වන්නේ.

(1) 10 cm2 ය.
(2) 12 cm2 ය.
(3) 14 cm2 ය.
(4) 16 cm2 ය.
(5) 18 cm2 ය.

20 / 50

Category: Science For Technology 2015

(20) පාදයක දිග 20 m වන ත්‍රිකෝණාකාර පාද්මයක් ඇති ගොඩනැගිල්ලක අත්තිවාරම් කැපිම සදහා ලණු ඇද ඇද ඇත. මෙහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීම සදහා ලණු ඇද ඇති ත්‍රිකෝණයේ එක් ශිර්ෂයක සිට සම්මුඛ පාදයේ මධ්‍ය ලක්ෂයට ඇති දුර මනින ලදි. මෙම ලණු ඇද ඇලි ත්‍රිකෝණය නිවැරදි නම් එම මනින දුර විය යුත්තේ.

(1) 5 m ය.
(2) 10 m ය.
(3) 10√3m ය.
(4) 20 m ය.
(5)20√3 m ය.

21 / 50

Category: Science For Technology 2015

(21) රූපයේ දැක්වෙන පරිදි h උස කුලුනකට 10 m තුලින් පිහිටි උස ගොඩනැගිල්ලක A  මුදුනේ සිට නිරීක්ෂණය කල විට කුලුනේ Bමුදුන පෙනෙන ආරෝහන කෝණය 450 ද, එහි පා මුල පෙනෙන අවරෝහණ කෝණය 300 නම්, කුලුනේ උස h වනුයේ,

22 / 50

Category: Science For Technology 2015

(22) පුනිලයක් සාදා ඇත්තේ ලෝහ තහඩුවෙන් කපා ගන්නා ලද රූපයෙන් දැක්වෙන මාන සහිත වෘත්ත කේන්ද්‍රික ඛණ්ඩයේ ABCD ලෙසින් දක්වා ඇති කොටස දක්වා ඇති කෙටස භාවාතා කිරීමෙනි.මෙම පුනීලයො බදෙහි පිටත පෘෂ්ඨයේ වර්ගඵලය වන්නේ, 

23 / 50

Category: Science For Technology 2015

(23) පහත දැක්වෙන සමීකරන සලකන්න.

ඉහත සමීකරණ අතුරෙන් කුමන සමීකරණය / සමීකරණ y = 2x සරල රේඛාවට ලම්භක වේ ද?

(1) (A) පමණි.
(2) (B) පමණි.
(3) (C) පමණි.
(4) (A) සහ (B) පමණි.
(5) (A) සහ (C) පමණි.

24 / 50

Category: Science For Technology 2015

(24) පහත දැක්වෙන ධන නිඛීල ව්‍යාප්තිය සලකන්න.

          4 , 5 , 9 , 8 , 7 , 6 , 6 , 5 , x , y

මෙම ව්‍යාප්තියේ මාතය 4 නම් x + Y  අගය වන්නේ,

(1) 4
(2) 5
(3) 6
(4) 7
(5) 8

25 / 50

Category: Science For Technology 2015

(25) ආරෝහන පිළීවෙලට ගැයිස්තු ගත කර ඇති a , 6 , 6 , 5 , 7 , 9 , 2a යන අගයන් හයෙහි පරාසය කුමක්  විය හැකිද?

(1) 2
(2) 2.5
(3) 5
(4) 7
(5) 8

26 / 50

Category: Science For Technology 2015

(26) සුපිරි වෙළෙදසැලකින් අහඹු ලෙස තෝරා ගන්නා ලද ලීටර් එකක් වන බෝතල් 100ක සත්‍ය වශයෙන් ම අඩංගු වූ ජල පරිමාවන් ඉදිරි සංඛ්‍යාත වගුවේ දැක්වේ

                  ජල පරිමාව ml            බෝතල් සංඛ්‍යාව
            851  -  900                     5
            901  -  950                    85
           951  -  1000                    5
          1001  -  1050                    5

බෝතලයක අඩංගු ජල පරිමාවේ ඇස්තමේන්තුගත මධ්‍යන්‍යය අගය ආසන්න මිලිලීටරය වන්නේ.

(1) 860
(2) 870
(3) 931
(4) 1000
(5) 1020

27 / 50

Category: Science For Technology 2015

(27) A සහ  B ලක්ෂ්‍යන් දෙකක ඛන්ඩාංන්කයක් පිළිවෙළින්  (2 , 2) සහ (22 , 58) වේ. AB රේඛා ඛන්ඩය මත ඇති C ලක්ෂ්‍යය මගින් රේඛා ඛන්ඩය  AB : CB = 1 : 3 අනුපාතයට බෙදෙයි නම්  C ලක්ෂ්‍යයේ ඛජඩාංක මොනවාද?

(1) (12 .30)
(2) (7.16)
(3) (17.44)
(4) (30.12)
(5) (16.7)

28 / 50

Category: Science For Technology 2015

(28) පහත දැක්වෙන URL අතුරෙන් වාග් රීති දෝෂ (syntax errors)  සහිත URL වන්නේ කුමක්ද?

(1) http:/www.google.com
(2) http:/190:165.21.110/login.php
(3) http:/190.165.21.110/index.html
(4) http:/190.165.21/index.html
(5) https:/www.youtube.com/watch? v =gFCWZLKc5Hv

29 / 50

Category: Science For Technology 2015

(29) පහත දැක්වෙන මෘදුකාංග අතුරෙන් වෙබ් සෙවුම් යන්ත්‍රයක් (web search engine) වන්නේ කුමක්ද?

(1) Internet Explorer
(2) Yahoo
(3) YouTube
(4) Gmail
(5) twitter

30 / 50

Category: Science For Technology 2015

(30) පහත දැක්වෙන දෑ අතුරෙන් පරිගණක දෘඩාංගයක් නොවන්නේ කුමක් ද?

(1) CPU
(2) යතුරු පුවරුව (Keybord)
(3) මෙහෙයුම් පද්ධතිය (Operating system)
(4) මව් පුවරුව (Motherbord)
(5) මූසිකය (Mouse)

31 / 50

Category: Science For Technology 2015

(31) පහත දැක්වෙන පරිගණක උපාංග සලකන්න.

(A) මූසිකය (Mouse)
(B) මුද්‍රකය (printer)
(C) යතුරු පුවරුව (Keybord)
(D) USB ෆ්ලෑෂ් ධාවකය (USB flash drive)

ඉහත උපාංග සම්බන්ධයෙන් පහත දැක්වෙන වගන්ති අතුරෙන් සත්‍ය වගන්තිය කුමක් ද?

(1) ආදාන උපාංගයක් වන්නේ  (A) පමණි.
(2) ආදාන / ප්‍රතිදාන උපාංගයක් වන්නේ (B) පමණි.
(3) ආදාන උපාංගයක් වන්නේ  (A) සහ (B) පමණි.
(4) ප්‍රතිදාන උපාංග වන්නේ (B) සහ (C) පමණි.
(5) ආදාන / ප්‍රතිදාන උපාංගයක් වන්නේ (D) පමණි.

32 / 50

Category: Science For Technology 2015

(32) පරිගණක මෙහෙයුම් පද්ධති (Oss) පිළිබද පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න

(A) මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයක් වන්නේ පරිගණකය වෛරස්වලින් ආරක්ෂා කිරීමයි.
(B) ‘internrt Explorer’ යන් මෙහෙයුම් පද්ධතියයි.
(C) කිසියම් මෙහෙයුම් පද්ධතියක් මත ක්‍රියා කරවිය හැකි මෘදුකාංගයක් කිසිදු වෙනස් කිරීමකින් තොරව ඕනෑම මෙහෙයුම් පද්ධතියක්                               මත පිටපත් කර (copy) ක්‍රියා කර විය හැකිය.
(D) එක් පරිගණකයක් මත මෙහෙයුම් පද්ධති කිහීපයක් ස්ථාපනය කළ හැකිය.

ඉහත ප්‍රකාශ අතුරෙන් සත්‍ය වන්නේ.

(1) (A) පමණි.
(2) (B) පමණි.
(3) (C) පමණි.
(4) (D) පමණි.
(5) (A) සහ (D) පමණි.

33 / 50

Category: Science For Technology 2015

(33) පහත දැක්වෙන විද්‍යුත් තැපෑල ලිපිනයන්ගෙන් නිවැරදි ආකාරයට දක්වා නොමැති ලිපිනය වන්නේ.

(1) [email protected]
(2) [email protected]
(3) Sman@[email protected]
(4) Sman@Vithanage’’@example.com
(5) Sman#[email protected]

34 / 50

Category: Science For Technology 2015

(34) දර්ශීය (typical) වදන් සකසන මෘදුකාංගයකින් ලේඛනය සකස් කිරීමේදි ලේඛනයේ ඇති ඡේදයක් එක් ස්ථානයකින් තවත් ස්ථානයකට ගෙන යාම (moving) සදහා අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රියා පටිපාටිය වන්නේ.

(1) Cut, මූලික දර්ශකය අවශ්‍ය නව ස්ථානයකට ගෙන යාම,Past
(2) Copy, මූලික දර්ශකය අවශ්‍ය නව ස්ථානයකට ගෙන යාම, Past
(3) Select, Copy, මූලික දර්ශකය අවශ්‍ය නව ස්ථානයකට ගෙන යාම, Past
(4) Select, Cut මූලික දර්ශකය අවශ්‍ය නව ස්ථානයකට ගෙන යාම, Past
(5) select, Copy මූලික දර්ශකය අවශ්‍ය නව ස්ථානයකට ගෙන යාම, Copy

35 / 50

Category: Science For Technology 2015

(35) දර්ශීය පැතුරුම්තක A 1 1 කෝෂයේ = $A1/$A$10 සුත්‍රය අඩංගු වේ.මෙම සුත්‍රය B 1 1 කෝෂයට පිටපත් කල හැකි විට B 1 1 හි අඩංගු සූත්‍රය වන්නේ.

(1) =$A1/$A$10
(2) =$A1/$B$10
(3) =$B1/$A$10
(4) =$B1/$B$10
(5) =$B1/$A$11

36 / 50

Category: Science For Technology 2015

(36) සමර්පන (Presentation) මෘදුකාංගවල ‘rulers’ සහ ‘guides’ පිළිබද පහත ප්‍රකාශ සලකන්න.

(A) ‘rulers’ සහ ‘guides’ අවශ්‍ය පරිදි කදාවන් (slides) මත යෙදීම (On) සහ ඉවත් කිරීම (Off) කළ හැකිය.
(B) කදාවන් මුද්‍රණය කල විට ‘rulers’ සහ ‘guides’ මුද්‍රිත පිටපත් මත දිස් වේ.
(C) කදාවන් මත වස්තූන් (objects) ස්ථානගත කිරීම සදහා‘rulers’ සහ ‘guides’ උපකාරී වේ.
(D) guides රේඛා අතර ඇති පරතරය අවශ්‍ය ලෙස වෙනස් කළ නොහැකිය.

ඉහත ප්‍රකාශ අතුරෙන් සත්‍ය වන්නේ.

(1) (A) සහ (B) පමණි.
(2) (A) සහ (C) පමණි.
(3) (B) සහ (C) පමණි.
(4) (B) සහ (D) පමණි.
(5) (C) සහ (D) පමණි.

37 / 50

Category: Science For Technology 2015

(37) පහත දක්වා ඇති පැතුරුම්පත් ඛන්ඩය සහ A සිට D මගින් දක්වා ඇති සූත්‍ර (formulae) සලකන්න.

(A) =Count (A1:A4)
(B) =Sum (A1:A4)
(C) =Sum($A$1:$A$4)
(D) =Max(A1:A4

A1 සිට A4 තෙක් කෝෂ පරාසයේ ඇති අගයයන්ගේ එකතුව ලබා ගැනීම සදහා කෝෂයකට අන්තර්ගත            කළ හැකි සූතුය / සූත්‍ර වන්නේ,

(1) (A) පමණි.
(2) (B) පමණි.
(3) (A) සහ (B) පමණි.
(4) (B) සහ (C) පමණි.
(5) (C) සහ (D) පමණි.

38 / 50

Category: Science For Technology 2015

(38) ව නියර් කැලිපරයක භාහිර හනු දෙකෙහි මල බැදීමෙන් හනු දෙක ඈත් වීම නිසා මූලාංක දෝශයක් පවතී.එමගින් ලබා ගත් මිනුම නිවැරදි කිරීම සදහා                

(1) මූලාංක දෝෂය පාඨාංකයට එකතු කළ යුතුය.
(2) මූලාංක දෝෂය පාඨාංකයට අඩු කළ යුතුය.
(3) උපකරණයේ කුඩා ම මිනුම පාඨාංකයට එකතු කළ යුතුය.
(4) උපකරණයේ කුඩා ම මිනුම පාඨාංකයට අඩු කළ යුතුය.
(5) පාඨංක කිහීපයක් ලබාගෙන මධ්‍යන්‍ය ගණනය කළ යුතුය.

39 / 50

Category: Science For Technology 2015

(39) පහත රූපයේ දක්නට ලැබෙන පරිදි සිරස්ව බිම තබා ඇති X සහ Y ආධාරක දෙකක් මත AB ඒකාකාර ලීබාල්කයක් තිරස්ව තබා ඇත. X ආධාරකය  අචලව තබා Y ආධාරකය X දෙසට චලනය කරන විට X සහ Y ආධාරක මගින් පිළිවෙළින් බාල්කය මත තබා යෙදෙන R සහ R අභිබම්බ ප්‍රතික්‍රියාවල අගයන්.

40 / 50

Category: Science For Technology 2015

(40) බර W වන කොන්ක්‍රීට් සිලින්ඩරයක් පහල මට්ටමක පිහිටි තිරස් තලයක සිට ඉහල මට්ටමක තිබෙන තිරස් තලයක් වෙතට පෙරළීමට අවශ්‍යව ඇත. සිලින්ඩරය මත A , B , C , D සහ E යන ස්ථාන වලින් බලය යෙදිය හැකි ආකාර රුපයේ දක්වා ඇත.අඩුම විශාලත්වයක් සහිත බලයක් මගින් මෙම ක්‍රියාව සිදු කර ගැනීමට නම් බලය යෙදිය යුතු ආකාරය දැක්වෙන්නේ .

(1) A මගිනි.
(2) B මගිනි.
(3) C මගිනි.
(4) D මගිනි.
(5) E මගිනි.

41 / 50

Category: Science For Technology 2015

(41) මෝටර් රථ එන්ජිමක සිසිලනකාරක ද්‍රව්‍ය ලෙස ජලය යොදා ගැනීමට ප්‍රධාන හේතුව වන්නේ ජලයේ,

(1) තාප සන්නායකතාව ඉහළ අගයක් වන බැවිනි.
(2) තාප සන්නායකතාව පහළ අගයක් වන බැවිනි.
(3) විශීෂ්ඨ තාපධාරිතාව ඉහළ අගයක් වන බැවිනි.
(4) විශිෂ්ඨ තාපධාරිතාව පහළ අගයක් වන බැවිනි
(5) දුස්ස්‍රාවිතාව ඉහළ අගයක් වන බැවිනි.

42 / 50

Category: Science For Technology 2015

(42) කර්මාන්ත ශාලාවක භාවිත කරන 250 V  පුධාන සැපයුම මගින් ක්‍රියාත්මක වන විදුලි පන්කාවක ක්ෂමතා ප්‍රමාණනය 100 Wවේ.මෙම පංකාව සදහා වඩාත් සුදුසු විලායකය වන්නේ කුමක් ද?

(1) 0.30 A
(2) 0.75 A
(3) 5.0 A
(4) 13 A
(5) 15 A

43 / 50

Category: Science For Technology 2015

(43) රූපයේ දැක්වෙන පරිදි දිග සහ හරස්කඩ වර්ගඵලය සමාන ඇලුමිනියම් (A I ) සහ තඹ (Cu) කම්බ් දෙකක් එකිනෙකට සම්බන්ධ කර ධාරාවක් ගලා යාමට සලස්වනු ලැබේ. එක් එක් කම්බිය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ.

(1) කම්බි දෙක හරහා විභව බැස්ම සමාන වන අතර ඒවා තුළින් ගලන ධාරා වෙනස් ‍වේ.
(2) කම්බි දෙක හරහා විභව බැස්ම සහ ඒවා තුලින් ගලන ධාරා සමාන වේ.
(3) කම්බි දෙක හරහා විභව බැස්ම වෙනස් වන අතර ඒවා තුළින් එකම ධෘරාවක් ගලා යයි.
(4) කම්බි දෙක හරහා විභව බැස්ම වෙනස් වන අතර ඒවා තුළින් ගලන ධාරාවන්ද සමාන වේ.
(5) එක් එක් කම්බියේ තාප උත්සර්ජන ශීඝ්‍රතාව සමාන වේ.

44 / 50

Category: Science For Technology 2015

(44) පරිනාමකයක ප්‍රාථමික සහ ද්විතීයික දගරවල් පොටවල් සංඛ්‍යාව පිළිවෙළින් 500 සහ 125 වේ.ප්‍රාථමික දගරයට 240 V ප්‍රත්‍යාවර්ත වොල්ටියතා සැපහුමක් ලබා දුන් විට ද්විතියික දගරයෙන් ලබා ගත හැකි ප්‍රතිදාන වෝලිටියතාව වන්නේ.

(1) 60 V
(2) 80 V
(3) 120 V
(4) 320 V
(5) 480 V

45 / 50

Category: Science For Technology 2015

(45) සමානුපාතික සීමාව තුළ ආතතියකට ලක් කරන ලද කම්බියක් පිළිබද පහත දැක්වෙන දත්ත සපයා ඇත.

  කම්බිය මත යොදා ඇති බාහිර බලය   = 100
කම්බියේ හරස්කඩ වර්ගඵලය      = 10-6  m2
 කම්බියේ විතතිය                               = 2 x 10 -3 m
කම්බියේ නොඇදි දිග                      = 2 m

ඉහත දත්තවලට අනුව කම්බිය සාදා ඇති ද්‍රව්‍යෙය් යං මාපාංකය වන්නේ.

(1) 10 N m – 2 වේ.
(2) 106 N m – 2 වේ.
(3) 108 N m – 2 වේ.
(4) 1011 N m – 2 වේ.
(5) 1014  N m – 2 වේ.

46 / 50

Category: Science For Technology 2015

(46) දුනු තරාදියකින් වීදුරු මූඩියක බර වාතයේ දී කිරා ගත්විට 2.4 N වු අතර එය සම්පූර්ණයෙන් ම ජලයේ ගිල්වා කිරූ විට බර 2 N වේ.ජලයේ ඝනත්වය 1000 Kg m3ද ලෙස සැලකූවිට වීදුරූමූඩිය සාදා ඇති ද්‍රව්‍යයේ ඝනත්වය kg m- 3 වලින්

(1) 12 000 වේ
(2) 2 000 වේ.
(3) 4 000 වේ.
(4) 6 000 වේ.
(5) 8 000 වේ.

47 / 50

Category: Science For Technology 2015

(47) මෝටර් රථයක ඇති ද්‍රාව තිරිංග පද්ධතියේ (hydraulic brake system) යාන්ත්‍රණය පිළිබද පහත සදහන් ප්‍රකාශ සලකන්න

(A) තිරිංග පැඩලය මත යොදන බලය මගින් ප්‍රධාන සිලින්ඩරයේ ඇති තරලය මත යෙදෙන අමතර පීඩනය
(B) පැඩලය මගින් තරලය මත යොදන අමතර පීඩන විශාල අගයක් බවට පත් වි තිරිංග සිලින්ඩරයේ ඇති පිස්ටනය මත යෙදේ.
(C) තිරිංග සිලින්ඩරයේ ඇති පිස්ටනය මත යෙදෙන අමතර පීඩනය හේතුවෙන් තිරිංග තැටිය මත ඝර්ෂණ ව්‍යාවර්ථයක් ක්‍රියාත්මක වේ.

 ඉහත වගන්ති අතුරෙන් සත්‍ය වන්නේ

(1) (A) පමණි.
(2) (B) පමණි.
(3) (A) සහ (B) පමණි.
(4) (A) සහ (C) පමණි.
(5) (B) සහ (C) පමණි.

48 / 50

Category: Science For Technology 2015

(48) අභ්‍යන්තර විෂ්කම්බය 1 cm වන ඒකාකාර රබර් නළයක් තුළින් ජලය ගලා යන වේගය 2 m s-1  වේ.මෙම නළයේ විෂ්කම්බය 0.2 cm වන නොසලයක් (nozzle) සවිකර ඇති විට වොසලය මගින් ජලය නිකුත් වන වේගය වන්නේ.

(1) 0.4 2 m s-1
(2) 2 m s-1
(3) 5 m s-1
(4) 10 m s-1
(5) 50 m s-1

49 / 50

Category: Science For Technology 2015

(49) කේන්ද්‍රය හරහා යන සිරස් අක්ෂයක් වටා නිදහසේ භ්‍රමණය කළ හැකි ලෙස තිරස්ව සවි කර ඇති භ්‍රමණ තැටියක අවස්ථිය ඝුර්ණය 200 kg m 2  වේ. භ්‍රමණ තැටියේ දාරයට ස්පර්ශිය ලෙස 2 N m ව්‍යාවර්ථයක් යෙදීම නිසා තැටියේ කෝණික ත්වරණය වන්නේ

(1) 0.01 rad s-1
(2) 0.01 rad s-2
(3) 0.05 rad s-1
(4) 10 rad s-1
(5) 10 rad s-1

50 / 50

Category: Science For Technology 2015

(50) ඒකාකාර කෝණික ප්‍රෙවේගයකින් වෘත්තාකාර මාර්ගයක චලනය වන වස්තුවක් පිළීබද ව පහත දක්වා ඇති ප්‍රකාශ සලකන්න.

(A) ඕනෑම ලක්ෂ්‍යයක දී වස්තුවේ වේගය නියතව පවති.
(B) වස්තුව මත ක්‍රියාකරන සම්ප්‍රයුක්ත ත්වරණය ශූන්‍ය වේ
(C) වස්තුව මත කේන්ද්‍රාභිසාරි බලයක් ක්‍රියාත්මක වන අතර එහි විශාලත්වය නියත වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් සත්‍ය වන්නේ.

(1) (A) පමණි.
(2) (B) පමණි.
(3) (A) සහ (B) පමණි.
(4) (A) සහ (C) පමණි.
(5) (B) සහ (C) පමණි.

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 41%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!