2020 ගෘහ ආර්ථික විද්‍යාව පැරණි නිර්දේශය බහුවරණ ප්‍රශ්න

0%
0

Past Papers | Home Economics

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2020 - ගෘහ ආර්ථික විද්‍යාව | පැරණි නිර්දේශය

01 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින් ඉතාමත් ගැළපෙන උත්තරය තෝරන්න.

1 / 50

Category: Home Economic 2020 old syllabus

1.  පහත සඳහන්‌ කරුණු අතුරෙන්‌ නිවසක්‌ ගොඩනැගීම හා සම්බන්ධ නීතියක්‌ වන්නේ කුමක්‌ ද?
(1) වහලය අවම වශයෙන්‌ අඩි 9 ½(2.9 m) ක්‌ උස විය යුතු ය.
(2) උපරිම ගෙබිම්‌ ප්‍රමාණය වර්ග අඩි 5000 (464.5 m2) ක්‌ විය යුතු ය.
(3) ළිඳ සහ වැසිකිළිය අතර අවම දුර ප්‍රමාණය අඩි 80 (24.4m)) ක්‌ විය යුතු ය.
(4) කාමරයක ජනේලවල ප්‍රමාණය කාමරයේ වර්ග ප්‍රමාණයෙන්‌ 1/10 ක් විය යුතු ය.
(5) ජනේල දොරවල්‌ නොමැති පිටත බිත්ති හා මායිම අතර අවම දුර අඩි 7 1/2 (2.3m) ක්‌ විය යුතු ය.

2 / 50

Category: Home Economic 2020 old syllabus

2. නිර්මාණකරණයේ මූලිකාංගයක්‌ වන රේඛාවල ආකාර දෙකකි 'අක්වක්‌ රේඛා' සහ 'විකර්ණාකාර රේඛා'. මෙම රේඛා දෙකෙන්ම පිළිබිඹු කරන හැගීම්‌ වන්නේ,
(1) ක්‍රියාශීලි බව සහ චලනයයි.
(2) චලනය සහ නොසන්සුන්‌ බවයි.
(3) කලබලකාරී බව සහ ක්‍රියාශීලි බවයි.
(4) නොසන්සුන්‌ බව සහ රිද්මයානුකූල බවයි.
(5) කලබලකාරී බව සහ රිද්මයානුකූල බවයි.

3 / 50

Category: Home Economic 2020 old syllabus

3. ගෘහයක විසිත්ත කාමරයේ බිත්ති සඳහා කහ පැහැයත්‌, තිරරෙදි සඳහා දම්‌ සහ සුදු පැහැ මෝස්තර සහිත රෙද්දක්‌ද යොදා ඇත. මෙහි භාවිත කර ඇති වර්ණ ගැළපුම හඳුන්වන්නේ, 
(1) බද්ධ වර්ණ ගැළපුම ලෙස ය.
(2) ත්‍රිත්ව වර්ණ ගැළපුම ලෙස ය.
(3) උදාසීන වර්ණ ගැළපුම ලෙස ය.
(4) අනුපූරක වර්ණ ගැළපුම ලෙස ය.
(5) ද්චිත්ව අනුපූරක වර්ණ ගැළපුම ලෙස ය.

4 / 50

Category: Home Economic 2020 old syllabus

4. රිද්මයේ ආකාරයක්‌ වන 'අනුක්‍රමනය' යනු, 
(1) එකම ලක්ෂණය විවිධ ස්ථානවල තිබීම ය.
(2) එකම ලක්ෂණය නොවෙනස්ව නැවත නැවත පෙන්නුම්‌ කිරීම ය.
(3) සරල රේඛා සෘජුකෝණීව එකිනෙක හමුවන ආකාරයට මෝස්තර නිර්මාණය කිරීම ය.
(4) හැඩය ඒකාකාරීව තබාගනිමින්‌ ප්‍රචාරණය ඒකාකාරීව අඩු හෝ වැඩි වෙමින්‌ ගලා යෑම ය.
(5) මධ්‍ය ලක්ෂ්‍යයේ සිට සෑම දිශාවකටම විහිදී යන ආකාරයට මෝස්තර නිර්මාණය කිරීම ය.

5 / 50

Category: Home Economic 2020 old syllabus

5. නිවසක අභ්‍යන්තරයේ ප්‍රියමනාප බව වැඩි කරගැනීම සඳහා වඩාත්‌ සුදුසු නිර්මාණය තෝරන්න.
(1) ජල නිර්මාණයක් ගොඩනැගීමේදී විවිධ වර්ණ භාවිත කිරීම.
(2) විශාල පත්‍ර සහිත අතුපතර විහිදීගිය ශාක දිය ඇල්ලක්‌ අසලට යොදා ගැනීම.
(3) දිය ඇළි සහ පොකුණු නිර්මාණයේදී හිරුඑළිය ලැබෙන සේ සකස්‌ කරගැනීම.
(4) ස්වභාවික තණකොළ, මීවන, දොළගල්‌ සහ විසිතුරු මසුන්‌ ජලනිර්මාණ සඳහා යොද ගැනීම.
(5) විවිධ රටා සහිත තද වර්ණ පත්‍රවලින්‌ යුත්‌ ශාක, තද පැහැති බිත්ති සහිත විසිත්ත කාමරයකට යොදා ගැනීම.

6 / 50

Category: Home Economic 2020 old syllabus

6. පහත දී ඇති උපකරණ විද්‍යුත්‌ ක්ෂමතාව වැඩිවන පිළිවෙළට ඉදිරිපත්‌ කර ඇත්තේ කුමන වරණයේ ද? 
(1) බත්‌ පිසින උදුන ----->     බ්ලෙන්ඩරය  -------->        ශීතකරණය
(2) විදුලි ඉස්ත්‍රික්කය -------->        මේස චිදුලි පංකාව -------->       ප්‍රතිදීප්ත පහන
(3) සීලිං විදුලි පංකාව -------->        බ්ලෙන්ඩ්රය -------->          විදුලි කේතලය
(4) බත්‌ පිසින උඳුන -------->        ශීතකරණය -------->          ප්‍රතිදීප්ත පහන
(5) විදුලි ඉස්ත්‍රික්කය -------->       විදුලි කේතලය -------->         සීලිං විදුලි පංකාව

7 / 50

Category: Home Economic 2020 old syllabus

7. නිවසක ජල භාවිතය හා සම්බන්ධ ප්‍රකාශ කිහිපයක්‌ පහත දැක්වේ.
A - වැසිකිළිවල බැක්ටීරියා අධික ප්‍රමාණයක්‌ ඇත.
B - පානීය ජලයෙහි සියලුම ක්ෂුද්‍රජීවීන්‌ සහ රසායනික ද්‍රව්‍ය ඉවත්‌ කර ඇත.
C - සියලුම ගෘහීය අවශ්‍යතා සඳහා වැසි ජලය යෝග්‍ය වේ.
D - ජල සැපයුම පාරිභෝගිකයාට ලබා දීමේදී අධික පිරිපහදු වියදමක්‌ දැරිය යුතු ය.
E - නෑමට සහ රෙදි සේදීමට භාවිත කළ ජලය පූතික ටැංකියකට මුදාහළ යුතු ය.

මින්‌ නිවැරදි ප්‍රකාශ තෝරන්න.
(1) A සහ B පමණි.
(2) A සභ C පමණි.
(3) A සහ D පමණි.
(4) A සහ E පමණි.
(5) B සහ C පමණි.

8 / 50

Category: Home Economic 2020 old syllabus

8. පහත සඳහන්‌ සංයෝග අතුරෙන්‌ සතුන්‌ තුළ ගබඩා වන කාබෝහයිඩ්‍රේටය වන්නේ මින්‌ කුමක්‌ ද? 
(1) රැෆිනෝස්‌
(2) පෙක්ටීන්‌
(3) ස්ටැකියෝස්‌
(4) ග්ලයිකොජන්‌
(5) සෙලියුලෝස්‌

9 / 50

Category: Home Economic 2020 old syllabus

9.  පහත සඳහන්‌ ප්‍රකාශ අතුරෙන්‌ කාබෝහයිඩ්‍රේට පිළිබඳ සත්‍ය ප්‍රකාශය තෝරන්න. 
(1) ඇමසිලෝපෙක්ටින්‌ සෘජු දාම ලෙස ඇති පොලිසැකරසිඩයකි.
(2) ජීරණ එන්සයිම මගින්‌ සෙලියුලෝස්‌ සරල කාබෝහයිඩ්‍රේට්‌ බවට පත්‌ කරයි.
(3) පොලිසැකරයිඩවල සැකරසිඩ අණු තුනක්‌ හෝ ඊට වැඩී සංඛ්‍යාවක්‌ අඩංගු විය හැකි ය.
(4) ග්ලූකෝස්‌ සහ ෆෘක්ටෝස්‌ අණු දෙකක්‌ සංයෝජනය වී ඩයිසැකරයිඞ්යක්‌ වචන මෝල්ටෝස්‌ සෑදේ.
(5) මොනොසැකරයිඩ්වල සංයුතියෙහි අඩංගු කාබන්‌ සහ හයිඩ්‍රජන්‌ විවිධ අනුපාතයන්‌ අනුව සැකසී ඇත.

10 / 50

Category: Home Economic 2020 old syllabus

10. ඇල්ෆා ලිනොලෙනික්‌ අම්ලය බහුලව අඩංගු ආහාරයක්‌ වන්නේ,
(1) සැමන්‌
(2) මාජරින්‌
(3) රටකජු
(4) නූඩ්ල්ස්‌
(5) කුකුළු මස්‌

11 / 50

Category: Home Economic 2020 old syllabus

11. පහත සඳහන්‌ ප්‍රකාශ අතුරෙන්‌ ප්‍රෝටීන පිළිබඳ සත්‍ය ප්‍රකාශය වන්නේ කුමක්‌ ද? 
(1) බත්‌ සහ පරිප්පු අඩංගු ආහාරවේල්‌ මගින්‌ සම්පූර්ණ ප්‍රෝටීන ශරීරයට ලබාගත හැකි වේ.
(2) මස්‌, මාළු, කිරි, බිත්තර හා ජෙලටීන්වල අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ලම අඩංගු වේ.
(3) සෝයා බෝංචිවල අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල රැසක්‌ අඩංගු නමුත්‌ එහි ලයිසීන්‌ අඬංගු නොවේ.
(4) ප්‍රෝටීනයක ගුණාත්මක බව තීරණය වන්නේ එහි ඇති ඇමයිනෝ අම්ලවල සංයුතිය මත පමණි.
(5) සැම විටම ප්‍රෝටීනචල කාබන්‌, හයිඩ්‍රජන්‌, ඔක්සිජන්‌, නයිට්‍රජන්‌, සල්ෆර්‌ සහ පොස්පරස්‌ යන මූලද්‍රව්‍ය අඬංගු වේ.

12 / 50

Category: Home Economic 2020 old syllabus

12. පහත ඒවා අතුරෙන්‌ ජල ද්‍රාව්‍ය තන්තු සඳහා උදාහරණ වන්නේ,
(1) ගම්‌ සහ සෙලියුලෝස්‌ ය.
(2) පෙක්ටීන්‌ සහ ලිග්නින්‌ ය.
(3) මියුසිලේජ සහ පෙක්ටීන්‌ ය.
(4) පෙක්ටීන්‌ සහ හෙමිසෙලියුලෝස්‌ ය.
(5) මියුසිලේජ සහ හෙමිසෙලියුලෝස්‌ ය.

13 / 50

Category: Home Economic 2020 old syllabus

13. පහත සඳහන්‌ ආහාර අතුරෙන්‌ නොපිසූ ආහාරයේ ග්‍රෑම්‌ 100ක වැඩිම කැරොටින්‌ ප්‍රමාණයක්‌ අඩංගු වන්නේ කුමන ආහාරයේ ද?
(1) සෝයා
(2) පැපොල්‌
(3) වට්ටක්කා
(4) කතුරුමුරුංගා
(5) නිවුඩු සභිත සහල්‌

14 / 50

Category: Home Economic 2020 old syllabus

14. දෛනික කැල්සියම්‌ අවශ්‍යතාව වැඩිම පුද්ගල කණ්ඩායම වන්නේ,
(1) ළදරුවන්‌ ය.
(2) ගර්භණී මව්වරුන්‌ ය.
(3) ක්ෂීරණ මව්වරුන්‌ ය.
(4) නව යෞවනයන්‌ සහ යෞවනියන්‌ ය.
(5) වයස අවුරුදු 60ට වඩා වැඩි වැඩිහිටියන්‌ ය.

15 / 50

Category: Home Economic 2020 old syllabus

15. විටමින හා ඛනිජ වර්ග පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන්‌ සත්‍ය වන්නේ කුමක්‌ ද? 
(1) මව්කිරිවල ප්‍රමාණවත්‌ තරම්‌ විටමින C අඩංගු නොවේ.
(2) සහඑන්සයිම නිපදවීම සඳහා B කාණ්ඩයේ විටමින වැදගත්‌ වේ.
(3) ගර්භණි අවධියට වඩා ක්ෂීරණ අවධියේදී කාන්තාවන්ගේ විටමින A අවශ්‍යතාව ඉහළ යයි.
(4) සත්ත්වමය ප්‍රෝටීන අඩුවෙන්‌ ආහාරයට ගන්නා පුද්ගලයින්ගේ කැල්සියම්‌ බහිස්‍රාවය වැඩි ය.
(5) කුඩා ළමුන්ගේ ආහාරමය යකඩ අවශෝෂණ හැකියාව යොවුන්‌ දැරියන්ට සාපේක්ෂව ඉහළ අගයක්‌ ගනී.

16 / 50

Category: Home Economic 2020 old syllabus

16. ආහාර පිරමීඩය අනුව දෛනිකව ලබාගත යුතු මාශ බෝග සහ මස්‌, මාළු, බිත්තර වැනි සත්ත්වමය ආහාර කාණ්ඩයේ ආහාර ප්‍රමාණය වන්නේ, 
(1) ඒකක 1-2 ප්‍රමාණයකි.
(2) ඒකක 2-3 ප්‍රමාණයකි.
(3) ඒකක 2-4 ප්‍රමාණයකි.
(4) ඒකක 3-4 ප්‍රමාණයකි.
(5) ඉතා ස්වල්ප ප්‍රමාණයකි.

17 / 50

Category: Home Economic 2020 old syllabus

17. පහත ප්‍රකාශ සලකන්න.
A - ලුණු භාවිතය සීමා කිරීම
B - පොටෑසියම්‌ බහුල ආහාර භාවිතය සීමා කිරීම
C - පැණිරස ආහාර හැකිතාක්‌ සීමා කිරීම
D - මුහුදු මාළු සහ මාළු තෙල්‌ ආහාරයට එක්කර ගැනීම
මේවායින්‌ අධිරුධිර පීඩනයෙන්‌ පෙළෙන පුද්ගලයකුගේ නිවැරදි ආහාර රටාවට ඇතුළත්‌ විය යුතු කරුණු වන්නේ,
(1) A, C සහ C පමණි.
(2) A, B සහ D පමණි.
(3) A, C සහ D පමණි.
(4) B, C සහ D පමණි.
(5) A,B,C,D යන සියල්ල ම.

18 / 50

Category: Home Economic 2020 old syllabus

18. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින්‌ දෛනික ආහාර පරිභෝජනය පිළිබඳව ඉදිරිපත්‌ කර ඇති නිවැරදි උපදෙසක්‌ වන්නේ මින්‌ කුමක්‌ ද? 
(1) දෛනික තන්තු පරිභෝජනය ග්‍රෑම්‌ 40 ට වඩා වැඩි විය යුතු ය.
(2) ගත යුතු දෛනික කොලෙස්ටෙරෝල්‌ ප්‍රමාණය මිලිග්‍රෑම්‌ 300 නොඉක්ම්විය යුතු ය.
(3) ප්‍රෝටීන මගින්‌ දෛනික ශක්ති අවශ්‍යතාවයෙන්‌ 25% ක්‌ සපයාගත යුතු ය.
(4) ආහාරයේ අඩංගු ඔමෙගා 3 සහ ඔමෙගා 6 මේද අම්ල අතර අනුපාතය 4:1 විය යුතු ය.
(5) දෛනික ප්‍රෝටීන අවශ්‍යතාවයෙන්‌ 50% ක්‌ ධාන්‍යමය පිෂ්ඨ ආහාර මගින්‌ ලබාගත යුතු ය.

19 / 50

Category: Home Economic 2020 old syllabus

19. හදවත්‌ රෝගියකු සඳහා සුදුසු නොවන ආහාර පිසීමේ ක්‍රමය වන්නේ,
(1) ග්‍රිල්‌ කිරීම යි.
(2) බේක්‌ කිරීම යි.
(3) රෝස්ට්‌ කිරීම යි.
(4) ක්ෂුද්‍ර තරංග භාවිතය යි.
(5) නොගැඹුරු තෙලේ බැදීම යි.

20 / 50

Category: Home Economic 2020 old syllabus

20. ප්‍රෝටීන අඩංගු ආහාරයකට සාන්ද්‍ර නසිට්‍රික්‌ අම්ලය එක්කළ විට නිරීක්ෂණය කළ හැකි වන්නේ කුමක්‌ ද?
(1) කහ පැහැති ද්‍රාවණයක්‌
(2) දම්‌ පැහැති ද්‍රාවණයක්‌
(3) තද නිල්‌ පැහැති ද්‍රාවණයක්‌
(4) සුදු පැහැති අවක්ෂේපයක්‌
(5) ගඩොල්‌ රතු පැහැති අවක්ෂේපයක්‌

21 / 50

Category: Home Economic 2020 old syllabus

21. පහත දක්වා ඇත්තේ සරු/ප්‍රබල කරන ලද ආහාර ද්‍රව්‍ය කිහිපයක්‌ හා ඒවායේ අඩංගු පෝෂකය බැගින්‌ වේ. ඒවා අතුරෙන්‌ නිවැරදි වරණය තෝරන්න.
(1) මාජරින්‌        -   යකඩ
(2) පලතුරු යුෂ      -  විටමින B
(3) සහල්‌          -  විටමින D
(4) මාශබෝග       -   විටමින A
(5) තිරිඟු පිටි        -  ඇමයිනෝ අම්ල

22 / 50

Category: Home Economic 2020 old syllabus

22. ආහාර පරිරක්ෂණය සඳහා භාවිත කරන වියළීමේ ක්‍රම පිළිබඳ සත්‍ය ප්‍රකාශය වන්නේ,
(1) ඩ්‍රම්‌ වියලන ක්‍රමයේදී භාවිතවන ප්‍රධාන තාප සංක්‍රාමණ ක්‍රමය වන්නේ සංවහනයයි.
(2) අධි ශීතනය කිරීමේදී ආහාරවල ස්වභාවික රසය සහ විටමින හානියට ලක්වීම වැඩි ය.
(3) ඉක්මන්‌ ගීතන ක්‍රමයේදී විනාඩි 30 ක්‌ ඇතුළත උෂ්ණත්වය -20 0C දක්වා අඩු කරනු ලැබේ.
(4) ගීත වියලන ක්‍රමයේදී ආහාරයක අඩංගු ජල ප්‍රමාණයෙන්‌ 2/3 කොටසක්‌ පමණක්‌ ඉවත්‌ වේ.
(5) 5 0C ට වඩා අඩු උෂ්ණත්වයකදී ආහාර නරක්‌ වීම්ට හේතු වන සියලු ම ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධන අඩපණ වේ.

23 / 50

Category: Home Economic 2020 old syllabus

23. ආහාර ප්‍රමාණය (serving sizes of food) පිළිබඳ කරුණු කිහිපයක්‌ පහත දැක්වේ.
A - එළවළු ව්‍යාංජන  -  මේස හැඳි 3
B -  පලතුරු සලාදය  -  පීරසි කෝප්ප 1/2
C - වියළි පලතුරු    -  මේස හැඳි 3
D - කරවල        -  ග්‍රෑම්‌ 30

මේවා අතුරෙන්‌ ආහාර ප්‍රමාණ 1 ක්‌ නිරූපණය කරනු ලබන්නේ,
(1) A මගින්‌ පමණි.
(2) B මගින්‌ පමණි.
(3) A සහ B මගින්‌ පමණි.
(4) B සහ D මගින්‌ පමණි.
(5) A,B සහ D මගින්‌ පමණි.

24 / 50

Category: Home Economic 2020 old syllabus

24. ස්ථුලතාව නිර්ණය කරනු ලබන ක්‍රම පිළිබඳ සත්‍ය වන්නේ මින්‌ කුමක්‌ ද? 
(1) ශ්‍රී ලාංකිකයන්ගේ BMI අගය 27 ට වැඩි වීම
(2) රුධිර පීඩන අගය 140/100 hgmm ට වඩා වැඩිවීම
(3) පුරුෂයකුගේ ඉණ වට ප්‍රමාණය 80 cm ට වඩා වැඩි වීම
(4) පිරිමියකුගේ ශරීරයේ මේද ප්‍රමාණය 30% ට වඩා අඩු වීම
(5) පුද්ගලයන්‌ දෙදෙනකුගේ BMI අගය සමාන වනවිට ශරීර මේද ප්‍රමාණයන්ද සමාන අගයන්‌ ගන්නා බව සැලකීම

25 / 50

Category: Home Economic 2020 old syllabus

25.  කීටොඇසිඩෝයිස්‌ හෙවත්‌ සිරුර තුළ කීටෝන දේහ එකතු වීම නිසා රුධිරය ආම්ලික වීම දැකිය හැකි වන්නේ, 
(1) දියවැඩියාවේදී ය.
(2) ස්ථුලතාවයේදී ය.
(3) හෘද රෝගවලදී ය.
(4) අධි රුධිර පීඩනයේදී ය.
(5) ආමාශයික ප්‍රදාහයේදී ය.

26 / 50

Category: Home Economic 2020 old syllabus

26. ආමාශය මගින්‌ ඉටුකරන කෘත්‍යයක්‌ නොවන්නේ මින්‌ කුමක්‌ ද?
(1) ශ්ලේෂ්මල නිපදවීම
(2) මේද ජීරණය ආරම්භ කිරීම
(3) සමහර බැක්ටීරියා විනාශ කිරීම
(4) අන්තරස්ථකාරකය ස්‍රාවය කිරීම
(5) විටමින්‌ B12 සිරුරට අවශෝෂණය කිරීම

27 / 50

Category: Home Economic 2020 old syllabus

27.  මහාන්ත්‍රය මගින්‌ සංශ්ලේෂණය කරනු ලබන විටමිනයක්‌ වන්නේ,
(1) විටමින්‌ A
(2) විටමින්‌ C
(3) විටමින්‌ D
(4) විටමින්‌ E
(5) විටමින්‌ K

28 / 50

Category: Home Economic 2020 old syllabus

28. පහත සඳහන්‌ හෝමෝන අතුරෙන්‌ ග්ලූකෝස්‌ පරිවෘත්තිය හා සම්බන්ධ හෝමෝන වන්නේ,
A - ඉන්සියුලින්
B - එපිනෙෆ්රින්‌
C - තයිරොක්සින්‌
D - ග්ලූකගොන්‌

(1) A   සහ C පමණි.
(2) A සහ D පමණි.
(3) A,B සහ D පමණි.
(4) B,C සහ D පමණි.
(5) A,B,C,D යන සියල්ල ම.

29 / 50

Category: Home Economic 2020 old syllabus

29. මේද පරිවෘත්තියේදී සිදුවන අපවෘත්තීය ක්‍රියාවකට උදාහරණයක්‌ වන්නේ මින්‌ කුමක්‌ ද? 
(1) ලිපෝප්‍රෝටීන නිපදවීම
(2) පොස්ෆොලිපිඩ නිපදවීම
(3) අත්‍යාවශ්‍ය නොවන මේද අම්ල නිපදවීම
(4) අත්‍යාවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල නිපදවීම
(5) ඇඩිනොසින්‌ ට්‍රයි පොස්ෆේට්‌ (ATP) නිපදවීම

30 / 50

Category: Home Economic 2020 old syllabus

30. ආහාර විෂවීම පිළිබඳ සත්‍ය ප්‍රකාශය කුමක්‌ ද?
(1) ආහාර ආසාත්මිකතා සහිත පුද්ගලයින්ට ආහාර විෂවීමේ අවදානම වැඩි ය.
(2) ආහාර විෂවීමට එකම හේතුව බැක්ටීරියා මගින්‌ විෂ ද්‍රව්‍ය නිපදවීමයි.
(3) ආහාර විෂවීම නොපිසූ ආහාර පරිභෝජනය නිසා පමණක්‌ ඇතිවන තත්ත්වයකි.
(4) සමහර ආහාර විෂවීම්‌ මගින්‌ ස්නායු පද්ධතියට හානිවීම නිසා අංශභාග තත්ත්වය ඇති විය හැකි ය.
(5) ආහාර විෂවීමේ රෝග ලක්ෂණ සැම විටම ආහාර අනුභවයෙන්‌ විනාඩි කිහිපයක්‌ තුළ ඇති වේ.

31 / 50

Category: Home Economic 2020 old syllabus

31. උදාසීන හෝ මඳක්‌ ක්ෂාරිය මාධ්‍යයේ ක්‍රියාකරන එන්සයිමයක්‌ වන්නේ මින්‌ කුමක්‌ ද?
(1) ටයලීන්‌
(2) ට්‍රිප්සීන්‌
(3) ලයිපේස්‌
(4) පෙප්සීන්‌
(5) කාබොක්සිපෙප්ටයිඩේස්‌

32 / 50

Category: Home Economic 2020 old syllabus

32.  ආහාරවලට 'ආකලන' එකතු කිරීමේ අරමුණක්‌ නොවන්නේ මින්‌ කුමක්‌ ද?
(1) ආහාරයේ නැවුම්‌ බව රැක ගැනීම
(2) ආහාරයට ආකර්ෂණීය බවක්‌ ලබා දීම
(3) ආහාරයේ පෝෂණ ගුණය ආරක්ෂා කිරීම
(4) ආහාර ද්‍රව්‍යවල දුර්වලතා මඟහරවා ගැනීම
(5) ආහාර පිළියෙල කිරිමේදී හා සැකසීමේදී අත්‍යවශ්‍ය වීම

33 / 50

Category: Home Economic 2020 old syllabus

33. ෂෝර්ට් ක්‍රස්ටි පිටිමෝලියෙන්‌ සාදා ගන්නා ආහාරයකි.
(1) පෑන්‌ කේක්‌
(2) පේස්ට්‍රි බාස්කට්‌
(3) ඉක්ලෙයාර්ස්
(4) චයිනීස්‌ රෝල්‌
(5) ක්‍රීම්‌ බනිස්‌

34 / 50

Category: Home Economic 2020 old syllabus

34. සැකසූ ආහාර වෙළඳ පොළට නිකුත්‌ කිරීමේදී, 
(1) SLS සහතිකය අනිවාර්ය වේ.
(2) ජනප්‍රිය නිෂ්පාදනයක සංකේත භාවිත කළ යුතු ය.
(3) ආහාරය සාදන ක්‍රමය සඳහන්‌ කිරීම අත්‍යවශ්‍ය ය .
(4) නිෂ්පාදකයාගේ රුචිය අනුව ලේබල්කරණය තීරණය කළ යුතු ය.
(5) භාවිත කර ඇති ආකලන ද්‍රව්‍ය, E අංකවලින්‌ දක්වා තිබිය යුතු ය.

35 / 50

Category: Home Economic 2020 old syllabus

35. පහත දක්වා ඇත්තේ ගර්භණී අවධියේ පසුවන සමහර කාන්තාවන්ට තිබිය හැකි ලක්ෂණ කිහිපයකි. 
A - පාද ඉදිමීම
B -  උදෑසන ඔක්කාරය සහ වමනය .
C - පූර්ව ප්‍රසව රුධිර වහනය
D - බහු ගර්භ දැරීම
E - නිතර නිතර මුත්‍රා පහවීම

මින්‌ අවදානම්‌ සාධක වනුයේ,
(1) A සහ B පමණි.
(2) A සහ D පමණි.
(3) B සහ E පමණි.
(4) C සහ D පමණි.
(5) C සහ E පමණි.

36 / 50

Category: Home Economic 2020 old syllabus

36. භ්‍රෑණයාගේ ස්නායු රජ්ජුව සෑදීමට අත්‍යාවශ්‍ය වන විටමිනය වන්නේ,
(1) තයමීන් ය.
(2) නියැසින්‌ ය.
(3) පිරිඩොක්සින්‌ ය.
(4) ෆෝලික්‌ අම්ලය ය.
(5) රයිබොෆ්ලේවින්‌ ය.

37 / 50

Category: Home Economic 2020 old syllabus

37. ඔක්සිටොසින්‌ සහ ප්‍රෝලැක්ටීන්‌ යන හෝමෝන මගින්‌ ඉටුකරන කෘත්‍යයන්‌ වන්නේ පිළිවෙළින්‌,
(1) ඩිම්බ පරිණතිය සහ ඩිම්බ මුදා හැරීමයි.
(2) ඩිම්බ මුදා හැරීම සහ කිරි නිෂ්පාදනයයි.
(3) ඩිම්බ නිෂ්පාදනය සහ ඩිම්බ පරිණතියයි.
(4) ස්තන ග්‍රන්ථි උත්තේජනය සහ කිරි නිෂ්පාදනයයි.
(5) ඩිම්බ නිෂ්පාදනය සහ ස්තන ග්‍රන්ථි උත්තේජනයයි.

38 / 50

Category: Home Economic 2020 old syllabus

38. ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අනුව දරුවන්ට ලබාදිය යුතු ද්විත්ව එන්නතින්‌ (DT) වළක්වන රෝග මොනවා ද? 
(1) ගලපටලය සහ පිටගැස්ම
(2) පෝලියෝ සහ පිටගැස්ම
(3) පෝලියෝ සහ හෙපටයිටිස්‌ B
(4) ගලපටලය සහ කක්කල්‌ කැස්ස
(5) කක්කල්‌ කැස්ස සහ හෙපටයිටිස්‌ B

39 / 50

Category: Home Economic 2020 old syllabus

39. පසුළමාවිය පිළිබඳ සත්‍ය ප්‍රකාශය වනුයේ මින්‌ කුමක්‌ ද?
(1) අන්‌ අය අනුකරණය අඩු වීම.
(2) චිත්තවේග ප්‍රකාශනය ඉතා තීව්‍ර වීම.
(3) විවිධ කල්ලිවලට යොමුවීමට උත්සාහ දෑරීම.
(4) පිරිමි දරුවන්ගේ මාංශපේශී වර්ධනය ශීඝ්‍ර වීම.
(5) ගැහැණු දරුවන්‌ පිරිමි දරුවන්ට පෙර පරිණතියට පත්‌ වීම.

40 / 50

Category: Home Economic 2020 old syllabus

40. පසු ළමාවිය දරුවන්ගේ මානසික හැකියා පිළිබඳ නිවැරදි ප්‍රකාශය මින්‌ කුමක්‌ ද? 
(1) පරිකල්පන හැකියාව වැඩි ය.
(2) තර්කානුකූල චින්තන හැකියාව අඩු ය.
(3) විකල්ප තෝරාගැනීමට ඇති හැකියාව අඩු ය.
(4) නව නිපැයුම්‌ කෙරෙහි උනන්දුවක්‌ නොදක්වයි.
(5) කාලය හා අවකාශය පිළිබඳ හැකියාව අඩු ය.

41 / 50

Category: Home Economic 2020 old syllabus

41. ආඥාදායක පාසැල්‌ පරිසරයක සිටින දරුවන්ගේ තිබිය හැකි ලක්ෂණයක්‌ වන්නේ, 
(1) ආක්‍රමණශීලීව හැසිරීම ය.
(2) නායකත්වය ලබාගැනීමට ප්‍රයන්ත දැරීම ය
(3) නිර්මාණාත්මක ක්‍රියාකාරකම්වල නිරතවීම ය.
(4) වගකීම්‌ හා යුතුකම්‌ ඉටුකිරීමට ඉදිරිපත්‌ වීම ය.
(5) ආත්ම ධෛර්යයෙන් යුතුව ඉලක්ක කරා ළඟා වීම ය.

42 / 50

Category: Home Economic 2020 old syllabus

42. යොවුන්‌ දරුවන්ගේ භාවිකයන්ගේ ස්වභාවය දැක්වෙන්නේ මින්‌ කුමන හැසිරීම්‌ රටාවෙන්‌ ද? 
(1) භාවිකයන්‌ ක්ෂණික වේ.
(2) සබකෝලයෙන්‌ යුතුව ක්‍රියාකරයි.
(3) භාවිකයන්ගේ ස්ථාවර බව අඩු ය.
(4) අන්‌ අයගේ හැඟීම්‌ නොතකයි.
(5) කෝපාවේගය සුලභ ලෙස දක්නට ලැබේ.

43 / 50

Category: Home Economic 2020 old syllabus

43. පහත රූපයෙන්‌ දක්වා ඇත්තේ කෙඳි වර්ගයක හරස්කඩෙහි අන්වීක්ෂීය පෙනුමයි. මෙම කෙඳි වර්ගය වන්නේ,

(1) සේද ය.
(2) ලෝම ය.
(3) ලිනන්‌ ය.
(4) නයිලෝන්‌ ය.
(5) පොලියෙස්ටර්‌ ය.

44 / 50

Category: Home Economic 2020 old syllabus

44. A සහ B රූප සටහන්වලින්‌ දැක්වෙන වියමන්‌ ක්‍රම පිළිවෙළින්‌,

 

(1) ජටා වියමන සහ සැටින්‌ වියමන
(2) දික්දාර වියමන සහ රළහීරි වියමන
(3) හරස්දාර වියමන සහ සැටින්‌ වියමන
(4) සරල හීරි වියමන සහ රළ හීරි වියමන
(5) හරස්‌ දාර වියමන සහ සරල හීරි වියමන

45 / 50

Category: Home Economic 2020 old syllabus

45. අද්‍රාව්‍ය ලෝහමය සංයෝග භාවිත කරමින්‌ රෙද්දකට ලබාදෙන නිමාව හඳුන්වන්නේ, 
(1) ජල වාරක නිමාව ලෙස ය.
(2) ජලරෝධක නිමාව ලෙස ය.
(3) ගිනිරෝධක නිමාව ලෙස ය.
(4) වෙඩි නොවඳින නිමාව ලෙස ය.
(5) ගිනිසිළු රෝධක නිමාව ලෙස ය.

46 / 50

Category: Home Economic 2020 old syllabus

46. රෙද්දක්‌ මිල දී ගැනීමේදී එහි පළල ඒකාකාරි නොවන බව නිරීක්ෂණය කරන ලදී, එම රෙද්ද නිෂ්පාදනයේදී පහතසඳහන්‌ කුමන ක්‍රියාවලිය සිදු නොකිරීම මෙයට හේතුවිය හැකි ද? 
(1) ක්‍රේප්‌ කිරීම
(2) මසරීකරණය
(3) ටෙන්ටරීකරණය
(4) සැන්ෆරීකරණය
(5) කැලැන්ඩරීකරණය

47 / 50

Category: Home Economic 2020 old syllabus

47. ජලයේ තාවකාලික කඨිනත්වයට හේතුව පහත සඳහන්‌ කුමන සංයෝගය ජලයේ දියවී තිබීම ද?
(1) කැල්සියම්‌ සල්ෆේට්‌
(2) මැග්නීසියම්‌ සල්ෆේට්‌
(3) මැග්නීසියම්‌ ක්ලෝරයිඩ්‌
(4) කැල්සියම්‌ ක්ලෝරයිඩ්‌
(5) කැල්සියම්‌ බයිකාබනේට්‌

48 / 50

Category: Home Economic 2020 old syllabus

48. වෙළෙඳ පොළෙන්‌ මිල දී ගත්‌ සබන්‌ කැටයක දවටනයේ TFM අගය 59% ක්‌ ලෙස සටහන්ව ඇත. මෙම 'සබන්‌ වර්ග පිළිබඳ නිවැරදි ප්‍රකාශය වන්නේ, 
(1) අඩංගු ක්ෂාර ප්‍රමාණය ඉතා අඩු ය.
(2) සත්ත්වමය මේද පමණක්‌ අඩංගු කොට ඇත.
(3) කුඩා දරුවන්ගේ ඇඟ ගැල්වීමට ඉතා සුදුසු ය.
(4) රෙදිපිළි පවිත්‍ර කිරීම සඳහා යොදාගත හැකි ය.
(5) සබන්‌ මෙන්ම වෙනත්‌ රසායනික ක්ෂාලකයක්‌ ද අත්‍යවශ්‍යයෙන්‌ අඩංගු වේ.

49 / 50

Category: Home Economic 2020 old syllabus

49. සිසුවකුගේ පාසැල්‌ නිල ඇඳුමේ බෝල්පොයින්ටි තීන්ත පැල්ලමක්‌ ඇති අතර එම පැල්ලම ඉවත්‌ කිරීමට ඔබ විසින්‌ යෝජනා කරන ක්‍රමය වන්නේ මින්‌ කුමක්‌ ද? 
(1) ක්‍රීම්‌ ඔෆ්‌ ටාටර්‌ සහ ජලය මිශ්‍රකර එම ද්‍රාවණයේ දමා නටවන්න.
(2) පැල්ලම වෙතට දෙහි යුෂ හා ලුණු බිංදු වශයෙන්‌ දමා සෝදන්න.
(3) උණුසුම්‌ බොරැක්ස්‌ ද්‍රාවණයේ පොඟවා උණුසුම්‌ ජලයෙන්‌ සෝදන්න.
(4) මෙතිලේටඩ්‌ ස්ප්‍රීතුවලින්‌ ස්පොන්ජ්‌ කර උණුසුම්‌ සබන්‌ වතුරෙන්‌ සෝදන්න.
(5) සිසිල්‌ ජලයෙන්‌ පළමුව පොඟවා තබා සබන්‌ මිශ්‍ර මඳ උණුසුම්‌ ජලයෙන්‌ සෝදන්න.

50 / 50

Category: Home Economic 2020 old syllabus

50. වෙළෙඳ පොළෙන්‌ මිලදී ගත්‌ නිමි ඇඳුමක අමුණා ඇති ලේබලයක පහත සඳහන්‌ සංකේත දක්වා තිබුණි. මෙම සංකේතවලින්‌ අදහස්‌ වන්නේ මොනවාද?

(1) සේදීම නොකළ යුතු ය. මධ්‍යස්ථ උෂ්ණත්වයකට මැදීමට හැකි ය.
(2) අතින්‌ පමණක්‌ සේදීම සුදුසු ය. අඩු උෂ්ණත්වයකට මැදීමට හැකි ය.
(3) යන්ත්‍ර භාවිත කර සේදීම සුදුසු ය, ඉහළ උෂ්ණත්වයකට මැදීමට හැකි ය.
(4) යන්ත්‍ර භාවිත කර සේදීම නුසුදුසු ය. අඩු උෂ්ණත්වයකට මැදීමට හැකි ය.
(5) අතින්‌ හෝ යන්ත්‍ර භාවිත කර සේදීම සුදුසු ය. ඉහළ උෂ්ණත්වයකට මැදීමට හැකි ය.

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 0%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!