2015 ගිණුම්කරණය බහුවරණ ප්‍රශ්න

0%
0

Past Papers | Accounting

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2015 - ගිණුම්කරණය

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 2 යි)

1 සිට 30 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින්‌ නිවැරදි හෝ ඉතාමත්‌ ගැළපෙන පිළිතුර තෝරන්න.

1 / 30

Category: Accounting 2015

(1) පහත දැක්වෙන කුමන ප්‍රකාශය ආයතනයක මූල්‍ය ගිණුම්කරණයේ මූලික කාර්යභාරය සම්බන්ධයෙන් නිවැරදි වේ ද ?
(1) එය ආයතනයක ගනුදෙනු,මූල්‍ය පදනම මත ගිණුම් පොත් වල වාර්තා කරයි.
(2) එය ආයතනයක කළමනාකරුවන්ගේ භාවිතය සදහා විශේෂිත පරමාර්ථ මූල්‍ය වාර්තා පිළියෙල කරයි.
(3) එය ආයතනයක් පිළිබදව ඇල්මක් දක්වන පාර්ශවයන්ගේ භාවිතය සදහා පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා පිළියෙල කරයි.
(4) එය ආයතනයක අයිතිකරුවන්ට තීරණ ගැනීම සදහා අතීත සහ අනාගත තොරතුරු සපයයි.
(5) එය ආයතනයක වාර්ෂික විගණනයට අවශ්‍ය මූල්‍ය තොරතුරු සපයයි.

2 / 30

Category: Accounting 2015

(2) පහත කාර්යයන් ගිණුම්කරණ ක්‍රියාවලිය තුළ සිදුවන නිවැරදි අනුපිළිවෙල කුමක් ද ?
A     ගනුදෙනු සිදුවීම
B     ජර්නල් සටහන් ලෙජරයට පිටපත් කිරීම
C     ගනුදෙනු මූලික පොත් වල සටහන් කිරීම
D     ශේෂ පිරික්සුම පිළියෙල කිරීම
E     ලෙජර ගිණුම් තුලනය කිරීම.
(1) A,B,C,E,D
(2) A,C,B,E,D
(3) C,AB,E,D
(4) C,B,A,D,E
(5) C,B,A,E,D

3 / 30

Category: Accounting 2015

(3) එක් එක් කාලච්ඡේදයේ ක්ෂය ආදායම් ප්‍රකාශනයේ හදුනාගනු ලබන්නේ කුමන ගිණුම්කරණ සංකල්පයට අනුකූලව ද
(1)උපචිත
(2)අඛණ්ඩ පැවැත්ම
(3)ගැළපුම්
(4)උපලබ්ධි
(5)ආරක්ෂණ

4 / 30

Category: Accounting 2015

(4) භාණ්ඩ ගනුදෙනුකරුවන්ට බෙදාහරින අවස්ථාවේ දී විකුණුම් අයභාරය ආදායම් ප්‍රකාශනයෙහි  හදුනාගැනීම සදහා පහත කුමන ගිණුම්කරණ සංකල්පය පදනම් වන්නේ ද?
(1) උපචිත
(2) ගැළපුම්
(3) කාලච්ඡේද
(4) ආරක්ෂණ
(5) උපලබ්ධි

5 / 30

Category: Accounting 2015

(5) ශ්‍රී ලංකාව තුළ අනුගමනය කරන 'මූල්‍ය වාර්තාකර්ණයේ සංකල්පනාත්මක රාමුවට' අනුව පහත කුමන දෑ මූල්‍ය තොරතුරුවල මූලික ගුණාත්මක ගතිලක්ෂණ ලෙස සලකනු ලබයි ද?
(1) අදාළ බව සහ සත්‍යාපනයක කළ හැකි බව
(2) විශ්වසනීය බව සහ කාලීන බව
(3) අවබෝධ කර ගත හැකි බව සහ සංසන්දනාත්මක බව
(4) සංසන්දනාත්මක බව සහ විශ්වසනීය නියෝජනය
(5) අදාළ බව සහ විශ්වසනීය නියෝජනය

6 / 30

Category: Accounting 2015

(6) ආයතනයක් විසින් ලකුණු කළ මිල රු. 600 000 ක් වූ භාණ්ඩ 5% ක වෙළද වට්ටමකට යටත් ව ණයට මිලදී ගෙන පසුව රු 650 000 ක අත්පිට මුදලට විකුණන ලදි. ණයහිමියන්ට ගෙවිය යුතු මුදල මේ දක්වා පියවා නොමැත.මෙම ගනුදෙනුවල ශුද්ධ බලපෑම ගිණුම්කරණ සමීකණයේ නිරූපණය කරනුයේ,

           වත්කම්                                                                   වගකීම්                                                 හිමිකම්

(1) රු. 50 000 කින් වැඩි වේ.                                                        -                                              රු. 50 000 කින් වැඩි වේ.
(2) රු.80 000 කින් වැඩි වේ.                                                        -                                              රු.80 000 කින් වැඩි වේ.
(3) රු.80 000 කින් වැඩි වේ.                                   රු.570 000 කින් අඩු වේ.                       රු.650 000 කින් වැඩි වේ.
(4) රු. 650 000 කින් වැඩි වේ.                                රු. 570 000 කින් වැඩි වේ.                     රු. 80 000 කින් වැඩි වේ.
(5) රු. 650 000 කින් වැඩි වේ.                                රු. 600 000 කින් වැඩි වේ.                     රු. 50 000 කින් වැඩි වේ.

7 / 30

Category: Accounting 2015

(7) සීමිත තනූජා පොදු සමාගමේ 2015.03.31 දිනට ණයහිමි පාලන ගිණුමේ ශේෂය රු. 360 000ක් විය. එදිනට ණයහිමි ලෙජරයට අනුව ණයහිමි ශේෂයන්ගේ එකතුව රු.406 000ක් විය. පසුව කරන ලද විමර්ෂණයේදී පහත දෑ හෙළිදරව් විය :
*සැපයුම්කරුවකු විසින් නියමිත දිනට නොපිය වූ ශේෂයක් මත අයකරන ලද රු. 10 000ක පොලිය,ණය හිමි ලෙජරයේ පමණක් සටහන් කර   තිබුණි.
*ගැනුම් ජර්නලයේ එකතුව වූ රු. 62 000, ණයහිමි පාලන ගිණුමේ රු. 26 000 ක් ලෙස සටහන් කර තිබුණි.
*ණයහිමියකුට ගෙවූ රු. 28 000 ක්, ණයහිමි පාලන ගිණුමෙහි මෙන් ම ණයහිමි ලෙජරයේ ද සටහන් කර නොතිබුණි.
2015.03.31 දිනට ණයහිමි පාලන ගිණුමේ නිවැරදි ශේෂය  :
(1) රු. 358 000
(2) රු. 368 000
(3) රු. 378 000
(4) රු. 404 000
(5) රු. 406 000

8 / 30

Category: Accounting 2015

(8) සීමිත චතුර පොදු සමාගමේ 2015.03.31 දිනට ශේෂ පිරික්සුම තුලනය නොවීය. පසුව කරන ලද විමර්ශනයේදී පහත දෑ හෙළිදරව් විය.
* අත්පිට විකුණුම් රු: 100 000 ක් මුදල් පොතේ පමණක් සටහන් කර තිබුණි.
* ගැනුම් ජර්නලය රු: 60 000 ක් අඩුවෙන් එකතු කර තිබුණි.
* බොල් ණය ආපසු ලැබීම් රු. 30 000 ක් වියදමක් ලෙස වාර්තා කර තිබුණි.
* රු. 10 000 ක පොලී ආදායමක් පොලී ආදායම් ගිණුමේ දෙවරක් බැර කර තිබුණි.
ඉහත වැරදි නිවැරදි කිරීමට පෙර අවිනිශ්චිත ගිණුමේ ශේෂය:
(1) රු. 90 000 හර
(2) රු. 90 000 බැර
(3) රු. 130 000 බැර
(4) රු. 150 000 හර
(5) රු. 150 000 බැර

9 / 30

Category: Accounting 2015

(9) පහත තොරතුරු 2015 මාර්තු මාසය සඳහා සමාගමක තොග අයිතමයකට අදාළ වේ.
දිනය                                     විස්තරය              ප්‍රමාණය(ඒකක)                         ඒකක පිරිවැය (රු.)
2015.03.01                               ශේෂය                           1000                                                           60
2015.03.20                               ගැනුම්                           3000                                                           80
2015.03.31                               විකුණුම්                        2000
සමාගම තොග නිකුත් කිර්‍රීම් මිල කිරීම සඳහා 'පෙර-පිවිසි පෙර-පිට' (FIFO) ක්‍රමය භාවිතා කරයි. 2015.03.31 දිනට තොග ඒකකයක ශුද්ධ උපලබ්ධි අගය  රු.70 ක් විය.
LKAS 2 (තොග) ප්‍රමිතියට අනුව, 2015.03.31 දිනට තොගයේ පිරිවැය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ නිරූපණය කළ යුතු එහි ධාරණ වටිනාකම කොපමණ ද ?
පිරිවැය  (රු'000)         ධාරණ වටිනාකම (රු'000)
(1) 140                    140
(2) 140                    160
(3) 150                    140
(4) 160                    140
(5) 160                    160

10 / 30

Category: Accounting 2015

(10) LKAS 16 (දේපල, පිරියත හා උපකරණ) ප්‍රමිතයට අනුව දේපල, පිරියත සහ උපකරණ නිර්වචනය කිරීමට අදාළ ව පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?
A     ඒවා ස්පෘශ්‍ය අයිතම වේ.
B     ඒවා භාණ්ඩ නිෂ්පාදනය කිරීමට හෝ සේවා සැපයීමට හෝ පරිපාලන කාර්යයන් සඳහා භාවිතා කිරීමට පවත්වා ගැනේ.
C     ඒවා එක් මූල්‍ය වර්ෂයකට වඩා වැඩි කාලයක් භාවිතයට ගැනීමට අපේක්ෂා කෙරේ.
(1)  A පමණි.
(2) A හා B පමණි.
(3) A හා C පමණි.
(4) B හා C පමණි.
(5) A, B හා C යන සියල්ල ම.

11 / 30

Category: Accounting 2015

(11) එකතු කළ අගය මත බදු ( VAT) සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක් 2015.03.31 දින අත්පත් කරගත් යන්ත්‍රයකට පහත තොරතුරු අදාළ වේ.                                                                                                 
                                                                                                                                                   රු.
VAT ඇතුළුව ගෙවූ මිල                                                                                                      777 000
වරායේ සිට ව්‍යාපාර ස්ථානයට ප්‍රවාහනය කිරීමේ පිරිවැය                                                    40 000
වැඩබිම සකස් කිරීමේ පිරිවැය                                                                                            120 000
සවිකිරීමේ පිරිවැය                                                                                                               80 000
සමාරම්භක උත්සවයේ වියදම්                                                                                             30 000
යන්ත්‍රයේ මූලික පරිීක්ෂා කිරීමේ පිරිවැය                                                                              10 000
අදාළ VAT  අනුපාතය 11% කි.
LKAS 16 (දේපල, පිරියතයත හා උපකරණ) ප්‍රමිතයට අනුව ආරම්භක හදුනාගැනීමේ දී යන්ත්‍රයේ පිරිවැය:
(1) රු.931 530
(2) රු.950 000
(3) රු.971 530
(4) රු.980 000
(5) රු.1 027 000

12 / 30

Category: Accounting 2015

(12) 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන සමාගමක වැටුප් ලේඛනයෙන් පහත තොරතුරු උපුටා ගන්නා ලදී.
විස්තරය                                                                                                                   සේවක වර්ගය:
                                                                                                 නිෂ්පාදන සේවකයන් (රු'000)         නිෂ්පාදන සුපරික්ෂකවරුන් (රු'000)
මූලික වැටුප                                                                                       4 000                                                                      2 000
දිරි දීමනා ගෙවීම් (නිම කරන ලද විශේෂිත
ඇණවුමක් සඳහා කෑලි පදනම මත)                                           1 500                                                                         ---
අතිකාල දීමනා                                                                                    ---                                                                            800
ප්‍රසාද දීමනා (සමාගමේ ලාභ පදනම්ව)                                        200                                                                          100
දළ වැටුප                                                                                             5 700                                                                      2 900
අඩු කිරීම්: EPF දායකය (10%)                                                          400                                                                          200
ශුද්ධ වැටුප                                                                                        5 300                                                                       2 700
සමාගමේ දායකත්වයන්:
EPF (15%)                                                                                               600                                                                          300
ETF (3%)                                                                                                 120                                                                             60
2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ සෘජු වේතන සහ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය තුළ අන්තර්ගත වැටුප් අගයන් කොපමණ ද?
        සෘජු වේතන (රු'000)                            නිශ්පාදන පොදු කාර්යය පිරිවැයේ අන්තර්ගත වැටුප (රු'000)
(1)           5 300                                                                                 2 700
(2)           5 500                                                                                 2 800
(3)           5 700                                                                                 2 900
(4)           6 220                                                                                 3 160
(5)           6 420                                                                                  3260

13 / 30

Category: Accounting 2015

(13) 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සදහා ක්‍රීඩා සමාජයක සාමාජික මුදල්වලට අදාළ  තොරතුරු පහත දැක්වේ. 2014/2015 වර්ෂය තුළ දී ලද සාමාජික මුදල්වල සංයුතිය:
වසර                           රු.
2013/2014                      9 000
2014/2015                    50 000
2015/2016                    20 000
                                         79 000
                                                                                              2015.03.31 දිනට (රු.)                                  2014.03.31 දිනට (රු.)
ලැබිය යුතු සාමාජික මුදල්                                                        15 000                                                                   10 000
කලින් ලද සාමාජික මුදල්                                                         ?                                                                              10 000
2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සදහා හදුනාගත් සාමාජික මුදල් ආදායම කොපමණ ද?
(1) රු. 50 000
(2) රු. 74 000
(3) රු. 79 000
(4) රු. 84 000
(5) රු. 94 000

14 / 30

Category: Accounting 2015

♦ ප්‍රශ්න අංක 14 සහ 15 ට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිතා කරන්න.
ලාල්, නීල් සහ රාජු ලාභාලාභ සමසමව බෙදා ගන්නා ව්‍යාපාරයක හවුල්කරුවන් වේ. 2014.04.01 දිනට හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධන සහ ජංගම ගිණුම්වල ශේෂයන් පහත පරිදි විය.                                                           රු'000

ගිණුම ලාල් නීල් රාජු
ප්‍රාග්ධන 3 000 2 000 1 000
ජංගම 600 400 200

2015.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළ දී හවුල් ව්‍යාපාරය රු. 2 700 000 ක ලාභයක්  ඉපයී ය. සෑම හවුල්කරුවෙකු ම රු. ක 400 000 වාර්ෂික වේතනයකට සහ ඔවුන්ගේ ආරම්භක ප්‍රාග්ධන ශේෂයන් මත 10% ක පොලියට හිමිකම් ලබයි.
ප්‍රවර්තන වර්ෂය තුළ දී හවුල්කරුවන්ගේ ගැනිලි: ලාල් රු. 60,000, නිල් රු. 40 000 සහ රාජු රු. 30 000.
2015.03.31 දින රාජු හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්නා ලදී. මෙදිනට ඔහුගේ කීර්තිනාම කොටස රු. 200 000 ක් ලෙස ඇස්තමේන්තු කරන ලදි. රාජුට ගෙවිය යුතු මුදල ණය ගිණුමකට මාරු කරන ලදි.
(14) 2015.03.31 දිනට ලාල් සහ නීල්ගේ ජංගම ගිණුම්වල ශේෂයන්:
                      ලාල්(රු'000)                                    නීල්(රු'000)
(1)                        1 540                                                      1 260
(2)                       1 600                                                      1 300
(3)                       2 130                                                      1 850
(4)                       2 140                                                      1 860
(5)                       2 190                                                      1 890

15 / 30

Category: Accounting 2015

♦ ප්‍රශ්න අංක 14 සහ 15 ට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිතා කරන්න.
ලාල්, නීල් සහ රාජු ලාභාලාභ සමසමව බෙදා ගන්නා ව්‍යාපාරයක හවුල්කරුවන් වේ. 2014.04.01 දිනට හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධන සහ ජංගම ගිණුම්වල ශේෂයන් පහත පරිදි විය.                                                             රු'000

ගිණුම ලාල් නීල් රාජු
ප්‍රාග්ධන 3 000 2 000 1 000
ජංගම 600 400 200

2015.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළ දී හවුල් ව්‍යාපාරය රු. 2 700 000 ක ලාභයක්  ඉපයී ය. සෑම හවුල්කරුවෙකු ම රු. ක 400 000 වාර්ෂික වේතනයකට සහ ඔවුන්ගේ ආරම්භක ප්‍රාග්ධන ශේෂයන් මත 10% ක පොලියට හිමිකම් ලබයි.
ප්‍රවර්තන වර්ෂය තුළ දී හවුල්කරුවන්ගේ ගැනිලි: ලාල් රු. 60,000, නිල් රු. 40 000 සහ රාජු රු. 30 000.
2015.03.31 දින රාජු හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්නා ලදී. මෙදිනට ඔහුගේ කීර්තිනාම කොටස රු. 200 000 ක් ලෙස ඇස්තමේන්තු කරන ලදි. රාජුට ගෙවිය යුතු මුදල ණය ගිණුමකට මාරු කරන ලදි.
(15) 2015.03.31 දිනට ලාල්ගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය සහ රාජුගේ ණය ගිණුමේ ශේෂය:
                 ප්‍රාග්ධන  ගිණුම-ලාල්(රු'000)                                                ණය ගිණුම-රාජු (රු'000)
(1)                            2900                                                                                                       1200
(2)                           2900                                                                                                       2170
(3)                           2900                                                                                                       2770
(4)                          3 000                                                                                                      1 200
(5)                          3 000                                                                                                      2 170

 

16 / 30

Category: Accounting 2015

(16) සීමිත නාලන්ද පොදු සමාගමේ 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂකවරුන් විසින් 2015.05.15 දින අනුමත කරන ලදී. සමාගමේ වාර්ෂික මහ සභා රැස්වීම 2015.05.30 දින පවත්වන ලදි. 2015.03.31 දිනට පසුව පහත සඳහන් සිද්ධීන් සමාගමේ සිදුවිය.
               A     2015.03.31 දිනට රු. 750 000 ක් ගෙවිය යුතු ණයගැතියෙකු 2015.04.20 දින බුන්වත් බව  ප්‍රකාශ කරන  ලදි.
               B      2015.03.31 දිනට පිරිවැය රු. 800 000 ක් වූ තොගයක් 2015.04.30 දින රු. 720 000 කට  විකුණන ලදි.
               C      2015.03.31 දිනට රු. 500 000 ක වගකීමක් ඇති බව තහවුරු කරමින් 2015.05.25 දින නඩු තීන්දුවක් ලබා දෙන ලදි.
               D      2015.05.15 දින සාමාන්‍ය කොටසකට රු. 3 බැගින් වූ අවසාන ලාභාංශයක් ප්‍රකාශයට පත් කරන ලදි.
LKAS 10 (වාර්තා කරන කාල පරිච්ඡේදයකට පසු සිදුවීම) ප්‍රමිතයට අනුව 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ මූල්‍ය ප්‍රකාශනවල ඉහත කුමන සිද්ධීන් ගැලපිය යුතු ?
(1)  A හා B පමණි.
(2) C හා D පමණි.
(3) A, B හා C පමණි.
(4) B, C හා D පමණි.
(5) A, B, C හා D යන සියල්ලම.

17 / 30

Category: Accounting 2015

(17) LKAS 37 (ප්‍රතිපාදන, අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම්) ප්‍රමිතයට අනුව පහත කුමන අයිතම සමාගමක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රතිපාදන ලෙස හඳුනා ගැනේ ද?
  A    -   අඩමාණ ණය සඳහා වෙන් කිරීම්.
B    -  සේවක වන්දි ඉල්ලීමක් සඳහා වෙන් කිිරීම්.
C    -   ක්ෂය සඳහා වෙන් කිරීම්.
D    -  වගකීම් සහතික මත ඉල්ලුම් සඳහා වෙන් කිරීම්.
(1)  A හා D පමණි.
(2) B හා D පමණි.
(3) A, B හා C පමණි.
(4) B, C හා D පමණි.
(5) A, B, C හා D යන සියල්ලම.

18 / 30

Category: Accounting 2015

(18) 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමකට අදාළව පහත තොරතුරු දී ඇත.
විස්තරය                                                                                                                   රු'000
වර්ෂය සඳහා ලාභය                                                                                                      750
වර්ෂය සඳහා ආදායම් බදු වෙන් කිරීම                                                                       50
කාර්යාල උපකරණයක් විකිණීමෙන් ඇතී වූ අලාභය                                              20
ගෙවූ ආදායම් බදු                                                                                                              20
කාර්යාල උපකරණ මත ක්ෂය                                                                                      70
තොගයේ වැඩි වීම                                                                                                          230
වෙළෙද ණයහිමියන්ගේ අඩු වීම                                                                                 120
LKAS  7  (මුදල් ප්‍රවාහ ප්‍රකාශනය)  ප්‍රමිතයට අනුව 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ මෙහෙයුම් කටයුතු තුළින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය කොපමණ ද?
(1) රු. 470 000
(2) රු. 520 000
(3) රු. 540 000
(4) රු. 1 170 000
(5) රු. 1 220 000

19 / 30

Category: Accounting 2015

♦ 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත අමල් පොදු සමාගමට අදාළ පහත් තොරතුරු ප්‍රශ්න අංක 19 සහ 20 ට පිළිතුරු සැපයීමට භාවිත කරන්න.
විස්තරය                                                                                                                           රු'000
විකුණුම් අයභාරය                                                                                                               1 000
මෝටර් රථ ‍ප්‍රත්‍යාගණනය මත අතිරික්තය                                                                   200
සැපයුම්කරුවන්ගෙන් ලද වෙළෙද වට්ටම්                                                                        100
ගොඩනැඟිල්ලක් විකිණීම මත ලාභය                                                                               300
මුළු වියදම                                                                                                                                 500
2014.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෝටර් රථ ප්‍රත්‍යාගණනය රු. 150 000 ක   හිඟයක් ඇති වූ අතර සමාගම එය වියදමක් ලෙස හඳුනාගෙන ඇත.
(19) 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ හඳුනාගත් මුළු ආදායම සහ වෙනත් විස්තීරණ  ආදායම  කොපමණද?
              මුළු ආදායම (රු'000)           වෙනත් විස්තීරණ ආදායම (රු'000)
(1)               1 450                                                                   50
(2)               1 500                                                                  50
(3)               1 500                                                                200
(4)               1 600                                                                  50
(5)               1 600                                                                200

20 / 30

Category: Accounting 2015

♦ 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත අමල් පොදු සමාගමට අදාළ පහත් තොරතුරු ප්‍රශ්න අංක 19 සහ 20 ට පිළිතුරු සැපයීමට භාවිත කරන්න.
විස්තරය                                                                                                                           රු'000
විකුණුම් අයභාරය                                                                                                               1 000
මෝටර් රථ ‍ප්‍රත්‍යාගණනය මත අතිරික්තය                                                                   200
සැපයුම්කරුවන්ගෙන් ලද වෙළෙද වට්ටම්                                                                        100
ගොඩනැඟිල්ලක් විකිණීම මත ලාභය                                                                               300
මුළු වියදම                                                                                                                                 500
2014.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෝටර් රථ ප්‍රත්‍යාගණනය රු. 150 000 ක   හිඟයක් ඇති වූ අතර සමාගම එය වියදමක් ලෙස හඳුනාගෙන ඇත.
(20) 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ මුළු විස්තීරණ ආදායම සහ රදවාගත් ඉපැයුම් කොපමණද?
              මුළු විස්තීරණ ආදායම (රු;000)                      රඳවාගත් ඉපැයුම්(රු;000)
(1)                         950                                                                                            950
(2)                     1 000                                                                                            800
(3)                     1 000                                                                                            950
(4)                     1 100                                                                                             900
(5)                     1 100                                                                                           1 050

21 / 30

Category: Accounting 2015

(21) පහත තොරතුරු සමාගමක් සතු වූ යන්ත්‍රයක් හා බැඳේ.
පිරිවැය (රු'000)                                                                                                           6 000
2014.03.31 දිනට සමුච්චිත ක්ෂය (රු'000)                                                            2 400
අපේක්ෂිත සුන්බුන් අගය (රු'000)                                                                            400
අපේක්ෂිත ඵලදායී ජීවකාලය (වසර)                                                                          14
යන්ත්‍රයේ විශාල ප්‍රමාණයේ වැඩිදියුණු කිරීමක් සඳහා 2014.04.01 දින සමාගම රු.1 800 000 ක් වැය කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස සුන්බුන් අගය නොවෙනස්ව පැවතිනි.
2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා යන්ත්‍රයේ ක්ෂය සහ  2015.03.31 දිනට එහි ධාරණ වටිනාකම කොපමණද?
                    ක්ෂය                            ධාරණ වටිනාකම
                (රු'000)                                  (රු'000)
(1)                  100                                                4 500
(2)                 100                                                4 900
(3)                 320                                                3 280
(4)                 500                                                4 500
(5)                 500                                                4 900

22 / 30

Category: Accounting 2015

(22) සමාගමක ඉහළ ණයගැති පිරිවැටුම් අනුපාතයක් තුළින් පෙන්නුම් කෙරෙන්නේ කුමක්ද?
(1)  එහි ණයගැතියන් ඉක්මනින් ගෙවීම් කරන බව ය.
(2) එහි ණයගැතියන් ඉක්මනින් ගෙවීම් නොකරන බව ය.
(3) එහි විකුණුම්වලින් වැඩි ප්‍රමාණයක් ණය පදනම මත සිදු කරන බව ය.
(4) එහි ණය එකතු කර ගැනීමේ කාලය වැඩි බව ය.
(5) එහි විකුණුම් වැඩි වන බව ය.

 

23 / 30

Category: Accounting 2015

(23) සමාගමක ජංගම අනුපාතය සහ ක්ෂණික අනුපාතය පිළිවෙළින් වාර 1, 2 ක් සහ වාර 0.8 ක් විය. අනෙකුත් සියලු සාධක නොවෙනස්ව තිබියදී භාණ්ඩ ණයට මිල දී ගැනීම තුළින් මෙම අනුපාත දෙකට ඇති වන බලපෑම කුමක්ද?
              ජංගම අනුපාතය                                ක්ෂණික අනුපාතය
(1)              වැඩිවේ                                                                වැඩි වේ
(2)              වැඩිවේ                                                                අඩු වේ
(3)              අඩු වේ                                                                 අඩු වේ
(4)              අඩු වේ                                                                 වැඩිවේ
(5)             වෙනසක් නොවේ                                             වෙනසක් නොවේ

24 / 30

Category: Accounting 2015

(24) භාණ්ඩයක මුළු පිරිවැය සමාන වනුයේ;
(1) සෘජු පිරිවැය සහ  නිෂ්පාදන පොදු කාර්යය පිරිවැයේ එකතුවට ය.
(2) සෘජු පිරිවැය සහ විචල්‍ය පොදු කාර්යය පිරිවැයේ එකතුවට ය.
(3) ප්‍රාථමික පිරිවැය සහ විචල්‍ය පොදු කාර්යය පිරිවැයේ එකතුවට ය.
(4) ප්‍රාථමික පිරිවැය සහ කාලච්ඡේද පිරිවැයේ එකතුවට ය.
(5) ප්‍රාථමික පිරිවැය, විචල්‍ය පොදු කාර්යය පිරිවැය සහ ස්ථාවර පොදු කාර්යය පිරිවැයේ එකතුවට ය.

25 / 30

Category: Accounting 2015

(25) අයිතමයක නිෂ්පාදන ප්‍රමාණය අඩු වන විට, එහි ඒකක විචල්‍ය පිරිවැය;
(1) ස්ථාවරව පැවතේ.
(2) ස්ථාවර ප්‍රමාණයකින් වැඩි වේ.
(3) ස්ථාවර ප්‍රමාණයකින් අඩු වේ.
(4) නිෂ්පාදනයට සමානුපාතිකව වැඩි වේ.
(5) නිෂ්පාදනයට සමානුපාතිකව අඩු වේ.

26 / 30

Category: Accounting 2015

(26) ආර්ථික ඇණවුම් ප්‍රමාණ (EOQ) ආකෘතියට ආදාළ ව පහත කුමන ප්‍රකාශය/ප්‍රකශ නිවරැදි වේද?
     A. කරන ලද ඇණවුම් සංඛ්‍යාව සමග සෘජුව ම මුළු ඇණවුම් කිරීමේ පිරිවැය වෙනස් වේ.
     B. සාමන්‍ය තොග මට්ටම සමග තොග රඳවා ගැනීමේ මුළු පිරිවැය සෘජුව ම වෙනස් වේ.
     C. ඇණවුමක ප්‍රමාණය වැඩි වන විට ,එහි මුළු රඳවා ගැනීමේ පිරිවැය අඩු වන අතර මුළු ඇණවුම් පිරිවැය වැඩි වේ.
(1) A පමණි.
(2) B පමණි.
(3) A හා B පමණි.
(4) A හා C පමණි .
(5) B හා C පමණි.

27 / 30

Category: Accounting 2015

(27) සමාගමක් නිෂ්පාදනය කරන භාණ්ඩයකට අදාළ වන තොරතුරු පහත් දැක්වේ.
                                                                                                            රු'000
භාවිත කළ   සෘජු අමුද්‍රව්‍ය                                                                         240
සෘජු ශ්‍රමය                                                                                                 ?
නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය                                                                  ?
මුළු නිෂ්පාදන පිරිවැය                                                                             600
නිෂ්පාදන පොදු කාර්යය පිරිවැය, සෘජු ශ්‍රම පිරිවැයෙන් 80% ක රේටයකට  අන්තර්ග්‍රහනය කිරීම සමාගමේ ප්‍රතිපත්තිය වේ. මුළු නිෂ්පාදන පිරිවැයේ අඩංගු සෘජු ශ්‍රම පිරිවැය කොපමණ ද?
(1) රු. 72 000
(2) රු. 120 000
(3) රු. 200 000
(4) රු. 360 000
(5) රු. 480 000

 

28 / 30

Category: Accounting 2015

(28) ලීබඩු නිෂ්පාදන සමාගමක් 2015 මාර්තු මාසය තුළදී පහත පිරිවැය දරන ලදී,
                                                                                                                රු'000
භාවිත කළ අමුද්‍රව්‍ය:
දැව                                                                                                           2 000
ඇණ                                                                                                            100
තීන්ත                                                                                                        400
වේතන;
වඩු කාර්මිකයෝ                                                                                   800
නිෂ්පාදන සුපරීක්ෂකවරුන්                                                            400
යන්ත්‍ර ක්ෂය                                                                                             300
විකුණුම් කොමිස්                                                                                   200
පරිපාලන සේවක වැටුප්                                                                     300
2015 මාර්තු මාසය සඳහා නිෂ්පාදිත පිරිවැය සහ කාලච්ඡේද පිරිවැය:
              නිෂ්පාදිත පිරිවැය(රු'000)                                      කාලච්ඡේද පිරිවැය (රු’000)
(1)                        2 500                                                                                     2 000
(2)                       2 800                                                                                      1 700
(3)                       3 300                                                                                      1 200
(4)                       3 700                                                                                         800
(5)                       4 000                                                                                         500

29 / 30

Category: Accounting 2015

(29) පහත  තොරතුරු සමාගමක් නිෂ්පාදනය කරන භාණ්ඩයකට අදාල වේ.
                                                                               රු’000
විකුණුම්                                                                1 200
විචල්‍ය පිරිවැය                                                      (600)
දායකය                                                                   600
ස්ථාවර පිරිවැය                                                     (240)
ලාභය                                                                      360
වර්තමාන ක්‍රියාකාරකම් මට්ටමේ දී සමච්ඡේදන ලක්ෂ්‍යය සහ ආරක්ෂිත ආන්තිකය රුපියල් වලින්;
          සමච්ඡේදන ලක්ෂ්‍යය(රු.000)                                         ආරක්ෂිත ආන්තිකය(රු.000)
(1)                       120                                                                                               1 080
(2)                      180                                                                                               1 020
(3)                      480                                                                                                  720
(4)                      600                                                                                                  600
(5)                      800                                                                                                  400

30 / 30

Category: Accounting 2015

(30) සමාගමක්,  නිෂ්පාදනය සඳහා භාවිතා කරන පැරණි යන්ත්‍රය වෙනුවට අළුත් යන්ත්‍රයක් ආදේශ කිරීමට සලකා බලමින් සිටීි. මෙම පැරණි යන්ත්‍රයේ මෙන් ම නව යන්ත්‍රයේ ද ඵලදායී ජීව කාලය වසර 4 කි. පහත තොරතුරු ද දී ඇත.
විස්තරය                                                                                                  පැරණි යන්ත්‍රය(රු.000)          නවයන්ත්‍රය(රු.000)
ගැනුම් මිල                                                                                                            9 000                                           10 000
වර්ථමාන විකුනුම් වටිනාකම                                                                      4 000                                               -
4 වන වසර අවසානයේදී අපේක්ෂිත සුන්බුන් අගය                                   -                                                2 000
වාර්ෂික මෙහෙයුම් පිරිවැය ( ක්ෂය නොමැතිව )                                 4 500                                             3 000
නව යන්ත්‍රය මිල දී ගන්නේ නම් ආරම්භක ශුද්ධ මුදල් ගලා යෑම සහ 4 වන වර්ෂයේ මුදල් ගලා ඒම;
ආරම්භක ශුද්ධ මුදල් ගලා යෑම                4 වන වර්ෂයේ මුදල් ගලා ඒම
(රු.000)                                                                                        (රු.000)
(1) 5 000                                                                                                         3 500
(2) 6 000                                                                                                         1 500
(3) 6 000                                                                                                         3 500
(4) 10 000                                                                                                       1 500
(5) 10 000                                                                                                       3 500

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 0%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!