2012 ව්‍යාපාර අධ්‍යයනය බහුවරණ ප්‍රශ්න

0%
2

Past Papers | Business Studies

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2012 - ව්‍යාපාර අධ්‍යයනය

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 1 යි)

ප්‍රශ්න අංක 1 සිට 30 තෙක්‌ වූ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තෝරන්න.

1 / 30

Category: Business Studies 2012

(1) පහත සඳහන් දෑ අතුරෙන් වුවමනා ලෙස සලකනු ලබන්නේ,
(1)  සන්නිවේදනය යි
(2)  ප්‍රවාහනය යි
(3)  අධ්‍යාපනය යි
(4)  රක්ෂණය යි
(5)  සෞඛ්‍යය යි

2 / 30

Category: Business Studies 2012

(2) පහත දැක්වෙන්නේ කිසියම් භාණ්ඩ වර්ග වර්ගීකරණයට අයත් අයිතමයන් ය. පහසු භාණ්ඩ, සාප්පු භාණ්ඩ, විශේෂිත භාණ්ඩ, නොසෙවූ භාණ්ඩ
එම භාණ්ඩ වර්ගීකරණය කුමක්ද
?

(1) කල් පවතින භාණ්ඩ
(2) කල් නොපවතින භාණ්ඩ
(3) පාරිභෝගික භාණ්ඩ
(4) කාර්මික භාණ්ඩ
(5) අන්තර් භාණ්ඩ

3 / 30

Category: Business Studies 2012

(3) පහත දැක්වෙන්නේ ව්‍යාපාර පරිසරයට අයත් බලවේග කීපයකි.

A- කළමනාකරුවෝ
B- තරඟකරුවෝ
C- සේවකයෝ
D- ගනුදෙනුකරුවෝ
E- අයිතිකරුවෝ
F- විභව ව්‍යාපාරිකයෝ
G- සැපයුම්කරුවෝ

 මේ අතුරින් ආසන්න පරිසරයට අදාල බලවේග පමණක් ඇතුළත් කාණ්ඩය තෝරන්න
(1) A,C,E,G
(2) B,D,F,G
(3) A,B,D,F
(4) B,D,E,G
(5) B,C,F,G

4 / 30

Category: Business Studies 2012

(4) ව්‍යාපාරිකයින් ඉටුවිය යුතු සමාජ වගකීම් කිහිපයක් පහත දැක්වේ

A- කාර්යක්ෂම කළමනාකරණය
B- වෘත්තීමය ආරක්ෂාව
C- ප්‍රජා සත්කාරය
D- විනිවිදභාවය
E- ආරක්ෂිත නිෂ්පාදන
F- සෞඛ්‍ය පහසුකම්
G- අපද්‍රව්‍ය කළමනාකරණය
H- රැකියා නියුක්තිය ට දායක වීම
I- සමානාත්මතාව

 මේවා අතුරෙන් සේවක පාර්ශවයට පමණක් ඉටුවිය යුතු සමාජ වගකීම් ඇතුළත් පිළිතුර තෝරන්න
(1) A,D,F
(2) B,E,H
(3) C,F,G
(4) A,D,I
(5) B,F,I

5 / 30

Category: Business Studies 2012

(5) පහත දැක්වෙන්නේ පාරිභෝගික අයිතිවාසිකම් හා පාරිභෝගික වගකීම් කිහිපයකි

A- තොරතුරු දැන ගැනීම
B- විචාරාත්මක දැනුවත්භාවය
C- සමාජය ගැන සැලකිලිමත් වීම
D- තෝරා ගැනීම
E- සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත්වීම
F- පරිසරය ගැන දැනුවත් වීම
G- සවන් යොමු කරවා ගැනීම
H- සහයෝගීතාවය

ඉහත සඳහන් දෑ අතරින් පාරිභෝගික වගකීම් පමණක් ඇතුළත් කාණ්ඩය තෝරන්න
(1) A,B,D,F
(2) B,C,F,H
(3) B,E,G,H
(4) B,C,E,F
(5) C,F,G,H

6 / 30

Category: Business Studies 2012

(6) ISO 9001:2008 ප්‍රමිතිය යනු,

 (1) පාරිසරික කළමනාකරණ පද්ධති සහතිකකරණය යි
(2) ආහාර ආරක්ෂණ කළමනාකරණ පද්ධති සහතිකරණයයි
(3) තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකකරණයයි
(4) සමාජ වගකීම් සහතිකකරණයයි
(5) වෘත්තීය සෞඛ්‍ය හා සුරක්ෂිත කලමනාකරණ පද්ධති සහතිකකරණයයි

7 / 30

Category: Business Studies 2012

(7) හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න

(1) අවම හවුල්කරුවන් සංඛ්‍යාවක් දෙකක් වන අතර උපරිම සංඛ්‍යාව 20 කට සීමා වීම
(2) යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට හවුල්කරුවන් එකඟ වීම
(3) සෑම හවුල්කරුවෙකු ම තමාගේ හා සෙසු හවුල්කරුවන්ගේ නියෝජිතයෙකු හා ප්‍රධානියෙකු වශයෙන් සැලකීම
(4) ලිඛිත ගිවිසුමක් නොමැතිව හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යා නොහැකි වීම
(5) හවුල් ව්‍යාපාරයකට නෛතික පුද්ගල භාවයක් නොමැති වීම

8 / 30

Category: Business Studies 2012

(8) සීමා සහිත පොදු සමාගමක් කොටස් හෝ ණයකර සඳහා සහභාගී වන ලෙස මහජනතාවට ආරාධනා කරමින් සමාගම් විසින් ප්‍රසිද්ධ කරනුයේ

(1) සාංගමික ව්‍යවස්ථාවලියයි
(2) සාංගමික සංස්ථා පත්‍රයයි
(3) අවස්ථානුකූල ප්‍රකාශයයි
(4) ප්‍රතිෂ්ඨාවයි
(5) සංස්ථා ප්‍රකාශයයි

9 / 30

Category: Business Studies 2012

(9) ව්‍යවසායකත්ව සංවර්ධනයට බලපාන සාධක සහ ඊට එරෙහිවන සාධක කීපයක් පහත දැක්වේ.

 A- මනෝ විහිතිය (Mindest)
B- පරිකල්පනික චින්තනය (Imaginary thinking)
C- ආදර්ශ චරිත (Role models)
D- අනුකරණය (Replication)
E- අත්දැකීම් (experience)
F- ගතානුගතික බව (Being Traditional)

ඉහත දෑ අතුරෙන් ව්‍යවසායකත්ව සංවර්ධනයට එරෙහි වන සාධක පමණක් ඇතුළත් කාණ්ඩය තෝරන්න
(1) A,D,F
(2) B,C,E
(3) B,C,D
(4) C,D,E
(5) D,E,F

10 / 30

Category: Business Studies 2012

(10) චෙක්පත් රේඛනය කෙරෙන ආකාර කිහිපයක් පහත දැක්වේ

ඉහත රේඛන අතුරෙන් සාමාන්‍ය රේඛන පමණක් ඇතුළත් කාණ්ඩය තෝරන්න
(1) A,B,C
(2) A,D,E
(3) B,D,E
(4) B,E,F
(5) C,D,E

11 / 30

Category: Business Studies 2012

(11) ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු සහ කාර්යයන් කිහිපයක් පහත දැක්වේ

A- මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීම
B- විනිමය අනුපාතික ප්‍රතිපත්තියය මෙහෙයවීම
C- මිල ස්ථායිතාව පවත්වා ගෙන යාම
D- ව්‍යවහාර මුදල් නිකුත් කිරීම හා බෙදා හැරීම
E- මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය ගෙනයාම

මේවා අතරේ ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් වනුයේ,

(1) A,B,C
(2) A,C,E
(3) B,D,E
(4) C,D,E
(5) A,B,D

12 / 30

Category: Business Studies 2012

(12) රක්ෂණ සම්බන්ධ පහත් සඳහන් ප්‍රකාශ අතුරෙන් එකක් සාවද්‍ය ය. එම සාවද්‍ය ප්‍රකාශය තෝරන්න

 (1) පුද්ගලයෙකුගේ ජීවිතය පිළිබඳ ඔහුට / ඇයට ඇති රක්ෂනීය අයිතිය අසීමිතය.
(2) පුද්ගලයෙකුට සිය භාර්යාව හෝ ස්වාමිපුරුෂයා පිළිබඳ රක්ශ්‍ය හිමිකමක් නැත.
(3) තමන් උගසට ගත් භාණ්ඩ පිළිබඳව රක්ශ්‍ය හිමිකමක් උසස්කරුට ඇත
(4) පුද්ගලයකුට සිය දරුවන්ගේ හෝ නෑදෑයින්ගේ ජීවිත පිළිබඳ රක්ශ්‍ය හිමිකකමක් නැත.
(5) ජීවිත හා පුද්ගල අහඹු රක්ෂණය සම්බන්ධයෙන් හානිපූර්ණ මූලධර්මය අදාළ නොවේ.

13 / 30

Category: Business Studies 2012

(13) ප්‍රවාහනයේ සමතුලිත සංවර්ධනයක් සඳහා අවශ්‍ය වන්නේ

(1) වේගවත් හා සුරක්ෂිත ප්‍රවාහන ක්‍රම හඳුන්වා දීමයි
(2) මහාමාර්ග, දුම්රිය මාර්ග හා ජල ප්‍රවාහන මාර්ග සංවර්ධනය කිරීම්යි
(3) වරාය, ගුවන් තොටුපොළවල්, බස් හා දුම්රිය නැවතුම් පොළවල් සංවර්ධනය කිරීමයි
(4) ප්‍රවාහනය සඳහා බස්, ලොරි, දුම්රිය, ගුවන් යානා සහ නැව් වැඩියෙන් යෙදවීම්යි
(5) මාර්ග නැවතුම්පොළවල් රථ වවාහන සහ බලය සංවර්ධනය කිරීමයි

14 / 30

Category: Business Studies 2012

(14) පහත වගුවේ X තීරුවේ සන්නිවේදන මාධ්‍යය Y සහ තීරුවේ සන්නිවේදන ක්‍රම සඳහන් වේ.

X Y
A  වාචික 1.ලිපිය
B  ලිඛිත 2.රැස්වීම
C  විද්‍යුත් 3.හඩ තැපෑල
D  සංඥා හා සංකේත 4.සීනුව
5.මෙමෝ පත්‍ර
6.රථ වාහන හැසිරවීම විදුලි පහන්
7.සාකච්ඡා
8.පේජර් (pagers)

X හා Y නිවැරදිව ගළපා ඇති කාණ්ඩය තෝරන්න

(1) A - 2 සහ 7, B – 1 සහ 5, C – 3 සහ 8, D – 4 සහ 6
(2) A - 2 සහ 3, B – 1 සහ 8, C – 4 සහ 7, D – 5 සහ 6
(3) A - 2 සහ 7, B – 1 සහ 5, C – 6 සහ 8, D – 3 සහ 4
(4) A - 2 සහ 8, B – 2 සහ 5, C – 3 සහ 7, D – 4 සහ 6
(5) A - 1 සහ 7, B – 2 සහ 5, C – 3 සහ 8, D – 4 සහ 6

15 / 30

Category: Business Studies 2012

(15) සංවිධානයක අරමුණු අපේක්ෂිත ආකාරයෙන් ඉටු ගැනීමට මග පෙන්වනුයේ

(1) කළමනාකරණ ක්‍රියාවලිය යි
(2) සැලසුම්කරණය යි
(3) සංවිධානකරණය යි
(4) මෙහෙයවීම යි
(5) පාලනය යි

16 / 30

Category: Business Studies 2012

(16) පහත වගුවේ තීරුවේ කළමනාකරණ කාර්යයන් දැක්වෙන අතර ඒවාට අදාළ ක්‍රියාකාරකම් තීරුවේ දැක්වේ

X

Y

A සැලසුම්කරණය 1.  කාර්යඵල මැනීම හා විචල්‍යතා හඳුනාගැනීම
B  සංවිධානකරණය 2.  අභිප්‍රේරණ්‍ය හා සංනිවේදනය
C  මෙහෙයවීම 3.  අධිකාරිය හා වගකීම පැවරීම
D  පාලනය 4.  අරමුණු හා පරමාර්ථ ස්ථාපිත කිරීම

X හා Y නිවැරදිව ගළපා ඇති  පිළිතුර තෝරන්න.

(1)  A – 1, B – 2, C – 3, D – 4
(2) A – 3, B – 4, C – 2, D – 1
(3) A – 2, B – 3, C – 4, D – 1
(4) A – 4, B – 3, C – 2, D – 1
(5) A – 4, B – 3, C – 1, D – 2

17 / 30

Category: Business Studies 2012

(17) සංවිධානකරණ මූලධර්ම කීපයක් පහත වගුවේ X තීරුවේ දැක්වෙන අතර අදාළ අර්ථ දැක්වීම් Y තීරුවේ දැක්වේ.


 

 

 

 

 

 


X
තීරුව හා Y තීරුව නිවැරදිව ගැලපූ විට ලැබෙන නිවැරදි පිළිතුර වන්නේ,

(1)  A – 1, B – 3, C – 4, D – 2
(2) A – 2, B – 3, C – 1, D – 4
(3) A – 4, B – 3, C – 1, D – 2
(4) A – 3, B – 4, C – 1, D – 2
(5) A – 4, B – 1, C – 3, D – 2

18 / 30

Category: Business Studies 2012

(18) නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමටත්, නිෂ්පාදනය කිරීමටත් අදාළ සියලු අංග සමා‍යෝජනය කිරීම හා පාලනය කිරීම සඳහා යොදා ගැනෙන පරිගණක තාක්ෂණය හඳුන්වනු ලබන්නේ ,

(1) CAD ලෙස ය
(2) CAM ලෙස ය
(3) CIM ලෙස ය
(4) CNC ලෙස ය
(5) Robotics ලෙස ය               

19 / 30

Category: Business Studies 2012

(19) මෙහෙයුම් ක්‍රියාවලියට අදාල කම්හල් පිරියත ක්‍රම X තීරුවේ ද ඒවාට අදාළ හැඳින්වීම Y තීරුවේ ද දැක්වේ

X තීරුව හා Y තීරුව නිවැරදිව ගැලපූ විට ලැබෙන නිවැරදි පිළිතුර වන්නේ,
(1) A – 1, B – 4, C – 2, D – 3
(2) A – 2, B – 1, C – 4, D – 3
(3) A – 4, B – 2, C – 1, D – 3
(4) A – 2, B – 4, C – 3, D – 1
(5) A – 4, B – 1, C – 2, D – 3

20 / 30

Category: Business Studies 2012

(20) අලෙවිකරණ සංකල්ප එක්ස් තීරූවේ ද එම සංකල්ප වලට අදාල පැහැදිලි කිරීම තීරූවේ ද දැක්වේ

X තීරුව හා Y තීරුව නිවැරදිව ගැලපූ විට ලැබෙන නිවැරදි පිළිතුර වන්නේ,
(1)  A – 5, B – 1, C – 2, D – 4, E – 3
(2)  A – 5, B – 4, C – 2, D – 1, E - 3
(3)  A – 4, B – 5, C – 2, D – 1, E - 3
(4)  A – 5, B – 4, C – 3, D – 1, E - 2
(5)  A – 1, B – 3, C – 5, D – 2, E – 4

21 / 30

Category: Business Studies 2012

(21) පහත දැක්වෙන්නේ අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍ය වලට අදාල උපකරණ (tools) කිහිපයකි

A සන්නම
B වට්ටම්
C ප්‍රචාරණය
D බෙදාහැරීමේ මාර්ග
E ප්‍රවාහනය
F ඇසුරුම
G ගෙවීම් කොන්දේසි
H ගුණත්වය
I සෘජු අලෙවිකරණය
J වගකීම් (warranty)
K මහජන සම්බන්ධතා
L ඉසව් හා අත්දැකීම්

ඉහත සඳහන් දෑ අතුරෙන් නිෂ්පාදිතයට පමණක් අදාළ උපකරණ ඇතුළත් පිළිතුර වනුයේ,
(1) A,C,F හා I ය.
(2) B,C,E හා L ය.
(3) C,I,K හා L ය.
(4) D,H,I හා J ය.
(5) A,F,H හා J ය.

22 / 30

Category: Business Studies 2012

(22) උසස් ගුණාත්මයෙන් යුක්ත භාණ්ඩ සඳහා සාධාරණ අඩු මිලක් නියම කිරීම,

(1) පිරිවැයට ලාභාන්තිකයක් එකතු කළ මිල කිරීමයි (mark-up pricing)
(2) ඉලක්ක ඉපයුම් මිල කිරීම‍යි (Target return pricing)
(3) සංජානනීය වටිනාකම් මිල කිරීමයි (perceived value pricing)
(4) වටිනාකම් මිල කිරීමයි (Value pricing)
(5) පවත්නා මිල මත මිල කිරීමයි (going rate pricing)

23 / 30

Category: Business Studies 2012

(23) පහත වගුවේ X තීරයේ මූල්‍ය කළමණාකරුවකුගේ ප්‍රධාන තීරණ දැක්වෙන අතර Y තීරූවේ ඒ ඒ ප්‍රධාන තීරණ යටතේ ලා සැලකෙන උප තීරණ දැක්වේ.

X හා Y නිවැරදිව ගැලපු විට ලැබෙන පිළිතුර කුමක්ද?
(1) A – 3, B – 1, C – 4, D – 2
(2) A – 2, B – 3, C – 4, D – 1
(3) A – 4, B – 1, C – 3, D – 2
(4) A – 3, B – 4, C – 2, D – 1
(5) A – 4, B – 2, C – 3, D – 1

24 / 30

Category: Business Studies 2012

(24) පහත දැක්වෙන කාණ්ඩ තුනෙන් ප්‍රාග්ධන වෙළඳපොළට අදාල උප වෙලඳපොලවල් පමණක් දැක්වෙන කාණ්ඩය තෝරන්න

(1) කොටස් වෙළෙඳපොළ, භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළ, දේශීය විදේශ විනිමය
(2) භාණ්ඩාගාර බැදුම්කර වෙළඳපොළ සාංගමික බැඳුම්කර වෙළදපොල, කොටස් වෙළෙඳපොළ
(3) භාණ්ඩාගාර බැදුම්කර වෙළඳපොළ, සාංගමික බැඳුම්කර වෙළදපොල, වාණිජ පත්‍රිකා වෙළදපොළ
(4) භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ, භාණ්ඩාගාර බැඳුම්කර වෙළදපොල, වාණිජ පත්‍රිකා වෙළදපොළ
(5) භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ, භාණ්ඩාගාර බැඳුම්කර වෙළදපොල, සාංගමික බැඳුම්කර වෙළදපොල

25 / 30

Category: Business Studies 2012

(25) විශාල ප්‍රකාශිත ප්‍රාග්ධනයක් සහිත හොඳින් ස්ථාපිත සමාගම් ලැයිස්තුගත කිරීම සඳහා වෙන්වූ පුවරුව,

(1) දිිරිසවි පුවරුවයි
(2) දෙවන පුවරුවයි
(3) ප්‍රධාන පුවරුවයි
(4) කඩකල පුවරුවයි
(5) මුදල් පුවරුවයි

26 / 30

Category: Business Studies 2012

(26) පහත සඳහන් වන්නේ සේවකයන් ආකර්ෂණය කර ගැනීමේ මාර්ග කිීපයකි

A  රැකියා පොල
B  කුසලතා ලේඛන
C  අන්තර්ජාල වෙබ් අඩවි
D  අභ්‍යන්තර ජාලය
E  අනුප්‍රාප්තික සැලසුම්
F  වෘත්තීය ආයතන
G  අධ්‍යාපන ආයතන
H  සේවකයින්ගේ හඳුන්වාදීම්

මේවා අතුරින් අභ්‍යන්තර ආකර්ෂණ මාර්ග පමණක් ඇතුළත් කාණ්ඩය වන්නේ,
(1) A,B,D,E ය
(2) B,C,F,H ය
(3) C,D,E,F ය
(4) B,D,E,H ය
(5) D,E,F,G ය

27 / 30

Category: Business Studies 2012

(27) පහත X හා Y වගු වල දැක්වෙන්නේ මානව සම්පත් කළමනාකරණයට සම්බන්ධ තොරතුරු කිහිපයකි

X හා Y සියලු නිවැරදිව ගලපා ඇති කාණ්ඩය තෝරන්න
(1) A – 2, B – 1, C – 3, D – 4
(2) A – 1, B – 2, C – 3, D – 4
(3) A – 3, B – 2, C – 1, D – 4
(4) A – 4, B – 3, C – 1, D – 2
(5) A – 3, B – 4, C – 1, D – 2

28 / 30

Category: Business Studies 2012

(28) පහත වගුවේ X තීරයේ දැක්වෙන්නේ තොරතුරු වර්ගීකරණය සඳහා යොදා ගැනෙන පදනම් ය. Y තීරුවේ දැක්වෙන්නේ ඒ පදනම් යටතට ගැනෙන වර්ගීකරණයන් ය.

X හා Y නිවැරදිව ගැලපු විට ලැබෙන පිළිතුර කුමක්ද?
(1) A – 2, B – 3, C – 4, D – 1
(2) A – 3, B – 2, C – 4, D – 1
(3) A – 3, B – 4, C – 2, D – 1
(4) A – 1, B – 2, C – 4, D – 3
(5) A – 4, B – 2, C – ,3 D – 1

29 / 30

Category: Business Studies 2012

(29) සංවිධානයක් තුල සන්නිවේදනය වැඩි දියුණු කිරීම සඳහා යොදා ගැනෙන වදන් සැකසුම, විද්‍යුත් තැපෑල, හඬ තැපෑල, පේජර් වැනි තොරතුරු තාක්ෂණික මෙවලම් භාවිතා කෙරෙන තොරතුරු පද්ධතිය වනුයේ

(1) ගනුදෙනු සැකසුම් පද්ධතියයි (TPS)
(2) කාර්යාල ස්වයංකරණ පද්ධතිය යි (OAS)
(3) කළමණාකරන උපකාරක පද්ධතියයි (MSS)
(4) තීරණ උපකාරක පද්ධතියයි (DSS)
(5) විධායක උපකාරක පද්ධතිය යි (ESS)

30 / 30

Category: Business Studies 2012

 (30) සමස්ත ව්‍යාපාර සැලැස්ම පිළිබඳ පූර්ව අදහසක් ලබා ගැනීම සඳහා කියවිය යුතු වන්නේ ව්‍යාපාර සැලැස්මක

(1) පටුනයි
(2) විධායක සාරාංශය
(3) ව්‍යාපාර විස්තරයයි
(4) අලෙවිකරණ සැලැස්ම
(5) මූල්‍ය සැලැස්මයි

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 10%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!