2014 ව්‍යාපාර අධ්‍යයනය බහුවරණ ප්‍රශ්න

0%
6

Past Papers | Business Studies

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2014 - ව්‍යාපාර අධ්‍යයනය

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 1 යි)

ප්‍රශ්න අංක 1 සිට 30 තෙක්‌ වූ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තෝරන්න.

1 / 30

Category: Business Studies 2014 Sinhala Medium

01. පහත සඳහන්‌ දෑ අතුරෙන්‌ ව්‍යාපාරයක ප්‍රධාන අරමුණක්‌ ලෙස සැලකිය නොහැකි කරුණ කුමක්‌ ද?

(1) ලාභ උපරිම කිරීම
(2) වෙළඳපොළ කොටස වැඩිකර ගැනීම
(3) රැකියා අවස්ථා උපරිම කිරීම
(4) වෙළඳපොළේ රැඳී සිටීම
(5) විකුණුම්‌ උපරිම කර ගැනීම

2 / 30

Category: Business Studies 2014 Sinhala Medium

02. විවිධ පාර්ශව ව්‍යාපාර කෙරෙහි උනන්දු වීමට බලපාන හේතුන්‌ කිහිපයක්‌ පහත දැක්වේ.

    A - ලාභය                                     B - ව්‍යාපාරික වර්ධනය    C - වෙළදපොල කොටස
    D - ගත්‌ තීරණවල සාර්ථකත්වය    E - වැටුප                         F- රැකියාවේ ස්ථාවරභාවය
    G - උසස්වීම්‌                                 H- තනතුරේ සංවර්ධනය

ඉහත සඳහන්‌ දෑ අතුරෙන්‌ කළමනාකරුවන්‌ පමණක්‌ ව්‍යාපාර කෙරෙහි උනන්දුව දක්වන හේතුන්‌ ඇතුළත්‌ කාණ්ඩය තෝරන්න.

(1) A, B, D, H
(2) A, C, D, H
(3) A, D, E, H
(4) B, D, F, H
(5) D, E, F, G

3 / 30

Category: Business Studies 2014 Sinhala Medium

03. පහත දැක්වෙන්නේ ව්‍යාපාර කෙරෙහි බලපෑම්‌ කරනු ලබන පාරිසරික බලවේග කිහිපයකි.

A - ගනුදෙනුකරුවන්‌              C - තරඟකරුවන්‌       E - ආදේශන භාණ්ඩ නිෂ්පාදකයින්‌
B - සමාජ සංස්කෘතික සාධක  D - සැපයුම්කරුවන්‌   F - තාක්‍ෂණික සාධක

මේ අතුරෙන්‌ ආසන්න පාරසරික බලවේග පමණක්‌ ඇතුළත්‌ කාණ්ඩය තෝරන්න.

(1) A, B, C, D
(2) A, C, D, E
(3) A, C, D, F
(4) B, C, D, E
(5) B, C, D, F

4 / 30

Category: Business Studies 2014 Sinhala Medium

04. ව්‍යාපාරයක්‌ විසින්‌ විවිධ පාර්ශවකරුවන් වෙත ඉටු කළ යුතු සමාජ වගකීම්‌ කිහිපයක්‌ පහත සඳහන්‌ වේ.

         A - සාධාරණ වීම                                        B - සමානාත්මතාව
         C - බදු ගෙවීම                                             D - ආයෝජනයට සාධාරණ ඉපයීමක්‌
         E - රැකියා සුරක්‍ෂිත බව                                F - රැකියා අවකාශ සැලසීම
         G - කාර්යක්ෂම හා අවංක කළමනාකරණය  H - ප්‍රජා සත්කාර සේවා
         I- අපද්‍රව්‍ය කළමනාකරණය                          J- සෞඛ්‍ය හා ආරක්‍ෂක පහසුකම්‌

මේ අතුරෙන්‌ ව්‍යාපාරයක්‌ විසින්‌ සමාජයට පමණක්‌ ඉටු කළ යුතු සමාජ වගකීම්‌ ඇතුළත්‌ කාණ්ඩය තෝරන්න.

(1) A, B, E, J
(2) A, B, H, J
(3) B, C, F, I
(4) C, D,G,I
(5) C,F, H,I

5 / 30

Category: Business Studies 2014 Sinhala Medium

05. පහත වගුවේ X තීරුවේ ව්‍යාපාර හා රජයට අයන්‌ කාර්යයන්‌ කිහිපයක්‌ ද, Y තීරුවේ එම කාර්යයන්ව‌ල ප්‍රතිඵල ද දැක්‌වේ.

X Y
A. රජය ව්‍යාපාරවලට බලපෑම්‌ කරන්නේ 1. ආර්ථිකයේ මුදල්‌ සැපයීම කෙරෙහි ය.
B.  රජයේ අරමුණු ඉටුකර ගැනීමට ව්‍යාපාර සහාය වන්නේ  2. තරඟකරුවෙකු වීමෙනි.
C. රජයේ පිස්කල්‌ ප්‍රතිපත්ති ව්‍යාපාරවලට බලපෑම්‌ ඇති කරන්නේ  3. දේශිය අමුද්‍රව්‍ය භාවිත කිරීමෙනි.
D. රජයේ මූල්‍ය ප්‍රතිපත්ති බලපෑම්‌ ඇති කරන්නේ 4.භාණ්ඩ අලෙවිය වැඩි වීම නිසා ලාභ වැඩිවන හෙයිනි.
E ව්‍යාපාරිකයින්ට පාරිභෝගික ආරක්‍ෂණය වැදගත් වන්නේ 5. නිෂ්පාදනයන්‌ මන ව්ව්ධ බදු පැනවීම මගින්‌
වැදගත්‌ වන්නේ භාණ්ඩ මිල ඉහළ යාමට සැලැස්වීමෙනි.

X හා Y තීරුව නිවැරදි ව ගැළපූ විට ලැබෙන පිළිතුර කුමක්‌ ද?

(1) A-5, B-2, C-4, D-1, E-3
(2) A-5, B-3, C-2, D- 1, E- 4
(3) A- 2, B-3, C-5, D- 4, E-1
(4) A-2, B-3, C-5, D- 1, E- 4
(5) A-3, B-2, C-5, D- 4, E-1

6 / 30

Category: Business Studies 2014 Sinhala Medium

06. පහත දැක්වෙන්නේ විවිධ ව්‍යාපාර වර්ගවල වාසි කිහිපයකි.

A - පහසුවෙන්‌ ආරම්භ කළ හැකි වීම.      B - විශාල ප්‍රාග්ධනයක්‌ සම්පාදනය කරගත හැකි වීම.
C- ස්වාධීන තීරණ ගත හැකි වීම.              D - ව්‍යාපාර කළමනාකරණය සඳහා දක්‍ෂතා ඇති අය බඳවාගත හැකිවීම.
E- ව්‍යාපාරය විසුරුවා හැරීම පහසු වීම      F- වගකීම වැඩිදෙනෙකු අතර බෙදාගන හැකි විම

මේ අතුරෙන්‌ කේවල ස්වාමි ව්‍යාපාරයකින්‌ ලැබෙන වාසි පමණක්‌ ඇතුළත්‌ කාණ්ඩය තෝරන්න.

(1) A, C, E
(2) A, E, F
(3) B, D, E
(4) B, D, F
(5) C, D, E

7 / 30

Category: Business Studies 2014 Sinhala Medium

07. පහත සඳහන්‌ දෑ අතුරෙන්‌ වරලත්‌හිමියා විසින්‌ වරලත්‌ලාභියා වෙත සපයනු නොලබන පහසුකම කුමක්‌ දැ'යි තෝරන්න.

(1) සිය වෙළඳ නාමය භාවිතයට අවසර දීම
(2) අලෙවිකරණ සහාය ලබාදීම
(3) මූල්‍ය පහසුකම් ලබාදීම
(4) තාක්‍ෂණ සහාය ලබාදීම
(5) ඕනෑම සැපයුම්කරුවකුගෙන්‌ භාණ්ඩ මිල දී ගැනීමට අවසර දීම

8 / 30

Category: Business Studies 2014 Sinhala Medium

08.  A - තමන්ගේ හැකියාවන්‌ උපරිම අන්දමට භාවිත කිරීමට ඇති කැමැත්ත
        B - සමාජයේ පවත්නා කිසියම්‌ සමාජ ප්‍රශ්නයක්‌ විසඳීම සඳහා දායක විමට ඇති කැමැත්ත
        C - රැකියාවන්ගෙන්‌ ලද අත්දැකීම්‌
        D- ස්ථාවර ආදායමක්‌ ලබා ගැනීමට ඇති කැමැත්ත
        E- යම්‌ ක්ෂේත්‍රයක්‌ පිළිබඳ ලබා ඇති අධ්‍යාපනය හා පුහුණුව
        F - අවදානම්‌ අවම කර ගැනීමට ඇති කැමැත්ත

ඉහත දෑ අතුරෙන්‌ ව්‍යවසායකයෙකු බිහි වීමට හේතු විය හැකි කරුණු ඇතුළත්‌ සංයෝගය තෝරන්න.

(1) A, B, C, D
(2) A, B,C, E
(3) A, B, D,E
(4) B, C, E, F
(5) C, D, E,F

9 / 30

Category: Business Studies 2014 Sinhala Medium

09.  A- ව්‍යවහාර මුදල් ‌ B- බැංකු මුදල්‌
        C- කළු සල්ලි        D - ආසන්න මුදල්‌
        E - විද්‍යුත්‌ මුදල්‌     F - ණය මුදල්‌

ඉහත සඳහන්‌ දෑ අතුරෙන්‌ ශ්‍රී ලංකාවේ භාවිත වචන මුදල්‌ වර්ග පමණක්‌ ඇතුළත්‌ කාණ්ඩය තෝරන්න.

(1) A, B,C හා D
(2) A,B, D හා E
(3) A, B, D හා F
(4) B, C, D හා E
(5) C, D, E හා F

10 / 30

Category: Business Studies 2014 Sinhala Medium

10. පහත වගුවේ X  හා Y තීරුවල චෙක්පත්‌ ගනුදෙනුවලට අදාළ තොරතුරු කිහිපයක්‌ දැක්වේ.

X Y
A. වර්ග 1. අණකරු, අණලද්දා, ආදායකයා
B.සම්බන්ධ වන පාරිශවකරුවන් 2. සාමාන්‍ය, විශේෂ
C. රේඛනය කිරීම 3. ධාරක, විධාන

X හා Y තීරුවල දැක්වෙන පද නිවැරදි ව ගළපා ඇති කාණ්ඩය තෝරන්න.

(1) A-1, B-3, C-2
(2) A-3, B-2, C-1
(3) A-2, B-1, C-3
(4) A-3, B-1, C-2
(5) A- 1, B-2, C-3

11 / 30

Category: Business Studies 2014 Sinhala Medium

11. පහත සඳහන්‌ ආයතන අතුරෙන්‌ ගිවිසුම්ගත ඉතිරි කිරීම්‌ ආයතනයක්‌ නොවන්නේ කුමක්‌ ද?

(1) රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල
(2) සේවක අර්ථසාධක අරමුදල
(3) විශේෂිත කල්බදු සමාගම්‌
(4) රක්‍ෂණ සමාගම්‌
(5) සේවක භාරකාර අරමුදල

12 / 30

Category: Business Studies 2014 Sinhala Medium

12. උපුල්‌ තම මෝටර්‌ රථය රු. මිලියන 3 කට රක්‍ෂණය කර ඇත. ඔහුගේ මෝටර්‌ රථය හඳුනා නොගත්‌ පුද්ගලයෙකු විසින්‌ සොරකම්‌ කරන ලදී. රක්‍ෂණ සමාගම රු. මිලියන 3 ක්‌ ගෙවා උපුල්ගේ වන්දිය පියවන ලදි. දින කිහිපයකට පසු රක්‍ෂණ සමාගම විසින්‌ මෝටර්‌ රථය සොයාගනු ලැබු අතර එය රු. මිලියන 3.5 ක වෙළඳුපොළ වටිනාකමට වෙන්දේසි කරන ලදී. (වෙන්දේසිකරුගේ ගාස්තුව රුපියල්‌ 150 000 කි.)ඉන්පසු රක්‍ෂණ සමාගම විසින්‌ කළ යුතු වන්නේ,

(1) රු. මිලියන 3 ක්‌ තබාගෙන ඉතිරි මුදල උපුල්ට ලබා දීම.
(2) රු. මිලියන 3 ක්‌ සහ වියදම්‌ චූ මුදල තබාගෙන ඉතිරි මුදල උපුල්ට ලබා දීම ය.
(3) වෙන්දේසිකරුගේ වියදම ගෙවා ඉතිරි මුදල තබා ගැනීම ය.
(4) මෝටර්‌ රථය මිල දී ගත්‌ නැනැත්තාට ඉතිරි මුදල ලබා දීම ය.
(5) ඉතිරි මුදල රජයට ගෙවීම ය.

13 / 30

Category: Business Studies 2014 Sinhala Medium

13. කොළඹ වරායේ සිට සපුගස්කන්ද තෙල්‌ පිරිපහදු මධ්‍යස්ථානය වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීමට වඩාත්‌ සුදුසු පරිවහන මාධ්‍යයන්‌ වන්නේ,

(1) ට්‍රක්‌ රථ, උමං මාර්ග සහ දුම්රිය වේ.
(2) නැව්‌, දුම්රිය සහ ට්‍රක්‌ රථ වේ.
(3) දුම්රිය, නැව්‌ සහ කුඩා අහස්‌ යානා වේ.
(4) නල මාර්ග, දුම්රිය සහ බවුසර්‌ වේ.
(5) නල මාර්ග, බවුසර්‌ සහ කුඩා අහස්‌ යානා වේ.

14 / 30

Category: Business Studies 2014 Sinhala Medium

14. පහන සඳහන්‌ කරුණු අතුරෙන්‌ ව්‍යාපාර ගෝලීයකරණය කිරීම සඳහා ප්‍රධාන සාධකය වන්නේ කුමක්‌ ද?

(1) යුරෝපා සංගමය.
(2) තාක්ෂණය.
(3) NAFTA වෙළඳ ගිවිසුම.
(4) රටවල්වල ජනවාර්ගික විවිධත්වය වැඩි වීම.
(5) වර්ධනය වූ දේශපාලන ස්ථාවරතාව.

15 / 30

Category: Business Studies 2014 Sinhala Medium

15. සාර්ක්‌ (SAARC) සංවිධානයට අයත්‌ සාමාජික රටවල්‌ පමණක්‌ ඇතුළත්‌ වන්නේ පහත කිනම්‌ කාණ්ඩය තුළ ද?

(1) ඔස්ට්‍රියාව, බෙල්පියම, නේපාලය, ශ්‍රී ලංකාව සහ ලිතුවේනියාව
(2) නෙදර්ලන්තය, පෘතුගාලය, භූතානය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව
(3) එක්සත්‌ රාජධානිය, රුමේනියාව, ඇෆ්ගනිස්ථානය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව
(4) නේදියාව, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, පකිස්තානය සහ බංගලාදේශය
(5) ග්‍රීසිය, ප්‍රංශය, අයර්ලන්තය, ඉතාලිය සහ භූතානය

16 / 30

Category: Business Studies 2014 Sinhala Medium

16. බලතල (අධිකාරය) පැවරීම තුළින්‌ ඇති නොවන ප්‍රතිඵලය දැක්වෙන ප්‍රකාශය තෝරන්න.

(1) ආසන්තම ප්‍රධානියාගේ වැඩ ප්‍රමාණය අඩු වීම.
(2) ආසන්තම ප්‍රධානියාගේ පුහුණුව හා සංවර්ධනය වැඩී වීම.
(3) යටත්‌ සේවකයන්ගේ වැඩ ප්‍රමාණය අඩු වීම.
(4) අභිප්‍රේරණය වූ සේවකයින්‌ ඇති වීම.
(5) වෘත්තීය සංවර්ධනයට යටත්‌ සේවකයා සූදානම්‌ කිරීම.

17 / 30

Category: Business Studies 2014 Sinhala Medium

17. සැලසුම් කිරීමේ දී සැලකිල්ලට ගත යුතු දෑ මොනවා දැ'යි විමසන ලද ප්‍රශ්නයට ශිෂ්‍යයින්‌ කිහිපදෙනෙකු සැපයූ පිළිතුරු පහත පරිදි වේ.

  A - ප්‍රායෝගික බව.                                  B- නම්‍යශීලි බව.
  C - අවස්ථානුකූල සැලසුම්‌ කිරීම.              D - නිශ්චිත කාල පරාසයක්‌ සඳහා වීම.
  E - සම්පත්‌ ලබා ගත හැකි බව.

ඉහත කරුණුවලින්‌, සැලසුම්‌ කිරීමේ දී සැලකිල්ලට ගත යුතු දෑ වන්නේ,

(1) A පමණකි.
(2) A හා B පමණකි.
(3) A, B හා C පමණකි.
(4) A, B, C හා D පමණකි.
(5) ඉහත සඳහන්‌ සියලු ම කරුණු ය.

18 / 30

Category: Business Studies 2014 Sinhala Medium

18. පහත සඳහන්‌ පුද්ගලයින්‌ අනුරෙන්‌ කළමනාකරණ කුසලතා හඳුන්වා දුන්‌ පුද්ගලයා කවුරුන්‌ ද?

(1) ඇඩමි ස්මිත්‌
(2) හෙන්රි ෆෝර්ඩ්
(3) හෙන්රි මින්ට්ස්බර්ග්‌
(4) රොබර්ට්‌ එල්‌. කාට්ස්‌
(5) එෆ්‌. ඩබ්ලිව්‌. ටේලර්

19 / 30

Category: Business Studies 2014 Sinhala Medium

19. පහත සඳහන්‌ කරුණුවලින්‌ නිෂ්පාදන ක්‍රියාවලි තීරණවලට බලපෑමක්‌ ඇති නොකරන සාධය වන්නේ,

(1) සේවකයන්ගේ පුහුණු හා නුපුහුණු බව
(2) අවශ්‍ය උපකරණ වර්ග
(3) නිපදවිය හැකි නිෂ්පාදන වර්ග
(4) සංව්ධානය සතු වාහන ප්‍රමාණය
(5) භාවිත කිරීමට සිදුවන මෙහෙයුම්‌ පිරියන සැලසුම්‌ වර්ග

20 / 30

Category: Business Studies 2014 Sinhala Medium

20. පරිගණක ආධාරක නිර්මාණකරණය (CAD) නිසා ඇති නොවන වාසිය කුමක්‌ ද?

(1) අපතය අඩු වීම
(2) ශුන්‍ය දෝෂ නිෂ්පාදිත බිහිවීම
(3) නිෂ්පාදනය වේගවත්‌ වීම
(4) සේව්‍ය - සේවක සම්බන්ධතා වර්ධනය වීම.
(5) ඵලදායිතාව වර්ධනය වීම.

21 / 30

Category: Business Studies 2014 Sinhala Medium

21.පහත සඳහන්‌ දෑ අතුරෙන්‌ වෙළෙඳ දැන්වීමක සඵලදායිතාව දැන ගැනීමට අලෙවි කළමනාකරුවෙකු සඳහා වඩා වැදගත්‌ වන තොරතුරු මූලාශ්‍රය කුමක්‌ ද?

(1) අලෙවි දත්ත
(2) අලෙවිකරණ ජාලය
(3) වෙළෙඳපොළ පරියේෂණ
(4) අභ්‍යන්තර දත්ත සමුදාය (internal database)
(5) තරඟකරුවන්ගේ ප්‍රතිපෝෂණය

22 / 30

Category: Business Studies 2014 Sinhala Medium

22. පහත සඳහන්‌ දෑ අතුරන්‌ දිගුකාලීන අරමුදල්‌ සම්පාදන මාර්ගයක්‌ වන්නේ කුමක්‌ ද?

(1) වෙළෙඳ ණය
(2) බැංකු අයිරා
(3) කොටස්‌ නිකුතුව
(4) ගෙවිය යුතු වියදම්‌ කල්‌ දැමීම
(5) සේවක දිරිගැන්වීම සඳහා කොටස්‌ නිකුතුව

23 / 30

Category: Business Studies 2014 Sinhala Medium

23. සංවිධානයක මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන පරමාර්ථය වන්නේ,

(1) ආයතනය විසින්‌ සපයනු ලබන නිෂ්පාදන හෝ සේවාවන්ගේ වර්ගය හා ප්‍රමාණය වැඩි කිරීම ය.
(2) ආයතනය විසින්‌ ගෙවනු ලබන බදු ප්‍රමාණය අවම කිරීම ය.
(3) අයිතිකරුවන්ගේ ව්‍යාපාරය හා සබැඳි අගය (ධනය) උපරිම කිරීම ය.
(4) සේවකයන්‌ විසින්‌ උපයනු ලබන ප්‍රතිදාන උපරීම කිරීම ය.
(5) ගනුදෙනුකරුවන්ගේ තෘප්තිය උපරිම කිරීම ය.

24 / 30

Category: Business Studies 2014 Sinhala Medium

24. රඳවාගත්‌ ඉපැයුම්‌ (Retained earnings) යනුවෙන්‌ අදහස්‌ වන්නේ,

(1) ලාභාංශ ගෙවීමෙන්‌ පසු ආයතනයේ ඉතිරි වූ සමස්ත ඉපැයුම්‌ වටිනාකමයි.
(2) සමාගමේ ද්‍රචශීලතාවය පිළිබඳ සංඥාවකි.
(3) බැංකුවේ ඇති මුදල්‌ ශේෂය හා සමාන දෙයකි.
(4) ආයතනය වෙළඳාමෙන්‌ ඉපැයු ලාභය වේ.
(5) ව්‍යාපාරයේ වියදම්‌ හා පිරිවැය අඩු කළ පසුව සමාගමේ ඉතිරිවන සමස්ත ලාභය වේ.

25 / 30

Category: Business Studies 2014 Sinhala Medium

25. අයදුම්කරුවන්ගේ සුදුසුකම්‌ හා කුසලතා හඳුනාගැනීම සඳහා සම්මුඛ පරීක්ෂකවරුන්‌ විසින්‌ නියමානුකූල ව සකස්‌ කර ගන්නා ප්‍රශ්න හඳුන්වන්නේ,

(1) රැකියා විස්තර ප්‍රශ්නාවලිය ලෙස ය.
(2) රැකියා පිරිවිතර ප්‍රශ්නාවලිය ලෙස ය.
(3) කුසලතා පරීක්‍ෂණ ප්‍රශ්නාවලිය ලෙස ය.
(4) ව්‍යුහගත ප්‍රශ්නාවලිය ලෙස ය.
(5) රැකියා විශ්ලේෂණ ප්‍රශ්නාවලිය ලෙස ය.

26 / 30

Category: Business Studies 2014 Sinhala Medium

26. අභ්‍යන්තර සේවක ආකර්ෂණය තුළින්‌ ලබාගත හැකි වාසියක්‌ වන්නේ,

(1) නව දැනුම සහිත පුද්ගලයින්‌ ආකර්ෂණය කර ගැනීමට හැකි වීමයි.
(2) සේවකයන්‌ අතර අනවශ්‍ය තරගයක්‌ ඇති විමයි.
(3) විශාල අයදුමිකරැවන්‌ සංඛ්‍යාවක්‌ ආකර්ෂණය කර ගත හැකි වීමයි.
(4) සේවකයන්ගේ ලැදියාව වැඩි වීමයි.
(5) ආකර්ෂණය කර ගැනීමේ වියදම වැඩි විමයි.

27 / 30

Category: Business Studies 2014 Sinhala Medium

27.  පහත සඳහන්‌ දෑ අතුරෙන්‌ ප්‍රාදේශීය ක්ෂේත්‍ර ජාලය (LAN) නිවැරදි ව විස්තර කෙරෙන පිළිතුර වන්නේ,

(1) විවිධ භූගෝලීය ප්‍රදේශවල ඇති පරිගණක සම්බන්ධ කිරීම ය.
(2) එකම ගොඩනැගිල්ලක්‌ තුළ ඇති පරිගණක අන්‍යෝන්‍ය වශයෙන්‌ සම්බන්ධ කිරීම ය.
(3) එකම කාර්යාලයේ ඇති මුද්‍රණ යන්ත්‍රයට පරිගණකය සම්බන්ධ කිරීම ය.
(4) රටවල්‌ කිහිපයක ස්ථාපිත කර ඇති පරිගණක අන්තර්ජාලය හරහා සම්බන්ධ කිරීම ය.
(5) ඉහත සඳහන්‌ කිසිවක්‌ නොවේ.

28 / 30

Category: Business Studies 2014 Sinhala Medium

28. පාඨ කථන (text chatting) සඳහා මූලික අවශ්‍යතාවයක්‌ වන්නේ,

(1) වෙබ්‌ කැමරාවයි (Web camera)
(2) යතුරු පුචරුවයි (Keyboard)
(3) මවුසයයි (Mouse)
(4) මයික්‍රෆෝනයයි (Microphone)
(5) USB ෆ්ලෑෂ්‌ ධාවකයයි (USB Flash drive)

29 / 30

Category: Business Studies 2014 Sinhala Medium

29. පහත දැක්වෙන පාරිශව අතුරෙන්‌ මනාව සකස්‌ කරන ලද ව්‍යාපාර සැලැස්මක්‌ භාවිත නොකරන පාර්ශ්වය කුමක්‌ ද?

(1) ව්‍යවසායකයින්‌
(2) කළමනාකරුවන්‌
(3) ආයෝජකයින්‌
(4) සැපයුම්කරුවන්‌
(5) ප්‍රචාරණ ආයතන

30 / 30

Category: Business Studies 2014 Sinhala Medium

30. ව්‍යාපාර සැලැස්මක ඇති 'ව්‍යාපාර විස්තරය' යන අයිතමයේ ඇතුළත්‌ නොවන ප්‍රධාන අංගයක්‌ වන්නේ කුමක්‌ ද?

(1) අධ්‍යක්ෂ මණ්ඩලයේ විස්තරය
(2) ව්‍යාපාරයේ නම හා ලිපිනය
(3) විධායක සාරාංශය
(4) සංවිධාන ව්‍යූහය
(5) ව්‍යාපාරයේ අරමුණු

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 7%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!