2015 ආර්ථික විද්‍යාව බහුවරණ ප්‍රශ්න

0%
4

Past Papers | Economics

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2015 - ආර්ථික විද්‍යාව

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 2 යි)

1 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින්‌ නිවැරදි හෝ ඉතාමත්‌ගැළපෙන
හෝ පිළිතුර තෝරන්න.

1 / 50

Category: Economic 2015 Sinhala Medium

01. පහත සඳහන්‌ ප්‍රකාශන අතුරෙන්‌ සූක්ෂ්ම ආර්ථික විද්‍යාත්මක ප්‍රකාශනයක්‌ වනුයේ කවරක්‌ ද?

(1) පසුගිය වසරේ දී රබර්‌ මිල 10% කින්‌ පහළ වැටුණි.
(2) පසුගිය වසරේ දී විරැකියාව ශ්‍රම හමුදාවෙන්‌ 5.8% ක්‌ වූයේ ය.
(3) පසුගිය වසරේ දී මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 7% කින්‌ ඉහළ ගියේ ය.
(4) පසුගිය වසරේ දී පොදු මිල මට්ටම 4% කින්‌ වැඩි විය.
(5) පසුගිය වසරේ දී රජයේ බදු අයභාරය 8% කින්‌ අඩු චිය.

2 / 50

Category: Economic 2015 Sinhala Medium

02. ආර්ථික පද්ධතියක්‌ තුළ තීරණ ගනු ලබන ප්‍රධාන කණ්ඩායම්‌ තුන වනුයේ,

(1) කුටුම්බ, ව්‍යාපාරික ආයතන සහ බැංකු වේ.
(2) කුටුම්බ, ව්‍යාපාරික ආයතන සහ රජය වේ.
(3) ව්‍යාපාරික ආයතන, රජය සහ රාජ්‍ය නොචන සංව්ධාන වේ.
(4) ව්‍යාපාරික ආයතන, බැංකු සහ විදේශ වෙළෙඳාමේ නිරත වූවන්‌ වේ.
(5) කුටුම්බ, රජය සහ බැංකු වේ.

3 / 50

Category: Economic 2015 Sinhala Medium

03. කිසියම්‌ කටයුත්තක ආවස්ථික පිරිවැය

(1) එබඳු කටයුතු කරන සියල්ලන්ට ම එක සමාන වේ.
(2) ගණනය කිරීමේ දී මූල්‍ය පිරිවැය සහ කැප කරන ලද ආදායම්‌ යන දෙකොටස ම ඇතුළත්‌ කරගනී.
(3) එම කටයුත්තෙහි මූල්‍ය පිරිවැය පමණක්‌ ඇතුළත්‌ කර ගනී.
(4) එම කටයුත්ත නිසා කැප කරන්නට සිදු වූ ආදායම් පමණක්‌ ඇතුළත්‌ කර ගනී.
(5‌) එම කටයුත්ත නිසා හටගන්නා සෘජු ප්‍රතිලාභ පමණක්‌ මිනුම්‌ කරයි.

4 / 50

Category: Economic 2015 Sinhala Medium

04. කිසියම්‌ රටක නිෂ්පාදන හැකියා මායිම්‌ වක්‍රය මත

(1) තාක්ෂණය වෙනස්‌ වෙමින්‌ පවතී.
(2) අනික්‌ භාණ්ඩයේ නිෂ්පාදනය අඩු නොකොට, කිසියම්‌ භාණ්ඩයක්‌ වැඩිපුර නිපදවිය හැකි ය.
(3) නිෂ්පාදන සම්පත්‌ පූර්ණ වශයෙන්‌ උපයෝජනය නොවේ.
(4) පවත්නා සම්පත්‌ පූර්ණ වශයෙන්‌ උපයෝජනය වේ.
(5) ආර්ථිකයේ නිෂ්පාදන අකාර්යක්ෂමතාවක්‌ පවතී.

5 / 50

Category: Economic 2015 Sinhala Medium

05. සෑම ආර්ථික කටයුත්තක දී ම නිෂ්පාදන සම්පත්‌ එකිනෙකට පූර්ණ ආදේශක වේ නම්‌, පහන සඳහන්‌ දෑ අතුරෙන්‌ කවරක්‌ නිවැරදි වේ ද?

(1) සියලු ම භාණ්ඩවල නිමැවුම වැඩි කළ හැකි ය.
(2) නිෂ්පාදන හැකියා මායිම්‌ වක්‍රය සරල රේඛාවක්‌ වනු ඇත.
(3) විශේෂ ප්‍රාගුණ්‍යය සහ අන්‍යෝන්‍ය වශයෙන්‌ වාසිදායක වෙළෙඳාමක්‌ හට ගැනීමට ඉඩක්‌ නොපවතී.
(4) කිසිදු රටක්‌ හෝ කිසිදු පුද්ගලයෙක්‌ හෝ කිසිදු කටයුත්තක්‌ සම්බන්ධයෙන්‌ සාපේක්ෂ වාසි අත්කර ගැනීමට අසමත්‌ වේ.
(5) නිෂ්පාදන සම්පත්‌ හිඟය අහෝසි වී යනු ඇත.

6 / 50

Category: Economic 2015 Sinhala Medium

06. ධනවාදය පදනම්‌ කරගත්‌ ආර්ථිකයක පහත දැක්වෙන එක්‌ කරුණක්‌ හැර අන්‌ සියල්ල දක්නට ලැබේ. එලෙස දක්නට නොලැබෙන කරුණ වනුයේ,

(1) ඉල්ලුම හා සැපයුම මත පදනම්‌ වු මිල ක්‍රමයයි.
(2) පෞද්ගලික දේපළ ක්‍රමයයි.
(3) ස්වාර්ථය මත කටයුතු කරන කුටුම්බ සහ ව්‍යවසායකයන්‌ ය.
(4) ව්‍යවසායක නිදහසයි.
(5) මධ්‍යගත සැලසුම්කරණයයි.

7 / 50

Category: Economic 2015 Sinhala Medium

07. ආර්ථිකය තුළ ආණ්ඩුවේ සහභාගිත්වය වඩාත්‌ ප්‍රබල ලෙස දක්නට ලැබෙන්නේ,

(1) වෙළෙඳපොළ ආර්ථිකයක ය.
(2) විධානගත ආර්ථිකයක ය.
(3) මිශ්‍ර ආර්ථිකයක ය.
(4) සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක (social market economy) ය.
(5) සාම්ප්‍රදායික ආර්ථිකයක ය.

8 / 50

Category: Economic 2015 Sinhala Medium

08. කිසියම්‌ පුද්ගලයෙක්‌ ආදායම ඉහළ යන විට කිරි පිටි සඳහා කරන ඉල්ලුම වැඩි කරයි නම්‌, කිරි පිටි

(1) බාල භාණ්ඩයකට උදාහරණයක්‌ වේ.
(2) ආර්ථික නොවන භාණ්ඩයකට උදාහරණයක්‌ වේ.
(3) ගිෆන්‌ භාණ්ඩයකට උදාහරණයක්‌ වේ.
(4) පොදු භාණ්ඩයකට උදාහරණයක්‌ වේ.
(5) සාමාන්‍ය භාණ්ඩයකට උදාහරණයක්‌ වේ.

9 / 50

Category: Economic 2015 Sinhala Medium

09. යම්‌ දෙන ලද අවස්ථාවක, තරගකාරී වෙළෙඳපොළක, 'සාමාන්‍ය භාණ්ඩයක්‌' සඳහා ඉල්ලුම වැඩි වී සැපයුම අඩු වුවහොත්‌,

(1) සමතුලිත මිල පහළ වැටෙන අතර සමතුලිත ප්‍රමාණය ඉහළ නගී.
(2) සමතූලිත මිලත්‌ ප්‍රමාණයත්‌ දෙක ම ඉහළ නගී.
(3) සමතුලිත ප්‍රමාණය ඉහළ නගී. සමතුලිත මිල ඉහළ යාමට හෝ පහළ යාමට හෝ පිළිවන.
(4) සමතුලිත මිල පහළ බසී. සමතුලිත ප්‍රමාණය ඉහළ යාමට හෝ පහළ යාමට හෝ පිළිවන.
(5) සමතුලිත මිල ඉහළ නගී. සමතුලිත ප්‍රමාණය ඉහළ යාමට හෝ පහළ යාමට හෝ නොවෙනස්ව තිබීමට හෝ පිළිවන.

10 / 50

Category: Economic 2015 Sinhala Medium

10. බොහෝ පරිභෝජන කටයුතුවල දී සීනි සහ හකුරු එකිනෙකට ආදේශක වශයෙන්‌ සැලැකේ. එබැවින්‌ සීනි මිල ඉහළ ගියහොත්‌,

(1) හකුරු ඉල්ලුම වැඩි වෙතැයි අපේක්ෂා කෙරේ.
(2) හකුරු ඉල්ලූම අඩු වෙතැයි අපේක්ෂා කෙරේ.
(3) හකුරු ඉල්ලුම්‌ කරනු ලබන ප්‍රමාණය අඩු වෙතැයි අපේක්ෂා කෙරේ.
(4) හකුරු මිල අඩු වෙතැයි අපේක්ෂා කෙරේ.
(5) හකුරු ඉල්ලුම්‌ කරනු ලබන ප්‍රමාණය වැඩි වෙතැයි අපේක්ෂා කෙරේ.

11 / 50

Category: Economic 2015 Sinhala Medium

11. පොල්‌ සඳහා මිල ඉල්ලුම්‌ නම්‍යතාවය -1.0 ක්‌ වේ යැයි සලකන්න. එම තත්ත්වය යටතේ පොල්‌ ගෙඩියක මිල රු. 60ක්‌ වන විට ඉල්ලුම්‌ කරනු ලබන ප්‍රමාණය පොල්‌ ගෙඩි 500ක්‌ වේ. ඉල්ලුම්‌ කරනු ලබන පොල්‌ ගෙඩි ප්‍රමාණය 600ක්‌ වනුයේ පොල්‌ ගෙඩියක මිල කොපමණ වන විට දී ද?

(1) රුපි. 30
(2) රුපි. 40
(3) රුපි. 50
(4) රුපි. 55
(5) රුපි. 60

12 / 50

Category: Economic 2015 Sinhala Medium

12. කිසියම්‌ භාණ්ඩයක්‌ සඳහා වන ඉල්ලුම්‌ වක්‍රය වමට විතැන්‌ වීමට බලපානුයේ පහත සඳහන්‌ කවර සාධකයක්‌ ද?

(1) එම භාණ්ඩයේ මිල ඉහළ යාම
(2) එම භාණ්ඩයේ මිල පහළ වැටීම
(3) අනුපූරක භාණ්ඩයක මිල පහළ වැටීම
(4) ආදේශක භාණ්ඩයක මිල ඉහළ යාම
(5) අනාගත මිල පහළ වැටෙතියි යන අපේක්ෂාව

13 / 50

Category: Economic 2015 Sinhala Medium

13. පහළට බෑවුම්‌ වන වෙළෙඳපොළ ඉල්ලුම්‌ වක්‍රයක්‌ සහ ඉහළට බෑවුම්‌ වන වෙළෙඳපොළ සැපයුම්‌ වක්‍රයක්‌ සහිත භාණ්ඩයක යෙදවුම්‌ මිල පහළ වැටීමේ ප්‍රතිඵලයක්‌ වනුයේ,

(1) සමතුලිත මිල හා ප්‍රමාණය ඉහළ යාම ය.
(2) සමතුලිත මිල හා ප්‍රමාණය පහළ යාම ය.
(3) සැපයුම්‌ වක්‍රය වමට විතැන්‌ වීම ය.
(4) සමතුලිත මිල පහළ වැටීම හා සමතුලිත ප්‍රමාණය ඉහළ යාම ය.
(5) සමතුලිත මිල ඉහළ යාම භා සමතුලිත ප්‍රමාණය පහළ යාම ය.

14 / 50

Category: Economic 2015 Sinhala Medium

14. කිසියම්‌ කුඩා රටක සීනි සඳහා දේශීය වෙළෙඳපොළේ පචත්නා ඉල්ලුම්‌ හා සැපයුම්‌ වක්‍ර පිළිවෙළින්‌ පහත සඳහන්‌ සමීකරණ පෙන්නුම්‌ කරයි.

  Q d = 320 - 3 p(ඉල්ලුම)        Q s = -80 + 2 p (සැපයුම)

තව ද එම රටේ සීනි වෙළෙඳපොළ ජාත්‍යන්තර වෙළෙඳාමට විවෘත බවත්‌, සීනි ඒකකයක ලෝක වෙළෙඳපොළ මිල රු. 60ක්‌ වන බවත්‌ සලකන්න. විදේශ වෙළෙඳාමට විවෘතව ඇති තත්ත්වය යටතේ, වෙළෙඳපොළට දේශීය වශයෙන්‌ සපයනු ලබන සීනි ප්‍රමාණය කොපමණ වේ ද?

(1) ඒකක 40
(2) ඒකක 60
(3) ඒකක 80
(4) ඒකක 100
(5) ඒකක 140

15 / 50

Category: Economic 2015 Sinhala Medium

15. පෙට්‍රල්‌ සඳහා පවත්නා ඉල්ලුම අතිශයින්‌ අනම්‍ය බවත්‌ එහි සැපයුම අතිශයින්‌ නම්‍ය බවත්‌ සලකන්න. මෙම තත්ත්වය යටතේ පෙට්‍රල්‌ මත නිෂ්පාදන බද්දක්‌ පනවනු ලැබුවහොත්‌ බදු බර

(1) ඉතා විශාල වශයෙන්‌ ගැනුම්කරුවන්‌ විසින්‌ දරනු ලැබේ.
(2) ඉතා විශාල වශයෙන්‌ විකුණුම්කරුවන්‌ විසින්‌ දරනු ලැබේ.
(3) ගැනුම්කරුවන්‌ සහ විකුණුම්කරුවන්‌ විසින්‌ සමසමව දරනු ලැබේ.
(4) මුළුමනින්‌ ම අය බදු ගෙවන්නෝ දරති.
(5) ගැනුම්කරුවෝ හෝ විකුණුම්කරුවෝ හෝ නොදරනි.

16 / 50

Category: Economic 2015 Sinhala Medium

16. කෘෂිකාර්මික භාණ්ඩයක්‌ සඳහා පවත්නා තරගකාරී වෙළෙඳපොළක, ඉල්ලුම්‌ සහ සැපයුම්‌ වක්‍ර මෙම ප්‍රස්තාර සටහන පෙන්නුම්‌ කරයි.

මෙම භාණ්ඩයේ නිෂ්පාදනය ඉහළ නැංවීමේ අවශ්‍යතාව නිසා, නිමැවුම්‌ ඒකකයකට රු. 2ක්‌ වන සේ සහනාධාරයක්‌ නිෂ්පාදකයන්ට ලබාදීමට රජය තීරණය කරයි. සහනාධාරය ලබාදුන්‌ පසුව පාරිභෝගික අතිරික්තයේ ප්‍රමාණය

(1) රු. 20කි.
(2) රු. 80කි.
(3) රු. 90කි.
(4) රු. 160කි.
(5) රු. 180කි.

17 / 50

Category: Economic 2015 Sinhala Medium

17. සමතූලිත මිලට වඩා පහළ මිලක්‌ නියම කරමින්‌ පනවනු ලබන උපරිම මිල ප්‍රතිපත්තියක ප්‍රතිඵලයක්‌ වනුයේ වෙළෙඳපොළෙහි,

(1) අධි සැපයුමක්‌ හටගැනීම ය.
(2) අධි ඉල්ලුමක්‌ හටගැනීම ය.
(3) සමතුලිත මිලක්‌ ඇතිවීම ය.
(4) සැපයුම වැඩි වීම ය.
(5) ඉල්ලුම අඩු වීම ය

18 / 50

Category: Economic 2015 Sinhala Medium

18. නිෂ්පාදන ක්‍රියාවලියේ දී කෙටි කාලය ලෙස සැලකෙන කාල පරිච්ඡේදයේ දී,

(1) වැඩිපුර කම්කරුවන්‌ සේවයට යොදා ගැනීමට ආයතනයට නොහැකි වේ.
(2) නිෂ්පාදනය කරනු ලබන නිමැවුම්‌ ප්‍රමාණය නොවෙනස්ව පවතී.
(3) බොහෝ යෙදවුම්වල හිඟයක්‌ හටගනී.
(4) සියලු ම යෙදවුම්‌ ස්ථාවරව පැවතියත්‌ නිමැවුම වෙනස්‌ කළ හැකි ය.
(5) සමහර යෙදවුම්‌ ප්‍රමාණ නොවෙනස්ව පවත්නා අතර සමහර යෙදවුම්‌ ප්‍රමාණ වෙනස්‌ කළ හැකි ය.

19 / 50

Category: Economic 2015 Sinhala Medium

19.මුළු පිරිවැය (TC) සහ මුළු විචල්‍ය පිරිවැය (TVC) වක්‍ර අතර පවතින සිරස්‌ දුර

(1) නිමැවුම අඩුවන විට අඩු වෙමින්‌ පවතී.
(2) නිමැවුම අඩුවන විට වැඩි වෙමින්‌ පවතී.
(3) ආන්තික පිරිවැයට (MC) සමාන වේ.
(4) මුළු ස්ථාවර පිරිවැයට (TFC) සමාන වේ.
(5) සාමාන්‍ය ස්ථාවර පිරිවැයට (AFC) සමාන වේ.

20 / 50

Category: Economic 2015 Sinhala Medium

20. මෙම රූප සටහනෙහි පෙන්නුම්‌ කරන ආකාරයේ පිරිවැය සහ ඉල්ලුම්‌ තත්ත්වයකට මුහුණ දෙන තරගකාරී නිෂ්පාදන ආයතනයක්‌, තම නිමැවුම Q 1 සිට Q 2 දක්වා වැඩි කරන විට,

(1) ප්‍රාමාණික ලාභයක්‌ උපයයි.
(2) ලාභ ඉහළ නංවා ගනියි.
(3) ලාභ අඩු කර ගනියි.
(4) අයභාරය ඉහළ ගියත්‌ පිරිවැය ඉහළ නොනගී.
(5) පිරිවැය ඉහළ ගියත්‌ අයභාරය ඉහළ නොනගී.

21 / 50

Category: Economic 2015 Sinhala Medium

21. පහත සඳහන්‌ කරුණු අතුරෙන්‌ ඒකාධිකාරී තරග වෙළෙඳපොළක ලක්ෂණයක්‌ නොවන්නේ කවරක්‌ ද?

(1) වෙළෙඳපොළට ප්‍රවේශ වීම සාපේක්ෂ වශයෙන්‌ පහසු වීම
(2) ප්‍රභේදනය වූ භාණ්ඩ තිබීම
(3) භාණ්ඩ ප්‍රචාරණය සැලකිය යුතූ තරම්‌ මට්ටමක තිබීම
(4) ගැනුම්කරුවන්‌ සහ විකුණුම්කරුවන්‌ විශාල සංඛ්‍යාවක්‌ සිටීම
(5) ආයතන මුහුණ දෙන ඉල්ලුම්‌ වක්‍ර පූර්ණ නම්‍ය ස්චරූපයක්‌ ගැනීම

22 / 50

Category: Economic 2015 Sinhala Medium

22. කිසියම්‌ ආර්ථිකයක ආදායමේ චක්‍රීය ප්‍රවාහය පෙන්නුම්‌ කෙරෙන සටහනක්‌ තූළ, ආණ්ඩුව වෙතින්‌ සෘජුව ගලා යන ප්‍රවාහයක්‌ වනුයේ පහත සඳහන්‌ දෑ අතුරෙන්‌ කවරක්‌ ද?

(1) බදු (T)
(2) අපනයන (X)
(3) ඉතුරුම්‌ (S)
(4) සංක්‍රාම වියදම (Tr.)
(5) ආයෝජන වියදම්‌ (I)

23 / 50

Category: Economic 2015 Sinhala Medium

23. ව්‍යාපාර වක්‍රයක සංකෝචනාත්මක අදියරේ දී,

(1) ආයෝජනය ඉහළ නගින අතර නිමැවුම පහළ වැටේ.
(2) විරැකියාව ඉහළ නගින අතර නිමැවුම පහළ වැටේ.
(3) විරැකියාව පහළ වැටෙන අතර මිල මට්ටම ඉහළ නගී.
(4) විරැකියාව පහළ වැටෙන අතර නිමැවුම ඉහළ නගී.
(5) විරැකියාව ඉහළ නගින අතර නිමැවුම ද ඉහළ නගී.

24 / 50

Category: Economic 2015 Sinhala Medium

24. වර්තමානයේ ශ්‍රී ලංකාවේ දළ දේශීය ප්‍රාග්ධන සම්පාදනය තුළ දක්නට ලැබෙන විශාලතම සංරචකය වනුයේ,

(1) යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ වේ.
(2) මූල්‍ය වත්කම්‌ වේ.
(3) ඉඩම්‌ දියුණු කිරීම සහ වැවිලි සංවර්ධනයයි.
(4) තොග වෙනස්‌ වීම ය.
(5) ඉඳිකිරීම්‌ ය.

25 / 50

Category: Economic 2015 Sinhala Medium

25. වියදම්‌ ප්‍රවේශයෙන්‌ දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේ දී, එකතු කළ යුතු වියදම්‌ ශීර්ෂ වනුයේ,

(1) වැටුප්‌, ලාභ, ආණ්ඩුවේ මිල දී ගැනීම්‌ සහ ශුද්ධ අපනයන වේ.
(2) වැටුප්‌, බදුකුලී, පොලී සහ ලාභ වේ.
(3) පරිභෝජනය, ආයෝජනය, ආණ්ඩුවේ මිල දී ගැනීම්‌ සහ අපනයන වේ.
(4) පරිභෝජනය, ආයෝජනය, ආණ්ඩුවේ මිල දී ගැනීම්‌ සහ ශුද්ධ අපනයන වේ.
(5) පරිභෝජනය, ආණ්ඩුවේ මිල දී ගැනීම්‌, බදු සහ පොලිය වේ.

26 / 50

Category: Economic 2015 Sinhala Medium

26. පවත්නා වෙළඳපොළ මිල අනුව වර්තමානයේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිනයේ අගය, ආසන්න වශයෙන්‌

(1) ඇමෙරිකානු ඩොලර්‌ බිලියන 50කි.
(2) ඇමෙරිකානු ඩොලර්‌ බිලියන 75කි.
(3) ඇමෙරිකානු ඩොලර්‌ බිලියන 100කි.
(4) ඇමෙරිකානු ඩොලර්‌ බිලියන 125කි.
(5) ඇමෙරිකානු ඩොලර්‌ බිලියන 150කි.

27 / 50

Category: Economic 2015 Sinhala Medium

27. ජාතික ආදායම සමතුලිත මට්ටමක පවතින එක්තරා ආර්ථිකයකට අදාළ සාර්ව ආර්ථික දත්ත පෙළක්‌ පහත දැක්වේ.

අයිතමය රුපි. මිලියන  අයිතමය  රුපි. මිලියන
පරිභෝජන වියදම 5 000  ආනයන  1 200
බඳු අයභාරය   1 000  අපනයන    980
ආණ්ඩුවේ මිල දී ගැනීම් 1 500 වෙළෙඳපොළ මිල යටතේ
දළ දේශීය නිෂ්පාදිතය
8 000

මෙම ආර්ථිකයේ ආයෝජන මට්ටම වනුයේ,

(1) රුපි. මිලියන 310කි.
(2) රුපි. මිලියන 320කි.
(3) රුපි. මිලියන 1 220කි.
(4) රුපි. මිලියන 1 720කි.
(5) රුපි. මිලියන 1 940කි.

28 / 50

Category: Economic 2015 Sinhala Medium

28.

ඉහත ප්‍රස්තාරයෙහි රේඛීය පරිභෝජන ශ්‍රිතයක්‌ දැක්වේ. මෙම පරිභෝජන ශ්‍රිතයෙහි ස්වායත්ත පරිභෝජන වියදම රු. 4000ක්‌ වේ නම්‌, B ලක්ෂ්‍යයේ දී මුළු පරිභෝජන වියදම කොපමණ ද?

(1) රුපි. 18 000
(2) රුපි. 17 000
(3) රුපි. 16 000
(4) රුපි. 14 000
(5) රුපි. 10 000

29 / 50

Category: Economic 2015 Sinhala Medium

29. ආර්ථික විද්‍යාඥයන්‌ උපකල්පනය කරනුයේ, මූර්ත දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යන විට,

(1) අපනයන ඉහළ යන බව ය.
(2) ආනයන පහළ චැටෙන බව ය.
(3) ශුද්ධ අපනයන නොවෙනස්ච පවතින බව ය.
(4) ශුද්ධ අපනයන ඉහළ යන බව ය.
(5) ශුද්ධ අපනයන පහළ වැටෙන බව ය.

30 / 50

Category: Economic 2015 Sinhala Medium

30. අනපේක්ෂිතව හටගන්නා දැඩි උද්ධමනීය මිල ඉහළ යාමක්‌ හේතුකොට, සැබැවින්‌ ම වාසි ලබනුයේ පහත සඳහන්‌ කවර කණ්ඩායමක්‌ ද?

(1) විශ්‍රාමික සේවකයන්‌
(2) ණයහිමියන්‌
(3) වැටුප්‌ උපයන්නන්‌
(4) රැකියාව කළ කාලයේ දී මුදල්‌ ඉතිරි කර ගත්‌ දැනට වියපත්ව සිටින පුද්ගලයන්‌
(5) ණයගනුවන්‌

31 / 50

Category: Economic 2015 Sinhala Medium

31. ආර්ථිකය පූර්ණ සේවා නියුක්තියෙහි පවත්නා විට, ඉල්ලුමෙන්‌ ඇදුණු උද්ධමනයක්‌ ජනනය කිරිමෙහි ලා ඉවහල්‌ වනුයේ පහත ඇක්වෙන කවර සාධකයක්‌ ද?

(1) අයවැය හිඟයේ අඩු වීමක්
‌(2) ශුද්ධ අපනයන අඩු වීමක්‌
(3) වෘත්තීය සමිතිවල බලය අඩු වීමක්‌
(4) මූර්ත පොලී අනුපාතිකයේ අඩුවීමක්‌
(5) මුදල්‌ සැපයුමෙහි අඩු වීමක්

32 / 50

Category: Economic 2015 Sinhala Medium

32. වර්ෂයක්‌ ඇතුළත කිසියම්‌ රටක උද්ධමන අනුපාතිකය 12% ක්‌ වූ අතර එම කාල පරිච්ඡේදය තුළ නාමික දළ ජාතික නිෂ්පාදිතය 14% කින්‌ වර්ධනය චිය. එම වර්ෂය තුළ සිදුව ඇත්තේ කුමක්‌ ද යන්න නිවැරදි ව පෙන්නුම්‌ කරනුයේ පහත දැක්වෙන කවර ප්‍රකාශයකින්‌ ද?

(1) මුදල්‌ සැපයුම 2% කින්‌ පහළ වැටුණි.
(2) මුදල්‌ සැපයුම 2% කින්‌ ඉහළ නැගුණි.
(3) මූර්ත දළ ජාතික නිෂ්පාදිතය ඉහළ නැගුණි.
(4) මූර්ත දළ ජාතික නිෂ්පාදිතය පහළ වැටුණි.
(5) මුදලේ සංසරණ ප්‍රවේගය වැඩි විය.

33 / 50

Category: Economic 2015 Sinhala Medium

33. "ආසන්න මුදල්‌' සංකල්පය යොදා ගැනෙනුයේ,

(1) මුදල්‌ වශයෙන්‌ වර්ග කළ නොහැකි තරමට, ඉතා අස්ථායි ප්‍රාග්ධන වටිනාකම්‌ සහිත මූල්‍ය වත්කම්‌ හැඳින්වීමට ය.
(2) හුවමාරු මාධ්‍යයක කාර්යය ඉටු කරන නමුදු වටිනාකම්‌ සංනිධියක කාර්යය ඉටු කිරීමට අසමත්‌ ද්‍රවශීල වත්කම්‌ හැඳින්වීමට ය.
(3) වටිනාකම් සංනිධියක කාර්යය ඉටු කරන නමුදු හුවමාරු මාධ්‍යයක කාර්යය ඉටු කිරීමට අසමත්‌ ද්‍රවශීල වත්කම්‌ හැඳින්වීමට ය.
(4) ඉල්ලුම්‌ තැන්පතු පදනම්‌ කර ගනිමින්‌ නිකුත්‌ කෙරෙන චෙක්පත්‌ හැඳින්වීමට ය.
(5) ණයපත්‌ හැඳින්වීමට ය.

34 / 50

Category: Economic 2015 Sinhala Medium

34. වර්තමානයේ ශ්‍රී ලංකාවේ M 4 මූල්‍ය සමස්තයට ඇතුළත්‌ විශාලත ම සංරචකය වනුයේ,

(1) මහජනතාව සතු ව්‍යවහාර මුදල්‌ වේ.
(2) මහජනතාව සතු ඉල්ලුම්‌ තැන්පතු වේ.
(3) බලපත්‍රලාභී මූල්‍ය සමාගම්‌ වෙතැති මහජනතාව සතු ආසන්න මුදල්‌ වේ.
(4) වාණිජ බැංකු වෙතැනි මහජනතාව සතු ආසන්න මුදල්‌ වේ.
(5) බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙතැති මහජනතාව සතු ආසන්න මුදල්‌ වේ.

35 / 50

Category: Economic 2015 Sinhala Medium

35. වාණිජ බැංකු පද්ධතියකට අයත් සියලු ම බැංකු, තම තැන්පතුවලින්‌ 20% ක්‌ සංචිත මුදල්‌ වශයෙන්‌ පවත්වා ගනු ලබන බවත්‌, ඉන්‌ එක්‌ බැංකුවක්‌ වෙත රුපියල්‌ මිලියන 200ක නව මුදල්‌ තැන්පතුවක්‌ ලැබෙන බවත්‌ සලකන්න. ව්‍යවහාර මුදල්‌ සංසරණයේ වෙනසක්‌ සිදු නොවන්නේ නම්‌, නව තැන්පතුවේ ප්‍රතිඵලයක්‌ ලෙස මුළු බැංකු පද්ධතියට අලුතින්‌ කොතරම්‌ ණය ප්‍රමාණයක්‌ උපරිම වශයෙන්‌ නිකුත්‌ කළ හැකි වේ ද?

(1) රුපි. මිලියන 160කි.
(2) රුපි. මිලියන 200කි.
(3) රුපි. මිලියන 800කි.
(4) රුපි. මිලියන 1 000කි.
(5) රුපි. මිලියන 1 200කි.

36 / 50

Category: Economic 2015 Sinhala Medium

36. මහ බැංකුව විසින්‌ රජයේ සුරැකුම්පත්‌ විවෘත වෙළෙඳපොළෙහි අලෙව්‌ කරනු ලැබුවහොත්‌, එහි ප්‍රතිඵලයක්‌ වශයෙන්‌ පහත සඳහන්‌ දෑ අතුරෙන්‌ කවරක්‌ සිදු වෙතැයි අපේක්ෂා කෙරේ ද?

(1) මූර්ත දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාම
(2) ණය සඳහා අයකරන පොලී අනුපාතිකය ඉහළ යාම
(3) බැංකු විසින්‌ සපයනු ලබන ණය ප්‍රමාණය වැඩි වීම
(4) පෞද්ගලික ආයෝජන වියදම්‌ ඉහළ යාම
(5) මුදල්‌ සැපයුම ප්‍රසාරණය වීම

37 / 50

Category: Economic 2015 Sinhala Medium

37. පහත සඳහන්‌ දෑ අතුරෙන්‌ වෙළෙඳපොළ අසමත්‌ වීමක්‌ ලෙස නොසැලකෙනුයේ කවරක්‌ ද?

(1) ඒකාධිකාරී ව්‍යාපාරික ආයතන පැවතීම
(2) වායු හා ජල දූෂණය ඉතා ඉහළ මට්ටමක තිබීම
(3) ජාතික ආරක්ෂාව වැනි අත්‍යවශ්‍ය සේවා ප්‍රමාණවත්ව නොසැපයීම
(4) පොදු භාණ්ඩ ප්‍රමාණවත්‌ ව සැපයීම
(5) අසමාන ආදායම ව්‍යාප්තියක්‌ පැවතීම

38 / 50

Category: Economic 2015 Sinhala Medium

38. නිෂ්පාදන ක්‍රියාවලිය නිසා හට ගන්නා බාහිර පිරිවැය, කිසියම්‌ කර්මාන්තයක්‌ විසින්‌ නොසලකා හැරේ නම්‌, තරගකාරි වෙළෙඳපොළක සමතුලිත නිමැවුමට අදාළ නිවැරදි ප්‍රකාශය වනුයේ කවරක්‌ ද?

(1) මිල, ආන්තික සමාජ පිරිවැයට වඩා වැඩි අගයක්‌ ගනු ඇත.
(2) මිල, ආන්තික සමාජ පිරිවැයට වඩා අඩු අගයක්‌ ගනු ඇත.
(3) මිල, ආන්තික සමාජ පිරිවැයට සමාන වනු ඇත.
(4) ආන්තික පෞද්ගලික පිරිවැය, ආන්තික සමාජ පිරිවැයට සමාන වනු ඇත.
(5) ආන්තික පෞද්ගලික පිරිවැය, ආන්තික සමාජ පිරිවැයට වඩා වැඩි අගයක්‌ ගනු ඇත.

39 / 50

Category: Economic 2015 Sinhala Medium

39. ශුද්ධ පොදු භාණ්ඩයක්‌ යනු,

(1) වෙළෙඳුපොළ විසින්‌ කාර්යක්ෂමව සපයනු ලබන භාණ්ඩයකි.
(2) පරිභෝජනයේ තරගකාරිත්වයක්‌ පවතින සහ පරිභෝජනය වැළැක්විය හැකි භාණ්ඩයකි.
(3) පරිභෝජනයේ තරගකාරිත්වයක්‌ නොමැති සභ පරිභෝජනය වැළැක්විය හැකි භාණ්ඩයකි.
(4) පරිභෝජනයේ තරගකාරිත්වයක්‌ පචතින සහ පරිභෝජනය වැළැක්විය නොහැකි භාණ්ඩයකි.
(5) පරිභෝජනයේ තරගකාරිත්වයක්‌ නොමැති සහ පරිභෝජනය වැළැක්විය නොහැකි භාණ්ඩයකි

40 / 50

Category: Economic 2015 Sinhala Medium

40. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපන්තිය යටතේ, රජය,

(1) වෙළෙඳපොළ පොලී අනුපාතික තීරණය කරයි.
(2) මුදල්‌ සැපයුමේ වර්ධන අනුපාතිකය තීරණය කරයි.
(3) බදු අය කිරීම්‌ හා ආණ්ඩුවේ වියදම්‌ මට්ටම්‌ තීරණය කරයි.
(4) මුදල්‌ සැපයුම තීරණය කරයි.
(5) උද්ධමන අනුපාතිකය තිරණය කරයි.

41 / 50

Category: Economic 2015 Sinhala Medium

41. වර්තමානයේ ශ්‍රී ලංකා රජයේ විශාලතම බදු අයභාර මූලාශ්‍රය වනුයේ,

(1) එකතු කළ අගය මත අයකරන බද්ද ය.
(2) සමාගම්‌ ආදායම්‌ බද්ද ය.
(3) නිෂ්පාදන බද්ද ය.
(4) ආනයන බද්ද ය.
(5) උපයන විට ගෙවීමේ බද්ද ය. (PAYE)

42 / 50

Category: Economic 2015 Sinhala Medium

42. පහත සඳහන්‌ කරුණු අතුරෙන්‌ රටවල්‌ අතර සාපේක්ෂ වාසි තීරණය කෙරෙන ප්‍රධාන නිශ්චායකයක්‌ ලෙස ඇතුළත්‌ නොවනුයේ,

(1) ඒක පුද්ගල ආදායම ය.
(2) දේශගුණය ය.
(3) ශ්‍රම හමුදාවේ නිපුණතාවන්‌ ය.
(4) එක්‌ ශ්‍රමිකයෙකුට වැටෙන ප්‍රාග්ධනයේ ප්‍රමාණය ය.
(5) භූගෝලීය පිහිටීම ය.

43 / 50

Category: Economic 2015 Sinhala Medium

43. A සහ B යන රටවල සංයුක්ත සම්පත්‌ ඒකකයක්‌ යොදා ගනිමින්‌ නිපදවිය හැකි පාපැදි හා ට්‍රැක්ටර්‌ ප්‍රමාණ පහත වගුවෙහි දැක්වේ.

භාණ්ඩය  A රට  B රට
ට්‍රැක්ටර්‌  20  2
පාපැදි  60  10


එක්‌ එක්‌ රට තමන්ට සාපේක්ෂ වාසි සහිත භාණ්ඩය විශේෂ ප්‍රාගුණ්‍යනය කරතියි උපකල්පනය කරන්න. මෙහිදී අන්‍යෝන්‍ය වශයෙන්‌ වාසිදායක වෙළෙඳාමක්‌ හට ගැනීම සඳහා ට්‍රැක්ටර්‌ සහ පාපැදි හුවමාරු විය යුතු අනුපාතය වනුයේ,

(1) එක්‌ ට්‍රැක්ටරයක්‌ සඳහා පාපැදි 3කට අඩු ප්‍රමාණයකි.
(2) එක්‌ ට්‍රැක්ටරයක්‌ සඳහා පාපැදි 3 සහ 5 අතර ප්‍රමාණයකි.
(3) එක්‌ ට්‍රැක්ටරයක්‌ සඳහා පාපැදි 2 සහ 60 අතර ප්‍රමාණයකි.
(4) එක්‌ ට්‍රැක්ටරයක්‌ සඳහා පාපැදි 6 සහ 10 අතර ප්‍රමාණයකි.
(5) එක්‌ ට්‍රැක්ටරයක්‌ සඳහා පාපැදි 10කට වැඩි ප්‍රමාණයකි.

44 / 50

Category: Economic 2015 Sinhala Medium

44. රටක වෙළෙඳ අනුපාතයෙහි පිරිහීමක්‌ ඇති කිරිමේ ලා, මිල වෙනස්කම්වල පහත සඳහන්‌ සංයෝජන අතුරෙන්‌ කවරක්‌ හේතුවේ ද?

අපනයනවල සාමාන්‍ය මිල  ආනයනවල සාමාන්‍ය මිල
(1) පහළ වැටේ  ඉහළ නගී
(2) පහළ වැටේ පහළ වැටේ
(3)  ඉහළ නගී පහළ වැටේ
(4)  ඉහළ නගී  ඉහළ නගී
(5) නොවෙනස්‌ ව පවතී පහළ වැටේ

45 / 50

Category: Economic 2015 Sinhala Medium

45. නම්‍ය විනිමය අනුපාතික ක්‍රමයක්‌ යටතේ, ඇමෙරිකානු ඩොලරයේ රුපියල්‌ මිල ඉහළ නංවනුයේ පහත සඳහන්‌ කවර කරුණක්‌ ද?

(1) ශ්‍රී ලංකාවට වඩා ඇමෙරිකා එක්සත්‌ ජනපදයෙහි උද්ධමන අනුපාතිකය ඉහළ අගයක්‌ වීම
(2) ශ්‍රී ලංකාවට වඩා වේගයකින්‌ ඇමෙරිකා එක්සත්‌ ජනපදයෙහි ජාතික ආදායම ඉහළ යාම
(3) ශ්‍රී ලංකාවේ ඇඟලුම්‌ සඳහා ඇමෙරිකානු වැසියන්ගේ රුචිකත්වය වැඩි වීම
(4) ඇමෙරිකා එක්සත්‌ ජනපදයේ සිට ශ්‍රී ලංකාවට ගලා එන ආනයන ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වීම
(5) ග්‍රී ලංකාවට වඩා ඇමෙරිකා එක්සත්‌ ජනපදයෙහි මූර්ත පොලී අනුපාතිකය ඉහළ යාම

46 / 50

Category: Economic 2015 Sinhala Medium

46. ආර්ථික වෘද්ධිය සාමාන්‍යයෙන්‌ මිනුම්‌ කරනුයේ,

(1) නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වාර්ෂික ප්‍රතිශතාත්මක වෙනස මගිනි.
(2) මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වාර්ෂික ප්‍රතිශතාත්මක වෙනස මගිනි.
(3) නාමික ප්‍රති ශීර්ෂ දළ දේශීය නිෂ්පාදිතයේ වාර්ෂික ප්‍රතිශතාත්මක වෙනස මගිනි.
(4) ප්‍රතිශීර්ෂ වැය කළ හැකි ජාතික ආදායමේ වාර්ෂික ප්‍රතිශතාත්මක වෙනස මගිනි
(5) ක්‍රය ශක්ති සාම්‍ය ප්‍රති ශීර්ෂ දළ දේශීය නිෂ්පාදිතයේ වාර්ෂික ප්‍රතිශතාත්මක වෙනස මගිනි.

47 / 50

Category: Economic 2015 Sinhala Medium

47. කිසියම්‌ කල්පිත ආර්ථිකයක සේවා වියුක්ත ජනගහනය ලෙස වර්ග කෙරුණු පිරිස 50 000ක්‌ ද, සේවා නියුක්ත ජනගහනය ලෙස වර්ග කෙරුණු පිරිස 450 000ක්‌ ද වේ නම්‌, එම ආර්ථිකයේ සේවා වියුක්ත අනුපාතිකය,

(1) 11.1% ක්‌ වේ.
(2) 10.0% ක්‌ වේ.
(3) 9.2% ක්‌ වේ.
(4) 8.0% ක්‌ වේ.
(3) 7.4% ක්‌ වේ.

48 / 50

Category: Economic 2015 Sinhala Medium

48. පසුගිය වසර 10 තුළ කිසියම්‌ රටක ආදායම්‌ ව්‍යාප්තියේ ජිනි සංගුණකය 0.45 සිට 0.65 දක්වා ඉහළ ගොස්‌ ඇතැයි වාර්තා වි නිබේ. මෙම වෙනස්වීම ඇති කරලීමෙහි ලා හේතු විය හැක්කේ පහත සඳහන්‌ කවර කරුණක්‌ ද?

(1) සාධක වෙළෙඳපොළෙහි සහ භාණ්ඩ වෙළෙඳපොළෙහි වෙළෙඳපොළ බලය වැඩි වීම
(2) ශ්‍රම වෙළෙඳපොළෙහි විෂමතා ඉවත්කරලීම
(3) වඩා සාධාරණ ලෙසින්‌ ධනය සහ දේපළ බෙදී යාම
(4) වැඩිහිටි ජනගහනයෙන්‌ බහුතරයක්‌ අවම වශයෙන්‌ උසස්‌ පෙළ සාමාර්ථයවත්‌ ලබා තිබීම
(5) වඩාත්‌ අනුක්‍රම බදු ක්‍රමයක්‌ අනුගමනය කිරීම

49 / 50

Category: Economic 2015 Sinhala Medium

49. කිසියම්‌ රටක ආදායම්‌ ව්‍යාප්තියෙහි අසමානතා අඩු කිරීමෙහි ලා වඩාත්‌ දායකවිය හැක්කේ පහත සඳහන්‌ කවර කරුණක්‌ ද?

(1) ජනගහන වර්ධන අනුපාතිකයෙහි ඉහළ යාම
(2) අඩු නිපුණතා සහිතව සේවා නියුක්ත ශ්‍රමිකයනට වෘත්තීය පුහුණුව ලබාදීම
(3) අයවැය හිඟය ඉහළ යාම
(4) සේවා වියුක්ත ශ්‍රමිකයන්‌ පුහුණු කිරීම සඳහා වෙන්‌ කෙරෙන අරමුදල්‌ ප්‍රමාණය අඩුවීම
(5) ප්‍රතික්‍රම බද්දක්‌ පැනවීම

50 / 50

Category: Economic 2015 Sinhala Medium

50. පසුගිය දශක කීපය මුඵල්ලේ ගෝලීය වශයෙන්‌ හටගෙන ඇති ආනයන හා අපනයන වෙළෙඳාමේ දැවැන්න ප්‍රසාරණයට මූලික වශයෙන්‌ හේතු වී ඇත්තේ,

(1) බොහෝ රටවල තීරු බදු නොවන බාධක ඉවත්‌ කරළීම ය.
(2) බොහෝ රටවල්‌ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති කරා වැඩි වශයෙන්‌ යොමු වීම ය.
(3) ලෝකයේ ප්‍රවාහන හා සන්නිවේදන පිරිවැය වේගයෙන්‌ පහළ වැටෙම්න්‌ පැවතීම ය.
(4) සංවර්ධනය වන රටවල වැටුප්‌ මට්ටම්‌ පහළ වැටීම ය.
(5) බොහෝ රටවල දේශපාලන අධිකාරිය මධ්‍යගත සැලසුම්කරණයෙන්‌ ඉවත්‌ වීම ය.

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 20%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!