2015 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය බහුවරණ ප්‍රශ්න

0%
0

Past Papers | Information and Communication Technology

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2015 - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 2 යි)

1 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින්‌ නිවැරදි හෝ ඉතාමත්‌ ගැළපෙන පිළිතුර තෝරන්න.

1 / 50

Category: Information and Communication Technology 2015

(1) චාල්ස් බැබේජ්ව පරිගණකයේ පියා ලෙසට සමහරු හඳුන්වති.ඒ එයට හේතු වී ඇත්තේ ඔහු,

(1) පැස්කලින් (pascaline) යාන්ත්‍රික ගණක යන්ත්‍රය නිර්මාණයය කළ බැවිනි.
(2) නැවත ක්‍රමලේඛනය කල හැකි (re-programmble) පළමු ඉලෙක්ට්‍රොනික ආගණන යන්ත්‍රය නිර්මාණය කළ බැවිනි.
(3) IBM  සමාගමේ දී පළමු පුද්ගල පරිගණකය නිපදවන නිපදවීම සඳහා නායකත්වය ලබා දුන් බැවිනි.
(4) නවීන පරිගණකවල භාවිත කරන "ආදානය, ක්‍රියාවලිය හා ප්‍රතිදානය" යන සංකල්පය පළමුවරට හඳුන්වා දුන් බැවිනි.
(5) පළමු ඉලෙක්ට්‍රොනික සංඛ්‍යාත පරිගණකය ENIAC (Electronic  Numerical Integrator And Computer) හි මූලාරම්භකයා වූ බැවිනි.

2 / 50

Category: Information and Communication Technology 2015

(2) පළමුවන පරම්පරාවේ පරිගණක සඳහා පාදක වූයේ ,

(1) ඉතා විශාල පරිමාණයේ අනුකලිත (VLSI) තාක්ෂණය වේ.
(2) විශාල පරිමාණයේ අනුකලිත (LSI) තාක්ෂණය වේ.
(3) අනුකලිත පරිපථ (ICs) වේ.
(4) ට්‍රාන්සිස්ටර වේ.
(5) රික්ත නළ වේ.

3 / 50

Category: Information and Communication Technology 2015

(3) 1101102 සඳහා තුල්‍ය වන දශමය සංඛ්‍යාව,

(1) 39 වේ.
(2) 48 වේ.
(3) 54 වේ.
(4) 55 වේ.
(5) 108 වේ.

4 / 50

Category: Information and Communication Technology 2015

(4) වෙබ් අතරික්සුවක් (web browser)  මගින් විදැහූ (render) කරන ලද පහත දක්වා ඇති ලැයිස්තුව සලකන්න.
1.Pineapple
2.Mango
3.Banana

ඉහත ලැයිස්තුව නිර්මාණය කිරීම සඳහා පහත සඳහන් කුමන HTML උසුලන (tags) භාවිත කළ හැකි ද?
(1)

(2)

(3)

  • (4)

      (5)

  • 5 / 50

    Category: Information and Communication Technology 2015

    (5) සසම්භාවී ප්‍රවේශ මතක (RAM)  මොඩියුල නිරන්තරයෙන් සංසන්දනය කරනු ලබන්නේ ....................... මගින් මනිනු ලබන ඒවායේ ධාරිතාව සහ ............................මගින් මනිනු ලැබෙන වේගය පදනම් කරගෙනය.
    ඉහත වගන්තියෙ හිස්තැන් පිරවීම සඳහා වඩාත් යෝග්‍ය වදන් වලන්නේ පිළිවෙළින්
    (1) කිලෝබයිට්ස්,ගිගාබයිට්ස්
    (2) ගිගාබයිට්ස්,තත්පරයට මෙගාබයිට්ස්
    (3) ගිගාබයිට්ස්,මෙගාහර්ට්ස්
    (4) මෙගාහර්ට්ස්,කිලෝහර්ට්ස්
    (5) ගිගාබයිට්ස්,තත්පරයට මෙගාබයිට්ස්

    6 / 50

    Category: Information and Communication Technology 2015

    (6) පරිගණක ප්‍රාථමික මතකයේ උපරිම මතක අවකාශයට වඩා වැඩි අවකාශයක් අවශ්‍ය වන යෙදුමක් ධාවනය සඳහා සූදානම් වී ඇත. එම පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය පහත සඳහන්  කුමක් උපයයෝගී කරගෙන මෙම අවශ්‍යතාව සපුරාලයිද?

    (1) සසම්භාවී ප්‍රවේශ මතකයකය (RAM)
    (2) පඨන මාත්‍ර මතකය (ROM)
    (3) නිහිත මතකය (Cache Memory)
    (4) අතථ්‍යරූපී මතකය (Virtual Memory)
    (5) විස්තෘත මතකය(Extended Memory)

    7 / 50

    Category: Information and Communication Technology 2015

    (7) 48B16 + 001010112 =

    (1) 4B616
    (2) 31016
    (3) 50316
    (4) 51316
    (5) 55916

    8 / 50

    Category: Information and Communication Technology 2015

    (8) පරිගණකයකට නව දෘඩාංග  උපක්‍රම සම්බන්ධ කළ විට ඒවා ස්වයංක්‍රීයව ස්ථාපිත කිරීමට ඉඩ ලබා දෙන නවීන මෙහෙයුම්  පද්ධති වල ඇති ගුණාංගය සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ.

    (1) Add/Remove hardware ලෙස ය.
    (2) Easy Installer ලෙස ය.
    (3) Plug and play ලෙස ය.
    (4) Add Hardware Utility ලෙස ය.
    (5) Fetch and Store ලෙස ය

    9 / 50

    Category: Information and Communication Technology 2015

    (9) පුද්ගලික පරිගණකයක (Personal computer) ඇති සසම්භාවී ප්‍රවේශ මතකයහි(RAM)  දර්ශීය භාවිතයක් (typical use) නොවන්නේ පහත සඳහන් කවරක් ද?

    (1) සැකසුම් සඳහා දත්ත පවත්වා ගැනීම
    (2) මෙහෙයුම් සඳහා උපදෙස් රඳවා ගැනීම
    (3) මහෙයුම් පද්ධතිය සඳහා ආචයනය (storage) සැපයීම
    (4) ප්‍රතිදානය සඳහා තොරතුරු පවත්වා ගැනීම
    (5) ප්‍රවේෂණය (boot-up) කිරීම සඳහා  BIOS  ක්‍රමලේඛය පවත්වා ගැනීම

    10 / 50

    Category: Information and Communication Technology 2015

    (10) සමාජ ජාල අඩවි  සම්බන්ධයෙන් පහත දක්වා ඇති වගන්ති සලකා බලන්න.

    1. ඡන්ද ප්‍රචාරක වැඩ වැඩසටහන් සඳහා මාර්ගයක් ලෙස මේවායෙහි භාවිතය වැඩිවෙමින් පවතී.
    2. ජාල අඩවියක් තුළ දී පරිශීලකයකු ගේ සැබෑ අනන්‍යතාව හැම සැමවිටම සහතික කරනු ලැබේ.
    3. නවීන සමාජය තුළ මානව සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා මෙම සමාජ වෙබ් අඩවි දෙකම අවශ්‍ය වේ.

    ඉහත සදහන් වගන්ති අතුරෙන් නිවැරදි වන්නේ,
    (1) A පමණි.
    (2) B පමණි
    (3) C පමණි
    (4) C හා Bපමණි.
    (5) A හා C පමණි.

    11 / 50

    Category: Information and Communication Technology 2015

    (11) පහත පෙන්වා ඇති සාර්වත්‍ර (universal ) ද්වාර ආධාරයෙන් ස්ථාපිත කරන ලද සංයුක්ත (combinatory) පරිපථය සලකන්න.


    ඉහත පරිපථය  සමතුල්‍ය වන්නේ,
    (1) AND ද්වාරයකට ය.
    (2) OR ද්වාරයකට ය.
    (3) NAND ද්වාරයකට ය.
    (4) NOR ද්වාරයකට ය.
    (5) NOT ද්වාරයකට ය.

    12 / 50

    Category: Information and Communication Technology 2015

    (12) ප්‍රතිසම සංඥාවක් (analog signal) සංඛ්‍යාංක සඥාවක් බවට  පරිවර්තනය කිරීමට....................... භාවිත කරනු ලැබේ.

    (1) විස්තාර මූුර්ජනය.(Amplitude Modulation (AM) )
    (2) සංඛ්‍යාත මූර්ජනය.(Frequency Modulation (FM) )
    (3) ස්පන්දිත කේත මුර්ජනය.(Pulse Code Modulation (PCM) )
    (4) කලා මූර්ජනය.(Phase Modulation (PM))
    (5) කාල බෙදුම් මූර්ජනය.(Time Division Modulation (TDM) )

    13 / 50

    Category: Information and Communication Technology 2015

    (13) ජාලයක පවතින පරිදි පරිගණකයක් 192.248.16.91 යන IP ලිපිනය සහ  255.255.255.128 යන උප ජාල ආවරණය  (subnet mask)මගින් වින්‍යාසගත කර ඇත. මෙම ජාලයේ පවතින පරිගණකයක් සඳහා ලබා දිය නොහැක්කේ පහත පෙන්වා ඇති කවර IP ලිපිනයක්ද?

    (1) 192.248.16.161
    (2) 192.248.16.78
    (3) 192.248.16.110
    (4) 192.148.16.75
    (5) 192.248.16.120

    14 / 50

    Category: Information and Communication Technology 2015

    (14) ශ්‍රී ලංකාවේ සමහර පළාත් වල රථවාහන සඳහා ආදායම් බලපත්‍ර මාර්ගගතව  (online) ලබා දෙයි. මෙම සේවාව සඳහා නිවැරදි  ව්‍යාපාර වර්ගය පහත සඳහන් දෑ අතුරෙන් කුමක්ද?

    (1) B2C
    (2) B2B
    (3) C2B
    (4) B2E
    (5) G2C

    15 / 50

    Category: Information and Communication Technology 2015

    (15) පහත සඳහන් HTML මූලාංගය (element) සලකන්න.

    ඉහත මූලාශ්‍රයේ ක්‍රියාකාරීත්වය මත ‘maxlength'  උපලක්ශණයේ බලපෑම කුමක්ද?

     (1) මෙමගින් පාඨාංක කොටුවේ (texbox) දිග පික්සල 15ට සකස් කර දෙයි.
    (2) මෙමගින් පාඨාංක කොටුවේ දිග අනුලක්ෂණ  (characters) 15 ට  සකස් කර දෙයි.
    (3) මෙමගින් පාඨාංක කොටුව තුල උපරිම වශයෙන්  අනුලක්ෂණ 15 ක් පෙන්වනු ලබයි.
    (4) අනුලක්ෂණ 15ක් යතුරු ලියූ පසු සංදර්ශකය දකුණට අනුචලනය වේ.
    (5) මෙමගින් පාඨ කොටුව තුල උපරිම වශයෙන්   අනුලක්ෂණ 15 ක්  යතුරු ලිවීම සඳහා අවසර ලබාදෙයි.

    16 / 50

    Category: Information and Communication Technology 2015

    (16) පහත සඳහන්  HTML මූලාංග සලකා බලන්න,
    attributes

     ඉහත වගන්තියේ නම්  උපලක්ෂණයේ අගය මගින් දැක්වෙන ආකාරයට නම් වූ සම්බන්ධිත ලේඛනය විවෘත විය යුතු ස්ථානය වන්නේ,
    (1) නව පටිත්තක් (tab) හෝ කවුළුවක් තුළය
    (2) එම රාමුව  (frame)තුළම ය
    (3) මුල්  (parent) රාමුව තුළම ය
    (4) “blank” ලෙස නම් කරන ලද රාමුව තුළ ය
    (5) පවතින කවුළුවේ මූල ප්‍රදේශය තුළ ය

    17 / 50

    Category: Information and Communication Technology 2015

    (17) වෙබ් පිටුවක  පසුබිම් (background) වර්ණය කහ පාට (yellow) කිරීමට භාවිත කළ යුතු නිවැරදි CSS රීතිය කුමක් ද?

    (1) body {body-color.”yellow”;}
    (2) body {bgcolor=yellow;}
    (3) body {background-color:yellow;}
    (4) body {bgcolor = yellow}
    (5) body {background-color = yellow;}

    18 / 50

    Category: Information and Communication Technology 2015

    (18) සම්ප්‍රේෂණ පාලන නියමාවලිය (TCP) සම්බන්ධයෙන් පහත සඳහන් වගන්ති අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද?

    (1) TCP යනු ජාල ස්ථර (network layer) නියමාවලියකි.
    (2) යවනු ලබන සෑම බයිටයක්ම ග්‍රාහකයා වෙත ලැබීම TCP මගින් සහතික කරයි.
    (3) එක් පරිගණකයක්  තුල TCP භාවිත කළ හැක්කේ එක් වරකට එක් යෙදුමකට පමණි.
    (4) HTTP, TCP භාවිත කරයි.
    (5) TCP විසින් ප්‍රවාහන (transport) නියමාවලිය ලෙස User Datagram නියමාවලිය (UDP) භාවිත කරනු ලබයි.

    19 / 50

    Category: Information and Communication Technology 2015

    (19) ස්ථානීය පෙදෙස් ජාලයක්  (LAN) 255.255.240.0 යන උපජාල ආවරණය  (subnet mask) භාවිත කරයි. මෙම ජාලයේ පවතින උපක්‍රම සඳහා භාවිතා කළ හැකි එකිනෙකට වෙනස්  IP ලිපින  ​කොපමණ සංඛ්‍යාවක් පවතින්නේ ද?

    (1) 254
    (2) 256
    (3) 1024
    (4) 2046
    (5) 4094

    20 / 50

    Category: Information and Communication Technology 2015

    (20) අන්තර්ජාලයෙ මං  හැසිරවීම (routing) සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත වගන්ති අතුරින් කවරක් ද ?

    (1) දෙන ලද ඕනෑම LAN එකක උපරිම වශයෙන් පැවතිය හැක්කේ එක් මංහසුරුවකි
    (2) එක් මංහසුරුවකට ජාල අතුරු මුහුණත් (Network Interfaces) එකකට වඩා පැවතිය හැකිය
    (3) මං හැසිරවීම ප්‍රවාහන ස්ථරයේ (Transport Layer) එක් කාර්යයකි
    (4) සියලු මංහසුරු HTTP proxies ලෙස ක්‍රියා කරයි
    (5) සියලු යෙදුම් TCP භාවිත කරයි නම් අන්තර්ජාලයට මංහැසිරවීම අවශ්‍ය නොවේ

    21 / 50

    Category: Information and Communication Technology 2015

    (21) පරිගණක පද්ධති හා සම්බන්ධ පහත සදහන් පද සලකා බලන්න 

    A අනිශ්ට මෘදුකාංග (Malware)
    B දෘඩාංග (Hardware)
    C මෘදුකාංග (Software)
    D ජීවාංග (Liveware)
    පරිගණක පද්ධති  මූලික සංරචක වන්නේ ඉහත සදහන් දෑ අතුරෙන් කවරක් ද?

    (1) A හා B පමණි
    (2) A හා C පමණි
    (3)  A හා D පමණි
    (4) B හා C පමණි
    (5) B,C හා D පමණි

    22 / 50

    Category: Information and Communication Technology 2015

    (22) පොදු  යතුරු ගුප්ත  කේතක පද්ධතියක (public key system) දී නම් පුද්ගලයෙකුගේ පුද්ගල යතුරු (private key) යන ශ්‍රිතයෙන් හා පොදු යතුරු යන ශ්‍රිතයෙන් ද දෙනු ලැබේ.
    පහත සඳහන් වගන්ති සලකා බලන්න.

    1. Priv(x) භාවිත කිරීම් මගින් පමණක් විකේතනය (decrypt) කළ හැකි සේ පණිවිඩයක් ගුප්ත කේතනය කිරීම සඳහා pub(x)  භාවිත කරයි.
    2. X වෙත යවන පණිවිඩයක අත්සන් තැබීම (sign) සඳහා  (pub(x)  භාවිත කරයි.
    3. Pub(x) භාවිතයෙන් ගුප්තකේතනය කරනු ලැබූ පණිවිඩයක්  (pub(x) භාවිතයෙන් කේතනය කර හැකි වේ.

     ඉහත වගන්ති අතුරෙන් නිවැරදි වන්නේ,
    (1) A පමණි
    (2) B පමණි
    (3) C පමණි
    (4) A  හා B පමණි
    (5) B හා C පමණි

    23 / 50

    Category: Information and Communication Technology 2015

    (23) www.bogus.lk වසම් නාමය සහිත සේවාදායක පරිගණකයක් (server)  සම්බන්ධයෙන් පහත වගන්ති සලකා බලන්න,
    A    www.bogus.lk සේවාදායකය ලෝකයේ ඕනෑම තැනක ස්ථානගත වී තිබිය හැකි වේ.
    B    www.bogus.lk වෙබ් සේවාදායකයක් ම විය යුතුය.
    C    www.bogus.lk සහ www.bogus.com  යන වසම්නාම එකම  IP ලිපිනයක් හා බැඳී පැවතිය හැකිය.

    ඉහත වගන්ති අතුරෙන් නිවැරදි වන්නේ,
    (1) A පමණි
    (2) B පමණි
    (3) C පමණි
    (4) A හා B පමණි
    (5) A හා C පමණි

    24 / 50

    Category: Information and Communication Technology 2015

    (24) පරිගණක ක්‍රමලේඛ භාෂා සම්බන්ධයෙන් පහත වගන්ති සලකා බලන්න,

    A   දර්ශීය (Typical)  පරිගණකයක සකසනයට එම සකසනයේ යන්ත්‍ර භාෂාව පමණක් තේරුම් ගැනීම සහ ක්‍රියාත්මක කිරීම කළ හැකි ය.
    B   දර්ශීය පරිගණකයක සකසනයට, ඕනෑම සකසනයක ඕනෑම යන්ත්‍ර භාෂාවක් තේරුම් ගෙන  ක්‍රියාත්මක කළ හැකි ය.
    C   දර්ශීය පරිිගණකයක සකසනයට, ඕනෑම එසෙම්බ්ලි  (assembly) භාෂාවකින් වූ ඕනෑම ක්‍රමලේඛනයක් තේරුම් ගෙන ක්‍රියාත්මක කළ හැකි ය.
    D   දර්ශීය පරිගණක සකසනයකට පයිතන් භාෂාවෙන්  (phython language) ලියන ලද ඕනෑම ක්‍රමලේඛයක් තේරුම්ගෙන ක්‍රියාත්මක කළ හැකිය.

    ඉහත වගන්ති අතුරෙන් නිවැරදි වන්නේ,

    (1) A පමණි
    (2) A හා B පමණි
    (3) A හා C පමණි
    (4) B හා C පමණි
    (5) C හා D පමණි

    25 / 50

    Category: Information and Communication Technology 2015

    (25) විශ්ව විසිරි වියමන (world wide Web) සම්බන්ධයෙන් පහත වගන්ති සලකා බලන්න.
    A  මෙය අන්තර්ජාලය හරහා ප්‍රවේශ විය හැකි එකිනෙකට සම්බන්ධ වූ අධිපාඨ (hypertext) ලේඛන එකතුවකි.
    B  මෙය අන්තර්ජාලය හා සම්බන්ධ වූ පරිගණක මගින් තොරතුරු බෙදාහැරීම සඳහා වූ නියමාවලියකි (protocol)
    C  මෙය විශ්ව විසිරී වියමන සංසදය (W3C) විසින් නිර්මාණය කරන ලද්දකි.

    ඉහත වගන්ති අතරෙන් නිවැරදි වන්නේ,
    (1) A පමණි
    (2) B පමණි
    (3) C පමණි
    (4) A  හා B පමණි
    (5) A හා  C පමණි

    26 / 50

    Category: Information and Communication Technology 2015

    (26) ගතික සසම්භාවී ප්‍රවේශ මතක (DRAM) හා ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතක (SRAM) සම්බන්ධයෙන් පහත වගන්ති සලකා බලන්න.
    A  රෙජිස්තර සාදා DRAM  ඇත්තේ මගිනි.
    B   SRAM ට වඩා DRAM  වේගවත් වේ.
    C    SRAM ට වඩා DRAM ගහන (dense) වේ.

    ඉහත වගන්ති අතරෙන් නිවැරදි වන්නේ ,

    (1) A පමණි
    (2) B පමණි
    (3) C පමණි
    (4) A හා B පමණි
    (5) B හා C පමණි

    27 / 50

    Category: Information and Communication Technology 2015

    (27) ABC හෝල්ඩින්ග්ස් යන ශ්‍රී ලාංකික නිශ්පාදන සමාගමේ ප්‍රධාන කාර්යාලය ජපානයෙහි පිහිටා ඇත. ජපානයේ  සිටින ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්ව කණ්ඩායම හා ශ්‍රී ලංකාවේ සිටින දේශීය කාර්ය මණ්ඩලය අතර සතිපතා ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම සඳහා භාවිතයට වඩාත්ම පහසු ක්‍රමය වන්නේ කුමක්ද?

    (1) දුරකථන ඇමතුම්
    (2) ස්කයිප් (Skype)
    (3) විද්‍යුත් තැපෑල
    (4) කෙටි පණිවිඩ (SMS)
    (5) යූටියුබ් (YouTube)  භාවිතය.

    28 / 50

    Category: Information and Communication Technology 2015

    ♦ අංක 28 සිට 31 දක්වා ප්‍රශ්න සඳහා ගැලීම් සටහන මගින් පෙන්වා ඇති ඇල්ගොරිතමය පාදක වේ.

    පහත වගන්ති සලකා බලන්න,
    A   මෙම ඇල්ගොරිතමය එක් ආදානයක් පමණක් ලබා ගනී.
    B   මෙම ඇල්ගොරිතමයට කිසිඳු පුරනාවර්තනයක්(repetition/loop) ඇතුළත් නොවේ.
    C   පරිශීලකයා x සඳහා -1 ආදානය කළහොත් පරිශීලකයා යලිත් අගයක් ඇතුළත් කරන තුරු ඇල්ගොරිතමය නතර නොවේ.
    D    X පරිශීලක සඳහා 1 ආදානය කළහොත් පරිශීලකයා යළිත් අගයක් ඇතුළත් කරන තුරු ඇල්ගොරිතමය නතර නොවේ.

    (28) ඉහත වගන්තිඅතරෙන් නිවරැදි වන්නේ කවරක්ද?
    (1) A පමණි
    (2) A හා B පමණි
    (3) A හා  D පමණි
    (4) B හා C පමණි
    (5) C හා D පමණි

    29 / 50

    Category: Information and Communication Technology 2015

    ♦ අංක 28 සිට 31 දක්වා ප්‍රශ්න සඳහා ගැලීම් සටහන මගින් පෙන්වා ඇති ඇල්ගොරිතමය පාදක වේ.

    පහත වගන්ති සලකා බලන්න,
    A   මෙම ඇල්ගොරිතමය එක් ආදානයක් පමණක් ලබා ගනී.
    B   මෙම ඇල්ගොරිතමයට කිසිඳු පුරනාවර්තනයක්(repetition/loop) ඇතුළත් නොවේ.
    C   පරිශීලකයා x සඳහා -1 ආදානය කළහොත් පරිශීලකයා යලිත් අගයක් ඇතුළත් කරන තුරු ඇල්ගොරිතමය නතර නොවේ.
    D    X පරිශීලක සඳහා 1 ආදානය කළහොත් පරිශීලකයා යළිත් අගයක් ඇතුළත් කරන තුරු ඇල්ගොරිතමය නතර නොවේ.

    (29) ගැලීම් සටහන මගින් නිරූපණය වන ඇල්ගොරිතමය දුර්වල ඇල්ගොරිතමයක්සේ සලකනු ලබනේ,
    (1) එය සමහර ආදාන අගයන්වල දී නොනවතින නිසාය.
    (2) එයට නිශ්චිත පියවර සංඛ්‍යාවක් නොමැති නිසාය.
    (3) ඊළඟ පියවර ගැන සඳහනක් නොමැති අඩු ම වශයෙන් එක් පියවරක්වත් එහි ඇති නිසාය.
    (4) එය පියවර අනුක්‍රමයකින් සමන්විත නොවන නිසාය.
    (5) එහි කිසිම විචල්‍ය ප්‍රරූප (vaiable type) හඳුන්වාදීමක් ඇතුලත් නොවන නිසා ය.

    30 / 50

    Category: Information and Communication Technology 2015

    ♦ අංක 28 සිට 31 දක්වා ප්‍රශ්න සඳහා ගැලීම් සටහන මගින් පෙන්වා ඇති ඇල්ගොරිතමය පාදක වේ.

    පහත වගන්ති සලකා බලන්න,
    A   මෙම ඇල්ගොරිතමය එක් ආදානයක් පමණක් ලබා ගනී.
    B   මෙම ඇල්ගොරිතමයට කිසිඳු පුරනාවර්තනයක්(repetition/loop) ඇතුළත් නොවේ.
    C   පරිශීලකයා x සඳහා -1 ආදානය කළහොත් පරිශීලකයා යලිත් අගයක් ඇතුළත් කරන තුරු ඇල්ගොරිතමය නතර නොවේ.
    D    X පරිශීලක සඳහා 1 ආදානය කළහොත් පරිශීලකයා යළිත් අගයක් ඇතුළත් කරන තුරු ඇල්ගොරිතමය නතර නොවේ.

    (30) මෙම ඇල්ගොරිතමය නවතින්නේ,
    (1) අගය 5 ආදානය කළ පසුවය.
    (2) අගයන් 0, 5 ,4 එකකට පසු එකක් ලෙස ආදානය කළ පසු ය.
    (3) අගයන් 2, 5, 4 එකකට පසු එකක් ලෙස ආදානය කළ පසු අගය 4 මුද්‍රණය කිරීමෙනි.
    (4) අගයන් 2, 4, 5 එකකට පසු එකක් ලෙස ආදානය කල පසු අගය 4 මුද්‍රණය කිරීමෙනි.
    (5) අගයන් 2, 5, 4 එකකට පසු එකක් ලෙස ආදානය කළ පසු අගය 9 මුද්‍රණය කිරීමෙනි.

    31 / 50

    Category: Information and Communication Technology 2015

    ♦ අංක 28 සිට 31 දක්වා ප්‍රශ්න සඳහා ගැලීම් සටහන මගින් පෙන්වා ඇති ඇල්ගොරිතමය පාදක වේ.

    පහත වගන්ති සලකා බලන්න,
    A   මෙම ඇල්ගොරිතමය එක් ආදානයක් පමණක් ලබා ගනී.
    B   මෙම ඇල්ගොරිතමයට කිසිඳු පුරනාවර්තනයක්(repetition/loop) ඇතුළත් නොවේ.
    C   පරිශීලකයා x සඳහා -1 ආදානය කළහොත් පරිශීලකයා යලිත් අගයක් ඇතුළත් කරන තුරු ඇල්ගොරිතමය නතර නොවේ.
    D    X පරිශීලක සඳහා 1 ආදානය කළහොත් පරිශීලකයා යළිත් අගයක් ඇතුළත් කරන තුරු ඇල්ගොරිතමය නතර නොවේ.

    (31) ගැලීම් සටහනේ හැසිරීම ක්‍රියාවට නංවන්නේ පහත සදහන් කුමන පයිතන් ක්‍රමලේඛයෙන්ද?

    32 / 50

    Category: Information and Communication Technology 2015

    (32) බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් (ATM) සම්බන්ධයෙන් පහත පෙන්වා ඇති වගන්තිය සලකන්න: "පද්ධතිය මගින් මුදල් ලබා දීම තත්පර 10කට වඩා අඩු කාලයකදී කළ යුතුම ය."

    පහත සඳහන් වගන්තිය සම්බන්ධයෙන් නිවරැදි වන්නේ පහත සඳහන් කවරක්ද?
    (1) මෙය අත්‍යවශ්‍ය කාර්යබද්ධ නොවන අවශ්‍යතාවකි.
    (2) මෙය ඇත්නම් කදිම කාර්යබද්ධ නොවන අවශ්‍යතාවකි.
    (3) මෙය අත්‍යවශ්‍ය කාර්යබද්ධ අවශ්‍යතාවකි.
    (4) මෙය ඇත්නම් කදිම කාර්යබද්ධ අවශ්‍යතාවකි.
    (5) මෙය පද්ධතිය සඳහා අත්‍යාවශ්‍යතාවක් නොවේ.

    33 / 50

    Category: Information and Communication Technology 2015

    ♦ පහත දැක්වෙන දත්ත ගැලීම් සටහන සලකන්න;

    (33) ව්‍යුහගත පද්ධති විශ්ලේෂන සැලසුම් ක්‍රමවේදය (SSADM) අනුව ඉහත රූපයේ දක්වා ඇති A,B හා C සංරචක නිරූපනය කරන්නේ අනුපිළිවෙලින්,
    (1) බාහිර භූතාර්ථයක්, ක්‍රියාවලියක් සහ දත්ත ගැලීමක් වේ.
    (2) ක්‍රියාවලියක්, භූතාර්ථයක් සහ දත්ත ගබඩාවක් වේ.
    (3) පරිශීලකයෙක්, ක්‍රියාවලියක් සහ විද්‍යුත් දත්ත සමුදායක වගුවක් වේ.
    (4) පරිශීලකයෙක්, ශ්‍රිතයක් සහ විද්‍යුත් දත්ත සමුදායක වගුවක් වේ.
    (5) බාහිර භූතාර්ථයක් , ක්‍රියාවලියක් සහ දත්ත ගබඩාවක් වේ.

     

    34 / 50

    Category: Information and Communication Technology 2015

    (34) පද්ධතියක විවෘතභාවය හා සංවෘතභාවය සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්තිය නිවරැදි වන්නේද?

    (1) බැංකුවක ස්වයන්ක්‍රීය ටෙලර් යන්ත්‍රයක් සංවෘත පද්ධතිය විය යුතුය.
    (2) පොදු භාවිත පරිගණකයක් (general purpose computer) විවෘත පද්ධතියක් සේ සැලකිය හැකිය.
    (3) මිනිස් රුධිර සංසරණ පද්ධතිය විවෘත පද්ධතියකි.
    (4) ජංගම දුරකතනය සංවෘත පද්ධතියකි.
    (5) සූර්ය බල ජනන පද්ධතියක් (solar generation system) සංවෘත පද්ධතියකි.

    35 / 50

    Category: Information and Communication Technology 2015

    (35) තොරතුරු සම්බන්ධයෙන් ස්වර්ණමය නීතිය (Golden rule) විදහා දක්වන්නේ පහත දක්වා ඇති කුමන ප්‍රස්තාරයෙන්ද?

    36 / 50

    Category: Information and Communication Technology 2015

    ♦ අංක 36 සිට 38 දක්වා තෙක් ප්‍රශ්න වලට පිළිතුරු දීම සඳහා පහත දක්වා ඇති සම්බන්ධතා සලකා බලන්න.

    programmer (programmeriId,programerName,gender ,NIC , mobilePhoneNumber,degree , universityName)
    client(clientId,clienName,address,telephoneNumber)
    project(projectId,projectName,clientId,startDate,endDate,cost)
    workFor(programmerId ,projectId,startDate,endDate,)

    (36) පහත සඳහන් වගන්ති සලකා බලන්න,

    A  දෙන ලද ඕනෑම අවස්ථාවක දී එක් ක්‍රමලේඛකයෙකු  (programmer)වැඩිමනක් ලෙස එක් ව්‍යාපෘතියක (project) වැඩ කරයි.
    B  එක් ක්‍රමලේඛකයෙකු දෙන ලද ඕනෑම අවස්ථාවකදී  එක් සේවලාභියෙකු (client) වෙත පමනක් අනුයුක්ත කරයි.
    C  එක් සේවාලාභියෙකු හට එක් ව්‍යාපෘතියකට වඩා පැවතිය හැකිය.

    සැමවිටම නිවරැදි වන්නේ ඉහත සඳහන් කුමන් වගන්තිය/වගන්ති ද?
    (1) A පමණි
    (2) Bපමණි
    (3) C පමණි
    (4) A හා B පමණි
    (5) B හා C පමණි

    37 / 50

    Category: Information and Communication Technology 2015

    ♦ අංක 36 සිට 38 දක්වා තෙක් ප්‍රශ්න වලට පිළිතුරු දීම සඳහා පහත දක්වා ඇති සම්බන්ධතා සලකා බලන්න.

    programmer (programmeriId,programerName,gender ,NIC , mobilePhoneNumber,degree , universityName)
    client(clientId,clienName,address,telephoneNumber)
    project(projectId,projectName,clientId,startDate,endDate,cost)
    workFor(programmerId ,projectId,startDate,endDate,)

    (37) සම්බන්ධතාවල  උපැලකි (attributes) සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කවරක් ද ?
    (1) Gender,NIC සහ MobilePhoneNumber යන උපලැකි programmer සම්බන්ධතාවයෙහි අපේක්ෂක යතුරු (candidatekeys) වේ
    (2) startDate යන උපලැකි ව්‍යුත්පන්න (drived) උපලැකියකි
    (3) NIC උපලැකිය ,programmer සම්බන්ධතාවේ විකල්ප යතුරක් (alternate key) සේ සැලකිය හැකි ය
    (4) startDate උපලැකිය workFor සම්බන්ධතාව සදහා ආගන්තුක යතුරකි (foreign key)
    (5) workFor සම්බන්ධතාවේ ඇති සෑම උපලැකියානයක ම  (record) projectId භාවිතයෙන් අනන්‍යතාවය හදුනාගත හැකි වේ

    38 / 50

    Category: Information and Communication Technology 2015

    ♦ අංක 36 සිට 38 දක්වා තෙක් ප්‍රශ්න වලට පිළිතුරු දීම සඳහා පහත දක්වා ඇති සම්බන්ධතා සලකා බලන්න.

    programmer (programmeriId,programerName,gender ,NIC , mobilePhoneNumber,degree , universityName)
    client(clientId,clienName,address,telephoneNumber)
    project(projectId,projectName,clientId,startDate,endDate,cost)
    workFor(programmerId ,projectId,startDate,endDate,)

    (38) පහත සඳහන් වගන්ති අතුරිෙන් කවරක් නිවැරදිද වන්නේද?
    (1) සියලු සම්බන්ධතා තෙවැනි ප්‍රමත අවස්ථාවේ පවතී.
    (2) Programmer හැරුණු විට අනෙකුත් සියලු සම්බන්ධතා තෙවැනි ප්‍රමත අවස්ථාවේ පවතී.
    (3) Client හැරුණු විට  අනෙකුත් සියලු සම්බන්ධතා තෙවැනි ප්‍රමත අවස්ථාවේ පවතී.
    (4) Project හැරුණු විට අනෙකුත් සියලු සම්බන්ධතා තෙවැනි ප්‍රමත අවස්ථාවේ පවතී.
    (5) workFor හැරුණු විට අනෙකුත් සියලු සම්බන්ධතා තෙවැනි ප්‍රමත අවස්ථාවේ පවතී.

    39 / 50

    Category: Information and Communication Technology 2015

    (39) පහත දක්වා ඇති දත්ත සමුදා සංරෝධක (constraints) සලකා බලන්න.
    A ප්‍රාථමික යතුර
    B දත්ත ප්‍රරුපය
    C ආගන්තුක යතුර

    දත්ත සමුදා වගුවක , දත්ත අනුපිටපතක් (duplicate) කිරීමට පරිශීලකයන්ට ඉඩ නොදෙනු ලබන්නේ ඉහත පෙන්වා ඇති කවර සංරෝධකය/සංරෝධක ද?

    (1) A පමණි
    (2) B පමණි
    (3) A හා B පමණි
    (4) A හා C පමණි
    (5) B හා C පමණි

    40 / 50

    Category: Information and Communication Technology 2015

    ♦ ප්‍රශ්න අංක 40 සහ 41 සඳහා පිළිතුරු සැපයීමට පහත පෙන්වා ඇති සම්බන්ධත සමුදා වගු හතර සලකා බලන්න.

    (40) “delete from item” යන SQL වගන්තිය  ක්‍රියාත්මක කළ විට දත්ත සමුදාය කළමනාකරණ පද්ධතිය මගින් පහත කුමන ක්‍රියාව සිදු කරයි ද ?
    (1) පරිශීලකට ලොප් (delete)  කිරීමට අවශ්‍ය කරන උපලැකියාන (records) තෝරාගන්නා ලෙස දන්වා සිටී.
    (2) ‘item’ වගුවේ ඇති සියලු උපලැකියාන ලොප් කිරීම සිදු විය හැකිය.
    (3) ‘item’ වගුව හෙළා දමනු ලැබේ.
    (4) ‘item’ වගුවේ කිසිදු උපලැකියානයක් ලොප් කරනු නොලැබේ.
    (5) වැරදි පවතින නිසා   වගන්තිය ක්‍රියාත්මක නොවේ.

    41 / 50

    Category: Information and Communication Technology 2015

    ♦ ප්‍රශ්න අංක 40 සහ 41 සඳහා පිළිතුරු සැපයීමට පහත පෙන්වා ඇති සම්බන්ධත සමුදා වගු හතර සලකා බලන්න.

    (41) ඉහත වගු සම්බන්ධයෙන් පහත සඳහන් කුමක් නිවරැදි වන්නේද?
    (1) සියලු වගු තෙවන ප්‍රමත වස්ථවේ පවතී.
    (2) මෙම වගු ප්‍රමතකරණය කර ඇත.
    (3) මෙම වගු සඳහා ඒකාබද්ධ සංරෝධක (integrity constraints)  නිවරැදිව යොදා ඇත.
    (4) ඒකාබද්ධ සංරෝධක නියමානුකූලව යොදාගෙන ඇති බව පැවසීමට කිසිදු සාධකයක් මෙහි නොමැත.
    (5) ප්‍රමතකරණය හා ඒකාබද්ධ සංරෝධක නියමානුකූලව ආදේශ කර ඇත.

    42 / 50

    Category: Information and Communication Technology 2015

    (42) 610 හි දෙකෙහි අනුපූරකය (two’s complement) නිරූපණය වන්නේ කුමකින්ද?
    (1) 11111010
    (2) 0000110
    (3) 11111001
    (4) 01011111
    (5) 00000101

    43 / 50

    Category: Information and Communication Technology 2015

    (43) ජාලයක X  නම් යන්ත්‍රයක සිට Y නම් යන්ත්‍රයක් 1MB වූ ගොනුවක් TPC සම්බන්ධයක් හරහා සාර්ථකව යවන ලදී.මෙම ගොනුවේ  10 වැනි   බයිටය  R නම් වූ මංහසුරුව (router) තුලින් ගමන් කර ඇති බව නිරීක්ෂණය විය. මෙම සන්නිවේදනය සම්බන්ධයෙන් පහත දී ඇති වගන්ති සලකා බලන්න.

    A  10 වැනි බයිටයට පසු 10,000 වැනි බයිටයද, R  නම් වූ මංහසුරුව තුලින් ගමන් කළ යුතුම ය.
    B  10,000 වැනි බයිටයද, X  සිට Y දක්වා 10  වැනි බයිටය ගමන් ගත් මාර්ගයේ ම ගමන් කර තිබිය යුතුම ය.
    C  10,000 වැනි බයිටය R නම් මංහසුරුව තුළින් ගමන් කර හෝ ගමන් නොකර හෝ තිබිය හැකිය.

     ඉහත සඳහන් කුමන වගන්තිය/වගන්ති නිවරැදි වන්නේද?
    (1) A පමණි
    (2) B පමණි
    (3) C පමණි
    (4) A හා B පමණි
    (5) B හා C පමණි

    44 / 50

    Category: Information and Communication Technology 2015

    ♦ අංක 44 සිට 47 තෙක් ප්‍රශ්න පහත දී ඇති පයිතන් ක්‍රමලේඛය මත පාදක වී ඇත.

    (44) මෙම පයිතන් කේතයේ සම්බන්ධයෙන් පහත වගන්ති සලකා බලන්න;
    A  එය තුළ විවරණයක් (comment)  පවතී.
    B  ශ්‍රිතයක අර්ථ දැක්වීමක් එය තුල අඩංගු වේ.
    C  කිසිදු තේරීමක් (selection)  එය තුල අඩංගු නොවේ.
    D  කිසිදු පූර්ණකරණයක් (itaraction) එය තුල අඩංගු නොවේ.

     ඉහත සඳහන් කුමන වගන්ති නිවැරදි වේ ද?
    (1)  A හා B පමණි
    (2)  A හාC පමණි
    (3)  C පමණි
    (4)  B හා C පමණි
    (5)  C හා D පමණි

    45 / 50

    Category: Information and Communication Technology 2015

    ♦ අංක 44 සිට 47 තෙක් ප්‍රශ්න පහත දී ඇති පයිතන් ක්‍රමලේඛය මත පාදක වී ඇත.

    (45) මෙම පයිතන් කේතයේ temp  නැමැති විචාරයෙහි දත්ත ප්‍රරූප වන්නේ කුමක්ද?
    (1)  Integer
    (2)  Float
    (3)  Boolean
    (4)  Tuple
    (5)  list

    46 / 50

    Category: Information and Communication Technology 2015

    ♦ අංක 44 සිට 47 තෙක් ප්‍රශ්න පහත දී ඇති පයිතන් ක්‍රමලේඛය මත පාදක වී ඇත.

    (46) “f” නැමති ශ්‍රිතයේ , ප්‍රත්‍යාගමනය (eturn) දත්ත ප්‍රරූප වන්නේ කුමක්ද?
    (1) Integer
    (2) Float
    (3) Boolean
    (4) Tuple
    (5) list

    47 / 50

    Category: Information and Communication Technology 2015

    ♦අංක 44 සිට 47 තෙක් ප්‍රශ්න පහත දී ඇති පයිතන් ක්‍රමලේඛය මත පාදක වී ඇත.

    (47) පහත සඳහන් අගය/අගයන් අතුරෙන් කවරක් ඉහත ක්‍රමලේඛයෙහි ප්‍රතිදානය තුළ පවතීද?
    (1)  23 හා  45
    (2)  45 හා -2
    (3)  -2 හා 0
    (4)  0
    (5)  23

    48 / 50

    Category: Information and Communication Technology 2015

    (48)  පහත පෙන්වා ඇති පයිතන් ක්‍රමලේඛය සලකන්න;

    Temp = [23,45,2,-2,0]
    Print(temp[::2])

     ඉහත ක්‍රමලේඛයේ ප්‍රතිදානය කුමක්ද?
    (1)  [23,45]
    (2)  [-2,0]
    (3)  [23,2,0]
    (4)  [2,-2,0]
    (5)  [23,45,2,-2,0]

    49 / 50

    Category: Information and Communication Technology 2015

    (49) මෘදුකාංග නියෝජිතවරු (software agents) සම්බන්ධයෙන් වැරදි වන්නේ පහත සඳහන් කුමක්ද?

    (1)   ඔවුන් යම් ප්‍රමාණයකට ස්වාධිකාරය (autonomy) පෙන්නුම් කරයි.
    (2)   ඔවුන් ප්‍රතික්‍රියක පද්ධතිවල (reactive system) උපකුලකයක් වේ.
    (3)   ඉලක්කගත (goal-directed) චර්යාවන්  පෙන්නුම් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ඔවුන් ප්‍රකීය (proactive) වේ.
    (4)   විද්‍යුත් වාණිජ්‍ය  (electronic commerce) ඔවුන්ගේ ප්‍රධාන යෙදුම් ක්ෂේත්‍රය වේ.
    (5)   බහු නියෝජිත (multi agent) පරිසරයක දී ඔවුන් සැමවිටම එකමුතු (cooperative) වේ.

    50 / 50

    Category: Information and Communication Technology 2015

    (50) කෘතිම බුද්ධි  ක්‍රමෝපා සඳහා පහත සඳහන් කවරක්  උදාහරණ වන්නේ ද?
    A  ස්නායුක ජාල (Natural Networks)
    B  ජාන ප්‍රවේණි ඇල්ගොරිතම (Genetic Networks).
    C  සාර්වත්‍රික පරිගණනය (Ubiquitous Computing)

    (1)  A පමණි
    (2)  B පමණි
    (3)  A හා B පමණි
    (4)  A හා C පමණි
    (5)  B හා C පමණි

    Fill Your Details Below to get your Results!

    Your score is

    The average score is 0%

    0%

    If you love our service, please rate us!

    Share this MCQ Paper

    Facebook
    WhatsApp
    Telegram
    Email
    Comment Here
    Subscribe Our Newsletter
    [email-subscribers-form id="1"]
    Recent Posts
    Z-score එක හැදෙන විදිය

    Z-score එක හැදෙන විදිය

    උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

    Read More »
    al panthiya news

    උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

    රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

    Read More »

    A/L Clinic (Tuition Classes)

    ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

    Read More »
    PHP Code Snippets Powered By : XYZScripts.com
    error: Content is protected !!