පිස්සු හැදෙන ඒ බැල්ම (අදහස්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මම හිතන්නෙ මේක උසස් පෙළ ටියුෂන් පංතියක ගත්ත පින්තූරයක්. මේ බැල්ම තමා ඉතින් තුන් කල්ම medicine යන්න හිටපු උන් කොන්දොස්තරල කලේ.

කවුරු ගත්තදනම් දන්නෙ නෑ, හැබැයි මේ දවස් වල අන්තර්ජාලයේ හතරවටේ කොල්ලො තමන්ගෙ අතීත අත්දැකීම් සිහි කර කර මේ පින්තූරෙ නම් එහෙට මෙහෙට share වෙනව.

 

මේකෙ ඉතින් විහිලුව විහිලුව විදියට තේරුම් අරගෙන, පින්තූරෙ ඉන්න ගෑනු ලමයි ටික ගැන නරකක් කතා වෙන්නැත්තන් එච්චරයි.

ලoකාවේ ගොඩක් වෙලාවට වෙන්නෙ ඉතින් ඕකනෙ, අන්තිමට අහින්සක කෙල්ලෙක්ගෙ චරිතෙ ඔක්කොම ගාතනය කරල තමයි postmotum තියන්න කොමිසම් පත්කරන්නෙ.

මේ හිනාව ඇතුළෙ අපි හුඟ දෙනෙකුගෙ ජීවිතවලට පොදු කතාවක් තියනවා.

ඒ කාලෙ මටත් තිබුන එක පංතියක හිටපු කෙල්ලෙක් එක්ක මේ විදියට ඇස් වලින් කරකව කරකව කතා කරන පුරුද්දක්. එයත් එක්ක හම්බෙලා කතාකරන්න වෙලාවක් මට ඒ දවස් වල මගෙ වටේ හිටපු වසවර්ති මාරයො සෙට් එකත් එක්ක හම්බුනේම නැහැ. එයාගෙ නමවත්, ගිය ඉස්කෝලෙ මොකක්ද කියලාවත්, ඉන්නෙ කොහෙද කියලවත් මම දැනගෙන හිටියෙ නෑ. ඒත් ඉතින් ඒ පංතියෙ ඉන්න වෙලාව ඇතුළෙ අපි අපේම සුන්දර ලෝක වල තනිවෙලා ඇස් වලින් හිනා වෙවී කතා කර කර හරිම අහින්සක ප්‍රේමයක් කලා. හැබැයි ඉතින් මොකක් හරි අහේතුවකට ඒ කතන්දරේ එතනින් එහාට ගියෙම නෑ ඉතින්.

තව පංතියකට ආපු ලස්සන කෙල්ලෙක් ගැනත් මම ටිකක් ඇල්ම බැල්ම දාගෙන හිටියා. තව හිටිය ඉතින්, නමුත් මේ කෙල්ල මට හොදට මතකයි. එයාව නම් මම සෑහෙන පස්සෙන් follow කලා වචනයක් කතා කරන්න.

හැබැයි එතෙන්දිත් හරස් උනේ මට හිටපු යාලුවො කියල හිටිය වසවර්තයො ටික තමයි.

කොහොම කොහොම හරි එක දවසක් මම එයා පස්සෙ හෙන mission එකක් ගහල නුවර පැණිදෙණිය බස් එකට ගොඩ උනා.

ඒ වෙලාවේ බස් එකේ හෙන සද්දෙට දාගෙන ගියේ දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගෙ “මා සිතට අහම්බෙන්, ඔබ එබිකම් කල අරුමය රහසින්….” කියන ගීතය. අදටත් ඉඳහිට කොහෙ හරි යනකොට ඔය සිංදුව ඇහෙනකොට class එකේ මැද හරියෙ හිටපු ඒ කෙල්ල දාපු ඒ මුලු සර්වාන්ගෙම සීතල කරල වෙව්ලල දාන ඒ මොකද්ද කියල හිතාගන්න බැරි හිනාව මතක් වෙනව.

කොහොමෙන් කොහොමෙ හරි ඒ කාලෙ උසස් පෙළ ටියුෂන් පංතිවල ඇස් වලින් කතාකරපු, අපිට වෙව්ලලා උණ ගන්න විදියෙ බැල්මවල් දාපු කෙල්ලො පස්සෙ අපිට ෆේස්බුක් වලදි හම්බුනා අවුරුදු ගානකට පස්සෙ.

ඒ හුඟක් අය දැන් ෆේස්බුක් එකේ දාන්නෙ කසාද බැදපු මනුස්සය එක්ක, ලමයි එක්ක ඉන්න එයාගෙ පවුලෙ පින්තූර. සමහරු ලංකාවෙත් නෑ. සමස්තයක් විදියට ඉතින් හැමෝම ගමන් කරන ජීවන චක්‍රය දිගේ ඒ අයත් සෑහෙන දුරක් ගිහිල්ලා.

ඕක ඉතින් හැම කාලෙටම පොදු වෙච්ච කාරනාවක්. ඔය බැල්ම නිසා මිනිස්සු හැදිච්ච අවස්ථාත් තියනව නැත්තටම නැති වෙලා අද පාරවල් ගානෙ කුඩු ගගහ යන තැනට වැටිච්ච අයත් ඉන්නව.

ඒවගේම තමයි ඉතින් අනිත් පැත්තටත්. ඔහොම ගිහින් ඕක පුරුද්දට ගත්ත කෙල්ලොන්ට ඉතින් කවද හරි දවසක හොද කෙහෙල් ගහකට කොටපු දවසක තමා ඕකෙ ආනිසoස තේරෙන්න ගන්නෙ.

එතකොට හැබැයි ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙන්න පුලුවන් ආපහු හැරෙන්නම බැරි විදියට.

දැන් කාලෙ සමාජය මේ අන්තර්ජාලයේ තියන නිදහස් අවකාශය නිසා කිසිම කෙනෙකුට පුද්ගලිකත්වයක් කියල දෙයක් නැති තැනටම තල්ලු වෙලා ඉවරයි. ඒනිසාම තමා ඉස්සර අපි පුන්චි අහින්සක ක්‍රියා විදියට සලකපු මේ වගේ ක්‍රියා දැන් ලොකූ දේවල් වෙන්නෙ.

ඒකයි මම මුලින්ම කිව්වෙ, මේක බැලුවට මේ ලමයින්ගෙ ආත්මගරුත්වය ආරක්ෂා වෙන විදියට විහිලුව විහිලුව විදියටම ඇරන් එතනින් අපි අපේ විනෝදෙ කෙනෙක්ගෙ ඇස් රතුවෙන තැනට වචන හරබන්නෙ නැතුව සීමාව දෙනගෙන කියවලා යාලුවො අතරෙ share කරල comment එකක් දාමු කියල.

 

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!