2010 ගිණුම්කරණය බහුවරණ ප්‍රශ්න

0%
3

Past Papers | Accounting

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2010 - ගිණුම්කරණය

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 2 යි)

01 සිට 30 තෙක් එක් එක් ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින් ඉතාමත් ගැළපෙන උත්තරය තෝරන්න.

1 / 20

Category: Accounting 2010

1.2009.04.01 දින සමාගමක් රු . 800 000 කට උපකරණ ණයට අත්පත්කර ගන්නා ලදී. මෙම උපකරණ 2010.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිරිවැය මත 10% ක් ක්ෂය කරන ලදි .මෙම ගනුදෙනුවල බලපෑම් පහත සඳහන් කුමන සමීකරණය මගින් පෙන්නුම් කරයි ද?

                වත්කම්            =             වගකීම්              +            හිමිකම්

(1)   + 800 000            =          + 880 000                    - 80 000
(2)   + 800 000            =          +720 000                     + 80 000
(3)   + 720 000            =          + 800 000                    -  80 000
(4)   + 720 000            =          + 720 000                            -
(5)   + 720 000            =                   -                            + 720 000

2 / 20

Category: Accounting 2010

2.ව්‍යාපාර ආයතනයක් සම්බන්ධව පහත දී ඇති තොරතුරු අතුරෙන් කුමන තොරතුරට වෙළඳ ණයහිමියන් වැඩිපුර ඇල්මක් දක්වයි ද?
(1)  වාර්ෂික ලාභාංශ
(2)  වර්ෂය සඳහා ලාභය
(3)  නියමිත කාලයේ දී ණය ගෙවීමේ හැකියාව
(4)  ව්‍යාපාර ආයතනය ප්‍රතිසංවිධානය කිරීමේ හැකියාව
(5)  ප්‍රත්‍යාගණන අතිරික්තය

3 / 20

Category: Accounting 2010

3.පහත සඳහන් කුමන මූල්‍ය ප්‍රකාශන සංරචකය / සංරචකයන් නිශ්චිත දිනකට පිළියෙල කරනු ලබන්නේ ද?

A   -  ශේෂ පත්‍රය
B   -  ආදායම් ප්‍රකාශනය
C   -  හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය
D  -  මුදල් ප්‍රවාහ ප්‍රකාශන

(1)    A පමණි .
(2)    C පමණි .
(3)    A  හා C පමණි .
(4)    B  හා  D පමණි .
(5)    A , B  හා D පමණි.

4 / 20

Category: Accounting 2010

4.ගිණුම් කාලපරිච්ඡේදයක් තුළ ගැනිලි සහ අමතර ප්‍රාග්ධනය හඳුන්වාදීමක් නොමැති විට එම කාලපරිච්ඡේදය සඳහා ව්‍යාපාර ආයතනය නියත වශයෙන් ම ලාභයක් පෙන්නුම් කරනුයේ පහත සඳහන් කුමන අවස්ථාවේ ද?
(1)  කාලපරිච්ඡේදය තුළ මුළු වත්කම් වැඩිවන අවස්ථාවක
(2)  කාලපරිච්ඡේදය තුළ මුළු වගකීම් වැඩිවන අවස්ථාවක
(3)  කාලපරිච්ඡේදය අවසානයේ දී මුළු වගකීම්වලට වඩා මුළු වත්කම් වැඩිවන අවස්ථාවක
(4)  කාලපරිච්ඡේදය අවසානයේ දී කාරක ප්‍රාග්ධනය අඩුවන අවස්ථාවක
(5)  මුළු වත්කම්වල වැඩිවීමට වඩා මුළු වත්කම්වල වැඩිවීම වැඩිවන අවස්ථාවක

5 / 20

Category: Accounting 2010

5.පහත ගිණුම්කරණ සමීකරණ අතුරෙන් කුමන සමීකරණ නිවැරදි වන්නේ ද?

A ශුද්ධ වත්කම්  =  හිමිකම්
B වත්කම්  +  ආදායම්  = හිමිකම්  +  වගකීම්  +  වියදම්
C වත්කම්  + වියදම්   =  හිමිකම්   +වගකීම්  + ආදායම්
D ශුද්ධ වත්කම්  =  මුළු වත්කම්  -  ඡංගම නොවන වගකීම් - ඡංගම වගකීම්

(1)  B  හා C  පමණි .
(2)  B , C  හා D  පමණි .
(3)  A , C හා  D  පමණි .
(4)  A , B  හා C  පමණි .
(5)  A , B , C  හා  D යන සියල්ලම ය.

6 / 20

Category: Accounting 2010

6.ගිණුම්කරණ ක්‍රියාවලියේ දී පහත සඳහන් කාර්යයන් සිදුකරනු ලබන නිවැරදි අනුපිළිවෙළ කුමක් ද?

A. පියවීම් සටහන් පිළියෙල කිරීම
B. ලෙඡරයට ගනුදෙනු පිටපත් කිරීම
C. ඡ‘නල්වල ගනුදෙනු වාර්තා කිරීම
D. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම

(1)  C , A , B , D
(2)  D , C , A , B
(3)  B  , A , D , C
(4)  C , B , A , D
(5)  C , B , D , A

7 / 20

Category: Accounting 2010

7.2010.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන ආයතනයක් පහත සඳහන් තොරතුරු සපයා ඇත .

                                                                           රු .
නොනිමි තොග - 2009.04.01 දිනට                    7 000

                          - 2010.03.31 දිනට                 10 000
භාවිත කරන ලද සෘඡු ද්‍රව්‍ය                                    3 000
සෘඡු ශ්‍රමය                                                             2 000
කම්හල් පොදුකාර්ය                                              2 000

නිෂ්පාදනය කළ භාණ්ඩවල පිරිවැය කොපමණ ද?

(1)  රු . 3 000
(2)  රු . 4 000
(3)  රු . 5 000
(4)  රු . 6 000
(5)  රු . 7 000

8 / 20

Category: Accounting 2010

8.තනි ව්‍යාපාරයක පහත සඳහන් තොරතුරු ඇසුරෙන් 2010.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ඉපයු ලාභය කොපමණ ද?

2009.04.01 දිනට හිමිකම රු . 500 000 කි .
210.03.31 දිනට මුළු වත්කම් සහ මුළු වගකීම් පිළිවෙළින් රු .800 000ක් සහ රු .200 000 ක් විය.
වර්ෂය තුළ ගැනිලි රු . 30 000 කි .

(1)  රු . 100 000
(2)  රු . 130 000
(3)  රු . 160 000
(4)  රු . 500 000
(5)  රු . 600 000

9 / 20

Category: Accounting 2010

9.ආයතනයක පහත දී ඇති තොරතුරු මත 2010.03.31 දිනට ශේෂ පත්‍රයේ පෙන්නුම් කළ යුතු මුදල් ශේෂය කොපමණ ද?
                                                                                                                                                                රු .
2010.03.31 දිනට බැංකු ප්‍රකාශනයට අනුව අයිරාව                                                                      (10 000)
තැන්පත් කළ නමුත් 2010.03.31 දිනට උපලබ්ධි නොවු චෙක්පත්                                                  45 000
නිකුත් කළ නමුත් 2010.03.31 දිනට ගෙවීම් සඳහා බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත්                30 000
ණයගැතියන් විසින් සෘඡුව ම බැංකුවේ තැන්පත් කළ චෙක්පත්                                                           15 000

(1)  රු . 5 000
(2)  රු . (20 000)
(3)  රු . 25 000
(4)  රු . (25 000)
(5)  රු . (40 000)

10 / 20

Category: Accounting 2010

• පහත තොරතුරු යොදා ගනිමින් අංක 10 සහ 11 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න .
ආයතනයක් විසින් 2010.03.31 දින පිරිවැය රු .42 000ක් වු සහ එදිනට සමුච්චිත ක්ෂය රු . 28 000ක් වු යන්ත්‍රයක් ඒ හා සමාන වෙත් යන්ත්‍රයක් සමග හුවමාරු කරන ලදී . පැරණි යන්ත්‍රයේ ධාරණ වටිනාකම එහි හුවමාරු අගය ලෙස එකඟ වී ඇත . නව යන්ත්‍රයේ හුවමාරු වටිනාකම රු . 44 000 ක් වු අතර වෙනස මුදලින් ගෙවන ලදී .

10.මෙම හුවමාරු සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශනය නිවැරදි වේ ද?

(1) රු . 12 000 ක අලාභයක් ඇතිවේ .
(2) රු . 14 000 ක ලාභයක් ඇතිවේ .
(3) රු . 14 000 ක අලාභයක් ඇතිවේ .
(4) රු . 30 000 ක අලාභයක් ඇතිවේ .
(5)  ලාභයක් හෝ අලාභයක් ඇති නොවේ .

11 / 20

Category: Accounting 2010

• පහත තොරතුරු යොදා ගනිමින් අංක 10 සහ 11 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න .
ආයතනයක් විසින් 2010.03.31 දින පිරිවැය රු .42 000ක් වු සහ එදිනට සමුච්චිත ක්ෂය රු . 28 000ක් වු යන්ත්‍රයක් ඒ හා සමාන වෙත් යන්ත්‍රයක් සමග හුවමාරු කරන ලදී . පැරණි යන්ත්‍රයේ ධාරණ වටිනාකම එහි හුවමාරු අගය ලෙස එකඟ වී ඇත . නව යන්ත්‍රයේ හුවමාරු වටිනාකම රු . 44 000 ක් වු අතර වෙනස මුදලින් ගෙවන ලදී .

11.මෙම හුවමාරුව නිසා ආයතනයේ යන්ත්‍රවල ධාරණ වටිනාකමෙහි ඇතිවන ශුද්ධ වැඩිවීම කොපමණ ද?

(1)  රු . 14 000
(2)  රු . 28 000
(3)  රු . 30 000
(4)  රු . 42 000
(5)  රු . 44 000

12 / 20

Category: Accounting 2010

12.යන්ත්‍ර විකුණන සමාගමක් පිරිවැය රු .1 800 000 ක් වු යන්ත්‍රයක් 2010 මාර්තු මස 01 දින රු . 2 000 000 කට විකුණන ලදී .මෙම ගනුදෙනු පියවීමේ දී රු .300 000 ක එකඟ වු මිලකට පාවිච්චි කරන ලද යන්ත්‍රයක් සහ රු 700 000ක මුදලක් ගැනුම්කරුගෙන් ලබාගන්නා ලදී . ඉතිරිය මාස තුනක් ඇතුළත ගෙවීමට ගැනුමිකරු එකඟ විය.

2010.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෙම ගනුදෙනුවට අදාළව හඳුනාගත යුතු සමාගමේ අදායම කුමක් ද?

(1)  රු . 300 000
(2)  රු . 700 000
(3)  රු . 1 000 000
(4)  රු . 1 800 000
(5)  රු . 2 000 000

13 / 20

Category: Accounting 2010

13.මෝටර් රථ වෙළදාම් කරන ආයතනයක් 2010 මැයි 30 දින පාවිච්චි කරන ලද මෝටර් රථයක් රු . 1 300 000 කට මිලදී ගෙන තැරැව්කරුගේ කොමිස් ලෙස රු . 20 000 ක් ගෙවන ලදී. ආයතන බදුවල ක්ෂණික අඩුවීම නිසා 2010 ඡූනි 30 දිනට මෙම රථයේ වෙළඳපොළ මිල රු . 800 000 කට ඇස්තමේන්තු කරන ලදී . තව ද එදිනට මෙම රථයේ ඇස්තමේන්තු විකුණුම් කොමිස් මුදල රු . 30 000 ක් වේ .

2010 ඡූනි 30 දිනට මෙම රථයේ පිරිවැය සහ ශුද්ධ උපලබ්ධි අගය වනුයේ පිළිවෙළින්

(1) රු . 1 300 000  සහ රු . 770 000 කි .
(2) රු . 1 320 000  සහ රු . 780 000 කි .
(3) රු . 1 000 000  සහ රු . 830 000 කි .
(4) රු . 1 320 000  සහ  රු . 770 000 කි.
(5) රු . 1 320 000  සහ  රු . 800 000 කි.

14 / 20

Category: Accounting 2010

14.පහත සඳහන් ප්‍රකාශවලින් කුමන ප්‍රකාශය / ප්‍රකාශ උපචිත ගිණුම්කරණය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ ද?

A.වියදම් සඳහා වන මුදල් ගලා යෑම්වලට වඩා අදායම් මගින් ඇතිවන මුදල් ගලා ඒම්වල අතිරික්තය , ශුද්ධ ලාභය වේ .
B.කාලච්ඡේදයක් සඳහා අදායම් හඳුනාගනු ලබන්නේ එය උපයන විට ය.
C.කාර්ය සාධනය මැනීම සඳහා මුදල් පදනමට වඩා උපචිත පදනම යෝග්‍ය වේ .

(1)  A  පමණි .
(2)  B  පමණි .
(3)  C  පමණි .
(4)  A  හා  B පමණි .
(5)  B  හා C  පමණි .

15 / 20

Category: Accounting 2010

15.ගිණුම් වර්ෂයක් අවසානයේ දී පිළිවෙළින් ශේෂ පියවනු ලබන්නේ සහ ඉදිරියට ගෙනයනු ලබන්නේ පහත සඳහන් කුමන ගිණුම් වර්ග යුගලයේ ද?

       පියවන                           ඉදිරියට ගෙනයන
(1)  වත්කම්                              වියදම්
(2)  වියදම්                               වත්කම්
(3)  වගකීම්                             ආදායම්
(4)  ආදායම්                            වියදම්
(5)  හිමිකම්                             වියදම්

16 / 20

Category: Accounting 2010

16.අනු , ධනු සහ මදු , ලාභලාභ සමානව බෙදාගනිමින් පවත්වාගෙන යන හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් ය. අනු 2010 මාර්තු මස 31 දින හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාමගත් අතර එදිනට ව්‍යාපාරයේ කීර්තිනාමය ප්‍රාග්ධන ගිණුම්වල ගළපන ලදී. හවුල්  ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යාමට ධනු සහ මදු තීරණය කරන ලදී.

ප්‍රාග්ධන ගිණුම් ශේෂ :                       ධනු (රු .)                           මදු (රු .)
කීර්තිනාමය ගැළපීමට පෙර               200 000                           150 000
කීර්තිනාමය ගැළපීමෙන් පසු              160 000                           140 000

හවුල්කරුවන් විසින් එකඟ වු මුළු කීර්තිනාම වටිනාකම කුමක් ද?

(1)   රු . 10 000
(2)   රු . 25 000
(3)   රු . 50 000
(4)   රු . 75 000
(5)  රු . 150 000

17 / 20

Category: Accounting 2010

17.නිමල් සහ බාලා සම සමව ලාභාලාභ බෙදාගන්නා හවුල්කරුවන් ය. බාලාට අවම වාර්ෂික ආදායමක් හවුල් ව්‍යාපාරයෙන් ලැබෙන බවට නිමල් විසින් සහතික වී තිබිණි. ඉහත එකඟතාව අනුව එක් වර්ෂයක් සඳහා වූ ලාභය නිමල් සහ බාලා අතර බෙදාගෙන ඇති ආකාරය පහත දැක්වේ .

 

වර්ෂය සඳහා ලාභ
ලාභ කොටස්
-  නිමල්

-  බාලා

      රු .

 

400 000

500 000

     රු .

900 000

 

900 000

නිමල් විසින් බාලාට සහතික කොට තිබු වාර්ෂික ආදායම කොපමණ ද?

(1)   රු .   50 000
(2)  රු  . 100 000
(3)  රු .  400 000
(4)  රු .  500 000
(5)  රු .  900 000

18 / 20

Category: Accounting 2010

18.සම සමව ලාභාලාභ බෙදාගනිමින් පබා සහ නීෂා විසින් පවත්වාගෙන ගිය හවුල් ව්‍යාපාරයට 2009 සැප්තැම්බර් 30 දින සුභ 1/3 ලාභාලාභ කොටසකට සහ රු . 10 000 ක මාසිස වේතනයකට එකඟව හවුල්කාරියක ලෙස සම්බන්ධ විය. 2010.03.31 දිනෙන් අවසන් වු වර්ෂය තුළ දී ඒකාකාරිව උපයන ලද ලාභය රු . 600 000 ක් විය.

2010.03.31 දිනෙන් අවසන් වු වර්ෂය සඳහා පබා සහ සුභා හවුල් ව්‍යාපාරයෙන් ලබාගත් ආදායම් වනුයේ පිළිවෙළින්

(1) රු . 80 000 සහ රු . 140 000 කි .
(2) රු . 100 000 සහ රු . 100 000 කි .
(3) රු . 230 000 සහ රු . 140 000 කි .
(4) රු . 230 000 සහ රු . 150 000 කි .
(5) රු . 240 000 සහ රු . 150 000 කි .

19 / 20

Category: Accounting 2010

•පහත තොරතුරු යොදාගනිමින් අංක 19 සහ 20 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

2010 ඡුනි මාසය සඳහා සමාගමක වැටුප් සාරාංශය පහත දී ඇත.
විස්තරය                                                                   රු .

මූලික වැටුප                                                         100 000
දීමනා                                                                     25 000
සේවක අර්ථසාධක අරමුදල් අඩු කිරීම                      8 000
උත්සව අත්තිකාරම් අඩුකිරීම                                    7 000
ශුද්ධ වැටුප                                                          110 000
සේවක අර්ථසාදක අරමුදල් දායකය                       12 000

19.ඡුනි මාසය සඳහා සමාගමේ සේවකයින්ට අදාළ මුළු වියදම් කොපමණ ද?

(1)  රු . 100 000
(2)  රු . 108 000
(3)  රු . 110 000
(4)  රු . 125 000
(5)  රු . 137 000

20 / 20

Category: Accounting 2010

•පහත තොරතුරු යොදාගනිමින් අංක 19 සහ 20 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

2010 ඡුනි මාසය සඳහා සමාගමක වැටුප් සාරාංශය පහත දී ඇත.
විස්තරය                                                                   රු .

මූලික වැටුප                                                         100 000
දීමනා                                                                     25 000
සේවක අර්ථසාධක අරමුදල් අඩු කිරීම                      8 000
උත්සව අත්තිකාරම් අඩුකිරීම                                    7 000
ශුද්ධ වැටුප                                                          110 000
සේවක අර්ථසාදක අරමුදල් දායකය                       12 000

20.පහත සඳහන් ඒවායින් කුමන සටහන ඡුනි මාසය සඳහා සේවක අර්ථසාධක අරමුදල් වියදම් සම්බන්ධව නිවැරදි ගිණුම්කරණ සටහන පෙන්නුම් කරයි ද?
සේ.අ. අ. වියදම් ගිණුම                    චෙිතන ගිණුම                  ගෙවිය යුතු සේ.අ.අ. ගිණුම

              (හර) රු .                                    (හර) රු .                                       (බැර) රු.
(1)  8 000                                                 8 000                                             16 000
(2)  8 000                                                       -                                                  8 000
(3)  12 000                                             12 000                                              24 000
(4)  12 000                                                    -                                                  12 000
(5)  12 000                                               8 000                                             20 000

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 40%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!