2013 ව්‍යාපාර අධ්‍යයනය බහුවරණ ප්‍රශ්න

0%
4

Past Papers | Business Studies

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2013 - ව්‍යාපාර අධ්‍යයනය

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 1 යි)

ප්‍රශ්න අංක 1 සිට 30 තෙක්‌ වූ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තෝරන්න.

1 / 30

Category: Business Studies 2013

(1) ව්‍යාපාරයක පදනම වනුයේ,
(1) මුදල් ය
(2) භාණ්ඩ හා සේවා ය
(3) ලාභය
(4) ගනුණුදෙනුකරු ය
(5) යෙදවුම් සහ නිමැවුම්ය

2 / 30

Category: Business Studies 2013

(2) නවීන තාක්ෂණික උපකරණ සහිත බෝට්ටු යොදා ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම
(1) ප්‍රාථමික නිෂ්පාදනයකි
(2) ද්විතීක නිෂ්පාදනයකි
(3) තෘතීක නිෂ්පාදනයකි
(4) ප්‍රවාහ නිෂ්පාදනයකි
(5) කාර්ය නිෂ්පාදනයකි

3 / 30

Category: Business Studies 2013

(3) ස්වාභාවික පරිසරයේ පවත්නා සමහර සම්පත් සීමිත, එහෙත් නැවත අලුත් කළ හැකි (finite - renewable) ඒවා වන අතර සමහරක් සීමිත එහෙත් නැවත අලුත් කළ නොහැකි (finite nonrenewable) ඒවා ය.
A - වන (forest)
B - දියමන්ති (diamond)
C - මසුන් (fish)
D - ගල් අඟුරු (coal)
E - ආහාර (food)
F - ඛනිජ තෙල් (petroleum)
ඉහත සඳහන් දෑ අතරින් සීමිත එහෙත් නැවත අලුත් කළ නොහැකි සම්පත් වනුයේ,
(1) A,B,C,D, හා E ය
(2) A,B,D හා E ය
(3) A,C හා D ය
(4) B,C හා F ය
(5) B,D හා F ය

4 / 30

Category: Business Studies 2013

(4) "ව්‍යාපාර සමාජ වගකීම්" සංකල්පය යනු
(1) "නීතියට අනුව ව්‍යාපාර කටයුතු සිදු කළ යුතු ය" යන අදහස ය
(2) "කොටස්කරුවන්ගේ අරමුණ ඉටු කළ යුතු ය" යන අදහස ය
(3) "ව්‍යාපාරික තීරණ ගැනීමේදී කොටස්කරුවන්ගේ අරමුණු නොසලකා හැරිය යුතු ය" යන ය යන අදහස ය
(4) "ව්‍යාපාරික තීරණ ගැනීමේදී ඇල්මැති පාර්ශවයන් ගේ අරමුණු සැලකිල්ලට ගත යුතු ය" යන අදහස ය
(5) "ව්‍යාපාරික තීරණ ගැනීමේදී ගනුදෙණුකරුවන්ගේ අවශ්‍යතා හා වුවමනා සැලකිල්ලට ගත යුතු ය" යන අදහස ය

5 / 30

Category: Business Studies 2013

(5) රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය යටතට ඇතුළත් වනුයේ,
(1) පොළී හා මුදල් සැපයුම් පාලනය යි
(2) බදු හා ගාස්තු පාලනයයි
(3) වර්තන වියදම් පාලනය යි
(4) ප්‍රාග්ධන වියදම් පාලනයයි
(5) රාජ්‍ය ආදායම් හා වියදම් පාලනය යි

6 / 30

Category: Business Studies 2013

(6) ආහාර ආරක්ෂණ කළමනාකරණ පද්ධති සඳහා වූ අන්තර්ජාතික ප්‍රමිතිය කුමක්ද?
(1) ISO 9001 : 2008
(2) ISO 14001 : 2004
(3) ISO 22000 : 2005
(4) ISO 27000
(5) OHSAS 18001 : 2007

7 / 30

Category: Business Studies 2013

(7) "සීමිත වගකීම්" ලැබීමෙන් අත්වන ප්‍රතිඵලය වන්නේ,
(1) අයිතිකරුවන්ගේ අවදානම ආයෝජනය කළ මුදලට නොව ඔවුන්ගේ පෞද්ගලික වත්කම්වලටද පැතීරීම ය.
(2) අයිතිකරුවන්ගේ මූල්‍යමය බැදීම ඔවුන් ව්‍යාපාරයට ආයෝජනය කළ මුදලින් ඔබ්බට පැතිරී නොයෑම ය.
(3) ව්‍යාපාරයට මුදල් ආයෝජනය අවදානමින් තොර වීම ය
(4) අයිතිකරුවන්ට ව්‍යාපාරයේ පාලනය කෙරෙහි බලපෑමක් කළ නොහැකි වීම ය.
(5) ව්‍යාපාරයට ආයෝජනය කළ මුදල් ආපසු ලැබීම සහතික වීම ය

8 / 30

Category: Business Studies 2013

(8) "වරලත් ව්‍යාපාරයක්" යනු
(1) සමාගම් දෙකක් හෝ වැඩි ගණනක් අත‍ර වූ බද්ද ව්‍යාපාරයකි
(2) සමාගමක් විසින් තවත් සමාගමක් අත්පත් කර ගැනීමයි
(3) සමාගමක් බහු ජාතික සමාගමක් බවට පරිවර්තනය වීමකි.
(4) පවත්නා ව්‍යාපාරයක නම, සන්නම හා වෙළඳ ක්‍රමය භාවිතා කිරීමයි
(5) රජයට හිමි රජයේ පාලනය යටතේ වූ ව්‍යාපාරයකි

9 / 30

Category: Business Studies 2013

(9)
A -
ආයෝජිත ප්‍රාග්ධනය
B - සේවක සංඛ්‍යාව
C - විකුනුම් පිරිවැටුම
D - වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය
E - නිශ්පාදන ක්‍රමය
ඉහත සඳහන් දේ අතුරින් ව්‍යාපාරයක ප්‍රමාණය මැනීමට බහුලව භාවිතා කරන මිනුම වනුයේ
(1) A හා B පමණි
(2) A,B හා C පමණි
(3) A,B,C හා D පමණි
(4) A හා B පමණි
(5) A,B,C,D හා E යන සියල්ල ම ය

10 / 30

Category: Business Studies 2013

(10)
A -
ජංගම ගිණුම්වල ශේෂ
B - ඉතිරිකිරීම් ගිණුම්වල ශේෂ
C - නෝට්ටු හා කාසි
D - ණයපත් හා හරපත්
E - වලංගු චෙක්පත්
ඉහත සඳහන් දෑ අතුරෙන් ආසන්න මුදල් ලෙස පිළිගත හැක්කේ,
(1) A හා B පමණි
(2) A හා C පමණි
(3) A හා E පමණි
(4) B හා D පමණි
(5) B පමණි

11 / 30

Category: Business Studies 2013

(11) පහත සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක බැංකු කීපයකි
A - ජාතික ඉතිරි කිරීමේ බැංකුව
B - මහජන බැංකුව
C - ජාතික සංවර්ධන බැංකුව
D - DFCC වර්ධන බැංකුව
E - රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව
F - සණස සංවර්ධන බැංකුව
මේවා අතුරෙන් බලපත්‍ර ලාභී විශේෂිත බැංකු කවරේද?
(1) C,E හා F පමණි
(2) A,C හා D පමණි
(3) B,D හා E පමණි
(4) D,E හා F පමණි
(5) A,E හා F පමණි

12 / 30

Category: Business Studies 2013

(12) සිසිර ඔහු පදිංචි නිවස සදහා X රක්ෂණ සමාගමෙන් රු.200 000 රක්ෂණ ඔප්පුවක් Y සමාගමෙන් රු.400 000 රක්ෂණ ඔප්පුවක් ද ලබාගෙන තිබුණි.ගින්නකින් මෙම නිවසට රු.300 000 අලාභයක් සිදුවිණි.දායකත්වය මූලධර්මයට අනුව X හා Y රක්ෂණ සමාගම් වලින් ගෙවනු ලබන අලාභය කොපමණද?
(1) X සමාගම රු.200 000 යි. Y සමාගම රු.400 000 යි.
(2) X සමාගම රු.150 000 යි. Y සමාගම රු.150 000 යි.
(3) X සමාගම රු.200 000 යි. Y සමාගම රු.100 000 යි.
(4) X සමාගම රු.100 000 යි. Y සමාගම රු.200 000 යි.
(5) X සමාගම රු.200 000 යි. Y සමාගම රු.300 000 යි.

13 / 30

Category: Business Studies 2013

(13) සවිස්තර තොරතුරු විශාල ප්‍රමාණයක් සන්නිවේදනය කිරීමට බලාපොරොත්තු වන කළමනාකරුවෙකුට ඒ සඳහා උපයෝගී කරගත හැකි වඩාත් යෝග්‍ය සන්නිවේදන ක්‍රමය කුමක්ද?
(1) ලිඛිත මෙමෝ පත්‍ර (memo)
(2) මුහුණට මුහුණ ලා පවත්වන රැස්වීම
(3) දැන්වීම් පුවරුව (Noticeboard)
(4) දුරකථනය
(5) වාර්තාව (Report)

14 / 30

Category: Business Studies 2013

(14) විද්‍යුත් සන්නිවේදන ක්‍රමයක් ලෙස බහුලව භාවිතා කරන විද්‍යුත් තැපෑලෙහි (e-mail) දුර්වලතාවයක් ලෙස පිළිගත හැක්කේ
(1) වේගවත් නොවීමය
(2) හුදෙකලා වීමේ හැඟීමක් නිර්මාණය වීම
(3) පසුපෝෂණයක් නොමැතිවීම ය
(4) පිරිවැය අධික වීම ය
(5) පණිවුඩ තේරුම් ගැනීමට අපහසු වීම ය

15 / 30

Category: Business Studies 2013

(15) මෙහෙවර ප්‍රකාශය (Mission Statement) යනු
(1) ව්‍යාපාරයක මූල්‍ය සැලැස්මකි
(2) සේවකයින් වෙනුවෙන් සකස් කළ ඉලක්ක දැක්වෙන ලියවිල්ලකි
(3) ව්‍යාපාරයේ පරමාර්ථ (objectives) පැහැදිලි කෙරෙන ලියවිල්ලකි
(4) ව්‍යාපාරයේ සමස්ත අරමුණු (purpose) පැහැදිලි කරන ලියවිල්ලකි
(5) ව්‍යාපාරයේ අලෙවිකරණ උපායමාර්ග විස්තර කෙරෙන ලියවිල්ලකි

16 / 30

Category: Business Studies 2013

(16) "සඵලදායකත්වය" (effectiveness) යන සංකල්පය වඩා හොඳින් හැඳින්වෙන ප්‍රකාශය තෝරන්න
(1) යෙදවුම්, නිමැවුම් බවට පරිවර්තනය කිරීමට ආයතනයකට ඇති හැකියාවයි
(2) ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා යෙදවුම් ඵලදායි ලෙස භාවිතා කරමින් අරමුණු ඉටුකර ගැනීමට ආයතනයකට ඇති හැකියාව
(3) නිෂ්පාදන පිරිවැය සහ අනෙකුත් වියදම් අවම කරගැනීමට ආයතනයක ඇති හැකියාව
(4) අවම යෙදවුමකින් උපරිම නිමැවුමක් ලබාගැනීමට ආයතනයක ඇති හැකියාව
(5) කෙටි කාලීන හා දිගු කාලීන ණය ආපසු ගෙවීමට ආයතනයකට ඇති හැකියාව

17 / 30

Category: Business Studies 2013

(17)
A - නිශ්චිත අරමුණු හා පරමාර්ථ මත පදනම් වීම
B - හිඟ සම්පත් වඩාත් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීම
C - ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකි වීම
D - නම්‍යශීලී වීම
E - වෙනස් වන පරිසරය තුළ කටයුතු කිරීමට මග පෙන්වීම්
F - ආයතනයේ සෑම සාමාජිකයෙකුටම තේරුම් ගත හැකිවීම
ඉහත සඳහන් දෑ අතරින් සැලසුම් කිරීමේදී සැලකිල්ලට ගත යුතු මූලධර්ම ලෙස පිළිගනු ලබන්නේ,

(1) A හා B පමණි
(2) C හා D පමණි
(3) C,D හා F පමණි
(4) A,C,D හා E පමණි
(5) A,C,D හා F පමණි

18 / 30

Category: Business Studies 2013

(18)පහත සඳහන් අවස්ථා අතුරෙන් JIT තොග පාලන ක්‍රමය වඩාත්ම යෝග්‍ය වන්නේ
(1) තොග යල් පැනීම් පිළිබඳ අවදානම ඉහළ මට්ටමක පවතින විට ය
(2) ගෝලීයකරණයේ බලපෑම් වැඩි වන විට ය
(3) නිෂ්පාදකයා හා සැපයුම්කරු අතර පවත්නා සම්බන්ධතාව දුර්වල පවතින විටය
(4) සැපයුම්කරුවන් කර්මාන්තශාලාවට සමීපව ස්ථානගත වී සිටින විටය
(5) නිෂ්පාදන පිරිවැය පහළ මට්ටමක පවතින විට ය

19 / 30

Category: Business Studies 2013

(19) CAM - පරිගණක ආධාර නිෂ්පාදනය හොඳින් විස්තර කෙරෙන ප්‍රකාශය තෝරන්න
(1) නිෂ්පාදිත නිර්මාණය කිරීමට පරිගණක යොදා ගැනීමේ ක්‍රමය
(2) නිෂ්පාදිත ක්‍රියාවලිය කළමනාකරණයට පරිගණක යොදා ගැනීමේ ක්‍රමය
(3) අලෙවිකරණයට ආධාරකයක් වශයෙන් අන්තර්ජාලය යොදා ගැනීමේ ක්‍රමය
(4) තොග පාලනය සඳහා පරිගණක යොදා ගැනීමේ ක්‍රමය
(5) නිෂ්පාදිත නිර්මාණයටත්, නිෂ්පාදන ක්‍රියාවලිය කළමනාකරණයටත් පරිගණක යොදා ගැනීමේ ක්‍රමය

20 / 30

Category: Business Studies 2013

(20) සජිත් වෙබ් අඩවි නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක හිමිකරුවෙකි.ව්‍යාපාර ආයතන, පාසල්, උසස් අධ්‍යාපන ආයතන ගණනාවක් සඳහා වෙබ් අඩවි නිර්මානය කර දීමෙන් ඔහු ජනප්‍රියත්වයට පත්ව සිටි. සජිත්ගේ ව්‍යාපාරය යොදා ගන්නා නිෂ්පාදනය ක්‍රමය කුමක්ද?
(1) කාර්ය නිෂ්පාදනය (job production)
(2) කාණ්ඩ - නිෂ්පාදනය (batch production)
(3) ප්‍රවාහ නිශ්පාදනය (flow production)
(4) CAM - පරිගණක ආධාරක නිෂ්පාදනය
(5) CIM - පරිගණක සමෝධානික නිෂ්පාදනය

21 / 30

Category: Business Studies 2013

(21)
A - සම්බන්ධතා අලෙවිකරණය

B - සූක්ෂම අලෙවිකරණය
C - අභ්‍යන්තර අලෙවිකරණය
D - කාර්යඵල අලෙවිකරණය
E - ප්‍රතික්‍රියා අලෙවිකරණය
F - සමෝධානික අලෙවිකරණය
ඉහත සඳහන් දෑ අතුරෙන් සාංකල්‍යවාදී අලෙවිකරණ සංකල්පයේ විචල්‍ය හතර වනුයේ,

(1) A,B,C හා D ය
(2) A,C,D හා E ය
(3) A,C,D හා F ය
(4) B,C,D හා E ය
(5) C,D,E හා F ය

22 / 30

Category: Business Studies 2013

(22) පාසල්වල ක්‍රීඩා හා සංස්කෘතික දර්ශන සඳහා ව්‍යාපාරිකයින් අනුග්‍රහකත්වය ලබා දෙන අවස්ථා ඔබ දැක ඇත. මෙම අනුග්‍රහකත්ව (sponsorships) ඇතුලත් කල හැක්කේ ප්‍රවර්ධන මිශ්‍රයේ කවර විචල්‍යයට ද?
(1) ප්‍රචාරණයට ය
(2) විකුනණුම් ප්‍රවර්ධනයට ය
(3) මහජන සම්බන්ධතා හා ප්‍රසිද්ධියට ය
(4) පෞද්ගලික අලෙවියට ය
(5) අන්තර්ක්‍රියාකාරීත්ව අලෙවිකරණයට ය.

23 / 30

Category: Business Studies 2013

(23)
A - සන්නම

B - ගුණත්වය
C - SLS ලාංඡනය
D - ඇසුරුම
E - නිමාව
F - අංගෝපාංග
පහත සඳහන් දෑ අතුරෙන් සාකල්‍යවාදී මූල්‍ය මාර්ගයක් ලෙස නොසැලකෙන්නේ,

(1) A හා B පමණි
(2) A හා C පමණි
(3) A හා D පමණි
(4) A,C, හා D පමණි
(5) A,C,D,E හා F පමණි

24 / 30

Category: Business Studies 2013

(24) පහත සදහන් දෑ අතුරෙන් නිෂ්පාදිතයක අනන්‍යතාව තහවුරු කර ගැනීමට උපකාරී වන්නේ
(1) රදවා ගත් ලාභ ය
(2) කොටස් නිකුතුව ය
(3) අතිරතිරේක වත්කම් විකිණීම ය
(4) ක්ෂය සඳහා වෙන් කිරීම ය
(5) කාරක ප්‍රාග්ධනය අඩු කිරීම ය

25 / 30

Category: Business Studies 2013

(25) පහත සඳහන් ප්‍රකාශ දෙක සැලකිල්ලට ගෙන නිවැරදි පිළිතුර තෝරන්න

1 - සමාගමක දිගු කාලීන වර්ධනය සමහර විට කොටස් හිමියන් ගේ පරමාර්ථ සමග ගැටිය හැකිය
2 - කොටස් හිමියන් ඉහළ ලාභාංශ බලාපොරොත්තු වන විට රඳවා ගත් ලාභ අඩු විය හැකිය

(1) පළමු ප්‍රකාශය නිවැරදි ය. එහෙත් දෙවැන්න වැරදි ය.
(2) පළමු ප්‍රකාශය වැරදිය ය. එහෙත් දෙවැන්න නිවැරදි ය.
(3) පළමු ප්‍රකාශය හා දෙවැනි ප්‍රකාශය යන දෙකම නිවැරදි ය.
(4) පළමු ප්‍රකාශය හා දෙවැනි ප්‍රකාශය යන දෙකම වැරදි ය.
(5) ප්‍රකාශ දෙක අතර සම්බන්ධතාවක් නැත.

26 / 30

Category: Business Studies 2013

(26) පහත දැක්වෙන්නේ ආකර්ෂණය හා තෝරා ගැනීමේ ක්‍රියාවලියේ පියවර කිහිපයකි
A - රැකියා දැන්වීම පිළියෙල කිරීම

B - ඉල්ලුම්කරුවන් ගේ කෙටි ලැයිස්තුවක් (short list) පිළියෙල කිරීම
C - රැකියා විස්තරය පිළියෙල කිරීම
D - සම්මුඛ පරීක්ෂණය පැවැත්වීම
E - රැකියා පිරිවිතරය පිළිවෙල කිරීම
මේවා අනුපිලිවෙලට ගැළපුවහොත් නිවැරදි පිළිතුර වන්නේ,

(1) A,C,E,B,D ය
(2) C,E,A,B,D ය
(3) C,E,B,A,D ය
(4) A,B,E,C,D ය
(5) A,B,D,E,C ය

27 / 30

Category: Business Studies 2013

(27) පහත සඳහන් හැඳින්වීම් අතුරෙන් වැරදි හැඳින්වීම වනුයේ කුමක්ද?
(1) අනුස්ථාපනය = අලුතින් බඳවා ගත් සේවකයන්ට සේවා ස්ථානයෙන් බාහිරව පුහුණුව ලබා දීම
(2) රැකියා විග්‍රහය = කිසියම් රැකියාවක් හොඳින් කිරීමට අවශ්‍ය වන්නේ කවුරුන්ද යන්න අධ්‍යනය කිරීම
(3) රැකියා තුළ පුහුණුව = වැඩ ස්ථානයේදීම උපදෙස් ලබා දීම
(4) සාමූහික කේවල් කිරීම = වෘත්තීය ගැටළුවක් සම්බන්ධයෙන් වෘත්තිය සමිතිය හා කළමනාකරණය අතර පවත්නා සාකච්ඡා
(5) කාර්ය මණ්ඩලය ඇගයීම = සේවකයින්ගේ සඵලදායකත්වය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය

28 / 30

Category: Business Studies 2013

(28) පහත සඳහන් දෑ අතුරෙන් තොරතුරු පද්ධතියක කාර්යයක් ලෙස පිළිගත නොහැක්කේ
(1) ආදාන ය
(2) අදාළත්ව ය
(3) සැකසීම ය
(4) ප්‍රතිදාන ය
(5) ගබඩා කිරීම ය

29 / 30

Category: Business Studies 2013

(29) පහත වගුවේ X වලින් තොරතුරු පද්ධතියක උපාංග ද Y වලින් උපාංග වලට අදාල අයිතම ද දැක්වේ.

X : උපාංගය Y : අයිතමය
A. දෘඩාංගය
B. මෘදුකාංගය
C. ජීවාංග
D. ආයතනිකාංග
E. ක්‍රියාපටිපාටි
1. නීති රීති හා ප්‍රතිපත්ති
2. (Microsoft) මයික්‍රසොෆ්ට්
3. මොනිටරය
4. පරිශීලක
5. (Windows) වින්ඩෝස්

 උපාංග හා ඊට අදාළ අයිතම නිවැරදිව ගැළපූ විට ලැබෙන පිළිතුරු වන්නේ
(1) A – 3, B – 5, C – 4, D – 2, E – 1
(2) A – 3, B – 2, C – 4, D – 5, E – 1
(3) A – 3, B – 5, C – 4, D – 1, E – 2
(4) A – 3, B – 2, C – 1, D – 5, E – 4
(5) A – 5, B – 3, C – 2, D – 1, E – 4

30 / 30

Category: Business Studies 2013

(30) අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන විට මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කිරීම ප්‍රයෝජනවත්ය. එසේ කිරීමෙන් ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ වන්නේ
(1) ව්‍යාපරය ලාභදායී ලෙස පවත්වාගෙන යන්නේ දැ'යි අයිතිකරුවන්ට දැන ගත හැකිවීම ය
(2) නිෂ්පාදනයේ සමච්ඡේද ලක්ෂ්‍යය එමගින් පෙන්නුම් කිරීම ය
(3) ව්‍යාපාරයේ වත්කම් හා වගකීම් එමගින් දැනගන හැකි වීම ය
(4) ව්‍යාපාරයේ ප්‍රාග්ධන ව්‍යුහය එමගින් දැනගත හැකි වීම ය
(5) ව්‍යාපාරයේ ද්‍රවශිලීතාව එමගින් පෙන්නුම් කළ හැකි වීම ය

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 2%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!