2013 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය බහුවරණ ප්‍රශ්න

0%
1

Past Papers | Information and Communication Technology

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2013 - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 2 යි)

1 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින්‌ නිවැරදි හෝ ඉතාමත්‌ ගැළපෙන පිළිතුර තෝරන්න.

1 / 50

Category: Information and Communication Technology 2013

(1) ( x +y) . ( x+ z) බූලියානු ප්‍රකාශනය සරල කළ විට ............................................... ලැබේ.

ඉහත හිස්තැන පිරවීම සඳහා වඩාත්ම යෝග්‍ය පිළිතුර කුමක්ද?
(1)  x
(2)  x.  (y+z)
(3)  x.y.z
(4)  x+ y. z
(5)   x +y +z

2 / 50

Category: Information and Communication Technology 2013

(2) පහත දක්වා ඇති පරිපථයේ ප%තිදානය ( Q) නිරූපනය කරනු ලබන්නේ පහත දී ඇති කුමන බුලියානු ප්‍රකාශනයෙන්ද?
A හා  B යනු ආදානයන් වේ.

 

(1)  A' .B' + A.B'
(2)  A'. B'  + A.B
(3)  A. B   + A' B'
(4) A' .B  + A.B'
(5)  A' .B  +  A' .B'

3 / 50

Category: Information and Communication Technology 2013

(3) ක්‍රියාකරවීම (execution) අතරතුරදී දත්ත හා උපදෙස් දරා ගනිමින් , ක්ෂු‍ද% සකසනයේ ( microprocessor)කොටසක් ලෙස පවතින,අධිවේගී තාවකාලික ආචයනයක් ( high speed temporary storage) .................ලෙස හැඳින්වේ.
ඉහත හිස්තැන පිරවීම සඳහා වඩාත්ම යෝග්‍ය පිළිතුර කුමක්ද?
(1) රෙජිස්තර
(2)  RAM
(3) අතත්‍ය මතකය (Virtual Memory)
(4)  EPROM
(5) සැනෙලි මතකය (flash memory)

4 / 50

Category: Information and Communication Technology 2013

(4) ක්ෂූද්‍ර සකසන සාමාන්‍යයෙන් සසඳනු ලබන්නේ........................ වලින් මනිනු ලබන ඝටීකා වේගයෙන්(clock speed) හෝ ඒ්ක ඝටීකා චක්‍රයකදී (single clock cycle) සකසා ගත හැකි පදයේ ප%මාණය ( word size)...................  මගිනි.
ඉහත ප්‍රකාශනයේ හිස්තැන් පිරවීම සඳහා වඩාත්ම යෝග්‍ය පිළිතුර කුමක්ද?

(1) බිටු ,මෙගාහර්ට්ස්
(2) බයිට , ගිගාහරට්ස්
(3) ගිගාහරට්ස්  ,බයිට
(4) මෙගාහර්ට්ස් ,  බිටු
(5)  මෙගාහර්ට්ස් , බිටු

5 / 50

Category: Information and Communication Technology 2013

(5) නිහිත මතකය ( cache memory )සාමාන්‍යයෙන් භාවිතා කරනු ලබන්නේ ......................ගබඩා කිරීමයට.
ඉහත හිස්තැන පිරවීම සඳහා වඩාත්ම යෝග්‍ය පිළිතුර කුමක්ද?
(1) විශාල දත්ත පරිමාවක් තාවකාලිකව
(2) අවම නිරන්තරයෙන් (least frequently) ප%වේශ කරනු ලබන දත්ත ස්ථීරව
(3) අවම නිරන්තරයෙන් (least frequently) ප%වේශ කරනු ලබන දත්ත තාවකාලිකව
(4) වැඩිම නිරන්තරයෙන් (most frequently) ප%වේශ කරනු ලබන දත්ත තාවකාලිකව
(5) අවම නිරන්තරයෙන් (most frequently)  ප%වේශ කරනු ලබන දත්ත ස්ථීරව

6 / 50

Category: Information and Communication Technology 2013

(6) සන්දර් භ ස්විචය (Context switching) භාවිතා කරමින් ව්‍යවහාරක ක%මලේඛ (application programs) ගණනක්   අතර එකම ක්ෂුද්‍ර සකසනය බෙදාහදා ගැනීම (sharing) ලෙස හැදින්වේ.

ඉහත හිස්තැන පිරවීම සඳහා වඩාත්ම යෝග්‍ය පිළිතුර කුමක්ද?
(1) බහු පරිශීලක සැකැස්ම (Multi -user processing)
(2) බහු කාර් යය කිරීම (Multitasking)
(3) බහු සැකසුම (Multiprocessing)
(4) කාණ්ඩ සැකසුම (Batch processing)
(5) මාර්ගගත සැකැසුම ( Online processing)

7 / 50

Category: Information and Communication Technology 2013

(7)බැබේජ්ගේ “Difference යන්ත්‍රය" පාදක වී ඇත්තේ ...................................මතය
ඉහත හිස්තැන පිරවීම සඳහා වඩාත්ම යෝග්‍ය පිළිතුර කුමක්ද?
(1) යාන්ත්‍රික තාක්ෂණය
(2) රික්තක නල තාක්ෂණය
(3) ට්‍රාන්සිස්ටර් තාක්ෂණය
(4) අනුකලිත පරිපථ (IC) තාක්ෂණය
(5) ඉතා විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ (VLSI) තාක්ෂණය

8 / 50

Category: Information and Communication Technology 2013

(8) ක්ෂුද්‍ර සැකසුම් ඒකකයට (Microprocessor) බාහිරව පිහිටා ඇත්තේ පහත දක්වා ඇති කුමන සංරචකයද?
(1) අංක ගණිත තර් ක ඒකකය  (ALU)
(2) RAM
(3) පාලන ඒකකය (Control Unit)
(4) රෙජිස්තර (Registers)
(5) පළමු මට්ටමේ නිහිත මතකය (Level 1 cache memory)

9 / 50

Category: Information and Communication Technology 2013

(9) a , b ,c හා d යන බුලියානු විචල්‍ය හතරක බුලියානු ශි%තයක් නිරූපණය කිරීම සඳහා පහත පෙන්වා ඇති කානෝ අනුරූපිත සැලැස්ම (karnaugh map layout) අතුරෙන් නිවැරදි නොවන්නේ කුමන සැලැස්මද?

10 / 50

Category: Information and Communication Technology 2013

(10) පහත දක්වා ඇති පයිතන් ක%මලේඛනයේ ප%තිදානය කුමක්ද?
S= "Nimal Perera"
Print (s[1: 3])

(1) Ni
(2) im
(3) ra
(4) er
(5) pe

11 / 50

Category: Information and Communication Technology 2013

(11) මුලින් අඩංගු දෑ මකා නොදමමින් , නව දත්ත, ගොනුවේ අගට එකතු කළ හැකි පරිද්දෙන් "output.txt" නමින් හැදින්වෙන ගොනුවක් විවෘත කිරීමට භාවිතා කළ හැකි පයිතන් වගන්තිය වන්නේ පහත් සඳහන් කවරක්ද?
(1) Open = infile ("output. txt" , "r" )
(2) infile = open ("output. txt" , "r" )
(3) infile = open ("output. txt" , "a" )
(4) open = infile ("output. txt" , "a" )
(5) infile = open ("output. txt" , "w" )

12 / 50

Category: Information and Communication Technology 2013

(12) පහත සඳහන් පයිතන් වගන්ති සලකන්න
a = "123"
b = 123
c = ['a, 2, (1,2,3)]

a, b  සහ c විචල්‍ය වල දත්ත ප%රූප පිළිවලින් කවරේද?
(1) ලැයිස්තුව (List) , නිඛිල (Integer), තන්තුව (String)
(2) තන්තුව (String) , නිඛිල (Integer), ලැයිස්තුව (List)
(3) නිඛිල (Integer), නිඛිල (Integer), ලැයිස්තුව (List)
(4) තන්තුව (String) ,තන්තුව (String) ,තන්තුව (String)
(5) තන්තුව (String),ඉපිලීම ( Float), දත්ත පාදක සටහන (Tuple)

13 / 50

Category: Information and Communication Technology 2013

(13)  පහත දක්වා ඇති පයිතන් කේතය කි%යාත්මක කළ විට ලැබෙන ප%තිදානය කුමක් වේද?
x = 6
while x> o:
       x = x-2
          print ( x ,end ='  '  )

(1) 6
(2) 4  2
(3) 2 4 6
(4) 4 2 0
(5) 0

14 / 50

Category: Information and Communication Technology 2013

(14)  පහත සඳහන් දෑ අතරින් වලංගු නොවන පයිතන් හදුන්වනය ( identifier) කුමක්ද?
(1) _name
(2) Name
(3) Name_
(4)  6Name
(5) _6_names

15 / 50

Category: Information and Communication Technology 2013

(15) පහත සඳහන් පයිතන් ක්‍රමලේඛනය සලකන්න
a=[1,2]
b=[3,4]
c=a+b
print ( c)

මෙහි ප්‍රතිදානය කුමක්ද?
(1)[4,6]
(2)10
(3)[1,2,3,4]
(4)[1,2] ,  [3,4]]
(5)[1,2] +[3,4]

16 / 50

Category: Information and Communication Technology 2013

(16) 10 -3*2+2.0 යන පයිතන් ප්‍රකාශනය ක්‍රියාත්මක කළ විට ලැබෙන අගය කුමක්ද?
(1) 16
(2) 16.0
(3) 6
(4) 6.0
(5) 28

17 / 50

Category: Information and Communication Technology 2013

(17) පහත සඳහන් දෑ අතුරෙන් කාරක රීතියානුකූලව නිවැරදි පයිතන් ක්‍රමලේඛනයක් වන්නේ කුමක්ද?

18 / 50

Category: Information and Communication Technology 2013

♦ ප්‍රශ්න අංක 18 හා 19 ට පිළිතුරු සැපයීම සඳහා දී ඇති ගැලීම් සටහන භාවිතා කරන්න

(18) මෙම ගැලීම් සටහන මගින් නිරූපනය වන ඇල්ගොරිතමයේ ප්‍රතිදානය කුමක්ද?   
(1)      0
(2)       5
(3)       4
(4)       10
(5)       15

19 / 50

Category: Information and Communication Technology 2013

♦ ප්‍රශ්න අංක 18 හා 19 ට පිළිතුරු සැපයීම සඳහා දී ඇති ගැලීම් සටහන භාවිතා කරන්න

(19) පහත සඳහන් ඒවායින් මෙම ගැලීම් සටහන නිවැරදිව නිරූපනය කරනු ලබන පයිතන් ක්‍රමලේඛනය කුමක්ද?

 

 

 

 

 

 

 

 

20 / 50

Category: Information and Communication Technology 2013

(20) 25 ට තුල්‍ය ද්විමය සංඛ්‍යාව වන්නේ
(1) 0100101.
(2) 0100111.
(3) 0011001.
(4) 0010110
(5) 0010111.

21 / 50

Category: Information and Communication Technology 2013

(21) 124 + 165 =
(1) 201
(2) 289
(3) 289
(4) 311
(5) 389

22 / 50

Category: Information and Communication Technology 2013

(22) ව්‍යාපාරයකට සම්බන්ධ පහත දැක්වෙන උපලක්ෂණ සලකන්න
A -  සේවා සැපයීමේ වේගය
B -   මිලදී ගැනීම සහ ‌බෙදා හැරීම
C -   යැවුණු භාණ්ඩවල ආරක්ෂාව
D -   ඉල්ලුම් කරන ලද අයිතමවල ගුණාත්මකභාවය පිළිබඳ විශ්වාසනීයභාවය (confidence)

e - ව්‍යාපාරවලදී අවාසි / අවාසියක් වන්නේ ඉහත සඳහන් දෑ අතුරින්
(1) A පමණි
(2) C පමණි
(3) A හා B පමණි
(4)  C හා D පමණි
(5) A, B, C හා D යන සියල්ලම ය

23 / 50

Category: Information and Communication Technology 2013

(23) පාසලක විවිධ ක්‍රීඩා සඳහා ශිෂ්‍ය සහභාගීත්වය නිරූපනය කිරීමට වඩාත්ම යෝග්‍ය භූතාර්ථ සම්භන්ධතා රූප සටහන (ER diagram) වන්නේ පහත සඳහන් දෑ අතුරින් කවරක්ද?

24 / 50

Category: Information and Communication Technology 2013

(24) විශේෂඥ පද්ධතියක් (Expert System) ලෙස සැලකිය හැක්කේ පහත සඳහන් කවරක්ද?
(1)  බැංකු ටෙලර් යන්ත්‍රයක්
(2)  පූර්ණ ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රයක්
(3)  මයික්‍රෝවේව් උදුනක්
(4)  සුව සේවාවක රෝල විනිශ්චය කිරීමේ පද්ධතියක්
(5)  ඉලෙක්ට්‍රොනික රුධිර පීඩන මාපකයක්

25 / 50

Category: Information and Communication Technology 2013

(25) ක්‍රමලේඛයක අභ්‍යන්තරික ක්‍රියාකාරීත්වය සලකා බැලෙන පරීක්ෂණ උපක්‍රමය වන්නේ කවරක්ද?
(1) කාල මංජුසා පරීක්ෂණය (Black box testing)
(2) ශ්වේත මංජුසා පරීක්ෂණය (White box testing)
(3)  අනුකලන පරීක්ෂණය (Intergration testing)
(4) පිළිගැනුම පරීක්ෂණය (Acceptance testing)
(5) ඒකක පරීක්ෂණය (Unit testing)

26 / 50

Category: Information and Communication Technology 2013

(26) පහත සඳහන් තොරතුරු පද්ධති සංවර්ධන ආකෘතිවලින් ඉතාම කෙටි සහ රේඛීය සංවර් ධන ක්‍රියාවලියක් ඇත්තේ කුමකටද?
(1) දිය ඇළි ආකෘති
(2) වස්තු නැඹුරු (Object Oriented) ආකෘතිය
(3) සර්පිලාකාර ආකෘතිය
(4) වර්ධනාත්මක (Incremental) සංවර්ධන ආකෘතිය
(5) ශීඝ්‍ර (Rapid) යෙදුම් සංවර්ධන ආකෘතිය

27 / 50

Category: Information and Communication Technology 2013

(27) සම්බන්ධක දත්ත සමුදායක්(Relational Database) පිළිබඳව සත්‍ය වාක්‍ය පහත සඳහන් කවරක්ද?
(1) විකල්ප යතුරුවල (Alternate keys)ඕනෑමඋපකුලකයක් අපේක්ෂක යතුර(Candidate key)ලෙස හැදින්වෙයි
(2) පාථමික යතුර (Primary key) තෝරා ගනු ලබන්නේ විකල්ප යතුරු අතරින්ය
(3) ආගන්තුක යතුර (Foreign key) යනු විකල්ප යතුරකි
(4) සෑම විටම සංයෝජන යතුරක්(Compound key) සාදා ගැනීමට පාථමික හා ආගන්තුක යතුරු සංයුක්ත කෙරේ
(5) වගු දෙකක් අතර සම්බන්ධතාව පාථමික හා ආගන්තුක යතුරු මගින් සිදු කරයි

28 / 50

Category: Information and Communication Technology 2013

(28)  පහත දක්වා ඇති දත්ත ගැලීම් සටහන  සලකන්න

 

ඉහත ගැලීම් සටහනේ A, B3 සහ C2 මගින් නිරූපනය වන්නේ පිළිවෙළින්,
(1) කියාවලියක් බාහිර භූතාර්ථයක් සහ දත්ත ගබඩාවකි
(2) බාහිර භූතාර් ථයක් කියාවලියක් සහ දත්ත ගබඩාවකි
(3) බාහිර භූතාර් ථයක් දත්ත ගබඩාවක් සහ කියාවලියකි
(4) දත්ත ගබඩාවක් කියාවලියක් සහ බාහිර භූතාර්ථයකි
(5) දත්ත ගබඩාවක් බාහිර භූතාර් ථයක් සහ කියාවලියකි

29 / 50

Category: Information and Communication Technology 2013

(29)  මිනිස් සිරුරක අඩංගු පහත සඳහන් පද්ධති සලකන්න
A   - ශ්වසන පද්ධතිය
B    - ආහාර ජීර් ණ  පද්ධතිය
C    -  ස්නායු පද්ධතිය
D    -  රුධිර සංසරණ පද්ධතිය

සංවෘත පද්ධතියක් වන්නේ කුමන ඒවාද?
(1) A හා B පමණ
(2)  A හා C පමණි
(3) B හා Cපමණි
(4)  B හා D පමණි
(5) C හා Dපමණි

30 / 50

Category: Information and Communication Technology 2013

(30) පද්ධතියක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවක් වඩා හොඳින් විස්තර කරනු ලබන්නේ පහත සඳහන් කුමන වගන්තියද?
(1) පරිශිලකයකුට ඉලෙක්ටොනික රුධිර පීඩන මාපක යන්තයක් භාවිතයෙන් රුධිර පීඩනය මැන ගත හැකි විය යුතු වීම
(2)  ක්ෂුද්‍ර තරංග (Microwave)උදුනක උෂ්ණත්වය 400 C ට වඩා වැඩි නොවිය යුතු වීම
(3)  ඉලෙක්ටොනික ගණක යන්තයකට දෙන ලද ධන නිඛිලයක වර්ගමුලය ගණනය කළ හැකි විය යුතු වීම
(4)  බැංකුවක ස්වයංකීය ටෙලර් යන්තයකට,ATM කාඩ්පතක වලංගුතාව පරික්ෂා කිරීමට හැකි විය යුතු වීම
(5)  අංතර් ජාල බැංකු පද්ධතියක් එහි ගණුදෙනුකරුවන්ට ශේෂ පිරික්සුම් පහසුකම ලබා දිය යුතු වීම

31 / 50

Category: Information and Communication Technology 2013

(31) දත්ත හා තොරතුරු සම්බන්ධයෙන් පහත සඳහන් කවර වගන්තියක් සත්‍ය වන්නේද?
(1)   තීරණයක් ගැනීම සිදු කළ හැක්කේ අතිමහත් වු දත්ත ප%මාණයක් පවතින විටම පමණි
(2)   තොරතුරු වල වලංගුතාව  දත්ත වල නිවැරද්‍යතාව මත රඳා පවති
(3)   දත්ත සැකසුමෙන් ලබා ගන්නා තොරතුරු සැමවිට ම නිරවද්‍ය වේ
(4)   තොරතුරු ලබා ගැනීම සඳහා බහු පභව මගින් දත්ත එකතු කළ යුතු වේ
(5)   තොරතුරුවල නිරවද්‍යතාව රඳා පවතිනුයේ ආදාන දත්ත වල නිරවද්‍යතාව මත පමණි

32 / 50

Category: Information and Communication Technology 2013

(32) පහත සදහන් ශිල්පීය කම සලකන්න
A         - පරිගණක සහායික ඉගෙනුම   (Computer Aided Learning – CAL)
B         - පරිගණක පාදක ඉගෙනුම (Computer Based Learning – CBL)
C         - පරිගණක පාදක ඇගයීම (Computer Based Assesment – CBA)

තොරතුරු හා සංනිවේදන තාක්ෂණ පාදක ඉගෙනුම් හා ඉගැන්වීම් වලදී ඉහත දක්වා ඇති කුමන ශිල්පීය කම භාවිතා වන්‌නේද?
(1) A  පමණි
(2) B   පමණි
(3) A හා B පමණි
(4) B හා C පමණි
(5) A,B හා C සියල්ලමය

33 / 50

Category: Information and Communication Technology 2013

(33) ආයතනයක සේවකයන්ගේ මාසික වැටුප් විස්තර ජනනය කිරීම උදාහරණයක් වන්නේ
(1) (Batch processing)
(2) (Real time processing)
(3) (Online processing)
(4) (Transaction processing)
(5) (Interactive processing)

34 / 50

Category: Information and Communication Technology 2013

(34) ස්ථීරාංග (firmware) පිළිබඳව පහත දැක්වෙන වගන්ති සලකන්න
A - පරිගණකයක් කියාකරවීම ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කමලේඛය ස්ථීරාංගයක් වේ
B - රෙදි සෝදන යන්තවල ස්ථීරාංග ඇතුළත් වේ
C - ස්ථීරාංග පසු කලක දී පහසුවෙන් වෙනස් කළ හැකි වේ

ඉහත වගන්ති අතුරින් කවරක් නිවැරදි වන්නේද?
(1) A පමණි
(2) B පමණි
(3) A හා B පමණි
(4) A හා Cපමණි
(5) B හාC පමණි

35 / 50

Category: Information and Communication Technology 2013

(35) පහත දක්වා ඇති සංරචක සලකන්න
A - වෙබ් කතෘ මෙවලම් (Web authoring tool)
B - වසම් නාමය (Domain name)
C - වෙබ් පිටු (Web pages)
D - වෙබ් සේවා දායකය (Web server)

වෙබ් අඩවියක් සංගාහක කිරීමට අත්‍යවශ්‍ය වන්නේ ඉහත සඳහන් කවර සංරචක ද?
(1) A   හා C පමණි
(2) B හා C පමණි
(3) A, B හා C පමණි
(4) A ,C හා D පමණි
(5) B,C හා D පමණි

36 / 50

Category: Information and Communication Technology 2013

(36) HTML පිටුවක ශීර් ෂය (heading) විදැහු (rander) කිරීමට භාවිතා කරන්නේ පහත සඳහන් කුමන උසුලනය (tag)ද?
(1)
(2)
(3) < ul>
(4)
(5)

 

37 / 50

Category: Information and Communication Technology 2013

(37) තොරතුරු හවුල් භාවිතය (sharing) සඳහා නව සලකුණු භාෂාවක් (markup language) නිර් වචනය කිරීම සඳහා පහත සඳහන් කවරක් භාව්තා කළ හැකිද?
(1)  CSS
(2)   XML
(3)   HTML
(4)  XHTML
(5) JavaScript

38 / 50

Category: Information and Communication Technology 2013

(38) පහත දක්වා ඇති HTML කේත ඛාණ්ඩය සලකන්න

           

           

Teacher

 

           A person Who teacher in a school.

 

           Student

 

           A person Who is studying at a school

 

           

 

39 / 50

Category: Information and Communication Technology 2013

(39) HTML උසුලන (tags)සම්බන්ධයෙන් පහත දක්වා ඇති වගන්ති වලින් නිවැරදි කුමක්ද?
(1) 
යොදා ගනු ලබන්නේ පාඨවලට (text)පෙර හා පසු හිස් පේළියක් (blank line) විදැහු කිරීමටය
(2) 
යොදා ගනු ලබන්නේ පාඨවලට පෙර හා පසු හිස් පේළියක් විදැහු කිරීමටය
(3)
යොදා ගනු ලබන්නේ පාඨවලට පෙර හිස් පේළියක් විදැහු කිරීමටය
(4)
යොදා ගනු ලබන්නේ පාඨවලට පෙර හිස් පේළියක් විදැහු කිරීමට පමණි
(5)
යොදා ගනු ලබන්නේ පාඨවලට පසු හිස් පේළියක් විදැහු කිරීමට පමණි

40 / 50

Category: Information and Communication Technology 2013

(40) පහත සඳහන් HTML

            A -
            B - Song
           C -

වෙබ් පිටුවක 'song.mp3' නමින් වු ශ්‍රව්‍ය ගොනුව ඇතුළත් කිරීමට ඉහත දක්වා ඇති කේත ඛණ්ඩවලින් භාවිතා කල හැකි වන්නේ,

(1) A පමණි
(2) B පමණි
(3)  C  පමණි
(4) A හා B  පමණි
(5) B හා C පමණි

41 / 50

Category: Information and Communication Technology 2013

(41) අන්තර් ජාල සංනිවේදනයේදී නියෝජන සේවාදායකයක (PROXY server) පධාන කාර් යය වන්නේ කුමක්ද?

(1)  IP ලිපින පවරා ගෙන මුදා හැරීම
(2)  වසම් නාම IP ලිපින වලට පරිවර් තනය කිරිම
(3)  ජාලය වයිරස් වලින් ආරක්ෂා කර ගැනීම
(4)  පරිශීලකයන්ට මුද්‍රණ සේවා සැපයීම
(5)  පරිගණක කිහිපයක් අතර අන්තර් ජාල සම්බන්ධතාවය හවුලේ භාවිතා කිරීම

42 / 50

Category: Information and Communication Technology 2013

(42) ආයතනයකට 255.255.255.0 ලෙස ඇති උප ජාල ආවරණයක් (subnet mask) සහිත C පන්තියේ IP ලිපින පරාසයක් වෙන්කර දී තිබේ. මෙම ආයතනයට වෙබ් සේවාදායකයක් හා හා විද්‍යුත් තැපැල් සේවාදායකයක් ස්ථාපිත කර ගත යුතුව ඇත්නම් මෙම සේවාදායක දෙක සදහා වෙන් කළ හැකි IP ලිපින මොනවා ද?

(1) 192.248.87.2, 192.248.32.3
(2) 192.248.87.4, 192.248.87.5
(3)  192.248.32.3, 192.248.33.3
(4) 192.248.40.2, 192.248.41.3
(5)  192.248.87.1, 192.248.60.2

43 / 50

Category: Information and Communication Technology 2013

(43) සන්තිවේදන ජාලවලදී ISDN

(1)   Intergrated Service Domain Name
(2)  Internet Service Directory Name
(3) ) Intergrated Service Digital Network
(4)  Internet Service Digital network
(5) ) Intergrated Service Domain Network

44 / 50

Category: Information and Communication Technology 2013

(44) OSI සමුද්දේශ ආකෘතියේදී ජාලයක ඇති පරිගණක දෙකක් අතර සන්නිවේදනයේදී ඇති වන වැරදි සොයා ගැනුම (detect)…………………. කාර් යය වන්නේය.ඉහත හිස්තැන පිරවීමට වඩාත්ම යෝග්‍ය පිළතුර කුමක්ද?

(1) භෞතික ස්ථරයෙහි
(2) දත්ත සම්බන්ධක ස්ථරයෙහි
(3) ජාල ස්ථරයෙහි
(4) ප්‍රවාහන ස්ථරයෙහි
(5) යෙදුම් ස්ථරයෙහි

45 / 50

Category: Information and Communication Technology 2013

(45) ජාලයක් හරහා දුරස්ථ පරිගණකයකට පුරන්න (login) යාමේ දී භාවිතා කළ යුතු විධානය වන්නේ කුමක් ද?

(1)  ipconfig
(2) fts
(3) telnet
(4) tracert
(5) route

46 / 50

Category: Information and Communication Technology 2013

(46) IP ලිපින 72.110.0.0 (උප ජාල ආවරණය 255.255.0.0 ) සහ 192.248.10.0 (උප ජාල ආවරණය 255.255.255.0) ලෙස ඇති භෞතික ජාල දෙකක් සම්බන්ධ කිරීමට යොදාගත හැක්කේ පහත දක්වා ඇති කවර උපක්‍රමය (device)ද?

(1) (Hub)
(2) (Repeater)
(3) (Switch)
(4) (Router)
(5) (Multiplexer)

47 / 50

Category: Information and Communication Technology 2013

(47) සම්බන්ධක දත්ත සමුදා (relational databases) සම්බන්ධයෙන් පහත දී ඇති වගන්ති සලකන්න

            A    - දත්ත දමුදායක ආකෘතියක සම්බන්ධතාවල තීරු පටිපාටිය වෙනස් කිරීම, යෙදුම් ක%මලේඛ තුළ වෙනස්කම් ඇති                                කිරීමට මූලික අවශ්‍යතාවක් නොවේ
            B    - දත්ත සමුදාවල ප%මතකරණයේ ප%ධාන අරමුණු වන්නේ දත්ත සාරික්තතාව (redundancy) අඩු කිරීමයි

            C    - දත්ත සමුදායට නව දත්ත එකතු කරන සෑම අවස්ථාවකදීම පවතින ක%මලේඛ වෙනස් කිරීමට සිදුවෙයි.

පහත සඳහන් දෑ අතුරින් නිවැරදි කුමක්ද?

(1) A  පමණි.
(2)  B පමණි.
(3)  A හා B පමණි.
(4) A හා C  පමණි
(5)   A , B හා C පමණි.

48 / 50

Category: Information and Communication Technology 2013

(48) සර්වවර්තී ආගණනය (Ubiquitous Computing)යනු ………………ආගණන පරිසරයකි මෙහි දී පරිශීලකයාට ……………………. හා …………………….. සේවා දෙක ම ලබා ගත හැකිය.
ඉහත වගන්තියේ හිස්තැන් පිරවීම සඳහා වඩාත්ම යෝග්‍ය වචන අනුපළිවෙළ කවරක් ද?

(1) සෑම තැනකම පවතින ජංගම ස්ථානීය
(2) සෑම තැනකම පවතින  ස්ථානීය දුරස්ථ
(3)‍ සෑම තැනකම පවතින ස්ථාවර  ගෙවීම් කළ
(4) අතථ්‍ය ස්ථානීය දුරස්ථ
(5) අතත්‍ය ජංගම ගෝලීය

49 / 50

Category: Information and Communication Technology 2013

(49) -6 හි දෙකෙහි අනුපූරකය (two's compliment) කුමක්ද?
(1) 11111010
(2) 00000110
(3) 11111001
(4) 01011111
(5) 00000101

50 / 50

Category: Information and Communication Technology 2013

(50) පහත දක්වා ඇති සම්බන්ධතා දෙක සලකන්න

        student(stdNo, name)
        courseMarks(courseId, stdNo, marks)

ඉහත සම්බන්ධතා සම්බන්ධයෙන් පහත දක්වා ඇති වගන්ති වලින් වාග් රීතිවලට අනුකූලව නිවැරදි කුමක්ද?

(1)    select stdNo,marks from student , courseMarks
(2)    select * from student and courseMarks
(3)    select s.stdNo and courseMarks
(4)    select student.stdNo,courseMarks.marks from student, courseMarks
where student .stdNo=courseMarks.stdNo
(5)    select student.stdNo,courseMarks.marks from student and courseMarks
where student .stdNo=courseMarks.stdNo

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 74%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!