2011 ව්‍යාපාර අධ්‍යනය බහුවරණ ප්‍රශ්න

0%
2

Past Papers | Business Studies

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2011 - ව්‍යාපාර අධ්‍යයනය

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 1 යි)

ප්‍රශ්න අංක 1 සිට 20 තෙක්‌ වූ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තෝරන්න.

1 / 30

Category: Business Studies 2011

01. පහත වගුවේ දැක්වෙන්නේ ව්‍යාපාර වර්ග කිරීමේ පදනම් කිහිපයක් සහ ව්‍යාපාර වර්ග කිහිපයකි.

            ව්‍යාපාර වර්ග කිරිමේ පදනම                    ව්‍යාපාර වර්ගය
1.     නිෂ්පාදනයේ ස්භාවය / මට්ටම
2.     නිෂ්පාදනයේ අංශ / මුලය
3.     හිමිකාරත්වය / අයිතිය
4.     අරමුණු
5.     පරිමාණය
A. කෘෂි / කාර්මික / සේවා
B. සුළු / මධ්‍ය / මහා
C. ප්‍රාථමික /ද්වීතියික/ තෘතියික
D. ලාභ ලැබීම / ලාභය සඳහා නොවන
E. පෞද්ගලික / පොදු

ව්‍යාපාර වර්ග, පදනම්වලට අනුකූලව ගැළපූ විට ලැබෙන නිවැරදි පිළිතුර තෝරන්න .
(I) 1A , 2B , 3C , 4D , 5E
(II) 1A , 2C , 3E , 4D , 5B
(III) 1C , 2A , 3D , 4E , 5B
(IV) 1C , 2A , 3E , 4D , 5B
(V) 1B , 2A , 3E , 4C , 5D

2 / 30

Category: Business Studies 2011

02. ව්‍යාපාර පැවතීමට අවශ්‍ය මූලික සාධකය කුමක් ද? යන ප්‍රශ්නයට සිසුන් පස් දෙනෙකු විසින් දෙන ලද පිළිතුරු පහත දැක්වේ . ඒවා අතුරින් ඔබ තෝරන නිවැරදි පිළිතුර කුමක් ද?
(I) ආයෝජනයට ප්‍රමාණවත් ලාභයක් ලැබීම.
(II) හොඳ කළමනාකාරීත්වයක් පැවතීම.
(III) නිෂ්පාදිත සඳහා ඉල්ලුමක් පැවතීම.
(IV) මිනිස් අවශ්‍යතා හා වුවමනා පැවතීම.
(V) හුවමාරුව හා ගනුදෙනු සිදුවීම.

3 / 30

Category: Business Studies 2011

03. පහත වගුවේ X තීරුවේ පරිසර වර්ගීකරණය ද Y තීරුවේ පරිසර බලවේග ද දක්වා ඇත .

                             X                            Y
A. අභ්‍යන්තර පරිසරය
B. ආසන්න පරිසරය
C. සාර්ව පරිසරය
1. සේවකයෝ
2. ගනුදෙනුකරුවෝ
3. සංවිධාන ව්‍යුහය
4. තාක්‍ෂණය
5. සමාජ හා සංස්කෘතිය
6. විභව ව්‍යාපාරිකයෝ

(I) A1 හා 2/  B3 හා 4 / C5  හා 6
(II) A1 හා 2/ B3  හා 5 / C4 හා 6
(III) A1 හා 4/ B2  හා 6 / C3  හා 5
(IV) A1 හා 3/ B2  හා 5 / C4 හා 6
(V) A1 හා 3/ B2  හා 6 / C4  හා 5

4 / 30

Category: Business Studies 2011

04. පහත වගුවේ ඇල්මැති පාර්ශවයන් කිහිපයක් හා ව්‍යාපාරවල සමාජ වගකීම් කිහිපයක් දක්වා ඇත.

        ඇල්මැති පාර්ශව              සමාජ වගකීම්
1.     කොටස්කරුවන්
2.     සැපයුම්කරුවන්
3.     පාරිභෝගිකයන්
4.     ප්‍රාදේශීය ජනතාව
5.     රජය
A. රැකියා සහ අවම බාධා
B. සාධාරණ මිල හා ආරක්‍ෂිත නිෂ්පාදිත
C. අඛණ්ඩ ගනුදෙනු හා නියමිත වේලාවට ගෙවීම.
D. නිසිකලට බදු
E. ආයෝජනයට ප්‍රතිලාභ

ඇල්මැති පාර්ශ්වයන් සහ ඔවුන්ට ඉටුවිය යුතු සමාජ වගකීම් නිවැරදි ව ගළපන ලද පිළිතුර කුමක් ද?
(I) 1A , 2B , 3C , 4D , 5E
(II) 1A , 2C , 3B , 4D , 5E
(III) 1E , 2C , 3B , 4A , 5D
(IV) 1E , 2B , 3C , 4A , 5D
(V) 1E , 2A , 3C , 4B , 5D

5 / 30

Category: Business Studies 2011

05. පහත සදහන් වනුයේ රජයේ ආර්ථික අරමුණු හා ඒවා ඉටු කරලීමට ව්‍යාපාරික ප්‍රජාවට දායක විය හැකි ආකාරයයි .
A - මිල ස්ථායිතාව

B - බදු ගෙවීම
C - පූර්ණ සේවා නියුක්තිය
D - දේශීය සම්පත් භාවිතය
E - පරිසර හිතකාමීව කටයුතු කිරීම
F - ආර්ථික කාර්යක්‍ෂමතාව
මේවා අතුරින් රජයේ ආර්ථික අරමුණු ලෙස සැලකිය හැක්කේ,
(I) A , B  හා   C
(II) A , C  හා  D
(III) A , D  හා  F
(IV) D , E  හා    F
(IV) A , C  හා    F

6 / 30

Category: Business Studies 2011

06. අන්තර්ජාතික වශයෙන් පිළිගෙන ඇති පාරිභෝගික අයිතිවාසිකම් ඇතුළත් කාණ්ඩ කිහිපයක් පහත දැක්වේ .මේවා අතුරින් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයෙකු වු ජෝන් එෆ්.කෙනඩි විසින් ප්‍රකාශයට පත් කරන ලද පාරිභෝගික අයිතිවාසිකම් හතර පමණක් ඇතුළත් කාණ්ඩය තෝරන්න.
(I) ආරක්‍ෂාව සලසා ගැනීම, තෝරා ගැනීම, වන්දි ලබා ගැනීම, පාරිභෝගික අධ්‍යාපනය.
(II) තෝරා ගැනීම, තොරතුරු දැන ගැනීම, වන්දි ලබා ගැනීම, සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත් වීම.
(III) ආරක්‍ෂාව සලසා ගැනීම, තොරතුරු දැන ගැනීම, තෝරා ගැනීම, සවන් යොමු කර ගැනීම.
(IV) තෝරා ගැනීම, සවන් යොමු කර ගැනීම, වන්දි ලබා ගැනීම, පාරිභෝගික අධ්‍යාපනය.
(V) ආරක්‍ෂාව සලසා ගැනීම, තොරතුරු දැන ගැනීම, වන්දි ලබා ගැනීම.

7 / 30

Category: Business Studies 2011

07. සීමාසහිත සමාගම් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තොරන්න.
(i) සීමාසහිත පෞද්ගලික සමාගමක අවම කොටස් හිමියන් සංඛ්‍යාව එකකි. උපරිම සීමාවක් නැත.
(ii) වෙනත් රටක සංස්ථාගත කර ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු කරන සමාගමක් අක්වෙරළ සමාගමක් ලෙස හැඳින්වේ.
(iii) සීමාසහිත පෞද්ගලික සමාගමක අවම අධ්‍යක්‍ෂවරු සංඛ්‍යාව එකකි. උපරිම සංඛ්‍යාව හතකි.
(iv) සංස්ථාගත කිරීමේ සහතිකය ලබා ගැනීමෙන් පසු වෙළඳ කටයුතු ඇරඹිය හැක්කේ සීමාසහිත පෞද්ගලික සමාගම්වලට පමණි.
(v) සීමාසහිත පොදු සමාගමක අවම අධ්‍යක්‍ෂවරු සංඛ්‍යාව දෙදෙනෙකි. උපරිම සීමාවක් නැත.

8 / 30

Category: Business Studies 2011

08. ව්‍යාපාර සංවිධාන කිහිපයක් සහ ඒවාට අදාළ කරුණු කිහිපයක් පහත වගුවේ දැක්වේ.

        ව්‍යාපාර සංවිධාන     අදාළ කරුණු
A. රාජ්‍ය සංස්ථා
B. හවුල් ව්‍යාපාර
C. සමූපකාර සමිති
D. සීමාසහිත පොදු සමාගම්
E. රාජ්‍ය දෙපාර්තමේන්තු
01. සෑම සාමාජිකයකුට ම ඔහු දරන කොටස් ප්‍රමාණය අනුව ඡන්ද බලය හිමි වේ.
02. රජයේ සෘඡු පාලනයට යටත් වේ.
03. පොදු හෝ විශේෂ පාර්ලිමේන්තු පනත් යටතේ සංස්ථාපිත කෙරේ.
04. එක් සාමාජිකයකුට හිමි වන්නේ එක් ඡන්දයක් පමණි.
05. 1918 ව්‍යාපාර නාම ආඥා පනත බලපායි.

ව්‍යාපාර සංවිධාන හා අදාළ කරුණු නිවැරදි ව ගළපා ඇති කාණ්ඩය තෝරන්න .
(i)   A – 2 / B – 5 / C – 1 /  D – 3 / E – 4
(ii)  A – 3 / B – 4 / C – 1 / D – 5 / E – 2
(iii)  A – 2 / B – 4 / C – 5 / D – 1 / E – 3
(iv)  A – 3 / B – 5 / C – 4 / D -  1 / E – 2
(v)   A – 3 / B – 5 / C – 1 / D – 4 / E – 2

9 / 30

Category: Business Studies 2011

09. ව්‍යවසායකත්ව සංවර්ධන ක්‍රියාවලියට බලපාන පුද්ගල සාධක සහ පරිසරාත්මක සාධක කිහිපයක් පහත දැක්වේ.
(1) පළපුරුද්ද

(2) ආදර්ශමත් / ප්‍රියමනාප / චරිත
(3) අවස්ථා
(4) නායකත්වය
(5) තරගකාරීත්වය
(6) අධ්‍යාපනය
(7) දැක්ම
(8) ආයෝජකයින්
මේවා අතරින් පරිසරාත්මක සාධක ලෙස පිළිගත හැක්කේ,
(i) 2, 4, 7 හා 8
(ii) 3, 5 ,6 හා 7
(iii) 2, 3, 5, හා 8
(iv) 3, 6,  7, හා 8
(v) 1,  3,  7, හා 8

10 / 30

Category: Business Studies 2011

10. මුදල් යනු කුමක්ද? යන ප්‍රශ්නයට සිසුන් පස්දෙනෙකු දෙන ලද පිළිතුරු පහත දැක්වේ. ඒවා අතුරින් වඩාත් නිචැරදි පිළිතුර කුමක් ද?
(i)  ගෙවීම් සඳහා භාවිතා කරන රුපියල් හා සත
(ii)  ගෙවීම් සඳහා යොදා ගන්නා ඕනෑම දෙයක්
(iii)  දේශීය හා විදේශීය ගනුදෙනුවලදී පිළිගන්නා ඕනෑම දෙයක්
(iv)  ශ්‍රී ලංකා මහජන බැංකුව විසින් නිකුත් කරනු ලබන නෝට්ටු සහ කාසි
(v)  හුවමාරු මාධ්‍යයක්, වටිනාකමේ මිම්මක් හා වටිනාකමේ සන්නිධියක් වශයෙන් කටයුතු කරන ඕනෑම දෙයක්

11 / 30

Category: Business Studies 2011

11. පහත X තීරුවේ ප්‍රධාන ආයතන වර්ග ද  Y තීරුවේ මූල්‍ය ආයතන කිහිපයක නම් ද දැක් වේ.

                     X                               Y
A. බලපත්‍රලාභී වාණිජ බැංකු
B. බලපත්‍රලාභී විශේෂිත බැංකු
C. ලියාපදිංචි මූල්‍ය සමාගම්
1. නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුව
2. රජරට සංවර්ධන බැංකුව
3. ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව
4. ජාතික ඉතිරි කිරීමේ බැංකුව
5. එල් .බී ෆිනෑන්ස් ලිමිටඩ්
6. සණස ඩිවලොප්මන්ට් බැංකුව
7. මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් ලිමිටඩ්
8. කොමර්ෂල් ක්‍රෙඩිට් ලිමිටඩ්

Y  තීරුවේ මූල්‍ය ආයතන  X තීරුවේ වර්ගවලට අනුව ගැළපු විට ලැබෙන නිවැරදි කාණ්ඩය කුමක් ද?
(i)  A - 1 , 2, 5  /  B - 3 , 4 , 7 / C - 6 , 8 , 9
(ii)  A - 1 , 3  8 /  B - 2 , 4,  6 /  C - 5  , 7 , 9
(iii)  A - 2 , 3 , 8 / B - 4 , 6 , 9 /  C - 1  ,  5 , 7
(iv)  A - 4 , 6 , 8 / B - 2 , 5 , 7 /  C - 1 ,  3  , 9
(v)   A - 2 , 4 , 8 / B - 1 , 3 , 6 /  C - 5  , 7 , 9

12 / 30

Category: Business Studies 2011

12. පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
(i)  පියෙකුට තම පුතාගේ ජීවිතය සම්බන්ධයෙන් රක්ෂ්‍ය හිමිකමක් නොමැත.
(ii)  ආදේශනය, දායකත්වය හා ආසන්තම හේතුව සහ රක්‍ෂණ මුලධර්ම පෞද්ගලික හදිසි අනතුරු රක්‍ෂණය  සහ ජීවිත රක්‍ෂණය සම්බන්ධයෙන් අදාළ නොවේ.
(iii) එක ම දේපළක් සඳහා ද්වීත්ව රක්‍ෂණයක් ලබා ගත්ත ද, එම දේපළෙහි වටිනාකම ඉක්මවා වන්දි ලබා ගැනීම වළක්වන මූලධර්මය ආදේශනය ලෙස හැඳින්වේ.
(iv) තම ණයගැතියාගේ ජීවිතය සම්බන්ධයෙන් ණය හිමියාට රක්ෂ්‍ය හිමිකමක් ඇත.
(v) විශාල වටිනාකමකින් යුක්ත දේපළක් පිළිබඳ අවදානම රක්ෂණ සමාගම් කිහිපයක් එකතු වී බාර ගැනීම හඳුන්වන්නේ ප්‍රතිරක්‍ෂණය ලෙස ය.

13 / 30

Category: Business Studies 2011

13. පහත වගුවේ දැක්වෙන්නේ ප්‍රවාහනයේ මූලිකාංග සහ මූලිකාංගවලට අදාළ නිදසුන් කිහිපයකි.

            මූලිකාංගය                       නිදසුන්
A. මාර්ගය
B. මාධ්‍යය
C. බලය
D. පර්යන්තය
1. නැව
2. මුහුද
3. ගුවන් තොටුපළ
4. සුළඟ
5. ගුවන් යානය
6. ගංගා
7. වරාය
8. ඛනිජ තෙල්

මූලිකාංග නිදසුන් සමඟ යා කළ විට ලැබෙන නිවැරදි පිළිතුර තෝරන්න.
(i) A  1 හා  2 -  B  3 හා 4  - C 5 හා 6  -D 7 හා 8
(ii) A  2 හා  4 -  B  1 හා 5 -  C 6 හා 8  -D 3 හා 7
(iii) A  2 හා 6 -  B  1 හා 5 -  C 4 හා 7  -D 3 හා 8
(iv) A  2 හා 6 -  B  1 හා 5 -   C 4 හා 8 –D 3 හා 7
(v) A  2 හා 6-   B  1 හා 3 -   C 4 හා 8  -D 5 හා 7

14 / 30

Category: Business Studies 2011

14. පහත දැක්වෙන කාණ්ඩ අතුරෙන් ආසියන් ( ASEAN ) සංවිධානයට අයත් රටවල් කිහිපයක් පමණක් ඇතුළත් කාණ්ඩය තෝරන්න.
(i) බෘෘනායි, භූතානය, මලයාසියාව, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව
(ii) බෘෘනායි, ඉන්දුනීසියාව, මලයාසියාව, සිංගප්පූරුව, තායිලන්තය
(iii) බංගලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය, ශ්‍රී ලංකාව
(iv) ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, ඉන්දියාව, නේපාලය, පකිස්ථානය
(v) බෘෘනායි, භූතානය, ඉන්දියාව, මලයාසියාව, තායිලන්තය

15 / 30

Category: Business Studies 2011

15. බලදාස ශ්‍රී ලංකා යුධ හමුදාවේ කපිතාන් තනතුරක් දරයි. තනතුරට අදාළව බලදාසට ලැබෙන බලය හැඳින්වෙන්නේ,
(i) පෞරුෂත්ව බලය ලෙස ය. (Personality)
(ii) අධිකාරී බලය ලෙස ය. (Authority)
(iii) විශේෂඥ බලය ලෙස ය. (Expert)
(iv) අනුහස් බලය ලෙස ය. (Charismatic)
(v) බලපෑම් කිරීමේ බලය ලෙස ය. (Referent)

16 / 30

Category: Business Studies 2011

16. පහත සඳහන් ප්‍රකාශ අතරින් සඵලදායකත්වය (Effectiveness) යන්නෙහි අර්ථය නිවැරදිව සඳහන් වන ප්‍රකාශය තෝරන්න.
(i) ආයතතනයක අරමුණු හා පරමාර්ථ අපේක්ෂිත අයුරින් ඉටු වීම.
(ii) අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නිමැවුමක් ලබා ගැනීම.
(iii) යෙදවුම් හා නිමැවුම් අතර ඇති අනුපාතික සම්බන්ධතාව.
(iv) කටයුතු නිවැරදි කිරීම.
(v) සම්පත්වල නාස්තිය ශුන්‍ය මට්ටමට ගෙන ඒම.

17 / 30

Category: Business Studies 2011

17. පහත දැක්වෙන්නේ පටු (Narrow) හා පුළුල් (wide) පාලන අවකාශයන්හි දැකිය හැකි වාසි හා අවාසි කිහිපයකි.
A. ඉහළ මට්ටමක පාලනයක් පැවැතීම.

B. කළමනාකරු ඒ ඒ පුද්ගලයන් සමඟ වඩා සමීප බවක් ඇති වීම.
C. පිරිවැය අඩු වීම.
D. තීරණ ගැනීම වේගවත් වීම.
E. සමීප සුපරික්ෂණයක් ඇති වීම.
F. සේවක නිදහස වැඩි වී රැකියා තෘප්තිය ඉහළ යාම.
ඉහත සදහන් දෑ අතුරින් පුළුල් පාලන අවකාශයක වාසි ලෙස සැලකිය හැක්කේ,
(i) A, B හා C ය.
(ii) B, C හා D ය.
(iii) C, D හා E ය.
(iv) C, D හා F ය.
(v) D, E හා F ය.

18 / 30

Category: Business Studies 2011

18. ඉදිකිරීමේ ආයතනයක් , මහල් ගණනාවකින් යුක්ත සුවිශාල ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගෙන ඇත. මෙම ඉදිකිරීම සදහා වඩා උචිත පිරියත (Layout) වනුයේ,
(i) ක්‍රියාවලි පිරියතයි. (Process Layout)
(ii) නිෂ්පාදිත / එකලස් කිරීමේ පිරියතයි. (Product Layout)
(iii) කුටි පිරියතයි. (Cellular Layout)
(iv) ස්ථාවර ස්ථානීය පිරියතයි. (Fixed Position Layout)
(v) කාර්ය බද්ධ පිරියතයි. (Functional Layout)

19 / 30

Category: Business Studies 2011

19. අධි තාක්ෂණ කර්මාන්තශාලාවල, අවදානම් වැඩි නීරස, නිරන්තර කළ යුතු සහ දෘඪ කාර්ය සඳහා යොදා ගන්නා පරිගණක මගින් පාලනය කෙරෙන තාක්ෂණික ක්‍රමය හඳුන්වන්නේ කවර නමකින් ද?
(i) පරිගණක ආධාර නිර්මාණකරණය (CAD)
(ii) පරිගණක අංකිත පාලනය (CNC)
(iii) නම්‍යශීලී නිෂ්පාදන ක්‍රමය (FMS)
(iv) පරිගණක සමෝධානික නිෂ්පාදනය (CIM)
(v) රොබෝ ක්‍රමය (Robotics)

20 / 30

Category: Business Studies 2011

20. අලෙවිකරුවෙක් සිය ප්‍රචාරණ, ප්‍රවර්ධන හා වෙනත් අලෙවිකරණ ප්‍රයන්තයන් යොමු කරන නිශ්චිත වෙළෙඳපොළ ඛණ්ඩය හඳුන්වනුයේ,
(i) ගැනුම්කරුවන්ගේ වෙළඳපොළ ලෙස ය.
(ii) විකුණුම්කරුවන්ගේ වෙළඳපොළ ලෙස ය.
(iii) ඉලක්ක වෙළඳපොළ ලෙස ය.
(iv) විභව වෙළඳපොළ ලෙස ය.
(v) නිෂ්පාදිත වෙළඳපොළ ලෙස ය.

21 / 30

Category: Business Studies 2011

21. පහත වගුවේ X තීරුවෙන් දැක්වෙන්නේ නිෂ්පාදිතයක ජීවන චක්‍ර අදියරයන් ය. Y තීරුවෙන් දැක්වෙන්නේ ඒ ඒ අදියරයන්ට ආවේණික ගති ලක්ෂණයන් ය.

                    X  ජීවන චක්‍ර අදියර                    Y ගති ලක්ෂණ
A. හඳුන්වා දීම.
B. වර්ධන.
C. පරිණත.
D. පරිහානි.
1. ලාභය ඉහළ යයි .
2. මූලික නිෂ්පාදිතය විවිධත්වයට පත් කරයි .
3. බොහොමයක් ප්‍රචාරණ හා ප්‍රවර්ධන අත්හරි.
4. පරිවැය ඉහළ මට්ටමක පවතී .

 Y තීරුවේ ගති ලක්ෂණ X තීරුවේ ජීවන චක්‍ර අදියරයන්ට අනුව ගැළපූ විට ලැබිය හැකි නිවැරදි පිළිතුර තෝරන්න.
(i) A 1, B 2, C 3, D 4
(ii) A 2, B 3, C 4, D 1
(iii) A 3, B 4, C 1, D 2
(iv) A 4, B 1, C 2, D 3
(v) A 4, B 1, C 3, D 2

22 / 30

Category: Business Studies 2011

22. පහත දැක්වෙන්නේ ප්‍රචාරණයේ මූලික ගුණාංග සහ ප්‍රචාරණයේ අරමුණු ය.
A - දැනුම් දීම.

B – පොදු ඉදිරිපත් කිරීම.
C- පැතිරීම.
D- පෙළඹවීම.
E- අපෞද්ගලික වීම.
F- සිහිපත් කිරීම.
G- දිරි ගැන්වීම.
H- අලංකාර ලෙස විස්තර කිරීම.
මේවා අතුරින් ප්‍රචාරණයේ අරමුණු ලෙස පිළිගනු ලබන්නේ,
(i) A, D, F හා G ය.
(ii) A, C, E හා G ය.
(iii) B, C, E හා G ය.
(iv) B, E, F හා H ය.
(v) B, C, D හා F ය.

23 / 30

Category: Business Studies 2011

23. පහත සඳහන් කාණ්ඩ අතරින් මූල්‍යන තීරණ පමණක් ඇතුළත් කාණ්ඩය තෝරන්න.
(i) වෙළඳ බඩු තොගය, ණයගැතියන්, මුදල් සහ ගෙවිය යුතු වියදම් පිළිබඳ තීරණ
(ii) කොටස් ප්‍රාග්ධනය, ණය ප්‍රාග්ධනය, ලාභාංශ සහ ව්‍යාපාර පුළුල් කිරීම පිළිබඳ තීරණ
(iii) ස්ථාවර වත්කම්, මුදල් වෙළඳ බඩු තොග සහ ණයගැතියන් පිළිබඳ තිීරණ
(iv) ණයහිමියන්, කොටස් ප්‍රාග්ධනය, ලාභාංශය සහ ගෙවිය යුතු වියදම් පිළිබඳ තීරණ
(v) ණයහිමියන්, කොටස් ප්‍රාග්ධනය, මුදල් සහ ගෙවිය යුතු වියදම් පිළිබඳ තීරණ

24 / 30

Category: Business Studies 2011

24. පහත සඳහන් ප්‍රකාශ අතුරින් මූල්‍ය වෙළඳපොළ සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය කුමක් ද?
(i) මුදල් වෙළඳපොළ සෑදෙන්නේ මූල්‍ය වෙළඳපොළ හා ප්‍රාග්ධන වෙළඳපොළ එක්වීමෙනි.
(ii) කෙටි කාලීන ණය සුරැකුම් සඳහා වූ වෙළඳපොළ ප්‍රාග්ධන වෙළඳපොළයි.
(iii) දිගු කාලීන ණය හා සමාගම් බැඳුම්කර සඳහා වූ වෙළඳපොළ මුදල් වෙළඳපොළයි.
(iv) භාණ්ඩාගාර බිල්පත්, වාණිජ පත්‍රිකා සහ සාංගමික බැඳුම්කර මුදල් වෙළඳපොළ සුරැකුම්වලට නිදසුන්ය.
(v) මූල්‍ය වෙළඳපොළ තුළ මූල්‍ය වත්කම් මිලට ගැනීම සහ විකිණීම සිදු කෙරේ.

25 / 30

Category: Business Studies 2011

25. කොළඹ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත සමාගම් අතරින් තෝරාගත් සමාගම් කිහිපයක මිල මට්ටමෙහි ඇති වන උච්චාවචනය පෙන්නුම් කරන දර්ශකය මිලංක මිල දර්ශකය ලෙස හඳුන්වයි. මෙම මිල දර්ශකය සඳහා තෝරාගනු ලබන ලැයිස්තුගත සමාගම් ගණන වනුයේ,
(i) 10
(ii) 25
(iii) 100
(iv) 200
(v) 1000

26 / 30

Category: Business Studies 2011

26. පහත ලේඛනයේ දැක්වෙන්නේ සේවක පුහුණු වැඩසටහන්වලට හෝ සේවක සංවර්ධන වැඩසටහන්වලට සම්බන්ධ ලක්ෂණයන්ය.
A - සංකල්පනාත්මක කුසලතා ලබා දේ.

B - සාපේක්ෂව දිගු කාලීන වේ.
C - තාක්ෂණික කුසලතා ලබා දේ.
D - සාපේක්ෂව කෙටි කාලීන වේ.
E - කළමනාකරණ සේවකයින් ඉලක්ක කර ගනී.
F - අඛණ්ඩව පවත්වාගෙන යා යුතු ය.
G - ආයතනයේ කාලීන අවශ්‍යතා සඳහා වේ.
H - ආයතනයේ අනාගත අවශ්‍යතා සඳහා වේ.
මේවා අතරින් සේවක සංවර්ධන වැඩසටහන්වලට සම්බන්ධ ලක්ෂණ වන්නේ,
(i) A, B, E, F හා G
(ii) A, D, E, F හා H
(iii) A, B, E, F හා H
(iv) B, C, E, F හා H
(v) B, C, E, F හා G

27 / 30

Category: Business Studies 2011

27. මානව සම්පත් සඳහා වු ඉල්ලුම පුරෝකථනය කිරීමේදි සැලකිල්ලට ගනු ලබන සාධක පමණක් ඇතුළත් කාණ්ඩය තෝරන්න.
(i) රැකියා පිරිවිතරය/ රැකියා විස්තරය/ විශ්‍රම යාම්/ නිෂ්පාදන ක්‍රමය
(ii) ඉලක්ක හා සැලසුම්/ නිෂ්පාදිත සඳහා ඉල්ලුම/ විශ්‍රාම යාම්/ නිෂ්පාදන ක්‍රමය
(iii) ආකර්ශනය හා තෝරා ගැනීම/ බඳවා ගැනීම/ ඉවත්ව යාම්/ විශ්‍රාම යාම්
(iv) රැකියා පිරිවිතරය/ රැකියා විස්තරය / ආකර්ෂණය හා තෝරා ගැනීම/ බඳවා ගැනීම
(v) නිෂ්පාදන ක්‍රමය/ නිෂ්පාදිත සඳහා වූ ඉල්ලුම/ බඳවා ගැනීම/ පුහුණුව හා සංවර්ධනය

28 / 30

Category: Business Studies 2011

28. ව්‍යාපාරයක එදිනෙදා සිදුවන ඒකාකාරි කටයුතු වාර්තා කිරීම හා සටහන් කිරීම සඳහා උපයෝගි කරගනු ලබන තොරතුරු පද්ධතියකි.
(i)  කළමනාකරණ තොරතුරු පද්ධති (MIS)
(ii)  විධායක උපකාරක පද්ධති (ESS)
(iii) තීරණ උපකාරක පද්ධති (DSS)
(iv) ගනුදෙනු සැකසුම් පද්ධති (TPS)
(v)  දැනුම් කාර්ය පද්ධති (KWS)

29 / 30

Category: Business Studies 2011

29. තොරතුරු විවිධ පදනම් යටතේ වර්ගීකරණය කෙරේ. ව්‍යාපාර ආයතනයක
• තොග පිරිවැටුම

• දළ ලාභය
• ශුද්ධ ලාභය
වැනි ප්‍රමාණාත්මක තොරතුරු ඇතුළත් කළ හැකි වන්නේ,
(i)  මුලාශ්‍ර පදනම් කරගත් වර්ගීකරණයටයි.
(ii)  ස්වභාවය පදනම් කරගත් වර්ගීකරණයටයි.
(iii) සිදුවීම් පදනම් කරගත් වර්ගීකරණයටයි.
(iv) නියත හා සම්භාවිතාව පදනම් කරගත් වර්ගීකරණයටයි.
(v)  සමුහ ගතවීම හා වෙන් කිරීම් පදනම් කරගත් වර්ගීකරණයටයි.

30 / 30

Category: Business Studies 2011

30. පහත දැක්වෙන්නේ ව්‍යාපාර සැලැස්මක් යනු කුමක්දැයි හැඳින්වීමට සිසුන් පස්දෙනෙකු දැක් වූ අදහස් ය. මේ අතරින් ව්‍යාපාර සැලැස්ම හැඳින්වීමට වඩාත් යෝග්‍ය ප්‍රකාශනය කුමක් ද?
(i) ව්‍යාපාර ආයතනයක් විසින් වාර්ෂිකව සකස් කරනු ලබන ඉදිරි වර්ෂය සඳහා වූ ඇස්තමේන්තුවකි.
(ii) ව්‍යාපාරයක ඉදිරි වර්ෂ තුනක් සඳහා වූ සියලු මූල්‍ය ප්‍රකාශ ඇතුළත් ලේඛනයකි.
(iii) ව්‍යාපාරයක දැක්ම, මෙහෙවර, අරමුණු හා පරමාර්ථ කවරේ ද?ඒවා ඉටුකර ගැනීමට කටයුතු කරන්නේ කෙසේ ද? යන්න පැහැඳිලිව විස්තර කෙරෙන ලියවිල්ලකි.
(iv) ව්‍යාපාරය කුමක්ද? අයිතිකරුවන් හා කළමනාකරුවන් කවුරුන් ද? යන්න පැහැදිලි ව විස්තර කෙරෙන ලියවිල්ලකි.
(v) ව්‍යාපාරයක නිෂ්පාදන, අලෙවි හා මූල්‍ය කටයුතු විස්තර කෙරෙන ලියවිල්ලකි.

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 10%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!