2011 ගිණුම්කරණය බහුවරණ ප්‍රශ්න

0%
3

Past Papers | Accounting

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2011 - ගිණුම්කරණය

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 2 යි)

01 සිට 30 තෙක් එක් එක් ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින් ඉතාමත් ගැළපෙන උත්තරය තෝරන්න.

1 / 30

Category: Accounting 2011

1 . දෙන ලද කාලපරිචිඡේදයක් සඳහා ආයතනයක මූල්‍ය තත්ත්වයේ වෙනස්වීම මගින්

(1) උපයන ලද ලාභයේ
(2) මුළු වත්කම්වල
(3) හිමිකම් සහ වගකීම්වල
(4) ණය ලබා ගැනිම්වල
(5) මුදල් ප්‍රවාහවල

          වෙනස්වීම් පෙන්නුම් කරයි .

2 / 30

Category: Accounting 2011

♦ ප්‍රශ්න අංක 2 සහ 3 සදහා පිළිතුරු සැපයීමට පහත සදහන් තොරතුරු භාවිතා කරන්න

රුපියල් මිලියන 75 ක ප්‍රකාශිත ප්‍රාග්ධනයක් සහිතව , 2009 .04 .01 දින එහි ව්‍යාපාර කටයුතු ආරම්භ කරන ලද සමාගමක් 2010 /11 සහ 2009/10 යන වර්ෂ සඳහා පහත තොරතුරු ලබා දී ඇත.

                   විස්තර 2010/11 (රු.මිලියන) 2009/10 (රු . මිලියන )
 මුළු ආදායම           150             100
  මුළු වියදම් (ආදයම් බදු හැර)             90              120
  ආදායම් බදු             20 -
   ගෙවු ලාභාංශ              10                  -
  ප්‍රත්‍යාගණන සංචිත (මාර්තු 31දිනට)              15                  -
  මුළු වත්කම්  (මාර්තු 31 දිනට )             150                80

2. 2010.03.31 දිනට මුළු වගකීම කොපමණ ද?

(1) රු . මිලියන  5
(2) රු .මිලියන  15
(3) රු .මිලියන  20
(4) රු .මිලියන  25
(5) රු. මිලියන  60

3 / 30

Category: Accounting 2011

♦ ප්‍රශ්න අංක 2 සහ 3 සදහා පිළිතුරු සැපයීමට පහත සදහන් තොරතුරු භාවිතා කරන්න

රුපියල් මිලියන 75 ක ප්‍රකාශිත ප්‍රාග්ධනයක් සහිතව , 2009 .04 .01 දින එහි ව්‍යාපාර කටයුතු ආරම්භ කරන ලද සමාගමක් 2010 /11 සහ 2009/10 යන වර්ෂ සඳහා පහත තොරතුරු ලබා දී ඇත.

                   විස්තර 2010/11 (රු.මිලියන) 2009/10 (රු . මිලියන )
 මුළු ආදායම           150             100
  මුළු වියදම් (ආදයම් බදු හැර)             90              120
  ආදායම් බදු             20 -
   ගෙවු ලාභාංශ              10                  -
  ප්‍රත්‍යාගණන සංචිත (මාර්තු 31දිනට)              15                  -
  මුළු වත්කම්  (මාර්තු 31 දිනට )             150                80

3. 2011.03.31 දිනට හිමිකම් කොපමණ ද?

(1) රු . මිලියන  85
(2) රු .මිලියන  95
(3) රු .මිලියන  100
(4) රු .මිලියන  115
(5) රු .මිලියන   120

4 / 30

Category: Accounting 2011

4. ආයතනයක 2011.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කරන ලද කෙටුම්පත්

ආදයම් ප්‍රකාශනයේ රු 10 000 000 ක ලාභයක් පෙන්වන ලදී  2011.03.31 දිනට තොගයෙහි ඇතුළත් වු පිරිවැය රු .2 000 000 ක් සහිත අයිතම සම්බන්ධයෙන් පහත තොරතුරු අදාළ වේ .

     මෙම අයිතමවල කල් ඉකුත්වන දිනය  2011 .04 .30 දින විය
     මේවායින්  50% ක් 2011 .04 .30 දිනට පෙර රු .20 0000 ක විකුණුම් වියදමක් දරමින් 1 000 000 කට විකුණා ඇත
     ඉතිරි අයිතම් සඳහා විකුණුම් වටිනාකමක්  නොමැත .

ඉහත තොරතුරු සැලකිල්ලට ගැනීමෙන් පසු 2011 .03 .31 දිනට ඉහත අයිතම්යන්ගේ තොග අගය හා වර්ෂයේ ලාභය පිළිවෙළින් කොපමණ ද?  (ඒ වන විට මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අනුමත කර නොමැති බව උපකල්පනය කරන්න.)

තොගය  (රු .‘000)                     ලාභය  (රු .‘ 000)

(1)             800                                                      8 800
(2)          1 000                                                      9 000
(3)          1 200                                                      9 200
(4)         2 000                                                      9 800
(5)         2 000                                                     10 000

5 / 30

Category: Accounting 2011

5. තොග පාලනය සඳහා මෘදුකාංග පද්ධතියක් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ප්‍රවර්තන වර්ෂයේදී ආයතනයක් රු .මිලියන 4 ක් වැය කරන ලදි .මෙම මෘදුකාංග පද්ධතිය වැඩිදියුණු කිරීම සම්පුර්ණ කිරීම සඳහා තවත් රු .මිලියනයක් වැයකිරීමට බලාපොරොන්තුවන අතර ඊළඟ වසර අවසාන වන විට එය භාවිත කළ හැකිවේ . මේ හා සමාන වු මෘදුකාංග පද්ධතියක වෙළඳපොළ මිල රු .මිලියන 6 කි . ඉහත තොරතුරුවලට අනුව ප්‍රවර්තන වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගත  යුතු වන්නේ,

(1)  රු .මිලියන 4 ක වත්කමකි
(2)  රු .මිලියන  4 ක වියදමකි
(3)  රු .මිලියන 5 ක වත්කමකි
(4)  රු .මිලියන 5 ක වියදමකි
(5)  රු . මිලියන 6 ක වත්කමකි

6 / 30

Category: Accounting 2011

6. සමාගමක වාර්සික මහා සභා රැස්වීමේදී ඉදිරිපත් කරනු ලබන මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය නිවැරදි ද ?

(1)  වාර්ෂිකව පිළියෙල කරන බැවින් ඒවා "පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන" ලෙස හඳුන්වයි.
(2)  අභ්‍යන්තර පාර්ශවයන් සඳහා පිළියෙල කරන බැවින් ඒවා “ විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන “ ලෙස හඳුන්වයි.
(3)  සමාගමට ආවේනික වු නිශ්චිත ගිණුම්කරණ මග පෙන්වීම් , රිතීන් හා ව්‍යුහයන් අනුව ඒවා පිළියෙල කරනු ලැබෙි .
(4)  කොටස් හිමියන්ට පමණක් ඉදිරිපත් කරන බැවින් ඒවා විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන ලෙස හඳුන්වයි.
(5) ඇලුම්කරන පාර්ශවයන්ගේ පොදු තොරතුරු අවශ්‍යතා සපුරාලන බැවින් ඒවා පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන ලෙස හඳුන්වයි.

7 / 30

Category: Accounting 2011

♦ ප්‍රශ්න අංක 7 සහ 8 සදහා පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිතා කරන්න

ගිණුම් කාලපරිචිඡේදයක් සඳහා ආයතනයක නිෂ්පාදන පිරිවැය පහත පරිදි ගණනය කර ඇත.

අමුද්‍රව්‍ය මිලට ගැණුම්

සෘජු වේතන

අනෙකුත් පරිවර්තන පිරිවැය

කාලපරිචිඡේදය තුළ තොගයේ ශුද්ධ වෙනස්වීම 

  •අමුද්‍රව්‍ය

   •නොනිමි වැඩ

   •නිමි භාණ්ඩ

නිෂ්පාදන පිරිවැය

800

200

300

 

(50)

150

100

1 500

ඉහත පිරිවැය ගණනය කරන විට පහත සඳහන් අතිරේක තොරතුරු සැලකිල්ලට ගෙන නොමැත 

♦ තොග හැසිරවීමේ දුර්වලතා හේතුවෙන් රු .40 000ක අමුද්‍රව්‍ය සම්පූර්ණයෙන් ම හානි වී තිබීම
♦ නිෂ්පාදනයේදී භාවිතා කළ යන්ත්‍ර සඳහා වු රු .20 000ක වාර්ෂික ක්ෂය මඟ හැරීම
♦ නිෂ්පාදනයට අදාළ රු .60 000ක් විදුලි වියදම් ගිණුම්ගත කර නොතිබීම
♦ රු .80 000 ක් වු කාර්යාලීය කුලි , අනෙකුත් පරිවර්තන පිරිවැයෙහි ඇතුළත් වී තිබීම
♦ කාලපරිචිඡේදය අවසානයේ නොනිමි තොග රු .30 000 කින් අවතක්සේරු වී තිබීම

7. ඉහත අතිරේක තොරතුරු සැලකීමට පෙර කාලපරිචිඡේදයේ විකුණුම් පිරිවැය කොපමණ ද?

(1)  රු .1250 000
(2)  රු . 1300 000
(3)  රු . 1350 000
(4)  රු . 1400 000
(5)  රු . 1500 000

8 / 30

Category: Accounting 2011

♦ ප්‍රශ්න අංක 7 සහ 8 සදහා පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිතා කරන්න

ගිණුම් කාලපරිචිඡේදයක් සඳහා ආයතනයක නිෂ්පාදන පිරිවැය පහත පරිදි ගණනය කර ඇත.

අමුද්‍රව්‍ය මිලට ගැණුම්

සෘජු වේතන

අනෙකුත් පරිවර්තන පිරිවැය

කාලපරිචිඡේදය තුළ තොගයේ ශුද්ධ වෙනස්වීම 

  •අමුද්‍රව්‍ය

   •නොනිමි වැඩ

   •නිමි භාණ්ඩ

නිෂ්පාදන පිරිවැය

800

200

300

 

(50)

150

100

1 500

ඉහත පිරිවැය ගණනය කරන විට පහත සඳහන් අතිරේක තොරතුරු සැලකිල්ලට ගෙන නොමැත 

♦ තොග හැසිරවීමේ දුර්වලතා හේතුවෙන් රු .40 000ක අමුද්‍රව්‍ය සම්පූර්ණයෙන් ම හානි වී තිබීම
♦ නිෂ්පාදනයේදී භාවිතා කළ යන්ත්‍ර සඳහා වු රු .20 000ක වාර්ෂික ක්ෂය මඟ හැරීම
♦ නිෂ්පාදනයට අදාළ රු .60 000ක් විදුලි වියදම් ගිණුම්ගත කර නොතිබීම
♦ රු .80 000 ක් වු කාර්යාලීය කුලි , අනෙකුත් පරිවර්තන පිරිවැයෙහි ඇතුළත් වී තිබීම
♦ කාලපරිචිඡේදය අවසානයේ නොනිමි තොග රු .30 000 කින් අවතක්සේරු වී තිබීම

8. ඉහත අතිරේක තොරතුරු සැලකීමට පසු කාලපරිචිඡේදයේ නිෂ්පාදන පිරිවැය කොපමණ ද?

(1) රු .1330 000
(2) රු .1390 000
(3) රු .1400 000
(4) රු .1410 000
(5) රු .1470 000

9 / 30

Category: Accounting 2011

9. ආයතනයක් විසින්  සියලු මුදල්  ලැබීම දිනපතා බැංකු ගත කරන අතර සියලු ගෙවීම් චෙක්පත් මගින් සිදුකරන ලබයි. මාසයකට අදාළ තොරතුරු පහත දී ඇත

මාසය ආරම්භයේ , බැංකු ප්‍රකාශනයට  හා මුදල් පොතට අනුව , ශේෂ පිළිවෙළින්  රු . 10 000ක් හා රු .25 000ක් විය. මෙම ශේෂ අතර වෙනසට හේතුව වූයේ   උපලබිධි නොවු චෙක්පත් ය.

              මුදල් ලැබීම් ඡර්නලයේ එකතුව  - රු .150 000
              මුදල් ගෙවීම් ඡර්නලයේ එකතුව -  රු .90 000
             ණයගැතියන්ගෙන් මුදල් එකතුකර ගැනීමේදී ලබාදුන් වටිටම් -රු .5 000
             මාසය අවසානයේ මුදල් පොතේ ශේෂය බැංකු ප්‍රකාශනයෙහි ශේෂය අතර වෙනසට එකම හේතුව වූයේ ප්‍රකාශනයේ                               දක්වා ඇති රු .10  000ක් වු බැංකු ගාස්තුව පමණි

බැංකු ප්‍රකාශනයට අනුව මාසය අවසානයේ ශේෂය කොපමණ ද?

(1) රු .55 000
(2)  රු .60 000
(3)  රු .65 000
(4)  රු .70 000
(5)  රු .75 000

10 / 30

Category: Accounting 2011

10. 2010 .04 .01 දින ආරම්භ කරන ලද සමාගමක් 2011.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා රු .250 000ක ලාභයක් වාර්තා කර ඇත. 2011.03.31 දිනට මුළු වත්කම් පහත දෑවලින් සමන්විත වෙි .එදිනට කිසිදු වගකීමක් නොතිබුණි.
                                                                                  රු .

උපකරණ (පිරිවැය රු .640 0000)                      600 000
තොග                                                                    200 000
මුදල්                                                                      350 000

2011.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෙහෙයුම් කටයුතුවලින් ජනනය වු ශුද්ධ මුදල් ප්‍රවාහය කොපමණ ද?

(1) රු . 10 000
(2)   රු . 50 000
(3)    රු . 90 000
(4)    රු . 250 000
(5)   රු . 350 000

11 / 30

Category: Accounting 2011

11. ඊළඟ වර්ෂයේදී දියත්කිරීමට නියමිත ප්‍රවාරණ ව්‍යාපෘතියක් සඳහා ප්‍රවර්තන වර්ෂයේදී වැයකරන ලද විශාල මුදල් ප්‍රමාණයක් සම්බන්ධයෙන් පහත සඳහන් කුමක් නිවැරදි ද?

(1) වත්කමක් ලෙස හදුනාගැනීම.
(2) ඊළඟ වර්ෂයේ වියදමක් ලෙස හඳුනා ගැනීම.
(3) නිෂ්පාදනයේ පොදුකාර්ය ලෙස හඳුනාගැනීම.
(4) ප්‍රවර්තන වර්ෂයේ වියදමක් ලෙස හඳුනාගැනීම.
(5) වත්කමක් ලෙස හඳුනාගැනීමෙන් පසුව ක්‍රමක්ෂය කිරීම.

12 / 30

Category: Accounting 2011

12. ව්‍යාපාරයක හවුල්කරුවන් වන අනුර සහ බාලා සම සමට ලාභ බෙදාගන්නා බැවින්  ජංගම ගිණුම්වලට මාරුකිරීම වෙනුවට 'රැදවු ලාභ' ගිණුමක් පවත්වා ගැනීමට එකඟ විය. ගැනිලි වාර්තා කිරීමට එක් එක් හවුල්කරුවන් සඳහා වෙන වෙනම ගිණුම් පවත්වා ගනී. 2010 .04 .01 දින සමාන ලාභ කොටසක් සඳහා නව හවුල්කරුවෙකු ලෙස වමල් ව්‍යාපාරයට බඳවා ගනී. 2011.03.31 දින රැදවු ලාභ ගිණුම් හා ගැනිලි ගිණුම් වසා දැමීමටත් එම ශේෂයන් හවුල්කරුවන්ගේ ඡංගම ගිණුම්වලට මාරු කිරීමටත් එකඟ විය. මාර්තු 31 දිනට පහත ගිණුම් ශේෂයන් දී ඇත

    2011 (රු .)          2010  (රු.)
රැඳවු ලාභ ගිණුම්        150 000           90 000
ගැනිලි ගිණුම් - අනුර          20 000           20 000
                        - බාලා          35 000           25 000
                        - චමල්          10 000               -

2011 .03 .31 දිනට බාලා සහ චමල්ගේ  ඡංගම ගිණුම් ශේෂ පිළිවෙළින්

(1)  හර රු . 30 000 සහ රු . 10 000 කි
(2)  බැර රු . 30 000 සහ රු 10 000 කි
(3)  බැර රු . 30 000 සහ රු .10 000 කි
(4)  හර රු .10 000 සහ රු . 40 000 කි
(5)  හර රු . 60 000 සහ රු . 10 000 කි

13 / 30

Category: Accounting 2011

13. හවුල් ව්‍යාපාරයක කීර්තිනාමය සඳහා ගැලපීම් සිදුකරනුයේ,

(1) කීර්තිනාමය අනාගත ආර්ථික ප්‍රතිලාභ වැඩි කරන බැවිනි
(2) කීර්තිනාමයේ අගය කලින් කලට වෙනස්වන බැවිනි
(3) සියලු හවුල්කරුවන්ගේ හිමිකමට ඇති ඇල්ම සාධාරණ ලෙස තහවුරු කළ යුතු බැවිනි
(4) ව්‍යාපාරයේ කීර්තිනාමය හවුලකරුවන් පෞද්ගලිකව උපයන බැවිනි
(5) කීර්තිනාමය හවුල්කරුවන් අතර සමානව බෙදිය යුතු බැවිනි

14 / 30

Category: Accounting 2011

14.  2008 .04.01 දින රු .500 000 කට අත්පත් කර ගෙන තිබු දේපල 2010.04.01 දින   ප්‍රථමවතාවට රු. 640 000 කට ප්‍රත්‍යාගණනය කරන ලදී. මේදිනට දේපළ සඳහා  ක්ෂය වෙන්කිරීමේ ගිණුමේ ශේෂය 100 000 ක් විය. දේපල සරල මාර්ග ක්‍රමය    ක්ෂය කරනු ලබයි. ප්‍රත්‍යාගණන අවස්ථාවෙිදි මෙම වත්කමේ ඉතිරි ඵලදායි ජීව කාලය  අවුරුදු 8 ක් විය. මෙම ප්‍රත්‍යාගණනය නිසා 2011.03.31 දිනට හිමිකමට ඇති වන  ශුද්ධ බලපෑම කුමක් ද?

(1) රු . 30 000 ක් අඩුවීම
(2) රු . 80 000 ක් අඩුවීම
(3) රු . 140 000 ක් වැඩිවීම
(4) රු . 210 000 ක් වැඩිවීම
(5) රු . 240 000 ක් වැඩිවීම

15 / 30

Category: Accounting 2011

15. පහත සඳහන් තොරතුරු ආයතනයක් විසින් අත්පත්කර ගන්නා ලද යන්ත්‍රයකට අදාළ වෙි .

                                                                                                                                                                                                         රු ‘ 000

                  ගැනුම් මිල .................................................................................................................           2 000
                 ගැනුම් මිලෙන් අඩුකළ වෙළඳ වටිටම් ..........................................................                                                100
                 සවිකිරීමේ පිරිවැය  ...............................................................................................                         1 200
                 භාවිතයට පෙර යන්ත්‍ර අත්හදා බැලීමේ පිරිවැය ........................................                                                           150
                 යන්ත්‍රය භාවිතයේදී සිදුකළ අමතර කොටස් ප්‍රතිෂ්ථාපනය ......................................                                             250
                 වාර්ෂික නඩත්තු .....................................................................................................                         100‍

මෙම යන්ත්‍රය වත්කමක් ලෙස හඳුනාගත යුත්තේ කුමන වටිනාකමට ද?

(1)  රු . 3 100 000
(2)  රු . 3 250 000
(3)  රු . 3 350 000
(4)  රු . 3 500 000
(5)   රු . 3 800 000

16 / 30

Category: Accounting 2011

16. මූල්‍ය වාර්තාකරණය සඳහා සංකල්පනාත්මක රාමුවක් ගොඩනැගීමට හේතුවන්නේ  පහත කරුණුවලින් මොනවා ද?

       A  ගිණුම්කරණ ප්‍රමිත සැකසීම සඳහා පදනම සැකසීම
      B  මූල්‍ය ප්‍රකාශන භාවිත කරන්නන්ට ඒවා හොඳින් අවබෝධ කරගැනීමේ හැකියාව ලබාදීම
      C  අදාළ ගිණුම්කරණ ප්‍රමිත නොමැති අවස්ථාලදී මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට මඟ පෙන්වීම 
      D මූල්‍ය තොරතුරුවල ගුණාත්මකභාවය වැඩිකිරීම සඳහා න්‍යායාත්මක පදනමක් සැපයීම

(1)   A හා  B පමණී
(2)   C  හා  D පමණී
(3)   A , B  හා  D පමණී
(4)   A , B  හා  C පමණී
(5)   A , B ,C හා  D යන සියල්ල ම

17 / 30

Category: Accounting 2011

♦ ප්‍රශ්න අංක 17 සහ 18 ට පිළිතුරු සැපයීම සඳහා ආයතනයක තොග අයිතමයකට අදාළ පහත තොරතුරු භාවිත කරන්න.

     දිනය      විස්තරය     ඒකක ගණන ඒකක පිරිවැය රු.
    2010.01.01         ශේෂය          2 000              50
    2010.01.14         ගැනුම්          4 000              80
    2010.01.20         ගැනුම්          6 000              90
    2010.01.31         ශේෂය          1 000               -

ජනවාරි 21 දින හා 31 දින අතර ඒකක 11 000 ක් විකුණා ඇත

17. තොග නිකුත්කිරීම සඳහා බර තැබු සාමාන්‍ය මිල ක්‍රමය භාවිත කළේ නම් 2010.01.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  ‘විකුණුම් පිරිවැය ‘ කොපමණ ද?

(1)  රු .50 000
(2)  රු .73 000
(3)  රු .80 000
(4)  රු .86 000
(5)  රු .90 000

18 / 30

Category: Accounting 2011

♦ ප්‍රශ්න අංක 17 සහ 18 ට පිළිතුරු සැපයීම සඳහා ආයතනයක තොග අයිතමයකට අදාළ පහත තොරතුරු භාවිත කරන්න.

     දිනය      විස්තරය     ඒකක ගණන ඒකක පිරිවැය රු.
    2010.01.01         ශේෂය          2 000              50
    2010.01.14         ගැනුම්          4 000              80
    2010.01.20         ගැනුම්          6 000              90
    2010.01.31         ශේෂය          1 000               -

ජනවාරි 21 දින හා 31 දින අතර ඒකක 11 000 ක් විකුණා ඇත

18. තොග නිකුත්කිරීම සඳහා ප්‍රථම ලැබීම නිකුතු ක්‍රමය ( FIFO) භාවිතා කළේ නම් 2010.01.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා 'විකුණුම් පිරිවැය' කොපමණ ද?

(1)  රු .550 000
(2)  රු .860 000
(3)  රු .870 000
(4)  රු .960 000
(5)  රැ .990 000

19 / 30

Category: Accounting 2011

19. සමාගමක අධ්‍යක්ෂවරු 2011.06.30 දින 2011.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන අත්සන් කරන ලදී. 2011.07.15 දින පැවති වාර්ෂික මහා රැස්වීමේදි කොටස් හිමියන් විසින් මූල්‍ය ප්‍රකාශන අනුමත කරන ලදී . පහත සිද්ධීන් පිළිබඳ තොරතුරු ලබා දී ඇත .

        A -  ගංවතුර හේතුවෙන් 2011.05.20 දින රු .250 000 ක් වු කාර්යාල උපකරණ හානි වී ඇත.
        B - ගණුදෙනුකරුවෙකු විසින් සමාගමට එරෙහිව 2009 දී පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් තීන්දුව 2001.06.15 දින දී ලබා                         දෙන ලදී . ඒ අනුව සමාගම විසින් රු .1500 000 ක වන්දියක් ගෙවි යුතු බවට තීන්දු කරන ලදී.
       C – 2011.03.31 දිනට රු .300 000 ක ශේෂයක් තිබු 2011.07.05 දින ‘බුන්වත් වු බව ප්‍රකාශ කරන ලදී .ශේෂ පත්‍ර දිනට , සමාගම                    මේ සඳහා සම්පූර්ණ වෙන්කිරීමක් සිදුකර තිබුණී.

ඉහත කුමන සිදුවීම සඳහා 2011.03.31 දිනෙන් අවසන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල ගැලපීම් කළ යුතු ද ?

(1) A  පමණී.
(2) A  හා  B පමණී.
(3) B පමණී.
(4) B  හා  C  පමණී.
(5) A , B සහ  C යන සියල්ල ම.

20 / 30

Category: Accounting 2011

20. ශක්‍ය ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන ඇති නව නිෂ්පාදන ක්‍රියාවලියක් ඇති කිරීම සඳහා දරන ලද පහත පිරිවැය වලින් කුමක් "සංවර්ධන පිරිවැය" ලෙස ප්‍රාග්ධනිත  කළ හැකි ද?

       A . නිෂ්පාදන ක්‍රියාවලිය සංවර්ධනය කිරීම සඳහා භාවිතා කරන ලද අමුද්‍රව්‍ය
       B . නිෂ්පාදන ක්‍රියාවලියට සේවකයන් හුරු කිරීම සඳහා දරන ලද පුහුණු කිරීමේ පිරිවැය
      C . නිෂපාදන ක්‍රියාවලියේ ශක්‍යතාව ඇගයීම් සඳහා දරන ලද උපදේශන ගාස්තු
      D . නිෂ්පාදන ක්‍රියාවලිය ඇති කිරීම සඳහා භාවිතා කරන ලද විද්‍යාගාර උපකරණ ක්ෂය

(1)  A  හා  C පමණී
(2)  A   හා   D  පමණී
(3)  A , B   හා   C  පමණී
(4)  A , C   හා   D  පමණී
(5)  A , B , C   සහ   D  යන සියල්ල ම

21 / 30

Category: Accounting 2011

21. ක්ෂය ක්‍රමය සරල මාර්ගයේ සිට හීනවන ශේෂ ක්‍රමයට ප්‍රවර්තන වර්ෂයේ දී වෙනස්කරන ලදී . ඉහත වෙනස්වීම මූල්‍ය ප්‍රකාශනවල ගැලපිය යුතතේ

(1) එය ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනසක් වන බැවින් . පෙර කාලපරිචිඡේදවල ය.
(2) එය ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනසක් වන බැවින් අනාගත කාලපරිචිඡේදවල ය.
(3) එය ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනසක් වන බැවින් අනාගත කාලපරිචිඡේදවල ය.
(4) එය ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස් වන බැවින් ප්‍රවර්තන හා අනාගත කාලපරිචිඡේදවල ය.
(5) එය ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස් වන බැවින් පෙර කාලපරිචිඡේදවල හා ප්‍රවර්තන කාලපරිචිඡේද තුළ ය.

22 / 30

Category: Accounting 2011

22. විකුණුම් කොටස් වැරදිමකින් විකුණුම් ගිණුමට හර කළේ නම් පහත කුමක් අවතක්සේරු විය හැකිද ?

 (1)  දළ ලාභය
(2)   වර්ෂයේ ලාභය
(3)   ණයගැතියන්ගෙන් එකතු කළ මුදල්
(4)  හිම්කම
(5)  විකුණුම් පිරිවැය

23 / 30

Category: Accounting 2011

23. පහත සදහන් තොරතුරු සමාගමක කොටස් නිකුතුවකට අදාළ වෙි

   අයදුම් කළ කොටස් ගණන       2 000 000
    කොටසක නිකුතු මිල             රු . 10
    ප්‍රතික්ෂේප කළ කොටස් ගණන           200 000
    විභඡනය කළ කොටස් ගණන ( අතිරික්ත කොටස් සඳහා ලද මුදල් ආපසු යවන ලදී )        1 000 000
    කොටස් නිකුතු වියදම්     රු . 500 000

මෙම කොටස් නිකුතුව මගින් සමාගමේ ශුද්ධ වත්කම් වලට ඇතිවන ශුද්ධ බලපෑම කොපමණ ද?

(1)    රු . මිලියන 9.5
(2)   රු . මිලියන 10
(3)   රු .මිලියන 10.5
(4)   රු .මිලියන  17.5
(5)  රු . මිලියන 19.5

24 / 30

Category: Accounting 2011

24. පහත සඳහන් තොරතුරු පාදකව 2011.03.31 දිනට කල්බදු ගැණුම්කරුගේ පොත්වල මුළු වගකීම කොපමණ ද?

     කල්බදු වර්ගය            මූල්‍ය
      කල්බදු ගිවිසුම් දින        2010.03.31
     කල්බදු කාලය          අවුරුදු 4
     වාර්ෂික කල්බදු වාරිකය      රු . 500 000
    පළමු වාරිකය ගෙවු දිනය        2011.03.31
    2010.03.31 දිනට අවම කල්බදු ගෙවිම්වල වර්තමාන අගය   රු . 1 200 000
    2011.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පොලිය      රු . 290 000

(1)   රු .  500 000
(2)   රු .  790 000
(3)   රු .  990 000
(4)   රු .  1 200 000
(5)   රු .  1 790 000

25 / 30

Category: Accounting 2011

25. පහත සදහන් සමීකරණවලින් මුළු පිරිවැය නියෝඡනය නොකරන්නේ කුමකින් ද?

(1)  මුළු පිරිවැය  = නිෂ්පාදිත පිරිවැය + නිෂ්පාදනය නොවන පිරිවැය
(2)  මුළු පිරිවැය = නිෂ්පාදන පිරිවැය + නිෂ්පාදන නොවන පිරිවැය
(3)  මුළු පිරිවැය = ප්‍රාථමික පිරිවැය + මුළු පොදුකාර්ය පිරිවැය
(4)  මුළු පිරිවැය = සෘඡු පිරිවැය + වක්‍ර පිරිවැය
(5)  මුළු පිරිවැය = නිෂ්පාදන පිරිවැය + මුළු පොදුකාර්ය පිරිවැය

26 / 30

Category: Accounting 2011

26. පිරිවැය , පරිමා හා ලාභ (CVP) විශ්ලේෂණයේදී , දායකය යනු,

(1)    විකුණුම් ආදායම සහ ලාභය අතර වෙනස ය
(2)   විකුණුම් අදායම සහ මුළු පිරිවැය අතර වෙනස ය
(3)   විකුණුම් අදායම සහ ස්ථාවර පිරිවැය අතර වෙනස ය
(4)    විකුණුම් අදායම සහ විචල්‍ය පිරිවැය අතර වෙනස ය
(5)   විකුණුම් අදායම සහ විකුණුම් පිරිවැය අතර වෙනස ය.

27 / 30

Category: Accounting 2011

27. පොදුකාර්ය අන්තර්ග්‍රහණය කිරීම සඳහා සමාගමක් ‘ යන්ත්‍ර පැය අනුපාතය ‘ භාවිත කරයි . ඇස්තමේන්තුගත යන්ත්‍ර පැය ගණන හා පොදුකාර්ය පිළිවෙළින් 15 000ක් හා රු . 300 000 ක් විය . පැය 20 000 ක් සඳහා යන්ත්‍ර ක්‍රියාකරන ලදි. සත්‍ය පොදුකාර්ය රු . 360 000 ක් විය .

පොදුකාර්ය අධි / ඌන අන්තර්ග්‍රහණය කොපමණ ද?

(1)  රු . (40 000)
(2)  රු . (60 000)
(3)  රු . 40 000
(4)  රු . 60 000
(5)  රු . 100 000

28 / 30

Category: Accounting 2011

28. භාණ්ඩ ඒකකයක සෘඡු ද්‍රව්‍ය හා සෘඡු ග්‍රම පිරිවැයෙහි එකතුව රු .160 කි . ඒකකයට රු 50 බැගින් වු නිෂ්පාදන පුරස්කාරයක් ද ගෙවිය යුතුය . ඒකකයක් නිෂ්පාදනය සඳහා ඒ ඒ දෙපාර්තමේන්තුව තුළදී ගත කළ කාලය හා පොදුකාර්ය අන්තර්ග්‍රහණ අනුපාත පහත දී ඇත.

 දෙපාර්තමේන්තුව

ශ්‍රම පැය

  යන්ත්‍ර පැය

පොදුකාර්ය අන්තර්ග්‍රහණ අනුපාතය

    යන්ත්‍ර      8     10   යන්ත්‍ර පැයකට රු .15 බැගින්
    එකලස්    10       5   යන්ත්‍ර පැයකට රු .12 බැගින්
    නිමැවුම්      6       2    ග්‍රම පැයකට රු . 5 බැගින්

මෙම නිෂ්පාදිතයේ ඒකක පිරිවැය කුමක් ද  ?

(1) රු . 350
(2)  රු . 400
(3)  රු . 430
(4)  රු . 450
(5)  රු . 480

29 / 30

Category: Accounting 2011

29. පහත තොරතුරු අනුව ආයතනයේ “ මුදල් වක්‍රය කොපමණ ද?

  කාලපරිචිඡේදයේ ආරම්භක තොගය  (රු .)        10 000
  කාලපරිචිඡේදයේ අවසාන තොගය ( රු .)        15 000
  කාලපරිචිඡේදයේ මුළු ගැනුම්  ( රු .)      130 000
  ණයහිමියන්ගේ සාමාන්‍ය අගය ( රු .)          6 500
   ණයඑකතු කිරීමේ කාලය ( දින )               30
   සියලුම ගැනුම් ණයට සිදු වේ . වර්ෂයකට දින 360 ක් සේ සලකන්න.

(1)  දින 18 කි
(2)  දින 48 කි
(3)  දින 66 කි
(4)  දින 78 කි
(5)   දින 84 කි

30 / 30

Category: Accounting 2011

30. 2011.03.31 දිනට ආයතනයක මුළු වත්කම් හා මුළු වගකීම් පිළිවෙළින් රු . 1000 000 ක් හා රු . 300 000ක් විය. මෙම සංඛ්‍යාවට එලඹීමේ දි පහත  වැරදීම් සිදුවී ඇත .

     ♦ 2011 අ ප්‍රෙල් මාසයේ දි භාණ්ඩ විකිණීම සඳහා ගනුදෙනුකරුවකුගෙන් ලබාගත් රු . 20 000 ක අත්තිකාරම් අයභාරය ලෙස             හඳුනාගෙන තිබීම.
    ♦ 2011 මාර්තු මාසය සදහා වු රු .5 000 ක විදුලි බිල . වාර්තාවලින් මඟහැරී තිබීම.
   ♦ රු .10 000 ක විකුණුම් ඉන්වොයිසියක් විකුණුම් ඡර්නලයේ දෙවතාවක් වාර්තා කර තිබීම.

ඉහත වැරදි නිවැරදි කිරීමෙන් පසු "මුළු වත්කම්" හා "මුළු වඟකිම්" පිළිවෙළින් කොපමණ ද?

(1) රු .990 000 සහ  රු . 325 000 කී.
(2) රු .990 000 සහ රු . 310 000 කී.
(3) රු .1025 000 සහ රු . 310 000 කී .
(4) රු. 1020 000 සහ රු .300 000 කී.
(5) රු .1000 000 සහ රු . 325 000 කී.

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 16%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!