2010 ව්‍යාපාර අධ්‍යයනය බහුවරණ ප්‍රශ්න

0%
0

Past Papers | Business Studies

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2010 - ව්‍යාපාර අධ්‍යයනය

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 1 යි)

ප්‍රශ්න අංක 1 සිට 20 තෙක්‌ වූ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තෝරන්න.

1 / 20

Category: Business Studies 2010

(1) “භාණ්ඩ හා සේවා සැපයීම තුලින් ලාභ ඉපයීම අපේක්ෂා කරනු ලබන සංවිධානයකි.”
ඉහත ප්‍රකාශයට වඩාත් ම හොදින් ගැපෙන පදය කුමක් ද?

(i) පෞද්ගලික සමාගම
(ii) හවුල
(iii) ව්‍යාපාරය
(iv) සංස්ථාව
(v) පොදු සමාගම

2 / 20

Category: Business Studies 2010

(2) මිනිස් අවශ්‍යතා සහා වුවමනා වෙන් වෙන් ව හදුනා ගතහැකි .මිනිස් අවශ්‍යතා පමනක් අන්තර්ගත  කාණ්ඩය කුමක්ද?

(i) ආහාර,නිවාස,ඇදුම්,මෝටර් රථ
(ii) ආහාර,වාතය,ඡලය,වින්දනය
(iii) අධ්‍යාපනය,ඇදුම්,ඡලය,බත්
(v) නිවාස,සංන්නිවෙිදනය,විදුලිය,ඇදුම්
(iv) ප්‍රවාහනය,අධ්‍යාපනය,විදුලිය,වින්දනය

3 / 20

Category: Business Studies 2010

(3) පහත සදහන් කාණ්ඩ අතුරෙන් අනුපිලිවෙලට ඉදිරිපත් කර ඇති කාණ්ඩය තෝරන්න.

4 / 20

Category: Business Studies 2010

(4) ව්‍යාපාරයක සාර්ව පරිසර බලවේගයක් ලෙස පිලිගත නොහැකි සාදකය වනුයේ,

(i) ප්‍රජා පරිසරයයි
(ii) තරගකාරි පරිසරයයි
(iii) තාක්ෂණික පරිසරයයි
(iv) ආර්ථික පරිසරයයි
(v) දේශපාලන නෛතික පරිසරයයි

5 / 20

Category: Business Studies 2010

(5) ව්‍යාපාරයක සමාජ වගකීමට අදාල සාදක කිහීපයක් පහත දැක්වේ.

A             -              නිශ්පාදිතයේ ආරක්ෂාව
B             -              මනා වැඩ පරිසරය
C             -              අධ්‍යාපනය හා පුහුනුව
D             -              පරිසර දූෂණය
E              -           අභිප්‍රේරණය

ඉහත සාදක ඇසුරෙන් සේවක පාර්ශ්වයට අදාල වූ ව්‍යාපාරික සමාඡ වගකීමි වනුයේ,

(i)  A,B හා C ය.
(ii)  A,C හා E ය.
(iii)  B,C  හා D ය.
(iv)  B,C හා E ය.
(v)  C,D හා E ය.

6 / 20

Category: Business Studies 2010

(6) ශ්‍රී ලංකාවේ මුල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව භාවිතා කරන මූලික උපකරනයකි.

 (i) තත්කාලීන දළ පියවුම් පද්ධතිය (RTGS)
(ii) නිර්ලේකන සුරැකුම් තැම්පතු පද්ධතිය (SSDS)
(iii) බදු අනුපාතිකය (Tax rates)
(iv) යහ පෙලඹ වීම (Moral suasion)
(v) මිල ස්ථායිතාවය (Price stability)

7 / 20

Category: Business Studies 2010

(7)  සීමාසහිත පොදු සමාගමක හිමිකාරීත්වය ලැබෙනුයේ,

(i) සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයටය.
(ii)  පොදු මහජනතාවටය.
(iii)  සාමාන්‍ය කොටස් හිමියන්ටය.
(iv) ණයකර හිමියන්ටය.
(v) සමන්‍ය කොටස් හිමියන්ට  සහ ණයකර හිමියන්ට ය.

8 / 20

Category: Business Studies 2010

(8) 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වගන්තියට අනුව නිවැරදි ප්‍රකාෂය තෝරන්න.

(i) තමන් යෙදු ප්‍රාග්ධනයට අනුව හවුල්කරැවන් ලාභ බෙදාගත යුතුය.
(ii) තමන් යොදන ලද ප්‍රාග්ධනයට පොලි ලබාගැනීමට හවුල්කරැවන්ට අයිතියක් ඇත.
(iii) හවුල් ව්‍යාපාරයේ කලමණාකරනයට සියලු ම හවුල්කරුවන් ට සහභාගිවිය හැකි ය.
(iv) ව්‍යාපාරයේ කටයුතු කිරීම වෙනුවෙන් වැටුප් ලබා ගැනිමට හවුල්කරුවන්ට අයිතියක් ඇත.
(v) හවුල්කරුවන් වැඩි දෙනාගේ කැමැත්ත මත නව හවුල්කරුවකු බදවා ගත හැකිය.

9 / 20

Category: Business Studies 2010

(9) ‘’සීමාසහිත දර්ශන ප්‍රකාශන සමාගම’’ නමින් ව්‍යාපාරයක් ලියාපදිංචි කර ඇතැයි සිතන්න.2007 අංක 07 දරණ සමාගම් පනතට අනුව.මෙය,

(i) සීමාසහිත පෞද්ගලික සමාගමකි.
(ii) ලැයිස්තුගත සීමා සහිත පොදු සමාගමකි.
(iii) ලැයිස්තුගත නොකල සීමාසහිත පොදු සමාගමකි.
(iv) ඇපයෙන් සීමිත සමාගමකි.
(v) සමාගමක් නොවේ.

10 / 20

Category: Business Studies 2010

(10) පහත A වගුවේ දැක්වෙන්නේ ව්දේශ මුදල් ඵ්කක කිහිපයකි. B වගුවේ දැකවෙන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින් ප්‍රකාශිත විනිමය අනුපාතයන්ය.

A වගුව

B වගුව

A - ඇමෙරිකා ඩොලරය 1 - රු.114.05
B - බ්‍රිතාන්‍ය පවුම 2 - රු.114.50
C - යූරෝ 3 - රු.173.72
D - ජපාන යෙන් 4 - රු 1.26

A වගුවේ දැක්වෙන විදේශ මුදල්වලට B වගුවේ දැක්වෙන ශ්‍රී ලංකා රුපියල් වලින් ප්‍රකාශිත විනිමය අනුපාත නිවැරදිව ගැලපු විට ලැබෙන පිලිතුර තෝරන්න

(i)   A-1         B-2         C-3         D-4
(ii)  A-2         B-3         C-1         D-4
(iii) A-3         B-1         C-2         D-4
(iv) A-1         B-3         C-2         D-4
(v) A-2         B-3         C-4          D-1

11 / 20

Category: Business Studies 2010

(11) මහජනයාගේ තැන්පත් භාරගැනිම සදහා බලය ඇති ආයතන පමනක් ඇතුලත් කාණ්ඩය තෝරන්න.

(i) ව්‍යාපාර බැංකු, කල්බදු සමාලගම්, ලියාපදිංචි මුල්‍ය සමාගම්
(ii) බලපත්‍රලාභි විශේෂිත බැංකු, බලපත්‍රලාභි වාණිජ බැංකු, ලියා පදිංචි මුල්‍ය සමාගම්
(iii) සමුපකාර සමිති, ඵ්කක භාර, කල්බදු සමාගම්
(iv) ව්‍යාපාර බැංකු,ඒකක භාර, කල්බදු සමාගම්
(v) සමුපකාර සමිති, ව්‍යාපාර බැංකු, ඒකක භාර

12 / 20

Category: Business Studies 2010

(12) විද්‍යුත් මුදල් ලෙස නොසැලකෙන්නේ,

(i) වීසා ණයපතය.
(ii) මාස්ටර් ණයපතය.
(iii) හරපතය.
(iv) ATM කාඩ්පතය.
(v) ස්මාර්ට් කාඩ්පතය.

13 / 20

Category: Business Studies 2010

(13) පියල් වෙලෙදපොල අගය රු.2 000 000ක් වටිනා මොටර් රථය සදහා රු. 1 000 000 ක විස්කීර්ණ රක්ෂණ ඔප්පුවක් ලබාගෙන තිබුණි. මොටර් රථය හදිසි අනතුරකට ලක්වු අතර සිදු වු හානිය රු.4000 000 කට තක්සේරු කරන ලදි. රක්ෂණ සමාගම විසින් (13) පියල් ට ලබා දෙනු ලබන වන්දි මුදල කොපමණද?

(i) රු. 2000 000
(ii) රු. 1 000 000
(iii) රු. 400 000
(iv) රු. 200 000
(v) කිසිදු වන්දියක් ලැබීමට හිමිකමක් නැත.

14 / 20

Category: Business Studies 2010

(14) පහත දැක්වෙන වගුවේ එක් තීරුවක බලපත්‍ර ලාභි මුල්‍ය ආයතනද අනෙක් තීරුවේ ඒවට නිදසුන් ද දැක්වේ.

                       මුල්‍ය ආයතන                              නිදසුන්
A    -    බලපත්‍රලාභි වානිඡ බැංකු 1. ඡාතික ඉතිරි කිරීමේ බැංකුව
B     -    බලපත්‍රලාභි විශේෂිත බැංකු 2. ඡාතික සංවර්ධන බැංකුව
3. DFCC බැංකුව
4. ICICI බැංකුව

මුල්‍ය ආයතනවලට අදාළ නිදසුන් නිවැරදීව ගලපා ඇති කාණ්ඩය තෝරන්න

(i) A -1,2 සහ B 3,4
(ii) A -1,3 සහ B 2,4
(iii) A -3,4 සහ B 1,2
(iv) A -2,3 සහ B 1,4
(v) A -2,4 සහ B 1,3

15 / 20

Category: Business Studies 2010

(15) සංනිවේදන ක්‍රියාවලියේ මූලිකාංග කිහීපයක් ඇත. පණිවුඩය මාධ්‍ය හරහා ලැබීම සම්බන්ද මූලිකාංග වනුයේ,

(i) ආකේතනයයි.
(ii) විකේතනයයි.
(iii) ප්‍රතිපෝෂණයයි.
(iv) ප්‍රතිචාරයයි.
(v) විකාශනයයි.

16 / 20

Category: Business Studies 2010

(16) GSP+(Generalized System of Preferences) ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව භාණ්ඩ අපනයන කරන වෙලෙද කලාපය කුමක්ද?

(i) දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමය (SAARC)
(ii) යුරෝපිය සංගමය (EU)
(iii) ඈත පෙරදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN)
(iv) උතුරු ඇමෙරිකානු නිදහස් වෙළද සංගමය (NAFTA)
(v) මධ්‍යම යුරෝපීය නිදහස් වෙළද සංගමය (DEFTA)

17 / 20

Category: Business Studies 2010

(17) 2008 ශ්‍රී ලංකා බැංකු වාර්තාවට අනුව පහත සදහන් දෑ අතුරෙන් වැඩිම අපනයන ආදායම් ලබා ඇත්තේ,

(i) තේවලින් ය.
(ii) පොල්වලින් ය.
(iii) රබර්වලින් ය.
(iv) රෙදිපිළි හාඉ ඇගලුම් ය.
(v) මැණික්වලින් ය.

18 / 20

Category: Business Studies 2010

(18) තොරතුරු පද්ධතියක උපාංගයක් වන්නේ,

(i) දත්ත ය.
(ii) ආදාන ය.
(iii) සැකසීම ය.
(iv) ප්‍රතිදාන ය.
(v) ගබඩා කිරිම ය.

19 / 20

Category: Business Studies 2010

(19) පහත වගුවේ දැක්වෙනුයේ තොරතුරු පද්ධතිබ සහ ඒවා භාවිතා කරන මට්ටම් ය.

                      මට්ටම                     තොරතුරු පද්ධති
A  -      මෙහෙයුම් පද්ධති 1.විධායක උපකාරක පද්ධති
B  -      දැනුම මට්ටම 2.තීරක උපකාරක පද්ධති
C  -      කළමනාකරණ මට්ටම 3.ගනුදෙනු සැලසුම් පද්ධති
D  -      උපක්‍රමික මට්ටම 4.කාර්යාල ස්වයංක්‍රීය පද්ධති

ඒ ඒ මට්ටම් සදහා භාව්තා කෙරෙන තොරතුරු පද්ධති නිසි පරිදි ගැළපු විට ලබා ගත හැකි නිවැරදි සංයෝගය තෝරන්න

(i)  A-3                   B-4         C-2         D-1
(ii)  A-4                  B-3         C-2         D-1
(iii)  A-2                 B-3         C-4         D-1
(iv)  A-1                B-4         C-3         D-2
(v)  A-3                 B-2         C-1         D-4

20 / 20

Category: Business Studies 2010

(20) සංවිධානයක සිටින සේවකයින් වර්ග කිහිපයක් පහත දැක්වේ

A  -   ගෘහ නිර්මාන ශිල්පින්.
B  -   පොත් තබන්නන්.
C  -  ඉංඡිනේරුවන්.
D  -   යන්ත්‍ර ක්‍රියාකරුවන්.
E  -   ලේකම්වරු.
F  -   විද්‍යාඥයින්.

ඉහත සේවකයින් අතුරෙන් දැනුම් සේවකයින් ලෙස පිළිගනු ලබන්නේ.

(i) A, C හා E ය.
(ii) A, C හා F ය.
(iii) B, D හා F ය.
(iv) C, D හා F ය.
(iv) C, E හා F ය.

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 0%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!