2011 ජීව විද්‍යාව බහුවරණ ප්‍රශ්න

0%
3

Past Papers | Biology

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2011 - ජීව විද්‍යාව

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 2 යි)

01 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින් ඉතාමත් ගැළපෙන උත්තරය තෝරන්න.

1 / 50

Category: Biology 2011

(1). පහත දැක්වෙන ඒවායින් ඩයිසැකරයිඩයක් වන්නේ කවරක් ද?

(1) ෆ්රැක්ටෝස්
(2) මෝල්ටෝස්
(3) රයිබෝස්
(4) ගැලැක්ටෝස්
(5) ග්ලිසරැල්ඩ්හයිඩ

2 / 50

Category: Biology 2011

(2). පහත දක්වා ඇති ජලයේ ගුණාත්මක ලක්ෂණ අතුරෙන් කවරක් අචලතාපී සත්ත්වයන්ගේ දේහ උෂ්ණත්වය පවත්වා ගෙන යාමට සෘජුවම බලපායි ද?

(1) අධික වියලනයේ ගුප්ත තාපය
(2) අධික සංසක්ති හා ආසක්ති බල
(3) අධික වාෂ්පීකරණයේ ගුප්ත තාපය
(4) අධික විශිෂ්ට තාපය
(5) ධ්‍රැවියතාව

3 / 50

Category: Biology 2011

(3). පහත සඳහන් ව්‍යුහ - කෘත්‍ය සම්බන්ධතා අතුරෙන් වැරදි වන්නේ කුමක් ද?

(1) න්‍යෂ්ටිය - රයිබොසෝම සංශ්ලේෂණය
(2) ක්ෂුද්‍රදේහ - ශාකවල ප්‍රභාශ්වසනය
(3) ලයිසොසෝම - විෂහරණය
(4) මයිටොකොන්ඩ්‍රියා - ATP සංශ්ලේෂණය
(5) ගොල්ජි සංකීර්ණය - ග්ල්යිකොලිපිඩ සංශ්ලේෂණය

4 / 50

Category: Biology 2011

(4). පහත සඳහන් පරිවෘත්තිය ක්‍රියාවලි අතුරෙන් ශක්තිදායක ප්‍රතික්‍රියාවක් වන්නේ කවරෙක් ද?

(1) ADP + Pi   ---------->    ATP+H2O
(2) 6CO2+6H2O ---------->  C6 H12 O6 + 6O2
(3) C6 H12 O6 + 6O2     ---------->   6CO2+6H2O
(4) ඇමයිනෝ අම්ල -----------> ප්‍රෝටීන
(5) ග්ලිසරෝල් + මේද අම්ල ----------> මේදය

5 / 50

Category: Biology 2011

(5). එක්තරා ශාක සෛල වර්ගයක විස්තර පහත දැක්වේ.

රික්තක සහිත සෛල වේ. පරිණත අවස්ථාවේ සජීවි වේ. තුනී ප්‍රාථමික බිත්ති සහිත වේ. සාමාන්‍යෙයන් සමවිෂ්කම්භික වේ. පරිවෘත්තියට සක්‍රිය වේ. ශාකවල ප්‍රාථමික හා ද්විතීයික පටක දෙවර්ගයේ ම දක්නට ලැබේ. සංචිත සෛල වේ.

පහත සඳහන් සෛල වර්ග අතුරෙන් කුමක් ඉහත විස්තරයට අනුකූල වේ ද?

(1) පෙනේර නළ සෛල
(2) සහචර සෛල
(3) මෘදුස්තර සෛල
(4) ස්ථුලකෝණාස්තර සෛල
(5) දෘඩස්තර සෛල

6 / 50

Category: Biology 2011

(6). ප්‍රභාසංශ්ලේෂණයේ සක්‍රීය වර්ණාවලිය යනු

(1) විවිධ තරංග ආයාමවල දී වර්ණක මගින් අවශෝෂණය කෙරෙන ආලෝක ප්‍රමාණය දැක්වෙන ප්‍රස්ථාරය
(2) දවසේ විවිධ කාලයන්හි දී වර්ණක මගින් අවශෝෂණය කෙරෙන ආලෝක ප්‍රමාණය දැක්වෙන ප්‍රස්ථාරය
(3) ආලෝකයේ විවිධ තරංග  ආයාමවල දී ප්‍රභාසංශ්ලේෂණ ශීඝ්‍රතාව දැක්වෙන ප්‍රස්ථාරය
(4) ආලෝකයේ විවිධ තරංග ආයාමවල දී අවශෝෂණය කරන CO2 ප්‍රමාණය දැක්වෙන ප්‍රස්ථාරය
(5) විවිධ ආලෝක තීව්‍රතාවලදී ප්‍රභාසංශ්ලේෂණ ශීඝ්‍රතාව දැක්වෙන ප්‍රස්ථාරය

7 / 50

Category: Biology 2011

(7). ලයිකොෆයිටා කාණ්ඩයේ සාමාජිකයන්

(1) ජලජ වේ.
(2) ප්‍රභාසංශ්ලේෂණය සිදු නොකරන ජන්මාණු ශාක නිපදවයි.
(3) සැමවිට ම සමබීජාණුක වේ.
(4) සනාල පටක රහිත වේ.
(5) සංසේචනය සඳහා බාහිර ජලය මත යැපේ.

8 / 50

Category: Biology 2011

(8). A B හා C ලෙස සලකුණු කරන ලද සතුන් තිදෙනෙකුගේ ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.

(1) සතුන් තිදෙනාම ද්විපාර්ශ්වික සමමිතිය දක්වන අතර ශීර්ෂණය ද පෙන්වයි.
(2) A හා B ගේ ආහාර මාර්ග සම්පූර්ණ අතර C ගේ ආහාර මාර්ගය අසම්පූර්ණය.
(3) ජලක්ලෝම හා පෘෂ්ටිය හෘදයක් ඇත්තේ A ට B ට පමණි.
(4) A ට පිටසැකිල්ලක් ද B ට ඇතුළු සැකිල්ලක් ද ඇති අතර C ට ඇතුළු සැකිල්ලක් හෝ පිටසැකිල්ලක් නැත.

A , B හා C සලකණු කරන ලද සතුන් තිදෙනා පිළිවෙලින්

(1) ඉස්සා, දැල්ලා, පටිපණුවා
(2) ගොළුබෙල්ලා, තිලාපියා, ගැඩවිලා
(3) කැස්බෑවා, බලයා, Planaria
(4) කකුළුවා, ගොළුබෙල්ලා, අක්මා පැතැල්ලා
(5) ඉස්සා, මට්ටයා, පටිපණුවා

9 / 50

Category: Biology 2011

(9). පහත ලක්ෂණ අතුරෙන් කවරක් ඇනලීඩා හා එකයිනොඩර්මේටා යන කාණ්ඩ දෙකෙහි ම දක්නට ලැබේ ද?

A – හොඳින් විකසනය වූ සිලෝමය
B – වෘක්කිකා
C – බාහිර සංසේචනය
D – ජලක්ලෝම
E – කීට අවස්ථා
F - ශීර්ෂණය

(1) B , D හා E පමණි.
(2) A , C හා D පමණි.
(3) A , C, D හා E පමණි.
(4) A , C , D හා F පමණි.
(5) A හා E පමණි.

10 / 50

Category: Biology 2011

(10). ගැස්ට්‍රයිටිස් සඳහා දායක වන සාධකයක් නොවන්නේ පහත සඳහන් ඒවායින් කුමක් ද?

(1) මධ්‍යසාර භාවිතය
(2) උදෑසන ආහාර වේල නොගැනීම
(3) ක්ෂය රෝගය
(4) මානසික ආතතිය
(5) තන්තුඌන ආහාර ගැනීම

11 / 50

Category: Biology 2011

(11). සත්ත්ව රාජධානිය තුළ දැකිය හැකි ශ්වසන ව්‍යුහ සමහරක් පහත දැක්වේ.

A – පෙනහැලි
B – පත් පෙනහැලි
C – ශ්වාසනාල
D – අභ්‍යන්තර ජලක්ලෝම
E – බාහිර ජලක්ලෝම
F - දේහාවරණය

පෘෂ්ටවශීන් ශ්වසන වායු හුවමාරුව සඳහා භාවිතා කරනුයේ ඉහත සඳහන් ඒවායින් කුමක් ද? කුමන ඒවාද?

(1) A පමණි.
(2) A හා D පමණි.
(3) A , D හා E පමණි.
(4) A , D , E හා F පමණි.
(5) A , C , D , E හා F පමණි.

12 / 50

Category: Biology 2011

(12). ද්‍රාව්‍යවල සක්‍රීය පරිවහනයක් සිදු නොවන්නේ පහත සඳහන් කුමන ක්‍රියාවලියේ ද?

(1) ශාකයක මූලකේශ සෛලයක් තුළට පාංශු ඛණිජ පෝෂක පරිවහනය වීම.
(2) පූටිකා චලනයේ දී පාලක සෛල තුළට K’ පරිවහනය වීම.
(3) පත්‍රවල මෘදුස්තර සෛලවල සිට පෙනේර නළ සෛල තුළට සීනි පරිවහනය වීම.
(4) ඒක් පෙනේර නළ සෛලයක සිට තවත් පෙනේර නළ සෛලයකට ප්‍රභාසංශ්ලේෂණයේ දී නිපදවන ද්‍රව්‍ය පරිවහනය
(5) සෛල බිත්තිය හරහා සම්ප්ලාස්ටය තුළින් ඛණිජ පෝෂක පරිවහනය

13 / 50

Category: Biology 2011

(13). A හා B එකිනෙකට යාබදව පිහිටා ඇති ශාක සෛල දෙකකි. ඒවායි ψw  හා ψs  අගයන් රූප සටහනේ දක්වා ඇත.

 පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් කවරක් වැරදි ද?

(1) B සෛලයේ සිට A සෛලය දක්වා ජලය ගමන් කරයි.
(2) සෛල දෙකෙහි ψw ම සමාන වන තුරු ජලය ගමන් කරයි.
(3) A සෛලයේ ψp   = 1.0 Mpa
(4) B සෛලයේ  ψp  = 0.6 Mpa
(5) සාමාන්‍ය ශාක සෛලවල  ψw හා  ψs  අගයන් සැමවිට ම සෘණ වේ.

14 / 50

Category: Biology 2011

(14). ක්ෂීරපායින්ගේ රුධිර සංසරණ පද්ධතියේ මූලික සැලැස්ම පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.

A – පෘෂ්ටීය මහා ධමනිය තැනෙනුයේ මූලික සැලැස්මේ 4 වැනි ධමනි වක්‍ර යුගලෙනි.
B – ශීර්ෂපෝෂී ධමනි තැනෙනුයේ මූලික සැලැස්මේ 2 වැනි ධමනි වක්‍ර යුගලෙනි.
C – මූලික සැලැස්මේ 3 වැනි හා 5 වැනි ධමනි වක්‍ර නැති වී ගොසිනි.
D - මූලික සැලැස්මේ 6 වැනි ධමනි වක්‍ර යුගල පුෂ්ඵුශීය ධමනි තනයි.

ඉහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද?/කුමන ඒවාද?

(1) A හා D පමණි.
(2) A හා B පමණි.
(3) C පමණි.
(4) B හා D පමණි.
(5) D පමණි.

15 / 50

Category: Biology 2011

(15). සතුන් අතර දක්නට ලැබෙන රුධිර සංසරණ පද්ධති මෙසේ ය.

A – විවෘත සංසරණ පද්ධතිය
B – සංවෘත ඒක සංසරණ පද්ධතිය
C – සංවෘත ද්විත්ව සංසරණ පද්ධතිය

ඉහත සඳහන් A හා B හා C රුධිර සංසරණ පද්දති ඇති සතුන් නිවැරදි අනුපිළිවෙළින් දක්වනුයේ පහත ඒවායින් කුමක් ද?

(1) මකුළුවා. ගොළුබෙල්ලා. මීයා
(2) පත්තෑයා, 𝒍𝒄𝒉𝒕𝒉𝒚𝒐𝒑𝒉𝒊𝒔, වවුලා
(3) කකුළුවා, ගැඩවිලා. කැස්බෑවා
(4) මුහුදු ඉකිරියා, මෝරා, කපුටා
(5) කැරපොත්තා, Nereis, බුවල්ලා

16 / 50

Category: Biology 2011

(16). කිසියම් පුද්ගලයෙකුගේ වැරෝලි සේතුව සහ තැලමස අතර අර්බුදයක් ඇති වීම නිසා මොළයේ එම ප්‍රදේශයේ කරනු ලබන ක්‍රියාවලට බලපෑමක් ඇති විය. මෙම අර්බුදය නිසා වඩාත් ම බලපෑමක් ඇති විය හැක්කේ පහත සඳහන් කුමකටද?

(1) ඇස්වල චලනය
(2) තුල්‍යතාවය පවත්වා ගැනීම
(3) මතකය
(4) ශ්වසන පාලනය කිරීම
(5) කථනය

17 / 50

Category: Biology 2011

(17). ආවේගයක් සන්නයනය නොකරන අවස්ථාවේ ඇති මිනිසාගේ චාලක නියුරෝනයක් පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?

(1) ඇතුළට පැමිණෙන ඇනායන සංඛ්‍යාව පිටතට යන ඇනායන සංඛ්‍යාවට වැඩි හෙයින් ප්ලාස්ම පටලයේ අභ්‍යන්තර පෘෂ්ටය බාහිර පෘෂ්ටයට සාපේක්ෂව
සෘණ ලෙස ආරෝපණය වී ඇත.
(2) නියුරෝනය තුල ඇති ප්‍රධාන ඇනැයනය Cl-
(3) නියුරෝනය තුල Na+ වල හා කාබනික ඇනායන සාන්ද්‍රණය බාහිරයට වඩා වැඩි ය.
(4) වාහක ප්‍රෝටීනවල සහභාගිත්වයෙන් සිදු කෙරෙන සක්‍රිය පරිවහනය මගින් NaK + පොම්පය පවත්වා ගනියි.
(5) ) ප්ලාස්ම පටලයේ Na+ සඳහා ඇති පාරගම්‍යතාව K + සඳහා ඇති පාරගම්‍යතාවයට වඩා වැඩිය.

18 / 50

Category: Biology 2011

(18). කෝටී අවයවය පිහිටන ස්ථානය වඩාත් ම හොඳින් දක්වනුයේ පහත ඒවායින් කුමකින්ද?

(1) කර්ණශංඛය
(2) කර්ණශංඛ නාලය
(3) ඇතුළු කන
(4) පටලමය ගහනය
(5) ස්‍යෝනිකාව

19 / 50

Category: Biology 2011

(19). සත්ත්ව රාජධානිය තුළ දැකිය හැකි බහිස්ස්‍රාවී ව්‍යුහ සමහරක් සහ එම ව්‍යුහ දරන සතුන්ට නිදසුන් පහත දක්වා ඇත. එම සම්බන්ධතා අතුරෙන් වැරදි වන්නේ කුමක් ද?

(1) ලවණ ග්‍රන්ථි - තිලාපියා
(2) හරිත ග්‍රන්ථ - ඉස්සා
(3) වෘක්කිකා - කූඩැල්ලා
(4) සිළු සෛල -𝑩𝒊𝒑𝒂𝒍𝒊𝒖𝒎
(5) මැල්පිහිය නාලිකා - මී මැස්සා

20 / 50

Category: Biology 2011

(20). මිනිසාගේ හොඳින් වැඩුණු කශේරුකා දේහයක්, දිගු ස්නායු මාර්ග ඛණ්ටකයක් සහ දිගු තීර්යක් ප්‍රසර දක්නට ලැබෙනුයේ

(1) කටි කශේරුකාවල පමණි.
(2) උරස් කශේරුකාවල පමණි.
(3) කටි හා උරස් කශේරුකාවල පමණි.
(4) 6 වැනි ග්‍රෛවි, කටි හා උරස් කශේරුකාවල පමණි.
(5) උරස්, කටි හා ත්‍රිකාස්ථික කශේරුකාවල පමණි.

21 / 50

Category: Biology 2011

(21). මිනිසාගේ අවයවයක හරස් කඩක් අන්වීක්ෂයෙන් පරික්ෂා කළ විට පක්ෂමධර සෛල, කලස් සෛල සහ සෛල එකක් හෝ දෙකක් දරන ගර්තිකා නිරික්ෂණය කරන ලදී. මෙම අවයවය විය හැක්කේ

(1) අක්මාවයි.
(2) ශ්වාසනාලයයි.
(3) ඩිම්බ ප්‍රණාලයයි
(4) අන්ත්‍රයයි.
(5) වෘක්කයයි

22 / 50

Category: Biology 2011

(22). මෙම ප්‍රශ්නය පහත සඳහන් සත්ත්ව කාණ්ඩ මත පදනම් වේ.

A – ක්‍රස්ටේසියා
B – වර්ටිබ්‍රේටා
C – මොලස්කා
D – රේඩියොලේරියා

පිටසැකිල්ලක් දරන සතුන් මෙන් ම ඇතුළු සැකිල්ලක් දරන සතුන් ද අන්තර්ගත වනුයේ ඉහත සඳහන් කුමන කාණ්ඩයේ ද? / කාණ්ඩවල ද?

(1) B පමණි.
(2) B හා C පමණි.
(3) B , C හා D පමණි.
(4) A හා C පමණි.
(5) A හා D පමණි.

23 / 50

Category: Biology 2011

(23). සුබෙරින් අඩංගු වනුයේ පහත සඳහන් කුමන ශාක පටකයේ / සෛලයේ ද?

(1) අපිචර්මය
(2) අන්තශ්චර්මය
(3) උපල සෛල
(4) වාකහාභ
(5) පෙනේර නළ

24 / 50

Category: Biology 2011

(24). ආවෘතබීජකවල පහත සඳහන් කවරක් සංසේචනය වු ඩිම්බයකින් විකසනය නොවන්නේ ද?

(1) බීජ පත්‍ර
(2) බීජාංකුරය
(3) බීජ මූලය
(4) භ්‍රෑණපෝෂය
(5) බීජාධරය

25 / 50

Category: Biology 2011

(25). පහත ශාක හෝර්මෝන වර්ග අතුරෙන් කවරක් අනූනන විභාජනය හා සෛල විභාජනය සඳහා අත්‍යවශ්‍ය ද?

(1) ඔක්සීන
(2) ගිබරලීන
(3) ඇබ්සිසික් අම්ලය
(4) සයිටොකයිනින
(5) එතිලීන්

26 / 50

Category: Biology 2011

(26). ජීවන චක්‍රෙය් ද්විගුණ කලාව වඩාත් ම කෙටි වන්නේ

(1) Pogonatum වල ය.
(2) Nephrolepis වල ය.
(3) Selaginella වල ය.
(4) Cycus වල ය.
(5) Musa වල ය.

27 / 50

Category: Biology 2011

(27). මෙම ප්‍රශ්නය මිනිස් ඩිම්බය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ මත පදනම් වෙයි.

A – ඩිම්බ මෝචනය වන අවස්තාවේ දී එය ප්‍රථම ඌනන විභාජනයේ යෝග කලාවේ පිහිටයි.
B – ඩිම්බ මෝචනය වූ විගස ම එය ප්‍රථම ධ්‍රැවීය දේහය නිදහස් කරයි.
C – අරිය මුකුටයේ කණිකාමය සෛල එයට සම්බන්ධ වී ඇති බැවින් එය බහු සෛලීය වේ.
D – බීජාන්ත ඉතා සුළු ප්‍රමාණයක් සහිත ඝන සෛල ප්ලාස්මයක් එහි ඇත.
E – එය සාමාන්‍යෙයන් සංසේචනය  වනුයේ පැලෝපීය නාලයේදී ය.

ඉහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?/ කුමන ඒවා ද?

(1) A හා B පමණි.
(2) A , B හා C පමණි.
(3) B , C , D හා E පමණි.
(4) D හා E පමණි.
(5) E පමණි.

28 / 50

Category: Biology 2011

(28). මිනිසාගේ ශ්‍රක්‍ර තරලය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද?

(1) එහි PH අගය 6.5 – 7.0 වේ.
(2) එහි ඇස්කෝබික් අම්ලය ඇත.
(3) එහි 40% ක් පමණ ස්‍රාව්‍ය වනුයේ ශුක්‍ර ආශයිකා වලිනි.
(4) ශුක්‍රාණුවල චලනය සඳහා අවශ්‍ය ශක්තිය සැපයීමට එහි ප්‍රෝටීන ඇත.
(5) ශුක්‍රාණුවල අධිසක්‍රියකරණය සඳහා හේතුවන ද්‍රව්‍ය එහි ඇත.

29 / 50

Category: Biology 2011

(29). ද්විලිංගිකතාව, ඒකලිංගිකතාව සහ කෞමරෝද්භාවයට පිළිවෙළින් නිදසුන් වන්නේ

(1) මදුරුවා, ඉස්සා, 𝑪𝒚𝒄𝒖𝒔
(2) ගැඩවිලා, බළලා, මීමැස්සා
(3) 𝑯𝒊𝒃𝒊𝒔𝒄𝒖𝒔 බල්ලා,𝑪𝒚𝒄𝒖𝒔
(4) මුහුදු ඉකිරියා, වවුලා මී මැස්සා
(5) පැත්තෑයා,𝑪𝒚𝒄𝒖𝒔, තල්මසා

30 / 50

Category: Biology 2011

(30). විශාල ම තරමෙහි සිට කුඩා ම තරම දක්වා නිවැරදි අනුපිළිවෙලින් දැක්වෙනුයේ පහත කුමක්ද?

(1) වර්ණදේහය   →    ජානය    →   නියුක්ලියෝටයිඩය  →   නයිටජනීය භෂ්මය
(2) කෝඩෝනය →  වර්ණදේහය   →   ජානය   →   නියුක්ලියෝටයිඩය
(3) වර්ණදේහය    →    ජානය     →    නයිටජනීය භෂ්මය   →    නියුක්ලියෝටයිඩය
(4) ජානය    →   වර්ණදේහය    →     කෝඩෝනය  →    නියුක්ලියෝටයිඩය
(5) නියුක්ලියෝටයිඩය    →     වර්ණදේහය   →    ජානය    →   කෝඩෝනය

31 / 50

Category: Biology 2011

(31). සෛල තුළ ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා RNA වර්ග තුනක් සහභාගි වේ. ප්‍රෝටීන සංශ්ලේෂණයේ දී RNA වර්ග තුන සහභාගී වන නිවැරදි අනුපිළිවෙළ වනුයේ පහත සඳහන් කවරක් ද?

(1) m RNA, t RNA, r RNA
(2) r RNA, t RNA, m RNA
(3) t RNA, m RNA, r RNA
(4) t RNA, r RNA, m RNA
(5) r RNA, m RNA, t RNA

32 / 50

Category: Biology 2011

(32). මෑ ශාක ප්‍රභේදයක පුෂ්පයේ රතු (R) වර්ණය සුදු (r) වර්ණයට ප්‍රමුඛ වන අතර බීජයේ කහ (Y) වර්ණය කොල (Y) වර්ණයට ප්‍රමුඛ වේ. පුෂ්ප වර්ණයට සහ බීජ වර්ණයට අදාළ ජාන වෙන වෙනම වර්ණදේහ දෙකක පිහිටා ඇතැයි සලකන්න. රතු පෂ්ප හා කහ බීජ ඇති ශාක දෙකක් මුහුම් කළ විට ප්‍රජනිතයෙන් 3/4  ක් රතු පුෂ්ප සහ කහ බීජ සහිත වූ අතර ඉතිරි 1/4  සුදු පුෂ්ප හා කහ බීජ සහිත විය. මව් ශාකවල ප්‍රවේණිදර්ශ විය හැක්කේ.

(1) RRYY හා rr Yy ය.
(2) RrYY හා RRYY ය.
(3) RrYy හා RrYy ය.
(4) RrYy හා RrYY ය.
(5) Rryy හා RrYy ය.

33 / 50

Category: Biology 2011

(33). පහත දැක්වෙන්නේ ඌනන විභාජන ක්‍රියාවලියේදී සිදුවෙන පියවර සමහරකි

A – දුහිතෘ සෛල හතරක් සෑදීම
B – සමජාත වර්ණදේහ වෙන් වීම
C – ප්‍ර වේණික ද්ව්ත්වනය
D – වර්ණදේහ ද්විත්වනය
E – සෛලප්ලාස්මය බෙදීම
F – සමජාත වර්ණදේහ යුගලනය

ඌනන විභාජන ක්‍රියාවලියේ දී සිදුවන පියවර නිවැරදි අනුපිළිවෙලින් දැක්වෙනුයේ පහත ඒවායින් කවරක ද?

(1) DCBEFA
(2) FDBCEA
(3) DFCBEA
(4) FDECBA
(5) DBFEBA

34 / 50

Category: Biology 2011

(34). ජාන ඉංජිනේරු තාක්ෂණයේදී DNA සෑදීම සඳහා එන්සයිම වර්ග කිහිපක් භාවිතා කරනු ලැබේ. පහත දැක්වෙන එන්සයිම අතුරෙන් කවරක් DNA වල නියුක්ලියෝටයිඩයක විශිෂ්ට භෂ්ම අනුපිළිවෙළ හඳුනාගෙන ඒවා වෙන් කිරීමට භාවිතා කරනු ලබයිද?

(1) එක්සොනියුක්ලියේස්
(2) ලයිගේස්
(3) පොලිමරේස්
(4) රෙස්ට්‍ර්ක්ෂන් එන්ඩොනියුක්ලියේස්
(5) ඩ්ඔක්සිරයිබොනියුක්ලියේස්

35 / 50

Category: Biology 2011

(35). සන්තනික වියනයක් සහිත සදාහරිත ශාක ඇත්තේ පහත කුමන පරිසර පද්ධතියකද?

(1) වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර
(2) කටු කැළෑව
(3) කඳුකර වනාන්තර
(4) නිවර්තන වැසි වනාන්තර
(5) කඩොලාන වනාන්තර

36 / 50

Category: Biology 2011

(36). වායු දූෂක පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කවරක්ද?

(1) සල්පර්ඩයොක්සයිඩ්, නයිට්‍රජන්වල ඔක්සයිඩ සහ ක්ලෝරොෆ්ලුවොරෝකාබන පෙනෙහැලි පිළිකා බහුලව ඇති වීම හා සම්බන්ධ බව සොයාගෙන ඇත.
(2) හයිඩ්‍රොකාබන හා ඕසෝන් මිනිස් දේහයේ නියුමෝනියාවට ඇති ප්‍රතිරෝධය අඩු කරයි.
(3) අංශුමය ද්‍රව්‍ය හා හයිඩ්‍රොකාබන පිළිකාකාරක විය හැකි අතර ඒවා නිසා ප්‍රථමික නිෂ්පාදනතාව ද අඩු විය හැක.
(4) කාබන්මොනොක්සයිඩ් හා සල්පර්ඩයොක්සයිඩ් ඇස්වල උද්දීපනය අඩු කරයි.
(5) ඕසෝන්, වායුගෝලයේ ඕසෝන් වියන පවත්වා ගැනීමට දායක වන බැවින් වායු දූෂකයක් ලෙස සැලකිය නොහැක.

37 / 50

Category: Biology 2011

(37). තර්ජනයට ලක් වූ ජීවීන් අතර වන IUCN රතු දත්ත කාණ්ඩ කිපයක් නිදසුන් සහිතව පහත දී ඇත. ඒවා අතුරෙන් නිවැරදි IUCN රතු දත්ත කාණ්ඩය - නිදසුන සංකලනය වන්නේ කවකරක් ද?

(1) වද වී ගිය - ටුවටරා 𝑻𝒖𝒂𝒕𝒂𝒓𝒂
(2) අතිශයින් අන්තරායට ලක් වූ - ඔලුගෙඩි කැස්බෑවා
(3) අන්තරායට  ලක් වූ - දාර කැස්බෑවා
(4) අන්තරායට පත් විය හැකි - ආසියානු අලියා
(5) තර්ජනයට ලක්වීමට ආසන්න - හැළ කිඹුලා

38 / 50

Category: Biology 2011

(38). පහත ඇති අන්තර්ජාතික සම්මුති / සන්ධාන අතුරෙන් කවරක් ගෝලිය දේශගුණ වෙනස්වීම හා සම්බන්ධද?

(1) බැසල් සම්මුතිය
(2) මාර්පෝල් සම්මුතිය
(3) මොන්ට්‍රියෝල් සන්ධානය
(4) කියෝටෝ සන්ධානය
(5) ජෛවවිවිධත්ව සම්මුතිය

39 / 50

Category: Biology 2011

(39). පහත සඳහන් ප්‍රතික්ෂුද්‍රජීවි ඖෂධ අතුරෙන් කවරක් බැක්ටීරියාවල DNA සංශ්ලේෂණය නිශේධනය කිරීමෙන් ඒවායේ වර්ධනය නිශේධනය කරයි ද?

(1) පෙනිසිලින්
(2) සිප්රොෆ්ලොක්සසීන්
(3) පොලාමික්සින්
(4) එරිත්‍රොමයිසින්
(5) ක්ලොට්‍රිමසෝල්

40 / 50

Category: Biology 2011

(40). ස්වභාවික නයිට්‍රජන් චක්‍රයේ පහත කවර ක්‍රියාවලියක් රසායනික ස්වයංපෝෂී බැක්ටීරියා සිදුකරනු ලැබේ ද?

(1) ප්‍රෝටීන විච්ජේදනය
(2) ඇමෝනීකරණය
(3) නයිට්‍රිකරණය
(4) නයිට්‍රිහරණය
(5) නය්ට්‍රජන් තිරකිරීම

41 / 50

Category: Biology 2011

41 -50 ප්‍රශ්න සඳහා

1. A B D නිවැරදි           2. ACD නිවැරදි         3. AB නිවැරදි       4. CD නිවැරදි

5. වෙනත් ප්‍රතිචාරයක් නිවැරදිය

(41). ආකියා සහ යුකැරියා අධිරාජධානිවලට පොදු වනුයේ පහත ලක්ෂණ අතුරෙන් කුමක්ද? /  කුමන ඒවා ද?

A – RNA පොලිමරේස් වර්ග කිහිපයක් තිබීම.
B – ප්‍රතිජිවකලට සංවේදී නොවීම.
C – සෛල පටලයේ ශාඛනය වූ ලිපිඩ අණු තිබීම.
D – සෛල බිත්තියේ පෙප්ටිඩොග්ලයිකැන් නොතිබීම
E – සූන්‍යෂ්ටික සෛල සංවිධානය

42 / 50

Category: Biology 2011

41 -50 ප්‍රශ්න සඳහා

1. A B D නිවැරදි           2. ACD නිවැරදි         3. AB නිවැරදි       4. CD නිවැරදි

5. වෙනත් ප්‍රතිචාරයක් නිවැරදිය

(42). පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් කවරක් / කවර ඒවා ශාකවල අවශ්‍යක මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් නිවැරදි ද?

A – ඒවා ශාකවල ව්‍යුහමය දුව්‍යවල සංඝටක වේ.
B – මෙම පෝෂක ද්‍රව්‍ය නොමැතිව ශාකවල ජීවන චක්‍රය සම්පූර්ණ කරගත නොහැකි ය.
C – ආවශ්‍යක මූලද්‍රව්‍ය සමහරක් අඩු සැපයුමකින් ඇති විට ශාක ඌනතා ලක්ෂණ පෙන්වයි.
D – ආවශ්‍යක මූලද්‍රව්‍යවල ප්‍රධානත ම සංවායකය වායුගොලය වේ.
E – සියලු ම ආවශ්‍යක මූලද්‍රව්‍ය මහාපෝෂක මූලද්‍රව්‍ය වේ.

43 / 50

Category: Biology 2011

41 -50 ප්‍රශ්න සඳහා

1. A B D නිවැරදි           2. ACD නිවැරදි         3. AB නිවැරදි       4. CD නිවැරදි

5. වෙනත් ප්‍රතිචාරයක් නිවැරදිය

(43). මිනිසාගේ ප්‍රතීක චාප පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක්ද? / කුමන ඒවා ද?

A – අනිච්ජානුග ක්‍රියා රැසක් පානය කිරීමට ඒවා උපකාරී වේ.
B – ඒවායේ සහභාගීත්වය නිසා ඇති වන ප්‍රතිචාර ස්වයංක්‍රීය වේ.
C – ඒවා සාමාන්‍ය යෙන් නියුරෝන දෙකකින් සමන්විත වේ.
D – ඒවා ස්වයංසාධක ස්නායු පද්ධතිය හරහා ප්‍රතිග්‍රාහක හා කාරක සම්බන්ධ කරයි.
E – ඒවා ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකයි.

44 / 50

Category: Biology 2011

41 -50 ප්‍රශ්න සඳහා

1. A B D නිවැරදි           2. ACD නිවැරදි         3. AB නිවැරදි       4. CD නිවැරදි

5. වෙනත් ප්‍රතිචාරයක් නිවැරදිය

(44). මිනිසාගේ සම පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක්ද? කුමන ඒවා ද?

A – මූලික පටක වර්ග හතර ම චර්මයේ දැකීමට පුළුවන
B – එය ලවණ හා යූරියා බහිස්ස්‍රාවය කරයි.
C – ස්නායු අග්‍ර අපිචර්මය තුළට නොවිහිදෙයි.
D – අපිචර්මය ග්‍රන්ථී සහිත ස්තරිභූත ශල්කමය අපිච්ඡදයකි.
E – එය විටමින D සංශ්ලේෂණය කරයි.

45 / 50

Category: Biology 2011

41 -50 ප්‍රශ්න සඳහා

1. A B D නිවැරදි           2. ACD නිවැරදි         3. AB නිවැරදි       4. CD නිවැරදි

5. වෙනත් ප්‍රතිචාරයක් නිවැරදිය

(45). වෘක්කයේ ක්‍රියාකාරිත්වය යාමනය කිරීම සඳහා දායක වන හෝර්මෝන ස්‍රාවය කරනුයේ මිනිසාගේ පහත දැක්වෙන කුමන අන්තරාසර්ග ග්‍රන්ථිද?

A – හයිපොතැලමස, අධිවෘක්ක මජ්ජාව, අපර පිටියුටරිය
B – අපර පිටියුටරිය, අධිවෘක්ක බාහිකය, තයිමස
C – පූර්ව පිටියුටරිය, හයිපොතැලමස, අපර පිටියුටරිය
D – හයිපොතැලමස, පැරාතයිරොයිඩය, අධිවෘක්ක බාහිකය
E – හයිපොතැලමස, තයිරොයිඩය, අග්න්‍යාසය

46 / 50

Category: Biology 2011

41 -50 ප්‍රශ්න සඳහා

1. A B D නිවැරදි           2. ACD නිවැරදි         3. AB නිවැරදි       4. CD නිවැරදි

5. වෙනත් ප්‍රතිචාරයක් නිවැරදිය

(46). මිනිසාගේ වෘක්කය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක්ද? කුමන ඒවා ද?

A – බාහික වෘක්කාණුවල ගුච්ජිකාවල ඇති කේශනාලිකා සංඛ්‍යාව ජක්ස්ට - මජ්ජා වෘක්කාණුවල ගුච්ජාකාවල කේශනාලිකා සංඛ්‍යාවට වඩා අඩුය.
B – වෘක්කය තුළ දී කිසිවිටෙකත් ජලය සක්‍රීය ලෙස නැවක අවශෝෂණය නොකෙරේ.
C – වෘක්කය තුළ දී ඇමයිනෝ අම්ල සක්‍රීය ලෙස නැවත අවශෝෂණය කෙරේ.
D – වැඩිපුර ඇති විටමින D වෘක්කයේ දී ස්‍රාවය කෙරේ.
E – උරස් කශේරුකා ද වෘක්කය හා සම මට්ටමේ පිහිටා ඇත.

47 / 50

Category: Biology 2011

41 -50 ප්‍රශ්න සඳහා

1. A B D නිවැරදි           2. ACD නිවැරදි         3. AB නිවැරදි       4. CD නිවැරදි

5. වෙනත් ප්‍රතිචාරයක් නිවැරදිය

(47). සය මසක් වයසැති මිනිස් පිරිමි භ්‍රෑණයක දැකිය හැක්කේ පහත සඳහන් ඒවායින් කුමක්ද? / කුමන ඒවාද?

A – රැළි වැටුනු සම
B – ඇහි පිහාටු
C – හා වූ ඇසි පිය
D – ඇඟිලිවල කෙළවර දක්වා දික් වූ නිය
E – අවරෝහණය වූ වෘෂණ සහිත වෘෂණ කෝෂ

48 / 50

Category: Biology 2011

41 -50 ප්‍රශ්න සඳහා

1. A B D නිවැරදි           2. ACD නිවැරදි         3. AB නිවැරදි       4. CD නිවැරදි

5. වෙනත් ප්‍රතිචාරයක් නිවැරදිය

48 සහ 49 ප්‍රශ්න පහත සඳහන් ක්ෂුද්‍රජීවින් මත පදනම් වෙයි.

A – Saccharomyces cerecisiae
B – Acetobacter aceti
C – Clostridium tetani
D – Corynebacterium diptheriae
E –Salmonella typhi

(48). ඉහත සඳහන් කවර ජීවියෙකු / ජීවින් රාවලින් විනාකිරි සෑදීම සඳහා වැදගත් වෙයි ද?

49 / 50

Category: Biology 2011

41 -50 ප්‍රශ්න සඳහා

1. A B D නිවැරදි           2. ACD නිවැරදි         3. AB නිවැරදි       4. CD නිවැරදි

5. වෙනත් ප්‍රතිචාරයක් නිවැරදිය

48 සහ 49 ප්‍රශ්න පහත සඳහන් ක්ෂුද්‍රජීවින් මත පදනම් වෙයි.

A – Saccharomyces cerecisiae
B – Acetobacter aceti
C – Clostridium tetani
D – Corynebacterium diptheriae
E –Salmonella typhi

(49). ඉහත සඳහන් කවර ජීවියෙකු / ජීවීන් බහිෂ් ධූලක නිපදවයි ද?

50 / 50

Category: Biology 2011

41 -50 ප්‍රශ්න සඳහා

1. A B D නිවැරදි           2. ACD නිවැරදි         3. AB නිවැරදි       4. CD නිවැරදි

5. වෙනත් ප්‍රතිචාරයක් නිවැරදිය

(50). පහත සඳහන් ද්‍රව්‍ය අතුරෙන් කවරක් ශෛලම තුළ සාමාන්‍යයෙන් පරිවහනය වේ ද?

A – නයිට්‍රෙිට
B – ජලය
C – ෆොස්ෆේට
D – විටමින
E – ඔක්සින

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 10%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!