2012 ජීව විද්‍යාව බහුවරණ ප්‍රශ්න

0%
0

Past Papers | Biology

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2012 - ජීව විද්‍යාව

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 2 යි)

01 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින් ඉතාමත් ගැළපෙන උත්තරය තෝරන්න.

1 / 50

Category: Biology 2012

(1) සල්ෆර් අඩංගු වන්නේ පහත සඳහන් ඒවා අතුරෙන් කුමක් ද?

1. DNA
2. ලිපිඩ
3. ප්‍රෝටීන
4. කයීටීන්
5. ඉනියුලින්

2 / 50

Category: Biology 2012

(2) ආලෝක අන්වීක්ෂයක් යටතේ නිරීක්ෂණය කළ නොහැක්කේ පහත සඳහන් ඒවා අතුරෙන් කුමක් ද?

1. පිෂ්ට කණිකා
2. යිස්ට් සෛල
3. ප්ලාස්මිඩ
4. හරිතලව
5. පූටිකා

3 / 50

Category: Biology 2012

(3) කාබෝහයිඩ්‍රේට සම්බන්ධයෙන් වැරදි සංකලනයක් වන්නේ පහත දැක්වෙන ඒවා අතුරෙන් කුමක් ද?

1. ශාක තුල පරිවහනය                                     - සුක්‍රෝස්
2. මිනිසා තුළ පරිවහනය                                 - ග්ලූකෝස්
3. ශාක තුළ ආහාර සංචිතය                             - සෙලියුලෝස්
4. ATP වල සංඝටකයක් වීම                           - රයිබෝස්
5. දිලීර සෛල බිත්තිවල සංඝටකයක් වීම       - කයිටීන්

4 / 50

Category: Biology 2012

(4) තරඟකාරී නිෂේධක, එන්සයිමයක ක්‍රියාව නතර කරන්නේ

1. එන්සයිමයේ හැඩටය වෙනස් කිරීමෙනි
2. උපස්තරය සමඟ සම්බන්ධ වීමෙනි
3. එන්සයිමයේ සක්‍රීය ලක්ෂ්‍ය අවහිර කිරීමෙනි
4. ප්‍රතික්‍රියාවෙ පල සමග සම්බ්න්ධ වීමෙනි
5. එන්සයිමයේ පෙප්ටයිඩ බන්ධන විනාශ කිරීමෙනි

5 / 50

Category: Biology 2012

(5) එතනෝල් පැසීමෙදි අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය ලෙස ක්‍රියා කරන්නේ පහත සඳහන් දේවල් අතුරෙන් කුමක් ද?

1. ඇසිටැල්ඩිහයිඩ්
2. පයිරුවේට්
3. ඇසිටයිල් හා එන්සයිම් - A
4. අණුක ඔක්සිජන්
5. ග්ලුකෝස්

6 / 50

Category: Biology 2012

(6) ප්ලාන්ටේ රාජධානියේ ලකෂණ පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?

1. සෛල බිත්තිවල පෙප්ටිඩොග්ලයිකෑන් හා සෙලියුලෝස් ඇත.
2.සෛල පටලයේ ඇති ලිපිඩ බොහොමයක් ශාකනය වී නැත
3. ප්‍රධාන සංච්ත ආහාර ද්‍රව්‍ය වනුයේ ග්ලයිකොජන් හා පිෂ්ටයයි
4.ප්‍රෝටීන් සංස්ලේෂණය සඳහා ආරම්භක කේතය වනුයේ ෆෝමයිල් මෙතියොනීන් ය
5. අනෙකුත් රාජධානිවල ඇති සංචරණ ව්‍යුහ දක්නට ලැබේ

7 / 50

Category: Biology 2012

(7) ක්‍රිසෝෆයිටා වංශය ප්‍රොටිස්ටා රාජධානියට අයත් අනෙක් වංශවලින් වෙනස් වන්නේ පහත දැක්වෙන කුමන ලක්ෂණය නිසා ද?

1. වර්ධක සෛලවල කශිකා නොමති වීම
2.එක් සංචිත ඵලයක් ලෙස මැනිටෝල් තිබීම
3. ප්‍රභාස්වයංපෝෂීන්ට අමතරව රසායනික ස්වයංපෝෂීන් සිටීම
4. ප්‍රභාසංස්ලේෂක වර්ණකයක් ලෙස ක්ලොරොෆිල් - b නොතිබීම
5. සෛල බිත්තියේ සිලිකා තිබීම

8 / 50

Category: Biology 2012

(8) දරුවෙක් පහත දැක්වෙන විටමින් ඌනතා ලක්ෂණ පෙන්වයි.

            (a) විඩාව               (b) රක්තහීනතාව               (c) තුවාල සුව වීම ප්‍රමාද වීම

ඔහු ඌනතාවක් දක්වන විටමින වනුයේ
1. පැන්ටොතෙලික් අම්ලය, ෆෝලික් අම්ලය සහ ඇස්කෝබික් අම්ලය යි
2. තයමින්, නියසින් සහ රයිබොෆ්ලෙවින් ය
3. රයිබොෆ්ලෙවින්, විටමින්, සහ බයොවින්‍ ය
4. විටමින් A , විටමින් D, සහ විටමින් C ය
5. විටමින් , විටමින් E සහ විටමින් K ය

9 / 50

Category: Biology 2012

(9) සිගරට් දුම පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?

1. එයට දීර්ඝකාලීන ලෙස නිරවරණය වීම නිසා ශ්වසන මාර්ග අපිච්ඡදයේ ජනක ස්තරයේ සෛලවල ක්‍රියාකාරීත්වය අඩු වේ.
2. එය ශ්වසන මාර්ග අපිච්ඡදයේ ඇති කලස් සෛල හා පක්ෂ්මධර සෛල උත්තේජනය කර ඒවයේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි.
3. එය හෘත් ස්ඵන්දන සීඝ්‍රතාව සහ රුධිරය ඔස්සේ ඔක්සිජන් පරිවහනය කිරීම වැඩි කරයි.
4. එය පර්යන්ත රුධිර වාහිනි විස්තාරණය කර සමට සැපයෙන රුධිර ප්‍රමාණය වැඩි කරයි.
5. එය පෙනහැලි පටකයේ ජාරක එන්සයිම විශාල ප්‍රමාණයක් නිදහස් කිරීමට දායක වේ.

10 / 50

Category: Biology 2012

(10) හෙපරීන් ස්‍රාවය කළ හැක්කේ පහත සඳහන් සුදු රුධිරාණු අතුරෙන් කුමකට ද?

1. නියුට්‍රොපිල
2. බේසොපිල
3. ඉයොසිනොපිල
4. මොනොසයිට
5. වසා සෛල

11 / 50

Category: Biology 2012

(11) මිනිසාගේ වසා පද්ධතිය පිලිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක් ද?

1. අන්තරාල තරලයෙන් අධික ප්‍රමාණයක් මෙම පද්ධතිය මගින් එකතු කෙරේ.
2. එය රුධිර සංසරණ පද්ධතිය හා සම්බන්ඳ ය.
3. පේයර් පුල්ලි වසා පද්ධතියේ කොටසකි.
4. එය ප්‍රතිශක්ති ප්‍රතිචාර හා සම්බන්ධ ය.
5. ශිරා මෙන්, වසා වාහිනී ද කපාට නොදරයි.

12 / 50

Category: Biology 2012

(12) ජල විභවය පිළිබඳ පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක් ද?

1. මූල කේශ සෛලයක රික්තක ද්‍රාවණයේ ජල විභවය පාංශු ද්‍රාවණයේ ජල විභවයට වඩා වැඩි ය.
2. ඉහළ ම ජල විභවය ඇත්තේ ශුද්ධ ජලයේ ය.
3. ශෛලමයේ රසෝද්ගමනය සිදුවන්නේ ජල විභවය අඩුවන අනුක්‍රමණයක් ඔස්සේ ය.
4.ලවණ ශාක සෛලවල සාමාන්‍ය‍යෙන් අඩු ජල විභවයක් ඇත.
5. උත්ස්වේදනය සිදුවන විට අවට වාතයේ ජල විභවය ශාක පත්‍රය තුළ වාතයේ ජල විභවයට වඩා අඩු ය.

13 / 50

Category: Biology 2012

(13) මිනිසාගේ හයිපොතැලමස පිළිබඳ පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක් ද?

1. එය කලල පෙර මොළයෙන් විකසනය වී ඇත.
2. එය පෝෂී හොර්මෝන නිදහස් කරයි.
3. තාපයාමන මධ්‍යස්‍ථානය එහි පිහිටයි.
4. එය කුසගින්න හා පිපාසය යාමනය කරයි.
5. එය මොළයේ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරයි.

14 / 50

Category: Biology 2012

(14) මිනිසාගේ ස්වයංසාධක ස්නායු පද්ධතිය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක් ද?

1. එය සමස්ථිතියේදී වැදගත් කාර්යයභාරයක් ඉටු කරයි.
2. හදිසි හා පීඩාකාරී අවස්ථාවන් හි දී එහි අනුවේගී ක්‍රියාකාරීත්වය වඩාත් ප්‍රබල වේ.
3. ප්‍රත්‍යනුවේගී පද්ධතියේ පූර්ව ගැංග්ලීමීය තන්තු කෙටිය.
4. අනුවේගී උත්තේජනය ශ්වාසනාලිකා විස්තාරණය කරයි.
5. ප්‍රත්‍යානුවේගී උත්තේජනය ක්ෂුද්‍රාන්ත්‍රයේ ක්‍රමාකුංචනය සහ ස්‍රාවයන් වැඩි කරයි.

15 / 50

Category: Biology 2012

(15) පහත සඳහන් හෝර්මෝන අතුරෙන් ආතති තත්වයන් සමග අවම සම්බන්ධතාවක් දැක්වීමට ඉඩ ඇත්තේ කුමන හෝර්මෝනය ද?

1. ACTH
2. කෝටිසෝල්
3. තයිරොක්සීන්
4. ඇල්ඩොස්ටෙරෝන්
5. නොර්ඇඩ්රිනලීන්

16 / 50

Category: Biology 2012

(16) ප්‍රතිග්‍රාහක පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක් ද?

1. ඒවා සම්ප්‍රේෂණ පරිවර්තක ලෙස ක්‍රියා කරයි.
2. සමහර ප්‍රතිග්‍රාහක සන්තතික ව උත්තේජනය වූ විට ප්‍රතිචාරය අඩු වේ.
3.ඒවා සෑමවිටම ස්නායු පද්ධතියට සම්බන්ධ ය.
4. මිනිසාගේ සමේ නිදහස් ස්නායු අග්‍ර විශිෂ්ට තාපප්‍රතිග්‍රාහක ලෙස ක්‍රියා කරයි.
5. මර්ක්ල් මඬල යාන්ත්‍රප්‍රතිග්‍රාහක වේ.

17 / 50

Category: Biology 2012

(17) බහිස්‍රාවය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?

1. එය ජීවය සඳහා අත්‍යවශ්‍ය ක්‍රියාවලියකි.
2. බහිස්ස්‍රාවී ඵලයක් ලෙස ඇමෝනියා නිපදවීමට ශක්තිය අවශ්‍ය නොවේ.
3. බහිස්ස්‍රාවී ඵලයක් ලෙස යූරික් අම්ලය නිපදවීමේ දි කාබන් හානිය අධික යි.
4. ක්ෂිරපායින්ගේ නයිට්‍රජනීය බහිස්ස්‍රාවයේ ප්‍රථම ඵලය යූරියා ය.
5. බහිස්ස්‍රාවී ඵලයක් ලෙස යූරික් අම්ලය නිපද වීමේ දී ජල සං‍රක්ෂණය උපරිම වේ.

18 / 50

Category: Biology 2012

(18) නයිට්‍රජනීය බහිස්ස්‍රාවයේ අන්තඵලයක් නොවන්නේ පහත සඳහන් ඒවා අතරින් කුමක් ද?

1. ඇමෝනියා
2. යූරියා
3. ක්‍රියටිනීන්
4. යූරික් අම්ලය
5. පිත් වර්ණක

19 / 50

Category: Biology 2012

(19) කංකාල පේශි තන්තුවක සාකොමියරය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක් ද?

1. එය පේශි සංකෝචනයේ ක්‍රියාකාරී ඒකකයයි.
2. එය යාබද Z - රේඛා දෙකක් අතර ප්‍රදේශයයි.
3. I - පටියේ ඇත්තේ සිහින් සූත්‍රිකා පමණි.
4. පේශී සංකෝචනයේ දී A - පටිය කෙටි වේ.
5. පේශී සංකෝචනයේ දී H - කලාපය අඩු වේ.

20 / 50

Category: Biology 2012

(20) පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් අස්ථි සහ කාටිලේජ යන දෙවර්ගයම පිළිබඳ වැරදි වන්නේ කුමක් ද?

1. දෙවර්ගය ම විශේෂිත සම්බන්ධක පටක වේ.
2. දෙවර්ගයේ ම ගර්තිකා ඇත.
3. දෙවර්ගය ම සංධාරණය සපයන අතර සන්ධිවලදි චලනය සඳහා ආධාර වේ.
4. දෙවර්ගය ම රුධිර වාහිනී දරයි.
5. දෙවර්ගයේ ම පූරකයේ කොලැජන් ඇත.

21 / 50

Category: Biology 2012

(21) ශාක චලන පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක් ද?

1. නිද්‍රා සන්නමන චලන මෘදුස්තර සෛලවල ශුනතා වෙනස්වීම් හා ආශ්‍රිත වේ.
2. උසස් ශාකවල ජන්මාණුවල චලනය සාර්වසර චලන වේ.
3. සන්ධාරකයක් වටා ශාක පහුරු එතීම ස්පර්ශාවර්තී චලනයයි.
4. ගුරුත්වාවර්තී චලනවලදී සයිටොකයිනීන ප්‍රධාන කාර්යයභාරයක් ඉටු කරයි.
5. පුෂ්ප පිපීම හා හැකිලීම සන්නමන චලනයකි.

22 / 50

Category: Biology 2012

(22) මානව කිරි පිළිබඳව පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?

1. එහි සංස්ලේෂණය හා නිදහස් වීම ප්‍රොලැක්ටින් මගින් යාමනය වේ.
2. සුක්රෝස් නිසා එය පැණිරසය.
3. කිරිදෙන වාරයක් පාසා එහි සං‍යුතිය වෙනස් වේ.
4. එය සෝඩියම් හ කැල්සියම් අයනවලින් පොහොසත්‍ ය.
5. අලුත උපන් ළදරුවෙකුට මාස 12ක් පමණ වයස් වන තෙක් එක ම ආහර ප්‍රභවය ලෙස එයට ක්‍රියාකළ හැකිය.

23 / 50

Category: Biology 2012

(23) මිනිස් ශුක්‍රාණුවල අධිසක්‍රියතාව පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක් ද?

1. අධිසක්‍රීයවීමේදි ශුක්‍රාණුවේ ප්ලාස්ම පටලයේ ඇති සමහර ග්ලයිකොප්‍රෝටීන වෙනස් වේ.
2. අධිචාලක ශුක්‍රාණු ට්‍රිප්සින් මුදා හරී.
3. අග්‍රදේහ ප්‍රතික්‍රියාව සිදුවන්නේ අධිසක්‍රීය ශුක්‍රාණුවල පමණි.
4. අධිසක්‍රීය ශුක්‍රාණුවලට පෑදී කලාපයේ ප්‍රතිග්‍රාහකවලට සම්බන්ධ විය හැකි ය.
5. අධිසක්‍රීයවීම ආරම්භ වනුයේ අපිවෘෂණයේදී ය.

24 / 50

Category: Biology 2012

(24) දරු ප්‍රසූතිය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි කුමක් ද?

1. එය සාමාන්‍ය‍යෙන් සංසේචනයෙන් සති 36 කට පසු සිදු වේ.
2. එය මයෝමෙට්රියමේ සිනිඳු පේශිවල ප්‍රබල රිද්මාකාර සංකෝචන සංශ්‍රේණියක් නිසා සිදු වේ.
3. දරු ප්‍රසූතිය සඳහා සංඥාව ලැබෙනුයේ භ්‍රෑණයෙනි.
4. දරු ප්‍රසූතියට සතියකට පමණ පෙර ප්‍රොජෙස්ටරෝන් මගින් මයෝමේට්රියමේ ඔක්සිටොසින් ප්‍රතිග්‍රාහක සෑදීම ක්‍රියාරම්භ කෙරේ.
5. දරු ප්‍රසූතියේදී ඔක්සිටොසීන් මුදාහැරීම සඳහා වැදගත් කාර්යයභාරයක් ගර්භාෂයේ ප්‍රසාර ප්‍රතිග්‍රාහක ඉටුකරයි.

25 / 50

Category: Biology 2012

(25) පහත සඳහන් කුමන ශාක වර්ධක ද්‍රව්‍ය ශෛලම තුළින් පරිවහනය වේ ද?

1. ඔක්සින හා සයිටොකයිනින
2. සයිටොකයිනින සහ ඇබ්සිසික් අම්ලය
3. ගිබෙරිලින සහ ඇබ්සිසික් අම්ලය
4. එතිලීන් සහ සයිටොකයිනින
5. ඔක්සින සහ ගිබෙරිලින

26 / 50

Category: Biology 2012

(26) පාතෙනොඵලනය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක් ද?

1. ඇතැම් ශාක විශේෂවල පාතෙනොඵලනය ස්වාභාවිකව සිදු වේ.
2. ඇතැම් ශාක වර්ධක ද්‍රව්‍ය මගින් පාතෙනොඵලනය ප්‍රේරණය කල හැකිය.
3. පාතෙනොඵලනයේ දී ඵල සෑදෙන්නේ සංසේචනය නොවූ ඩිමිබ අඩංගු ඩිම්බකෝෂයෙනි.
4. පාතෙනොඵලනය කෙසෙල් වැනි ඵලවල සාමාන්‍ය‍යෙන් දැකිය හැකිය.
5. පාතෙනොඵලයෙන් ඇතිවන ඵලවල අඩංගු වන්නේ නිසරු බීජ ය

27 / 50

Category: Biology 2012

(27) Selaginella පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක් ද?

1. බීජාණුධානි වර්ග දෙකක් නිපද වේ.
2.ජීවන චක්‍රයේ චල අවස්ථාවක් ඇත.
3. කලලයට සුප්ත කාලයක් ඇත.
4.බීජාණුධානි සංකේතුවක හට ගනී.
5. ජන්මාණු ශාකය ද්වීගෘහි ය.

28 / 50

Category: Biology 2012

♦ ප්‍රශ්න අංක 28 හා 29 අණුක ප්‍රවේණි විද්‍යාවේ භාවිතා වන පහත දැක්වෙන පද මත පදනම් වේ.

            1.පිටපත් කිරීම          2.පරිණාමණය       3.සංයුග්මනය       4.ප්‍රතිචලිත වීම        5.පරිවර්තනය

(28) DNA අච්චුව මගින් RNA සෑදීමේ ක්‍රියාවලිය වන්නේ

(1) 1
(2) 2
(3) 3
(4) 4
(5) 5

29 / 50

Category: Biology 2012

♦ ප්‍රශ්න අංක 28 හා 29 අණුක ප්‍රවේණි විද්‍යාවේ භාවිතා වන පහත දැක්වෙන පද මත පදනම් වේ.

            1.පිටපත් කිරීම          2.පරිණාමණය       3.සංයුග්මනය       4.ප්‍රතිචලිත වීම        5.පරිවර්තනය

(29) DNA අච්චුව මගින් RNA සෑදීමේ ක්‍රියාවලිය වන්නේ

(1) 1
(2) 2
(3) 3
(4) 4
(5) 5

30 / 50

Category: Biology 2012

(30) මෑ ශාක ප්‍රභේදයක උස ශාක ප්‍රමුඛ(T) වන අතර මිටි ශාක නිලීන(t) ය. එම ප්‍රදේශයේම කහ පැහැති ප්‍රමුඛ(Y) වන අතර කොළ පැහැති බීජ නිලීන(y) ය. ශාක දෙකක මුහුමකින් කහ පැහැති බීජ සහිත උස ශාක 296ක් සහ කොළ පැහැති බීජ සහිත උස ශාක 104ක් ලැබුනි. දෙමව්පිය ශාකවල ප්‍රවේණිදර්ශ විය හැක්කේ පහත සදහන් ඒවා අතුරෙන් කුමක්ද?

1. TTYY × TTYY
2. TTyy × TTYy
3. TtYy × TtYy
4. TtYy × TTYy
5. TtYY × Ttyy

31 / 50

Category: Biology 2012

(31) DNA ප්‍රචලිත වීමේදී DNA පොලිමරේස් මගින් උත්ප්‍රේරණය වන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද?

1. ද්විත්ව හෙලික්සය දිග හැරීම.
2. එක් එක් පටයේ සීනි ෆොස්ෆේට් බන්ධන බිඳ හෙළීම.
3. රයිබෝස්වල 3’ කාබන් හෝ 5’ කාබන්වලට ෆොස්ෆේට කාණ්ඩයක් එකතු කිරීම.
4. අච්චු පටයේ භෂ්මයට අනුපූරක භෂ්මයක් සහිත නියුක්ලියොටයිඩයක් නව DNA පටය එකතු කිරීම
5. නියුක්ලියොටයිඩ පට දෙක එකට එතීම මගින් ද්විත්ව පට DNA තැනීම

32 / 50

Category: Biology 2012

(32) සත්‍යාභිජනන සුදු මල් සහිත ශාකයක්, එම විශේෂයේම සත්‍යාභිජනන රතුමල් සහිත ශාකයක් සමග මුහුම් කරන ලදි. එවිට ඇති වූ පරම්පරාවේ සියළුම ශාක රෝස පැහැති මල් දැරීය. ප්‍රජනිතයන්ගේ අන්තරාභිජනනයෙන් ලත් පරම්පරාවේ රතු පැහැති මල් සහිත ශාක, සුදු පැහැති මල් සහිත ශාක සහ රෝස පැහැති මල් සහිත ශාක ඇති විය. මේ සඳහා හේතු විය හැක්කේ ඇලීල අතර ඇති පහත දැක්වෙන කුමන අන්තර්ක්‍රියාව ද?

1. අසම්පූර්ණ ප්‍රමුඛතාව
2. බහුඇලීලතාව
3. ප්‍රතිබද්ධය
4. අභිභවනය
5. බහුජාන ප්‍රවේණිය

33 / 50

Category: Biology 2012

(33) ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම නිසා සිදුවේ යැයි සැලකිය නොහැක්කේ පහත සඳහන් ඒවායින් කුමක් ද?

1. සුනාමි
2. නිවර්තන කලාපීය කුණාටු
3. මැලේරියාව පැතිරීම
4. වර්ෂාපතන රටාව වෙනස් වීම
5. වෙරළාසන්න පහත්බිම් ජලයෙන් යටවීම

34 / 50

Category: Biology 2012

(34) මෙම ප්‍රශ්නය ස්වාභාවික සම්පත් පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ මත පදනම් වේ.

  (a) වියැකී නොයන සම්පත් සියල්ල අජීවී වේ.
  (b) ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සම්පත් සියල්ල අජීවී වේ.
  (c) පුනර්ජනනය කළ හැකි සම්පත් සියල්ල ජීවී වේ.
  (d) සජීවී සම්පත් සියල්ල පුනර්ජනනය කළ හැකිය.
  (e) අජීවී සම්පත් සියල්ල ප්‍රතිචක්‍රීකරණය කළ හැකිය.

ඉහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමන ඒවා ද?

1. (a) සහ (b) පමණි.
2. (b) සහ (d) පමණි.
3. (a), (b), (c) සහ (d) පමණි.
4. (a), (b) සහ (d) පමණි.
5. (a), (b), (d) සහ (e) පමණි.

35 / 50

Category: Biology 2012

(35) රසායනික ස්වයංපෝෂි බැක්ටීරියා මගින් පමණක් සිදු කරනු ලබන්නේ නිට්‍රජන් චක්‍රයේ පහත සඳහන් කුමන ජෛවරසායනික ක්‍රියාවලිය ද?

1. ප්‍රෝටීන් ජීරණය
2. නයිට්‍රීකරණය
3. නයිට්‍රීහරණය
4. නයිට්‍රජන් තිරකිරීම
5. ඇමෝනිකරණය

36 / 50

Category: Biology 2012

(36) ජෛවප්‍රතිකර්මණයේ භාවිතයක් නොවන්නේ පහත සඳහන් ඒවායින් කුමක් ද?

1. ජානමය ලෙස විකරණය කරන ලද. ජීවින්ගේ ඵල භාවිතයෙන් මිනිසාගේ රෝගවලට ප්‍රතිකාර කිරීම.
2. ජලජ පරිසරවල කාබනික අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීම.
3. ජලජ පරිසර වලින් තෙල් කාන්දු ඉවත් කිරීම.
4. කාර්මික අපද්‍රව්‍යවලින් විෂ ලෝහ ඉවත් කිරීම.
5. කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලි වේගවත් කිරීම

37 / 50

Category: Biology 2012

(37) රෝග ආසාදනය කරන ක්ෂුද්‍රජීවීන්ගේ ආක්‍රමණ සහ වර්ධනය වැළැක්වීමට හා මැඩපැවැත්වීමට නිරෝගී මිනිස් දේහය තුල යාන්ත්‍රණ රැසක් විකසනය වී ඇති බැවින් ක්ෂුද්‍රජීවීන්ට නිරාවරණය වන සියලුම පුද්ගලයො රෝගී නොවෙති. එවැනි යන්ත්‍රණයක් නොවන්නේ පහත සඳහන් ඒවා අතුරෙන් කුමක් ද?

1. ක්ෂුද්‍රජීවීන් සඳහා සම භෞතික බාධකයක් ලෙස ක්‍රියා කිරීම.
2. කඳුළු සහ ශ්ලේෂ්මල ස්‍රාවයන් ක්ෂුද්‍රජීවී ආක්‍රමණ පාලනය කිරීම.
3. ආමාශයික යුෂයේ pH අඩු අගය ක්ෂුද්‍රජීවීන් රැසක් විනාශ කිරීම.
4. ප්‍රදාහක ප්‍රතිචාර
5. මිනිස් දේහයේ සිටින සාමාන්‍ය ක්ෂුද්‍රජීවී සංහතිය මගින් නිපදවනු ලබන ප්‍රතිජීවක ආක්‍රමණික ක්ෂුද්‍රජීවීන් විනාශ කිරීම.

38 / 50

Category: Biology 2012

(38) අන්තඃධුලකයක් නිපදවන්නේ පහත සඳහන් කුමන ව්‍යාධිජනක ජීවියා ද?

1. Clostridium botulinum
2. Salmonella typhi
3. Vibrio cholerae
4. Corynebacterium diphtheriae
5.Staphylococcus aureus

39 / 50

Category: Biology 2012

(39) මිනිසාගේ ප්‍රජනනය හා සම්බන්ධ හෝර්මෝන කිහිපයක්, ඒවා ස්‍රාවය වන ස්ථාන හා ඒවායේ කෘත්‍යයන් පහත දී ඇත.

හෝර්මෝනය, එය නිපදවන ස්ථානය හා එහි කෘත්‍යය නිවැරදි ව දැක්වෙනුයේ පහත සඳහන් ඒවායෙන් කුමක් මගින් ද?

1. III, ii, d
2. II, ii, d
3. I, iii, b
4. IV, i, c
5. II, iv, a

40 / 50

Category: Biology 2012

(40) පාරිසරික ගැටළු කිහිපයක්, එම ගැටළුවලට හේතුකාරක සාධක සහ ඒවායේ බලපෑම් පහත දී ඇත.

ඉහත සංකලන අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද? / කුමන ඒවා ද?
1. b පමණි
2. b සහ d පමණි
3.a, b සහ d පමණි
4.a, b සහ c පමණි
5. b, c සහ d පමණි

41 / 50

Category: Biology 2012

♦ අංක 41 සිට 50 තෙක් ප්‍රශ්නවල දී ඇති ප්‍රතිචාර අතුරෙන් එකක් හෝ ඊට වැඩි ගණනක් හෝ නිවැරදිය. කවර ප්‍රතිචාරය / ප්‍රතිචාර නිවැරදිද යන්න පළමුවෙන් ම විනිශ්චය කර ගන්න. ඉන් පසු නිවැරදි අංකය තෝරන්න

A,B,D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                                ........................ 1
A,C,D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                                ........................ 2
A සහ B යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                            ........................ 3
C සහ D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                            ........................ 4
වෙනත් කිසියම් ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සං‍යෝජනයක් හෝ නිවැරදි නම්        ......................... 5

(41) සියළුම ජීවීන් තුළ දක්නට නොලැබෙන්නේ පහත සඳහන් ඒවායින් කුමක් ද?/කුමන ඒවා ද?

(A) සෛලසැකිල්ල
(B) මයිටොකොන්ඩ්‍රියා
(C) රයිබොසෝම
(D) න්‍යෂ්ටියෙන් පිටත DNA පිහිටීම
(E) RNA

42 / 50

Category: Biology 2012

♦ අංක 41 සිට 50 තෙක් ප්‍රශ්නවල දී ඇති ප්‍රතිචාර අතුරෙන් එකක් හෝ ඊට වැඩි ගණනක් හෝ නිවැරදිය. කවර ප්‍රතිචාරය / ප්‍රතිචාර නිවැරදිද යන්න පළමුවෙන් ම විනිශ්චය කර ගන්න. ඉන් පසු නිවැරදි අංකය තෝරන්න

A,B,D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                                ........................ 1
A,C,D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                                ........................ 2
A සහ B යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                            ........................ 3
C සහ D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                            ........................ 4
වෙනත් කිසියම් ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සං‍යෝජනයක් හෝ නිවැරදි නම්        ......................... 5

(42) බෙනඩික්ට් පරික්ෂාවේදී ධන ප්‍රතික්‍රියාවක් දක්වන්නේ පහත සඳහන් කුමන කාබොහයිඩ්‍රේටය ද? /කාබොහයිඩ්‍රේට ද?

(A) ලැක්ටෝස්
(B) ග්ලූකෝස්
(C) සුක්‍රෝස්
(D) මෝල්ටෝස්
(E) රයිබෝස්

43 / 50

Category: Biology 2012

♦ අංක 41 සිට 50 තෙක් ප්‍රශ්නවල දී ඇති ප්‍රතිචාර අතුරෙන් එකක් හෝ ඊට වැඩි ගණනක් හෝ නිවැරදිය. කවර ප්‍රතිචාරය / ප්‍රතිචාර නිවැරදිද යන්න පළමුවෙන් ම විනිශ්චය කර ගන්න. ඉන් පසු නිවැරදි අංකය තෝරන්න

A,B,D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                                ........................ 1
A,C,D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                                ........................ 2
A සහ B යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                            ........................ 3
C සහ D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                            ........................ 4
වෙනත් කිසියම් ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සං‍යෝජනයක් හෝ නිවැරදි නම්        ......................... 5

(43) සෑම එකයිනොඩර්මේටාවෙකු තුල ම දක්නට ලැබෙන්නේ පහත සඳහන් කුමන ව්‍යුහ ද?

(A) මධ්‍ය මඩල, කණ්ටක, ශ්වසන ගස්
(B) බාහු, පෙඩිසලේරියා, ජම්බාලීය
(C) අරීය ස්නායු, සිලෝමය, ප්‍රජනේන්ද්‍රිය ප්‍රණාල
(D) නාල-පාද, ඇතුළු සැකිල්ල, ජල වාහිනී පද්ධතිය
(E) ගුදය, අනුපක්ෂක, අක්ෂි ලප

44 / 50

Category: Biology 2012

♦ අංක 41 සිට 50 තෙක් ප්‍රශ්නවල දී ඇති ප්‍රතිචාර අතුරෙන් එකක් හෝ ඊට වැඩි ගණනක් හෝ නිවැරදිය. කවර ප්‍රතිචාරය / ප්‍රතිචාර නිවැරදිද යන්න පළමුවෙන් ම විනිශ්චය කර ගන්න. ඉන් පසු නිවැරදි අංකය තෝරන්න

A,B,D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                                ........................ 1
A,C,D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                                ........................ 2
A සහ B යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                            ........................ 3
C සහ D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                            ........................ 4
වෙනත් කිසියම් ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සං‍යෝජනයක් හෝ නිවැරදි නම්        ......................... 5

(44) සරජ්ජුකයෙකුට පහත දැක්වෙන ලක්ෂණ ඇත.

            (a) බාහිර සංසේචනය                                         (b) කීට අවස්ථාව
(c) අණ්ඩජතාව                                                  (d) ඇසිපිය

මෙම සත්ත්වයාගේ තිබිය හැකි අනිත් ලක්ෂණ වන්නේ

(A) පාද, අචලතාපතාව සහ කාටිලේජ ය.
(B) කොරපොතු, චර්මීය ග්‍රන්ථි සහ වලිගය ය.
(C) කුටීර තුනකින් යුත් හෘදය, මැද කණ සහ අස්ථිමය සැකිල්ල ය.
(D) දත්, කපාල ස්නායු යුගල් 10 සහ පෙනහැලි ය.
(E) නිමීලන පටලය, බාහිර ශ්‍රවණ නාලය සහ රෝම ය.

45 / 50

Category: Biology 2012

♦ අංක 41 සිට 50 තෙක් ප්‍රශ්නවල දී ඇති ප්‍රතිචාර අතුරෙන් එකක් හෝ ඊට වැඩි ගණනක් හෝ නිවැරදිය. කවර ප්‍රතිචාරය / ප්‍රතිචාර නිවැරදිද යන්න පළමුවෙන් ම විනිශ්චය කර ගන්න. ඉන් පසු නිවැරදි අංකය තෝරන්න

A,B,D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                                ........................ 1
A,C,D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                                ........................ 2
A සහ B යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                            ........................ 3
C සහ D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                            ........................ 4
වෙනත් කිසියම් ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සං‍යෝජනයක් හෝ නිවැරදි නම්        ......................... 5

(45) A කෘමි විශේෂයේ කීටයන් ආහාරයට ගන්නේ B ශාක විශේෂයේ පත්‍ර පමණි. C කෘමි විශේෂය බිත්තර දමනුයේ A විශේෂයේ කීටයන් තුළ පමණි. C විශේෂයේ කීටයන් විශේෂයේ කීටයන්ගේ අභ්‍යන්තර පටක ආහාරයට ගන්නා අතර ඒ නිසා අවසානයේදී A විශේෂයේ කීටයෝ මියයති. D පක්ෂි විශේෂය A හා C විශේෂයෙන් ආහාරයට ගනී. ඉහත දක්වා ඇති තොරතුරු ආශ්‍රිතව පහත දී ඇති ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද? / කුමන ඒවා ද?

(A) A හා C විශේෂ අතර ඇත්‍තේ සහජීවී සම්බන්ධතාවකි.
(B) A විශේෂයේ පෝෂණ ක්‍රමය සත්වසදෘශ ය.
(C) C සහ D විශේෂ අතර ඇත්තේ සහභෝජී සම්බන්ධතාවකි.
(D) D විශේෂය මෙම ප්‍රජාවේ 3 වැනි පෝෂී මට්ටම නිරූපණය කරයි.
(E) C විශේෂයේ කීටයන්ට ඇත්තේ සත්වසදෘශ පෝෂණ ක්‍රමයකි.

46 / 50

Category: Biology 2012

♦ අංක 41 සිට 50 තෙක් ප්‍රශ්නවල දී ඇති ප්‍රතිචාර අතුරෙන් එකක් හෝ ඊට වැඩි ගණනක් හෝ නිවැරදිය. කවර ප්‍රතිචාරය / ප්‍රතිචාර නිවැරදිද යන්න පළමුවෙන් ම විනිශ්චය කර ගන්න. ඉන් පසු නිවැරදි අංකය තෝරන්න

A,B,D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                                ........................ 1
A,C,D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                                ........................ 2
A සහ B යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                            ........................ 3
C සහ D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                            ........................ 4
වෙනත් කිසියම් ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සං‍යෝජනයක් හෝ නිවැරදි නම්        ......................... 5

(46) සිනිඳු පේශී තන්තු පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?/කුමන ඒවා ද?

(A) එම තන්තු දිගු හා ශාකනය වූ ඒවාය.
(B) ඒවා සාකොමියර දරයි.
(C) ඒවා පහසුවෙන් විඩාවට පත් නොවේ.
(D) ඒවා ප්‍රත්‍යස්ථ ය.
(E) ඒවා බහුන්‍යෂ්ටික වේ.

47 / 50

Category: Biology 2012

♦ අංක 41 සිට 50 තෙක් ප්‍රශ්නවල දී ඇති ප්‍රතිචාර අතුරෙන් එකක් හෝ ඊට වැඩි ගණනක් හෝ නිවැරදිය. කවර ප්‍රතිචාරය / ප්‍රතිචාර නිවැරදිද යන්න පළමුවෙන් ම විනිශ්චය කර ගන්න. ඉන් පසු නිවැරදි අංකය තෝරන්න

A,B,D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                                ........................ 1
A,C,D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                                ........................ 2
A සහ B යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                            ........................ 3
C සහ D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                            ........................ 4
වෙනත් කිසියම් ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සං‍යෝජනයක් හෝ නිවැරදි නම්        ......................... 5

(47) ප්‍රවේණික ලෙස උරුම විය හැක්කේ පහත දැක්වෙන කුමන රෝගය ද?/ රෝග ද?

(A) සිස්ටික් ෆයිබොසිස්
(B) දෑකැති සෛල රක්තහීනතාව
(C) ක්ෂයරෝගය
(D) AIDS
(E) පෝලියෝ

48 / 50

Category: Biology 2012

♦ අංක 41 සිට 50 තෙක් ප්‍රශ්නවල දී ඇති ප්‍රතිචාර අතුරෙන් එකක් හෝ ඊට වැඩි ගණනක් හෝ නිවැරදිය. කවර ප්‍රතිචාරය / ප්‍රතිචාර නිවැරදිද යන්න පළමුවෙන් ම විනිශ්චය කර ගන්න. ඉන් පසු නිවැරදි අංකය තෝරන්න

A,B,D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                                ........................ 1
A,C,D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                                ........................ 2
A සහ B යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                            ........................ 3
C සහ D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                            ........................ 4
වෙනත් කිසියම් ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සං‍යෝජනයක් හෝ නිවැරදි නම්        ......................... 5

(48) පරිසර පද්ධති පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක් ද්?/ කුමන ඒවා ද?

(A) බූන්දල ජාතික වනෝද්‍යාන පරිසර පද්ධතියේ සිටින මකුළු ගහණය නීති විරෝධී අපනයනය නිසා  තර්ජනයට ලක්වීමට ඉඩ ඇත.
(B) පරිසර පද්ධතියක ප්‍රාථමික පරිභෝජකයින් සඳහා ඇති ප්‍රාථමික නිෂ්පාදකයන්ගේ ජෛවස්කන්ධය ප්‍රමාණය ශුද්ධ ප්‍රාථමික නිෂ්පාදනතාව මගින් පෙන්නුම් කෙරේ.
(C) ජෛවගෝලය සමන්විත වනුයේ පෘථිවිය මත ඇති එකිනෙක හා සම්බන්ධ පරිසර පද්ධති රාශියකිනි.
(D) පරිසර පද්ධතියක් ඔස්සේ ශක්තිය ගලා යාම සඳහා ක්ෂුද්‍රජීවීන් අත්‍යාවශ්‍ය ය.
(E) ශ්‍රී ලංකාවේ වනාන්තර පරිසර පද්ධතිවල වන අලි ගහණය වැඩි වී ඇති බව මෑතකදී සිදු කරන ලද  සමීක්ෂණයකින් පෙනී ගොස් ඇත..

49 / 50

Category: Biology 2012

♦ අංක 41 සිට 50 තෙක් ප්‍රශ්නවල දී ඇති ප්‍රතිචාර අතුරෙන් එකක් හෝ ඊට වැඩි ගණනක් හෝ නිවැරදිය. කවර ප්‍රතිචාරය / ප්‍රතිචාර නිවැරදිද යන්න පළමුවෙන් ම විනිශ්චය කර ගන්න. ඉන් පසු නිවැරදි අංකය තෝරන්න

A,B,D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                                ........................ 1
A,C,D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                                ........................ 2
A සහ B යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                            ........................ 3
C සහ D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                            ........................ 4
වෙනත් කිසියම් ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සං‍යෝජනයක් හෝ නිවැරදි නම්        ......................... 5

(49) ඒකදේශිකත්වය හෝ දේශීයත්වය හෝ ධජයධාරිත්වය හෝ සැළකූ විට අනිත් ජීවීන් දෙදෙනා සමඟ නොගැළපෙන ජීවියෙකු අන්තර්ගත කාණ්ඩය / කාණ්ඩ තෝරන්න.

(A) Dipterocarpus zeylanicus, Garcinia quesita, Puntius nigrofasciatus
(B) සුදු රෙදි හොරා, අවිච්චියා, වැහිලිහිණියා
(C) Loris tardigradus, Caryota urens, Ophicephalus striatus
(D) Oreochromis mossambicus, Chitala chitala, Ichthyophis glutinosus
(E) බෙංගාල කොටියා, යෝධ පැන්ඩා, කැහිබෙල්ලා

50 / 50

Category: Biology 2012

♦ අංක 41 සිට 50 තෙක් ප්‍රශ්නවල දී ඇති ප්‍රතිචාර අතුරෙන් එකක් හෝ ඊට වැඩි ගණනක් හෝ නිවැරදිය. කවර ප්‍රතිචාරය / ප්‍රතිචාර නිවැරදිද යන්න පළමුවෙන් ම විනිශ්චය කර ගන්න. ඉන් පසු නිවැරදි අංකය තෝරන්න

A,B,D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                                ........................ 1
A,C,D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                                ........................ 2
A සහ B යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                            ........................ 3
C සහ D යන ප්‍රතිචාර පමණක් නිවැරදි නම්                                                                            ........................ 4
වෙනත් කිසියම් ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සං‍යෝජනයක් හෝ නිවැරදි නම්        ......................... 5

(50) බැක්ටීරියා නිසා ඇතිවනුයේ පහත දැක්වෙන කුමන රෝගය ද?/ රෝග ද?

(A) ටයිෆොයිඩ්
(B) පෝලියෝ
(C) ලෙප්ටොස්පයිරෝසියාව
(D) බොටුලීමියාව
(E) ජලභීතිකාව

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 0%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!