2014 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය බහුවරණ ප්‍රශ්න

0%
4

Past Papers | Information and Communication Technology

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2014 - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 2 යි)

1 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින්‌ නිවැරදි හෝ ඉතාමත්‌ ගැළපෙන පිළිතුර තෝරන්න.

1 / 50

Category: Information and Communication Technology 2014

(1) Electronic Numerical Intergrator And Computer (ENIAC)පරිගණකයේ ප්‍රධාන නිපැයුම්කරුවකු වන්නේ

(1) බ්ලේයිස් පැස්කල් (Blaise Pascal) ය.
(2) චාල්ස් බැබේජ් (Charles Babbage) ය.
(3) ජෝන් වෝන් නියුමන් (John Von Neumann) ය.
(4) ඒඩා ඔගස්ටා ලොවිලස් (Ada Augesta Lovelace) ය.
(5) ජෝන් ප්‍රිස්පර් එකර්ට් (John Presper Eckert) ය.

2 / 50

Category: Information and Communication Technology 2014

(2) ආගණන උපක්‍රමවල (Computing Devices) පරිණාමය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සදහන් කුමන වගන්තියද ?

(1) රික්තක නළ භාවිතයෙන් බ්ලේයිස් පැස්කල් විසින් පැස්කලීනය (Pascaline) නිපදවන ලදි.
(2) පැස්කලීනය පළමු පරම්පරාවේ ආගණන උපක්‍රමයක් ලෙස සලකනු ලැබේ.
(3) රික්තක නළ භාවිත කර නිපදවන ලද පරිගණක දෙවන පරම්පරාවේ පරිගණක ලෙස හදුන්වන ලැබේ.
(4)  Electronic Numerical Intergrator And Computer (ENIAC) පරිගණකය නිපදවීම සදහා රික්තක නළ භාවිතා කරන ලදි.
(5) ඇපල් I හා ඇපල් II දෙවන පරම්පරාවට අයත් පරිගණක සදහා උදාහරණ දෙකකි.

3 / 50

Category: Information and Communication Technology 2014

(3) ක්‍රමලේඛන භාෂා සම්බන්ධයෙන් සත්‍ය වන්නේ පහත සදහන් කුමන වගන්තියද ?

 (1) යන්ත්‍ර භාෂා අයත් වන්නේ දෙවන පරම්පරාවේ ක්‍රමලේඛන භාෂාවලට ය.
(2) ඇසෙම්බ්ලි භාෂා ක්‍රමලේඛන ඕනෑම පරිගණකයක ඍජුවම ධාවනය කළ හැකි ය.
(3) ඇසෙම්බ්ලි භාෂා අයත් වන්නේ පළමුවන පරම්පරාවේ ක්‍රමලේඛ භාශා වලට ය.
(4) ඇසෙම්බ්ලි භාෂාව යනු මිනිසාට වඩා පහසුවෙන් කියවිය හැකි යන්ත්‍ර භාෂාවේම ආකාරයකි.
(5) ඇසෙම්බලර්ස් භාවිතයෙන්,යන්ත්‍ර භාෂා ක්‍රමලේඛනවලට පරිවර්තනය කළ හැකි ය.

4 / 50

Category: Information and Communication Technology 2014

(4) ක්‍රමලේඛන භාෂාවල විවරණ (Comments) සම්බන්ධයෙන් පහත සදහන් කුමන වගන්තිය සත්‍ය වේද ?

(1) ක්‍රියාකරවීම සිදුවන අවස්ථාවේදී විවරණ විෂේශ යන්ත්‍ර උපදේශන වලට පරිවර්තනය වේ.
(2) විවරණ සෑම විටම එක් පේළියකට සීමා කළ යුතුය.
(3) සියලුම ක්‍රමලේඛන භාෂා වල විවරණ ආරම්භ කළ යුත්තේ # සංකේතය සමගිනි.
(4) ක්‍රමලේඛන තුළ විවරණ ඇතුලත් කිරීම එහි කාර්ය පැහැදිලි කිරීමට ගත හැකි හොද පුරුද්දකි.
(5) පයිතන් ක්‍රමලේඛනයේදී විවරණ සෑමවිටම ආරම්භ කළ යුත්තේ පළමුවෙනි තීරුවෙනි.

5 / 50

Category: Information and Communication Technology 2014

(5) පයිතන් විචල්‍ය නාම සදහා වලංගු නොවන්නේ පහත සදහන් කවරක් ද ?

(1) MyCountry
(2) mycountry
(3) My country
(4) My_country
(5) _my country_

6 / 50

Category: Information and Communication Technology 2014

(6) 100111 සඳහා තුල්‍ය වන දශමය සංඛ්‍යාව වන්නේ,

(1) 40
(2) 39
(3) 38
(4) 37
(5) 36

7 / 50

Category: Information and Communication Technology 2014

(7) ප්‍රතිසම (Analog) දුරකථන ජාලයක් හරහා සම්ප්‍රේශණය කිරීම සදහා සංඛ්‍යාංක (digital) දත්ත ප්‍රතිසම දත්ත වලට පරිවර්තනය කරන්නේ පහත කුමකින් ද ?

(1) ජාල අතුරු මුහුණත (NIC)
(2) මොඩමය (Modem)
(3) බහු පථ කාරකය (Multiplexer)
(4) බ්ලූටූත් අනුවර්තකය (Adaptor)
(5) Wi-Fi කාඩ්පත

8 / 50

Category: Information and Communication Technology 2014

(8) දත්ත සප්‍රමාණතාව (data validation) සදහා සංඛ්‍යාංක අනුක්‍රමයක් තුළට ඇතුළත් කරනු ලබන විෂේශිත වූ සංඛ්‍යාංකය ....................... සංඛ්‍යාංකය ලෙස හැදින්වේ. ඉහත හිස්තැන පිරවීමට වඩාත් ම යෝග්‍ය පිළිතුර කුමක් ද ?

(1) ආවේක්ෂණය (Check)
(2) ලකුණු (sign)
(3) අඩුම වෙසෙසි (least significant)
(4) වැඩිම වෙසෙසි (most significant)
(5) දෝෂ (error)

9 / 50

Category: Information and Communication Technology 2014

(9)  2014 T-20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් දිනාගන්නා ලදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් හට මෙම තොරතුරු වඩාත් ඉහළම අගයක් ගෙන දුන්නේ...................

(1) අවසන් තරගය ආරම්භ කල විට දී ය.
(2) තිසර පෙරේරා  ජයග්‍රාහී ලකුණ ලබා ගත් විට දී ය.
(3) නායක ලසිත් මාලිංගට කුසලානය ලැබුණු විට දී ය.
(4) ඔවුහු පුවත්පත් මගින් ප්‍රවෘත්තිය දැක ගත් විට දී ය.
(5) ඔවුහු ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළේ දී දැකගත් විට දී ය.

10 / 50

Category: Information and Communication Technology 2014

(10)  4A616 + 9910  =

(1) 61516
(2) 61510
(3) 50910
(4) 50916
(5) 69516

11 / 50

Category: Information and Communication Technology 2014

(11) 510  සහ - 910 බිටු අටකින් සමන්විත (8 bit) දෙකෙහි අනුපූරක ආකාර පිළිවෙලින්.

(1) 00000101 සහ 11110111 ය.
(2) 11111011 සහ 11110110 ය.
(3) 00000101 සහ  10001001 ය.
(4) 00000101 සහ 11110110 ය.
(5) 11111011 සහ 11110110 ය.

12 / 50

Category: Information and Communication Technology 2014

(12) පහත දක්වා තාර්කික පරිථය සලකා බලන්න.

ඉහත දක්වා ඇති පරිපථයේ සරල අවස්ථාවක් පිලිබිඹු කරන්නෙ  පහත දැක්වෙන කුමන පරිපථයෙන්ද?

 

 

 

 

 

 

 

 

13 / 50

Category: Information and Communication Technology 2014

(13) පහත දක්වා ඇති S1, S2, S3 සහ S4 යන තද කරන බොත්තම් හතරක් ඇති පරිපථය සලකා බලන්න. මෙම ස්විච් හතර මුදාහැර ඇති (released) හෝ තදකර (pushed) ඇති අවස්ථා වලින් එක් අවස්ථාවක පමනක් පවතින අතර 0 හා 1 මගින් එම අවස්ථා පිලිවෙලින් නිරූපණය කරනු ලැබේ. (සටහන: පහත දී ඇති පරිපථයෙහි සියලු ස්විච් 0 අගය ගන්න මුදා හැර ඇති අවස්ථාවී පවතී.)

බල්බය දැල්වෙන අවස්ථාව අගය 1 මගින් නිරූපනය කරන්නේනම්, පහත දක්වා ඇති කුමන බූලියානු ප්‍රකාශනය මගින් බල්බයේ කාර්යය කරන්නේ ද?

(1) S1 + (S2 . S3) +S4
(2) (S1 +S2) . (S3 +S4)
(3) (S1 .S2) + (S3 . S4)
(4) S1 . S4 . (S2 + S3)
(5) S2 + (S1 . S4) + S3

14 / 50

Category: Information and Communication Technology 2014

(14) වැඩිම ප්‍රවේශ වේගය (access speed) දක්වන්නේ පහත සදහන් කවරක්ද?

(1) විස්තෘත මතකය (Extended Memory)
(2) රෙජිස්ටර් මතකය (Register Memory)
(3) සැනෙලි මතකය (Flash Memory)
(4) නිහිත මතකය (Cache Memory)
(5) අතත්‍යරූපී මතක (Virtual Memory )

15 / 50

Category: Information and Communication Technology 2014

(15) මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයක් නොවන්නෙ කුමක්ද?

(1) මතක කළමණාකරණය.
(2) ක්‍රියායන නියමකරණය (process scheduling).
(3) ගොනු හැසිරවීම.
(4) වයිරස අනාවරණය.
(5) පරිශීලක අතුරු මුහුණත්කරණය.

16 / 50

Category: Information and Communication Technology 2014

(16) මෙහෙයුම් පද්ධතියකදී තවත් ක්‍රියාවලියක් ප්‍රධාන මතකයට ගෙන ඒම සදහා ප්‍රධාන මතකයෙහි ඇති ක්‍රියාවලියක් ද්වීතීක ආචනයට ගෙනයැම...............ලෙස හදුන්වයි.

(1) ඉල්ලුම් පිටුසැදීම (Demand Paging)
(2) සන්දර්භ ස්විචයනය. (Context Switching)
(3) ප්‍රතිහරණය. (Swapping)
(4) අතුරු බිදුම. (Interrupting)
(5) නියමකරණය (Scheduling)

17 / 50

Category: Information and Communication Technology 2014

(17) පහත දක්වා ඇති අවයව (elements), HTML ලේඛනයකට ප්‍රතිබිම්බයක් අඩංගු කිරීම සදහා වූ සලකුණකි (markup) . එහි යොදාඅ ඇති ප්‍රතිබිම්බයෙහි ප්‍රභව ගොනුවේ නම " (arrow.jpg) " වන අතර මෙය HTML ලේඛනය පවතින ෆෝල්ඩරයේම පවතී.

ඉහත අවයවයේ  ඇති හිස්තැන් පිරවීම සදහා වඩාත්ම යෝග්‍යෙ වන්නේ පහත සදහන් දැ අතුරින් කවරක්ද?

(1) alt
(2) src
(3) scr
(4) href
(5) link

18 / 50

Category: Information and Communication Technology 2014

(18) පහත සදහන් ෆෝල්ඩර ව්‍යුහය සලකා බලන්න

පහත සදහන් දැ අතුරින් කවරක් greeting.html  නම් වූ ලේඛනය index.html ලේඛනයට සන්ධානගත (Link) කිරීම සදහා අන්තර්ගත කළයුතු නිවැරදි සලකුණ (markup) වන්නේද?

(1) Greeting

(2)

(3) Greeting

(4) Greeting

(5) Greeting

19 / 50

Category: Information and Communication Technology 2014

(19) වෙබ් පිටුවලට අන්තර්ක්‍රියාකාරීත්වය (interactivity) ඇතුලත් කිරීම සදහා බහුලව භාවිත කරන අනුග්‍රහ පාර්ශව සිද්ධිවල රාමු භාෂාව (client-side scripting language) වන්නෙ පහත දක්වා ඇති දැ අතුරින් කවරක්ද?

(1) CSS
(2) PHP
(3) XML
(4) HTML2
(5) JavaScript

20 / 50

Category: Information and Communication Technology 2014

(20) පහත දක්වා ඇති HTML අවයව සලකා බලන්න.

ඉහත අවයවයේ 'size' නැමති උපලක්ෂණය සදහන් කරන්නේ.

(1) පික්සල් වලින් ඇති පාඨ කොටුවේ (tex box) දිගට ය.
(2) පාඨ කොටුවී සංදර්ශනය වන උපරිම අනුලක්ශන (characters) සංක්‍යාවට ය.
(3) පාඨ කොටුව තුල යතුරු ලියනය කළ හැකි උපරිම අනුළක්ශන සංක්‍යාවටය.
(4) පාඨ කොටුවේ අකුරු වර්ගයේ ප්‍රමනයටය.
(5) පාඨ කොටුව තුළ සන්දර්ශනය වන පේළි සංඛ්‍යාවට ය.

21 / 50

Category: Information and Communication Technology 2014

(21) ෆේස්බුක් (Facebook) යනු, දිනපතා නව සාමාජිකයන් එකතු වන , මිලියන ගණනක් ජනතාව සම්බන්ධ කරන ජනප්‍රිය සමාජ ජාලයකි. පහත වගන්ති අතරින් කවරක් සත්‍ය වන්නේ ද?

(1) ඔබේ පවුලේ සම්බන්ධතා ගොඩනැගීමට හා පවත්වාගෙබ යාම සදහා ෆේස්බුක් ඉතා වැදගත් කාර්යභාර්යක් ඉටුකරයි
(2) අද පවතින එකම සමාජ ජාලය ෆේස්බුක් වේ.
(3) ෆේස්බුක් තුල පවතින පෞද්ගලිකත්වය සකස් කිරීම් (setting) මගින් එහි පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය පූර්ණ ලෙස සහතික කරයි.
(4) පෞද්ගලික තොරතුරු ෆේස්බුක් තුල ප්‍රකාශයට පත් කිරීම තුලින් අවාසනාවන්ත සිද්ධීන් හට ගෙන ඇත.
(5) ෆේස්බුක් තුල පුද්ගලයකුගේ සැබැ අනන්‍යතාව සැමවිටම සහතික කර ඇත.

22 / 50

Category: Information and Communication Technology 2014

(22) පහත සදහන් කුමන වගන්තිය සත්‍ය වන්නේ ද?

(1) පරිගණක පාදක ඉගෙනුම යනු ගුරු දිශාභිමුඛ ඉගෙනුම් ක්‍රම වීදයකි.
(2) ස්කයිප් (skype) යනු ප්‍රසිද්ධ වීඩියෝ සම්මන්ත්‍රණ (video conferencing) ක්‍රමවේදයකි.
(3) අතත්‍ය රූපී පුද්ගලික ජාල (VPN) ටෙලිකොමිනිය (telecommuting) සදහා මාධ්‍යක් සපයයි.
(4) මාර්ග අපගත (offline) විභාග පැවැත්වීම පරිගනක සහයක ඇගයීම් (computer aided assessments) සේ සැලකිය හැකිය.
(5) මයික්‍රොසොෆ්ට් පවපොයින්ට් යනු පරිගනක පාදක සමර්පන සදහා නිදහස් හා විවෘත ප්‍රභව මෘදුකාංගයකි (FOSS).

23 / 50

Category: Information and Communication Technology 2014

(23) ස්ථානීය පෙදෙස් ජාලයකට (LAN) සම්බන්ධිත පරිඝනක එම ජාලයටම සම්බන්ධ කර ඇති පුරුදු දොරටුව (gateway) භාවිත කරනු ලබන්නේ..........

(1) වසම් නාම (domain names) IP ලිපින වලට  පරිවර්තනය කිරීම ට ය.
(2) ගමනාන්තයට විශේශිත වූ මාර්ගයක් නොදන්නා විට IP පැකැට්ටුව ඉදිරියට යැවීම සදහා.
(3) ජාලය සදහා වූ ගිනි පවුර (firewall) ලෙස ය.
(4) මෙම ජාලය තුල වූ අනෙකුත් පරිගනකයක සදහා සියලු දත්ත පැකැට්ටු යැවීම සදහාය.
(5) LAN එක තුළ වූ පරිගණකයට IP ලිපියක් දීමටය.

24 / 50

Category: Information and Communication Technology 2014

(24) පහත සදහන් කුමන් වගන්තිය සත්‍ය වන්නේ ද?

(1) www.ebey.com යනු C2C සදහා උදාහරණයකි.
(2) රජය ඔවුන්ගේ සේවා, ලෝක විසිර වියමන (WWW) හරහා ජනතාව වෙත ලබාදීම B2B ලෙස හැදින්වේ.
(3) www.Wikipedia.com යනු C2B සදහා උදාහරණයකි.
(4) www.amazon.com යනු B2E සදහා උදාහරණයකි.
(5) ෆේස්බුක් (Facebook) හි කණ්ඩායම් (සමූහ) E2C සදහා උදාහරණ වේ

25 / 50

Category: Information and Communication Technology 2014

(25) අන්තර්ජාලයට සම්බන්ධ පරිගණක දෙකක් අතර පවතින වටරවුම් චාරිකා ප්‍රචාරණ පමාව (round trip propagation delay) මැන ගැනීම සදහා භාවිත වන විධානය වන්නේ.

(1) Ping.
(2) Ifconfig.
(3) Ssh.
(4) ftp
(5) telnet

26 / 50

Category: Information and Communication Technology 2014

(26) OSI සප්ත ස්ථර සමුද්දේශ ආකෘතිය තුළ දී නිමාවලිය අනුරූපණය වන්නේ...........ස්ථරයට ය.

(1) යෙදුම් (application)
(2) සැසි (session)
(3) ප්‍රවාහන (transport)
(4) ජාල (network)
(5) භෞතික (physical)

27 / 50

Category: Information and Communication Technology 2014

(27) IP ජාලයක් තුළ  DHCP  සේවාදායකයෝ (server) කාර්යයක් වනුයේ..............

(1) වසම් නාම IP ලිපින වලට පරිවර්තනය කිරීම ය.
(2) වෙබ් පිටු නිහිත (cache) කිරීමය.
(3) IP ලිපින ගතිකව පැවරීමය.
(4) IP පැකට්ටු පැවරීමය.
(5) ආරක්ශව ලබාදීමය.

28 / 50

Category: Information and Communication Technology 2014

(28) පහත සදහන් දැ අතරින් වලංගු උපජාල ආවරණයක් (subnet mask) වන්නේ කවරක්ද?

(1) 255.255.255.192
(2) 255.0.255.0
(3) 256.255.255.64
(4) 255.256.255.96
(5) 0.0.0.255

29 / 50

Category: Information and Communication Technology 2014

(29) X හා Y පරිගණක අතර 5% ක පැකට්ටු හානියක්  සිදුව ඇති බව ping  විධානය මගින් පෙන්වයි. Y පරිගණකයේ FTP සේවාදායකයක් ක්‍රියාත්මක වෙමින් පවතී.  FTP නියමාවලිය භාවිත කර ගොනුවක් පරිගණකයේ සිට X පරිගණකය වෙත බාගනු ලැබේ. පහත සදහන් වගන්ති අතුරෙන් මෙම ගොනු බාගත කිරීම පිලිබදව වඩාත් ම සුදුසු වගන්තිය කුමක්ද?

(1) බාගත් ගොනුවේ හරියට ම 5%ක් දත්ත ගිලිහී ගොස් ඇත.
(2) බාගත් ගොනුවේ 5% කට වඩා දත්ත ගිලිහී ගොස් ඇත.
(3) බාගත් ගොනුවේ හරියටම 5% ක ප්‍රමාණයක් දත්ත මුල් ගොනුවට වඩා වෙනස් වූ අනුපිලිවෙළකට පවතී.
(4) බාගත් ගොනුවේ දත්ත මුල් ගොනුවේ දත්ත සමග හරියටම එකම අනුපිලිවෙලකට පවතී.
(5) දෝශ සහිත ජාල සම්බධනයක    නියමාවලිය ධාවනය කල නොහැකිය.

30 / 50

Category: Information and Communication Technology 2014

(30) පහත සදහන් කුමන සම්බන්ධතාව (Relation) 3 වන ප්‍රමත  ආකාරයේ (3rd normal form) පවතී ද?

(1)  Student(studentIndexNo, name, parentName)
(2) Sport(sportId, sportName, teacherName, teacherId)
(3) Teacher(teacherId, teacherName, telephoneNumber, subjectName, subjectId)
(4) Book(ISBN, title)
(5) Patient(patientId, patientName, ward, wardId)

31 / 50

Category: Information and Communication Technology 2014

♦ ප්‍රශ්න අංක 31 සිට 34 දක්වා පිළිතුරු සැපයීමට සම්බන්ධතා දත්ත සමුදායක පවතින පහත පෙන්වා ඇති වගු තුන සලකා බලන්න. එක් විභාගයක දී එක් විෂයයක් සදහා එක් ප්‍රශන පත්‍රයක් පමණක් ඇති බව උපකල්පනය කරන්න.

(31) ඉහත දක්වා ඇති සම්බන්ධතා දත්ත සමුදායේ වගු නිරූපණය කිරීම සදහා වඩාත් ම යෝග්‍ය භූතාර්ථ සම්බන්ධතා රූපය වන්නේ පහත රූපසටහන්වලින් කුමක් ද ?

 

 

 

 

 

 

 

 

 

 

32 / 50

Category: Information and Communication Technology 2014

♦ ප්‍රශ්න අංක 31 සිට 34 දක්වා පිළිතුරු සැපයීමට සම්බන්ධතා දත්ත සමුදායක පවතින පහත පෙන්වා ඇති වගු තුන සලකා බලන්න. එක් විභාගයක දී එක් විෂයයක් සදහා එක් ප්‍රශන පත්‍රයක් පමණක් ඇති බව උපකල්පනය කරන්න.

(32) පහත සදහන් දෑ අතුරින් examSubject වගුව සදහා නිවැරදි ප්‍රාථමික යතුර වන්නේ කුමක් ද ?

(1) examId
(2) examId, subjectId
(3) examId, examDate
(4) subjectId, examDate(5) examId, subjectId, name

 

33 / 50

Category: Information and Communication Technology 2014

♦ ප්‍රශ්න අංක 31 සිට 34 දක්වා පිළිතුරු සැපයීමට සම්බන්ධතා දත්ත සමුදායක පවතින පහත පෙන්වා ඇති වගු තුන සලකා බලන්න. එක් විභාගයක දී එක් විෂයයක් සදහා එක් ප්‍රශන පත්‍රයක් පමණක් ඇති බව උපකල්පනය කරන්න.

(33) සියලුම විභාගවල examId, name සහ examDate සමුද්ධරණය කිරීම සදහා වගන්තිය පහත සදහන් දෑ අතුරෙන් කුමක් ද ?

(1) select examsubject.examId, name, examDate from exam, examSubject where
exam.examId=examSubject.examId

(2) select examId.examId, name, examDate from exam and examSubject where
exam.examId=examSubject.examId

(3) select examId and name and examDate from examand examSubject where
exam.examId=examSubject.examId

(4) select * from exam and examSubject where exam.examId=examSubject.examId

(5) select * from exam, examSubject where exam.examId=examSubject.examId

34 / 50

Category: Information and Communication Technology 2014

♦ ප්‍රශ්න අංක 31 සිට 34 දක්වා පිළිතුරු සැපයීමට සම්බන්ධතා දත්ත සමුදායක පවතින පහත පෙන්වා ඇති වගු තුන සලකා බලන්න. එක් විභාගයක දී එක් විෂයයක් සදහා එක් ප්‍රශන පත්‍රයක් පමණක් ඇති බව උපකල්පනය කරන්න.

(34) අ.පො.ස.(උ.පෙළ) (GCE AL)භෞතික විද්‍යාව (Physics) ප්‍රශ්න පත්‍රයේ පමණක් විභාග දිනය 2014.08.25 ලෙස වෙනස් කළ හැක්කේ පහත දැක්වෙන කුමන වගන්තිය මගින් ද ?

(1) update examSubject set examDate=’2014.08.25’ where subjectId=’SUB003’ or ‘sub003’
(2) update examSubject set examDate=’2014.08.25’ where examId=’EXAM002’ or subjectId= ‘SUB003’
(3) update examSubject set examDate=’2014.08.25’ where examId=’EXAM002’ and subectId=’SUB003’
(4) update examSubject set examDate=’2014.08.25’ where examDate=’2014.08.21’
(5) update examSubject set examDate=’2014.08.25’ where examId=’EXAM002’ or subjectId=‘SUB003’or examDate=’2014.08.23’

35 / 50

Category: Information and Communication Technology 2014

(35) නියමු (plot), අදියර (Phase), සෘජු (Direct) හා සමාන්තර (Parellel) යනු පද්ධති ...................... එකිනෙකට වෙනස් වූ උපක්‍රම (Strategies) හතරකි.ඉහත හිස්තැන පිරවීමට වඩාත් ම යෝග්‍ය පිළිතුර කුමක්ද?

(1) විශ්ලේෂණය කිරීමේ (analysis)
(2) සැළසුම් කිරීමේ (design)
(3) පරීක්ෂා කිරීමේ (testing)
(4) ක්‍රියාත්මක කිරීමේ (implementation)
(5) නඩත්තු කිරීමේ (maintenance)

36 / 50

Category: Information and Communication Technology 2014

(36) ජංගම දුරකථනයක ඇති නාමාවලිය ලබා ගැනීමේ ක්‍රියාවලිය හොදින්ම නිරූපණය කරනු ලබන්නේ පහත දක්වා ඇති කුමන දත්ත ගැලීම් සටහන් ඛණ්ඩයෙන් ද?

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

37 / 50

Category: Information and Communication Technology 2014

(37) කාරක රීති වලට අනුකූලව නිවැරදි පයිතන් ශ්‍රිතය (function) වන්නේ පහත සදහන් කුමක් ද ?

(1) def isLarger(a,b):
return a > b

(2) def isLarger(a,b):
return a > b

(3) def is Larger(a,b)
return a > b

(4) function isLarger(a,b):
return a > b

(5) function isLarger (a,b)
If (a>b)
return a
else
return b

38 / 50

Category: Information and Communication Technology 2014

♦ ප්‍රශ්න අංක 38 සහ 39 සදහා පිලිතුරු සැපයීමට පහත දක්වා ඇති ගලීම් සටහන භාවිතා කරන්න

(38) පරිශීලකයෙකු විසින් A B හා C විචල්‍ය සදහා පිලිවෙළින් 20, 27, හා 18 ආදානය  (input) කළහොත් ප්‍රතිදානය (output) විය හැක්කේ,

(1) 18
(2) 20
(3) 27
(4) 20,27
(5) 27,18

39 / 50

Category: Information and Communication Technology 2014

♦ ප්‍රශ්න අංක 38 සහ 39 සදහා පිලිතුරු සැපයීමට පහත දක්වා ඇති ගලීම් සටහන භාවිතා කරන්න

 

(39) ඉහත ගැලීම සටහන නිවැරදිව ස්ථාපිත කර අත්තේ පහත දක්වා අති කවර පයිතන් ක්‍රමලේඛය මගින් ද?

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

40 / 50

Category: Information and Communication Technology 2014

(40) පහත දැක්වෙන පයිතන් කේතය ක්‍රියාත්මක කළ විට ප්‍රතිදානය කුමක් ද ?

                a = [ ‘a’,2,[ 3,’b’,4 ],[ 6,”abc”,9 ],8 ]
               print(a[2][2]

(1) 2
(2) [3, ’b’ , 4]
(3) ’b’
(4) 4
(5) 22

41 / 50

Category: Information and Communication Technology 2014

(41) z = 1= =2  යන පයිතන් වගන්තිය ක්‍රියාත්මක කළ පසු z විචල්‍යය සදහා ලබෙන අගය කුමක් ද ?

(1)  0
(2)  1
(3) True
(4) False
(5) Null

42 / 50

Category: Information and Communication Technology 2014

(42) 10-4 *3/2 - 5 යන පයිතන් ප්‍රකාශනයේ ඇගයීමේ නිවැරදි පටිපාටිය පහත සදහන් කුමකින් පෙන්නුම් කරයි ද ?

(1) (((10-4)*3)/2 )5
(2) ((10 (4*3)) /2) 5
(3) 10 - (4*((3/2) - 5))
(4) 10 ((4*(3/2)) 5)
(5) 10 ((4*3)/2))  5

43 / 50

Category: Information and Communication Technology 2014

(43) ස්ථිතික සසම්භාවී ප්‍රවේශ ම්තකය(SRAM) සම්බන්ධයෙන් පහටහ දක්වා ඇති ප්‍රකාශ සළකා බලන්න

   1. SRAM සදහා කාලාවර්ත පුබුදු කිරීමක් (refreshing) අවශ්‍ය වේ.
   2. එය නිහිත මතකය සදහා භාවිතා වේ.
   3. රෙජිස්තර නිපදවා ඇත්තේ SRAM මගිනි.

ඉහත වගන්ති අතුරෙන් සත්‍ය වන්නේ කුමක් ද?

(1) A පමණි
(2) B පමණි
(3) A හා B පමණි
(4) A හා C පමණි
(5) A හා C පමණි

44 / 50

Category: Information and Communication Technology 2014

(44) පහත දක්වා ඇති HTML ස්ටයිල් රීති සළකා බලන්න

A   body {color: red;}
B   h1 {color: red;}
C   P {color: red:}
      h1 {color: red;}
D  p, h1 {color: red;}

පහත දක්වා ඇති ලේඛනයේ h1 අවයව සහ සියලු පරිච්ඡේද රතු පැහැයෙන් සංදර්ශනය වන්නේ ඉහත දක්වා ඇති කුමන රීතී මගින් ද ?

               

Trees

Coconut tree

Rubber tree

Flowes

Rose

(1) A පමණි
(2) C පමණි
(3) A හා B පමණි
(4) B හා D පමණි
(5) C හා D පමණි

45 / 50

Category: Information and Communication Technology 2014

(45)  පහත පද්ධති අතුරෙන් සැම විටම කෘතීම බුද්ධිය (Artifial Inteligence) මත පදනම් වන්නේ කවරක් ද ?

A විශේෂඥ පද්ධති සැළසුම් (Expert system) පද්ධති
B ව්‍යවසාය සම්පත් සැළසුම් (EPR) පද්ධති
C බහු එජන්ත පද්ධති (Multi-Agent System)
D භූගෝලීය තොරතුරු පද්ධති (GIS)

(1) A හා B පමණි
(2) A හා C පමණි
(3) A හා D පමණි
(4) B හා D පමණි
(5) C හා D පමණි

46 / 50

Category: Information and Communication Technology 2014

(46) ස්වයංක්‍රීය පද්ධතියක් (automated system) සම්බන්ධයෙන් පහත වහන්ති සළකා බලන්න  

A මානව මදිහත් වීම අවශ්‍ය නොවේ හෝ අවම වශ‍යෙන් අවශ්‍ය වේ.
B යන්ත්‍රය තුළ ස්ථාපිත ක්ෂුද්‍ර චිපය (micro chip) මගින් යන්ත්‍රයේ සියලු ක්‍රියාකාරකම් පාලනය කරනු        ලැබේ.
C දෛනික බංකු ගණුදෙනු ක්‍රියාවළියක් සදහා වූ පද්ධතියක් ස්වයංක්‍රීය සේ සැළකිය හැකි ය.

 ඉහත වගන්ති අතුරෙන් සත්‍ය වන්නේ කුමක් ද ?

(1) A පමණි
(2) A හා B පමණි
(3) A හා C පමණි
(4) B හා C පමණි
(5) A,B හා C යන සියල්ලම  ය

47 / 50

Category: Information and Communication Technology 2014

(47) බැංකු ස්වංක්‍රීය ටේලර් යන්ත්‍රයක (ATM) අවශ්‍යතා සම්බන්ධයෙන් පහත පෙන්වා ඇති  වගන්ති සලකා බලන්න

A ගනුදෙනුකරුට ඔහුගේ /ඇයගේ බැංකු ශේශය විමසා බැලිය හැකි විය යුතුම ය. (Shall)
B ATM මගින් ගනුදෙනුකරුට මුදල් තැන්පත් කිරීමට හැකිවිය යුතුම ය. (Should)
C දිනකට ආපසු ගත හැකි උපරිම මුදල රු.20,000 කි.

ඉහත අවශ්‍යතා අතුරෙන් ATM හි කාර්‍යබද්ධ අවශ්‍යතාව/අවශ්‍යතා වන්නේ

(1) A පමණි
(2) B පමණි
(3) C පමණි
(4) A හා B පමණි
(5) A හා C පමණි

48 / 50

Category: Information and Communication Technology 2014

(48) පහත සදහන් පද්ධති සලකා බලන්න.

A මානව රුධිර සංසරණ පද්ධතිය
B මානව ආහාර ජීර්ණ පද්ධතිය
C මානව ස්නායු පද්ධතිය

විවෘත පද්ධතියක්/පද්ධති ලෙස සලකා බැලිය හැකි වන්නේ,

(1)  A පමණි
(2) B පමණි
(3) C පමණි
(4) A හා B පමණි
(5) A හා C පමණි

49 / 50

Category: Information and Communication Technology 2014

(49) මෘදුකාංග නියෝජිතවරු සම්බන්දයෙන් පහත සදහන් වගන්ති සලකා බලන්න.

A මෘදුකාංග නියෝජිත්යෙකුට ඔහුගේ සැලසුම් අරමුණු සපුරා ගැනීම සදහා ස්වායත්තව (autonomous) ක්‍රියා කිරීමට හැකියාවක් ඇත.
B මෘදුකාංග නියෝජිතයෙකුට පරිශීලකයන්ගේ අරමුණු සපුරාලීම සදහා පරිශීලක යොමුවලින් ක්‍රියා කිරීමට හැලියාවක් ඇත.
C බහු-නියෝජිත පද්ධතියක් (multi-agent system) සමන්විත වන්නේ අන්තර්ක්‍රියාකාරීත්වයෙන් යුතු නියෝජිතවරු සමූහයකිනි.

 ඉහත ප්‍රකාශන අතුරින් නිවරදි වන්නේ කුමන ප්‍රකාශය/ප්‍රකාශ ද?

(1) A පමණි
(2) B පමණි
(3) C පමණි
(4) A හා B පමණි
(5) A හා C පමණි

50 / 50

Category: Information and Communication Technology 2014

(50) පයිතන් භාෂාවේ කාරක රීති හෝ ශබ්දාර්ත දෝශ හෝ සම්බන්ධයෙන් පහත සදහන් වගන්ති සලකා බලන්න.

A කාරක දෝශ සහිත ක්‍රමලේඛකයක් එහි අවසානය දක්වා ධාවනය නොවේ.
B ශබ්ධාර්ථ දෝශ පමනක් ඇති ක්‍රමලේඛකයක් එහි අවසානය දක්වා ධාවනය නොවේ.
C ක්‍රමලේඛ කාරක රීති වල ඇති දෝශ  තාර්කික දෝද කෙස හැදින්වේ.
D ශබ්දාර්ථ දෝශ සහිත ක්‍රමලේඛ සමහර ආදාන සදහා නිවරැදි ප්‍රතිදාන ලබා නොදිය හැකිය.

ඉහත සදහන් කුමන් වගන්ති සත්‍ය වේද?

(1) A හා B  පමණි
(2) A හා C පමණි
(3) A හා D පමණි
(4) B හා C පමණි
(5) B හා D පමණි

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 0%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!