2013 ආර්ථික විද්‍යාව බහුවරණ ප්‍රශ්න

0%
3

Past Papers | Economics

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2013 - ආර්ථික විද්‍යාව

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 2 යි)

1 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින්‌ නිවැරදි හෝ ඉතාමත්‌ ගැළපෙන
හෝ පිළිතුර තෝරන්න.

1 / 50

Category: Economics 2013

1.පහත දෑ අතුරෙන් අභිමතානුරූපි ප්‍රකාශයක් වනුයේ කවරක් ද?
(1) ආර්ථික විද්‍යාඥයෝ ස්වාභාවික සම්පත් ප්‍රතිෂ්ඨාපනය කළ හැකි හා ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි වශයෙන් වර්ග කරති.
(2) පරිසරය හිඟ සම්පතකට උදාහරණයක් වේ.
(3) අසීමිත වුවමනා සපුරාලීම සඳහා ආර්ථිකයක් සතුව ඇත්තේ සීමිත සම්පත් ප්‍රමාණයකි.
(4) වර්තමානයේ ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතිකය අංක එකේ සංඛ්‍යාවකි.
(5) ආදායම අසමාන ලෙස බෙදීයාම අසාධාරණ වේ.

2 / 50

Category: Economics 2013

2.පූර්ණ සේවා නියුක්තිය පවතින ආර්ථිකයක , ප්‍රාග්ධන ආයෝඡනය ඉහළ නැංවීමේ ආවස්ථීක පිරිවැය වනුයේ
(1) පරිභෝඡනය පහළ වැටීම ය.
(2) ආදායම පහළ වැටීම ය.
(3) ඉතුරුම් ඉහළ නැගීම ය.
(4) පොලී අනුපාතිකය ඉහළ නැගීම ය.
(5) නිමැවුම පහළ වැටීම ය.

3 / 50

Category: Economics 2013

3.‘පරිවර්තන ආර්ථිකය ‘ යන සංකල්පයෙන් විස්තර කෙරෙනුයේ
(1) ශ්‍රම සුක්ෂ්ම නිෂ්පාදන ක්‍රමශිල්ප වෙනුවට ප්‍රාග්ධන සුක්ෂම නිෂ්පාදන ක්‍රමශිල්ප යොදා ගන්නා රටකි.
(2) මධ්‍යගත සැලසුම් ආර්ථිකයක සිට වෙළෙඳපොළ ආර්ථිකයක් කරා නැඹුරු වන රටකි.
(3) අඩු ආදායම් සහිත ආර්ථිකයක සිට මධ්‍යම ආදායම් සහිත ආර්ථිකයක් කරා නැඹුරු වන රටකි.
(4) වෙළෙඳ ශේෂයේ හිඟයක් සහිත තත්ත්වයක සිට වෙළෙඳ ශේෂයේ අතිරික්තයක් සහිත තත්ත්වයකට පත්වන රටකි.
(5) සාම්ප්‍රදායික ආර්ථිකයක සිට මධ්‍යගත සැලසුම් ආර්ථිකයක් කරා නැඹුරු වන රටකි.

4 / 50

Category: Economics 2013

4.මධ්‍යගත සැලසුම් ආර්ථිකයක දැකිය හැකි වැදගත් ලක්ෂණයක් වනුයේ
(1) සාපේක්ෂ මිල ගණන් පදනම් කර ගනිමින් සම්පත් බෙදී යාම ය.
(2) ආර්ථික වෘද්ධියට බලපාන ප්‍රබල සාධකයක් ලෙස සම්පත් පිළිබඳ පෞද්ගලික හිමිකාරිත්වය පැවතීම ය.
(3) භාණ්ඩ හා සේවා වඩාත් හොදින් නිෂ්පාදනය කළ හැකි ආකාරය පිළිබඳ තීරණ ආණ්ඩුවේ සැලසුම් සම්පාදකයන් විසින් ගැනීම ය.
(4) වෙළෙඳපොළ ආර්ථික පද්ධතියක පවතිනවාට වඩා ඉහළ මට්ටමේ කාර්යක්ෂමතාවක්  අත්කර ගැනීම  ය.
(5) ආදායම් සහ ධනය ඉතා අසමාන ආකාරයකට බෙදී යාම ය.

5 / 50

Category: Economics 2013

5.එක්තරා භාණ්ඩයක් සඳහා අදාළ වෙළෙඳපොළ ඉල්ලුම් වක්‍ර රූපසටහනෙහි දැක්වේ.

සමතුලිත ඒකක ප්‍රමාණය මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් විසින් ගෙවීමට කැමති මුදල් ප්‍රමාණය රූපසටහනෙහි නිරූපණය කෙරෙන ප්‍රදේශය වන්නේ

(1) OQEP ය.
(2) OTEQ ය.
(3) PEK ය.
(4) OKM ය.
(5) OKEQ ය.

6 / 50

Category: Economics 2013

6.X හා Y යන රටවල් දෙකට අදාළ නිෂ්පාදන හැකියා වක්‍ර පහත රූපසටහන පෙන්නුම් කරයි.

මෙම රටවල් දෙක සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වනුයේ කවරක් ද?

(1) රටවල් දෙකේ ම එක හා සමාන වු ආවස්ථික පිරිවැයක් හැමවිට ම පවතී.
(2) රටවල් දෙකේ ම අනාගත වෘද්ධි අපේක්ෂා එක සමාන වේ.
(3) රටවල් දෙකේ ම ආවස්ථික පිරිවැය වැඩි වෙමින් පවති.
(4) රටවල් දෙකේ ම එක හා සමාන වු භාණ්ඩ සංයෝඡනයක් කිසිවිටකත් නිපදවියනොහැකි ය.
(5) පරිභෝඡන භාණ්ඩ නිෂ්පාදනයේ දී X රටේ ආවස්ථීක පිරිවැය  Y රටේ ආවස්ථික පිරිවැයට වඩා වැඩි ය.

7 / 50

Category: Economics 2013

7.අදාළ භාණ්ඩය සඳහා ඇති කිට්ටු ම ආදේශක භාණ්ඩවල මිල සැලකිල්ලට ගනිමින් , කිසියම් සමාගම් පහක් විසින් නිපදවනු ලබන භාණ්ඩ සඳහා ඇති ඉල්ලුමේ හරස් මිල නම්‍යතා පහත සඳහන් වගුවේ දැක්වේ.

            සමාගම     හරස් මිල ඉල්ලුම් නම්‍යතාව
A සමාගම
B සමාගම
C සමාගම
D සමාගම
E සමාගම
+ 3 .0
+ 2 .5
+ 1 .0
+ 0 .8
+ 0 .2


මේ අනුව ඉහත සමාගම් අතුරෙන් වැඩි ම වෙළෙඳපොළ බලය හිමි ව ඇත්තේ කවර සමාගමකට ද?

(1) A සමාගමට ය.
(2) B සමාගමට ය.
(3) C සමාගමට ය.
(4) D සමාගමට ය.
(5) E සමාගමට ය.

8 / 50

Category: Economics 2013

8.පහත දී ඇති අවස්ථා අතුරෙන් නිෂ්පාදන ආයතනයේ මුළු අයභාරය පහළ වැටෙනුයේ කවර අවස්ථාවක දී ද?
(1) සැපයුම නම්‍ය තත්ත්වයක තිබියදී මිල ඉහළ යන විට
(2) ඉල්ලුම නම්‍ය තත්ත්වයක තිබියදිී මිල පහළ යන විට
(3) ඉල්ලුම අනම්‍ය තත්ත්වයක තිබියදී මිල ඉහළ යන විට
(4) ඉල්ලුම නම්‍ය තත්ත්වයක තිබියදී මිල ඉහළ යන විට
(5) ඉල්ලුම ඒකීය නම්‍ය තත්ත්වයක තිබියදී මිල පහළ යන විට

9 / 50

Category: Economics 2013

9.X බාල භාණ්ඩයක් වේ නම් , ආදායමෙහි හටගන්නා පහළ වැටීමක් නිසා එම හාණ්ඩයෙහි
(1) ඉල්ලුම අඩු වේ , මිල අඩු වේ , ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය අඩු වේ.
(2) ඉල්ලුම අඩු වේ , මිල වැඩි වේ , ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය අඩු වේ.
(3) ඉල්ලුම වැඩි වේ , මිල වැඩි වේ , ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය අඩු වේ.
(4) සැපයුම වැඩි වේ , මිල අඩු වේ , ඉල්ලුම් කරනු බලන ප්‍රමාණය වැඩි වේ.
(5) ඉල්ලුම වැඩි වේ , මිල වැඩි වේ , ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය වැඩි වේ.

10 / 50

Category: Economics 2013

10.දොඩම් වෙළෙඳපොළ දැනට සමතුලිතතාවේ පවතී යැ‘යි සලකන්න. දොඩම් සඳහා ඉල්ලුම වැඩි වෙමින් තිබියදී දොඩම් සැපයුම අඩු වුවහොත් වෙළෙඳපොළ මිල හා ප්‍රමාණය කෙරෙහි ඇති වන බලපෑම පිළිබඳ ව කිව හැක්කේ කුමක් ද?
(1) මිල හා ප්‍රමාණය යන දෙක ම ඉහළ නගි.
(2) මිල ඉහළ නගී . එහෙත් ප්‍රමාණයෙහි වෙනස්වීම නොපැහැදිලි ය.
(3) මිල හා ප්‍රමාණය යන දෙක ම පහළ බසී.
(4) ප්‍රමාණය ඉහළ නගී . එහෙත් මිලෙහි වෙනස් වීම නොපැහැදිලි ය.
(5) ඉල්ලුම් හා සැපයුම් වක්‍රවල විතැන්වීම් මගින් එකිනෙකෙහි බලපෑම සමහන් වන බැවින් ,මිලෙහි හෝ ප්‍රමාණයෙහි කිසිදු වෙනසක් සිදු නොවේ.

11 / 50

Category: Economics 2013

11.සිගරට් සඳහා ඇති ඉල්ලුමේ මිල නම්‍යතාව 1ට වඩා අඩු ය යි සලකන්න . සිගරට් නිෂ්පාදනය මත දේශීය භාණ්ඩ බද්දත් පනවනු ලැබු විට , භාණ්ඩයේ මිල , ප්‍රමාණය හා පාරිභෝගික පැහැදම වෙනස් වනුයේ පහත සඳහන් කවර ආකාරයට ද?

       මිල         ප්‍රමාණය   පාරිභෝගික පැහැදම
(1)
(2)
(3)
(4)
(5)
 අඩු වේ.
අඩු වේ.
වැඩි වේ.
වැඩි වේ.
වැඩි වේ.
වැඩි වේ.
අඩු වේ.
අඩු වේ.
අඩු වේ.
වැඩි වේ.
වැඩි වේ.
අඩු වේ.
අඩු වේ.
වැඩි වේ.
වැඩි වේ.

 

12 / 50

Category: Economics 2013

12.දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන දරුවන් වෙනුවෙන් වැය කිරීමට සිදුවන පිරිවැය ආවරණය කරගනු වස් රඡය විසින් සෑම දෙමව්පියෙකුට ම එක් එක් දරුවා වෙනුවෙන් සහනාධාර කූපන් පතක් දෙනු ලැබේ යැ‘යි සලකන්න. මේ නිසා දිවා සුරැකුම් සේවා සැපයුම් වෙළෙඳපොළෙහි කෙබඳු වෙනසක් ඇති විය හැකි ද?
(1) දිවා සුරැකුම් සේවා සඳහා ඉල්ලුම අඩු වන අතර මිල පහළ බසී.
(2) දිවා සුරැකුම් සේවා සඳහා ඉල්ලුම වැඩි වන අතර මිල ඉහළ නගී.
(3) දිවා සුරැකුම් සේවා සැපයුම වැඩි වන අතර මිල පහළ බසී.
(4) දිවා සුරැකුම් සේවා සැපයුම අඩු වන අතර මිල ඉහළ නගී.
(5) දිවා සුරැකුම් සේවා සැපයුමේ හිගයක් දිගින් දිගට ම හට ගනී.

13 / 50

Category: Economics 2013

13.පාරිභෝගික අතිරික්ත ශුන්‍ය අගයක් ගැනීමට අවශ්‍ය කරන කොන්දේසිය වනුයේ
(1) ඉල්ලුම පූර්ණ මිල නම්‍යතාවෙන් යුක්ත වීම ය.
(2) ඉල්ලුම පූර්ණ මිල අනම්‍යතාවෙන් යුක්ත වීම ය.
(3) සැපයුම පූර්ණ මිල නම්‍යතාවෙන් යුක්ත වීම ය.
(4) සැපයුම පූර්ණ මිල අනම්‍යතාවෙන් යුක්ත වීම ය.
(5) ඉල්ලුම් මිල නම්‍යතාව සාපේක්ෂ වශයෙන් සැපයුමේ මිල නම්‍යතාවයට වඩා ඉහළ අගයක් ගැනීම ය.

14 / 50

Category: Economics 2013

14.සාමාන්‍ය භාණ්ඩයක් සඳහා වන වෙළෙඳපොළක , අලෙවි කරනු ලබන භාණ්ඩ ඒකක ප්‍රමාණයත් , මිලත් යන දෙක ම එකවර ඉහළ යාම පැහැදිලි කළ හැක්කේ පහත සඳහන් දෑ අතුරෙන් කවරක් මගින් ද?
(1) එම භාණ්ඩය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ලද සඵල උපරිම මිල ප්‍රතිපත්තිය ඉවත් කර දැමීම
(2) භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ දී හටගත් තාක්ෂණික දියුණුව
(3) භාණ්ඩය මත බද්දක් පැනවීම
(4) එම භාණ්ඩයේ නිෂ්පාදනයට සහනාධාරයක් ලබා දීම
(5) එම භාණ්ඩය සඳහා ඇති ආදේශක භාණ්ඩයක මිල පහළ යාම

15 / 50

Category: Economics 2013

15.ශ්‍රමයේ ආන්තික ඵලදාව, ශ්‍රමයේ සාමාන්‍ය ඵලදාවට සමාන වන විට
(1) ශ්‍රමයේ ආන්තික ඵලදාව උපරිම වේ.
(2) නිෂ්පාදනයේ ආන්තික පිරිවැය අවම වේ.
(3) නිෂ්පාදනයේ ආන්තික පිරිවැය අවම සාමාන්‍ය විචල්‍ය පිරිවැයට සමාන වේ.
(4) සාමාන්‍ය මුළු පිරිවැය , අවම අගයක් ගනී.
(5) ශ්‍රමයේ මුළු ඵලදාව උපරිම වේ.

16 / 50

Category: Economics 2013

16.කිසියම් නිෂ්පාදන ආයතනයක ශ්‍රම හමුදාවේ ප්‍රමාණය දිනකට ශ්‍රමිකයන් 100 සිට 101 දක්වා වැඩි කරන විට , ශ්‍රමිකයෙකුගේ දෛනික වැටුප ද රු . 600 සිට රු . 650 දක්වා ඉහළ නැංවීමට නිෂ්පාදන ආතනයට සිදු වේ .මේ අනුව එක් දිනක දී ශ්‍රමයේ ආන්තික පිරිවැය කොපමණ වේ ද?
(1) රු . 50 කි.
(2) රු . 650 කි.
(3) රු . 5 650 කි.
(4) රු . 60 000 කි.
(5) රු . 65 650 කි.

17 / 50

Category: Economics 2013

17.කිසියම් නිෂ්පාදන ආයතනයක වාර්ෂික නිෂ්පාදන පිරිවැය ආර්ථික විද්‍යාඥයෙකු විසින් ගණනය කොට , පහත සඳහන් ආකාරයට ඉදිරිපත් කර ඇත.

                                      අයිතමය     පිරිවැය (රු. දහස් ගණනින්
වැටුප් සහ වේතන
අයිතිකරුවාගේ කාලයෙහි ආවස්ථික පිරිවැය
ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා පිරිවැය
බදු කුලිය
අලෙවිකරණ පිරිවැය
බැංකු ණය සඳහා පොලී ගෙවීම්
අයිතිකරුවා ම යොදන ලද ප්‍රාග්ධනයෙහි අහිමි වුණු පොලී ආදායම්
 150
40
80
30
20
25
15

මෙම තොරතුරුවලට අනුව ආර්ථික විද්‍යාඥයෙකු විසින් නිර්වචනය කරනු ලබන මුළු පිරිවැය , ගණකාධිකාරීවරයෙකු විසින් නිර්වචනය කරනු ලබන මුළු පිරිවැයට වඩා කොතරම් ප්‍රමාණයකින් ඉක්මවා යනු ලැබේ ද?
(1) රු . 30 500 යි.
(2) රු . 55 000 යි.
(3) රු . 85 000 යි.
(4) රු . 305 000 යි.
(5) රු . 360 000 යි.

18 / 50

Category: Economics 2013

18.A නමැති නිෂ්පාදන සමාගමේ ශ්‍රමිකයන් සංඛ්‍යාව 250 සිට 200 දක්වා අඩු කළ විට, සමාගමේ දෛනික නිෂ්පාදනය ඒකක 5 000 සිට 4 800 දක්වා පහළ බසී . B නමැති නිෂ්පාදන සමාගමේ ශ්‍රමිකයන් සංඛ්‍යාව 800 සිට 1000 දක්වා වැඩි කළ විට‍ , එම සමාගමේ දෛනික නිෂ්පාදන ඒකක 2000 සිට 2200 දක්වා ඉහළ නගී. මෙම ආයතන දෙකෙහි ශ්‍රම ඵලදායිතාවේ කෙබදු වෙනසක් දක්නට ලැබේ ද?

       A  සමාගමේ ශ්‍රම ඵලදායිතාව         B සමාගමේ ශ්‍රම ඵලදායිතාව
  (1)
(2)
(3)
(4)
(5)
පහළ බසී.
ඉහළ නගී.
ඉහළ නගී.
පහළ බසී.
ඉහළ නගී.
ඉහළ නගී.
පහළ බසී.
ඉහළ නගී.
පහළ බසී.
නොවෙනස්ව පවතී.

19 / 50

Category: Economics 2013

19.එක්තරා කර්මාන්තයක් නිෂ්පාදන ආයතන විශාල සංඛ්‍යාවකින් සමන්විත වන අතර ,ඒ සෑම ආයතනයක් ම සමඡාතීය වූ භාණ්ඩ නිෂ්පාදනය කරයි . මෙම කර්මාන්තය තුළ එක් එක් ආයතනය මුහුණ දෙන ඉල්ලුම් වක්‍ර පහළට බෑවුම් වන්නේ නම් , එය පැහැදිලි කළ හැක්කේ පහත සඳහන් කවර කරුණක් මගින් ද?
(1) සියලු ම ආයතන මිල ගනුවන් ලෙස ක්‍රියා කිරීම.
(2) අබාධ ප්‍රවේශය සහ පිටවීම.
(3) නිෂ්පාදන සම්පත් පිළිබඳ පූර්ණ සංචලතාව
(4) භාණ්ඩ සඳහා වියදම් කිරීමට පාරිභෝගිකයන් සතුව ඇති මුදල් ප්‍රමාණය සීමිත වීම.
(5) වෙළෙඳපොළ තොරතුරු පිළිබඳ පූර්ණ දැනුමක් පාරිභෝගිකයින්ට නොතිබීම.

20 / 50

Category: Economics 2013

20.පූර්ණ තරගකාරී නිෂ්පාදන ආයතනයක් සතියකට සහල් මලු 200 ක් නිෂ්පාදනය කොට , මල්ලක් රු . 250 බැගින් වූ මිලකට අලෙවි කරයි. එම ආයතනයේ පිරිවැය පහත දැක්වේ.

                 අයිතමය         පිරිවැය (රු.)
මුළු ස්ථාවර පිරිවැය
මුළු විචල්‍ය පිරිවැය
ආන්තික පිරිවැය
 20 000
40 000
250

කෙටි කාලයේ දී ලාභය උපරිම කිරීමට හෝ අලාභය අවම කර ගැනීමට හෝ ආයතනය කුමක් කළ යුතු වේ ද?
(1) නිෂ්පාදනය මුළුමනින් ම අත්හිටුවීම
(2) නිමැවුම ප්‍රසාරණය කිරීම
(3) නිමැවුම සංකෝචනය කිරීම
(4) මිල පහළ හෙළීම
(5) වර්තමාන මට්ටමෙහි ම නිමැවුම පවත්වා ගැනීම

21 / 50

Category: Economics 2013

21.මුර්ත දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණය කෙරෙහි බලපෑමක් ඇති නොවනුයේ පහත සඳහන් කවරක් නිසා ද?
(1) පෞද්ගලික පරිහරණය සඳහා පාරිභෝගිකයෙකු විසින් අලුත් මෝටෝරියක් මිලට ගැනීම
(2) ආණ්ඩුව ආරක්ෂක විද්‍යා පීඨයට නව බස් රථයක් මිලට ගැනීම
(3) පාරිභෝගිකයෙකු විසින් බාබර් සාප්පුවකින් කොණ්ඩය කප්පවා ගැනීම
(4) ආයොඡකයකු විසින් දුර්ලභ ගණයේ පැරණි චිත්‍රයක් වෙන්දේසියකින් මිලදි ගැනීම
(5) නිෂ්පාදන සමාගමක් තම කර්මාන්ත ශාලාව සඳහා විදුලි ඡනන යන්ත්‍රයක් මිලදි ගැනීම

22 / 50

Category: Economics 2013

22.ස්වාධීන පාරිභෝඡනය රු. 400 ක් ද, ආන්තික පරිභෝඡන නැමියාව 0.8 ක් ද වේ යැ‘යි සලකන්න. වැය කළ හැකි ආදායම රු . 1 200කින් ඉහළ ගිහොත් , පරිභෝඡන වියදම වැඩි වනුයේ
(1) රු . 1 600 කිනි.
(2) රු . 1 360 කිනි.
(3) රු . 1 200 කිනි.
(4) රු . 960 කිනි.
(5) රු . 400 කිනි.

23 / 50

Category: Economics 2013

23.ආන්තික ඉතුරුම් නැමියාව 0.25 ක් සහිත ස්ථාවර බදු පමණක් දක්නට ලැබෙන ආවෘත ආර්ථිකයක , ආණ්ඩුවේ මිල දී ගැනීම් රු . බිලියන 80 කින් ඉහළ යාමක් කරණකොටගෙන නිමැවුම උපරිම වශයෙන් වැඩි වනුයේ
(1) රුපියල්  බිලියන 80 කිනි.
(2) රුපියල් බිලියන 80.25 කිනි.
(3) රුපියල් බිලියන 160 කිනි.
(4) රුපියල් බිලියන 240 කිනි.
(5) රුපියල් බිලියන 320 කිනි.

24 / 50

Category: Economics 2013

24.රඡයේ කටයුතු නොමැති ආවෘත ආර්ථිකයක පරිභෝඡන ශ්‍රිතය C = 30 + 0.7Y (C = පරිභෝඡන වියදම, Y = ආදායම ) වේ. මෙම ආර්ථිකයේ සමතුලිත ආදායම රු. මිලියන 300ක් වේ නම් , ආයෝඡන මට්ටම කොපමණ වේ ද?
(1) රුපියල් මිලියන 60 කි.
(2) රුපියල් මිලියන 100 කි.
(3) රුපියල් මිලියන 210 කි.
(4) රුපියල් මිලියන 240 කි.
(5) රුපියල් මිලියන 300 කි.

25 / 50

Category: Economics 2013

25.රඡයේ කටයුතු නොමැති ආවෘත ආර්ථිකයක ඉතුරුම් හා ආයෝඡන වක්‍ර රූපසටහනේ දැක්වේ.

මෙම ආර්ථිකයේ විභව නිමැවුම Yp වේ, එබැවින් සැබෑ නිමැවුම සහ විභව නිමැවුම අතර පරතරය ප්‍රස්තාරික ව මැනෙනුයේ

(1) LG මගිනි.
(2) GH මගිනි.
(3) JH මගිනි.
(4) KJ මගිනි.
(5) HK මගිනි.

26 / 50

Category: Economics 2013

26.දෙන ලද වර්ෂයක් තුළ පරිභෝඡනය , ආයෝඡනය හා ආණ්ඩුවේ මිල දී ගැනීම් සඳහා වැය වු මුළු වියදම් , රටේ මුළු දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකමින් 103% ක් විය . මෙවැනි තත්ත්වයක් හට ගත හැක්කේ
(1) මුදල් සැපයුම වැඩි වුවහොත් පමණි.
(2) ශුද්ධ අපනයන ධන අගයක් ගනු ලැබුවහොත් පමණි.
(3) ශුද්ධ අපනයන සෘණ අගයක් ගනු ලැබුවහොත් පමණි.
(4) අයවැය ලේඛනයේ අතිරික්තයක් හට ගතහොත් පමණි.
(5) තුලිත අයවැයක් ඇති වුවහොත් පමණි.

27 / 50

Category: Economics 2013

27.ආවෘත ආර්ථිකයක බැංකු පද්ධතිය තනි වාණිඡ බැංකුවකින් පමණක් සමන්විත වේ යැ‘යි ද, බැංකුව 10% ක සංචිත අනුපාතයක් යටතේ කටයුතු කරන අතර ගනුදෙනුකරුවන් රුපියල් 10 000 ක මුදලක්  බැංකුවේ අලුතෙන් තැම්පත් කරන්නේ යැ‘යි සලකන්න.රට තුළ සංසරණය වන ව්‍යවහාර මුදල් ප්‍රමාණයේ වෙනස්කම් කිසිවක් පසුව සිදු නොවේ යැ‘යි උපකල්පනය කළහොත් , මෙම තැන්පතුව නිසා බැංකුවට ලබා දිය හැකි උපරිම ණය ප්‍රමාණය කොපමණ ද?
(1) රු . 1 000 කි.
(2) රු . 9 000 කි.
(3) රු . 10 000කි.
(4) රු . 90 000කි.
(5) රු . 100 000කි.

28 / 50

Category: Economics 2013

28.කේන්සියානු විග්‍රහයට අනුව මුදලට ඇති ඉල්ලුම වැඩි විය හැක්කේ පහත සඳහන් කවර තත්ත්වයක් යටතේ ද?

         මුර්ත ආදායම්       මිල මට්ටම  පොලී අනුපාතිකය
(1)
(2)
(3)
(4)
(5)
වැඩි වීම
ස්ථාවරව තිබීම
වැඩි වීම
ස්ථාවරව
අඩු වීම
අඩු වීම
ස්ථාවරව තිබීම
වැඩි වීම
අඩු වීම
ස්ථාවරව තිබීම
වැඩි වීම
වැඩි වීම
අඩු වීම
අඩු වීම
වැඩි වීම

 

29 / 50

Category: Economics 2013

29.ආර්ථිකය පූර්ණ සේවා නියුක්තියේ පවතී යැ‘යි සලකන්න. මිල මට්ටම ස්ථාවරව පවත්වා ගනිමින් ආයෝඡනය ඉහළ නැංවීමට ප්‍රතිපත්ති සමිපාදකයන් අපේක්ෂා කරන්නේ නම් , පහත සඳහන් මූල්‍ය හා රාඡ්‍ය  මුල්‍ය ප්‍රතිපත්තිවල කෙබදු සංයෝගයක් , එම අරමුණ සාක්ෂාත් කරගැනීමට යෝග්‍ය වන්නේ ද?

       මූල්‍ය ප්‍රතිපත්තිය         රාඡ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය
(1)
(2)
(3)
(4)
(5)
නොවෙනස්ව තබාගැනීම
ප්‍රසාරණාත්මක
ප්‍රසාරණාත්මක
ප්‍රසාරණාත්මක
සංකෝචනාත්මක
       සංකෝචනාත්මක
නොවෙනස්ව තබාගැනීම
සංකෝචනාත්මක
ප්‍රසාරණාත්මක
ප්‍රසාරණාත්මක

 

30 / 50

Category: Economics 2013

30.ආර්ථික පසුබෑමකින් හෙවත් ප්‍රතිගමනාත්මක තත්ත්වයකින් (recession) මුදවා ගැනීම සඳහා යෝග්‍ය මූල්‍ය හා රාඡ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල සංයෝගය පහත සඳහන් ඒවා අතුරෙන් කවරක් වේ ද?
(1) බදු සහ මුදල් සැපයුම යන දෙක ම පහත හෙළීම
(2) බදු සහ මුදල් සැපයීම යන දෙක ම ඉහළ දැමීම
(3) ආණ්ඩුවේ මිලදී ගැනීම් ඉහළ නැංවීම හා මහ බැංකුවේ පොලී අනුපාතික පහ හෙළීම
(4) බදු සහ වට්ටම් අනුපාතික යන දෙක ම ඉහළ නැංවීම
(5) හිඟ අයවැය ප්‍රතිපත්තියක් යොදා ගැනීම සහ රඡය විවෘත වෙළෙඳපොළේ සුරැකුම්පත් අලෙවි කිරීම

31 / 50

Category: Economics 2013

31.එක්තරා ආර්ථිකයක වර්ෂයක් තුළ මුළු නිමැවුම 2% කින් ද, මුදල් තොගය 5% කින් ද, ඉහළ යති‘යි සලකන්න. මුදලේ සංසරණ ප්‍රවේගය නොවෙනස්ව පවතින්නේ නම් , මෙම තත්ත්වය යටතේ මිල මට්ටම හා මුළු නිමැවුමේ නාමික වටිනාකම ආසන්න වශයෙන් කෙතරම් ප්‍රමාණයකින් ඉහළ යයි ද?

      මිල මට්ටම ඉහළ යාම             මුළු නිමැවුමේ නාමික අගය ඉහළ යාම
(1)
(2)
(3)
(4)
(5)
2%
2%
2.5%
3%
3%
5%
7%
10%
5%
7%

 

32 / 50

Category: Economics 2013

32.2008-2012 කාලය තුළ කිසියම් රටක දළ දේශීය නිෂ්පාදිතයේ නාමික අගය දර්ශක අංක මගින් ඉදිරියෙන් ඇති වගුවේ දැක්වේ .

         වර්ෂය    ද.දේ . නිෂ්පාදිතයේ නාමික අගය
2008
2009
2010
2011
2012
100
96
90
85
83

මෙම දත්තවලට අනුව , 2008-2012 කාලය තුළ පහළ වැටී ඇති‘යි නිගමනය කළ හැකි විචල්‍ය වනුයේ
(1) සමාහාර ඉල්ලුමයි.
(2) මූර්ත නිමැවුමයි.
(3) උද්ධමන අනුපාතිකය.
(4) රඡයේ අයවැය හිඟයයි.
(5) වෙළෙඳ ශේෂයේ හිඟයයි.

33 / 50

Category: Economics 2013

33.නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ දී අත් වන ප්‍රතිඵල ලෙස දක්වා ඇති පහත සඳහන් ද අතුරෙන් ධන බාහිරතාවක් ලෙස සැළකිය හැක්කේ කවරක් ද?
(1) මහාමාර්ගවල සිදුවන රිය අනතුරු අඩුවීම
(2) දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන ලාභ ඉහළ යාම
(3) සංචාරකයින් දුම්රියෙන් ගමන් කිරීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම වැඩිවීම
(4) දුම්රියේ ගමන් කරන මගීන්ගේ ගමන් කාලය ඉතිරිවීම
(5) දුමිරිය මාර්ගයට ආසන්නව පිහිටි ඉඩම්වල වටිනාකම අඩුවීම

34 / 50

Category: Economics 2013

34.ශුභසාධන භාණ්ඩයක් යනු
(1) එකිනෙකාගේ සුදුසුකම් මත පාරිභෝගිකයින් වෙත ලබාදෙන භාණ්ඩයකි.
(2) එම භාණ්ඩය නිදහස් වෙළෙඳපොළ මගින් සැපයුවහොත් පාරිභෝගිකයින් මිලදී ගනු ඇත්තේ ඉතා මඳ වශයෙන් යැ‘යි රඡය විශ්වාස කරන භාණ්ඩයකි.
(3) එම භාණ්ඩය නිදහස් වෙළෙඳපොළ මගින් සැපයුවහොත් පාරිභෝගිකයින් විසින් අවශ්‍ය ප්‍රමාණයටත් වැඩියෙන් මිල දී ගනු ඇතැ‘යි රඡය විශ්වාස කරන භාණ්ඩයකි.
(4) යම් භාණ්ඩයකින් පාරිභෝගිකයෙකු ලබන ලාභය, ප්‍රතිලාභය ,සියලු පාරිභෝගිකයින් වෙත ලබා දිය හැකි භාණ්ඩයකි.
(5) යම් භාණ්ඩයක් පරිභෝඡනය කිරීමෙන් ලබන පෞද්ගලික ප්‍රතිලාභය , එහි සමාඡීය ප්‍රතිලාභ ඉක්මවන භාණ්ඩයකි.

35 / 50

Category: Economics 2013

35.ප්‍රතික්‍රමික බද්දක් යනු
(1) සියලුම බදු ගෙවන්නන් තම ආදායමෙන් නිරපේක්ෂ වශයෙන් සමාන ආදායම් ප්‍රමාණයක් බදු වශයෙන් ගෙවීම ය.
(2) ඉහළ ආදායම් ලබන්නන් තම ආදායමෙන් , පහළ ආදායම් ලබන්නන්ට වඩා අඩු ප්‍රතිශතයක් බදු වශයෙන් ගෙවීම ය.
(3) ඉහළ ආදායම් ලබන්නන් , පහළ ආදායම් ලබන්නන්ට වඩා අඩු මුදල් ප්‍රමාණයක් බදු වශයෙන් ගෙවීම ය.
(4) ඉහළ ආදායම් ලබන්නන් , පහළ ආදායම් ලබන්නන්ට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් බදු වශයෙන් ගෙවීම ය.
(5) බදු බර පසුපසට විතැන් කළ හැකි බද්දකි.

36 / 50

Category: Economics 2013

36.පහත දැක්වෙන වගුව A හා B යන රටවල් දෙක විසින් සංයුක්ත සම්පත් ඒකකයක් භාවිතා කොට නිෂ්පාදනය කරනු ලබන X හා Y යන භාණ්ඩවල නිමැවුම් ප්‍රමාණ පෙන්නුම් කරයි.

භාණ්ඩය       A රට      B රට
X
Y
100
200
300
400

එක් එක් රට තමනට සාපේක්ෂව වාසි පවතින භාණ්ඩය පිළිබඳ විශේෂීකරණය කරයි නම් ,රටවල් දෙකට ම වෙළෙඳමෙන් වාසි ලබා ගත හැකි හුවමාරු අනුපාතිකය කුමක් ද?
(1) 1X = 1Y
(2) 1X = 1.3Y
(3) 1X = 1.5Y
(4) 1X = 2Y
(5) 1X = 3Y

37 / 50

Category: Economics 2013

37.ශ්‍රී ලංකික නිෂ්පාදන ආයතනයක් එක්සත් ඡනපද ඩොලර් මිලියන 10ක් වටිනා ටයර්,එක්සත් රාඡධානියේ සමාගමකට අපනයනය කරයි. ද්විත්ව සටහන් ක්‍රමය යටතේ ගිණුම් තැබීමේ දී මෙම ගනුදෙනුව මගින් බලපෑමක් ඇතිවන්නේ ගෙවුම් ශේෂයේ කවර ගිණුම් කොටස් දෙකට ද?
(1) වර්තන ගිණුමේ අපනයන හා ප්‍රාග්ධන ගිණුමේ ප්‍රාග්ධන සංක්‍රාම
(2) වර්තන ගිණුමේ අපනයන හා වර්තන ගිණුමේ ආදායම්
(3) වර්තන ගිණුමේ අපනයන හා මූල්‍ය ගිණුමේ සංචිත වත්කම්
(4) මූල්‍ය ගිණුමේ වගකීම් හා මූල්‍ය ගිණ්මේ අනේවාසිකයන් මත හිමිකම්
(5) වර්තන ගිණුමේ අපනයන හා මූල්‍ය ගිණුමේ අනේවාසිකයන් මත හිමිකම්

38 / 50

Category: Economics 2013

38.කිසියම් රටක සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට එහි අවසාන ගෙවුම් ශේෂ ගිණුම් සඳහා ඉදිරිපත් කිරීමට අවශ්‍යව ඇත. එම දෙපාර්තමේන්තුව මගින් වර්තන ගිණුමේ ශේෂය,ප්‍රාග්ධන ගිණුමේ ශේෂය හා මූල්‍ය ගිණුමේ ශේෂය ගණනය කර ඇත. ඉහත කාර්යය සම්පුර්ණ කිරීම සඳහා අවශ්‍ය වන අමතර තොරතුර වනුයේ
(1) විදේශ මුදල් සංචිත වෙනස්වීම් ය.
(2) විදේශ ආධාර ය.
(3) වැරදීම් හා අත්හැරීම් ය.
(4) සමපේක්ෂණ මුදල් ලැබීම ය.
(5) කළඹ ආයෝඡන වෙනස්වීම් ය.

39 / 50

Category: Economics 2013

39.එක්තරා රටක වෙළඳ අනුපාතය වර්තමානයේ 150 (පාද වර්ෂය 2010=100) කි.2010 න් පසුව එම රටේ අපනයන සඳහා ලැබුණු සාමාන්‍ය මිල 20% කින් වැඩි වී ඇත්නම් , ආනයන සඳහා එම රට ගෙවා ඇති සාමාන්‍ය මිල වෙනස් වී ඇත්තේ
(1) -50% කිනි.
(2) -25% කිනි.
(3) -20% කිනි.
(4) +20% කිනි.
(5) +25% කිනි.

40 / 50

Category: Economics 2013

40.යම් තෝරා ගන්නා ලද භාණ්ඩ පැසක් සඳහා ඇමෙරිකාවේ දී ගෙවීමට සිදුවන මිල ඩොලර් 120 කි. ඒ හා සමාන වු පැසක් සඳහා ශ්‍රී ලංකාවේ දී ගෙවීමට සිදුවන මිල රුපියල් 9 600කි. මෙමගින් කිව හැක්කේ
(1) රුපියලේ බාහිර අගය 25%කින් අධිතක්සේරු වී ඇති බව ය.
(2) රුපියලේ බාහිර අගය 20%කින් ඌන තක්සේරු වී ඇති බව ය.
(3) ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතිකය ඩොලරයකට රුපියල් 96 ක් බව ය.
(4) ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතිකය ඩොලරයකට රුපියල් 80 ක් බව ය.
(5) ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතිකය රුපියලකට ඩොලර් 0.10 ක් බව ය.

41 / 50

Category: Economics 2013

41.දියුණු වෙමින් පවතින රටවලට ලැබෙන විදේශ සෘඡු ආයෝඡන නිසා
(1) දේශීය වැටුප් මට්ටම් පහළ වැටේ.
(2) සංවර්ධනය වෙමින් පවතින රටවල බදු ආදායම පහළ වැටේ.
(3) දේශීය ඡනතාවට ලබා ගත හැකි විවිධ පාරිභෝගික භාණ්ඩ සංඛ්‍යාව අඩු වේ.
(4) ආයෝඡනයෙන් ලැබෙන ශුද්ධ විදේශ ආදායම් ප්‍රවාහ අයහපත් වේ.
(5) ගෙවුම් ශේෂයේ ප්‍රාග්ධන ගිණුම අයහපත් වේ.

42 / 50

Category: Economics 2013

42.කිසියම් රටක ප්‍රතිශීර්ෂ ආදායම සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පවතින විට, ඒ හා බැදුණු තවත් ලක්ෂණයක් ලෙස දැකිය හැක්කේ
(1) ඉතුරුම් අනුපාතිකය ඉහළ අගයක් ගැනීම ය.
(2) ආර්ථික වර්ධන අනුපාතිකය පහළ අගයක් ගැනීම ය.
(3) උද්ධමන අනුපාතිකය පහළ අගයක් ගැනීම ය.
(4) ඡනගහන වර්ධන අනුපාතිකය පහළ අගයක් ගැනීම ය.
(5) සේවා නියුක්ති අනුපාතිකය ඉහළ අගයක් ගැනීම ය.

43 / 50

Category: Economics 2013

43.වඩා වේගවත් ආර්ථික වර්ධනයක් ඡනනය කිරීමට වැඩි හැකියාවක් ඇති සාධක සංයෝගයක් වන්නේ
(1) සේවා නියුක්තියක් , ගෙවුම් ශේෂයේ හිගයක් ඉහළ යාම ය.
(2) ආයෝඡන මට්ටමත් , වැඩ කරන ඡනගහනයේ ප්‍රමාණයත් ඉහළ යාම ය.
(3) ධනය වඩාත් සමාන ලෙස බෙදී යාම හා සංක්‍රාම ගෙවීම් ඉහළ මට්ටමක තිබීම ය.
(4) උද්ධමනය වේගවත් වීම හා ඡාතික ණය ප්‍රමාණය ඉහළ යාම ය.
(5) විදේශී සෘඡු ආයෝඡන හා පොලී අනුපාතික ඉහළ යාම ය.

44 / 50

Category: Economics 2013

44.දෙන ලද වර්ෂයක් තුළ A , B , C , D හා E යන රටවල පරිභෝඡනය , දළ ප්‍රාග්ධන සම්පාදනය හා ක්ෂයවීම පිළිබඳ සංඛ්‍යා දත්ත පහත සඳහන් වගුව පෙන්නුම් කරයි. (සියලු ම අගයන් මිනුම් කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියනවලිනි.)

රට    පරිභෝඡනය දළ ප්‍රාග්ධන සම්පාදනය     ක්ෂයවීම්
 A
B
C
D
E
200
500
1 000
5 000
10 000
40
200
1 200
6 000
8 200
50
150
1 400
6 000
8 200

මෙම රටවල පවතින තාක්ෂණයේ වෙනසක් සිදු නොවේ නම් , ඉහත තොරතුරු අනුව ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට වඩාත් ඉඩකඩ ඇති රට කුමක් ද?
(1) A
(2) B
(3) C
(4) D
(5) E

45 / 50

Category: Economics 2013

45.‘සැපයුම් පාර්ශ්වයේ ප්‍රතිපත්ති ‘ යන්නෙන් අදහස් කෙරෙනුයේ
(1) ඵලදායිතාව දියුණු කෙරෙන සහ වෙළෙඳපොළ අපූර්ණතා අඩු කෙරෙන ප්‍රතිපත්ති වේ.
(2) හැකි තරම් භාණ්ඩ හා සේවා සැපයීමට රඡයට හැකියාව ලබා දෙන ප්‍රතිපත්ති වේ.
(3) සේවා වියුක්ති ගැටලුව අවම වන ආකාරයට ශ්‍රම සැපයුම අඩු කිරීමට හේතු වන ප්‍රතිපත්ති වේ.
(4) පොලී අනුපාතික පාලනය කිරීම මගින් උද්ධමනය අඩුකරන ප්‍රතිපත්ති වේ.
(5) සමාහාර ඉල්ලුම ඉහළ නංවන ප්‍රතිපත්ති වේ.

46 / 50

Category: Economics 2013

46.2000-2010 කාලය තුළ එක්තරා ආර්ථිකයක මුළු ආදායම, විවිධ ආදායම් කාණ්ඩ අතර බෙදී ගිය ආකාරය පහත වගුව පෙන්නුම් කරයි .

        ආදායම් කාණ්ඩය         මුළු ආදායමෙන් හිමි වු ප්‍රතිශතය
            2000           2010
පහළ 10%
පහළ 20%
පහළ 30%
ඉහළ 30%
ඉහළ 20%
ඉහළ 10%
4.1
9.8
16.0
47.0
35.0
20.0
 2.5
6.8
12.0
54.0
41.0
26.0

මෙම දත්ත මගින් නිගමනය කළ හැක්කේ අදාළ කාලය තුළ
(1) පහළ ආදායම් කාණ්ඩවල ආදායම් අඩු වී ඇති බව  ය.
(2) ආදායම් ව්‍යාප්තිය වඩාත් අසමාන වී ඇති බව ය.
(3) ධන ව්‍යාප්තිය වඩාත් අසමාන වී ඇති බව ය.
(4) මුළු ආදායම් ඉහළ යාම නිසා සෑම දෙනාට ම වාසිදායක තත්ත්වයක් උදා වී ඇති බව ය.
(5) ගිනි සංගුණකයේ අගය අඩු වී ඇති බව ය.

47 / 50

Category: Economics 2013

47.පහත දැක්වෙන වෙනස්කම් අතුරෙන් රටක් සංවර්ධනය වී ඇති බව හොඳින් ම ඇඟැවෙන්නේ කවර වෙනස්වීමක් මගින් ද?
(1) සාමාන්‍ය පුවැසියෙකුගේ ඡිවිතයේ ගුණාත්මක තත්ත්වයේ දියුණුවක් ඇති වීම
(2) රටේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යාම.
(3) රටේ වෙ‍ළඳ ශේෂයෙහි දියුණුවක් ඇති වීම.
(4) දේශීය මුදලෙහි විදේශ අගය ඉහළ යාම.
(5) වැඩිහිටි සාක්ෂරතා අනුපාතය ඉහළ යාම

48 / 50

Category: Economics 2013

48.සංවර්ධනය ඉහළ නැංවීම සඳහා ම ප්‍රතිපත්තිය වන්නේ ‘ආධාර නොව වෙළෙදාම‘ බව ආර්ථික විද්‍යාඥයන් විසින් යෝඡනා කර ඇත. මෙම යෝඡනාව මගින් ඇඟැවෙන්නේ
(1) සංවර්ධනය වෙමින් පවතින රටවල් ආධාර මත රඳා නොසිට , ස්වයංපෝෂිත විය යුතු බව ය.
(2) සංවර්ධනය වෙමින් පවතින රටවලට, සංවර්ධිත රටවල වෙළෙපොළවලට ඇතුළුවීමටඉඩකඩ ලබා දිය යුතු බව ය.
(3) සංවර්ධනය වෙනමින් පවතින රටවල් තම රටට ලැබුණු විදේශ ආධාර , අපනයන කර්මාන්ත සංවර්ධනය සඳහා ආයෝඡනය කළ යුතු බව ය.
(4) සංවර්ධනය වෙමින් පවතින රටවල් ආනයන ආදේශනය දිරි ගැන්වීම සදහා , ආරක්ෂණවාදී ප්‍රතිපත්ති යොදා ගත යුතු බව ය.
(5) සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙළෙඳ ශේෂයේ අතිරික්තයක් පවත්වා ගැනීම මගින් , සංවර්ධනය දිරිගැන්විය යුතු බව ය.

49 / 50

Category: Economics 2013

49.X නමැති රටෙහි ප්‍රඡා විද්‍යාත්මක දත්තවලින් සමහරක් පහත දී ඇත.

                            අයිතමය සංඛ්‍යාව (මිලියනවලින්)
මුළු ඡනගහනය
ඡනගහනය (අවුරුදු 10 හා ඉහළ )
සේවා නියුක්ත ඡනගහනය
සේවා වියුක්ත ඡනගහණය
ආර්ථික වශයෙන් සක්‍රීය නොවන ඡනගහනය
180
150
81
09
60

ඉහත තොරතුරු අනුව X නමැති රට සඳහා සේවා වියුක්ති අනුපාතිකය හා ශ්‍රම බලකා සහභාගිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිත්ව අනුපාතිකය දැක්වෙන පිළිතුර කුමක් ද?

සේවා වියුක්ති අනුපාතිකය ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතිකය
(1)
(2)
(3)
(4)
(5)
10 00%
10 00%
6.66%
5.55%
5.65%
60.00%
53.33%
50.00%
50.00%
33.33%

50 / 50

Category: Economics 2013

50.යම් දෙන ලද ආර්ථිකයක සේවා නියුක්තිය සහ සේවා වියුක්තිය යන දෙක ම , වසර 10ක කාල පරිච්ඡේදයක් තුළ ඉහළ ගොස් ඇත. මෙම තත්ත්වයට හේතු වන්නට ඇත්තේ පහත දැක්වෙන, කවරක් ඉහළ යාම ද?
(1) උපත් අනුපාතය
(2) ආර්ථික වශයෙන් සක්‍රීය ඡනගහනය
(3) ආයු අපේක්ෂාව
(4) යැපුම් අනුපාතය
(5) රටින් පිටත සිදුවන සංක්‍රමණ

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 5%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!