2013 ගිණුම්කරණය බහුවරණ ප්‍රශ්න

0%
0

Past Papers | Accounting

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2013 - ගිණුම්කරනය

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 2 යි)

01 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින් ඉතාමත් ගැළපෙන උත්තරය තෝරන්න.

1 / 30

Category: Accounting 2013

1.පහත දාක්වෙන කුමන ප්‍රකාශයෙන්‌ ආයතනයක මුල්‍ය ගණකාධිකරණයේ කාර්යභාරය වඩාත් හොදින් විස්තර කරනු ලබ.3 ද?
(1) එය ආයතනයක ගනුදෙනු ගිණුම්‌ පොත්වල වාර්තා කරයි.
(2) එය ආයතනයක ගනුදෙනු මූල්‍ය තොරතුරුවලට පරිවර්තනය කරයි.
(3) එය ආයතනයක වාර්ෂික විගණනය සඳහා මුල්‍ය ප්‍රකාශන පිළියෙල කරනු ලබයි.
(4) එය ආයතනයක සැලසුම්‌ කිරීම සහ පාලනය සදහා කළමනාකරැවන්ට තොරතුරු සපයයි.
(5) එය ආයතනයක්‌ පිළිබඳ ඇල්මක්‌ දක්වන බාහිර පාර්ශවයන්ට සහ එහි කළමනාකරුවන්ට තීරණ ගැනිම සදහා තොරතුරු සපයයි.

2 / 30

Category: Accounting 2013

2. ගිණුම්කරණ සමීකරණයේ මුලිකාංගයක්‌ ලෙස හිමිකම්‌ වෙන ම හඳුනාගැනීම අවශ්‍ය වන්නේ කුමන ගිණුම්‌කරණ සංකල්පයට අනුව ද?
(1) ඒකක.
(2) උපචිත.
(3) අඛණ්ඩ පැවැත්ම.
(4) ගැලපුම්‌.
(5)ගැලපුම්‌

3 / 30

Category: Accounting 2013

3. ආයතනයක මූල්‍ය ප්‍රකාශනවල වගකීම්‌ සහතික මත ප්‍රතිපාදනයක් කීරීම අදාල වන්නේ පහත සඳහන්‌ කුමන කුමන ගිණුම්‌කරණ
සංකල්පය / සංකල්ප ද?
                 A  -  උපචිත      B  -  ගැලපුම්‌   C -  ආරක්ෂණ
(1) B පමණි.
(2) A හා B පමණි.
(3) A හා C පමණි.
(4) B හා C පමණි.
(5) A,B හා C යන සියල්ල ම.

4 / 30

Category: Accounting 2013

4. 2012.04.01 දින අමල්‌ පෞද්ගලික ඉතුරුම්‌ රු. 500 000 ක්‌ සහ ඔහුගේ රු. 2 000 000 ක්‌ වටිනා මෝටර්‌ රථය යොදවමින් ව්‍යාපාරයක් ආරම්‌භ කරන ලදී. පළමු මෙහෙයුම්‌ මාසය තුළ දී ව්‍යාපාරය රු. 300 000 ක භාණ්ඩ ණයට මිලදී ගත් අතර එයින් රු.50 000 ක්‌ වටිනා භාණ්ඩ්‌ දෝෂ-සහිත වීම නිසා ආපසු යවන ලදී. මෙම ගනුදෙනු සටහන්‌ කිරීම සදහා භාවිතා කරනු ලබන මූලාශ්‍ර ලියවිලිවල අනුපිළිවෙළ වන්නේ:
(1) ජර්නල්‌ වවුචරය,ඉන්වොයිසිය, හරපත.
(2) ජර්නල්‌ වවුචරය, ඉන්වොයිසිය, බැරපත.
(3) ලදුපත, ඉන්වොයිසිය, බැරපත.
(4) වාහන ලියාපදිංචි පොත, ඉන්වොයිසිය, බැරපත.
(5) වාහන ලියාපදිංචි පොත, ඉන්වොයිසිය, හරපත

5 / 30

Category: Accounting 2013

5. ව්‍යාපාර ආයතනයක්‌ විසින්‌ 10% ක වෙළෙඳ වට්ටමකට යටත්ව ලකුණු කළ මිල රු. 200000 ක්‌ වූ භාණ්ඩ ණය පදනම
මත මිල දී ගන්නා ලදි. මෙම ගනුදෙනුවෙහි බලපෑම ගිණුම්කරණ සමීකරණයේ නිරූපණය කරනුයේ:
වත්කම්‌                                                    වගකීම්‌                                හිමිකම
(1) 180000 කින්‌ වැඩි වේ.       රු. 180000 කින්‌ වැඩි වේ.
(2)200000 කින්‌ වැඩි වේ.       රැ. 200000 කින්‌ වැඩි වේ.
(3) 180000 කින්‌ වැඩි වේ.       රු. 200000 කින්‌ වැඩි වේ.         රු. 20000 කින්‌ අඩු වේ.
(4) 200000 කින්‌ වැඩි වේ.      රු. 180000 කින්‌ වැඩි වේ.          රු. 20000 කින්‌ වැඩි වේ.
(5) 200000 කින්‌ වැඩි වේ .     රු. 220000 කින්‌ වැඩි වේ.          රු. 20000 කින්‌ අඩු වේ.

6 / 30

Category: Accounting 2013

6.පහත තොරතුරැ 2013 මාර්තු මාසය සඳහා ව්‍යාපාරයකට අදාළ වේ.

විකුණුම්‌ ලකුණු කළ මිල (රැ:000) වෙළෙඳ වට්ටම්‌
මුදලට 1000 10%
ණයට 4000 5%

විකුණුම්‌ දින සිට ඳින 15 ක්‌ තුළ ගෙවිය යුතු මුදල පියවූ විට ණයගැතියන්ට 5% ක මුදල්‌ වට්ටමක්‌ දෙනු ලැබේ. ව්‍යාපාරයේ වාර්තාවලට අනුව ණයගැති ශේෂවලින්‌ 50% ක්‌ මෙම වට්ටම භාවිත කරමින්‌ පියවා ඇත.
ණයගැතියන්ට දුන්‌ වට්ටම්‌ සටහන්‌ කිරීම සඳහා නිවැරදි ජර්නල්‌ සටහන වනුයේ:
               හර (රැ)                                                       බැර (රැ)
(1)    දුන්‌ වට්ටම්‌ ගිණුම    95 000            මුදල්‌ ගිණුම                    95 000
(2)   දුන්‌ වට්ටම්‌ ගිණුම    95 000           ණයගැති පාලන ගිණුම    95 000
(3)   දුන්‌ වට්ටම්‌ ගිණුම  195 000            මුදල්‌ ගිණුම                   195 000
(4)   දුන්‌ වව්ටම්‌ ගිණුම  295 000           ණයගැති පාලන ගිණුම  295 000
(5)   දුන්‌ වව්ටම්‌ ගිණුම  395 000           මුදල්‌ ගිණුම                   395 000

7 / 30

Category: Accounting 2013

7. පහත සඳහන්‌ කුමන ප්‍රකාශය ණයහිමි පාලන ගිණුමට අදාළව නිවැරදි වේ ද?
(1) සෑම ණයහිමියෙක්‌ වෙනුවෙන්‌ ම පාලන ගිණුමක්‌ පවන්වාගෙන යයි.
(2) සියලු ම ගැනුම්‌ ණයහිමි පාලන ගිණුමේ සටහන්‌ කරයි.
(3) ගැනුම්‌ ජර්නලයේ එකතුව ණයහිමි පාලන ගිණුමේ සටහන්‌ කරයි.
(4) ණයහිමියන්ගෙන්‌ ලද වව්ටම්‌ ණයහිමි පාලන ගිණුමේ සටහන්‌ නොකරයි.
(5) ණයහිමි පාලන ගිණුම ණයහිමි ලෙඡරයේ පවත්වාගෙන යයි.

8 / 30

Category: Accounting 2013

•ප්‍රශ්න අංක 8 සහ 9 ට පිළිතුරැ සැපයීමට ආයතනයකට අදාළ පහත සඳහන්‌ තොරතුරැ භාවිත කරන්න.

2013 මාර්තු සහ පෙබරවාරි මාස තුළ දී තැන්පත් කළ චෙක්පත්‌ හා නිකුත් කළ චෙක්පත්‌වල සාරාංශය පහත පරිදිවේ.

විස්තරය
2013 මාර්තු  (රැ:000) 2013පෙබරවාරි (රු'000')
බැංකුවේ තැන්පත් කළ චෙක්පත් 1000 10%
චෙක්පත් නිකුත් කීරීම් 4000 5%

පහත තොරතුරු ද දී ඇත.

විස්තරය 2013.03.31 දිනට (රැ:000) 2013 .02.28 දිනට  (රැ:000)
චෙක්පත් තැන්පතු උපලබ්ධි විම.
         750      900
ගෙවීම සඳහා ඉදිරිපත් කල චෙක්පත්         600     500
බැංකුවට සෘඡුව ලද පොලී ආදායම
         -      50
බැංකු ගාස්තු         10      5
බැංකු ගිනුමේ ශේෂය (පොලී ආදායම් හා බැංකු ගාස්තු ගැලපීමට පෙර)         395      100
බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය         ?     245

පෙබරවාරි මාසය තුලදී ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත් මාර්තු මාසයේදී ගෙවීමට ඉදිරිපත් කර ඇත.

8. 2013.02.28 දිනට බැංකු ගිණුමේ සංශෝධිත ශේෂය කොපමණද?
(1) රු. 145000
(2) රු. 190000
(3)200000
(4) රු. 290000
(5) රු. 345000

 

9 / 30

Category: Accounting 2013

•ප්‍රශ්න අංක 8 සහ 9 ට පිළිතුරැ සැපයීමට ආයතනයකට අදාළ පහත සඳහන්‌ තොරතුරැ භාවිත කරන්න.

2013 මාර්තු සහ පෙබරවාරි මාස තුළ දී තැන්පත් කළ චෙක්පත්‌ හා නිකුත් කළ චෙක්පත්‌වල සාරාංශය පහත පරිදිවේ.

විස්තරය
2013 මාර්තු  (රැ:000) 2013පෙබරවාරි (රු'000')
බැංකුවේ තැන්පත් කළ චෙක්පත් 1000 10%
චෙක්පත් නිකුත් කීරීම් 4000 5%

පහත තොරතුරු ද දී ඇත.

විස්තරය 2013.03.31 දිනට (රැ:000) 2013 .02.28 දිනට  (රැ:000)
චෙක්පත් තැන්පතු උපලබ්ධි විම.
         750      900
ගෙවීම සඳහා ඉදිරිපත් කල චෙක්පත්         600     500
බැංකුවට සෘඡුව ලද පොලී ආදායම
         -      50
බැංකු ගාස්තු         10      5
බැංකු ගිනුමේ ශේෂය (පොලී ආදායම් හා බැංකු ගාස්තු ගැලපීමට පෙර)         395      100
බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය         ?     245

පෙබරවාරි මාසය තුලදී ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත් මාර්තු මාසයේදී ගෙවීමට ඉදිරිපත් කර ඇත.

9.2013.03:31 ඳිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය කොපමණද?
(1) රු. 245 000
(2) රු. 285 000
(3) රු. 295 000
(4) රු. 385 000
(5) රු. 395 000

10 / 30

Category: Accounting 2013

10. මුල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේ සහ ඉදිරිපත් කිරීමේ ආකෘතිමය රාමුවට අනුව පහත සඳහන්‌ කුමන දෑ මූල්‍ය ප්‍රකාශනවල මුලික ගුණාත්මක ගති ලක්ෂණ ලෙස සලකනු ලබයි ද?
A - අදාළ බව        B-තේරුමිගත හැකි බව   C - විචක්ෂණශීලී බව   D  - ප්‍රමාණාත්මක බව
(1) A  හා B පමණි.
(2) A හා C පමණි.
(3) A හා D පමණි.
(4) B  හා C පමණි.
(5) A , B , C  හා D යන සියල්ල ම.

11 / 30

Category: Accounting 2013

11. පහත සඳහන්‌ තොරතුරු 2013.03.31 දිනෙන් අවසන්‌ මාසය සඳහා සමාගමකට අදාළ වේ.
                           විස්තරය                               ඒකක                   ඒකකයක මිල (රැ)
          2013.03.07 දිනට කොගය                1000                            100
          2013.03.07 දින ගැනුම්‌                     5000                            120
          2013.03.15 දින ගැනුම්‌                     3000                            140
         2013.03.20 දින විකුණුම්‌                   8000                            -
තොග නිකුත්‌ කිරීම, මිල කිරීම සඳහා සමාගම 'පෙර - ඇතුළු පෙර - පිට' ක්‍රමය භාවිත කරයි. වර්ෂය අවසාන තෝගයේ ඒකකයක ශුද්ධ උපලබ්ධි අගය රු. 120 කි. සමාගමේ මූල්‍ය ප්‍රකාශනවල නිරූපණය කළ යුතු 2013.03.31 දිනෙන්‌ අවසන්‌ මාසය සඳහා විකුණුම්‌ පිරිවැය සහ 2013.03.31 දිනට තොගයේ අගය කොපමණ ද?
2013.03.31 දිනෙන්‌ අවසන්‌ මාසය             2013.03.31 දිනට තොගය
සඳහා විකුණුම්‌ 1පිරිවැය (රු )                                  (රු )
(1)     960 000                                                      120 000
(2)    980 000                                                       140 000
(3)    980 000                                                       120 000
(4) 1 020 000                                                       100 000
(5) 1 020 000                                                       1200 00

12 / 30

Category: Accounting 2013

12.සමාගමක්‌ විසින්‌ 2012.10.01 දින අවන්හලක්‌ ඉදි කිරීම්‌ සඳහා ඉඩමක්‌ අත්පත්‌ කර ගන්නා ලදී. මීට අදාළව පහත පිරිවැය දරන ලදී.
                                                                                                රු”000
ඉඩමේ ගැනුම්‌ මිල                                                                     4 000
මුද්දර ගාස්තු සහ නීති ගාස්තු                                                         200
ඉඩමේ පිහිටි පැරණි ගොඩනැගිල්ල ඉවත්‌ කිරීමේ පිරිවැය              200
ඉදිකිරීම්‌ සඳහා ඉඩම සකස්‌ කිරීමේ පිරිවැය                                    250
ඉඩමේ වාර්ෂික නඩත්තු පිරිවැය                                                    100

තව ද, පැරණි ගොඩනැගිල්ලෙහි ඉවත්‌ කරන ලද ද්‍රව්‍ය රු. 50000 කට විකුණන ලදී.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 16 ට (දේපළ, පිරියත  සහ උපකරණ) අනුව 2013.03.31 ඳිනට ඉඩමේ පිරිවැය කොපමණ ද?
(1) රු. 4 400 000
(2) රු. 4 450 000
(3) රු. 4 550 000
(4) රු. 4 600 000
(5) රු. 4 700 000

13 / 30

Category: Accounting 2013

13.පහත දී ඇති තොරතුරු 2013 මාර්තු මාසය සඳහා නිෂ්පාදන ව්‍යාපාරයකට අදාළ වේ.
                                                                                                                රු.000
නොනිමි තොග වැඩි වීම (ප්‍රාථමික පිරිවැයට අගය කරන ලද)                     300
නිමි තොග අඩු වීම                                                                                     100
පරිභෝජනය කළ සෘජු අමුද්‍රව්‍ය                                                                  300
සෘජු ශ්‍රමය                                                                                                  200
කම්හල්‌ පොදු කාර්යය පිරිවැය                                                                   200
2013 මාර්තු මාසය සඳහා ව්‍යපාරයේ ප්‍රාථමික පිරිවැය සහ විකුණුමී පිරිවැය ද?
ප්‍රාථමික පිරිවැය (රැ)                         විකුණුම්‌ පිරිවැය (රැ)
(1)         200 000                                   300 000
(2)        200 000                                    500 000
(3)        800 000                                    900 000
(4)        800 000                                 1 100 000
(5)     1 000 000                                    900 000

14 / 30

Category: Accounting 2013

14.2013.03.31 ඳිනට සමාගමක පැවති තොගය ගංවතුර හේතුවෙන් සම්පූර්ණයෙන් ම විනාශ විය. 2013.03.31 දිනෙන්‌ අවසන්‌ වර්ෂය සඳහා පහත තොරතුරු සපයා ඇත.
                                                                                              (රු. )'000
2012.04.01 දිනට තොගය                                                      1 500
ගැනුම්‌                                                                                        3 500
ආපසු යැවුම්‌                                                                                  500
විකුණුම්‌                                                                                     4 800
විකුණුම්‌ වියදම්                                                                              600
පිරිවැය මත 20% ක ලාභ අනුපාතිකයක් පවත්වා  ගනිමින්‌ භාණ්ඩ විකිණීම සමාගමේ ප්‍රනිපත්තිය වේ. 2013.03.31 ඳිනට විනාශ වූ තොගයේ අගය කොපමණද ?
(1)රු . 500 000
(1)රු . 660 000
(1)රු . 750 000
(1)රු .  1 160 000
(1)රු . 1 500 000

15 / 30

Category: Accounting 2013

15.හවුල්කරුවකු විසින් හවුල් ව්‍යාපාරයට ලබාදෙන ලද ණයක් සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය නිවැරදි වේද?

A - වෙනත් ආකාරයකට එකඟ වී නොමැති විට වාර්ෂිකව 5% ක පොලියකට හවුල්කරු හිමිකම් ලබයි.
B - ණය මුදල හවුල් ව්‍යාපාරයේ හිමිකම් කොටසක් ලෙස සලකනු ලබයි.
C - හවුල්කරුවන්ට ලාභ අලාභ විසර්ජනය කීරීමේදී  ණය පොලී ගලපනු ලබයි .

(1) A  පමණි.
(1) A  හා  B  පමණි.
(1) A  හා  C පමණි.
(1) B හා  C  පමණි.
(1) A  ,  B  හා  C යන සියල්ලම.

16 / 30

Category: Accounting 2013

•ප්‍රශ්න අංක 16, 17 සහ 18 ට පිළිතුරැ සැපයිමට පහත සඳහන්‌ තොරතුරැ භාවිත කරන්න.
භානුක සහ හේමක පිළිවෙළින්‌ රු. 3 000000 ක්‌ සහ රු. 4000000 ක්‌ ප්‍රාග්ධනය ලෙස ආයෝජනය කරමින්‌ හවුල්‌ ව්‍යාපාරයක්‌ 2012.04.01 ඳින ආරම්භ කරන ලදී. ඔවුන්‌ පහත සඳහන්‌ කොන්දේසිවලට එකග  විය.

•භානුක සහ හේමක පිළිවෙළින්‌ රු. 450000 ක සහ රු. 750000 ක වාර්ෂික වැටුපකට හිමිකම්‌ ලබයි .
•සෑම හවුල්කරුවකුට ම ප්‍රාග්ධනය මත වාර්ෂිකව 10% ක පොලියක්‌ හිම්‌ වේ.
•භානුක සහ හේෙමක අතර ලාභඅලාහ සම සමව බෙදා ගනු ලබසි.

2013.03.31 දිනෙන්‌ අවසන්‌ වර්ෂය තුළ හවුල්‌ ව්‍යාපාරය රු. 2400000 ක ලාභයක්‌ ලැබීය. හවුල්කරුවන්ට හිමි වැටුප්‌ සහ පොලී වර්ෂය තුළ දී මුදලින්‌, ලබා ගෙන නොමැත.

2013.03.31 දින ශානක හවුල්කරුවකු ලෙස ව්‍යාපාරයට බඳවා ගන්නා ලදී. ඔහු විසින්‌ ප්‍රාග්ධනය ලෙස රු. 2000000 ක්‌ ගෙන එන ලදී. මෙදින හවුල්‌ ව්‍යාපාරයේ කීර්තිනාමය රු. 800000 ක්‌ ලෙස ඇස්තමේන්තු කරන ලදී. කීර්තිනාමය වත්කමක්‌ ලෙස පොත්වල සටහන්‌ නොකළ අතර එය හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම්‌ තුලින්‌ ගලපන ලදී. භානුක, හේමක සහ ශානක 2013.04.01 ඳින සිට හවුල්‌ ව්‍යපාරයේ ලාහ අලාභ 2 : 2 : 1 අනුපාතයට බෙදා ගැනීමට එකග  විය.

16. 2013.03.31 ඳිනට භානුක සහ හේමකගේ ජංගම ගිණුම්වල ශේෂයන්‌ කොපමණ ද?
භානුක (රු)                                                                             හේමක (රැ)
(1)    250 000                                                                            250 000
(2)    550 000                                                                            650 000
(3)    700 000                                                                        1 000 000
(4) 1 000 000                                                                       1 400 000
(5) 1 200 000                                                                        1 200 000

17 / 30

Category: Accounting 2013

•ප්‍රශ්න අංක 16, 17 සහ 18 ට පිළිතුරැ සැපයිමට පහත සඳහන්‌ තොරතුරැ භාවිත කරන්න.
භානුක සහ හේමක පිළිවෙළින්‌ රු. 3 000000 ක්‌ සහ රු. 4000000 ක්‌ ප්‍රාග්ධනය ලෙස ආයෝජනය කරමින්‌ හවුල්‌ ව්‍යාපාරයක්‌ 2012.04.01 ඳින ආරම්භ කරන ලදී. ඔවුන්‌ පහත සඳහන්‌ කොන්දේසිවලට එකග  විය.

•භානුක සහ හේමක පිළිවෙළින්‌ රු. 450000 ක සහ රු. 750000 ක වාර්ෂික වැටුපකට හිමිකම්‌ ලබයි .
•සෑම හවුල්කරුවකුට ම ප්‍රාග්ධනය මත වාර්ෂිකව 10% ක පොලියක්‌ හිම්‌ වේ.
•භානුක සහ හේෙමක අතර ලාභඅලාහ සම සමව බෙදා ගනු ලබසි.

2013.03.31 දිනෙන්‌ අවසන්‌ වර්ෂය තුළ හවුල්‌ ව්‍යාපාරය රු. 2400000 ක ලාභයක්‌ ලැබීය. හවුල්කරුවන්ට හිමි වැටුප්‌ සහ පොලී වර්ෂය තුළ දී මුදලින්‌, ලබා ගෙන නොමැත. 2013.03.31 දින ශානක හවුල්කරුවකු ලෙස ව්‍යාපාරයට බඳවා ගන්නා ලදී. ඔහු විසින්‌ ප්‍රාග්ධනය ලෙස රු. 2000000 ක්‌ ගෙන එන ලදී. මෙදින හවුල්‌ ව්‍යාපාරයේ කීර්තිනාමය රු. 800000 ක්‌ ලෙස ඇස්තමේන්තු කරන ලදී. කීර්තිනාමය වත්කමක්‌ ලෙස පොත්වල සටහන්‌ නොකළ අතර එය හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම්‌ තුලින්‌ ගලපන ලදී. භානුක, හේමක සහ ශානක 2013.04.01 ඳින සිට හවුල්‌ ව්‍යපාරයේ ලාහ අලාභ 2 : 2 : 1 අනුපාතයට බෙදා ගැනීමට එකග  විය.

17.2013.03.31 දිනට හවුල්‌ ව්‍යාපාරයේ හිම්කමේ වැඩි  විම කොපමණ ද?
(1) රු. 800000
(2) රු. 2000000
(3) රු. 2800000
(4) රු. 3200000
(5) රු. 4400000

18 / 30

Category: Accounting 2013

•ප්‍රශ්න අංක 16, 17 සහ 18 ට පිළිතුරැ සැපයිමට පහත සඳහන්‌ තොරතුරැ භාවිත කරන්න.
භානුක සහ හේමක පිළිවෙළින්‌ රු. 3 000000 ක්‌ සහ රු. 4000000 ක්‌ ප්‍රාග්ධනය ලෙස ආයෝජනය කරමින්‌ හවුල්‌ ව්‍යාපාරයක්‌ 2012.04.01 ඳින ආරම්භ කරන ලදී. ඔවුන්‌ පහත සඳහන්‌ කොන්දේසිවලට එකග  විය.

•භානුක සහ හේමක පිළිවෙළින්‌ රු. 450000 ක සහ රු. 750000 ක වාර්ෂික වැටුපකට හිමිකම්‌ ලබයි .
•සෑම හවුල්කරුවකුට ම ප්‍රාග්ධනය මත වාර්ෂිකව 10% ක පොලියක්‌ හිම්‌ වේ.
•භානුක සහ හේෙමක අතර ලාභඅලාහ සම සමව බෙදා ගනු ලබසි.

2013.03.31 දිනෙන්‌ අවසන්‌ වර්ෂය තුළ හවුල්‌ ව්‍යාපාරය රු. 2400000 ක ලාභයක්‌ ලැබීය. හවුල්කරුවන්ට හිමි වැටුප්‌ සහ පොලී වර්ෂය තුළ දී මුදලින්‌, ලබා ගෙන නොමැත. 2013.03.31 දින ශානක හවුල්කරුවකු ලෙස ව්‍යාපාරයට බඳවා ගන්නා ලදී. ඔහු විසින්‌ ප්‍රාග්ධනය ලෙස රු. 2000000 ක්‌ ගෙන එන ලදී. මෙදින හවුල්‌ ව්‍යාපාරයේ කීර්තිනාමය රු. 800000 ක්‌ ලෙස ඇස්තමේන්තු කරන ලදී. කීර්තිනාමය වත්කමක්‌ ලෙස පොත්වල සටහන්‌ නොකළ අතර එය හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම්‌ තුලින්‌ ගලපන ලදී. භානුක, හේමක සහ ශානක 2013.04.01 ඳින සිට හවුල්‌ ව්‍යපාරයේ ලාහ අලාභ 2 : 2 : 1 අනුපාතයට බෙදා ගැනීමට එකග  විය.

18.2013.04.01 දිනට හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම්වල ශේෂයන්‌ කොපමණ ද?
භානුක (රැ)                  හේමක (රැ)                           ශානක (රැ)
(1) 3080000                   4080000                          1840 000
(2) 3320000                   4320000                           2160 000
(3) 3380000                   4480000                           2040 000
(4) 3300000                   4400000                           2000 000
(5) 3400000                    4400000                          2000 000

19 / 30

Category: Accounting 2013

19.හිමිකම්‌ කොටස්‌ නිකුතුවක දී සියලු ම හිම්කම්‌ දැනට සිටින කොටස්කරුවන්‌ විසින්‌ භාවිත කළේ නම්‌, සමාගමේ වත්කම්‌ සහ හිමිකම්වල වටිනාකමට ඇනිවන බලපෑම කුමක්‌ ද?
වත්කම්‌                                         හිමිකම්‌

 (1) වැඩි වේ.                                           වැඩි වේ.
(2) අඩු වේ.                                             අඩු වේ.
(3) අඩු වේ.                                             වැඩි වේ.
(4) වැඩි වේ.                                            අඩු වේ.
(5) වෙනස් නොවේ.                                වෙනස් නොවේ.

20 / 30

Category: Accounting 2013

20.පහත දැක්වෙන කුමන දෑ සමාගමක හම්කමේ සංරචක ලෙස හඳුනාගනු ලබයි.
A - ඉඩම්‌ ප්‍රත්‍යාගණන සංචිතය
B - ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල්‌
C - ක්ෂය සඳහා වෙන්‌ කිරීම
D - රඳවාගත්‌ ඉපැයුම්‌
(1) A හා C පමණි.
(2) A හා D පමණි.
(3) B හා D පමණි.
(4) C හා D පමණි.
(5) A  , B හා C පමණි.

21 / 30

Category: Accounting 2013

21.පහත තොරතුරු 2013.03.31 ඳිනෙන්‌ අවසන්‌ වසර සඳහා සමාගමකට අදාළ වේ.

                                                                                          රු '000

        වර්ෂය සඳහා ලාභය                                                        850
        ක්ෂය                                                                             120
        ගොඩනැගිල්ල විකිණීමේ ලාභය                                     50
        තොග වැඩි ව්ම්                                                               20
        ණයගැතියො අඩු ව්ම්                                                     40
(1) රු. 760 000
(2) රු .800 000
(3) රු. 900 000
(4) රු.920 000
(5) රු. 940 000

22 / 30

Category: Accounting 2013

22.පහත සඳහන්‌ කුමන සිද්ධින්  සමාගමක මුල්‍ය ප්‍රකාශනවල වගකිම්‌ සඳහා ප්‍රනිපාදනයක්‌ හඳුනා ගැනීමට තුඩු දේ ද?
A - දෝෂ අළුත්වැඩියා කිරීමේ වසරක වගකීම්‌ සහතිකයක්‌ සහිතව හාණ්ඩ විකිණිම.
B - වර්‌ නුයේ වෙළඳ ණයගැති ශේෂය මත අඩමාන ණය සඳහා වෙන්‌ කිරීම.
C - නික අවශ්‍යතාවක්‌ නොමැති වුවත්‌ නිෂ්පාදන ක්‍රියාවලිය හේතුවෙන්‌ සිදු වූ පාරිසරික භානිය අවම කිරීම අවශ්‍ය වීම.

(1) A  පමණි.
(2) B පමණි.
(3) A හා c පමණි.
(4)  B හා  C  පමණි
(5) A , B හා C යන සියල්ල ම ඇත.

23 / 30

Category: Accounting 2013

23.සීමිත නන්දන පොදු සමාගමේ 2013.03.31 දිනෙන්‌ අවසන්‌ වර්ෂය සඳහා මුල්‍ය ප්‍රකාශන අධාක්ෂකවරුන්‌ විසින්‌ 2013.05.31 දින අනුමත කරන ලදී. සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීම 2013.06.15 දින පවත්වන ලදී. 2013.03.31 ඳිනට පසුව සමාගමට අදාළව පහත සිද්ධීන්‌ ඇති විය.
A - කොළඹ සුරැකුම්පත්‌ හුවමාරුවේ ලැයිස්තුගත සමාගම්වල, සමාගම විසින්‌ කළ ආයෙරජනවල වෙළෙඳපොළ අගය 2013.04.01 ඳින සිට 2013.04.20 ඳින දක්වා අඩු වීම.
B - 2012.10.01 ඳින සමාගමට එදිරිව නඩුවක්‌ ගොනු කළ ප්‍රධාන ගනුදෙනුකරුවකු වෙත සමාගම විසින්‌ චන්දි ගෙවිය යුතු යැයි 2013.04.30 දින උසාවිය විසින්‌ තීන්දු කිරීම
C - 2013.03.31 ඳිනෙන්‌ අවසන්‌ වර්ෂය සඳහා කොටසකට රු.2 ක අවසන්‌ ලාභාංශයක්‌ 2013.06.10 දින ප්‍රකාශයට පත්‌ කිරීම්‌
D - 2013.03.31 ඳිනට පැවනි තොගය එහි පිරිවැයට වඩා අඩු මිලකට 2013.05.25 දින විකිණීම.
ඉහත කුමන  සිද්ධීන්‌ 2012.02.31 දිනට මූල්‍ය ප්‍රකාශනවල ගැලපිය යුතු ද?
(1) A හා C  පමණි .
(2) A හා C  පමණි.
(3) A හා C  පමණි.
(4)  B , C  හා D  පමණි.
(5) A , B , C  හා D යන සියල්ල ම.

24 / 30

Category: Accounting 2013

24.වෙළඳ ව්‍යාපාරයක යෙදෙන සමාගමක ජංගම අනුපාතය 3:1 ක්‌ වේ. සමාගමේ පහත කුමන ගනුදෙනුව මෙම අනුපාතයට  අඩු වීමට බලපානු ලබයි ද?
(1) දිගු කාලීන ණයක්‌ ලබා ගැනීම.
(2) ලාභයක්‌ සහිතව තොග ණයට විකිණිම.
(3) යන්ත්‍රයක්‌ අත්පිට මුදලට මිල දී ගැනීම.
(4) ණයගැතියන්ගෙන්‌ මුදල්‌ ලැබීම.
(5) ණයහිමියන්ට මුදල්‌ ගෙවීම.

25 / 30

Category: Accounting 2013

25.පහත තොරතුරු සමාගමක 2013.03.31 ඳිනෙන්‌ අවසන්‌ වර්ෂය සඳහා අදාළ වේ.
                                                                                           රු.”000
විකුණුම්‌                                                                                 900
විකුණුම්‌ පිරිවැය                                                                     600
2012.04.01 දිනට තොගය                                                  125
2013.03.31 දිනට තොගය                                                  175

වර්ෂයක්‌ සඳහා වැඩි  කරන දින 360 ක්‌ බව උපකල්පනය කරන්න.
2013.03.31 දිනෙන්‌ අවසන්‌ වර්ෂය සඳහා සමාගමේ තොග රැඳවුම්‌ කාලය:
(1) දින 60
(2) දින 70
(3) දින 75
(4) දින 90
(5). දින 105

26 / 30

Category: Accounting 2013

26.ආයතනයක්‌ භාවිත කරනු ලබන අමුද්‍රව්‍යයකට අදාළව පහත තොරතුරු දී ඇත.

                                                               උපරිම               අවම

   පරිභෝජනය (ඒකක)                            600                  200
  පොරොත්තු කාලය (සති)                         6                         3

මෙම අමුද්‍රව්‍යයේ අවම තොග මට්ටම කොපමණ ද?
(1) ඒකක      600
(2) ඒකක   1 800
(3) ඒකක   3 000
(4) ඒකක   3 600
(4) ඒකක   4 400

27 / 30

Category: Accounting 2013

27.සමාගමක්‌ විසින්‌ නිපදවන ණ්ඩයකට අදාළව පහත තොරතුරු සපයා ඇත.
ප්‍රාථමික පිරිවැය                                                                            රු. 600 000
අයවැයගත පොදු කාර්ය පිරිවැය - නිෂ්පාදන දෙපාර්තමේන්තු        රු.  350 000
                                                  - සේවා දෙපාර්තමේන්තු             රු.    50 000

නිෂ්පාදන ඒකක සංඛ්‍යාව                                                          ඒකක 75 000
අයවැයගත යන්ත්‍ර පැය                                                                        50 000 (ඒකකයකට යන්ත්‍ර පැය : 5)
යන්ත්‍ර පැයකට පොදු කාර්යය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය සහ  ඒකකයක  නිෂ්පාදන පිරිවැය වන්නේ :
යන්ත්‍ර පැයකට පොදු කාරය පිරිවැය                       ඒකකයක නිෂ්පාදන
අන්තර්ග්‍රහණ අනුපාතය (රු )                                  පිරිවැය(රු )

(1)            6                                                               38
(2)           7                                                                43
(3)           7                                                                15
(4)           8                                                               16
(5)           8                                                               48

28 / 30

Category: Accounting 2013

•ප්‍රශ්න අංක 28 සහ 29 ට පිළිතුරු සැපයීම ඉහත තොරතුරු භාවිත කරන්න.
සමාගමක්‌ 2013.04.01 දින තනි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම ආරම්භ කරන ලද අතර එම භාණ්ඩ ඒකකයක්‌ රු. 200 බැගින්‌ විකුණනු ලබයි. 2013:03:31 දිනෙන්‌ අවසන්‌ වර්ෂය සඳහා දරණ ලද පිරිවැය පහත පරිදි වේ.
ඒකකයක විචල්‍ය පිරිවැය:
                සෘඡු ද්‍රව්‍ය                                                                  රු.40
                සෘඡු  ශ්‍රමය                                                                රු.25
               නිෂ්පාදන පොදු කාර්යය                                            රු.20
               විකුණුම්‌ හා බෙදාහැරීමේ පොදු කාර්යය                     රු.15
වාර්ෂික ස්ථාවර පිරිවැය:
                නිෂ්පාදන පොදු කාර්යය                                                   රු. 200000
                විකුණුම්‌ හා බෙදාහැරීමේ පොදු කාර්යය                          රු. 350000
නිෂ්පාදනය                                                                                     ඒකක 20000
ඒකකයක ප්‍රාථමික පිරිවැය සහ ඒකක 20000 දී මුළු නිෂ්පාදන පිරිවැය පිළිවෙළින්‌:
(1) රු. 65 සහ රු. 1500000
(2) රු. 65 සහ රු. 1900000
(3) රු. 85 සහ රු. 1900000
(4) රු. 85 සහ රු. 2200000
(5) රු. 100 සහ රු. 2200000

29 / 30

Category: Accounting 2013

•ප්‍රශ්න අංක 28 සහ 29 ට පිළිතුරු සැපයීම ඉහත තොරතුරු භාවිත කරන්න.
සමාගමක්‌ 2013.04.01 දින තනි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම ආරම්භ කරන ලද අතර එම භාණ්ඩ ඒකකයක්‌ රු. 200 බැගින්‌ විකුණනු ලබයි. 2013:03:31 දිනෙන්‌ අවසන්‌ වර්ෂය සඳහා දරණ ලද පිරිවැය පහත පරිදි වේ.
 ඒකකයක විචල්‍ය පිරිවැය:
                සෘඡු ද්‍රව්‍ය                                                                  රු.40
                සෘඡු  ශ්‍රමය                                                                රු.25
                නිෂ්පාදන පොදු කාර්යය                                            රු.20
                විකුණුම්‌ හා බෙදාහැරීමේ පොදු කාර්යය                     රු.15
වාර්ෂික ස්ථාවර පිරිවැය:
                නිෂ්පාදන පොදු කාර්යය                                                   රු. 200000
                විකුණුම්‌ හා බෙදාහැරීමේ පොදු කාර්යය                          රු. 350000
නිෂ්පාදනය                                                                                     ඒකක 20000
ඒකකයක දායකය සහ ඒකක 20000 දී ලාභය පිළිවෙළින්‌:
(1) රු. 90 සහ රු. 1250000
(2) රු. 100 සහ රු. 1450000
(3) රු. 115 සහ රු. 1750000
(4) රු. 125 සහ රු. 1950000
(5) රු. 135 සහ රු. 2 150000

30 / 30

Category: Accounting 2013

30.අනෙකුන්‌ සාධක ස්ථාවරව පවතිද්දී විකුණුම්‌ මිලෙහි අඩු වීමක්‌ සහ ස්ථාවර පිරිවැයෙහි වැඩිවීමක් සිදුවන විට පහත කුමන ප්‍රකාශ නිවැරැදි වේ  ද?
A  - සමවිඡේද ලක්ෂ්‍යයෙහි වෙනසක්‌ සිදු නොවේ.
B - සමවිඡේද ලක්ෂ්‍යය අඩු වේ.
C - සමව්ජේද ලක්ෂ්‍යය වැඩි වේ.
D- ලාභය අඩු වේ.
E - දායකය අඩු වේ.
(1) A හා B පමණි
(2) A , B හා E පමණි
(3) A , B , C හා Dපමණි.
(4) C හා D පමණි.
(5) C , D හා E පමණි

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 0%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!