2014 ආර්ථික විද්‍යාව බහුවරණ ප්‍රශ්න

0%
3

Past Papers | Economics

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2014 - ආර්ථික විද්‍යාව

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 2 යි)

1 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින්‌ නිවැරදි හෝ ඉතාමත්‌ගැළපෙන
හෝ පිළිතුර තෝරන්න.

1 / 50

Category: Economic 2014 Sinhala Medium

01. ආර්ථික විද්‍යාවේ දී හදාරනු ලබන්නේ,

(1) සම්පත්‌ හිඟකම හා පූර්ණ සේවා නියුක්තිය පිළිබඳව ය.
(2) සම්පත්‌ හිඟකම හා නිෂ්පාදනය පිළිබඳව ය.
(3) සම්පත්‌ හිඟකම හා තෝරාගැනීම පිළිබඳව ය.
(4) සම්පත්‌ හිඟකම හා කාර්යක්ෂමතාව පිළිබඳව ය.
(5) සම්පත්‌ හිඟකම හා ආදේශකතාව පිළිබඳව ය.

2 / 50

Category: Economic 2014 Sinhala Medium

02. ආර්ථික විද්‍යාවේ දී ආවස්ථික පිරිවැය වශයෙන්‌ නිර්චචනය කරන්නේ,

(1) යමක්‌ ලබා ගැනීම වෙනුවෙන්‌ කැප කළ අනෙකුත්‌ අවස්ථායි.
(2) යමක්‌ ලබා ගැනීම සඳහා වැය වූ මූල්‍ය පිරිවැයයි.
(3) යමක්‌ ලබා ගැනීම සඳහා ගත වූ කාලයේ පිරිවැයයි.
(4) යමක්‌ ලබා ගැනීම සඳහා වැය වූ ස්ථාවර හා විචල්‍ය පිරිවැයේ එකතුවයි.
(5) යමක්‌ ලබා ගැනීම වෙනුවෙන්‌ අත්හරින ලද හොඳම විකල්පයේ වටිනාකමයි.

3 / 50

Category: Economic 2014 Sinhala Medium

03. පහත දැක්වෙන දෑ අතුරෙන්‌ ආර්ථික භාණ්ඩයක ලක්ෂණ නිවැරදි ව පිළිබිඹු කරන පිළිතුර තෝරන්න.

A - නිෂ්පාදන පිරිවැයක්‌ පැවතීම               B - ආවස්ථික පිරිවැයක්‌ පැවතීම
C - පාරිභෝගිකයා විසින්‌ වියදමක්‌ දැරීම   D - අඩුවන ආන්තික පිරිවැයක්‌ පැවතීම

(1) A සහ B ය.
(2) A සහ C ය.
(3) A, B සහ C ය.
(4) A, C සහ D ය.
(5) B, C සහ D ය.

4 / 50

Category: Economic 2014 Sinhala Medium

04. වෙළෙඳපොළ ආර්ථිකයක මිලෙහි කාර්යයන්‌ වන්නේ,

(1) සලාක කිරීම සහ වටිනාකමේ සන්නිධියක්‌ ලෙස කටයුතු කිරීම ය.
(2) සංඥා සැපයීම, සානුබල සැපයීම සහ වටිනාකමේ මිනුමක්‌ ලෙස ක්‍රියා කිරීම‌ ය.
(3) සංඥා සැපයීම, සානුබල සැපයීම සහ වටිනාකමේ සන්නිධියක්‌ ලෙස කටයුතු කිරීම ය.
(4) සානුබල සැපයීම සහ වටිනාකමේ මිනුමක්‌ ලෙස ක්‍රියා කිරීම ය.
(5) සංඥා සැපයීම, සානුබල සැපයීම සහ සලාක කිරීම ය.

5 / 50

Category: Economic 2014 Sinhala Medium

05. වෙළෙඳපොළ ආර්ථිකයක පුද්ගල ආදායම තීරණය වනුයේ,

(1) රජයේ සාධක මිල ප්‍රතිපත්තිය සහ පිහිටාධාර මත ය.
(2) සාධක වෙළෙඳපොළේ සාධක මිල සහ පෞද්ගලික ආදායම්‌ බදු මත ය.
(3) සාධක වෙළෙඳපොළේ සාධක මිල සහ රජයේ වැටුප්‌ ප්‍රතිපත්තිය මත ය.
(4) සාධක වෙළෙඳපොළේ සාධක සඳහා පැවති මිල සහ එම මිලට හුවමාරු වන ප්‍රමාණය මත ය.
(5) දේපළ හිමිකම සහ සාධක වෙළෙඳපොළේ සාධක මිල මත ය.

6 / 50

Category: Economic 2014 Sinhala Medium

06. නිෂ්පාදන හැකියා මායිමෙන්‌ ඇතුළත ලක්ෂ්‍යයකින්‌ පෙන්වන්නේ, 

(1) සේවා වියුක්තියයි.
(2) සම්පත්‌ හිඟකමයි.
(3) යල්පැන ගිය තාක්ෂණයයි.
(4) සම්පත්‌ අධි භාවිතයයි.
(5) නුපුහුණු ශ්‍රමය පැවතීමයි.

7 / 50

Category: Economic 2014 Sinhala Medium

07. කිසියම්‌ භාණ්ඩයක්‌ සම්බන්ධයෙන්‌ ඉල්ලුම්‌ සමීකරණය පහත දී ඇත.
                                    Qd = 200 - 8P

මෙම භාණ්ඩයේ මිල රු. 10 ක්‌ වන විට මිල ඉල්ලුම්‌ නම්‍යතා සංගුණකයේ වටිනාකම කුමක්‌ ද?

(1) - 6.0 කි.
(2) - 0.66 කි.
(3) - 0.06 කි.
(4) + 0.06 කි.
(5) + 0.66 කි.

8 / 50

Category: Economic 2014 Sinhala Medium

08. මිල ඉල්ලුම්‌ නම්‍යතාවෙන්‌ මනිනු ලබන්නේ,

(1) ඉල්ලුම තීරණය කරන සාධකයක වෙනසට ඉල්ලුම්‌ ප්‍රමාණය දක්වන ප්‍රතිචාරයයි.
(2) භාණ්ඩයක මිලෙහි සාපේක්ෂ වෙනසකට ඉල්ලුම්‌ ප්‍රමාණය දක්වන ප්‍රතිචාරයයි.
(3) යම්‌ භාණ්ඩයක ඉල්ලුම්‌ ප්‍රමාණය වෙනත්‌ භාණ්ඩයක මිලෙහි ඇතිවන වෙනසට දක්වන ප්‍රතිචාරයයි.
(4) නිෂ්පාදන සාධකයක මිලෙහි ඇතිවන සාපේක්ෂ වෙනසකට ඉල්ලුම්‌ ප්‍රමාණය දක්වන ප්‍රතිචාරයයි.
(5) මිලෙහි සාපේක්ෂ වෙනසකට ඉල්ලුම්‌ ප්‍රමාණයේ ඇතිවන ඉහළ යාමයි.

9 / 50

Category: Economic 2014 Sinhala Medium

09. සැපයුම්කරුවකු තම භාණ්ඩයේ මිල 10%කින්‌ ඉහළ දැමීම මගින්‌ අයභාරය ඉහළ දමා ගැනීමට බලාපොරොත්තු වේ. මෙම අරමුණ ඉටුකර ගැනීමට නම්‌ වඩාත්‌ යෝග්‍ය වන්නේ, 

(1) මිල ඉල්ලුම්‌ නම්‍යතාව එකට වඩා අඩු විය යුතු වීම ය.
(2) මිල ඉල්ලුම්‌ නම්‍යතාව එකට වඩා වැඩි විය යුතු වීම ය.
(3) මිල ඉල්ලුම්‌ නම්‍යතාව එකට සමාන විය යුතු වීම ය.
(4) සැපයුමෙහි මිල නම්‍යතාව ශුන්‍ය විය යුතු වීම ය.
(5) සැපයුමෙහි මිල නම්‍යතාව පූර්ණ නම්‍ය විය යුතු වීම ය.

10 / 50

Category: Economic 2014 Sinhala Medium

10. අර්තාපල්‌ සහ බී ලූණු වැනි කෘෂිකාර්මික භාණ්ඩවල වෙළෙඳපොළ මිල වසරේ සමහර කාලචල දී ඉහළ මට්ටමකත්‌, සමහර කාලවල දී පහළ මට්ටමකත්‌ පවතී. එසේ විමට ප්‍රධාන හේතුව වන්නේ,

(1) අනම්‍ය ඉල්ලුමක්‌ සහ නම්‍ය සැපයුමක්‌ පැවතීමයි.
(2) නම්‍ය ඉල්ලුමක්‌ සහ නම්‍ය සැපයුමක්‌ පැවතීමයි.
(3) අනම්‍ය ඉල්ලුමක්‌ සහ අනම්‍ය සැපයුමක්‌ පැවතීමයි.
(4) නම්‍ය ඉල්ලුමක්‌ සහ අනම්‍ය සැපයුමක්‌ පැවතීමයි.
(5) පූර්ණ නම්‍ය ඉල්ලුමක්‌ සහ පූර්ණ අනම්‍ය සැපයුමක්‌ පැවතීමයි.

11 / 50

Category: Economic 2014 Sinhala Medium

11. කිසියම්‌ භාණ්ඩයක ඉල්ලුම්‌ සහ සැපයුම්‌ තොරතුරු පහත වගුවෙන්‌ දැක්වේ.

ඉල්ලුම සහ සැපයුම්‌ වක්‍ර සරල රේඛීය යැ'යි උපකල්පනය කරන්න. මෙම භාණ්ඩයේ සමතුලිත මිල හා ප්‍රමාණය නිවැරදි ව දැක්වෙන පිළිතුර කුමක්‌ ද?

මිල
(රු.)
ප්‍රමාණය
(ඒකක)
(1) 50 500
(2) 60 400
(3) 60 600
(4) 65 300
(5) 70 500

 

12 / 50

Category: Economic 2014 Sinhala Medium

12. දෙන ලද භාණ්ඩයක සැපයුම්‌ සමීකරණය Qs = 100 + 10P ලෙස දී ඇතැයි සිතන්න. මෙම භාණ්ඩය මත රුපියල්‌ පහක (රු. 5) ඒකක බද්දක්‌ පනවන ලදී. බද්දෙන්‌ පසු සැපයුම්‌ සමීකරණය වන්නේ,

(1) Qs = 50 + 10P වේ.
(2) Qs = 100 + 5P වේ.
(3) Qs = 100 + 15P වේ.
(4) Qs = 100 + 50P වේ.
(5) Qs = 500 + 50P වේ.

13 / 50

Category: Economic 2014 Sinhala Medium

13. ආයතනයක කෙටිකාලීන නිෂ්පාදන ශ්‍රිතයෙහි ආන්තික ඵලදාව ශූන්‍ය වන විට,

(1) මුළු ඵලදාව උපරිම වේ.
(2) සාමාන්‍ය ඵලදාව උපරිම වේ.
(3) සාමාන්‍ය පිරිවැය අවම වේ.
(4) ආන්තික පිරිවැය අවම වේ.
(5) ආන්තික ඵලදාව සාමාන්‍ය ඵලදාවට සමාන වේ.

14 / 50

Category: Economic 2014 Sinhala Medium

14. 'පරිමාණානුකූල ඵල නීතිය' යන්නෙන්‌ අදහස්‌ කෙරෙනුයේ,

(1) යෙදවුම්වල මිල වෙනස්වන විට ආයතනයක මුළු නිමවුම වෙනස්‌ වන ආකාරයයි.
(2) අවම වශයෙන්‌ එක්‌ යෙදවුමක්‌ ස්ථාවර ව තිබිය දී විචල්‍ය යෙදවුම්‌ වෙනස්‌ කරන විට ආයතනයක මුළු නිමවුම වෙනස්‌ වන ආකාරයයි.
(3) තාක්ෂණය වෙනස්වන චිට ආයතනයක මුළු නිමවුම වෙනස්වන ආකාරයයි.
(4) යෙදවුම්වල ගුණාත්මකභාවය වෙනස්වන විට ආයතනයක මුළු නිමවුම වෙනස්‌ වන ආකාරයයි.
(5) ආයතනයක සියලු යෙදවුම්‌ වෙනස්වන විට මුළු නිමවුම වෙනස්‌ වන ආකාරයයි.

15 / 50

Category: Economic 2014 Sinhala Medium

15. කෙටිකාලයේ දී ආයතනයක මුළු පිරිවැය වක්‍රයෙහි හැඩය තීරණය වන්නේ,

(1) සාමාන්‍ය ස්ථාවර පිරිවැයෙහි හැසිරීම මත ය.
(2) තාක්ෂණය වෙනස්වන ආකාරය මත ය.
(3) සාමාන්‍ය මුළු පිරිවැයෙහි හැසිරීම මත ය.
(4) මුළු විචල්‍ය පිරිවැයෙහි හැසිරීම මත ය.
(5) පරිමාණානුකූල ඵල හැසිරීම මත ය.

16 / 50

Category: Economic 2014 Sinhala Medium

16. ආයතනයක නිමවුම වැඩි කිරීමත්‌ සමඟ සාමාන්‍ය ස්ථාවර පිරිවැය අඛණ්ඩ ව පහත වැටෙන නමුදු එය ශුන්‍ය නොවන්නේ,

(1) මුළු පිරිවැය වෙනස්‌ නොවන බැවිනි.
(2) විචල්‍ය පිරිවැයක්‌ පවතින බැවිනි.
(3) සාමාන්‍ය පිරිවැයක්‌ පවතින බැවිනි.
(4) ආන්තික පිරිවැයක්‌ පවතින බැවිනි.
(5) ස්ථාවර පිරිවැයක්‌ පවතින බැවිනි.

17 / 50

Category: Economic 2014 Sinhala Medium

17. ආයතනයක කෙටිකාලීන සැපයුම්‌ වක්‍රය වන්නේ, 

(1) ආන්තික පිරිවැය වක්‍රයේ සාමාන්‍ය විචල්‍ය පිරිවැය ඉක්ම වූ කොටසයි.
(2) සාමාන්‍ය විචල්‍ය පිරිවැය වක්‍රයේ ඉහළ යන කොටසයි.
(3) ආන්තික පිරිවැය වක්‍රයේ ඉහළ යන කොටසයි.
(4) සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රයේ ඉහළ යන කොටසයි.
(5) ආන්තික පිරිවැය වක්‍රයේ සාමාන්‍ය මුළු පිරිවැය ඉක්ම වූ කොටසයි.

18 / 50

Category: Economic 2014 Sinhala Medium

18. සමජාතීය හෝ ප්‍රභේදිත භාණ්ඩ සපයන විශාල ආයතන ස්වල්ප සංඛ්‍යාවක්‌ සිටින විට එය,

(1) ද්විඅධිකාරී වෙළෙඳපොළකි.
(2) ඒකාධිකාරී තරග වෙළෙඳපොළකි.
(3) පූර්ණ තරගකාරී වෙළෙඳපොළකි.
(4) කතිපයාධිකාරී වෙළෙඳපොළකි.
(5) ඒකාධිකාරී වෙළෙඳපොළකි.

19 / 50

Category: Economic 2014 Sinhala Medium

19. පූර්ණ තරගකාරී ආයතනයක්‌ මුහුණ දෙන ඉල්ලුම්‌ වක්‍රය පූර්ණ නම්‍ය ඉල්ලුම්‌ වක්‍රයක්‌ වන්නේ,

(1) වෙළෙඳපොළේ සමජාතීය භාණ්ඩ අලෙවි කරන බැවිනි.
(2) සැපයුම්කරු මිල තීරණය කරන්නකු බැවිනි.
(3) සැපයුම්කරු මිල ගනුවකු බැවිනි.
(4) සැපයුම්කරුට අවශ්‍ය තොරතූරු නොලැබෙන බැවිනි.
(5) ප්‍රචාරණ කටයුතු සිදු නොකරන බැවිනි.

20 / 50

Category: Economic 2014 Sinhala Medium

20. ඒකාධිකාරී ආයතනයකට තීරණය කළ හැකිවන්නේ, 

(1) භාණ්ඩයක මිල පමණි.
(2) භාණ්ඩයක මිල හෝ සැපයුම්‌ ප්‍රමාණය හෝ පමණි.
(3) භාණ්ඩයක සැපයුම්‌ ප්‍රමාණය පමණි.
(4) භාණ්ඩයක මිල හා සැපයුම්‌ ප්‍රමාණය යන දෙකම වේ.
(5) භාණ්ඩයක නිෂ්පාදන පිරිවැය හා සැපයුම්‌ ප්‍රමාණය යන දෙකම වේ.

21 / 50

Category: Economic 2014 Sinhala Medium

21. ආයතනයක සමතුලිතය තීරණය වීමේ දී ඉටුවිය යුතු කොන්දේසිය වන්නේ,

(1) ආන්තික පිරිවැය වැඩි වෙමින්‌ පවතින අවධියේ දී ආන්තික අයභාරය ආන්තික පිරිවැයට සමාන වීමයි.
(2) ආන්තික පිරිවැය අඩු වෙමින්‌ පවතින අවධියේ දී ආන්නික අයභාරය ආන්තික පිරිවැයට සමාන වීමයි.
(3) ආන්තික පිරිවැය අවම වන ලක්ෂ්‍යයේ දී ආන්තික අයභාරය ආන්තික පිරිවැයට සමාන වීමයි.
(4) සාමාන්‍ය පිරිවැය වැඩිවෙමින්‌ පවතින අවධියේ දී ආන්තික අයභාරය ආන්තික පිරිවැයට සමාන වීමයි.
(5) සාමාන්‍ය පිරිවැය අඩුවෙමින්‌ පවතින අවධියේ දී ආන්තික අයභාරය ආන්තික පිරිවැයට සමාන වීමයි.

22 / 50

Category: Economic 2014 Sinhala Medium

22. ව්‍යාපාර වක්‍රයක පතුලෙහි සිට මුදුනත දක්වා ගමන්‌ කරන විට දැකිය හැකි ලක්ෂණ වන්නේ,

(1) සත්‍ය නිමවුම වැඩි වීම, උද්ධමනය සහ සේවා වියුක්තිය අඩු වීම ය.
(2) සත්‍ය නිමවුම වැඩි චීම, සේවා නියුක්තිය සහ උද්ධමනය අඩු වීම ය.
(3) සත්‍ය නිමවුම වැඩි වීම, සේවා නියුක්තිය සභ උද්ධමනය වැඩි වීම ය.
(4) විභව නිමවුම වැඩි වීම, උද්ධමනය අඩු වීම සහ සේවා වියුක්තිය වැඩි වීම ය.
(5) සත්‍ය නිමවුම වැඩි වීම, විභව නිමවුම වැඩි වීම සහ උද්ධමනය අඩු වීම ය.

23 / 50

Category: Economic 2014 Sinhala Medium

23. කල්පිත ආර්ථිකයක ජාතික ආදායම සම්බන්ධ දත්ත පහත දැක්වේ. (සියලු ම අගයන්‌ රුපියල්‌ මිලියනවලිනි)

 පෞද්ගලික පරිභෝජන වියදම  1200
 පෞද්ගලික ආයෝජන වියදම     400
 රජයේ මිල දී ගැනීම්‌                    300
 අපනයන ඉපයුම්‌                         180
 දළ දේශීය නිෂ්පාදිතය               1920

මෙම ආර්ථිකයේ වෙළෙඳ ශේෂයේ අගය කුමක්‌ ද?

(1) රුපියල්‌ මිලියන - 160 කි.
(2) රුපියල්‌ මිලියන - 20 කි.
(3) රුපියල්‌ මිලියන 20 කි.
(4) රුපියල්‌ මිලියන 80 කි.
(5) රුපියල්‌ මිලියන 160 කි.

24 / 50

Category: Economic 2014 Sinhala Medium

24. කල්පිත ආර්ථිකයක නාමික දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන වේගය 13.5% ක්‌ ද, උද්ධමන අනුපාතිකය 6% ක්‌ ද, ජනගහන වර්ධන අනුපාතිකය 1.2% ක්‌ ද යැ'යි සිතන්න. මෙම ආර්ථිකයේ මූර්ත ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය කුමක්‌ ද?

(1) - 1.2%  කි.
(2) 1.05% කි.
(3) 6.3%  කි.
(4) 7.05%  කි.
(5) 7.5%  කි.

25 / 50

Category: Economic 2014 Sinhala Medium

25. ආර්ථිකයක කිසියම්‌ වර්ෂයක දී දළ ජාතික නිෂ්පාදිතය ස්ථාවර මිල ගණන්‌ මත ගණනය කළ විට, එය පදනම්‌ වර්ෂයේ දළ ජාතික නිෂ්පාදිතයේ අගයට වඩා වැඩි විය හැක්කේ, 

(1) පොදු මිල මට්ටමේ පහළ යාමත්‌, සේවා වියුක්තියේ ඉහළ යාමත්‌ හේතුවෙනි.
(2) පොදු මිල මට්ටමේ ඉහළ යාමත්‌, නිමවුමේ පහළ යාමත්‌ හේතුවෙනි.
(3) පොදු මිල මට්ටමේ පහළ යාමත්‌, නිමවුමේ ඉහළ යාමත්‌ හේතුවෙනි.
(4) පොදු මිල මට්ටම, නිමවුම ඉහළ යන වේගයට වඩා වැඩි වේගයකින්‌ ඉහළ යාම හේතුවෙනි.
(5) පොදු මිල මට්ටමේ ඉහළ යාමත්‌, සේවා වියුක්තියේ පහළ යාමත්‌ හේතුවෙනි.

26 / 50

Category: Economic 2014 Sinhala Medium

26. මුදල්‌ සැපයුම සහ ආදායම පිළිබඳ නිවැරදි ප්‍රකාශය වන්නේ,

(1) මුදල්‌ සැපයුම හා ආදායම යන දෙක ම ප්‍රවාහයන්‌ හා තොගයන්‌ වීම ය.
(2) මුදල්‌ සැපයුම ප්‍රවාහයක්‌ වන අතර ආදායම තොගයක්‌ වීම. ය.
(3) මුදල්‌ සැපයුම හා ආදායම යන දෙක ම ප්‍රවාහයන්‌ වීම ය.
(4) මුදල්‌ සැපයුම හා ආදායම යන දෙක ම තොගයන්‌ වීම ය.
(5) මුදල්‌ සැපයුම තොගයක්‌ වන අතර ආදායම ප්‍රවාහයක්‌ වීම ය.

27 / 50

Category: Economic 2014 Sinhala Medium

27. රටක මුදල්‌ ඉල්ලුම තීරණය වන්නේ,

(1) පොලී අනුපාතිකය සහ අධිබලැති මුදල්‌ ප්‍රමාණය මත ය.
(2) මුදල්‌ ගුණකයේ අගය සහ පොලී අනුපාතිකය මත ය.
(3) පොලී අනුපාතිකය සහ සේවා වියුක්තිය මත ය.
(4) මූර්ත ආදායම සහ පොලී අනුපාතිකය මත ය.
(5) අධිබලැති මුදල්‌ ප්‍රමාණය සහ මුදල් ගුණකයේ අගය මත ය.

28 / 50

Category: Economic 2014 Sinhala Medium

28. මිල මට්ටමේ පහළ යාමකින්‌,

(1) මුදලේ වටිනාකමට බලපෑමක්‌ සිදු නොවේ.
(2) මුදලේ වටිනාකම වැඩි වේ.
(3) මුදලේ වටිනාකමට දිගුකාලීන බලපෑමක්‌ ඇති නොවේ.
(4) මුදලේ වටිනාකමට කෙටිකාලයේ දි කිසිදු බලපෑමක්‌ සිදු නොවේ.
(5) මුදලේ වටිනාකම අඩු වේ.

29 / 50

Category: Economic 2014 Sinhala Medium

29. ශ්‍රී ලංකාවේ මුදල්‌ සැපයුමේ M2b සකස්‌ වන්නේ,

(1) අධිබලැති මුදල්වලට විදේශ මුදල්‌ තැන්පතු එකතු වීමෙනි.
(2) ඉල්ලුම්‌ තැන්පතුවලට විදේශ මුදල්‌ තැන්පතු එකතු වීමෙනි.
(3) ස්ථාවර තැන්පතුවලට විදේශ මුදල්‌ තැන්පතු එකතු වීමෙනි.
(4) පටු මුදල්‌ සැපයුමට වාණිජ බැංකුවල කාලීන හා ඉතුරුම්‌ තැන්පතු එකතු වීමෙනි.
(5) පුළුල්‌ මුදල්‌ සැපයුමට විදේශ මුදල්‌ තැන්පතු එකතු වීමෙනි.

30 / 50

Category: Economic 2014 Sinhala Medium

30. විවෘත ආර්ථිකයක සාර්ව ආර්ථික ස්ථායිතාව වඩාත්‌ හොඳින්‌ පිළිබිඹු කරන්නේ,

(1) මිල මට්ටම සහ විදේශ විනිමය අනුපාතිකය මගිනි.
(2) මිල මට්ටම සහ සේවා නියුක්ති අනුපාතිකය මගිනි.
(3) විදේශ විනිමය අනුපාතිකය සහ සේවා නියුක්ති අනුපාතිකය මගිනි.
(4) ගෙවුම්‌ ශේෂය සහ විදේශ විනිමය අනුපාතිකය මගිනි.
(5) උද්ධමනය සහ සේවා වියුක්ති අනුපාතිකය මගිනි.

31 / 50

Category: Economic 2014 Sinhala Medium

31. ආර්ථිකයක පොලී අනුපාතිකය පහත හෙළීමෙන්‌ ළඟා කර ගැනීමට බලාපොරොත්තුවන සාර්ව ආර්ථික අරමුණක්‌ වන්නේ, 

(1) ආයෝජන වැඩි වී මිල මට්ටම ඉහළ ගොස්‌ පරිභෝජනය අඩු වීමයි.
(2) ආයෝජන ඉහළ යාම හේතුවෙන්‌ සමාහාර ඉල්ලුම ඉහළ ගොස්‌ ආර්ථිකයේ නිෂ්පාදනය වැඩි වීමයි.
(3) පරිභෝජනය සහ ආයෝජන ඉහළ ගොස්‌ ආයතන ලාභ ඉහළ යාමයි.
(4) ඉතුරුම්‌ වැඩි වී පරිභෝජනය අඩු වී රජයේ බදු ආදායම ඉහළ යාමයි.
(5) කොටස්‌ මිල ඉහළ ගොස්‌ ව්‍යාපාරික ලාභ වැඩි වී නව ආයෝජන බිහි වීමයි.

32 / 50

Category: Economic 2014 Sinhala Medium

32. ප්‍රසාරණාත්මක මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සඳහා උදාහරණ වන්නේ,

(1) ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වැඩි කිරීම සහ බදු අනුපාතික පහත හෙළීම ය.
(2) මහ බැංකුව විසින්‌ විවෘත වෙළෙඳපොළේ රජයේ සුරැකුම්පත්‌ විකිණීම සහ බදු අනුපාතික පහත හෙළීම ය.
(3) ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වැඩි කිරිම්‌ සහ රජයේ මිල දී ගැනීම්‌ ඉහළ දැමීම ය.
(4) මහ බැංකුව විසින්‌ විවෘත වෙළෙඳපොළේ රජයේ සුරැකුම්පත්‌ මිල දී ගැනීම සහ බදු අනුපාතික පහත හෙළීම ය.
(5) පොලී අනුපාතිකය ඉහළ දැමීම සහ රජයේ මිල දී ගැනීම්‌ ඉහළ දැමීම ය.

33 / 50

Category: Economic 2014 Sinhala Medium

33. පොදු භාණ්ඩ, වෙළෙඳපොළ ක්‍රමය මඟින්‌ සපයනු නොලබන්නේ,

(1) පරිභෝජනයේ දී පිරිවැයක්‌ ඇති වුව ද, ලාභයක්‌ ඉපයීමට නොහැකි නිසා ය.
(2) මිලක්‌ අය කළ නොහැකි වීම සහ පරිභෝජනයේ දී තරගකාරිත්වයක්‌ නොපැවතීම නිසා ය.
(3) මිලක්‌ නොගෙවන අය පරිභෝජනයෙන්‌ බැහැර කළ නොහැකි වීම සහ පරිභෝජනයේ දී තරගකාරිත්වයක්‌ නොපැවතීම නිසා ය.
(4) ලාභයක්‌ ඉපයිය හැකි වුව ද පරිභෝජනයේ දී පිරිවැයක්‌ පැවතීම නිසා ය.
(5) මිලක්‌ අය කළ හැකි වුවත්‌ එය පහසුවෙන්‌ ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම නිසා ය.

34 / 50

Category: Economic 2014 Sinhala Medium

34. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස මෑත වර්ෂවල දී පහත බැසීමේ උපනතියක්‌ පෙන්නුම්‌ කරයි." මෙයට ප්‍රධාන හේතුව වන්නේ, 

(1) දළ දේශීය නිෂ්පාදිතය ස්ථාවර ව පැවතිය දී රාජ්‍ය ණය පහළ යාම ය.
(2) රාජ්‍ය ණය පහළ යාම සහ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාම ය.
(3) රාජ්‍ය ණය සහ දළ දේශීය නිෂ්පාදිතය යන දෙක ම පහළ යාම ය.
(4) රාජ්‍ය ණය ස්ථාවර ව පැවතිය දී දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාම ය.
(5) රාජ්‍ය ණය ඉහළ යාමට වඩා දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාම ය.

35 / 50

Category: Economic 2014 Sinhala Medium

35. පෞද්ගලික ප්‍රතිලාභවලට වඩා වැඩි සමාජ ප්‍රතිලාභ පවතින්නේ,

(1) අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන සේවාවන්වල ය.
(2) යටිතල පහසුකම්‌ සහ පරිසර සංරක්ෂණ කටයුතුවල ය.
(3) වරාය සහ ගුවන්තොටුපල සේවාවන්වල ය.
(4) මහාමාර්ග සහ රෝහල්‌ සේවාවන්වල ය.
(5) ජාතික උද්‍යාන සහ පරිසර සංරක්ෂණ කටයුතුවල ය.

36 / 50

Category: Economic 2014 Sinhala Medium

36. නිෂ්පාදනය දිරිගන්වන සැපයුම්‌-පාර්ශවීය (supply - side) ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වන්නේ,

(1) නිෂ්පාදන සහනාධාර, නියාමනහරණය, බදු ප්‍රතිසංස්කරණ සහ ජනසතුකරණය ය.
(2) බදු ප්‍රතිසංස්කරණ, ජනසතුකරණය, නියාමනහරණය සහ ශ්‍රම හා ප්‍රාග්ධන වෙළෙඳපොළවල දෘඩතා ඉවත්‌ කිරිම ය.
(3) නියාමනකරණය, බදු ප්‍රතිසංස්කරණ, පරිපාලන හා සංවර්ධන කටයුතු පුළුල්‌ කිරීම සහ ශ්‍රම හා ප්‍රාග්ධන වෙළෙඳපොළවල ප්‍රතිසංස්කරණ කිරීම ය.
(4) නිෂ්පාදන සහනාධාර, පරිපාලන හා සංවර්ධන කටයුතු පුළුල්‌ කිරීම, නියාමනහරණය සහ වෙළෙඳ සීමා පැනවීම ය.
(5) බදු ප්‍රතිසංස්කරණ, පෞද්ගලීකරණය, නියාමනහරණය සහ ශ්‍රම හා ප්‍රාග්ධන වෙළෙඳපොළවල ප්‍රතිසංස්කරණ කිරීම ය.

37 / 50

Category: Economic 2014 Sinhala Medium

37. මෑත වර්ෂවල ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉහළ වර්ධන වේගයක්‌ වාර්තා කර ඇති අංශ වන්නේ,

(1) ප්‍රවාහනය, තොග හා සිල්ලර වෙළෙඳාම සහ තොරතුරු හා සන්නිවේදනය වේ.
(2) සංචාරක කර්මාන්තය, ඇඟලුම්‌ කර්මාන්තය සහ මැණික්‌ හා ස්වර්ණාභරණ වේ.
(3) ඉදිකිරීම්‌ කර්මාන්තය, හෝටල්‌ හා ආපනශාලා සහ පතල්‌ හා කැණීම්‌ වේ.
(4) ඉදිකිරීම්‌ කර්මාන්තය, ඇඟලුම්‌ කර්මාන්තය සහ තොග හා සිල්ලර වෙළෙඳාම වේ.
(5) හෝටල්‌ හා ආපනශාලා, සංචාරක කර්මාන්තය සහ ප්‍රවාහනය වේ.

38 / 50

Category: Economic 2014 Sinhala Medium

38. නිරපේක්ෂ සහ සාපේක්ෂ දරිද්‍රතා මැන බැලීම සඳහා යොදාගත හැකි දර්ශක දෙක පිළිවෙළින්‌,

(1) ජීනි සංගුණකය සහ ගෘහස්ත විදුලි පරිභෝජනයයි.
(2) ආදායමේ දශක කොටස්‌ (income percentiles) සහ ජිනි සංගුණකයයි.
(3) කුටුම්භ ආදායම්‌ මට්ටම සහ ආරක්ෂිත පානීය ජල සැපයුමයි.
(4) දරිද්‍රතා ඉම (poverty line) සහ ජිනි සංගුණකයයි.
(5) මාතෘ පෝෂණය සහ ආරක්ෂිත පානීය ජල සැපයුමයි.

39 / 50

Category: Economic 2014 Sinhala Medium

39. කිසියම්‌ භාණ්ඩයක වෙළෙඳපොළ සමතුලිතය සහ ආනයනික සැපයුම පහත රූප සටහනෙන්‌ දැක්වේ .

40 / 50

Category: Economic 2014 Sinhala Medium

40. පහත සඳහන්‌ කරුණු අතුරෙන්‌ රටවල්‌ අතර වෙළෙඳාමක්‌ හට ගැනීමට හේතුවක්‌ නොවන්නේ,

(1) රටවල්‌ අතර සාධක උරුමය වෙනස්‌ වීමයි.
(2) රටවල්‌ අතර විදේශ විනිමය අනුපාතික වෙනස්‌ වීමයි.
(3) රටවල්‌ අතර තාක්ෂණික දැනුම වෙනස්‌ වීමයි.
(4) නිෂ්පාදනයේ පරිමාණානුකූල ඵල පැවතීමයි.
(5) රටවල්‌ අතර පාරිභෝගික රුචිය සහ තෝරා ගැනීමේ වෙනස්‌ වීමයි.

41 / 50

Category: Economic 2014 Sinhala Medium

41. කිසියම්‌ ආර්ථිකයක්‌ පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වේ.

මෙම ආර්ථීකය පිළිබඳ නිවැරදි ප්‍රකාශය වන්නේ,

(1) ආර්ථික ප්‍රසාරණයක්‌ සමඟ ආදායම්‌ විෂමතාව අඩු වීමක්‌ ඇති බවයි.
(2) ආර්ථික සංකෝචනයක්‌ සමඟ ආදායම්‌ විෂමතාව වැඩි වීමක්‌ ඇති බවයි.
(3) ආර්ථික සංකෝචනයක්‌ සමඟ ආදායම්‌ විෂමතාව අඩු වීමක්‌ ඇති බවයි.
(4) ආර්ථික ප්‍රසාරණයක්‌ සමඟ ආදායම්‌ විෂමතාව වැඩි වීමක්‌ ඇති බවසි.
(5) ආර්ථික ප්‍රසාරණයක්‌ හෝ ආදායම්‌ විෂමතාවයේ අඩු වීමක්‌ නොමැති බවයි.

42 / 50

Category: Economic 2014 Sinhala Medium

42. තිරසාර සංවර්ධනයේ ප්‍රධාන පැතිකඬ වන්නේ,

(1) ආර්ථික සංවර්ධනය, අනාගත පරම්පරා සඳහා සම්පත්‌ ඉතිරි කිරීම සහ ආදායම්‌ විෂමතාව අවම වීමයි.
(2) ආර්ථික සංවර්ධනය, සමාජ තත්ත්වය උසස්‌ වීම සහ ආදායම්‌ විෂමතාව අවම වීමයි.
(3) සමාජ තත්ත්වය උසස්‌ වීම, දිළින්දන්ට හිතකර වර්ධනය සහ පරිසර සංරක්ෂණයයි.
(4) පරිසර සංරක්ෂණය, අන්තර්ගත වර්ධනය (Inclusive growth) සහ සේවා නියුක්තිය ඉහළ යාමයි.
(5) ආර්ථික සංවර්ධනය, සමාජ තත්ත්වය උසස්‌ වීම සහ පරිසර සංරක්ෂණයයි.

43 / 50

Category: Economic 2014 Sinhala Medium

43. යම්‌ දෙන ලද යෙදවුම්‌ ප්‍රමාණයකින්‌ ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට ලබාගත හැකි නිමවුම්‌ ප්‍රමාණය පහත වගුවේ දැක්වේ.

ඉහත තොරතුරුවලට අනුව නිවැරදි ප්‍රකාශය වන්නේ,

(1) තේ නිෂ්පාදනයේ සාපේක්ෂ අවාසිය පවතින්නේ ඉන්දියාවට ය.
(2) ඇඟලුම්‌ නිෂ්පාදනයේ සාපේක්ෂ වාසිය පවතින්නේ ශ්‍රී ලංකාවට ය.
(3) තේ නිෂ්පාදනයේ නිරපේක්ෂ වාසිය පවතින්නේ ඉන්දියාවට ය.
(4) රටවල්‌ දෙකට ම භාණ්ඩ දෙක ම නිෂ්පාදනය සම්බන්ධයෙන්‌ සාපේක්ෂ වාසියක්‌ පවතී.
(5) භාණ්ඩ දෙක ම සම්බන්ධයෙන්‌ ඉන්දියාවට සාපේක්ෂ වාසියක්‌ නොමැත.

44 / 50

Category: Economic 2014 Sinhala Medium

44. මෑත වර්ෂවල ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපයීමේ ප්‍රධාන මුලාශ පහ මොනවා ද?

(1) ඇඟලුම්‌, තේ, පොල්‌, මැණික්‌ සහ පරිගණක මෘදුකාංග
(2) ඇඟලුම්‌, තේ, පොල්‌, රබර්‌ සහ පරිගණක මෘදුකාංග
(3) ආමුඛ ප්‍රේෂණ, ඇඟලුම්‌, සංචාරක ඉපයුම්‌, තේ සහ රබර්‌
(4) ආමුඛ ප්‍රේෂණ, ඇඟලුම්‌, පරිගණක මෘදුකාංග, සංචාරක ඉපයුම්‌ සහ තේ
(5) මැණික්‌ හා ස්වර්ණාභරණ, තේ, පොල්‌, රබර්‌ සහ ඛණිජ

45 / 50

Category: Economic 2014 Sinhala Medium

45. පහත දැක්වෙන අය අතුරෙන්‌ සේවා වියුක්තිකයකු ලෙස සැලකිය හැකි වන්නේ කවරකු ද?

(1) උපාධිය සමත්‌ වී ලිපිකරුවකු ලෙස පෞද්ගලික අංශයේ සේවය කරන පුද්ගලයෙකි.
(2) වයස්ගත දෙමාපියන්‌ රැකබලා ගැනීම සඳහා රැකියාව අත්හළ පුද්ගලයෙකි.
(3) උසස්‌ අධ්‍යාපනය සඳහා ස්ථීර රැකියාවෙන්‌ ඉවත්‌ වූ පුද්ගලයෙකි.
(4) දරුවන්‌ රැකබලා ගැනීම සඳහා නිවසේ රැඳී සිටි නමුත්‌ දැන්‌ රැකියාවක්‌ සොයන කාන්තාවකි.
(5) විභාග කාල සීමාවේ දී තම පවුලේ ගොව්පොළෙහි වැඩෙහි නිරත නොවන පාසල්‌ සිසුවෙකි.

46 / 50

Category: Economic 2014 Sinhala Medium

46. මෑත වර්ෂවල ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතිකයෙහි ඇති වූ ප්‍රධාන වෙනස්කමක්‌ වන්නේ,

(1) ස්ත්‍රී ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතිකය ඉහළ යාම ය.
(2) ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතිකය පහළ යාම ය.
(3) පුරුෂ ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතිකය ඉහළ යාම ය.
(4) ස්ත්‍රී සේවා නියුක්තිය පහළ යාම ය.
(5) පුරුෂ සේවා වියුක්තිය සැලකිය යුතු මට්ටමකින්‌ ඉහළ යාම ය.

47 / 50

Category: Economic 2014 Sinhala Medium

47. ශ්‍රී ලංකාවේ මානව සංවර්ධන දර්ශකය කෙටි කලකින්‌ ඉහළ නැංවීම සඳහා තවදුරටත්‌ අවධානය යොමු කළ යුතු අනු දර්ශක කවරේ ද?

(1) ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතිකය සහ උපතේ දී ආයු අපේක්ෂණය
(2) සාක්ෂරතා අනුපාතිකය සහ මාතෘ මරණ අනුපාතිකය
(3) මාතෘ මරණ අනුපාතිකය සහ ළදරු මරණ අනුපාතිකය
(4) ඒක පුද්ගල ආදායම සහ පාසල්‌ හැරයන්නන්ගේ අනුපාතිකය
(5) අධ්‍යාපනයේ සභභාගීත්ව අනුපාතිකය සහ ක්‍රය ශක්ති සාම්‍ය මිල මත ගණනය කළ ඒක සුද්ගල ආදායම

48 / 50

Category: Economic 2014 Sinhala Medium

48. 2012 වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය, සේවා වියුක්ති අනුපාතිකය සහ උද්ධමන අනුපාතිකය දැක්වෙන නිවැරදි පිළිතුර වන්නේ,

 

49 / 50

Category: Economic 2014 Sinhala Medium

49. ශ්‍රී ලංකාවේ නුපුහුණු කාන්තා ශ්‍රමිකයින් මැද පෙරදිග රටවලට රැකියා සදහා සංක්‍රමණය වීමේ දී ඇතිවන අහිතකර ප්‍රතිවිපාක අවම කර ගැනීම සදහා රජය විසින් මෑත කාලයේ දී ගෙන ඇති ප්‍රතිපත්ති තීරණ වන්නේ,

(1) සේවය කළ හැකි උපරිම කාලය තීරණය කිරිම සහ අනේවාසික ගිණුමේ පවත්වාගෙන යා යුතු අවම ශේෂය තීරණය කිරීම ය.
(2) අනේවාසික විදේශ විනිමය ගිණුමක්‌ විවෘත කිරීම සහ අවම වශයෙන්‌ වසර තුනක සේවා ගිවිසුමක්‌ ක්‍රියාත්මක කිරීම ය.
(3) අවම වයස්‌ සීමාව තීරණය කිරීම සහ පවුල්‌ පසුබිම පිළිබඳ වාර්තාවක්‌ ලබා ගැනීම ය.
(4) අවම වයස්‌ සීමාව තීරණය කිරීම සහ අවම වශයෙන්‌ වසර තුනක සේවා ගිවිසුමක්‌ ක්‍රියාත්මක කිරීම ය.
(5) අනේවාසික විදේශ විනිමය ගිණුමක්‌ විවෘත කිරීම සහ විදේශගත ව සේවය කළ හැකි උපරිම කාලය තීරණය කිරීම ය

50 / 50

Category: Economic 2014 Sinhala Medium

50. ගෝලීයකරණයේ ප්‍රධාන ගාමක බලවේග ලෙස සැලකෙන්නේ,

(1) ප්‍රවාහන ක්ෂේත්‍රයේ වර්ධනය සහ ආරක්ෂණවාදී වෙළෙඳ ප්‍රතිපත්ති පවත්වාගෙන යාම ය.
(2) ආරක්ෂණවාදී වෙළෙඳ ප්‍රතිපත්ති ඉවත්‌ කිරීම සහ තාක්ෂණයේ වර්ධනය ය.
(3) බහුජාතික සමාගම්වල ව්‍යාප්තිය සහ ශ්‍රම වෙළෙඳපොළේ දෘඩතා පැවතීම ය.
(4) ආර්ථික ඒකාබද්ධ වීම සහ ආරක්ෂණවාදී වෙළෙඳ ප්‍රතිපත්ති පවත්වාගෙන යාම ය.
(5) වෙළෙඳපොළ නියාමනහරණය සහ අපූර්ණ තරගයක්‌ පැවතීම ය.

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 25%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!