2015 ජෛව පද්ධති තාක්ෂවේදය බහුවරණ ප්‍රශ්න

0%
8

Past Paper | Bio Systems Technology

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2015 - ජෛවපද්ධති තාක්ෂණවේදය

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 2 යි)

01 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින් ඉතාමත් ගැළපෙන උත්තරය තෝරන්න.

1 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

01. ජෛව පද්ධති තාක්ෂණය යනු,

(1) ප්‍රාථමික අධ්‍යයන සඳහා අවශ්‍ය වන ජෛව විද්‍යා ක්ෂේත්‍රයකි.
(2) මානව අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා තිරසාර නිෂ්පාදනය සඳහා වූ ඉංජිනේරු විද්‍යාවේ අංශයකි.
(3) ස්වභාවධර්මයේ දක්නට ලැබෙන්නා වූ ජෛව පද්ධති පිළිබඳ අධ්‍යයනයකි. .
(4) පරිසර දූෂණය පාලනය කිරීම සඳහා යොදා ගන්නා විද්‍යාවේ අංශයකි.
(5) ස්වභාවධර්මය අවබෝධ කර ගැනීම සඳහා වැදගත්‌ වන ජෛව විද්‍යා ක්ෂේත්‍රයකි.

2 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

02. ජල චක්‍රය පිළිබඳ ප්‍රකාශ කිහිපයක්‌ පහත දැක්වේ.
     A. කාන්දු වීමේ ශීඝ්‍රතාව ඉහළ යාම නිසා අපධාවය වන ප්‍රමාණය අඩු වේ.
     B. අපධා ශීඝ්‍රතාව ඉහළ යාම නිසා භූගත ජල පුනරාරෝපණය වැඩි වේ.
     C. බෝග වගා භූමියකට සාපේක්ෂව, වනාන්තරයක අතුරුකඩන (interception) හානි වැඩි ය.
ඉහත ප්‍රකාශ අතුරෙන්‌ නිවැරදි වනුයේ,

(1) A පමණි.
(2) B පමණි.
(3) C පමණි.
(4) A සහ B පමණි.
(5) A සහ C පමණි.

3 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

03. පසකට කාබනික ද්‍රව්‍ය යෙදීමෙන්‌, එහි

(1) සත්‍ය ඝනත්වය වැඩි වේ.
(2) ජලය රඳවා ගැනීමේ ධාරිතාව අඩු වේ.
(3) වයනය දියුණු වේ.
(4) සවිවරතාව අඩු වේ.
(5) දෘශ්‍ය ඝනත්වය අඩු වේ.

4 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

04. ගොවි‌ මහතකු විසින්‌ සිය ළිඳෙහි ජල මට්ටම වියළි කාලයේ දී අඩු වන බවත්‌ තෙත්‌ කාලයේ දි වැඩි වන බවත්‌ නිරීක්ෂණය කරන ලදී. මෙම ළිඳ පෝෂණය කරනු ලබන ජලධරය විය හැක්කේ,

(1) ආටීසියානු නො වන ජලධරයකි.
(2) ආටීසියානු ජලධරයකි.
(3) උළැඟි ජලධරයකි.
(4) ආටීසියානු නො වන හෝ උලැඟි ජලධරයකි.
(5) ආටීසියානු හෝ උලැඟි ජලධරයකි.

5 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

05. පසක, මැටි ප්‍රමාණය වැඩි වීම සමඟ,

(1) කැටායන හුවමාරු ධාරිතාව අඩු වේ.
(2) ජලය රඳවා ගැනීමේ ධාරිතාව අඩු වේ.
(3) ඛාදනය අඩු වේ.
(4) සවිවරතාව අඩු වේ.
(5) දෘශ්‍ය ඝනත්වය අඩු වේ.

6 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

06. ලැක්ටොමීටරය මගින්‌ මනිනු ලබන්නේ.

(1) මේද ප්‍රතිශතය ය.
(2) ආම්ලිකතාව ය.
(3) විශිෂ්ට ගුරුත්වය ය.
(4) මධ්‍යසාර ප්‍රමාණය ය.
(5) නැවුම්‌ බව ය.

7 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

07. වර්ධක ප්‍රචාරණය යනු ප්‍රවේණිකව,

(1) අසමාන ශාක නිපදවනු ලබන ස්වාභාවික ක්‍රියාවලියකි.
(2) සමාන ශාක නිපදවනු ලබන කෘත්‍රිම ක්‍රියාවලියකි.
(3) සමාන ශාක නිපදවනු ලබන ස්වාභාවික ක්‍රියාවලියකි.
(4) සමාන ශාක නිපදවනු ලබන ස්වාභාවික හෝ කෘත්‍රිම ක්‍රියාවලියකි.
(5) අසමාන ශාක නිපදවනු ලබන ස්වාභාවික හෝ කෘත්‍රිම ක්‍රියාවලියකි.

8 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

08. ආහාර නිෂ්පාදන සඳහා පවතින තත්ත්ව ආරක්ෂණ පද්ධති වන්නේ ,

(1) SLS සහ ISO ය.
(2) ISO සහ HACCP ය.
(3) GMP සහ HACCP ය.
(4) SLS සහ GAP ය.
(5) ISO සහ GHP ය.

9 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

09. පසු අස්වනු භානි අඩු කිරීම සඳහා පලතුරු භා එළවළු ගබඩා කළ යුත්තේ,

(1) අඩු ආර්ද්‍රතාව සහ ඉහළ උෂ්ණත්ව යටතේ ය.
(2) අඩු ආර්ද්‍රතාව සභ පහළ උෂ්ණත්ව යටතේ ය.
(3) වැඩි ආර්ද්‍රතාව සභ පහළ උෂ්ණත්ව යටතේ ය.
(4) වැඩි ආර්ද්‍රතාව සහ ඉහළ උෂ්ණත්ව යටතේ ය.
(5) වැඩි ආර්ද්‍රතාව සහ කාමර උෂ්ණත්ව යටතේ ය.

10 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

10. බෝගවල පසු අස්වනු ගුණාත්මය පිළිබඳ ප්‍රකාශ කිහිපයක්‌ පහත දැක්වේ.
   A. නිසි පරිණත දර්ශකයේ දී නෙළීමෙන්‌ අඹවල පසු අස්වනු හානි වැඩි වේ.
   B. අස්වනු නෙළීමෙන්‌ පසු සේදීමෙන්‌, කැරට්වල කල්‌ තබා ගැනීමේ ගුණය වැඩි වේ.
   C. නිසි මෙවලම්‌ භාවිත කර අස්වනු නෙළීමෙන්‌ පේරවල නැවුම්‌ ව තබා ගත හැකි කාලය (Shelf - life) වැඩි කරගත හැකි වේ.
ඉහත ප්‍රකාශ අතුරෙන්‌ නිවැරදි වනුයේ,

(1) A පමණි.
(2) B පමණි.
(3) C පමණි.
(4) A සහ B පමණි.
(5) A සහ C පමණි.

11 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

11. අපූති (Aseptic) ඇසුරුම්කරණයේ දී සුලභ ව යොදාගනු ලබන ප්‍රතිකාර ක්‍රම වන්නේ,

(1) විකිරණය සහ අඩු උෂ්ණත්ව තත්ත්වයන්ට නිරාවරණය කිරීම ය.
(2) රසායන ද්‍රව්‍ය සහ සෘජු ව සූර්ය විකිරණයට නිරාවරණය කිරීම ය.
(3) රසායන ද්‍රව්‍ය සහ වක්‍ර ව සූර්ය විකිරණයට නිරාවරණය කිරීම ය.
(4) ඉහළ උෂ්ණත්ව තන්ත්ව භා සෘජු ව සූර්ය විකිරණයට නිරාවරණය කිරීම ය.
(5) සෘජු ව හා වක්‍ර ව සූර්ය විකිරණයට නිරාවරණය කිරිම ය.

12 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

12. ආහාර නිෂ්පාදනයක වෙළෙඳපොළ ඉල්ලුම මත පදනම්‌ වූ ප්‍රකාශ දෙකක්‌ පහත දැක්වේ.
   A. වෙළෙඳපොළ ඉල්ලුම යනු ආහාර කර්මාන්තයේ ප්‍රධාන මූලික අවශ්‍යතාවලින්‌ එකකි.
   B. වෙළෙඳපොළ ඉල්ලුම විශ්ලේෂණය කිරීම සඳහා ඇති එකම ක්‍රමය වනුයේ ප්‍රශ්නාවලි පදනම්‌ වූ පාරිභෝගික විශ්ලේෂණයයි.
ඉහත ප්‍රකාශ අතුරෙන්‌,

(1) A නිවැරදි ය.
(2) B නිවැරදි ය.
(3) A සහ B දෙක ම නිවැරදි ය.
(4) A නිවැරදි වන අතර එය B මගින්‌ තවදුරටත්‌ පැහැදිලි කෙරේ.
(5) B නිවැරදි වන අතර එය A මගින්‌ තවදුරටත්‌ පැහැදිලි කෙරේ.

13 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

13. ආහාර කර්මාන්තයේ අරමුණු කිහිපයක්‌ පහත දැක්වේ.
    A. ආහාර ද්‍රව්‍යයක ජිව කාලය වැඩි කිරීම
    B. ආහාර ද්‍රව්‍යයක ගුණාත්මක බව වැඩි දියුණු කිරීම
    C. ආහාර ද්‍රව්‍යයක පිරිවැය අවම කිරීම
ඉහත අරමුණු අතුරෙන්‌ ඉන්ද්‍රිය ගෝචර ඇගයීමක මූලික පරමාර්ථය/පරමාර්ථ වනුයේ,

(1) A පමණි.
(2) A සහ B පමණි.
(3) A සහ C පමණි.
(4) B හා C‌ පමණි.
(5) A,B හා C සියල්ල ම ය.

14 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

14. ආහාර නියැදියක මේද ප්‍රමාණය නිර්ණය කිරීම සඳහා යොදා ගනු ලබන සුලභ ක්‍රමයක්‌ වන්නේ,

(1) වර්ණක බන්ධන ක්‍රමයයි.
(2) සොක්ස්ලේ (Soxhlet) නිස්සාරණය ක්‍රමයයි.
(3) ලේන්‌ හා අයිනොන්‌ ක්‍රමයයි.
(4) කෙල්ඩාල්‌ (Kjeldahl) ක්‍රමයයි.
(5) උදුන්‌ වියළි ක්‍රමයයි.

15 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

15. අපජලය ප්‍රාථමික පිරිපහදුවට භාජනය කිරීමේ දී පෙරීම කරනු ලබන්නේ,

(1) පෝෂක ඉවත්‌ කිරීමට ය.
(2) අවලම්භිත අවසාදිත ඉවත්‌ කිරීමට ය.
(3) පාවෙන ද්‍රව්‍ය ඉවත්‌ කිරීමට ය.
(4) ප්‍රාථමික මණ්ඩි ඉවත්‌ කිරීමට ය.
(5) ද්විතියික මණ්ඩි ඉවත්‌ කිරිමට ය.

16 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

16. ඇළි ජල සම්පාදනය යෝග්‍ය වන්නේ,

(1) ලෝම පසක්‌ සහිත වල ගොඩැලිවලින්‌ යුත්‌ භූමියකට ය.
(2) මැටි අධික පසක්‌ සහිත සමතලා භූමියකට ය.
(3) වැලි පසක්‌ සහිත සමතලා භූමියකට ය.
(4) ලෝම පසක්‌ සහිත සමතලා භූමියකට ය.
(5) වැලි පසක්‌ සහිත වල ගොඩැලිවලින්‌ යුත්‌ භූමියකට ය.

17 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

17. වාරි මුලධර්ම පිළිබඳ ප්‍රකාශ කිහිපයක්‌ පහත දැක්වේ.
  A. කේශික උද්ගමනය බෝග ජල අවශ්‍යතාවට දායක විය හැකි ය.
  B.  සඵල වර්ෂාපතනය වාරි අවශ්‍යතාව වැඩි කරයි.
  C. ශුද්ධ වාරි ජල අවශ්‍යතාව ගණනය කිරීමේ දී වෑස්සීම හා හරස්‌ කාන්දු හානි සලකනු ලබයි.
ඉහත ප්‍රකාශ අතුරෙන්‌ නිවැරදි වන්නේ,

(1) A පමණි.
(2) B පමණි.
(3) C පමණි.
(4) A සහ B පමණි.
(5) A සහ C පමණි.

18 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

18. මිරිස්‌ වගාවක පුෂ්පීකරණ අවධියේ දී බෝග සංගුණකය 1.2 කි. සතියක කාලයක්‌ තුළ දී තැටි වාෂ්පීකරණය 35 mm වේ. තැටි සංගුණකය 0.9 නම්‌, මිරිස්‌ බෝගයේ පුෂ්පීකරණ අවධියේ බෝග ජල අවශ්‍යතාව වන්නේ දිනකට,

(1) 5.4 mm කි.
(2) 6.0 mm කි.
(3) 26.3 mm කි.
(4) 37.8 mm කි.
(5) 42.0 mm කි.

19 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

19. ගොවි මහතකු සතු ව ටැංකි ධාරිතාව ලීටර 16 ක්‌ වූ නැප්සැක්‌ ඉසින යන්ත්‍රයක්‌ ඇත. ඔහුගේ හෙක්ටයාර්‌ එකක්‌ වූ ක්ෂේත්‍රයේ වල්‌ පැළ පාලනය සඳහා 2,4-D වල්‌ නාශකය ලීටර 1.6 යෙදීමට අවශ්‍යව ඇත. ඔහුගේ ක්ෂේත්‍රයට වල්නාශක මිශ්‍රණයෙන්‌ ලීටර 160 ක්‌ යොදන ලෙස කෘෂිකර්ම උපදේශකවරයා නිර්දේශ කර ඇත. එක්‌ එක්‌ ටැංකියක්‌ සඳහා මිශ්‍ර කළ යුතු 2,4-D ප්‍රමාණය වනුයේ,

(1) 0.16 ml කි.
(2) 1.60 ml කි.
(3) 16.00 ml කි..
(4) 160.00 ml කි.
(5) 1600.00 ml කි.

20 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

20. ගොවි මහතකු පලිබෝධ පාලනය සඳහා සිය ක්ෂේත්‍රයේ ආලෝක උගුලක්‌ ස්ථාපිත කරන ලදී. මෙම ක්‍රමය වඩාත්‌ සුදුසු වන්නේ,

(1) පක්ෂීන්‌ පාලනය කිරීමට ය.
(2) කෘමීන්‌ පාලනය කිරීමට ය.
(3) කෘන්තකයන්‌ පාලනය කිරීමට ය.
(4) මෘද්වංශීන්‌ පාලනය කිරීමට ය.
(5) ක්ෂීරපායීන්‌ පාලනය කිරීමට ය.

21 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

21. වාර්ෂික වල්‌ පැළෑටි පාලනය සඳහා වඩාත්‌ ඵලදායි කළමනාකරණ මූලධර්මය වන්නේ,

(1) සියල්ල නසන වල්‌ නාශකයක්‌ යොදා ගැනීම ය.
(2) ඒවායේ බීජ නිෂ්පාදනයට ඉඩ නොහැරීම ය.
(3) වල්‌ පැළ කපා පිළිස්සීම ය.
(4) තවාන්‌ පාත්තිවලින්‌ සියලු වල්‌ පැළ බීජ ඉවත්‌ කිරීම ය.
(5) ක්ෂේත්‍රයට ජෛව විද්‍යාත්මක වල්‌ පැළ පාලන කාරක හඳුන්වා දීම ය.

22 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

22. වාණිජ මට්ටමේ කුකුළු පාලනයේ දී භාවිත වන සංවෘත නිවාස ක්‍රමයේ දී,

(1) සතෙකු සඳහා වෙන්‌ කරනු ලබන ඉඩ ප්‍රමාණය වැඩි ය.
(2) රෝග පැතිරීමේ අවදානම අඩු ය.
(3) නිවාසයේ කොටසක්‌ බාහිර පරිසරයට විවෘත ව ඇත.
(4) ස්වයංක්‍රීය හා ස්වයංක්‍රීය නොවන ආහාර සැපයීමේ ක්‍රමවේද යොදා ගැනේ.
(5) නිවාසය තුළ වාතාශ්‍රය දියුණු කිරීම සඳහා තැනින්‌ තැන විදුලි පංකා සවිකර ඇත.

23 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

23. අධිශිත කළ ශුක්‍රාණු ගබඩා කරනු ලබන්නේ,

(1) අයිස්වල ය.
(2) දියර කාබන්ඩයොක්සයිඩ්වල ය.
(3) දියර නයිට්‍රජන්වල ය.
(4) නයිට්‍රජන්‌ වායුව තුළ ය.
(5) වියළි අයිස්වල ය.

24 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

24. පාරිසරික සංචාරක කර්මාන්තයේ සාධනීය ලක්ෂණයක්‌ වන්නේ,

(1) එය පරිසර දූෂණයට දායක නොවීම ය.
(2) පාරිසරික තිරසාරභාවය ඉලක්ක කර ගැනීම ය.
(3) සැමවිට ම සුඛෝපභෝගී නවාතැන්‌ පහසුකම්‌ සහතික කිරීම ය.
(4) පරිසර පද්ධතිය කෙරෙහි විශාල පීඩනයක්‌ ඇති කිරීම ය.
(5) ප්‍රදේශයේ ජනතාවගේ සහභාගිත්වය සීමා කිරීම ය.

25 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

25. හකුරුවල වර්ණය ඇතිවීම සිදු වනුයේ,

(1) මේලාර්ඩ්‌ ප්‍රතික්‍රියාව නිසා ය.
(2) එන්සයිමීය දුඹුරු වීම නිසා ය.
(3) කැරමලීකරණය නිසා ය.
(4) කැරමලීකරණය හා එන්සයිමීය දුඹුරු වීමේ ඒකාබද්ධ එලයක්‌ නිසා ය.
(5) මේලාර්ඞ්‌ ප්‍රතික්‍රියාවේ හා කැරමලීකරණයේ ඒකාබද්ධ ඵලයක්‌ නිසා ය.

26 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

26. වාණිජ පැළ තවානක වාර්තා තබා ගැනීමේ දී, පැළ කළ දිනය හා ප්‍රභේදයට අමතරව සටහන්‌ කළ යුතු වඩාත්‌ වැදගත්‌ සාධක වන්නේ,

(1) ශාකවල උස හා ජලසම්පාදන කාලාන්තරයයි.
(2) ජල සම්පාදන කාලාන්තරය හා හාවිත කළ පොහොර වර්ගයයි.
(3) පැළයක මිල සහ ජල සම්පාදන කාලාන්තරයයි.
(4) ශාකවල උස සහ භාවිත කළ පොහොර වර්ගයයි.
(5) ශාකවල උස භා ජල සම්පාදන ක්‍රමයයි.

27 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

27. ජලරෝපිත වගාව යනු,

(1) ජලජ ශාක වගා ක්‍රමයකි.
(2) ජලය තුළ ශාක වගා කිරීමේ ක්‍රමයකි.
(3) ජලය වෙතට ශාක වගා කිරීමේ ක්‍රමයකි.
(4) නිර්පාංශු ශාක වගා ක්‍රමයකි.
(5) ශාක වගා කිරීමේ දී යොදා ගැනෙන ජල සංරක්ෂණ ක්‍රමයකි.

28 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

28. ප්‍රශ්න අංක 28 ට පිළිතුරු සැපයීම සඳහා පහත දැක්වෙන රූපසටහන භාවිත කරන්න.

මෙහි දැක්වෙන ව්‍යූහය වන්නේ,

(1) පොලිතීන්‌ උමගකි.
(2) වර්ධක ව්‍යූහයකි.
(3) තාවකාලික ප්‍රචාරක ව්‍යූහයකි.
(4) ස්ථිර ප්‍රචාරක ව්‍යූහයකි.
(5) අර්ධ-ස්ථිර ප්‍රචාරක ව්‍යුහයකි.

29 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

29. විශිෂ්ට ඩිම්භනීහරණය (Super Ovulation) යනු කලල මාරුවේ එක්‌ පියවරකි. මෙම පියවරේ දී භාවිත කරන භෝර්මෝනය වන්නේ,

(1) FSH ය.
(2) ප්‍රොජෙස්ටරෝන්‌ ය.
(3) ඊස්ට්‍රජන්‌ ය.
(4) LH  ය.
(5) GnRH ය.

30 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

30. ප්‍රශ්න අංක 30 ට පිළිතුරු සැපයීම සඳහා පහත දැක්වෙන රූපසටහන්‌ භාවිත කරන්න.

උද්‍යානකරුවකු තම උද්‍යානයේ පිහිටි විශාල තෘණ පිටියේ ඈත අන්තයේ ශාක කිහිපයක්‌ සංස්ථාපනය කිරීමට අදහස්‌ කරයි. ඒ සඳහා මිල දී ගත යුතු ශාකවල මුල්වල තත්ත්ව පිළිබඳ ව සලකා බැලිය යුතු බවට භූමි අලංකරණ උපදේශක විසින්‌ ඔහු දැනුවත්‌ කරන ලදී. ඉහත රූපවල දක්වා ඇති ශාක අතුරෙන්‌ ඔහුගේ උද්‍යානයට වඩාත්‌ උචිත ශාක ආකාරය වන්නේ,

(1) P වේ.
(2) Q වේ.
(3) R වේ.
(4) S වේ.
(5) T වේ.

31 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

31. අපනයන වෙළෙඳපොළ සඳහා ගුණාත්මක බවින්‌ යුත්‌ ඇන්තූරියම්‌ මල්‌ නිෂ්පාදනය කිරීම සඳහා සැපයිය යුතු අත්‍යවශ්‍ය තත්ත්ව වන්නේ,

(1) සවිවර, මනා ජල වහනයෙන්‌ යුත්‌, වාතනය වූ පසක්‌ හා 60-80% සෙවණකි.
(2) සවිවර, වාතනය වූ, කාබනික ද්‍රව්‍යවලින්‌ පොහොසත්‌ පසක්‌ හා 25% සෙවණකි.
(3) සවිවර, මනා ජල වහනයෙන්‌ යුත්‌, පෝෂකවලින්‌ පොහොසත්‌ පසක්‌ හා 15-20% සෙවණකි.
(4) මනා ජල වහනයෙන්‌ යුත්‌, හියුමස්වලින්‌ පොහොසත්‌ පසක්‌ හා දීප්තිමත්‌‌ සූර්යාලෝකය සමඟ ඉහළ ආර්ද්‍රතාවකි.
(5) මනාව වාතනය වූ, පෝෂකවලින්‌ පොහොසත්‌ පසක්‌ හා ඉහළ ආර්ද්‍රතාව සමඟ 100-250C පරිසර උෂ්ණත්වයකි.

32 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

32. විසිතුරු මසුන්‌ සඳහා දිනකට ලබා දිය යුතු ආහාර ප්‍රමාණය මත්ස්‍යාගේ දේහ බරින්‌,

(1) ।% කි.
(2) 5%කි.
(3) 10%කි.
(4) 15%කි.
(5) 20%කි.

33 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

33. ශ්‍රී ලංකාවේ සුලභව වගා කරනු ලබන ආහාරමය මත්ස්‍ය විශේෂ වන්නේ,

(1) වේක්කයා, කාපයා හා තිලාපියා ය.
(2) ලූලා, කාපයා හා තිලාපියා ය.
(3) කාපයා, තිලාපියා හා මගුරා ය.
(4) වේක්කයා, කාපයා හා කැට්ලා ය.
(5) රෝහු, කැට්ලා හා තිලාපියා ය.

34 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

34. මුහුදු කැකිරි අයත්‌ වන වංශය වන්නේ,

(1). Coelenterata ය.
(2) Mollusca ය.
(3) Crustacea ය.
(4) Echinodermata ය.
(5) Annelida ය.

35 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

35. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්‌ වන වගාව සඳහා බහුලව ම භාවිත කරන ශාක වන්නේ,

(1) මැහෝගනි, තේක්ක, සඳුන්‌ හා යුකැලිප්ටස්‌ ය.
(2) මැහෝගනි, තේක්ක, යුකැලිප්ටස්‌ හා ඇකේසියා ය.
(3) තේක්ක, යුකැලිප්ටස්‌, ඇකේසියා හා ඇගාවුඩ්‌ ය.
(4) තේක්ක, බුරුත, යුකැලිප්ටස්‌ හා ග්ලිරිසීඩියා ය.
(5) බුරුත, ග්ලිරිසීඩියා, උණ හා කොස්‌ ය.

36 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

36. බලශක්ති නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන ප්‍රභව කිහිපයක්‌ පහත ලැයිස්තුගත කර ඇත.

       A. ඩිසල්‌             B. ජලය
       C. ග්ලිරිසීඩියා     D. ලී කුඩු

ඉහත සඳහන්‌ ඒවා අතුරෙන්‌ ජෛව බලශක්ති ප්‍රභව වන්නේ,

(1) A හා B පමණි.
(2) A හා C පමණි.
(3) A හා D පමණි.
(4) B හා D පමණි.
(5) C හා D පමණි.

37 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

37. මනෝ සමාජිය ආපදාවකට නිදසුනක්‌ වන්නේ,

(1) අධික කම්පනයකට භාජනය වීම ය.
(2) සතකු හෝ සර්පයකු විසින්‌ සපා කෑම ය.
(3) ක්ෂුද්‍ර ජීවි ආසාදනයකට ලක්‌ වීම්‌ ය
(4) සේවා ස්ථානයේ දී ආතතියකට ලක්‌ වීම ය.
(5) විෂ වායු ආඝ්‍රාණය කිරීම ය.

38 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

38. එක්තරා සමාගමක ගොඩනැගිල්ල තුළ ඝෝෂා මට්ටම ඇගයීමට ලක්කරන ලෙස ආරක්ෂණ නිලධාරියා (Safety Officer) නිර්දේශ කර ඇත. මෙම ක්‍රියාවලිය සැලකිය හැක්කේ,

(1) ආපදා පාලනයක්‌ ලෙස ය.
(2) ආපදා ඇගයීමක්‌ ලෙස ය.
(3) ආරක්ෂණ විගණනයක්‌ ලෙස ය.
(4) ආපදා හඳුනා ගැනීමක්‌ ලෙස ය.
(5) පුද්ගල ආරක්ෂාවක්‌ ලෙස ය.

39 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

39. සමාගමක්‌ පිළිබඳ ව ප්‍රකාශ කිහිපයක්‌ පහත දැක්වේ.
  A. වෙනත්‌ සමාගමක්‌ මෙම සමාගම නිෂ්පාදනය කරන භාණ්ඩය ම නිපදවනු ලබයි.
  B. මෙම සමාගමට වෙළෙඳපොළ තුළ ඉහළ කීර්නිනාමයක්‌ ඇත.
  C. මෙම සමාගමේ නිෂ්පාදන සඳහා විශාල වෙළෙඳපොළක්‌ පවතී.
  D. මෙම සමාගමට පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයක්‌ ඇත.
ඉහත ප්‍රකාශයන්ට අනුව මෙම සමාගමේ දක්නට ලැබෙන ශක්තීන්‌, දුර්වලතා, අවස්ථා හා තර්ජන නිරූපණය වන්නේ, අනුපිළිවෙළින්‌,

(1) A, B, C හා D ය.
(2) B, D, C හා A ය.
(3) C, A, B හා D ය.
(4) D, B, C හා A ය.
(5) A, D, C හා B ය.

40 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

40. ප්‍රශ්න අංක 40 ට පිළිතුරු සැපයීම සඳහා පහත දැක්වෙන රූපසටහන භාවිත කරන්න.

මෙම ඇටවුම යොදා ගනිමින්‌ නිස්සාරණය කරනු ලබන්නේ,

(1) සගන්ධ තෙල්‌ ය.
(2) ස්ථාවර තෙල්‌ ය.
(3) රෙසින ය.
(4) මැලියම්‌ ය.
(5) ශාකමය ක්ෂීරයන්‌ ය.

41 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

41. දැවමය නො වන වනජ නිෂ්පාදන සඳහා නිදසුන්‌ වන්නේ,

(1) පලතුරු, දෘඪ ඵල (nuts), දර හා රෙසින ය.
(2) මසුන්‌, දඩමස්‌, රෙසින හා වේවැල්‌ ය.
(3) එළවළු, ඹෟෂධ පැළෑටි, තෘණ සහ දර ය.
(4) පලතුරු, මසුන්‌, වේවැල්‌ භා ලී කඳන්‌ ය.
(5) දඩමස්‌, එළවළු, ලී කඳන්‌ සහ ඹෟෂධ පැළෑටි ය.

42 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

42. දම්වැල්‌ මැනීමේ දී දෘෂ්ටි චතුරස්‍රය (optical square) යොදාගනු ලබන්නේ,

(1) වස්තුවකට ඇති දුර මැනීම සඳහා ය.
(2) අණුලම්භය (offset) සෙවීම සඳහා ය.
(3) ප්‍රධාන රේඛාව ලකුණු කිරීම සඳහා ය.
(4) භූමිය මත මැනුම්‌ පොළවල්‌ ලකුණු කිරීම සඳහා ය.
(5) දිශා සොයා ගැනීම සඳහා ය.

43 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

43. පොලිතින්‌ උමගක උෂ්ණත්වය අඩු කිරීම සඳහා යොදාගත හැකි වඩාත්‌ සුදුසු හා ලාභදායි ස්වයංක්‍රීය ක්‍රමය වන්නේ,

(1) වායු සමීකරණ යන්ත්‍රයක්‌ භාවිත කිරීම ය.
(2) පොලිතීන්‌ උමග තුළ වාතය චක්‍රීයකරණය කිරීම ය.
(3) පොලිතීන්‌ උමගේ පැති සඳහා කෘමි දැල්‌ වෙනුවට පොලිතීන්‌ භාවිත කිරීම ය.
(4) උෂ්ණන්ව පාලනය සහිත පිටකර පංකා (exhaust fans) සවි‌ කිරීම ය.
(5) පාරජම්බුල ප්‍රතිරෝධී පොලිතීන්‌ භ්‍යවිත කිරීම ය.

44 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

44. ප්‍රශ්න අංක 44 ට පිළිතුරු සැපයීම සඳහා පහත දැක්වෙන රූපසටහන භාවිත කරන්න.
                                             

මෙම පරිපථයේ දක්වා ඇති R ප්‍රතිරෝධයේ කාර්යයක්‌ විය හැක්කේ,

(1) විද්‍යුත්‌ ආරෝපණය ගබඩා කිරීම ය.
(2) විභව අන්තරයක්‌ උත්පාදනය කිරීම ය.
(3) සංඥාවක්‌ වර්ධනය කිරීම ය.
(4) චුම්භක ක්ෂේත්‍රයක්‌ ඇති කිරීම ය.
(5) විභව අන්තරය බෙදීම ය.

45 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

45. බිත්තර රක්කවනයක ඉලෙක්ට්‍රොනික පාලකයක (Controller) ආදානයක්‌ (input) විය හැක්කේ,

(1) පීඩන සංවේදකයයි.
(2) සොලනොයිඩ්‌ ස්විචයයි.
(3) දර්ශක පහනයි.
(4) උෂ්ණත්ව සංවේදකයයි.
(5) බිත්තර හරවන මෝටරයයි.

46 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

46. මුහුදු මට්ටමේ දී ජලය එසැවුම්‌ පද්ධතියක චූෂක හිස මීටර 10.33 ට වඩා වැඩි විය නොහැකි වන්නේ,

(1) ජලයේ ඝණත්වය ඉහළ යන නිසා ය.
(2) චූෂක නළයට වාතය ඇතුළු වන නිසා ය.
(3) පොම්පය ආසන්නයේ චූෂක නළය තුළ රික්තකයක්‌ ඇති වන නිසා ය.
(4) ජලයේ දුස්ස්‍රාවීතාව ඉහළ යන නිසා ය.
(5) පොම්පය අතිබැර (overload) වීම නිසා ය.

47 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

47. කුකුළු නිවාසයක බිම සඳහා වඩාත්‌ යෝග්‍ය වන්නේ,

(1) ලීවලින්‌ තැනූ බිමකි.
(2) ගඩොල්‌ ඇතිරූ බිමකි.
(3) රළු ගල්‌ ඇතිරූ බිමකි.
(4) සුමට සිමෙන්ති බිමකි.
(5) සුමට මැටි බිමකි.

48 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

48. ප්‍රාථමික බිම්‌ සැකසීමේ දී සිවිරෝද ට්‍රැක්ටරයක ජනනය වන ශක්තියෙන්‌ වැඩි ප්‍රමාණයක්‌ යෙදවෙන්නේ,

(1) නගුල ක්ෂේත්‍රයේ ඇදගෙන යාම සඳහා ය.
(2) ක්ෂේත්‍රයේ දී නගුල ඔසවාගෙන යාම සඳහා ය.
(3) තැටි නගුලක තැටි භ්‍රමණය කිරීම සඳහා ය.
(4) නගුලේ බර දැරීම සඳහා ය.
(5) නියමිත අයුරින්‌ සී සෑම සඳහා නගුල සෙලවීම සඳහා ය.

49 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

49. සිව්රෝද ට්‍රැක්ටරයකට මෝල්බෝඩ්‌ නගුලක්‌ සවි‌ කිරීම සඳහා භාවිත කරන්නේ ට්‍රැක්ටරයේ,

(1) ඇඳුම්‌ දණ්ඩ (draw bar) ය.
(2) ඇඳුම්‌ ලක්ෂ්‍යය (hitch point) ය.
(3) ඇඳුම්‌ බල පාලකය (draught controller) ය.
(4) ජවගනු දණ්ඩ (power take off shaft) ය
(5) තුන්පුරුක්‌ ඈඳුම ය (three point linkage officer) ය.

50 / 50

Category: Bio-Systems Technology 2015 Sinhala Medium

50. ප්‍රශ්න අංක 50 ට පිළිතුරු සැපයීම සඳහා පහත දැක්වෙන රූපසටහන භාවිත කරන්න.

රූපසටහනේ දක්වා ඇති උපකරණය වන්නේ,

(1) ගොඩ ගොවිතැනේ දී යොදා ගන්නා පෝරුවකි.
(2) මඩ ගොවිතැනේ දී යොදා ගන්නා නගුලකි.
(3) ගොඩ ගොවිතැනේ දී භාවිත වන බීජ වප්කරයකි.
(4) මඩ ගොවිතැනේ දී භාවිත වන අතුරුයන්‌ ගෑමේ උපකරණයකි.
(5) ගොඩ ගොවිතැනේ දී භාවිත වන පොහොර යෙදීමේ උපකරණයකි.

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 24%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!