2014 ගිණුම්කරණය බහුවරණ ප්‍රශ්න

0%
0

Past Papers | Accounting

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2014 - ගිණුම්කරනය

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 2 යි)

01 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින් ඉතාමත් ගැළපෙන උත්තරය තෝරන්න.

1 / 30

Category: Accounting 2014

1. පහත දැක්වෙන කුමන ප්‍රකාශයෙන්‌ ආයතනයක ගිණුම්කරණයේ කාර්යභාරය වඩාත්‌ හොඳින්‌ විස්තර කරනු ලබයි ද?
(1) එය ආයතනයේ ගනුදෙනු සහ සිද්ධි මූල්‍ය පදනම්‌ මත මනිනු ලබයි.
(2) එය ආයතනයේ මූල්‍ය තොරතුරු එහි කළමනාකරුවන්ගේ භාවිතය සඳහා විශ්ලේෂණය කරනු ලබයි.
(3) එය ආයතනයේ ගනුදෙනු සහ සිද්ධි ගිණුම්‌ පොත් වාර්තා කරනු ලබයි.
(4) එය ආයතනයේ තොරතුරු එය පිළිබඳ ව  ඇල්මක්‌ දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා සපයනු ලබයි.
(5) එය ආයතනයේ සම්පත්‌ භාවිත කිරීම පිළිබඳ තොරතුරු එහි කළමනාකරුවන්ට සපයනු ලබයි.

2 / 30

Category: Accounting 2014

2.ව්‍යාපාරයක ණයහිමියකුට ගෙවිය යුතු රු. 100000 ක ශේෂයක්‌ එහි අයිතිකරු විසින්‌ ඔහුගේ පෞද්ගලික මුදලින්‌ පියවන ලදී. පියවන අවස්ථාවේ දී, ණයසිමියා විසින්‌ රු. 10 000 ක වට්ටමක්‌ දෙන ලදී. මෙම ගනුදෙනුව, වගකීම්‌ සහ හිමිකමට කරන බලපෑම ගිණුම්කරණ සමීකරණයෙහි දක්වනුයේ,

           වගකීම්                                                            හිමිකම
(1) රු. 90000 කින්‌ අඩු වේ.                           රු. 90000 කින්‌ අඩු වේ.
(2) රු. 90000 කින්‌ අඩු වේ.                          රු. 90000 කින්‌ වැඩි වේ.
(3) රු. 100000 කින්‌ අඩු වේ.                        රු . 100000 කින්‌ අඩු චේ.
(4) රු. 100000 කින්‌ අඩු වේ.                        රු. 100000 කින්‌ වැඩි වේ.
(5) රු. 110000 කින්‌ අඩු වේ.                          රු. 110000 කින්‌ වැඩි චේ.

3 / 30

Category: Accounting 2014

3. පහත කාර්යයන්‌ ගිණුම්කරණ ක්‍රියාවලියේ සිදුවන නිවැරදි අනුපිළිවෙළ කුමක්‌ ද?
A - ගනුදෙනුව අදාළ මූලික පොතෙහි සටහන්‌ කිරීම.
B - ව්‍යාපාර ගනුදෙනුව සිදුවීම.
C - ගනුදෙනුව සඳහා මුලික ලියවිල්ල පිළියෙල කිරීම.
D - ගනුදෙනුව ලෙජරයට පිටපත්‌ කිරීම.
(1) B , A , C , D
(2) B , C , A , D
(3) B , C , A , D
(4) C , B , A , D
(5) C , B , D , A

4 / 30

Category: Accounting 2014

4. සපත්තු නිෂ්පාදනය කරන ව්‍යාපාරයක පහත ගනුදෙනු සටහන්‌ කිරීමට මූලික පොත්‌ භාවිත කෙරෙන අනුපිළිවෙළ වන්නේ,
A - ලොරියක්‌ ණයට මිල දී ගැනීම.
B - සම්‌ ණයට මිල දී ගැනීම.
C - වර්ෂය සඳහා ආදායම්‌ බදු වෙන්‌ කිරීම.
D - මිල දී ගත්‌ සම්වලින්‌ කොටසක්‌, සැපයුම්කරු වෙත නැවත යැවීම.
(1) පොදු ජර්නලය, ගෑනුම්‌ ජර්නලය, පොදු ජර්නලය, ගැනුම්‌ ජර්නලය
(2) පොදු ජර්නලය, ගැනුම්‌ ජර්නලය, පොදු ජර්නලය, ආපසු යැවුම්‌ ජර්නලය
(3) පොදු ජර්නලය, ගැනුම්‌ ප්රනලය, මුදල්‌ පොත, ආපසු යැවුම්‌ ජර්නලය
(4) ගැනුම්‌ ජර්නලය, ගැනුම්‌ ජර්නලය, පොදු ජර්නලය, ගැනුම්‌ ජර්නලය
(5) ගැනුම්‌ ජර්නලය, ගැනුම්‌ ජර්නලය, පොදු ජර්නලය, ආපසු යෑවුම්‌ ජර්නලය

5 / 30

Category: Accounting 2014

5. මූල්‍ය ප්‍රකාශනවල ණයගැතියන්‌ සහ ණයහිමියන්‌ හඳුනාගැනීම සඳහා පහත කුමන ගිණුම්කරණ සංකල්පය පදනම්‌ වන්නේ ද?
(1) උපචිත
(2) ඒකක
(3) කාලච්ඡේද
(4) ගැළපුම්‌
(5) උපලබ්ධි

6 / 30

Category: Accounting 2014

6. වත්කම්‌ හා වගකීම්‌, ජංගම සහ ජංගම නොවන ලෙස වර්ගීකරණය කිරිමට පදනම්‌ වන්නේ පහත කුමන ගිණුම්කරණ සංකල්පය ද?
(1) උපචිත
(2) සංගතතාව
(3) අඛණ්ඩ පැවැත්ම
(4) කාලච්ඡේද
(5) උපලබ්ධි

7 / 30

Category: Accounting 2014

7. මූල්‍ය ගිණුම්කරණයේ සංකල්පනාත්මක රාමුවට අනුව පහත කුමන දෑ වත්කමක ලක්ෂණ වන්නේ ද?
A - එය ආයතනයක්‌ විසින්‌ පාලනය කළ හැකි සම්පතකි.
B - එය තුළින්‌ අනාගත ආර්ථික ප්‍රතිලාභ ආයතනයට ගලා ඒම්‌ අපේක්ෂා කරයි.
C - එහි පිරිවැය හෝ අගය විශ්වාසනීය ලෙස මැනිය හැකි වේ.
(1) B පමණි.
(2) A හා B පමණි.
(3) A හා C පමණි.
(4) B හා C පමණ.
(5) A , B හා C යන සියල්ල ම.

8 / 30

Category: Accounting 2014

8. 2014.03.31 දිනට සීමිත රොෂාන්‌ පොදු සමාගමේ ශේෂ පිරික්සුම තුලනය නොවූ අතර එම වෙනස අවිනිශ්චිත ගිණුමකට මාරු කරන ලදී. පසුව කරන ලද විමර්ශනයක දී පහත දෑ හෙළිදරව්  විය.

වැටුප්‌ සඳහා ගෙවූ රු, 100 000 ක්‌ මුදල්‌ පොතේ පමණක්‌ සටහන්‌ කර තිබුණි.
ණයහිමියකුට ගෙවන ලද රු. 25 000 ක්‌ ණයගැති පාලන ගිණුමේ මුදල්‌ ලැබීම්‌ ලෙස සටහන්‌ කර තිබුණ.
විකුණුම්‌ ජර්නලය රු. 30 000 ක්‌ අඩුවෙන්‌ එකතු කර තිබුණි.
බොල්‌ ණය කපා හැරීම්‌ රු. 20 000 ක්‌ ආදායමක්‌ ලෙස සටහන්‌ කර තිබුණි.

ඉහත වැරදි නිවැරදි කිරීමට පෙර අවිනිශ්චිත ගිණුමේ ශේෂය:

(1) රු. 145000 බැර.
(2) රු. 145000 බැර.
(3) රු. 190000 බැර.
(4) රු. 190000 බැර.
(5) රු. 220000 බැර.

9 / 30

Category: Accounting 2014

9.2014.03.31 දිනට සීමිත අමා පොදු සමාගමේ ණයගැති පාලන ගිණුමේ ශේෂය රු. 460 000 ක්‌ වූ අතර එඳිනට ණයගැති ලෙජරයේ, ණයගැති ශේෂවල එකතුව රු. 450 000 ක්‌ විය. පසුව කරන ලද විමර්ශනයේ දී පහත දෑ හෙළිදරව්‌ විය:

රු. 10000 ක ණයගැති ශේෂයක්‌ බොල්‌ ණය ලෙස කපා හැරීම්‌ ණයගැති පාලන ගිණුමේ පිටපත්‌ කර නොතිබුණි.
රු. 21000 ක විකුණුම්‌ ඉන්වොයිසියක්‌ රු. 12 000 ක්‌ ලෙස විකුණුම්‌ ජර්නලයේ සටහන්‌ වී තිබුණි.
ණයැඟැතියකු විසින්‌ සෘජුව ම බැංකුවට ප්‍රේෂණය කරන ලද රු. 31000 ක්‌ ණයගැති ලෙප්රයේ සහ ණයගැති පාලන ගිණුමේ සටහන්‌ වී නොතිබුණි.

2014.03.31 දිනට ණයගැති පාලන ගිණුමේ නිවැරදි ශේෂය:
(1) රු. 410000
(2) රු. 428000
(3) රු. 48000
(4) රු. 4599000
(5) රු, 490000

10 / 30

Category: Accounting 2014

10.පහත තොරතුරු 2014 අප්‍රේල්‌ මාසය සඳහා සමාගමකට අදාළ වේ.

ගැනුම් ලකුණු කළ මිළ(රු) වෙළෙඳ වට්ටම්  (%) වෙළෙඳ වට්ටම් (%)
ණයට 400 000          5       5
මුදලට 200 000         10       -

මිලදී ගත්‌ දින සිට දින 15 ක්‌ ඇතුළත ගෙචිය යුතු මුදල පියවුචහොත්‌ පමණක්‌ සැපයුම්කරුවන්‌ විසින්‌ මුදල්‌ වට්ටම දෙනු ලැබේ. මෙම කාලය තුළ සමාගමට පියවීමට හැකි වූයේ ගෙවිය යුතු මුදලින්‌ 50% ක්‌ පමණි.
2014 අප්‍රේල්‌ මාසය සඳහා සමාගම ලද වට්ටම්‌ සටහන්‌ කිරීමට අදාළ ජර්නල්‌ සටහනෙහි නිවැරදි වටිනාකම්‌:
     ණය  පාලන ගිණුම හර (රැ)      ලද  වට්ටම්‌ ගිණුම බැර (රැ)
(1) 9500                                                9500
(2) 10000                                            10000
(3) 29 500                                           29 500
(4) 30000                                           30000
(5) 39 500                                           39 500

11 / 30

Category: Accounting 2014

11.පහත තොරතුරු 2014 මාර්තු මාසය සඳහා සමාගමක භාණ්ඩයකට අදාළ වේ.
දිනය                                 විස්තරය                                                                                         ඒකක ගණන            ඒකක පිරිවැය (රු )
2014.03.01                     තොගය                                                                                             3000                          80
2014.03.10                     ගැනුම්‌                                                                                               5000                          90
2014.03.15                     ආපසු යැවුම්‌ (2014.03.10 දින මිලදී ගත්‌ භාණ්ඩවලින්‌)                   1000                            ?
2014.03.20                    ගැනුම්‌                                                                                                 3000                        70
2014.03.22                    විකුණුම්‌                                                                                                  ?                               4
2014,03.31                    තොගය                                                                                                4000                          ?
තොග කිකුත්‌ කිරීම, මිල කිරීම සඳහා සමාගම 'පෙර - පිවිසි පෙර - පිට' (FIFO) ක්‍රමය භාවිත කරයි.
2014.03.31 දිනෙන්‌ අවසන්‌ මාසය සඳහා විකුණුම්‌ පිරිවැය සහ 2014.03.31 දිනට තොගයේ වටිනාකම:
විකුණුම්‌ පිරිවැය (රැ)                                            තොගය (රැ)
(1) 420 000                                                       300000
(2) 480000                                                       330000
(3) 480000                                                       320000
(4) 510000                                                        300000
(5) 540000                                                       360000

12 / 30

Category: Accounting 2014

12.එකතු කිරීමේ අගය මත බදු (VAT) සඳහා ලියාපදිංචි සමාගමක්‌ විසින්‌ 2014.03.01 දින අත්පත්‌ කරගත්‌ යන්ත්‍රයක්‌ හා පහත තොරතුරු බැඳේ.
                                                                                               රැ
                     යන්ත්‍රයේ ලැයිස්තුගත මිල                          800 000
                     ගෙවූ VAT බදු                                               86 400
                     ප්‍රවාහන පිරිවැය                                             30 000 
                     වැඩබිම සකස්‌ කිරීමේ පිරිවැය                        20 000
                     සවිකිරීමේ පිරිවැය                                         40 000
                     මූලික පරීක්ෂණ පිරිවැය                                 50 000

අත්පත්‌ කර ගන්නා අවස්ථාවේ දී 10% ක වෙළෙඳ වට්ටමක්‌ ලැබුණි. මූලික පරීක්ෂණයේ දී නිෂ්පාදනය කරන ලද ඒකක 100 ක්‌, ඒකකයක්‌ රු. 300 බැගින්‌ විකුණන ලදි.
LKAS 16 ට (දේපළ, පිරියත සහ උපකරණ) අනුව මූලික හඳුනාගැනීමේ දී යන්ත්‍රයේ පිරිවැය:

(1) රු. 830000
(2) රු. 860000
(3) රු. 896 400
(4) රු . 910000
(5) රු. 916400

13 / 30

Category: Accounting 2014

13.2014.03.31 දිනෙන්‌ අවසන්‌ වර්ෂයේ කෙටුම්පත්‌ ආදායම්‌ ප්‍රකාශනයට අනුව ව්‍යාපාරයක දළ ලාභය සහ ශුද්ධ ලාභය  අනුපිළිවෙළින්‌ රු. 840 000 ක්‌ සහ රු. 260 000 ක්‌ විය. 2013.04.01 දිනට තොගය රු. 20 000 කින්‌ අවතක්සේරු වී ඇති බවත්‌, 2014.03.31 දිනට තොගය රු. 30 000 කින්‌ අධිතක්සේරු වී ඇති බවත්‌, පසුව අනාවරණය විය. තව ද අයිතිකරු සතු ගොඩනැගිල්ලක්‌ භාවිත කිරීම වෙනුවෙන්‌ ව්‍යාපාරය විසින්‌ අයිතිකරුට ගෙවන ලද කුලිය රු. 60 000 ක්‌ සටහන්‌ වී නොමැත.
2014.03.31 දිනෙන්‌ අවසන්‌ වර්ෂය සඳහා නිවැරදි දළ ලාභය සහ ශුද්ධ ලාභය:

ඳළ ලාභය (රැ)                              ශුද්ධ ලාභය (රු)
(1)  730000                                 200 000
(2)  7 90000                               150 000
(3)  830 000                               190 000
(4)  850 000                               210 000
(5)  890 000                               250 000

14 / 30

Category: Accounting 2014

14.පහත තොරතුරු ආයතනයක්‌ සතු මෝටර්‌ රථ හා බැඳේ.
                                                                                                                            රැ000
2013.04.01 දිනට මෝටර්‌ රථ - පිරිවැයට                                                         4000
2013.04.01 දිනට සමුච්චිත ක්‍ෂය                                                                          750
2013.10.01 දින මෝටර්‌ රථයක්‌ විකිණීමෙන්‌ ලද මුදල (2011.04.01 දින
රු. 1500 000 ක පිරිවැයට මිල දී ගත්‌                                                                 1000
2014.01.01 දින මෝටර්‌ රථයක්‌ මිල දී ගැනීම                                                    5000

මෝටර්‌ රථ වාර්ෂික ව 10% බැගින්‌ පිරිවැය මත සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරනු ලබන අතර මිල දී ගත්‌ දින සිට භාවිතය සඳහා යොදා ගත හැක.
2014.03.31 දිනෙන්‌ අවසන්‌ වර්ෂයේ මෝටර්‌ රථ සඳහා ක්ෂය සහ මෝටර්‌ රථය විකුණුම්‌ මත අලාභය කොපමණ ද?

ක්ෂය (රා)                                                     අලාභය(රැ)
(1) 375 000                                                 200 000
(2) 400000                                                 350 000
(3) 450 000                                                125 000
(4) 525 000                                                500 000
(5) 900000                                                   50 000

15 / 30

Category: Accounting 2014

15.2013.04.01 දින යාවජිව සාමාජිකයන්‌ 10 දෙනෙකු ද ඇතුළත්‌ ව සාමාජිකයන්‌ 30 දෙනෙකුගෙන්‌ සමන්විත ක්‍රීඩා සමාජයක්‌ ආරම්භ කරන ලදී, සාමාජිකයකුගේ වාර්ෂික සාමාජික මුදල රු, 5 000 කි. යාවජීව සාමාජිකයකු වීම සඳහා වසර 10 ක සාමාජික මුදල්‌ එකවර මුදලින්‌ ගෙවිය යුතු වේ. බැඳුනු වසරේ සිට චසර 10 ක කාලයක්‌ තුළ යාවජීව සාමාජික මුදල්‌, ආදායම තුළ සමානව හඳුනාගනී. අනෙකුත්‌ සාමාජිකයන්‌ 20 දෙනා අතුරෙන්‌ 5 දෙනෙකු මාස හයක්‌ සඳහා ද, 8 දෙනෙකු වසරක්‌ සඳහා ද සහ ඉතිරි අය වසර දෙකක්‌ සඳහා ද සාමාජික මුදල්‌ ගෙවා ඇත.
2014.03.31 දිනෙන්‌ අවසන්‌ වර්ෂයේ සාමාජික මුදල්‌ ආදායම සහ මුදලින්‌ ලද සාමාජික මුදල:

සාමාජික මුදල්‌ ආදායම (රැ)             මුදලින්‌ ලද සාමාජික මුදල (රැ)
(1) 100 000                                         110 000
(2) 100 000                                        122 500
(3) 150 000                                        610 000
(4) 150 000                                        622 500
(5) 600 000                                       622 500

16 / 30

Category: Accounting 2014

16.පහත කුමන ප්‍රකාශ 1890 හවුල්‌ ව්‍යාපාර ආඥා පනතේ 24 වැනි වගන්තියට අනුකූල වන්නේ ද ?

A - හවුල්කරුවන්‌ අතර ලාභඅලාභ සමසම ව බෙදා ගත යුතු ය.
B - හවුල්කරුවන්‌ ඔවුන්ගේ ප්‍රාග්ධන ශේෂ මත පොලියකට හිමිකම්‌ ලබයි.
C - හවුල්කරුවන්‌ වැටුප්‌ සඳහා හිමිකම්‌ නොලබයි.
D - විශ්‍රාම ගිය හවුල්කරුවකුගේ නොපිය වූ ශේෂයක්‌ මත පොලී ගෙවිය හැක.
(1) A හා B පමණි.
(2) B හා D පමණි.
(3) A , B හා C පමණි.
(4) A , C හා D පමණි.
(5) B , C හා D පමණි.

17 / 30

Category: Accounting 2014

17.හවුල්‌ ව්‍යාපාරයක ගිණුම්‌ පිළියෙල කිරිම සම්බන්ධ ව පහත දෑ අතුරෙන්‌ වැරදි ප්‍රකාශය කුමක්‌ ද?
(1) හවුල්කරුවන්ට ලාභඅලාභ විසර්ජනය කරනුයේ හවුල්‌ ව්‍යාපාර ගිවිසුමට අනුව ය.
(2) හවුල්‌ ව්‍යාපාරයක අයිතිය වෙනස්‌ වන විට එහි කීර්තිනාමය ඇස්තමේන්තු කර ගලපනු ලබයි.
(3) හවුල්කරුවන්ට වැටුප්‌ දෙනු ලබන්නේ ඒ සඳහා ප්‍රතිපාදනයක්‌ හවුල්‌ ගිවිසුමේ ඇතුළත්‌ කළ විට ය.
(4) හවුල්‌ ව්‍යාපාරයේ ලාභඅලාභ විසර්ජනය කිරීමේ දී හවුල්කරුවන්ගේ ගැනිලි අඩු නොකරයි.
(5) හවුල්කරුවකු විසින්‌ හවුල්‌ ව්‍යාපාරයට දෙන ලද ණය මුදලක පොලිය ව්‍යාපාරයේ වියදමක්‌ ලෙස හඳුනා නොගනී.

18 / 30

Category: Accounting 2014

18.සමාගමක ගිණුම්‌ වර්ෂය 2014.03.31 දිනෙන්‌ අවසන්‌ විය. අධ්‍යක්ෂකවරුන්‌ විසින්‌ 2014.06.30 දින මූල්‍ය ප්‍රකාශන නිකුත්‌ කිරීමට
අනුමැතිය දෙන ලදී, 2014.07.15 දින සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීම්‌ පචත්චන ලදි. 2014.03.31 දිනට පසුව පහත සිද්ධීන්‌
'සමාගමට අදාළ ව සිදු විය.

A - 2014.03.31 දිනට රු. 500 000 ක ශේෂයක්‌ සතු ණයගැතියකු 2014.04.30 දින බුන්වත්‌ චිය.
B - 2014.03.31 ඳිනට රු. 800 000 ක ශේෂයක්‌ සතු ණයගැතියකු 2014.07.10 දින බුන්වත්‌ විය.
C - 2014.03.31 දිනට රු. 600 000 ක පිරිවැයට අගය කළ තොගයක්‌ 2014.04.10 ඳින රු. 550 000 කට විකුණන ලදි.
D - 2014.04.30 දින සිට 2014,06.30 දින අතර කාලයේ දී ආයෝජනවල වෙළෙඳපොළ වටන වල 300 000 කින්‌ අඩු විය.
ඉහත කුමන සිද්ධීන්‌ 2014.03.31 දිනෙන්‌ අවසන්‌ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශනවල ගැළපිය යුතු ද?
(1)A හා B පමණි.
(2) A හා C පමණි.
(3)B හා C පමණි.
(4) A , C හා D පමණි.
(5) B , C හා D පමණි.

19 / 30

Category: Accounting 2014

19. 2014.03.31 දිනෙන්‌ අවසන්‌ වර්ෂය සඳහා සමාගමකට අදාළ ව පහත තොරතුරු දී ඇත.
                                                                                රැ.
වර්ෂය සඳහා ලාභය                                            800 000
වර්ෂය සඳහා ක්‍ෂය                                              100000
තොගයේ වැඩි වීම                                             120 000
ණයගැතියන්ගේ අඩු වීම                                    200 000
ණයහිමියන්ගේ වැඩි වීම                                    180 000

2014,03.31 දිනෙන්‌ අවසන්‌ වර්ෂයේ සමාගමේ මෙහෙයුම්‌ කටයුතු තුළින්‌ ජනනය වු ශුද්ධ මුදල්‌ ප්‍රවාහය කොපමණ ද?
(1) රු. 640 000
(2) රු. 800 000
(3) රු. 900 000
(4) රු. 960 000
(5) රු. 1160 000

20 / 30

Category: Accounting 2014

20. පහත කුමන ප්‍රකාශ, සමාගමක 'මුළු විස්තීරණ ආදායම' සම්බන්ධයෙන්‌ නිවැරදි වේ ද?
A - එය කාලච්ඡේදයේ ලාභය සහ වෙනත්‌ චිස්තීරණ ආදායම යන දෙකෙහි එකතුවයි.
B - එය කාලච්ඡේදයක්‌ තුළ හඳුනාගත්‌ සියලුම ආදායම්‌ සහ චියදම්‌ අතර චෙනසසි.
C - එය කාලච්ඡේදයක්‌ තුළ හඳුනාගත්‌ සියලුම මෙහෙයුම්‌ ආදායම්‌ සහ චියදම්‌ අතර වෙනසයි.
D - එය කාලච්ඡේදයක්‌ තුළ අයිතිකරුවන්‌ විසින්‌ අයිතිකරුවන්‌ ලෙස සිදු කරන ගනුදෙනු සහ සිද්ධිවලින්‌ හැර අනිකුත්‌ ගනුදෙනු සහ සිද්ධි තුළින්‌ සිදුවන හිමිකමේ වෙනසයි.
(1) A හා B පමණි.
(2) A හා C පමණි.
(3) B හා D පමණි.
(4) C හා D පමණි.
(5) A , B  හා D පමණි.

21 / 30

Category: Accounting 2014

21. 2014.03.31 දිනෙන්‌ අවසන්‌ වර්ෂයේ සමාගමක දේපළ, පිරියත සහ උපකරණ සම්බන්ධව පහත තොරතුරු දී ඇත.
                                                                               රැ
දේපළ, පිරියත සහ උපකරණ මත ක්ෂය         500 000
ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය මත හිඟය            150 000
මෝටර්‌ රථ විකිණීමෙන්‌ ලද ලාභය                  50 000

2013.03.31 දිනෙන්‌ අවසන්‌ වර්ෂයේ ගොඩනැගිලි ප්‍රත්‍යාගණනයෙන්‌ ජනනය වු අතිරික්තය රු. 100 000 ක්‌ විය. මෙම ගනුදෙනු සහ සිද්ධි නිසා 2014.03.31 දිනෙන්‌ අවසන්‌ වර්ෂයේ සමාගමේ ලාභයෙහි සහ මුළු විස්තීරණ ආදායමෙහි ශුද්ධ අඩුවීම කොපමණ ද?
ලාභයෙහි ශූද්ධ අඩු වීම (රැ)                මුළු විස්තිරණ ආදායමේ ශූද්ධ අඩු වීම (රැ)
(1) 450 000                                                               150 000
(2) 500 000                                                              100 000
(3) 500 000                                                              600 000
(4) 600000                                                               500 000
(5) 600000                                                                600 000

22 / 30

Category: Accounting 2014

22. 2014.03.31 දිනෙන්‌ අවසන්‌ වර්ෂයේ දී සමාගමක පහත ගනුදෙනු සහ සිද්ධි සිදු විය.
A - රඳවාගත්‌ ඉපැයුම්‌ ප්‍රාග්ධනිත කරමින්‌ රු. 500 000 ක්‌ වටිනා සාමාන්‍ය කොටස්‌ නිකුත්‌ කරන ලදි.
B - රු. 120 000 ක අතිරික්තයක්‌ ජනනය කරමින්‌ ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කරන ලදි.
C - ස්ථාවර තැන්පතුවක්‌ මත රු. 80 000 ක පොලියක්‌ උපයන ලදි.
D - සාමාන්‍ය කොටස්කරුවන්ට රු. 140 000 ක අතුරු ලාභාංශයක්‌ ගෙවන ලදි.
මෙම ගනුදෙනු සහ සිද්ධි නිසා 2014.03.31 දිනෙන්‌ අවසන්‌ වර්ෂය සඳහෘ සමාගමේ හිමිකමෙහි සිදු වූ ශුද්ධ වැඩිවීම කොපමණ ද?
(1) රු. 60000
(2) රු. 200000
(3) රු. 360000
(4) රු. 500 000
(5) රු. 560 000

23 / 30

Category: Accounting 2014

  • ප්‍රශ්න අංක 23 සග 24 ට පිළිතුරැ සැපයිමට ගමාගමක පහත තොරතරැ භාවිත කරන්න.
                                                                              2014.03.31 දිනට (රු)         2013.03.31 දිනට (රු)
    මුළු වත්කම්‌                                                              2 200 000                      1 800 000
    ප්‍රකාශිත සාමාන්‍ය කොටස්‌ ප්‍රාග්ධනය                          500 000                          500 000
    රඳවාගත්‌ ඉපැයුම්‌                                                        700 000                          300 000
    2014.03.31 දිනෙන්‌ අවසන්‌ වර්ෂය සඳහා:
                                                                                                                                   රු
    සාමාන්‍ය කොටස්කරුවන්ට ගෙවූ අතුරු ලාභාං්‍යග                                        100 000
    බැංකු ණය මත පොලී                                                                                     125 000
    වර්ෂය සඳහා ආදායම්‌ බදු                                                                                  75 000

23. 2014.03.31 ඳිනට සමාගමේ හිමිකම්‌ මත ප්‍රතිලාභ අනුපාතය ගණනය කිරීමේ දී භාවිත කරන ලාභය:
(1) රු. 300 000
(2) රු. 400 000
(3) රු. 500 000
(4) රු. 600 000
(5) රු. 700 000

24 / 30

Category: Accounting 2014

  • ප්‍රශ්න අංක 23 සග 24 ට පිළිතුරැ සැපයිමට ගමාගමක පහත තොරතරැ භාවිත කරන්න.
                                                                              2014.03.31 දිනට (රු)         2013.03.31 දිනට (රු)
    මුළු වත්කම්‌                                                              2 200 000                      1 800 000
    ප්‍රකාශිත සාමාන්‍ය කොටස්‌ ප්‍රාග්ධනය                          500 000                          500 000
    රඳවාගත්‌ ඉපැයුම්‌                                                        700 000                          300 000
    2014.03.31 දිනෙන්‌ අවසන්‌ වර්ෂය සඳහා:
                                                                                                                                   රු
    සාමාන්‍ය කොටස්කරුවන්ට ගෙවූ අතුරු ලාභාං්‍යග                                        100 000
    බැංකු ණය මත පොලී                                                                                     125 000
    වර්ෂය සඳහා ආදායම්‌ බදු                                                                                  75 000

24, සමාගමේ මුළු වත්කම්‌ මත ප්‍රතිලාභ අනුපාතය (සාමාන්‍ය මුළු වත්කම්‌ මත):
(1) 15%
(2) 20%
(3) 25%
(4) 30%
(5) 35%

25 / 30

Category: Accounting 2014

25. නිෂ්පාදන ආයතනයක්‌ විසින්‌ දරන ලද පහත කුමන පිරිවැය අයිතම සෘජු පිරිවැය ලෙස වර්ග කෙරේ ද?
A - නිෂ්පාදනය කරන ලද ඒකක ගණන මත සේවකයන්ට ගෙවූ වේතන
B - නිෂ්පාදන කළමනාකරුට ගෙවූ මාසික වැටුප
C - අමුද්‍රව්‍ය කම්හලට ගෙන ඒම සඳහා දැරූ ප්‍රවාහන පිරිවැය
D - කම්හලේ භාවිත කරන යන්ත්‍රය මත ක්ෂය වෙන්‌ කිරීම
(1) A හා B පමණි.
(2) A හා C පමණි.
(3) B හා C පමණි.
(4) A , B හා D පමණි.
(5) A  , C හා D පමණි.

26 / 30

Category: Accounting 2014

26. එකම්‌ කාලච්ඡේදයක්‌ තුළ සමාගමක ක්‍රියාකාරී මටටම්‌ දෙකක අයවැයගත නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය පහත දී ඇත.

ක්‍රියාකාරී මට්ටම (ඒකක)                     අයවැයගත නිෂ්පාදන පොදු කාරය පිරීවැය (රැ)
      30000                                                                  225 000
      40000                                                                  275 000

ඒකකයක ප්‍රාථම්ක පිරිවැය රු. 10 ක්‌ ලෙස ඇස්තමේන්තු කර ඇත.
ක්‍රියාකාරී මට්ටම ඒකක 40 000 ක්‌ වන චිට මුළු චිචල්‍ය නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය හා මුළු නිෂ්පාදන පිරිවැය:
මුඵ විචල්‍ය නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය (රු)             මුළු නිෂ්පාදන පිරිවැය (රැ)
(1)    50 000                                                                            525 000
(2)    50 000                                                                           675 000
(3) 200 000                                                                           675 000
(4) 200 000                                                                           825 000
(5) 275 000                                                                            675 000

27 / 30

Category: Accounting 2014

27. පහත තොරතුරු චර්ෂයක්‌ තුල දී නිෂ්පාදන සමාගමක්‌ විසින්‌ භාචිත කළ 'A' නැමැති අමුද්‍රව්‍යයට අදාළ වේ.
                                                                       අවම                                  උපරිම
'පරිභෝජනය (ඒකක)                                     2000                                5 000
පොරොත්තු කාලය (මාස)                                   4                                        6


උපරිම තොග මට්ටම ඒකක 42 000 කි.

මෙම අමුද්‍රව්‍යයේ යලි ඇණවුම්‌ මට්ටම සහ යලි ඇණවුම්‌ ප්‍රමාණය:

          යළි ඇණවුම්‌ මට්ටම (ඒකක)             යළි ඇණවුම්‌ ප්‍රමාණය (ඒකක)
(1)             17 500                                                    32 500
(2)           20 000                                                    30 000
(3)           20 000                                                    39 500
(4)           30 000                                                    20 000
(5)           30 000                                                    29 500

28 / 30

Category: Accounting 2014

28. සමාගමක කම්හල්‌ සේවකයන්‌ සඳහා ඒකකයකට රු. 10 ක චේතන රේටයක්‌ ගෙවනු ලබයි. වැඩ කරන පැය ගණන 8 ක්‌ වූ දිනක දී, සෑම මිනිත්තු 30 ක්‌ තුළ දී භාණ්ඩ ඒකක 10 ක්‌ නිෂ්පාදනය කිරීම අපේක්ෂා කෙරේ. එක්‌ දිනක දී අපේක්ෂිත ප්‍රමාණයට වඩා නිපදවනු ලබන ඒකකයන්ට, ඒකකයකට රු. 15 ක්‌ බැගින්‌ ගෙවනු ලැබේ.
එක්තරා දිනයක දී අමල්‌, බිමල්‌ සහ චමල්‌ යන සේචකයන්‌ නිදෙනා භාණ්ඩ ඒකක 160 ක්‌, 200 ක්‌ සහ 150 ක්‌ පිළිවෙළින්‌ නිපදවූයේ නම්‌ ඔවුන්ගේ මුළු චේතන:

       අමල්‌ (රැ )                                   බිමල්‌ (රැ )                 චමල්‌ (රැ )
(1)      1600                                         2200                              1350
(2)      1600                                        2200                               1500
(3)      1600                                        2200                               1600
(4)      1600                                        3000                               1500
(5)      1600                                        3000                               1600

29 / 30

Category: Accounting 2014

29. ස්ථාවර පිරිවැය නොවෙනස්ව නිබිය දී, ඒකක විකුණුම්‌ මිල සහ ඒකක චිචල්‍ය පිරිචැය යන දෙකම 15% බැගින්‌ අඩු වූ විට ඒකක දායකයට සහ දායක විකුණුම්‌ අනුපාතයට ඇති වන බලපෑම:

           එකක දායකය                                      දායක විකුණුමී අනුපානය
(1)      අඩු වේ                                                           වෙනස්‌ නොවේ
(2)      අඩු වේ                                                           අඩු වේ
(3)      අඩු වේ                                                           වැඩි වේ
(4)      වෙනස්‌ නොවේ                                            වෙනස්‌ නොවේ
(5)      වෙනස්‌ නොවේ                                            අඩු වේ

30 / 30

Category: Accounting 2014

30. අනෙකුත්‌ සාධක නොවෙනස්ව තිබියදී, පහත කුමක්‌ ව්‍යාපෘතියක ශුද්ධ වර්තමාන අගය වැඩිවීමට බලපායි ද?

A - වට්ටම්‌ අනුපාතය අඩුවීම
B - වාර්ෂික ක්ෂය අඩුවීම
C - ආරම්භක ආයෝජනය අඩුවීම
D- ශුද්ධ මෙහෙයුම්‌ මුදල්‌ ගලා ඒම්‌ අඩුවීම
(1) A හා C පමණි.
(2) C හා D පමණි.
(3) A  , C හා D පමණි.
(4) B , C  හා D පමණි.
(5) A , B , C හා D   සියල්ලම.

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 0%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!